Skip to main content

රනිල් ගැන පෙත්සමට ඔබාමා ක්‍රියාකාරි වේ !

ස්ථානය ධවල මන්දිරය , දිනය 2012/11/27 . වේලාව උදැසන 7


ඇමරිකානු ජනපති බරක් ඔබාමාගේ සම්බන්ධීකරණ ලේකම් වරිය කලබලයෙන් ඔබාමාගේ කාර්යාල කාමරය වෙත දිව ඒ .

ලේකම් -  සර්..සර් මාර වැඩෙනේ වෙලා තියෙන්නේ ...!!

ඔබාමා - මොකෝ කෙල්ලේ බයවෙලා , ඇයි ආයේ සැන්ඩිවත් එනවලුද ?

ලේකම්- නෑ ..සර් සැන්ඩි කොහෙද ආයෙ එන්නේ , මේක ඉන්ටර්නැශනල් ප්‍රොබ්ලම් එකක් .

ඔබාමා- ඉශ්‍රාල කාරයෝ ආයේ ගාසා තිරෙට ගහන්න අරගෙනද , මල කෙලියයි !

ලේකම් - අනේ  නැ සර් මේ ලංකාවේ කේස් එකක් .


ඔබාමා - නෑ(විශ්මයෙන් ) ..,, අර යවපු සැටලයිට් කාගේ හරි ඔලුවකටවත් පත බැවිලද ?

ලේකම් - නෑ සර් , පොඩ්ඩක් ඉන්නකො කියන කන් , අනික ඒ සැටලයිට් එක ලංකාවේ උනාට තියෙන්නේ චීනෙට උඩින්ලුනේ , ඉතින් වැටුනත් චීනෙක්ගේ ඔලුවට තමයි . මේක පොලිටිකල් කේස් එකක් . ලංකාවේ විපක්ෂ කායකය කමකට නෑය කියල එහෙ කට්ටියක් අපේ වෙබ් සයිට් එකේ පෙත්සමක් දාලා . ඒ විපක්ෂ නායක ආණ්ඩුවත් එක්ක ඩීල් දානවලු , විපක්ෂෙ අයව ආණ්ඩුවට එලවනවලු.මේ ආත්මෙට දිනන්න නම් බැලු  .. තව ගොඩාක් චෝදනා දාල තියනවා ..

ඔබාමා - අප්පට හුඩු , කෝ බලමු (ඔබාමා ලැප්ටොපයක් දිග හරියි ) , ශික් විතරක් මේ මල බකබාව ඕනිම වෙලාවට වැඩ නැනේ , ගහන්න හිතෙනවා පොලොවේ (වැරෙන් ලැප්ටොප්ය වසා දමයි ) 

ලෙකම් - සර් " බයි ඇමරිකන්" කියලා කැම්පේන් කලාට ගන්නේම චීන බඩුනේ ,ඔවා ඔහොම තමයි කොයි වෙලේ කැඩෙනවද දන්නේ නෑ 

ඔබාමා - අනේ කෙල්ලේ මේ නොදන්න මගුල් කථා නොකර නිකා ඉඳහන් , බයි ඇමරිකන්ය කියල ඇමරිකාවේ හදපු කොම්පිටුටර කොහෙන් හොයන්නද ? දැන් ඇපල් හදන්නෙත් චීනෙ .ඒක නෙමේ දැන් කොහොමද අත්සන් තත්වේ ඔන්න ඔය උඹේ කම්පියුටරෙන් වත්  බලලා කියහන් 


ලේකම් - සර් මං එනකොටත් අත්සන් 10,000 පැනලා ,තව පැය දෙකක් තුනක් යනකොට විසි පන්දාහ හරියයි 

ඔබාමා හිස කසමින් වේගයෙන් එහා මෙහා ඇවිදියි 

ඔබාමා - මේක හෙන සිරියස් කේස් එකක් , මට තනියම තීරණයක් ගන්න බෑ , හදිසි මීටිමක් කෝල් කරන්න වෙනවා . ඔය ලමයා දැන්ම හිලරිටයි , බේලෙක්ටයි කථා කරන්න , කැමරන්ට , හොලන්දේට, හාපර්ට, ජුලියට එහෙමත් පණිවිඩේ යවන්න . ආ මතක ඇතුව මන්මෝහන් ටත් පණිවිඩේ යවන්න .  අනිද්දට උදේ 9 වෙන කොට මෙහාට එන්නය කියලා

ලේකම් - සර් ඩොක්ට සිං ට  ලෝන්ග් ට්‍රිප් එකක් ඔරොත්තු දෙයිද ?

ඔබාමා - මිනිහගේ වයසේ හැටියට නම් ලැට් එකට යන්නත් අත්වාරුවක් ඕනි කාලේ , ඒත් ඔය ලොකේ වටේම යන්නේ යස අපුරුවට . කෝකටත් කියල Air India නැතුව හොඳ එකක එන්න රිටර්න් ටිකට් එකක් යවන්න මගේ ගානේ . මිනිහා නැතුව ලංකාවේ ඒව්වා ගැන කථා කරලා තරහ කරගන්න බෑ . යාන්තම් අපේ පැත්තට වැඩ කරන්න  පටන්  ගත්තා විතරයි . FDI ඇක්ට් එක ගෙනාපු එකේ ගුණෙවත් තියන්න ඕනි නේ



ලේකම්- ඕකේ සර් , එතකොට ජපානේ ප්‍රයිම් මිනිස්ටර්? 

ඔබාමා - මිනිහා ඕනි නෑ , එයා ඇදලා පැදල කියන එක ට්‍රාන්ස්ලේටර් කාරයා ආයෙ කියවන කන් අහගෙන ඉන්න ගියාම මට ම්ඤ්ඤං වගේ . ඒ නිසා මේ පාරට මිනිහා එපා 

ලේකම් - එතකොට නෙතන්යාහු සර් ?

ඔබාම - අපෝ එපා මිනිහා ප්‍රශ්න විසදන්න හදන්නේ කුඩු පට්ටම් කරලා , මිනිහා ආවොත් අර අහිංසක විපක්ෂ නායකයට මිසලිලයක් ගහලා වැඩේ ඉවර කරන්න කථා කරයි 

ලේකම් - ඒ වුනාට සර් ප්‍රයිම්මිනිස්ටර් නෙතන්යාහුගේන් හොඳ හොඳ අදහස් සර්  මීට කලිනුත් අරන් තියනවනේ


ඔබාම - ඒ වුනාට  මේ වගේ වැඩවලට මිනිහා හරියන්නේ නෑ, මිනිහාගේ යෝජනාවකට අපී බෑ කිව්වොත් ගිහින් සිරිකොතට මිසයිලයකුත් ගහලා පස්සෙ සොරි කියයි . අන්තිමේදි ඒකේ කට්ට කන්න වෙන්නෙත් මට . ඒ නිසා ඕනි නෑ

ලේකම් - ඔකේ , සර් මම කට්ටියටම ඉන්ෆෝර්ම් කරන්නම්  

---------------------------------------------------------------------------------

දින දෙකකට පසු -ධවල මන්දිරය 

අදාල රාජ්‍ය නායකයින් සහ නිලධාරින් රැස්වීමේ අසුන්ගෙන සිටී . ලේකම්වරිය රැස්වීමේ අරමුණු පැහැදිලි කිරීමේ දේශනය පවත්වමින් සිටි. ජනපති ඔබාමා ශාලවට ඇතුලුවේ 




ඔබාමා - ඔබතුමන්ලා, තුමියන්ලා මේ හදිසි රැස්වීමට හේතුව මොකක්ද කියලා මගේ ලේකම් තුමියගේ කථාවේන් දැනගන්න ඇතිනේ , මේ ප්‍රශ්නයේ බැරැරුම් කමත් එක්ක මේ ගැන  ඔබලාගේ අදහස් හා යෝජනා එක්ක අදම  තීරණකට එන්න ඕනි කියලා මම මතක් කරන්න කැමතියි .මොකද ලංකාවේ විපක්ෂය දුර්වල වෙනවාය කියන්නේ අපිට මේ වෙලාවේ ප්‍රභලතම තර්ජනය වෙලා තියන ප්‍රසිඩන්ට් රාජපක්ෂ තව සැහෙන කාලයක් බලයේ ඉන්න එක . 

කාලයක් ලංකාවේ හිටපු කෙනෙක් විදිහට මිස්ට බ්ලේක් ඔබගේ අදහස මොකක්ද මේ ගැන . ආ.. මිස්ට කැමරන් ඔය එහා පැත්තේ ඉන්න ඩොක්ට සිංව ඇහැරවන්න පුලුවන්ද පොඩ්ඩක් !

බ්ලෙක් - ඇත්තටම සර් මට නම් හිතෙන්නේ ඔය චෝදනා ඔක්කොම හරි . ඩීල් දාන එක  නම් සර් ලංකාවේ හැමෝම කරනවා , මොකද විපක්ෂ නායකයට වුනත් රැකිලා ඉන්න නම් ඉන්න ජනාධිපතිත් එක්ක ඉඳලා හිටල ඩීල් දාගන්න වෙනවා . මිස්ට වික්‍රමසිංහ මම ලංකාවට යනකොටත් විපක්ෂ නායක එනකොටත් එහෙමයි , ඒ ටික කාලෙටත් විපක්ෂේ මන්ත්‍රි වරු ගාණ සැහෙන්න අඩු වුනා , ඒ නිසා මම නම් හිතන්නේ මිස්ට වික්‍රමසිංහ දිගටම විපක්ෂ නායක කමේ ඉන්නවා කියන්නේ මිස්ට රාජපක්ෂත් දිගටම ජනාධිපති කියන එකයි කියල. 


ඔබාමා- හොඳයි මිසිස් ක්ලින්ටන් මේ ගැන කියන්නේ මොකක්ද ?

හිලරි.ක්- බලමු මිස්ට ප්‍රසිඩනට් අනික් අයගෙ අදහසුත් අරගෙන , මිස්ට වික්‍රමසිංහ විපක්ෂ නායක කමෙන් අයින් කලාට ඊලඟට එතනට ගේන කෙනා කව්ද කියන ප්‍රශ්නයත් තියනව .

ඔබාමා - (තමාටම ) මේ ගැනි නම් අර කපටි රජාගේ ගැනිම තමා . ලංකාවේ අසල් වැසියා විදිහට ඩොක්ට සිං මොකද කියන්නේ මිස්ට වික්‍රමසිංහ ගැන 

සිං- වරදක් නෑ , හොඳ මනුස්සා , මම එන්න කියන පරක්කුවෙන් දිල්ලයට ඇවිත් මාත් එක්ක කලු කෝපි බිබි කථාවක් දාගෙන ඉඳලා යනවා . 

ඔබාමා - එහෙම නෙමේ ඩොක්ට සිං . විපක්ෂ නායක කෙනෙක් විදිහට මිස්ට වික්‍රමසිංහ සාර්ථක මදි කියල ගැටලුවක් තියනවනේ 

සිං - ඉතින් ඒක අපේ ප්‍රශ්නයක් නෙමේ නේ එයාගේ පක්ෂෙ කට්ටියගේ ප්‍රශ්නයක් නේ . ඇයි අපි ඕකට හොට දාන්න යන්නේ ?


ඔබාම - ඒ වුනාට ඩොක්ට සිං එකෙන් වෙන්නේ ප්‍රසිඩන්ට් රාජපක්ෂ දිගටම බලයේ ඉන්න එක , එයා චීනෙත් එක්ක වැඩියි කියලා කැගහන්නේ ඕගොල්ලමනේ , ඒක ප්‍රශ්නයක් නෙමේද ?

සිං- ඒක නම් ප්‍රශ්නයක් තමයි ඒත් මට නම් තාම හැන්ඩල් කරගන්න පුලුවන් , කොහොමටත් ලංකාවේ කවුරු  හිටියත් අපිට ඒක ලොකුවට ප්‍රශ්නයක් නෑ

ඔබාම - (තමාටම )- එහෙනම් මොකටද දන්නේ නෑ අර පැන්ශන් කිය ජෙනරාල්ට කෙලවන්න උදව් කලේ.

 ඒ කියන්නේ මිස්ට වික්‍රම සිංහ දිගටම විපක්ෂ නායකකමේ හිටියාට කමක් නෑ කියලයි ඔබතුමා කියන්නේ ?

සිං - මම එහෙමම කියන්නේ නෑ , ඕනිම නම් මම මිසිස් සෝනියාගෙන් අහල හරියටම කියන්නම් . හැබැයි එයත් ස්ථීර අදහසක් කියන එකක් නැ මේ ගැන 

ඔබාම - (නොදකින් මේ යකා ) .  එහෙම වැනෙන ස්ථාවරයක ඉඳලා හරියන්නෙ නැනේ ඩොක්ට සිං , ඔබතුමාට ස්ථීර අදහසක් නැත්නම් අපි ගන්න තීරණයකට බාල්දි පෙල්ලන්නේ නැතුව එකඟ වෙන්න පුලුවන්ද ?

සිං- ප්‍රශ්නයක් නෑ ,මට ඔය වැඩේ හොඳට පුරුදුයි (තමාටම ) මම කොංග්‍රස් එක අස්සෙත් මට කරන්න වෙලා තියෙන්නේ ඕකමනේ


ඔබාම - මිස්ට හාපර් , මිස් ජුලියා ඔගොල්ල මොකද මේ ගැන කියන්නේ

හාපර් - මම ලංකාව ගැන හරියටම දන්නේ නෑ ඒ නිසා මිස්ට බ්ලේක් ගේ අදහස අනුව කටයුතු කරන එක හොඳයි කියලයි මට හිතෙන්නේ . කොහොම හරි මිස්ට රාජපක්ෂව නම් පුලුවන් ඉක්මනින් අයින් කරන්න ඕනි . (තමාටම ) නැත්නම් කැනඩාවේ ඉන්න දෙමලු ටික මාව කන්න හදනවා 

ජුලියා - මම හිතන්නේ මේ ගැන හොඳටම දන්නේ  ඩොක්ට සිං , ඒ නිසා එයාගේ ස්ථාවරය අනුව කටයුතු කරන එක හොඳයි 

ඔබාමා - (තමාටම ) කටයුතු කරන්න ඒ යකාට ස්ථාවරයක් තියෙන්න එපායැ ගැනියේ . කැමරන් , මිස්ට හොල්න්දේ ඔගොල්ලන්ගේ අදහස මොකක්ද මේ ගැන 



කැමරන් - මිස්ට වික්‍රමසිංහ  හොඳ නැතිවෙන්න පුලුවන් , ඒත් අපිට කන්ට්‍රෝල් කරගන්න බැරි කෙනෙක් ගේන එකේ තේරුමක් නෑ . නේද මිස්ට හොලන්දේ?

හොලන්දේ - ඒක හරි . මිස්ට ඔබාම බැරිද අපිට මිස්ට වික්‍රමසිංහව  තියාගෙනම  රාජපක්ෂව අයින් කරන්න 

ඔබාමා - (තමාටම )මේ යක්කු දෙන්නා මඟුලක් කථා කරනවා , උගේම පක්ෂේ එවුන් ඌට දිනන්න බැ කියත්දි අපි මක් කරන්නද . එහෙම බැරි එකනේ මිස්ට හොලන්දේ ප්‍රශ්නේ , මේ විදිහට මේක කරගෙන යන්න බෑ , කරන්න පුලුවන් දෙයක් ගැන කවරු හරි ස්ථීර අදහසක් දරන්න වෙනවා

නොයෙකුත් මත පලවෙමින් වාදය ඉදිරියට ඇදේ , ආචාර්ය මන් මෝහන් සිං පමණක් එයට සහභාගි නොවී නිදි කිරමින් සිටී . ඔබාමාගේ ලේකම්වරිය කලබලයෙන් දිව ඒ .

ලේකම් - සර් ! මාර ප්‍රශ්නේ 
ඔබාමා - ඇයි ඒ පාර මොකද ?

ලේකම් - ප්‍රයිමිනිස්ටර් නෙතන්යාහු එලියේ ඉන්නවා , හොඳටම කේන්ති ගිහින් ඒයාට ආරධනා නොකලාට . මම පොඩ්ඩක් ශේප් කලා ඇතුලට එවන්නද 

ඔබාමා - (ඔලුව කසමින් ) මල මගුලයි , එන්න කියනවකො , මම 2013 ඉවර වෙන්න කලින් ඉරානෙට ගහනව කියල හරි පස්සේ මැන්ව ශේප් කරගන්නම් 

ලෙකම් වරිය පිටව යයි , නෙතන්යාහු ඔබාමාට ඔරවමින් අසුන් ගනියි 

නෙනත්යාහු - දැන් මොකක්ද කට්ටියගේ තීරණේ ?

ඔබාමා - ප්‍රශ්නේ තියෙන්නේ මිස්ට නෙතන් යාහු මිස්ට වික්‍රමසිංහට දිනන්න බැරි වුනත් , දිනන්න පුලුවන් අපිට කොන්ට්‍රෝල් කරගන්න බැරි කෙනෙක් ගේන එකෙනුත් වැඩක් නැති එක . එහෙම කියලා ප්‍රසිඩනට් රාජපක්ෂට දිගටම ඉන්න දෙන එකත් අපිට ප්‍රශ්නයක් . අපි උභතෝකෝටිකයට මැදිවෙලා ඉන්නේ









නෙතන්යාහු - ඕකට ඔච්චර තටමන්න ඕනියැ , වික්‍රමසිංහට දිනන්න බැරි නම් අපි  මෑන්ව දිනවල දෙමු , මොකෝ CIA එකට ඕවා අලුතෙන් කියා දෙන්න ඕනි දේවල් යෑ 

ඔබාමා - (තමාටම ) ශික් විතරක් මට ඕක වගක් උනේම නැනේ

නෙතන්යාහු -  CIA එක විතරක් නෙවෙයි මොසැඩ් එකෙයි MI6 එකෙයි උදව්වත්  ගන්න පුලුවන් , රෝ එකෙනුත් ලොකු වැඩක් ගත්තහැකි 

කැමරන් - ඔව් මාත් එකඟයි .

හොලන්දේ - ඔව් ඒක තමයි හොඳම වැඩේ 

ඔබාම - හොඳයි හාපර්, ජුලියා කොහොමත් ප්‍රශ්නයක් නැනෙ , මොකද මිසිස් ක්ලින්ටන් කියන්නේ ?

ක්ලින්ටන් - ඔව් මම එකඟයි , මේ වැඩේ තියන වැදගත් කම බැලුවාම , මට ප්‍රස්ඩන්ට් ක්ලින්ටන්ගේ එක්ස්පර්ටීසුත් මේ වැටේඩ අරන් දෙන්න පුලුවන් වෙයි

ඔබාම - බොහොම හොඳයි එහෙම නම්  වැඩේ තීන්දුයි ,  නේද ඩොක්ට සිං ?


සිං - (එක් වරම අවදි වෙමින් ) ඇ ..ඈ. මොකක්ද ? ඔව් මට නම් ඕනි එකක් හොඳයි . මොකක්ද දැන් කරන්නේ ?

ඔබාමා - (තමාටම ) මේ යකා *&^%^%^$% 

නෙතන්යාහු - මේකයි ප්‍රයිමිනිස්ටර් අපි  තීරණය කලා වික්‍රමසිංහව දිගටම  තියාගෙන කොහොම හරි දිනවන්න අපේ සහය දෙන්න , CIA .MI6 Mossad තුනමත් ඒ වැඩේට ලැස්තියි . මිසිස් ක්ලින්ටන් කිව්වා මිස්ට ක්ලින්ටනුවත් වැඩේට එකතු කරනවා කියලා . අපිට රෝ එකේ සහයත් ඕනි වෙනවා

සිං- (තමාටම ) CIA MI6 Mossad ඔක්කොමත් එක්ක ක්ලින්ටනුත් ඉන්නව නම් ආයෙ රෝ එකක් මොකටද , මේ පාර නම් රාජපක්ෂ මලයට  අබ සරණයි වගේ . හොඳයි මිස්ට නෙතන්යාහු වැඩපිලිවෙල . රෝ එක නම් කොහොමටත් ලංකාවේ වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නේ , උදව්වක් ඕනි වුනොත් කියන්න කරල දෙන්න පුලුවන් .


භෝජන සංග්‍රහයකින් පසු සභා තොමෝ සතුටින් විසිර යන ලදී !

                                           Notice - Just a political Humor. No Defamation Intended 



Comments

  1. සුපිරිම නිර්මාණාත්මක ලියැවිල්ලක් බුවා. ඒත් කාට කාටත් මොන දේ කරන්නත් තව කාලයක්ම බලා ඉන්න නම් වෙයි. ඒක මම නොකිව්වත් ඔබත් ඔබේ ලියැවිල්ලෙන් පිළි අරන් තියනවා නේ.යළිත් කියනවා ඔබේ නිර්මාණ හැකියාව සුපිරිම තමා.
    සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

    ReplyDelete
  2. Notice - Just a political Humor. No Defamation Intended.
    මේක තමයි මම ආසම කෑල්ල. නැත්නම් මටත් කියවගෙන යත්දි හිතුනෙ වැඩේ හරි කියලා.
    නියම ප්‍රහසනයක්.

    ReplyDelete
  3. රත්නසිරිNovember 28, 2012 at 8:00 PM

    මෛත්‍රී ගුණරත්නව ඔච්චරම බල්ලට දාන්න නරකයි.

    ReplyDelete
    Replies
    1. මිනිහම තමන් විසින්ම ඒක කරගන්නවා නෙව

      Delete
    2. ගනන් ගන්න එපා අන්තිමට මොනව කිවුවත් තමන් වැඳගෙන ඉන්න එකාට කෙලවෙන කොට හිතට දුකයි මෙහෙම හරි වහල ගහන්න හිතෙනව.

      මේක ආණ්ඩුවෙ පැත්තට ලිවුවනම් රෙද්ද උස්සගෙන යයි බත් කන හරක් කියලා.
      පෙනෙන්න තියෙන අසාධාරනේ උනත් මෙවුව ලියවෙන්නෙ මොන ජාතියෙ හරක්ගෙන්ද කියලා හිතල බලන්න

      Delete
  4. ඔබාමා.: බොල රාජපක්ශ රනිලව තියාගෙන ඉන්නව වගේ තමයි සී.අයි.එ කාරයෝ මාව තියාගෙන ඉන්නෙ, මගෙ කළු හම පාවිච්චි කොරලා උන් ගහන් ගේම් දන්නෙ මමනේ....

    ReplyDelete
  5. සුපිරියි බුවා.

    කාලෙකට කලින් කියවපු එන්ගලන්තෙ අගමැතියි එයාගෙ ලේකම් කෙල්ලයි අතරෙ සංවාදයක් විදියට ලියපු ‘මානිගෙ තීරුව‘ කොලම් එකක් මතක්වුනා.

    ReplyDelete
  6. අනේ මචං මෛත්‍රී ගුණරත්නට පිස්සුද නැත්නම් ඒ හැටිද....?

    ReplyDelete
  7. මෝඩ ආතල් එකක් විතරයි මේක බුවා.උඹ මහලොකුවට ටෝක් දුන්නට උඹත් තාම සිඟිති ආතල්නේ ලියන්නේ.

    ReplyDelete
    Replies
    1. සිරාවටම.. පට්ට සිඟිති ආතල් එකක් මේක... වෙලාවට මූ ඇනොනිමස් කමෙන්ට්ස් ඩිසේබල් කරලා නැහැ.. නැත්තම් අර උඩ කමෙන්ට් එක දාපු එකා වගේ "සුපිරිම" කියල තමයි අපටත් කියන්න වෙන්නේ.. :D

      මූ අඩු ගානෙ මේකේ ස්පෙලින්ග් මිස්ටේක්ස් වත් හදල නැහැ.. කුජීතයි.. !!

      Delete
    2. @AnonymousNovember 28, 2012 9:07 PM - ස්තුතියි අදහසට, හැබැයි ඉතින් මම දන්නේ ඔච්චර තමා ,ඔබතුමා වගේ ප්‍රබුද්ධ අයට මම ලියන ඒවා නොගැලපෙනවා ඇති

      AnonymousNovember 28, 2012 9:29 PM- උඹ බ්ලොග් ප්‍රොෆයිල් එකක් නැති ඇනෝ කෙනෙකුට වඩා ප්‍රොෆොයිලයක් තියාගෙන ඇනෝ දාන බවක් පේනවා . නැත්නම් "අපිටත් සුපිරි ම " කියන්න වෙනවා කියන කථාවේ අදාල කමක් නැනේ . කොහොම වුනත් තත්වය ඒක නම් කියන්න තියෙන්නේ , ප්‍රොෆයිලයෙන් ආවත් ඔය ඇනෝ ඇවිත් කියන එකම කියන්න පුලුවන්ය කියල තමයි . මොකො මම ඔහෙව පෞද්ගලිකව අඳුරන එකක්යැ. කොහොම වුනත් ස්තුතියි අදහසට

      Delete
  8. ගොන් පාට්,,,

    ReplyDelete
  9. මානිගේ තීරුවේ කාලයක් මේ වගේ කතා ලියවුණා. දැන් ඒක නැද්ද ??

    ReplyDelete
    Replies
    1. මානි අන්කල් එක පැත්තකට විතරක් ගහන්න ගත්ත නිසා මම නම් කාලෙකින් බලල නෑ ,

      Delete
  10. පට්ට පට පට... එල බන්... :)

    ReplyDelete
  11. CIA, MI6, Mossad, රෝ කියන එව්වත් කෑලි වලට බෙදෙයිද කියල පොඩි සැකයකුත් එනව මට නං... මොකද ලොක්කා අංකූරා... ;)

    ReplyDelete
  12. අද උදේ මේක බලපු වෙලාවේ ඉඳන් අපේ ඔෆීසියේ උන්ගෙ මතෘකාව උනේ බුවාවේ කතාව..මම නම් ඵැත්තකට වෙලා හිනා වෙවී උන්නා..

    සංවාදය ගැන අදහස් ගොඩක්..ඒවා මොකටද මෙතනට...නියමයි බුවා...

    ReplyDelete
  13. පට්ට ලයික් ලිපියට

    ReplyDelete
  14. සුපිරියටම ලියල තියෙනව.MY 3 ට ,දිලිප් සහ සජිත් ගංජා කුඩුකරල එලකිරිවලට කලවම් කරල පොවල.ඒකෙන් මොලේ විකාර වෙලා.මොනරාගල එක්කෙනාටනම් "හිස කුඩිච්චිය"දැම්මලින් පස්සේ හොදලු.

    ReplyDelete
  15. හලිම සෝයි... මම නම් මනාපයි...

    ReplyDelete
  16. විහිළුවෙන් අවශ්‍යය කාරණාව ඉෂ්ඨ වෙලා තියනවා. නරකම නෑ. ඒත් මීට වඩා නිර්මාණශීලී වෙයි කියල බලාපොරොත්තු වුනා.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න ඇති එහෙනම් තවත් කීපදෙනෙක් ඒ ගැන කියල තියනවානේ

      Delete
  17. ප්‍රමාද වී පිලිතුරු දීම පිලිබඳව සමාව ඉල්ලා සිටිමි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව