Skip to main content

ඉස්ලාමයේ 9:5 - මනුෂ්‍ය ඝාතන දිරි ගැන්වීම සහ සාධාරණීකරණය - ඉස්ලාමිකයෙකුගේ ලිපියකට පිලිතුරක්


ආගම් පිලිබඳ වාදයන් කිසි විටකත් අවසන් වන්නක් නොවේ . ආගම් පිලිබඳ වාද විවාදයන් එක් ආගමක් තදින් වැලඳගත් ආගමේ කොතනක හෝ සටහන් වූ පමණින් ඕනැම ටොම් පචයක්  හිස් මුදුනින් පිලිගන්නා  පුද්ගලයින් අතර සිදුවන විට එක් මතයකට පැමිණ වාදයක් අවසන් වීමේ හැකියාවක්ද පවතින්නේද නැත . මැවුම් වාදය පිලිගන්නා වුන්  කිසි විටකත් මැවුම් කරු මැව්වේ මොකාදැයි නොඅසන්නා සේම හින්දුන්ට පියඹන වඳුරන් ඇතුලු සිය දේව සභාව තාර්කිකවන අතර බෞද්ධ "ආගමිකයින්ට" ජාතක කථා වලටද තාර්කික පැහැදිලි කිරීම් දිය හැක .

තත්වය එසේ තිබියදීත් ඉස්ලාම් අන්තවාදීන් අතින් වෙඩි පහරට ලක්වුනු පකිස්ථාන දැරිය පිලිබඳ රාජ් සහෝදරයා විසින් ලියවුනු ලිපියේ මතුවූ සංවාදයක් මඳක් ඉදිරියට රැගෙන යැමේ අවස්ථාවක් පැමිණ ඇත . මෙය කිසිදු ආගමික දෘශ්ටිකය සිට නොව නිර්-ආගමිකව , මානූශීය  කෝණයෙන් සංවාදයට ලක් කල හැක්කක් බවද සඳහන් කල යුතුය .


ලොව පවතින ත්‍රස්තවාදී සංවිධාන අතුරින් සාතිශය බහුතරයක් මුස්ලිම්   ජාතිකයන් ඉස්ලාම් ධර්මයේ නාමයෙන් පවත්වාගෙන  යන්නන් වන බව පහත විකි පිඩියා ලිපියේ අන්තර්ගත තොරතුරු හරහා වටහා ගත හැක ,

http://en.wikipedia.org/wiki/List_of_designated_terrorist_organizations

එමෙන්ම නබි වරයාට අපහාස කෙරෙනවා යැයි කියවෙන චිත්‍රපටය පිලිබඳ මුස්ලිම් වරුන් දැක්වූ ප්‍රතිචාරය අති බිහුසුණු හා විනාශ කාරීය වන අතර එය ආගමික ශාස්තෘවරයෙක් පාදක කරගත් ආන්දෝලනාත්මක එකම හෝ ප්‍රථම විඩියෝ නොවන පසුබිමක මින් පෙර ලෝකයා නොදුටු තරම් ප්‍රචණ්ඩ ප්‍රතිචාරයක් වීමද සුවිශේෂීය . මෙම කාරණාට් මුස්ලිම් ජාතිකයින් බහුතරය වන බොහෝ රටවල සිදුවන්නා වූ ප්‍රචණ්ඩ ක්‍රියාත් සැලකිල්ලට ගත් විට මුස්ලිම් වරුන් ගේ ප්‍රචණ්ඩත්වය ඔවුනගේ ආගමික පසුබිම හා අතර ඇති සම්බන්ධයක් පිලිබඳ සැක පල කිරීම තාර්කිකය . එහිදී පහත සඳහන් කුරාන් පාඨය වඩාත්ම ආන්දෝලනයකට තුඩු දුන් එකක්  ලෙස සැලකීමේ වරදක් නොමැත

"තහනම් මාසයන් ඉක්ම ගිය පසු (නුඹලා සමඟ යුද වැදී සිටින) ආදේශකයින්ව දුටු තැන කපා දමවු. ඔවුන්ව සිරභාරයට ගනිවු. ඔවුන්ව වටලවු. ඔවුන් සැඟවෙන සෑම තැනකම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිවු. ඔවුන් (ඔවුන්ගේ අපරාධයන්ගෙන් ද ප්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අතහරිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලි හා අති කරුණාභරිතය"

අන් කිසිදු දහමක  දක්නට නොලැබෙන , ශිෂ්ටාචාරි කිසිදු මනුෂ්‍යයෙකු හෝ සමාජයක් විසින් අනුමත නොකරන මනුෂ්‍ය ඝාතනයන් ඉහත වාක්‍ය හරහා අනුමත කර ඇති බැව් ඉතා පැහැදිලිව දැක ගන්නට ඇත . මේ වාක්‍යයේ අන්තර්ගතය පිලිබඳ නොයෙකුත් සාධාරණය කිරීම් ඉස්ලාම් ආගමිකයින් විසින් සිදු කරනා අතර ශ්‍රි ලංකාවේ පැවැති ඊලාම් යුද්ධයද සම්බන්ධ කරගමින් විස්තරාත්මක විග්‍රහයක් අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ පලකර ඇත . එහිදී ඉහත වාක්‍යය සාධාරණී කරනය කිරිමේ ලා ඔවුන් විසින් ගෙන එනු ලබන තර්කයන් පිලිබඳ විමසුමක යෙදීම මේ  කලින් කී සංවාදයේ දිගුවක් ලෙසින්  ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි .
--------------------------------------------------------------------------------------------------

ලියුම් කරුගේ මූලික පදනම වන්නේ ශ්‍රි ලංකාවේ පැවැති සිවුවෙනි ඊලාම් යුද්ධය හා අදාල වාක්‍යයේ පසුබිම් කථාව එකිනෙක සංසන්ධනය කිරීමය , නමුත් මෙහිදී මතුවන මූලික විරෝධතාවයන් දෙකක් ඇත

01) කුමන ආකාරයේ යුද්ධයක් කුමන හේතුවක් මත හෝ සාධාරණී කරණය කල නොහැක . යුද්ධයකදී මිය යන සියලු දෙනා මනුෂ්‍යයින් වන අතර , එක් පිරිසක් විසින් තව පිරිසක් ඝාතනය කිරීම ලෝකයේ කුමන තැනක කුමන හේතුවක් අරඹයා සිදු කලත් මිනිස් ජාතිය වශයෙන් අභිමානයට පත්විය හැකි හෝ අනුමත කල හැකි කාරණයක් නොවේ

02) යුද්ධයන් ඇතිවීම දේශපාලනිකය , ප්‍රභාකරන්ගේ සටන දේශපාලනික එකක් වන්නා සේම , ජනපතිවරයා ආරක්ෂක ලේකම් වරයා සහ හමුදාපතිවරුන්ගේ ප්‍රතිචාරයද දේශපාලනිකය . මොවුන් ඉතා සාමාන්‍ය මිනිසුන් වන අතර ,  සර්ව බලධාරින් කෙනෙකුගේ නියෝජිතයින් හෝ මිනිසුන් සමුහයක් තමන්ගේ අනුගාමිකයින් කොට ගෙන අලුතින් දහමක් හඳුන්වාදෙන්නන්ද නොවේ 



මීලඟට ලියුම් කරු යුද සමය තුල රට තුල පැවැති තත්වය පිලිබඳ විග්‍රහයක නිරත වේ,  ඉන් ඇතැම් කාරණා යුද්ධයක් තීරණය වූ පසුබිමක පොදු ලක්ෂනයන් වන අතර යුධ සමයේ මෙරට සිදුවූ ඇතැම් සිදුවීම් භාහිර සමාජය විසින් ප්‍රශ්න කරමින් සිටිනා බැව්ද අමතක නොකල යුතුය .

 මින් පසු  නබි වරයාට අනෙන් මිනිසුන්ගෙන් සිදුවූ නා නා ප්‍රකාර හිරි හැර පිලිබඳ විග්‍රහයක යෙදෙනා අතර ඉහත කී වාක්‍ය කුරානයට එකතු වීම පිලිබඳ මෙසේ පවසයි

//එලෙසින්ම ඉස්ලාම් ආගමේ විධායකය වූ අල්ලාහ්තාලා මුස්ලිම්වරුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වූ අල් කුරාණය මගින් ඉස්ලාම් ආගම විනාශ කරන්නට සේනා සංවිධානය වුවන්ට එරෙහිව අල් කුරාන් වාක්‍ය පහළ කොට මුහම්මද් නබි තුමාණන් සහ එතුමන්ගේ අනුගාමිකයන් බල ගැන්වීය. ඉස්ලාම් ආගමට එරෙහි වුවන් අල්ලාහ්ට සමානයන් තබන්නවුන් ලෙසින් නම් කරනු ලැබීය.//

මෙහිදී පැන නගිනා මූලික ප්‍රශ්නයක් ඇත .

"ඉස්ලාම් ආගමිකයින්ට අනුව මිනිසා ඇතුලු සමස්ථ  විශ්වයම අල්ලාහ් ගේ නිමැවුම්ය , එසේ නම් අල්ලාහ් ගේ දහම ප්‍රචාරය  කරවමින් සිටි නබි වරයාට දරුණු ලෙස හිංසා  පමණුවන්නේද අල්ලාහ් ගේ නිර්මාණයන් විසිනි. තමන්ගේ නිමැවුම් දෙකක් මෙලෙසින් ගැටෙන්නට ඉඩ හැර අල්ලාහ් විසින් බලා සිටින්නේ ඇයි ? "

"එලෙසින් ඇතිවුනු ගැටුම වලකා ලන්නට අල්ලාහ් සතුවූ හොඳම විසඳුම , මිනිස් ඝාතනයන්ට අනුබල දීමද ? ගැටුම සමථයකට පත් කරන්නට ඔහුට මැදිහත් වීමට නොහැකි වූයේ ඇයි ?


මින් ඉදිරියටද ලියුම් කරු ගෙන යන්නේ ශ්‍රි ලංකාවේ පැවැති යුද්ධය සමඟින් ඉහත වාක්‍ය සංසන්දනය කිරීමය . නමුත්  සිවුවන ඊලාම් යුද්ධයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ජනපති වරයාත් , නබි වරයා හෝ අදාල වාක්‍යය කුරානයට ඇතුල් කල අල්ලාහ් ත් යනු එකම  බලතල සහිත එකම ප්‍රමාණයේ ගෞරවක් ලබනා පුද්ගලයින් දැයි යන මූලික  තර්කය මත අදාල පැහැදිලි කිරීම් පිලිබඳ වැඩි දුර කථා කිරීමෙන් පලක් නොමැත .

කුරානයේ 9:6 වාක්‍යය ඉස්මතු කරමින් ලේඛකයා මෙලෙසින් පවසා ඇත

(නබිවරය!) සමානයන් තබා අදහනවුන්ගේ කවුරුන් හෝ ඔබගෙන් ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ ආයාවන් ඔහු සවන් දෙන තුරු ඔහුට ආරක්ෂාව දෙනු. (ඔහු එය සවන් දී විශ්වාස නොකළහොත්) ඔහුව, ඔහුට  ආරක්ෂාව දෙන (වෙනත්) ස්ථානයකට යවනු මැනව! මන්දයත් ඇත්තෙන්ම ඔවුන් නුවණ නැති ජනතාවක් වශයෙන් සිටින්නෝය. (අල් කුරාණය 9: 6)


දැන් ඔබට වැටහෙනවා ඇත. සමානයන් තබා අදහන්නවුන්ගෙනුත් ඉස්ලාමයට එරෙහිව යුද වැදුනු අයට පමණක් අල් කුරාණයේ 9: 5 වාක්‍ය අදාල වන බව. මේ සඳහාත් උදාහරණ දක්වන්නම්. සියළු ත්‍රස්තවාදීන් දෙමළ වුවත්  සියළු දෙමළ ජාතිකයන් ත්‍රස්තවාදීන් නොවේ. බුද්ධිමත්ව සංසන්දනය කරන්න 

මෙහිදි ලෙඛකයා විසින් වරහන් තුල යොදා ඇති අර්ථ ගැන්වුම සහ පහත දැක්වෙන ඉංග්‍රිසි පරිවර්ථනය අතර ඉතා පැහැදිලි වෙනසක් තිබෙන බව නිරික්ෂණය කල හැක .

And if any one of the polytheists seeks your protection, then grant him protection so that he may hear the words of Allah . ->Then deliver him to his place of safety. That is because they are a people who do not know.

 මොහොතට ඔහුගේ අර්ථ ගැන්වීම නිවැරදියැයි උපකල්පනය කරමු


ඔහුගේම අර්ථ දැක්වීම් අනුව 9:5 වාක්‍ය අවසන් වන්නේ
 //ඔවුන් (ඔවුන්ගේ අපරාධයන්ගෙන් ද ප්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අතහරිනු// ලෙසිනි , එනම් යුධ වැදි සිටින්නන් ඉස්ලාම් දහම විශ්වාසයට ගන්නේ නම් ඔවුන්ව නිදහස් කරන ලෙසිනි , 9:6 ට ඔහු දෙන විග්‍රහයන්ට අනුව එම යුධ වැදී සිටින්නෙක් , ඉස්ලාමිකයින්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටිය හොත් පලමුව් ඔහුට ඉස්ලාම් වැලඳ ගැනීමට අවකාශය ලැබේ , එයට අකමැති නම් ඔහුව ඔහු කැමති දෙයක් ඇදහීමට කියා නිදහස් කිරිමේ හැකියාවද ඇත . මේ  අර්ථ දැක්වීම් දෙක තුල පරස්පරතාවයක් දකින්නට ඇත . යුධ වැදී සිටින්නන් පිලිබඳ  තීරණයක් ගැනීමට ඉස්ලාමිකයින්ට අවකාශයක් ලැබෙන්නේ ඔවුන් යටත් කරගත් අවස්ථාවකදී පමණය . මෙය සමස්ථ කණ්ඩායමම හෝ එක් පුද්ගලයෙක් යටත් කරගත් අවස්ථාවක් විය හැක . පලවෙනි වාක්‍යයට අනුව යටත් වන්නාට ඇත්තේ විකල්ප එකක් පමණි , නමුත් දෙවැන්න අනුව ඔහුට විකල්පයන් දෙකක් ඇත .

මෙය පහත ආකාරයෙන්ද විස්තර කල හැක , එනම් පලමු වැන්න අදාල වන්නේ පහරදී යටත් කරගත් අයට ය , දෙවැන්න කැමැත්තෙන් බාර වන්නන් හටය . එවිට වාක්‍ය  දෙකේ තේරුම් වලට තාර්කික පැහැදිලි කිරීමක් ඇත , නමුත්  අල්ලා විසින් අවස්ථා දෙකකදී දේයාකාරයකින් කටයුතු කිරීමට කියන්නේ මන්ද යැයි පැහැදිලි නැත . පලමු වාක්‍යයේ සඳහන් පරිද්දෙන් අල්ලාහ් කාරුණික්  සහ සමාව දෙන්නෙක් නම්  කැමැත්තෙන් යටත් වන පිරිසට ලබා දෙන සහනයම යුද්ධයෙන් යටත් කරගන්නා අයට නොදී සිටින්නේ ඇයි ?

 කෙසේ වුවත් අදාල වාක්‍යයන් හි ඉංග්‍රිසි විවරණයන්ට අනුව එසේ කිසිදු ප්‍රතිවිරෝධයක් නොමැති බවත් , ඉතිරි වන එකම විකල්පය ඉස්ලාමයට පැමිණීම බව නිරීක්ෂනය කල හැක


අනෙක් අතින් ලේඛකයා විසින් දෙන අර්ථ ගැන්වීම් අනුව මෙය ඊලාම් යුද්ධය සම්බන්ධ කිරිමේද තාර්කික ගැටලුවක් ඇත . ඊලාම් යුද්ධයේදී යටත් වන සටන් කරුවන්ට තමන්ගේ මතවාදයන් ඉවත් කරගැනීමේ අවශ්‍යතාවයක් නොමැත . ඔහු තම ඊලම් මතවාදය අත්හැරියත් නැතත්, කැමැත්තෙන් යටත් වුවත්  අතඩංගුවට ගත්තත් ජාත්‍යන්තර නිතින්ට අනුකුලව ඔවුන් වෙනුවෙන් ගන්නා මූලික ක්‍රියාමාර්ගයන් එක සමානය (ශ්‍රි ලංකාවට චෝදනා එල්ල වී ඇත්තේ එසේ නොකලාය යන පදනම මත සිටය ) , ජාත්‍යන්තර යුධ නිතීන්ට අනුව යුධ සිරකරුවන්ගේ ආගම, ජාතිය , භාෂාව  වෙනස් කිරීමේ කිසිදු හැකියාවක් අතඩංගුවට  ගන්නා පාර්ශවයට නොමැත. 

අවසන් වශයෙන් ලියුම් කරු
//එක් අවස්ථාවක් පාදක කරගෙන පහළ වූ අල් කුරාන් වාක්‍යයක් දෙස අන්තවාදීව අවධානය යොමු කරමින් සමාජය නොමග යැවූ ඒ තීරශ්චීන වාදීන්ගේ ප්‍රෝඩාව දැන්වත් අවබෝධ කරගන්න. අල් කුරාණය යනු එක් කාල සීමාවකට පමණක් පහළ වූ ආගමක් නොවේ. එය සියළු කාලයන් ආවරණය කරයි.// යනුවෙන් සටහනක් එක් කර ඇත . මේ තුලද පෙර පරිදිම ප්‍රතිවිරුද්ධාර්ථයන් ගැබ්ව ඇත . ඔහු පලමුවෙන් පවසනා පරිදි අදාල වැකිය එක් සිදුවීමක් අරඹයා පැන නැගුනකි , එනම් වර්ථමානයට අදාල වන්නේ නැත , නමුත් ඔහුම  ඊලඟට පවසන්නේ කුරානය සර්ව කාලීන බවයි. මින් නිවැරදි කුමක්ද ?  අදාල සිදුවීම කෙරේ පමණක් සැල්කීමෙදී 9:5 නම් වගන්තියේ බරපතල හානියක් අප දකින්නේ නැත  මන්ද සමකාලීනව පමණක් නොව ඉන්පසු සියවස් කිහිපයක් දක්වාම මිනිස් වර්ගයන් අතර ගැටුම් ඉතා  අශ්ශීල ස්වාභාවයක් ගත් නිසාවෙනි .නමුත් රජවරුන්, අධිරාජ්‍යන් හා ඇතැම් පූජක වරුන් විසින් කෙරුණු අනෙකුත් යුධ ගැටුම් ආගමක සමාරම්භකයෙකු විසින් , ඔවුන් විසින් අදහනු ලබන දෙවියන්ගෙ නාමයෙන් සිදු කලායැයි පවසන්නේ නම් ඔවුන් කොතෙක් දුරට පූජාවට සුදුසු වන්නේදැයි සිතා බැලිය යුතුය .

 අනෙක් අතින් කුරානය සර්ව කාලින නම් එහි අන්තර්ගත 9:5  වර්ථමානයටත් අදාලය , මානව අයිතිවාසි කම් සහ හිමිකම් ඉතා පැහැදිලිව නිර්වචනය වී ඇති වර්ථමානයට  සාපේක්ෂව ඉහත වාක්‍යය යනු නියත වශයෙන්ම මනුෂ්‍යත්වයට නිගාවක් ලෙස සැලකිය හැක . ඒය සාධාරණී කරණය කරන්නට යොදා ගන්නා 9:6ද සිටින්නේ වර්ථමාන මානව හිමිකම් රාමුවට සැහෙන පිටුපසිනි . එනම් වර්ථමාන  මිනිස් සමාජයට නොගැලපෙන චර්යාවන් ඉස්ලාමය විසින් දිරි ගන්වනවා යන්න තහවුරු කරන්නකි .  කුරානය සර්ව කාලීන යැයි කියමින් එහි ඇති ඇතැම් වාක්‍ය පමනක් අතීතයට භාර දීමට හැකියාව්ක් නොමැතිබව අදාල තර්කය ගොඩ නගන්නන් විසින් වටහා ගත යුතුය . වඩාත්ම බරපතල ප්‍රශ්නය  වන්නේ කුරානයේ සර්ව කාලීන බාවයත් සමඟ "ඉස්ලාමයට එරෙහි යුධ වදින්නා" යන්න ඕනැම ආකාරයකට විග්‍රහ කර ගත හැකි වීමය .  (ඉස්ලාම් ආගමට එරෙහි  බලවේග යැයි කියමින් කුඩා දරුවන් පවා බිල්ලට ගන්නේ එවැනි බරපතල අර්ථ දැක්වීමක සිටිනා කණ්ඩායම් ය )




මෙහිදී අදාල ලේඛකයා විසින් ඉදිරිපත් කර ඇති අතීත කථාව අභියෝගයට ලක් කර නොමැති අතර , ඉස්ලාමය අනෙකුත් ආගමිකයින් කෙරේ ප්‍රචණ්ඩත්වය මුදා හරින්නාවු බවට සාධක වන පහත ආකාරයේ කුරාන් වැකිද සැලකිල්ලට භාජනය කර නැත .
3.151 //We will cast terror into the hearts of those who disbelieve for what they have associated with Allah of which He had not sent down [any] authority. And their refuge will be the Fire, and wretched is the residence of the wrongdoers.//

ලියුම් කරු එක් තැනක

//මගේ ශ්‍රී ලංකාව දෙකඩ කරන්නට සේනා සංවිධානය වෙද්දී සාමයේ මාවත යයි කියමින් ඔබත් මමත් බලාගෙන සිටියාද? එසේ බලා සිටියා නම් ඔබත් මමත් නිවටයෝ නේද? එසේ නම් සාමකාමිව ප්‍රචාරය කළ ආගමට එරෙහිව සේනා සංවිධානය වෙද්දී ඒ ශාස්තෘන් කළ යුත්තේ බලාගෙන සිටීමද?//

යනුවෙන් සටහන් කර ඇත . ප්‍රචණ්ඩත්වය සිය ආගම තුලින්ම හදවත තුලට කිඳ බැසගත් පුද්ගලයෙකුට ප්‍රචණ්ඩත්වයෙන් තොරව විසඳුම් සෙවීමේ මගක් නොපෙනුනා විය හැක නමුත් තමන්ට එරෙහිව නැගුණු බලවේග වෙනුවෙන් අනෙකුත් ආගමික ශාස්තෘවරුන් කල කී දෑ මෙන්ම , මහත්මා ගාන්ධි තුමන් සහ මාටින් ලුතර් කිං වැනි ජන නායකයින් අවිහිංසාවාදය තුලින් ඉතා ප්‍රභල ජන අරගල දිගු කාලීන ජයග්‍රහණයන් වෙනුවෙන් මෙහෙය වූ ආකාරය විමසා බලා අවිහිංසාව යනු නිවට කම නොවනා බව වටහා ගන්නේම යහපත් බැව්ද අවධාරණය කල යුතුය 









Comments

  1. ඔනම කපටියෙකුගෙ අන්තීම ගුබ්බෑයම ආගම.
    ඉස්ලාම් යන්නෙත් ඵ් පාරෙම තමා.වෑඩේ කියන්නෙ අනික් ආගම් වල උන් ආගම ඝනිකාවෘත්තියේ යෙදවෙන හෑටි සියසින් දෑකලා තේරුමරන් ආගම්වාදී බොරු වලවල වෑටෙන ප්‍රමානය අඩුයි.ඵ්ත් මුස්ලිම් උන් නම් බහුතරය ආගමීක ගූ වලේම සදාකල් ලෑගලා ඉන්න තමා කෑමති.පුන්චි කාලෙ ඉදන්ම උන්ට ආගම කොටලා පොවන නිසා වෙන්න ඈති ඉස්ලාම් ආගමීකයො මෙච්චර මිත්‍යාවෙම ඈලිලා ඉන්නේ.

    රුවන්.

    ReplyDelete
    Replies
    1. //ඔනම කපටියෙකුගෙ අන්තීම ගුබ්බෑයම ආගම//

      +++++++++++

      ඉස්ලාම් ආගමේ තදබල නීති නිසා තමයි ඔවුන් අනික් ආගමිකයින්ට වඩා ආගමටම ඇලිලා ඉන්නේ, පොඩි කාලේ ඉඳලම මොල හෝදලා තිබුනාම තමන් ඉන්න නොදියුණු වනචාරී ස්වාභාවය පෙන්නේ නෑ

      Delete
  2. බුවා මහන්සි වෙලා ලියල තියෙන හෑල්ල ඇත්තටම මටනං කියවන්න කම්මැලියි.. මගේ මොලේ අවුලක්ද දන්නේ නෑ. ඒත් මොනා කරන්නද අමාරුවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් හරි කියෙව්වට ස්තුතියි

      Delete
  3. අම්මපා බුවා.. ‌දේශකයා කිව්වා වගේ මත් කියවන්න අන්තිම කම්මැලියි...

    මොකද තූස්තවාදයක් ගැන කියවන එක මහ ඔලුව කැක්කුමක් මට නම්...

    ඉස්ලාම් කියන්නේ ආගමක් නොවෙයි.... පැහැදිලිවම ත්‍රස්තවාදයක්... ත්‍රස්තවාදයට ලොකේ මොකද කරන්නේ.. අතුගාලා දාන එක... ඔය කෙහෙල්මල් කුරානේ ගැන තර්ක කර කර ඉන්නවට වඩා ඒක ඵලදායකයි....

    ඔය ගැන කතා කරන්න කරන්න ඔය මොඩයෝ තව උඩ යන එක විතරයි වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. අමතක උන වැදගත් දෙයක්...

      කවුරු හරි කියනවා නම් මේ රටේ සිංහල අන්තවාදයක් තියෙනවා කියලා මට අහන්න තියෙන්නේ සිංහල අන්තවාදයක් තියෙනවා නම් ගෝල්ෆේස් එකේ ගෝනි බිල්ලෝ වැහි වැහලා ඉන්නේ කොහොමද කියලා...

      මට පේන විදියට මේ රටේ සිංහල අන්තවාදයක් නැති එකයි වැරැද්ද... තිබුණනං ඔය ඔක්කොම මෙලහකට අතුගාලා දාලා.. ඒත් ගිනි පෙනෙල්ලෙන් බැට කෑව මිනිහා කණාමැදිරි එළියටත් බයයි.. යන්තම් එකක් ඉවරකරගත්තාට පස්සේ හුස්මක් ගන්න කලින් තවත් එකකට පැටලෙන්න අපේ මිනිස්සු බයයි..

      Delete
    2. //මට පේන විදියට මේ රටේ සිංහල අන්තවාදයක් නැති එකයි වැරැද්ද... තිබුණනං ඔය ඔක්කොම මෙලහකට අතුගාලා දා//

      මෝඩ කථා කියන්න එපා , අන්තවාදයකට අන්තවාදීව උත්තර දෙනව කියන්නේ විනාශයක් විතරයි . සිංහල අන්තවාදයක් නෑ කියන්නේ කොහොමද ? හෙල උරුමේ , ජානිපේ, බොදු බලසේනා කියල එලියට එන්නේ ඒ අන්තවාදය තමයි . 83 දී රට ගිනි තිබ්බේත් සිංහල අන්තවාදය තමයි ,අන්තවාදයට රාජ්‍ය අනුග්‍රහය ලැබුනාම තමයි අනික් ජාතීන් මර්දනය කරන්නේ , අරාබි රට වල සිද්ධ වෙන්නෙත් , 83දී ලංකාවේ සිද්ධ වුනෙත් ඒක . මුස්ලිම් අන්තවාදයට උත්තර හොයන්න ඕනි හිංසනයෙන් නෙවෙයි , උපක්‍රමයෙන් . ඔය ගෝනි බිල්ලන්ගේ ඇඳුම් ප්‍රංශයේ වගේ නිතියෙන්ම තහනම් කරනවා නම් , අන්න හොඳ ආරම්භක පියවරක් !

      Delete
    3. මේක දැක්කේ දැන්නේ...

      අපේ උන් උපක්‍රමයෙන් මේ වැඩේ කරනකොට රටක් තියෙන එකක් නෑ බුවා....
      ////ගෝනි බිල්ලන්ගේ ඇඳුම් ප්‍රංශයේ වගේ නිතියෙන්ම තහනම් කරනවා//// ඉස්කෝලවලටත් ඔය ඇඳුම අඳගෙන එන්න දෙන කාලේ වැඩි ඈතක නෑ.....

      Delete
  4. niyamai mama kiyewwa ara lipiya.niyameta uttara dela thiyanawa.

    ReplyDelete
  5. මම අන් ආගමික කරුණු හා වාද කිරීමට නොයමි. නමුත් ඕනෑම ආගමක තලේබාන්වරුන්ට නම් (ආගමේ නාමයෙන් ප්‍රචන්ඩත්වයේ යෙදෙන්නෝ) අකමැති බව පමණක් කියමි. එමෙන්ම ලංකාවේද. විශේෂයෙන් කොළඹ දරුණු ගනයේ මුස්ලිම් තලේබාන් ව්‍යාපාරයක් ව්‍යාප්ත වෙමින් පවතී. අප කුඩා කාළයේ දැක ඇත්තෙ සාරියකින් හිස ආවරනය කර ගත් මුස්ලිම් කාන්තාවන් පමණි. එහෙත් අද සම්පූර්ණයෙන් ආවරණ කරගත් කාන්තාවන් හා තලේබාන් පිරිමි ඇඳුම් ඇඳගත් පිරිමින් පිරි පවති. ඔවුන් එක්ස්ට්‍රීමිසිට් වරුන් බව මම අත්දැකීමෙන්ම දනිමි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් දැක්කේ ..අපේ අක්කගේ පොඩි එකී ඇහුවලු..ඇයි අම්මේ මේ ගෝනි බිල්ලෝ කියල .

      අපි පොඩි කාලේ මුස්ලිම් යාලුවෝ හරිම ජොලියේ හිටියනේ . අපේ ඉස්කෝලේ හරිම බහු ජාතික බහු ආගමික ඉස්කෝලයක් . ඒ ළමයි ඉගෙන ගෙන හොඳ තැන්වල අද . අපිට ඇති අමාරුව මොකක්ද අහන්න පුළුවන් කවුරු හරි. මන් නම් කැමති නැහැ අපේ රටේ ගෝනි බිල්ලෝ දකින්න .

      Delete
    2. // නමුත් ඕනෑම ආගමක තලේබාන්වරුන්ට නම් (ආගමේ නාමයෙන් ප්‍රචන්ඩත්වයේ යෙදෙන්නෝ) අකමැති බව පමණක් කියමි//

      අනිවා ! ... අනික් ආගම් ගැන කථා කරන්න මාත් කැමති නෑ , නමුත් මේ වගේ දේවල් සාධාරණී කරනය කරන කොට මොකුත් නොකියා ඉන්නේ හිතෙන්නෙත් නැ . මුස්ලිම් අන්තවාදයක් රටේ යනවා කියන එක අපේ අදාල අය තේරුම් ගන්න කොට කෝච්චිය ගිහින් , ඩ්‍රැයිවර ගෙදරත් ගිහින් !

      //අපි පොඩි කාලේ මුස්ලිම් යාලුවෝ හරිම ජොලියේ හිටියනේ . අපේ ඉස්කෝලේ හරිම බහු ජාතික බහු ආගමික ඉස්කෝලයක්//

      බහු ජාතික පාසල් තමයි රටට අත්‍යාවශ්‍ය , සිංහල දෙමල මුස්ලිම් කියල පාසැල් වෙන් නොකර හැම පාසලකම හැම ජාතියක්ම ඉන්නත් , ආගම් අනුව කියල විශේෂ ඇඳුම් නැතුව හැමෝටම සාමාන්‍ය නිල ඇඳුම අනිවාර්ය කරනවා නම් ඒක ඉතාම හොඳ දෙයක් !

      Delete
  6. කෝ මගේ කොමෙන්ටුව පේන්න නැතෝ.....

    ReplyDelete
    Replies
    1. ම්ම්... පහල තියන එකද , වෙනත් එකක්ද . මට ඇර වෙන කෙනෙක්ට කුණු හරුපෙන් බැනල තියන එව්වා ඇර වෙන ඕනි කමෙන්ට් එකක් , මේ බ්ලොග් එකේ පලවෙනවා

      Delete
    2. හරි හරි පහල තියෙන එක තමයි...
      කලින් එක පබ්ලිෂ් කලාට පලවුනේ නෑ...මෙහෙ වරදක් වෙන්න ඇති..
      තෑන්ක්ස්

      Delete
  7. කියවන්න කම්මැලි හිතිල තියෙන්නෙ ලිපිය ටිකක් විතර දිග වැඩි නිසානෙ...රාජ්ගෙ ලිපියෙ ගිය කොමෙන්ට්ස් ටික නැගල ගියා කෙටියෙන් වාද කරපු නිසා...එහෙමයි කියල මේක සුලුකොට තකන්න පුලුවන් දෙයක් නොවෙයි
    මේක අදවෙන විට බරපතල ප්‍රශ්නයක් බවට පෙරලීගෙන යන දෙයක්....ලෝකය පුරා සිද්ධවෙන දේ ටිකකට අමතක කරමු...ලංකාව ඇතුලෙ අද දවසේ සිද්ධවෙමින් පවතින්නෙ අනාගතයේ අපේ දරුවන්ට මුහුණදෙන්න වෙන බරපතල අනතුරක් නොවෙයිද...හවසට ටිකක් සැනසිල්ලෙ ඉන්නට ගාලුමුවදොර පිටියට යන කෙනෙකුට ඇස්දෙක විතරක් ඇරතියල හිසේ සිට පාද තෙක් ‍කලු ලොගුව පොරවගත්තු ගෑනු (පිරිමිද දන්නෙත් නෑ)හතරවටින් දකිනකොට සැනසිල්ල හිතේ ඉතිරිවෙලා තියෙයිද?...ඔබ මේ ඉන්නෙ ලංකාවේද නැත්නම් අරාබි දේශයේද කියල නොසිතේවිද? ඉස්සර මේ දේවල් මේ තරම් බලවත් වෙලා තිබුනේ නෑ..
    හැමෝම මිනිසුන් විදිහට හිතල ඒක ඒ අය‍ගෙ අයිතිය කියල හිත හදාගෙන හිටිය කියමු. හිංසාව නීතිගත කරගත්තු අවස්ථාවාදී ආගමක් අන්ධ භක්තියෙන් දරාගෙන ඉන්න ඒ පිරිස තව දුරටත් මේ රටේ සුලු ජාතිය නොවෙයි කියන අභිමානයෙන් යුතුව අපේ අයිතින් හැම පැත්තකින්ම උදුරාගනිද්දි අපි කොහාටද යා යුත්තෙ...අර කව්ද කිවිව වාගේ මේ රටේ කවදාහරි සිංහලයට මුහුදට පනින්න තමයි සිද්ධවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මහ ජාතිය බෞද්ධයින් නොවී හින්දු හෝ කතොලික වුනත් මට නම් ප්‍රශ්නයක් නැ , නමුත් ම්ලේච්ඡ ආගමකට ඒ බලය යනවට නම් මාත් බොහොම කණගාටුයි !

      Delete
  8. කියන්න තියන සියල්ලම එදා කිව්ව. මේ ටිකත් කියන්නම්

    $-කවුරුහරි කියනව නං අන්වර් මනතුංග කියන්නෙ බොරු ඉස්ලාමයක් කියල මෙන්න ඔය දහමම තියන තවත් අඩවියක්.http://yayuthumaga.com/new/?p=1736

    $-ආගමේ සම්බන්ධයක් නැතුව එන අන්තවාදයට වඩා ආගමේ ඉගැන්වීම් තුලින් එන අන්තවාදය භයානකයි.(ඒකයි ඉස්ලාමය ගැන මෙච්චර කතා කරන්න වෙන්නෙ)

    $-ජාතිවාදී ආගම්වාදී ස්ථාවරයක නොසිටින සිංහල සහ බෞද්ධයන්ගෙන් කොටසක් 'ජාතික සමඟියේ නාමයෙන්' මුස්ලිම් අන්තවාදය ගැන නොසලකා ඉන්නව.

    ReplyDelete
    Replies
    1. //$-ආගමේ සම්බන්ධයක් නැතුව එන අන්තවාදයට වඩා ආගමේ ඉගැන්වීම් තුලින් එන අන්තවාදය භයානකයි.(ඒකයි ඉස්ලාමය ගැන මෙච්චර කතා කරන්න වෙන්නෙ)//

      සහතික ඇත්ත...

      //$-ජාතිවාදී ආගම්වාදී ස්ථාවරයක නොසිටින සිංහල සහ බෞද්ධයන්ගෙන් කොටසක් 'ජාතික සමඟියේ නාමයෙන්' මුස්ලිම් අන්තවාදය ගැන නොසලකා ඉන්නව.//

      මේ නිසා තමයි වැඩිකල් නොගිහින් අපට ඉන්න හිටින්න තැනත් නැතුව යන්නෙ...

      Delete
    2. ඉස්ලාම් අන්තවාදය ගැන මුලින්ම තේරුම් ගන්න ඕනි අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ,. කොහෙද මුන් දෙගොල්ලම ඡන්ද හිඟා කන්න අරුන් පස්සේ යනවා , ගිහින් උන්ට දෝල පිදේනි දෙනවා . ශබ්ධ විකාශන පනත ආපු වෙලාවේ (මම නම් පනතට සපෝට් , මොන ආගමෙන්වත් මයික් දාගෙන කැගහන්න ඕනි නැ ) පන්සලේ පිරිත් ටික , කොවිලේ වේල් එක නතර වුනාට මුස්ලිම් පල්ලිවල කැගැහිල්ල නතර වුනේ නෑ , ඒ උන්ගේ දේශපාලනික හෙට්ටු කිරීමේ බලය

      Delete
    3. හොඳම උදාහරණය කොළඹ නගරාධිපති. අපේ උන් තමන්ගේ ලේ පක්ෂේ පාටට හරවගෙන ඉන්න කොට මුස්ලිමුන් පක්ෂ බේධ නැතුව එකතු වුනා. අන්තිමේ අගනුවර පුර පති සිංහලත් නෙමේ දෙමළත් නෙමේ මුස්ලිම්!

      - බ්ලොග් ලියන්නෙක්

      Delete
  9. ඉස්ලාම් යනු ත්‍රස්තවාදී ආගමකි...
    එතනිං එහා ආයේ කතා කරලා වැඩක් නෑ...

    ReplyDelete
  10. ඕනෑම ආගමක් පුද්ගලික විස්වාසයකින් එහාට යන පලමු අවස්ථාවෙම ඒක දේශපාලනය වෙනව.බෞද්ධද,ක්‍රිස්තියානිද,මුස්ලිම්ද කියල වෙනසක් නෑ.

    අනික් අතට අන්තවාදය පෝෂනය වෙන්නෙම හතුරෙකු සමගමයි. සිංහල වගේම දෙමල අන්තවාදයත් අන්‍යයෝනය වශයෙන් එකටයි වැඩුනෙ.
    මුස්ලිම් අන්තවාදයක්(මේ රටේ)ඇත්නම් සිංහල අන්තවාදයකුත් තිබිය යුතුමයි.

    ReplyDelete
    Replies
    1. ඉතාම වැදගත් අදහස් දෙකක් ,මොකක් හෝ අන්තවාදයක් පෝෂණය වෙනවාය කියන්නෙ සමාජය බරපතල විදිහට ධ්‍රැවීකරණය වීමක් තමයි , සිංහල දෙමල අන්තවාදය ගිය දුර යන්න නොදී විසඳගන්න හැකිවේවා කියල පතමු!

      Delete
  11. අන්වර් මනතුංග යනු ලංකාවේ බින් ලාඩන්ය.ඔහු තම බ්ලොග් අඩවිය හරහා ඉස්ලාමීය ත්‍රස්තවාදය සියුම්ව වපුරමින් සිටියි.යම් දිනක ඔහුවිසින් වැපිරූ අස්වැන්නේ ප්‍රතිපල ඔහුම නෙලාගන්නවා ඇත.

    ReplyDelete
  12. කියන්ඩ ඕන ඔක්කොම කියල තියෙනව. දැන් අන්වර් අමනතුංගට හිතෙනව ඇති පුක හපා ගෙන මැරෙන්ඩ. අන්වර් 2009 දී මේක පටන් ගත්තෙ නැත්නම් අදත් අන්වර් මඩ කන්නෙ නෑ. ඒ වගේම කාට කාටත් ඉස්ලාමයේ විදිය තේරෙන්ඩ අරන් තියෙන එක ගැනත් රාළ සතුටුයි.

    ReplyDelete
  13. සුපිරිම ඉසව්වක සුපිරිම ලිපියක්.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
  14. ඔබේ ලිපිය අපිට ප්‍රශ්ණයක් නැගෙන ආකාරයට නොව යමක් තෙරුම් ගැනිමට පුළුවන් ආකාරයට පෙළ ගසවලා තිබිම පිලිබඳව අගය කරමි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  15. ලිපිය සහ කමෙන්ට් කියෙව්වා ම බොහෝ කරුණු තේරුම් යනවා.

    මුස්ලිමුන් මුස්ලිමුන් වෙනුවෙන් මොනවා කලත් ඉවසුවැකි. ගම් දනව් අල්ලගෙන පුරාවස්තු උඩ පල්ලි හදන එකත් ඉවසුවෑකි. බෞද්ධ නටඹුන් උඩ බඩ ඉරිගු වවන එකත් ඉවසුවෑකි. ඒ උන් දන්න ක්‍රමේ. ‍උන් අපේ රටට ආදරය මිනිස්සු කොටඨාශයක් කියලා මම හිතන්නෙ නෑ. රටට ආදරේ නම් පුරාවස්තු විනාශ කරන්නෙ නෑ. මේවා මම කුඩා කාලේ ඉදලා දැකලා තියෙනවා.

    නමුත් මට තේරෙන්නෙ නැත්තේ මේවා ආරක්ෂා‍ කරගන්න හෝ මුස්ලිම් ව්‍යාප්තවාදය ගැන හෝ කියවෙන ලිපි හා සංවිධාන වලට සිංහල ජනතාව විසින්ම ජාතිවාදී ලේබලය අලවන්නෙ ඇයි කියලා.

    එහෙම හිතද්දි තමන්ගේ ජාතිය ගැන කතා නොකර නිවටයින් මෙන් ඉන්න අප කාලයේ වැලි තලාවෙන් වැසී යන එක සාධාරණයි නේද?

    මේ තියෙන්නෙ අද උදේ ෆේස් බුක් එකේ තිබුනු උදාහරණයක්

    සොරි වෙන්න ඕනෙ මචං . . . . උඹව අයිං කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. මම ජාතිවාදියෙක් නෙමේ, මනුස්සයෙක්. උඹ පුලුවං විදියට ෆේස් බුක් එකේ සටන් කරල හම්බයින්ව රටින් පන්නපං, යන්නෙ නැති එවුංව මරපං. ඊට පස්සෙ බෞද්ධයෙක් විදියට කිරිබත් කාල, සිංහ කොඩිය ඉනේ බැදං පාර දිගේ කෑගහල දුවල සතුටු වෙයං.
    හැබැයි මචං මගෙ වෝල් එක ජාතිවාදෙන්, ආගම්වාදෙන් කැරුටුගාන්න එපා.

    කමෙන්ට්ස්....
    මෙහෙම කියන්න හැමෝටම ධෛර්‍ය නැහැ. නමුත් නොකියා බැරි දෙයක්.
    .....................

    මේ ගැන බුවාගෙ අදහස් දැනගන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. මුස්ලිමුන් ඉදිරියේ සිංහලයින් නිවටයන් මෙන් පිල් බෙදෙන්න තවත් හේතු තියෙනවා. එකක් සිංහලයින් සමහරක් කතෝලික. අනිත් උන්ගේ ලේ තමන්ගේ පක්ෂේ පාට. හොඳම උදාහරනේ කොළඔ පුරපති.

      අපේ උන් පක්ෂ ලොකු කරගෙන ඉද්දි මුස්ලිමුන් හැමෝම තමන්ගේ එකාට කතිරේ ගැහුවා. අන්තිමේ අගනුවර පුර පති සිංහලත් නෙමේ දෙමළත් නෙමේ මුස්ලිම්!

      - බ්ලොග් ලියන්නෙක්.

      Delete
  16. මුස්ලිම් ජාතිවාදය හා සම්බන්ධ ආර්ථික මා‍ෆියාව ගැන නම් කවර කතාද?

    ඔවුන් වඳ කරලා දාන්න ඕනා කියන මතයේ මම නම් නෑ. නමුත් මුස්ලිම් ජාතිවාදීන්ගේ සෑබෑ ස්වරූපය ගැන දැනුවත් වීම අප සතු වගකීමක්.

    ඉස්ලාම් දහම ගැන ගැන නොව එය පිළිපදින්නන්ගේ අන්තවාදී අමානුෂික බව ඉස්මතු වීමේ වැරද්ද මුස්ලිම් ජාතිකයන් සතුයි.

    මොනවා වුනත් සිංහලයන් විදියට අපිට තීයෙන එකම පුංචි රට මේකයි...

    ReplyDelete
  17. හොඳ කාලින සංවාදයක්!

    ReplyDelete
  18. well done buwa...you are in best point ..

    ReplyDelete
  19. මම මුස්ලිම් නොවන බව මුලින්ම කියනව.මේ මුස්ලිම් විරෝධී හැම කෙනාම සිංහල බෞද්ධකමට ආදරේ අය නොවෙයි.සමහරු හිරු බින්දි වාගෙ අය සිංහලවාදී ලෙස පෙන්වන්නෙ ඒ ඒඅයගෙ සබෑ ජීවිතයට ඉස්ලාමය බාධාවක් නිසා.ඒ අයට ඕන බටහිර ස්ත්‍රීවාදය.දෙන්නටම ප්‍රශ්නෙ ඇයි සිංහල බලලා තවම කොස් ඇට බාන්න ආවෙ නැත්තෙ කියල
    බුවා මාතලන් වගෙ අයට ඕන තම බටහිර ස්වාමීන්ගේ හතුරන්ගේ හතුරන් තමන්ගේද හතුරන් වීමේ ප්‍රශ්නෙ.
    හිරුගෙයි බින්දිගෙයි කලුලෝගු ගැටලුව බුවාටයි මාතලන්ටයි තියෙනවා.
    පවතින සංස්කෘතිය විනාශ කරල රට බටහිර සංස්කෘතික ව්‍යාප්තිවාදයට යටත් කිරීමේ අරගලයෙදි මුලින්ම කාන්තාව විනාශකිරීමයි කළ යුත්තෙ.ඒ බටහිර අවශ්‍යතාවය බුවාල මාතලන්ල දන්නව
    බුවාල මාතලන්ල හිරුල බින්දිල කොටි ත්‍රස්තවාදයට යුද්ධ කාලෙදි සහාය දැක්වූවේ ඒ පදනමින්
    ඊනියා උගත් බවක් ආරෝපනය කරගත්තට මේඔ අයගෙ සැබෑව ජනතාව දන්නවා.
    බුවා තරම් මල්ලෙන් එලියට පැන්නෙ නැතත් හෙල උරුමය,ජානිපෙ,බොදුබලසේනා බින් ලාඩන් තලේබාන් අන්තවාදීන් ගැන කතා කරාන් බුවාල කතෙඔලික පල්ලිය,එල් ටී ටී ඊය යුරෝපයේ සුදු නට්සිවාදයන් කවදාවත් අන්තවාදයන් ලෙස සලකන්නෙ නෑ
    බෞද්ධයෙක් ,මුස්ලිම්වරයෙක්,හින්දුවෙක් වරදක් කළොත් ඒකට ආගාමේ නම මුලට දාල ත්‍රස්තවාදයක් ලෙස වර්ග කරන බුවාල,බී බී සීය,සී එන් එන් වාගෙ ඊනියා උගත් සාධාරනකාරයො බොරුකාර බටහිර ගැති අන්නවිරාලල මුහුප්පුරාලල බව කවුරුත් තේරුම් අරන් ඉන්නෙ
    බුශ්ගෙ මිනීමැරුම් සාධාරනයි බින්ලාඩන්ගෙ මිනීමැරුම් වැරදියි.මේ අය මොනතරම් අමානුෂිකද කියක තේරෙනව
    ලංකාවෙ හමුදාව වැරදියි හැබැයි කොටි නිවැරදියි.කොටි කියන්නෙ හොඳ ත්‍රස්තවාදි.මොකද උන් නඩත්තු කළේ සුද්දනෙ.සුද්දට විරුද්ධ කවුරු වුනත් උගෙ බලුමැක්කන්ට පෙන්නන්න බෑ
    සුද්දට වඩා උගෙ බලුමැක්කන්ටනෙ අමාරුව

    ReplyDelete
  20. මම මුස්ලිම් නොවන බව මුලින්ම කියනව.මේ මුස්ලිම් විරෝධී හැම කෙනාම සිංහල බෞද්ධකමට ආදරේ අය නොවෙයි.සමහරු හිරු බින්දි වාගෙ අය සිංහලවාදී ලෙස පෙන්වන්නෙ ඒ ඒඅයගෙ සබෑ ජීවිතයට ඉස්ලාමය බාධාවක් නිසා.ඒ අයට ඕන බටහිර ස්ත්‍රීවාදය.දෙන්නටම ප්‍රශ්නෙ ඇයි සිංහල බලලා තවම කොස් ඇට බාන්න ආවෙ නැත්තෙ කියල
    බුවා මාතලන් වගෙ අයට ඕන තම බටහිර ස්වාමීන්ගේ හතුරන්ගේ හතුරන් තමන්ගේද හතුරන් වීමේ ප්‍රශ්නෙ.
    හිරුගෙයි බින්දිගෙයි කලුලෝගු ගැටලුව බුවාටයි මාතලන්ටයි තියෙනවා.
    පවතින සංස්කෘතිය විනාශ කරල රට බටහිර සංස්කෘතික ව්‍යාප්තිවාදයට යටත් කිරීමේ අරගලයෙදි මුලින්ම කාන්තාව විනාශකිරීමයි කළ යුත්තෙ.ඒ බටහිර අවශ්‍යතාවය බුවාල මාතලන්ල දන්නව
    බුවාල මාතලන්ල හිරුල බින්දිල කොටි ත්‍රස්තවාදයට යුද්ධ කාලෙදි සහාය දැක්වූවේ ඒ පදනමින්
    ඊනියා උගත් බවක් ආරෝපනය කරගත්තට මේඔ අයගෙ සැබෑව ජනතාව දන්නවා.
    බුවා තරම් මල්ලෙන් එලියට පැන්නෙ නැතත් හෙල උරුමය,ජානිපෙ,බොදුබලසේනා බින් ලාඩන් තලේබාන් අන්තවාදීන් ගැන කතා කරාන් බුවාල කතෙඔලික පල්ලිය,එල් ටී ටී ඊය යුරෝපයේ සුදු නට්සිවාදයන් කවදාවත් අන්තවාදයන් ලෙස සලකන්නෙ නෑ
    බෞද්ධයෙක් ,මුස්ලිම්වරයෙක්,හින්දුවෙක් වරදක් කළොත් ඒකට ආගාමේ නම මුලට දාල ත්‍රස්තවාදයක් ලෙස වර්ග කරන බුවාල,බී බී සීය,සී එන් එන් වාගෙ ඊනියා උගත් සාධාරනකාරයො බොරුකාර බටහිර ගැති අන්නවිරාලල මුහුප්පුරාලල බව කවුරුත් තේරුම් අරන් ඉන්නෙ
    බුශ්ගෙ මිනීමැරුම් සාධාරනයි බින්ලාඩන්ගෙ මිනීමැරුම් වැරදියි.මේ අය මොනතරම් අමානුෂිකද කියක තේරෙනව
    ලංකාවෙ හමුදාව වැරදියි හැබැයි කොටි නිවැරදියි.කොටි කියන්නෙ හොඳ ත්‍රස්තවාදි.මොකද උන් නඩත්තු කළේ සුද්දනෙ.සුද්දට විරුද්ධ කවුරු වුනත් උගෙ බලුමැක්කන්ට පෙන්නන්න බෑ
    සුද්දට වඩා උගෙ බලුමැක්කන්ටනෙ අමාරුව

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව