Skip to main content

මෙවර මැතිවරණයෙන් ජනතාව දෙන පණිවුඩය

ඒ ඡන්දයත් අහවරය , ප්‍රතිඵලය වෙනදා වගේමය. ඡන්දය ගැන විස්තරාත්මක කථාවක් කලින් ලිපියේ කල නිසා වැඩි විස්තර ලිවීමේ අවශ්‍යතාවයක් නැත . ඒ නිසා මේ මැතිවරණයෙන් ජනතාව දුන් පණිවුඩයන් පහත අයුරින් සාරංශ  ගත කල හැක














01) ඡන්ද දායකයින්ගෙන් බහුතරයකට සිය මාසික වියදම සඳහා රු 2500ක් සැහේ

02)රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කිසි සේත් වැඩි නොකල යුතුය ,  අවැසි මෙවර අයවැයෙන් දැනට ලබා දී ඇති දීමනාද කප්පාදු කල හැක

03) විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වැටුප්ද වැඩි කල යුතු නැත , ඔවුන්ට වර්ජනය එපා වු දිනෙක කැමති නම් ඉගැන්විය හැක

04) උසස් පෙල ප්‍රශ්න පත්‍ර විභාග දෙපාර්ථමෙන්තුවේ ගබඩා කර තැබීම සැහේ , ආචාර්ය හා ගුරු සංගම් වර්ජනය අත්හැරි  දිනක පරීක්ෂා කල හැක

05) දෙවන වර ඇගයීමේ එසෙඩ් අගයන් මත පමනක් විශ්ව විද්‍යාල සිසුන් බඳවාගත යුතුය

06) විභාග ප්‍රශ්න පත්‍ර වල නිවැරදි තාවය පිලිබඳ විශේෂයෙන් සැලකිලි මත්විය යුතු නැත , වැරදි ඇත්නම් ළමුන් ඒවා නිවැරදි කරගෙන පිලිතුරු සපයනු ඇත

07) නියං සහනාධාර හෝ ගොවි ණය කප්පාදු කිරීම් අවශ්‍ය නොවේ


08) ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපචාර වලට සම්බන්ධ දේශපාලකයින් ට නීතිය ක්‍රියාත්මක කිරීමට කරදර විය යුතු නැත

09) ජිනිවා යෝජනා , තමිල්නාඩු පහර දීම් රජයට එරෙහි අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණය , එයට එරෙහිව නැගී සිටීමට ජනතාව  රජය සමඟය

10) එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය  පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයෙක් අභිබවා තෝරා ගත් " ජාතික සංවිධායකට" පලාත් සභාවේ විපක්ෂ නායක කමවත් රැක ගැනීමට නොහැක (සටහන - මාතලන් කලින් ලිපියේදී කියු පරිද්දෙන් මු.කො රජය සමඟ එකතු වීමට ඇති සම්භාවිතාව වැඩිය , දෙමල සංධානය , මුස්ලිම් කොංග්‍රසය හා එජාපය යන තුනම එක්වීමට වඩා එය ප්‍රායෝගිකය )

11) ආණ්ඩුව මොනවා කලත් රනිල් ඉන්න කන් අපි යූඇන්පියට ඡන්දෙ දෙන්නෙත් නැත .

ප.ලි 1 - ජනතාව 2500න් ජීවත් වීමත් සමඟ ජනතාවගේ ඉතුරුම්  ප්‍රමාණය ඉහල යන නිසා එම මුදල්  වරාය , අධිවේගී මාර්ග ඇතුලු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදාගත හැක , වැටුප් හා සහනාධාර වලින් ඉතිරිවෙන මුදල් දැනට චීනයට ඇති ණය ගෙවා අවසන් කිරීමට යොදාගත  හැක

ප.ලි 2 - රාත්‍රි පුවත් වල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50% අවට තිබී ගණන් කල පසු 60% ඉක්මවුයේ කේසේ දැයි කසුකුසුවක් ඇත්ත , මෙහි සැබැ පසුබිම මා දන්නේ නැත , නමුත් එජාපය මෙය "ජිල්මාට්" එකක් කියනවා නම් පලමුව "අව-මංගල සමරවීර"ගේ හොම්බ  රිවට් වෙන්න එකක් ඇනලා සිටිය යුතුය !



Comments

  1. කෙටියෙන් කීවොත් ජනාධිපති තුමාගේ වශී යන්තරය යනු දකුණු අතේ ඇති යම්කිසි වස්තුව නොව රනිල් වික්‍රමසිංහ මහතා බවය.රනිල් මහතා විපක්ෂ නායකයා වී සිටිනතුරු චන්ද ප්‍රතිපල ඔය ආකාරය වෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. Priyankara RamanayakaSeptember 29, 2012 at 8:47 PM

      අද රටේ නිදහස් අධ්‍යාපනය ‍රැක ගන්නවනම් ඒක කරන්නෙ කැම්පස් ගිය කොල්ලො විතරයි. කැම්පස් නොගිය උන්ට අධ්‍යාපනයට හෙණ ගහල ගියත් කමක් නෑ. ඒ විතරක්ද උන් කැම්පස් කොල්ලෙක්ව දැක්කත් ඉරිසියාවෙ පැලෙනව.

      ඒ ලෙවල් කිව්වාම චූ යන මෝඩයින්ට කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් තේරෙන්නෙ නෑ. කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් දැනගන්නමම් , සරසවි අධ්‍යාපනයේ වැදගත් කම තේරෙන්නනම් සරසවි මාතාවගේ තුරුලේ උණුසුම දැනිල තියෙන්න ඕනැ. අනිත් මෝඩයින් කරන්නෙ කැම්පස් වලට වින කරන එකයි. ඒ ලෙවල් වලට A 3 ක් ගන්න බැරි නූගත් කාලකන්නින්ට රටේ අනාගතය ගැන වැටහීමක් නෑනෙ.

      කැම්පස් නොගිය මෝඩයින් කැම්පස් කොල්ලන්ට ඉරිසියා කරන්නේ ඇයි කියල දන්නවද? පළමුවැන්න තමයි කැම්පස් යන අයට හොඳ අනාගතයක් තියෙනව. මම කියන්නේ මේ ආට් හැර අනිත් ෆීල්ඩ් ගැන. මොර‍ටුවේ ඉන්ජෙක් අවුට් වුණ ගමන් මුල්ම සැලරි එක රු.60000 ක් විතර. ඊට පස්සේ ඩිවලොප්ඩ් රටකට මයිග්‍රේට් වුණාම මන්ත්ලි ඉන්කම් එක $5000 ක් (රු.650000) විතර. බොරුනම් ඇවරේජ් සැලරීස් සයිට් එකකින් හොයල බලන්න. ඉතින් කැම්පස් කොල්ලෙක්ව දැක්කාම අර ඒලෙවෙල් කරගන්න බැරි වුණ කාලකන්නින්ට ඉසිරියා හිතෙන එකක් පුදුමයක් නෙමෙයි.

      දෙවැන්න තමයි කැම්පස් කොල්ලෙක් කොච්චර අවලස්සන වුණත් ඒකෙක් එක්ක යාලු වෙන්න ඕනැම කෙල්ලෙක් කැමතියි. තමන්ගෙ කොල්ලව අත හැරල කැම්පස් කොල්ලොත් එක්ක යාලු වෙන ඕනැ තරම් කෙල්ලන්ව මම දැකල තියෙනව. ගොඩක් කොලො තමන් යාලු වෙච්ච කෙල්ලව කැම්පස් යනවට අකමැති අනිවාර්යයෙන්ම ඒකි කැම්පස් එකේ කොල්ලෙක් එක්ක යාලු වෙන බව දන්න නිසයි. ඉතින් වැස්සකටවත් කැම්පස් නොගිය ඒලෙවල් භීතිකාව තියෙන නූගත් ගොඩේ කාලකන්නින්ට කැම්පස් කොල්ලොත් එක්ක තියෙන්නෙ ලිංගික ඉරිසියාවක්. න්‍යෂ්ටකාමයෙන් පෙළෙන ගොඩේ බයියන්ට කැම්පස් ගැන කියපු ගමන් ජුවල් නගින්නෙ ඔය නිසයි.

      වැස්සකටවත් කැම්පස් නොගිය කාලකන්නින් කියන්නෙ මහම මහ කරුමක්කාරයො කොටසක්. ගෙදරින් කකා බිබී අන්තිමට මොකක් හරි ජොබ් කට්ටක් සෙට් කරගන්න උපන්නාට මේ ලොව වැනෙන තිරිසනුන් වගේ එවුන්. ඉතින් තිරිසනුන්ට මොන නිදහස් අධ්‍යාපනද. උන් කරන්නෙ කැම්පස් වලට වින කරන එක. විමල් වීරවංසත් ඔය වගේ කැම්පස් නොගිය අමු මී හරකෙක්. කැම්පස් කොල්ලන්ට බැනල වෙබ් අඩවි වල කොමෙන්‍ටු දාන උනුත් කැම්පස් එකක් ගැන මුකුත් දන්නෙ නැති බූරුවො කියල තේරෙනව. මම උන්ගෙන් අහන්නමයි හිටියෙ, උඹලට ඩිග්‍රියක් නැති වීම ගැන කැම්පස් යන උන් එක්ක ලිංගික ඉරිසියාවක්ද තියෙන්නෙ? පුළුවන් එකෙක් මෙතනට ඇවිත් උත්තර දීපන්.

      ආණ්ඩුවට කඩේ යන ගමන් කැම්පස් වලට බැනල කොමෙන්ට් දාන උන් ගොඩක් අය කැම්පස් එකක් ගැන මුකුත් දන්නෙ නැති බූරුවන් කියල තේරෙනව. එස් බීගේ රෙදි අපුල්ල අපුල්ල කොමෙන්ට් දාන මොට්ටපලලාගෙන් මම අහන්නමයි හිටියෙ, උඹලට ඩිග්‍රියක් නැති වීම ගැන කැම්පස් යන උන් එක්ක ලිංගික ඉරිසියාවක්ද තියෙන්නෙ?

      තමන්ගේ ජීවිත පවා පරදුවට තියමින් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂය බල මණ්ඩලය වැස්සකටවත් කැම්පස් නොගිය මොඩයින්ට ආදර්ශයක්. අද වෙනකොට අන්තරේ කී දෙනෙක් අපේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පුදල තියෙනවද? ඒත් කැම්පස් නොගිය නූගත් අමනයින් අපේ රටේ නිදහස් අධ්‍යාපනයට කරල තියෙන්නෙ මොකක්ද? කැම්පස් කොල්ලන්ට බනින නූගත් පාහරයින්ට හෙණ හතම ගහපන්.

      Delete
    2. //ඒ ලෙවල් වලට A 3 ක් ගන්න බැරි නූගත් කාලකන්නින්ට රටේ අනාගතය ගැන වැටහීමක් නෑනෙ.// හික්ස්...
      --------------------------------

      අනෙක් පැත්තට වරදිනකම් ඉවසපං
      එය ජේ ආර් ගේ උපදෙසයි මං හිතන්නෙ
      රනිල් අකුරටම පිලිපදිනවා.

      z, 2500, උ පෙ වැරදි ප්‍රතිපල, ජීවන වියදම අහස උසට නැගල, මාස තුනක් වි වි අචාර්ය මන්ඩල එලියට බැහැල,

      ඒව එච්චර ලොකු දේවල් නොවෙයි, ඉවසන්න.

      Delete
  2. මගේ අනාවැකියත් පලදරනවා ඇත. ඕනෑම නම් මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රීවරුන් සඳහා ජනාධිපති තුමා ආරම්භ කර ඇති අරමුදලට සම්මාදම් විය හැක. මේය ධාතු වන්දනාවට වඩා පින් ලැබෙන්නාවූ උතුම් පුණ්‍ය කර්මයකි..

    ඔබ සැමට සුභ අනාගතයක්....!!!

    මේ පිළිබඳ මගේ ළිපියක් ලියලා ඉවරයි ප්‍රථිපල වලටත් කලින්, ඒත් හිට්ස් වදින එකක් වැරදිලා පෝස්ට් උන නිසා ඒක මේකට පස්සේ....

    ReplyDelete
  3. මමනම් ජනතාවට කිසිවක් කියන්නේ නැත.. කියලා වැඩක් ද නැත... මහින්ද හිතුවාටත් වඩා වැඩි ජයග්‍රහනයක් යැයි ඔහු ලඟම සිටින හිතවතෙක් කීවේය.. මට එයින් අදහස් වන්නේ එක දෙයකි.. මහින්ද ගැන මහින්දටත් වඩා ජනතාවට මහින්ද ගැන විශ්වාසය...

    මේ දිස්ත්‍රික්ක තුනේම වැඩිපුර ඉන්නේ ඉතා අහිංසක ගැමියෝය... ඔවුන්ගේ සාක්ශරතාව අනෙක් ඒවාට සාපේක්ෂව අඩුය.. මනස සීමිත පරාසයකට පමණි.. ඔවුනුත් රනිල් ප්‍රතික්ශේප කරනවානම් වෙන උන් ගැන කවවර කතාද?

    තව එක දෙයක්.. නැගෙනහිර පලාතේ ප්‍රතිපල සම්භන්ඪ්Hඅව කිව යුතුය... යුද්ධයකින් අවුලුවන ජාතිවාදයට වඩා මෙය භයානක විය හැකිය...

    ReplyDelete
  4. රනිල් සහා විපක්ෂයේ අනිකුත් පක්ෂ කෙළ හලහල බලන් ඉන්නේ ජනතාවට මෙම රජය එපා වෙලා මල් වට්ටියක තියලා දොතටදෙනකන්...තමන්ගේ පක්ෂයේ උන් ටික රැකගන්න බැරි.. දක්ෂයින් පන්නන.. විපක්ෂයේ පක්ෂ සමඟ එකඟතාවයක් හදාගන්න බැරි.. උන් ටිකක් ගැන විස්වාස කරන්න තරම් ජනතාව මෝඩ නැහැ.
    මීට ප්‍රථම පැවති චන්ද වලදීත් මෙම චන්දයේදිත් මෙන්ම ඉදිරි චන්ද වලදීත් රටේ ජනතාව ගැන සිතා තමන්ගේ වැරදි නිවැරදි කරගන්න බැරි විපක්ෂයෙන් පලිගැනීමට ජනතාව කටයුතු කරණුඇත..
    රජයේ ජයග්‍රහනයට උර දුන් රනිල් ප්‍රධානව අනිකුත් විපක්ෂයේ නායකයින් හට රජයේ ප්‍රණමය හිමිවනු ඇත..

    ReplyDelete
  5. මලින්ද මාමා ඇතුලු පවුලටම සුභ අනාගතයක් !

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුනා, ඕන් මම මේක බුකියේ ෂෙයා කලෝ !

      Delete
    2. හරියට හරි පුතේ කහටගස්දිගිලියේ එකාල,පොළොන්නරුවෙ එකාල පිස්සු කෙළියට කමක් නැහැ.අපි ෆේස්බුක් දේශපාලනේ කොරන් ඉමු !

      Delete
    3. හුකැෂ්!

      Delete
  6. හ්ම්ම්ම්ම්ම්...

    ReplyDelete
  7. කියන්න මුකුත් නෑ, මේක වෙයි කියල දැනන් හිටියා

    ReplyDelete
  8. බුවා කිව්ව හරි. හැබැයි මේ ටිකත් කියන්න ඕන‍.
    01)+........+10) කාරණා ටික 11) ට බැලන්ස් කරල කිව්වත් නිවැරදියි.

    ReplyDelete
  9. තව කෙලවුනා මදිය, හෙට අනිද්දට ලුණු පොල්කට්ටේ සිට අමුඩ ලේන්සුව දක්වාත්, සනීපාරක්ෂක තුවායේ සිට අහවල් එක දක්වාත් මිළ ඉහල යාමේ ආශ්චර්යය විඳිමින් ගෙයි පිල උඩට වී කිරිපනුවන් කසමින් සිටිනවිට දැනෙන ජොලිය කොතරම්ද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. සෝමේ සීයා, රනිල උත්තමයා හෝ පොන්සේකා උන්නැහේ ගෙනාවාම ඔක්කොම අපල දූරීබූද වෙලා යන හින්දා ලබන සැරේ උන්නැහෙලාට ඡන්දේ දෙමු. නගරබද අපට තියෙනෙ ටිකිරි මොලේ කොහෙන්ද මේ ගමේ බයියලට

      Delete
  10. රටේ පවතින තත්වේ එක්ක මැතිවරන ගැන කොයි තරම් සංවේදීද කියන්නේ ප්‍රතිපලත් ආවට පස්සේ හරියටම දන්නේ එහෙම එකක් තිබ්බා කියලා ..

    හික්ස් . . .

    දැන් නම් ඕන් ඔහේ ලබ්බ වැලේ වැනි වැනි තියෙන්නැහේ තිබිච්චාවේ කියලා හිතලා උන් ඕන දෙයක් කොරන් හිටියාවේ මං මයේ පාඩුවේ ඉන්නවා කියන දරුසනේ ඉන්න හිතන් ඉන්නේ බන් . . .

    ReplyDelete
  11. මේක මාත් එක්ක කිව්වේ අපි ඉන්න ගෙදර වැඩ කරන්න ඉන්න උන්දෑ... අවුරද 75ක විතර වසයක දෙමළ උන්දෑ කෙනෙක්.... මේ මනුස්සයගේ ගම් පළාත නුවර පැත්තේ.... නෑයෝ ඉන්නවලු නැගෙනහිර පැත්තේ... මේ මනුස්සයා බොහොම සතුටින් අද උදේ මාත් එක්ක කතා කලා... මේ මනුස්සයා මගෙත් එක්ක දේශපාලනේ ගැන ටිකක් හරි කතා කරපු පළවෙනි වතාව....

    “ ආණ්ඩුව ගසා කනවාය, බඩු ගනන්ය කිය කිය කියන හැම එකාටම අපි විදින දුක තේරෙන් නෑ නෝනේ... රු 1000ක් වත් හොයාගන්න අපේ ගෑණුන්ට විදින්න උන දුක අපිනේ දන්නේ.... හොයා ගත්තත් බඩු මීට වඩා ගනන්.... කිරිපිටි පැකට් එකක් අරං යන්නේ කොළමින් මම ගෙදර යනකොට විතරයි ඉස්සර... ඔය කියන විභාග ගැන අපි දන්නෙත් දැනුයි... මගේ පුතා ඉගෙන ගත්තේ 8 වෙනකම් විතරයි.... ඔය කියන උන් එකෙක්වත් අපිට ඔයිට වඩා හොද, ඡන්දේ දෙන්න පුළුවන් එකෙක් ගේන් නෑ නොවැ.. ගෙනාවා නම් උන් ඡන්දෙ නොදී ඉදී යෑ....“

    තව ගොඩක් දේවල් කිව්වා... මට කියන්න ඕනේ උනේ ඔය කියන කොරන ඒවා ගැන කොළඹ ඉන්න උන් මොනවා කිව්වත් ගමේ ගොඩේ ඉන්න මිනිස්සු අපි හිතන තරම් ගොඩයො, මෝඩයෝ නෙවෙයි කියලා මට හිතුන කියලයි.....

    ReplyDelete
    Replies
    1. හා හා මෙතන ඔය වගේ කමෙන්ට්ස් දාන තැනක් නෙවෙයි.

      Delete
    2. දැන් ඉතින් හිරැ සෑහෙන පඩියක් හෙම ගෙවනවා ඇති නේද අවුරුදු 75 හේ දෙමළ දාසියට.

      Delete
  12. ඔය කියන සීයට 60ක් වන බත්කන හරකුන්ගෙන් එකෙක් මෙසේ ලියා ඇත.
    රජරට බත්කන හරකෙක් ගෙන් ලියුමක්....

    ReplyDelete
  13. ඇත්තටම ජනතාව යූඇන්පියට දිගින් දිගටම පණිවිඩ දුන්නෝය. උන්ට තේරෙන්නේ නැත.

    ReplyDelete
  14. මෙලෙස ඡන්ද පැවැත්වීම විහිලුවකි.වෙලාව තියේ නම් කියවා බලන්න,
    http://meeghaya.wordpress.com/2012/09/09/%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%B1%E0%B6%BA-election-comedy-or-comedy-election/

    ReplyDelete
  15. අහවලාගේ අහවලාට කියා වැඩක් කරවා ගන්නා රාජ්‍ය්‍යක ඔය පණිවුඩත් ජනතාවගේ යැයි සිතා ඔවුන් රැවටී සිටිනවා ද?

    radicaladahas කියන "ඇත්තටම ජනතාව යූඇන්පියට දිගින් දිගටම පණිවිඩ දුන්නෝය. උන්ට තේරෙන්නේ නැත." යන්න ගොඩක් රටවල ගොඩක් පක්ෂ වලට ගැලපෙනවා. පණිවුඩය දෙන ජනතාව එය දැන සිටියාට පක්ෂ නායකයන් අහක බලාගෙන ඉන්නේ ඇයිදැයි විමතියකි.

    ReplyDelete
  16. ජනතාව තම මතය පැහැදිලිවම ප්‍රකාශකර තිබේ. එය පිලිගැනීම හැර ඇති විකල්පය කුමක්ද? තමතමන් කුලල්කාගන්නා විපක්ෂකට වඩා වැරදිඇතත් මේ ආණ්ඩුව හොදබව ජනතාව තීරණයකර ඇත.

    ReplyDelete
    Replies
    1. අවුරුදු විස්සක් බඩගින්නේ ඉන්න කොටියට අහුවෙලා එක පාරට මැරිල යනවට වඩා තමන්ව ගොදුරට අරගෙන දැන් සෙල්ලම් කර කර ඉන්න වලස් රාල හොඳයි කියල කට්ටිය ඔයයි වගේම හිතන්න ඇති .

      Delete
    2. යකෝ උබලා මුලින්ම පටන්ගත්තේ මේ වගේ හොද ඵකක් මේ සක්වලම නෑයි කියාගෙන.
      ඊටපස්සේ ලෝකයේ පුදුමය කරනවයි කිව්වා.ඊටත් පස්සේ කොලිටිය ටිකක අඩුකරලා ආසියාවේ ආශ්චර්ය මේක තමයි කිව්වා.
      දෑන් කියනවා අණ්ඩුවත් වෑරදීලු.ඵ්ත් විපක්ශය හොද නෑති නිසාලු දිනන්නේ.
      පවු බන් උබලා කඩේ යන්ඩ විදිනු දුකක්.අර මුලින්කිව්ව ආශ්චර්ය ඵහෙම දෑන් මතකම නෑ නේද?

      Delete
  17. මේක ඇත්ත හැබැයි මම හිතන්නෙ ඔය මැතිවරන පවත්වපු කට්ටියට ගනන් එහෙම බැරුව ඇති නැත්තම් 4ට 40% ට තිබ්බ චන්ද සම්බවිතාව රෑ වෙනකොට 60% පනිවිද

    ReplyDelete
  18. Replies
    1. කෙල්ලේ ඔයතරමට බොළඳ වෙන්න එපා.අඩුම තරමේ ප්‍රමුදි කෙල්ල දිහා බලල හැදෙන්න බලපන්

      Delete
  19. රටේ කාගෙං ඇහුවත් (ආණ්ඩුවෙන් සෘජු වාසි ඇත්තවුන් හැර ) කියන්නේ 'ඔව් ආණ්ඩුවේ වැරදි තියෙනවා තමයි.ඒත් වෙන කවුද ඉන්නේ ඡන්දේ දෙන්ඩ තරං එකෙක්'

    මේක අපේ ජනතාවගේ චින්තනයයි.හොරු ගොඩක් අතරිං අඩුම තර්ජනයක් ඇති එකා තෝරණවා මිසක් හොරු ඔක්කොම එළවීමට ඒකරාශී වීමක් නැත.මන්ද සෘජු වාසි ඇත්තවුන් කිහිප දෙනෙක් මිනිස්සුන්ව භේධ බින්න කොට තැබීමය.

    ReplyDelete
  20. විපක්ෂයට ඉගෙන ගන්නවා නම් පාඩම් ඉගෙන ගත යුත්තේ මහින්ද ලොක්කාගෙනි.ප්‍රේමදාස ලොක්කා ආණ්ඩු කරන කාලයේ විපක්ෂය අද විපක්ෂය වගේමය.සිරිමා නෝනා අද රනිල් ලොක්කා වගේමය.හැබැයි එදා මහින්ද ලොක්කා වසුලා අනුරලා සෙට් එක එකතු කරන් පද යාත්‍රා ගොස් එක එක සෙල්ලම් දමා වැටෙන ගහට මුක්කු ගැසුහ.අන්තිමේ රැල්ල ගහන්නට විය.චන්ද්‍රික නෝනා විත් අස්වැන්න නෙලා ගත්තාය.එහෙමෙයි කියා මහින්ද ලොක්කා සැලුනේ නැත.හීන් නුලෙන් ගේම ගෙන ගොස් තමන්ගේ වාරය එන තුරු ඉන්නට තරම් ඉවසීමක් සහ ඇම්ඩන් කමක් තිබුණි.අද දයාසිරි ගොය්යල සජිත් බේබිල ඉගෙන ගත යුත්තේ මෙතැනිනි.දේශපාලනිකව තොත්ත බබෙකු වන ජෙනරාල් ගොය්යාද දැන්වත් පාඩමක් ඉගෙන ගත යුතුය.හිරුනිකාල වගේ සිඟිති කෙල්ලන් ඉස්සරහට දමාගෙන ජන රැල්ලක් හදන සුරතල් හීන වලින් අවදි වී සෝඩා බෝතල් න්‍යායෙන් තොරව රියල් ගේමක් එකමුතුව දෙනවා මිස තම තමන්ගේ සීනි කිර කිරා හිටියොත් සදා සොත්තිය!

    ReplyDelete
    Replies
    1. දේශපාලන තොත්ත බබා.. තොගේ කටේ පනුවෝ ගහලද කියල බලාපිය

      Delete
    2. මහින්ද මහත්තයා චද්‍රිකාගේකාලයේ අවුරුදු 11ක් සයිඩ්ගසා සිටියේ හීන් නූල් කමකට නොවෙයි.
      විදායක ජනාදිපති කම ඉස්සරහා මෙcචර ගේම් කාරයා යෑයි මිනිස්සු හිතන මහින්ද මහත්තයාටවත් කිසිම දෙයක් කරගන්න බෑරි උන නිසාය.චන්ද්‍රිකා උනත් බණ්ඩාරනායක පරම්පරාවේ මොකද්දෝ අහේතුවකට අනුර මල්ලිට නොදී මහින්ද මහත්තයාට දුන්නේය.අනුර මලයාට දුන්නාන්ම් මහින්ද මහත්තයා අදටත් දීවර ඈමතිය.
      ඉතින් මෙච්චර මොලකාරයා වන මහින්ද ලොක්කා චන්ද්‍රිකා කියන ගෑනු පරානය ඉස්සරහා(විදායක ජනාදිපති චන්ද්‍රිකා)හිරවෙනවානම්, මහින්ද ලොක්කා ඉස්සරහා රනිල්ලා සජිත්ලා හිරවෙන ඵක අහන්නත් දෙයක්ද?
      අනික මහින්ද මහත්තයා අවුරුදු 11ක් පෙරුම්පුරා ජනාදිපතිකාම් සියටට ගෙන දෑන් වසර 7කි.යුද්දය හෑරෙන්නට අනික් අශයන්ගෙන් රට යන්නේ ආපස්සටය.සෑමදා ශ්‍රී.ල.නි.පය සමග සිට් අවoක ශ්‍රීලoකා කාරයන්ට මෙයනම් මහා වේදානාවකි.

      මොනවා උනත් මෙවර ශ්‍රී.ල.නි.පය සහ ජනතාව පෑරදී කුඩුකාරයන්,දූශකයන්,ජාවාරම්කාරයන්,ජේ.ආර් ගේ ප්‍රතිපත්ති සහ යූ.ඈන්.පී රිලවුන් දිනා ඈත.

      -තාරක

      Delete
    3. හරියට හරි. මේක අපේ ගොබිලන්ට නොතේරෙන හැටි.. මුන් හිතන් ඉන්නේ විදායක ජනාදිපති එක්ක හැප්පෙන එකෙක් එන්න ඕනේ ඌ තමයි එලඟ නායකයා කියල. යකෝ එහෙම එකෙක් මේ කපේට එන්නේ නැහැ. විදායක බලය තියෙන එකෙක් එක්ක හැප්පෙන්න සක්කරයා අවත් බහ. හිතපලකෝ බරක් ඔබම පොරක් උනේ ඇයි? ඌ පොරක් උනේ ඇමෙරිකාවේ ජනාදිපති නිසා. ඕක ජනාදිපතිකම නැතිව නිකන් කාපීරියෙක් උනානම් මොකද වෙන්නේ.. ලංකාවට අවොත් විමල්ල ඇතුළු අදිරජ්‍යවිරෝදියො ඕකට අකෙත් පුරලා යවන්නේ. :D

      Delete
  21. මිනිස්සුන්ට තේරුනත් "අනේ අපේ මොකෝ ඔන්න ඔහෙ අපේ වැඩක් බලාගෙන ඉමු" කියන අය තමා වැඩිහරියක් ඉන්නෙ. ආණ්ඩුවේ ඉන්නෙත් මේ විධියටම හිතන අයනෙ.

    ReplyDelete
  22. අැත්තම කතාව තමයි ඔය ජිල්මාට් කියල දෙයක් නැති එක. election duty. යන නිසා සහ Result room එකෙ ඉදල තියෙන නිසාම මම එක හොදටම දන්නවා .. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ මිනිස්සුන්ගෙ mind setup එකේ අනෙක් කාරනේ තමයි දෙයක් තේරෙන මිනිස්සු චන්දෙ දාන්න යන්නෙ නැති එක.එහෙම බැලුවම ඔය කියන පණිවිඩෙ නම් හරියටම හරි.
    මෙන්න මෙක තමයි කියන්න තියෙන්නෙ
    "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්ත.ඔහේගේ කටේ බුල්ටෝ එකක් තියන්න වටිනවා.

      Delete
  23. ස්තුතියි සියලු දෙනාටම , වෙන් වෙන්ව පිලිතුරු දීමට නොහැකි වීම ගැන මාගේ බලවත් කණගාටුව

    ReplyDelete
  24. මාත් දුවගෙන ගිහින් මහින්දට කතිරෙ ගහපු එකෙක් තමයි. සරසවි ආචාර්යවරයෙක් වෙලා පාරෙ හිඟා කන්න උනාම තමයි උණ බැස්සෙ. කතාව ඇත්ත. නිර්මාණශීලීයි.

    ReplyDelete
    Replies
    1. මෙන්න ඇත්ත තත්වේ. මේ වගේ හරක් තමයි ඉතින් රටේ උගත්තු කියල කියන්නේ. විශ්වවිද්‍යාලවල ආචාර්යවරු වෙලා ඉන්නේ මුන් තමයි. ලැජ්ජාව කියල දශමයක වත් හැන්ගීමක් තියෙනවනම් ඉල්ලා අස්වෙයන්. කාලකන්නිය.

      Delete
  25. පොස්ට් එකට අදාලව නම් නෙමේ , අර ඩයිනමික් සිද්දිය ගැන දැනුවත් කරාට නම් බොහොම ස්තුති සහෝ , !

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව