Skip to main content

දේශද්‍රෝහී පාහරයන් විසින් ජනතාවගෙන් වසන් කරනු ලබන 2013 අය වැයේ සැබැ ප්‍රතිලාභ !

සන්ධාන රජයේ 2013 වසර අය වැය පිලිබඳව නොයෙකුත් මතවාදයන් , අන්තර්ජාලය පුරා දක්නට ඇත . මේවා දෙස විමසිල්ලෙන් බැලු විට පෙනී යන කරුණ නම්  රටේ සහ ජනතාවගේ අනාගත සුභ සිද්ධිය සඳහා වන අගනා යෝජනා රැසක් අන්තර්ගත උක්ත අය වැයෙ  අභිලාශයන් ජනතාවගෙන් වසන් කරණු වස් දේශද්‍රෝහි  පාහරයින් පිරිසක් විසින් පතුරවා හරිනු ලබන මිත්‍යාවන් පමණක් බවය. පහතින් දැක්වෙන්නේ එවන් චෝදනාවන් සහ ඒවායේ සැඟවුනු  යථාර්තයන්ය .


රේසින් කාර් සඳහා බදු සහන 

ශ්‍රි ලංකාවේ දැනට පවතින සහ ඉදිවෙමින් පවතින F1 ධාවන පත දක්ෂිණ ආසියාවේ පමණක් නොව සමස්ථ ආසියා කරයේම මෝටර් රථ ධාවන තරඟ සඳහා  හොඳම පහසුකම් සහිත රට  බවට  මෙරට පත්කෙරෙමින් පවතී. රේසින් මෝටර් රථ සඳහා ලබා දෙන බදු සහනය මඟින් මෙරට සිටින දහස් සංඛ්‍යාත තරඟ කරුවන්ට සහන මිලට මෝටර් රථ මිලදී ගෙන අදාල තරඟාවලි ජයග්‍රහණය කිරීමෙ හැකියාව ලැබෙන අතර , ඉදිවෙමින් පවතින ධාවන පත නිමවූ පසු  ඇතිවන ධාවන පත අතිරික්තය විදේශිකයින්ට ශ්‍රි ලංකාවේ අඩුමිල ගණන් යටතේ මෝටර් රථ මිලදී ගෙන තම පුහුණු කටයුතු සඳහා යොදා ගැනීමට අවකාශයද ලබා දේ.මොටර් රථ ධාවන තරඟ නැරඹීමට පැමිණෙන  සංචාරකයින්ගෙන් ලැබෙනා අදායම රුපියල් බිලියන 1000ක් බව ගණන් බලා ඇති අතර. නොබෝ දිනකින් මන්නාරම් ද්‍රෝනියෙන් ලබා ගන්නා ඉන්ධන , ඉන්ධන දහනය අධික රේසින් මෝටර් රථ සඳහා දේශීය වෙලඳ පොල තුලදී අලවියෙන් පමණක් රුපියල් බිලියන 1500ක් වසර 3ක්  තුලදී ලබා ගැනීමට  නියමිතය.


ධාරිතාව 1000ccට අඩු වාහන සඳහා බදු ඉහල දැමීම

එංජින් ධාරිතාව 1000ccට අඩු වාහන වල ගුණාත්මක භාවය පිලිබඳ නිරන්තරයෙන් නැඟුන පැමිණිලි මෙන්ම ,  අධි වේගි මාර්ග ඇතුලු සුපිරි මාර්ග පද්ධතියකින් යුත්  ශ්‍රි ලංකාවේ මහ මාර්ගයන්හි එවැනි බාල වර්ගයේ වාහන දක්නට ලැබීම රටේ ප්‍රතිරූපයට බරපතල හානියක් බවද විශ්ලේෂකයන් විසින් පෙන්වා දී තිබේ.එමෙන්ම මෙම බදු ඉහල දැමීම හරහා පූර්න වශයෙන් ඉන්දියානු නිෂ්පාදන වන බාල වර්ගයේ වාහන සඳහා මෙරට  වෙලඳ පොල සම්පුර්ණයෙන්ම අහිමි වන අතර මරුටි සුසුකි, බජාජ් වැනි ඉන්දියානු මෝටර් රථ සමාගම් වැසී  යාමේ හැකියාවක්ද පවතින අතර , එමගින් රැකියා අහිමි වන ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානු ජනතාව හරහා එරට රජයට ප්‍රභල විරෝධයක්  තුලින් මතු කිරීම මගින්  මානව හිමිකම් සමුලුවේදී  දැක්වූ අධිරාජ්‍ය වාදී බටහිර ගැති පිලිවෙතට විරෝධය පල කිරීම මේ තුල සැඟවුනු තවත් දේශපාලනික අරමුණක් බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් විසින් පවසා සිටී .  


කිරි පිටි ඇතුලු ආහර ද්‍රව්‍ය සඳහා බදු 

රට අහරින් ස්වයං පෝෂිත කිරීමේ අවසන් අදියරට පැමිණ ඇති මේ මොහොතේ දේශීය ගොවියාගේ නිෂ්පාදන වලට ඉහල මිලක් ලබාදීමත් , බහුජාතික සමාගම් වලට මෙරට ආහාර ද්‍රව්‍ය වල කෙරේ ඇති ඒකාධිකාරය අවසන් කිරීමත්, දැනටමත්  නිෂ්පාදන අතිරික්තයන්ව ඇති දියර කිරි සහ  ටින් මාලු වල මිල ස්ථාවරව පවත්වා ගැනීමත්  මේ හරහා අපේක්ෂිත ප්‍රතිලාභයන්ය . එමෙන්ම ඉදිරියේදී දිවි නැගුම හරහා ධාන්‍ය ඇට වලට අමතරව  කිරි ගවයින් සහ කුඩා සැමන් මාලු පැටවුන් බෙදා දීමටත් නිවසේදීම සැමන් නිපදවා ගැනීමට අවශ්‍ය උපදේස් සහ  ණය ආධාරත් ලබා දීමට  අදාල සැලසුම් දැනටමත් සකස් කර ඇත


රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ප්‍රමාණවත් නොවීම සහ පුද්ගලික අංශය්ට වැටුප් වැඩි වීම් ලබා නොදීම

රාජ්‍ය සේවකයින් විසින් පසුගිය මැතිවරණ සියල්ල පුරාවට දිගින් දිගටම රජයට දන්වා සිටි පණිවුඩය දැනට ලබනා වැටුප් ප්‍රමාණවත් බවය . තත්වය එසේ තිබියදීත් රාජ්‍ය සේවකයින් කෙරේ කෙලෙගුණ සකලනු වස් රුපියල් 1500කින් ඔවුනගේ වැටුප් ඉහල දමා ඇත . රුපියල් 2500කින් මාසයක් ජීවත් වන රාජ්‍ය සේවකයින් හට එක්වර 1500ක වැටුප් වැඩිවීමක් ලබාදීම , ඔවුන් අයථා වියදම් සඳහා පෙලඹවන්නක් විය හැකි බැවින් එම මුදල වාරයන් දෙකකදී ලබා දීමට රජය විසින් තීරණය කර ඇත . රාජ්‍ය සේවකයින්ට වඩා ඉහල වැටුප් ලබනා පෞද්ගලික අංශයේ සේවකයින් ගේ ආදායම් ප්‍රමාණවත් බව රටේ ඉතුරුම් ප්‍රමාණය ඉහල යාම සහ කොටස් වෙලඳ පොලේ සුලු පරිමාණ ආයෝජකයින්ගේ ප්‍රමාණය පසුගිය වසර කිහිපය තුල සැලකිය යුතු ලෙස ඉහල යාම තුලින් පෙන්නුම් කරනා බව ආර්ථික විශ්ලේෂකයින්ගේ මතය වී ඇත . පසුගිය සමයේ රජය විසින් යෝජනා කල විශ්‍රාම වැටුප ප්‍රතික්ශේප කිරීම තුලින්ද පෞද්ගලික සේවකයින් තමන්ගේ ආදයම් ප්‍රමාණවත් බව සහ  තමන්ගේ  ඉතුරුම් විශ්‍රාමික දිවිය සඳහා ප්‍රමාණවත් බවත් රජයට ඉතා පැහැදිලි ලෙස දන්වා ඇති බව විශ්ලේෂක මතයයි


විදේස් ආයෝජන දිරිමත් නොකිරී

රජය විසින් පසුගිය වසර කිහිපය පුරාවට විදෙස් ආයෝජන දිරිමත් කිරිමේ ප්‍රථිපලයක් ලෙස ඉන්දියානු සහ චීන සමාගම් රාශියක් මෙරට හෝටල් සහ නිවාස සංකීර්ණ ඉදිකිරිමේ  මහා පරිමාන ආයෝජන සිදු කර ඇත . තව දුරටත් විදේස් ආයෝජකයින් හට සහන ලබාදීම දේශීය ව්‍යවසායකයින් අධෛර්යට පත්කරන්නක් විය හැකි බැවින් රජය විසින් විදේස් ආයෝජන සඳහා විශේස සහනයන් ලබා නොදීමට තීරනය කර ඇත

ඉහත දැක්වූ පරිද්දෙන් මෙවර අයවැය යෝජනා තුලින් ශ්‍රි ලංකාව සංවර්ධිත රටක් කරා ගෙන යාමේ දැවැන්ත කෙටි හා දිගු කාලීන අභිලාශයන් රාශියක් මුදුන් පත් කර ගැනීමට අපේක්ෂිත අතර , මේ තොරතුරු ජනතාවගෙන් වසන් කරන්නට ගන්නා දේශද්‍රෝහි ව්‍යායාමයන් පිටුපස අධිරාජ්‍ය වාදී බලවේගයන් ක්‍රියාත්මක වෙමින් සිටිනා බව පමණක් ජනතාවට මතක් කර සිටින්නෙමු. නොබෝ දිනකින් ලෝක බලවතා වීමට නියමිත මහජන චීනයේ නව ජනපතිවරයාට උණුසුම් සුභාශිංශන එක්කිරීමටද මේ අවස්ථාවේදී අප විසින් අමතක  නොකල යුතු අතර එය  ඔවුන් විසින් අප වෙත ලබා දුන් අධිවේගි මාර්ග, පාලම් , වරාය, රඟහල්, ගුවන් තොටුපලවල් , බලාගාර, කුලුණු , චන්ද්‍රිකා ඇතුලු සියලු දැ වෙනුවන් කරන කෘතගුණ දැක්වීමකි !





Comments

  1. අන්න බොලේ බුවාත් ඇත්ත කියනවා. මේ අයවැය විචාරයේ අයවැය පරතරය ගැන භාවාත්මක ප්‍රකාශයක් ගැබ් වී නොතිබීම පිළිබද පුදුමයට පත් වෙමි. අයවැය යෝජනා පිළිබද මා දුටු සාර්ථකම ධනවාදී චින්තනයෙන් යුත් විචාරයක්. හැක්කටම තැන්කුයි.

    ReplyDelete
    Replies
    1. අම්මපා...මේකනං හෙනම ධනාත්මක චින්තනයක්... මරු.

      Delete
  2. බොහොම ධනවාදී සිතුවිල්ලක්නේ ලංකාවෙම මිනිස්සුන්ට ඇයි බැරි මෙහෙම හිතන්න.
    බොහොම ලස්සනයි හොඳයි. ආයිත් එන්නම්. ජයම වේවා .......
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  3. අම්මපා අපි ඔය කරුණු දැක්කෙ නැති හැටි....
    කොහෙද ජනාධිපතිතුමාගෙ උම්බලකඩේ උර උර අපිත් රේස් කාර් ගැනම කතා කළා මිසක් වෙන දෙයක් ගැන හිතුවෙ නැහැනෙ...
    බුවාගෙ ඇනලිසිස් එක තමයි හරි...
    බලාගෙන... බුවාට ලඟදිම ජනාධිපති උපදේශක කමක් ලැබෙයි....

    ReplyDelete
  4. හැක්..හැක්...හැක්...
    මේකා තමයි යක‍ඩෝ දවසකටවත් මිනිහා....
    හොක්..හොක්...

    ReplyDelete
  5. කොච්චර කිව්වත් පිලිගන්නෙ නෑනේ. බලන්නකෝ ඉතින් මෙතනම කීයක්ද කියලා. එතකොට අමු ගොම මහත්තයා කියපුවා. ලොක්කගේ අග සව් දෙදෙනා වන චන්දිකයි, ශාන්ත බන්ඩාරයි කියපුවා. ඇයි එතකොට ලොක්කත් කිව්වේ. මේ පෝෂේ එකක් අල්ලන් දඟලනවා. මේකේ කොච්චර දේවල් තියෙනවද කියලා. කප්පරක් රාජකාරි තියෙද්දි. පාර්ලිමේන්තුවට ඇවිත් ටපල ටපල මේක කියලා ගිය එකම මදිද ආයිබෝවන්ඩ.

    ReplyDelete
  6. බලන්නකෝ මෙච්චර ධනාත්මක අයවැයකටත් මඩගහන ද්‍රොහියෝ ඉන්නවනෙ.අයවැය යෝජනාවල අපි නොදුටු සුබවාදී පැත්ත පෙන්නා දුන්නාට පිං.

    ReplyDelete
  7. කොහෙද ඉතින් මේ රටේ ඉන්න එවුන්ට මෙව්වා තේරෙන්නේ නැහැ නේ..මුන්ට පේන්නෙම වැරදි නේ

    ReplyDelete
  8. තව තව යනකොට බූවාට තව තව සිතුවිලි පහළ වේවා!!!!

    ReplyDelete
  9. මේක් සිරා බුවා. පට්ට ධනාත්මකයි !

    ReplyDelete
  10. මේ එක එකා කියන රේසින් කාර් කතා අහගෙන හිටියට,5 + 1 ණය වැයෙන් හුදී ජනතාවට ලැබෙන්නාවූ ප්‍රතිලාභ ගැන ටිකිරි මොළවලට කල්පනාවට ආපු නැති හැටි.එම නිසා එතුමාගේ ජන්මදින වෙනුවෙන් රටපුරා පවත්වන පින්කම්වල බල මහිමයෙන් තව තවත් රට ක ........... එක්කෝ ඕන නැහැ.සුභ පතල එක එකාගෙන් කුණුහබ්බ අහගන්නේ මොටෑ.

    ReplyDelete
  11. අයවැයේ ප්‍රථිපල මේ වෙනකොටත් ජනතාවට දැනෙන්න පටන් අරගෙනයි තියෙන්නෙ. ජනාධිපතිතුමාගෙ උපන්දිනය නිමිත්තෙන් සියළුම පළාත් පාලන ආයතන මඟින් එතුමාට සෙත්පතා පිරිත් මාලාවක් තියනව. ඊට අමතරව කි.මී. 5න් 5ට කිරිබත් දන්සැල්. මේක ඊට පස්සෙ ආර්යාව, පුත්තු තුන්දෙනා මල්ලිල අයියල 4දෙනා වෙනුවෙනුත් කරනව.ඒ කියන්නෙ දුප්පත් මිනිස්සුන්ට නොමිලේ කිරිබත් ලැබෙනව.
    එතුමාට සුභ උපන්දිනයක්, අපට සුභ අනාගතයක්!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය මගුලක් නිසා තමා මටත් පහුගිය ටිකෙ බ්ලොග් පැත්තේ එන්න බැරි උනේ. දවසට විතරක් එක පන්සලක පිරිතේ වියදම ලක්ෂ 3 පැන්නා. රටේම පන්සල් 25ක රාජ්‍යය අනුග්‍රහයෙන් පිරිත තිබ්බා .

      Delete
  12. ඇයි බං විවාහ රෙජිස්ටාර් ගාස්තු වැඩි කලේ?

    :D

    ReplyDelete
  13. :D
    Man labana aurudde bandinda inne.danui oka danne. :P

    ReplyDelete
  14. ඇයි මචං රා පෙරාගන්න දුන්න සහනේ මතක නැද්ද?

    ReplyDelete
  15. සුභම සුභ අනාගතයක පාර කියන මේ අය වැයට ද්‍රෝහීකම් නොකරනු. දැනට එතුමලාට පස්සෙ අපිටත් සුභ නාගතයක් එයිමයේ හිතේ.

    ReplyDelete
  16. අඩුම තරමේ බුවා දන්නවා Racing Car වලයි Sport Car වලයි වෙනස . අපි දැක්ක සමහරුනම් Racing කාර් කියල ලම්බෝගිනි වල ෆොටෝ දාල තියනවා. හිකිස්.

    ReplyDelete
  17. @all - සියලුම ප්‍රතිචාර වලට ස්තුතියි .

    විවාහ කේස් එක දැනගත්තේ දැන් , රා වැඩේ අමතක වුනා

    ReplyDelete
  18. ඔන්න බුවා මං ආයෙත් ආව පොඩි විවේකයක් ලද නිසා. ඒත් බුවා ඇනෝලනේ වැඩි මේ හැම තැනම. මේ අය ඇනෝ නැතිව එනවනං කොතරම් වටිනවද. ඒ අතින් බුවා ඉස්තරම්. මොනවා වුණත් තම මතය එළිපිට කියන. මගේ බ්ලොගේ සංවාදයේ සම්පුර්ණ බර ඇද්දේ බුවා තමා. එන්නම් ආයිත්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , ඇනෝලා කව්ද කියන එක මට වැදගත් නෑ , කෙනෙක්ගේ අනෙන්‍යතාවය නෙවෙයි මතවාදයයි වැදගත් .බුවාගේ සිතුවිලි කියන්නෙත් බ්ලොග් අවකාශයේ අතිශයින් සිමිත පිරිසක් විතරක් පෞද්ගලිකව අඳුරන එක්තරා දුරක ඇනෝ කෙනෙක් තමයි

      Delete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව