Skip to main content

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන්

http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html


සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය

මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය වශයෙන් සිටිනා රටවල සමාජ  තත්වය , අතිබහුතරයක් වූ ඉස්ලාමය පදනම් කරගත් ත්‍රස්තවාදි සංවිධාන , සහ මැත කාලීනව ඇතිවූ ආගම පදනම් කරගත් විරෝධතාවන්ගේ ප්‍රචණ්ඩකාරීත්වය අනුව අනෙකුත් ආගමිකයින්ට සාපේක්ෂව  මුස්ලිම් වරුන් ආගමික අන්ත්වාදයට නැඹුරු බව නිරීක්ෂණය කරන්න පුලුවන්

ශ්‍රි ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් පවතිනවාද - මැත කාලීනව ඉස්ලාමිකයින් බහුතරය වූ ප්‍රදේශ වල දකින්න ලැබුනු සිදුවීම් (ගැටුම් , බෞද්ධ ආගමික ස්ථාන අත්පත් කරගැනීම් ආදීය ) ශ්‍රි ලංකාව තුල ඉස්ලාම් අන්තවාදයක් ඇති බව මූලික සාධකා සපයනවා . නමුත් වඩාත් ප්‍රභලව සමස්ථ ශ්‍රි ලංකාව තුල දක්නට ලැබෙන ගැටලුව වෙන්නේ ඉස්ලාම් ව්‍යාප්තවාදය , තවත් විදිහකින් කියනවා නම් ශ්‍රි ලංකාවේ  ජනවාර්ගික අනුපාතය වෙනස් කරවමින් සෙමෙන් මුස්ලිම් ජනයා මෙරට බහුතරය බවට පත්වීම (සමහර නාගරික ප්‍රදේශවල දැනටමත් මෙය සිදුවෙලා අවසන් )

මුස්ලිම් ව්‍යාප්තවාදය ගැටලුවක් වන්නේ ඇයි -මේ පිලිබඳව කථා කරන බොහෝ දෙනෙක් ගේ මතවාදය පදනම් වෙන්නේ ශ්‍රි ලංකාවේ සිංහල බෞද්ධ ශිශ්ටාචාරය තේමා කරගෙන . නමුත් මට ඉස්ලාම් ව්‍යාප්තවාදය ගැටලුවක් වෙන්නේ ඔය කාරණය නිසාවෙන් නෙවෙයි . කාන්තා අයිතිවාසිකම්, ආගමික නිදහස ඇතුලු මිනිස් අයිතිවාසිකම් සුරැකෙන සමාජයක අවශ්‍යතාව නිසා . ඒකාධිපති පාලනයක් නොමැති කතෝලික  , බෞද්ධ හෝ හින්දු බහුතරය වූ රටවල දකින්න තියන මේ සමාජය ඉස්ලාමය බහුතරය වූ රටවල දකින්න නොමැති නිසා . ඒ නිසා කොටින්ම ශ්‍රි ලංකාව බෞද්ධ නොවී කතෝලික හෝ හින්දු බහුතරයක් සහිත රටක් වුවත් මට ගැටලුවක් නෑ . මුස්ලිම් බහුතරය වීම පිලිබඳ ගැටලුව තියෙන්නේ සිංහල බෞද්ධ රටක් වෙනුවෙන් මා පෙනි සිටීම වෙනුවෙන් නිසා නොව "මනුෂ්‍යයෙක්" වශයෙන් ජීවත් විය හැකි සමාජයක අවශ්‍යතාව නිසාය කියල සඳහන් කරන්න පුලුවන්

ගැටලුවට විසඳුම් සෙවීම -  ඉස්ලාම් ව්‍යාප්තවාදය ගැටලුවක් විදිහට හඳුනාගත් බොහෝ දෙනෙක් විසඳුම් සොයන්නේ සිංහල -බෞද්ධ පදනමේ ඉඳන් , නමුත් ඒ තුලින්   එක් අන්තවාදයකට එරෙහිව තවත් ආගමික අන්ත්වාදයක් මතුවීම තුලින් ගැටලුවට විසඳුම් වෙනුවට රට නැවතත් ගැටුම් කාරී තත්වයක් කරා යැමත් , රටක් විදිහට ශ්‍රි ලංකාවෙ ප්‍රතිරූපය තවදුරටත් හානි වීමක් සිදුවෙනවා වගේම .ගැටලුවට විසඳුමක් නොලැබී යන්නත් පුලුවන් . සිංහල බෞද්ධ වාර්ගික පදනමේ සිට ප්‍රශ්නය දෙස බැලීම තුල පහත සඳහන් මූලික ගැටලු හඳුනාගන්න පුලුවන්


01) මුස්ලිම් නොවන අනෙකුත් සුලු ජාතිකයින් මෙය  ඔවුනටත් එරෙහි මහ ජාතියේ විරෝධයක් ලෙසින් සැලකීම (30 වසරක වාර්ගික අර්බුධයක් පදනම් කරගත් යුද්ධයක් තිබුන රටක  එවන් සිතුවිල්ලක් ස්වාභාවිකයි ) 

02) අන්තවාදය පදනම් කරගත් ගැටුම් හරහා මිනිස් ජීවිත සහ දේපල විනාශට පත්වීම 

03) සුලුතර ආගමිකයින් සහ ජාතිකයින් කෙරේ සැලකීම විශයෙහි ජාත්‍යන්තරව අපකීර්තියට පත්ව ඇති ශ්‍රි ලංකාවේ ප්‍රතිරූපය තව දුරටත් හානි වීම 

 මේ තුල කණගාටුදායක තත්වය  වෙන්නේ  ඉස්ලාම් ව්‍යාප්තාවදය පන්සලට සහ බෞද්ධායට වගේම පල්ලියට සහ කතෝලිකයින්ටත් කෝවිලට සහ හින්දුන්ටත් එකෙසේ බලපාන දෙයක් වුනත් , ඒ පොදු සමාජීය අවශ්‍යතාවය වෙනුවෙන් පෙල ගැසිමක් වෙනුවට එක් ජාතියකට එරෙහි තවත් ජාතියක සටනම් වීමත් , බෞද්ධයින් ශ්‍රි ලංකාවේ බහුතරයා වීම තුලින්  අගතියට පත්වෙන පාර්ශවය මුස්ලිමුන් පමණක බවට ලෝකයාට  වැරදි පණිවුඩයක් යාමත්

පුද්ගලයින් අතඩංගුවට ගැනීම් (පොලිසියට හො වරෙන්තුවකින් තොරව කිසිවෙක් අතඩංගුවට ගත නොහැක ) , පහර දීම් වගේ කටයුතුත් සමඟින් ප්‍රශ්නයට පිලිතුරු සොයන්න හදන බොදුබල සේනා කණ්ඩායමත් මේ වැරදි ප්‍රවේශයට එක් උදාහරණයක් . භාවිතා කරන නමින් වගේම මේ දක්වා පෙන්වා ඇති ක්‍රියාවලිනුත් බොදු බල සේනාව වඩා සමීප වෙන්නේ ක්‍රිකට් තරඟ අනාවැකියට ගිරවෙක් මරන්න, ෆේස් බුක් පෝස්ට් එක්කක් වෙනුවෙන් ගැහැණු ලමයෙක් අතඩගුවට  ගැනීමට තරම් අන්තවාදී ඉන්දියාවේ මහාරාෂ්ටය පදනම් කරගත් සිව සේනා කණ්ඩායමට . ඉස්ලාම් අන්තවාදයට එරෙහිව බෞද්ධ පදනමෙන් සිවිල් සංවිධානයක් ගොඩ නැගුනත් එය අවිහිංසා වාදී සමාජ ක්‍රියාවලියක් නොවී , පීඩා කාරි අන්තවාදයක් කරා තල්ලු වීම කිසීසේත් අනුමත කරන්න පුලුවන් දේවල් නෙවෙයි

විසඳුම් මොනවාද 

ලින්කුවක් පලකරල තියන ලිපියේ කතෘ සිරා මතුකරපු ප්‍රශනයක් වුනේ මම යෝජනා කරන විසඳුම් මොනවාද කියන එක . ඒ අනුව ගැටුම් කාරීත්වයකට නොයා ගන්න පුලුවන් ක්‍රියාමාර්ග කිහිපයක් මම පහලින් සඳහන් කරල තියනවා . කොහොම වුනත් අවධාරණය කලයුතු කාරණය වෙන්නේ මේ දේවල් සිංහල බෞද්ධ පදනමේන් එහාට ගිහින් බෞද්ධ -හින්දු -කතෝලික එකතුවක් විදිහට ක්‍රියාත්මක වෙන එක . බොදු බල සේනා වගේ සිවිල් සංවිධාන වෙනුවට අර කියු සියලුම ආගමිකයින් ගේ එකතුන් විදිහට , ප්‍රචණ්ඩාරි  නොවන පහත ක්‍රියාමාර්ග වලට එලඹෙන්න පුලුවන්

නිවාස සහ දේපල - නිවාස සහ දේපල සම්බන්ධයෙන් මුස්ලිම් වරුන් අනුගමනය කරන ක්‍රමවේදයන් අනෙකුත් ජාතීන්ට වඩා වෙනස් . ඔවුන් සතු දේපලක් කුමනාකාරයෙන් හෝ වෙනත් ජාතියකට විකිණීමක් කරන්නේ නැ වගේම අනෙක් ජාතින්ගේ දේපල අත්පත් කරගන්න නියමිත මිලට සැහෙන ඉහල වටිනා කමක් ගෙවන්නත් ඔවුන් සුදානම් . ඔවුන්ගේ මේ අසාධාරණ ව්‍යාප්තවාදී ක්‍රියාවට දක්වන්න පුලුවන් හොඳම සාමකාමි ප්‍රතිරෝධය වෙන්නේ , ඔවුන්ගේම ක්‍රමය ඔවුන් අරභයා ක්‍රියාත්මක කිරීමෙන් . දැනට සමහර නගර වල මේ තත්වය ක්‍රියාවට නැගුනත් ඒ "දෙමලුන්ට සහ තම්බින්ට" කියන පොදු තේමාව යටතේ , සිංහල ජනතාවට තමන්ගේ දේපල විකිණීමට මැලි කමක් නොදක්වන දෙමල ජනතාව පටලවා නොගෙන , මුස්ලිම් වරුන් තමන්ගේ ක්‍රමවේදයන් වෙනස් කරන තෙක් ගෙන යා හැකි , ව්‍යාප්තවාදයේ වේගය අඩාල කල හැකි ප්‍රතිරෝධී ක්‍රියාවක් විදිහට මේක හඳුන්වාදෙන්න කැමතියි .

රට සමස්ථ පුරවැසියාගේ යහපත වෙනුවෙන් නීතී - මුස්ලිම් ජනතාව රටේ අනෙකුත් ජනතාවගෙන් හුදකලා වුනු අනෙන්‍ය සංස්කෘතික ජීවිතයක් ගත කරන පිරිසක් .මේ තත්වය පවත්වාගන්න රටේ නිතිය  සහ සමාජය තුල විශේශ වරප්‍රසාදයන් ඉල්ලා සිටිම ඔවුන්ගේ ලක්ෂණයක් . හරක් මස් ආහාරයට නොගන්න හින්දුන් ඕනි තරම් පාර්ලිමෙන්තුවේ සීටියත් ඔවුන් නිහඬව සිටියදී මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ විරෝධයෙන් උරුමස් පමණක් ප්‍රතික්ෂේප කිරීම මීට හොඳම උදාහරණයක් . මේ තත්වය වලක් වාගැනීමට රටේ යහපත වෙනුවෙන් සියල්ලටම බලපාන පොදු නිති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්  බොදු බල සේනා වගේ සිවිල් සංවිධාන වලට ඉතා පැහැදිලි හඬක් නගන්න පුලුවන් නමුත්  ඒක බෞද්ධායගේ යහපත කියන පටුතැනින් එලියට ඇවිත් සමස්ථ ජනතාවගේ යහපත කියන ස්ථාවරය දක්වා එන්න අවශ්‍යායි , මේ යටතේ ශබ්ධ විකාශන , තැන තැන පිහිටුවන ආගමික සිද්ධස්ථාන , මුහුණු ආවරණ , මීට කාලයටක පෙර පෙරමුණේ රාල අඩවියෙන් මතු කල සෞඛ්‍ය සහ ආහාර නිපදවීම් ක්ශේත්‍රවල රැවුල් වැවීම් පිලිබඳ ගැටුලු ආදී බොහෝ කාරණා මතුකරගන්න පුලුවන් . මේ සඳහා ශක්තිමත් සිවිල් බලයක් අවශ්‍ය වෙනවා වගේම , එකතුමු අවිංහිසා වාදී වැඩසටහනක් භාවිතා කිරීම ශ්‍රි ලංකාවේ ප්‍රතිරූපයට හානි නොවී කටයුතු කරගැනීමට හේතුවෙනවා . මේ විදිහෙන් රජයක් හරහා නිති ක්‍රියාත්මක කරවා ගත හැකිය යන්නට මෑත කාලීන හොඳම උදාහරණය අන්නා හසාරේ ,

පොදු උපත් පාලන නිති - පවුලක දරුවන් සංඛ්‍යාව 3ක උපරිමයකට සීමා කරන නිති ගෙන ඒම මේ ප්‍රශ්නයට තියන Ultimate Solution එක කිව්වාට වරදක් නෑ , මොකද ඒ තුලින් රටේ මේ වෙනකොට තියන ජනඝහන අනුපාතය ඒ විදිහෙන්ම පවත්වාගෙන යන්න ඉඩ ලැබෙන නිසා . මේ සඳහා රජයක් පෙලඹවීම ඉහත කාරණය යටතේම ගන්න පුලුවන් ඒ අතරම  එවැන්නකට විරෝධය පලකිරීමට ඉඩ තියන මහ නායක හිමි වරුන්ට සහ අගරදගුරුවරයාට , අනාගත ශ්‍රි ලංකාවක මහ නායක හිමි තනතුරු මෙන්ම අගරදගුරු දූර පවතින්නට නම් ඒ නිති වල තියන අත්‍යාවශ්‍යතාවය පෙන්වා දීමත් අත්‍යාවශ්‍ය කාරණයක් . එවැන්නකට නොගිහින් සිංහලයින්ට දරුවන් 5ස් දෙනෙක් හදන්න කියා කීම එක් අතකින් අප්‍රයෝගිකයි වගේම , සිංහලයින් සියලු දෙනා එහෙම කරන්න ගත්තොත් ඒ ක රටට දරාගන්න බැරි ජනඝහනයක් ඇතිවීමටත් ඒ ආශ්‍රිත සිදුවන ආර්ථික සමාජීය ගැටලුවටත් හේතුවක් . රටට ඔරොත්තු නොදෙන තරමට ජනඝහනය අධික වීමේ විපාක පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ මානව සංවර්ධන දර්ශකය ඉන්දියාවටත් පහලින් තිබීම තුලින් නිරීක්ෂනය කරන්න පුලුවන්

-----------------------------------------------------------------------------------------
මේ විසඳුම් ක්‍රියාත්මක කරනවා නම් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමේ හෝ ගැටුම් කාරි ක්‍රියාවලට යාමේ අවශ්‍යතාවයක් ඇතිවෙන්නේ නෑ . සිංහල ව්‍යාපාරිකයින් ගුණාත්මක හොඳ සේවාවක්  ලබාදෙනවා නම් මුස්ලිම් ව්‍යාපාර අභිබවවීමෙ හැකියාවක් තියනවා වගේම ඇතැම් මුස්ලිම් ව්‍යාපාර වලට අන්තර්ජාලයෙන් කරන චෝදනා සත්‍ය නම් මඩ ව්‍යාපාරයෙන් බැහැරව අදාල ව්‍යාපාර වලට එරෙහිව නඩු මඟඩ බහින්න හැකියාවත් තියනවා . ඒ වගෙම පාරිභෝගිකයාට උසස් සේවයක් ලබාදෙන මුස්ලිම් ව්‍යාපාර ඉලක්ක කරගන්නවා වෙනුවට  "අහවල් ප්ලාසාවේ " පරිගණක උපාංග  මාෆියාවෙන් ආදියෙන් බෙරෙන්න ජනතාව දැනුවත් කරන්න පුලුවන් .  පරිඝනක , දුරකථන වෙලඳම කලු කඩ තත්වයෙන් කරගෙන යැම මුස්ලිම් වෙලඳ ව්‍යාපාරිකයින් සතුව තියෙත්දි අදාල අලවි නියෝජිතයින් සිංහල හෝ දෙමල ව්‍යපාරිකයින් විම නිසා අදාල මතධාරින්ගේ අරමුණු ඉශ්ට කරගන්න පුලුවන්

පණඇති ඕනැම සත්වයෙක් ඝාතනය වරදක් බව තේරුම් ගන්නට වුවමනාවත් වඩා අවස්ථාවන් බෞද්ධයින් සතුව තියෙත්දී , හින්දුන්ගේ පූජනීය සත්වයා වුනු ගවයා අල්ලාගෙන , මුස්ලිම් වරුන් සමඟ ගැටුමක් හදාගන්නවාට වඩා මුස්ලිම් මස් කඩ වලට හරකුන් විකුණන සිංහලයන් සහ ගව මස් කන සිංහලයන් නිවැරදි කිරීමට කටයුතු කරනවා නම්  හොඳයි . නමුත්  බෞද්ධයෙක් වශයෙන් කරවල කඩේ මුදලාලිත් හරක් මස් කඩේ මුදලාලිත් එකම  වෙලඳාමේ නිරතවන අය බවට නොදැකීම කණගාටුවට කරුණක්


ඉස්ලාමිකයින්ට පමණක් අදාල හලාල් අනෙකුත් ආගමිකයින් බහුතරයක් ඉන්න රටක අතාර්කික කාරණාවක් බවට සැකයක් නෑ . කොහොම වුනත් මැද පෙරදිග රටවලට නිශ්පාදන අපනයන කරන සමාගම් වලට අදාල සහතිකය ලබාගැනීමේ අවස්ථාව ලබාදෙන ගමන් හලාල් වෙනුවෙන් අතිරේක මිලක් අනෙකුත් ආගමිකයින්ට ගෙවීමට සිදුවෙනවා නම් අය නිවරදී කරගැනීම වෙනුවෙන් මතවාදයන් ගොඩ නැගීම වඩාත් වැදගත් . විශේෂයෙන් උලමා වරුන් අදාල මුදල් භාවිතා කරන ක්‍රමය තුල වෙනත් ආගමිකයින්ට බලපැම්ක් වනවා නම් එය වෙනත්  සිදුවීමක් වශයෙන් විසඳා ගැනීමත් හලාල් නොකල ආහාර ගැනීමේ අයිතිය වෙනුවෙන් සටන් කිරීම වෙනමත් සිදුකිරීම වඩාත් උචිතයි . කොහොම වුනත් මේ මතවාදී අරගලයත් බෞද්ධ මුස්ලිම් ගැටුමක් නොව හලාල් අදාල  නොවන සමස්ථ ශ්‍රි ලාංකිකයින්ගේම සටනක් බවට පත් විය යුතුයි !

ප.ලි  - කලින් ලියුම් කරුගේ පෙලඹම වීම මෙය ලියන්නට පෙලඹුනත් මේ වන විට ඉන්නේ අසනීප තත්වයෙන් . ඒ නිසා කලින් ලිපියේ ප්‍රතිචාර සඳහා පිලිතුරු මදක් පමාවෙනවා . ඒ ගැන සමාවෙන්න

Comments

  1. බොහෝ යෝජනා ප්‍රායෝගික නැත....

    ReplyDelete
    Replies
    1. බොහෝ ? තියෙන්නෙම යෝජනා තුනයිනේ . මාතලන් කියන්නේ මොනව කරමු කියලද ?

      Delete
    2. මෙහෙමයි බුවා... තුන උනාට තුන ඇතුලෙ ගොඩාක් දේවල් තියෙනවනේ.. ඔය ප්‍රශ්ණය ආගමික ප්‍රශ්ණයක් නිසා ලේසී වෙන්නෙ නෑ. ඔය් තලෙයිබාන් කරණය නවත්තන්න වෙන්නෙ මුස්ලිම් අයටමයි. මොකද ඔවුන්ට වෙනත් රටවල මුස්ලිම් ජනතාව හා සැසඳීමේදි විශාල නිදහසක් තිබුනා. නමුත් ඔවුනට ඒ නිදහස සීඝ්‍රයෙන් අහිමි වෙමිනුයි පවතින්නේ. කොටින්ම සවුදි අරාබියාව හැර අනෙක් රටවලින් පැමිනෙන මුස්ලිම් සංචාරක කාන්තාවන්. පලවෙනි දවසෙන් පස්සෙ රට පුරා සංචාරය කරන්නේ ජීන්ස් ගහලා ඔලුව වහන්නෙ නැතුව තනිකර සුද්දියෝ වගේ. ඔවුන් ඒ නිදහස බොහෝ සේ අගය කරණවා. එසේ තිබෙද්දී මෙහෙ උන් තලෙයිබාන් වෙන්නෙ අහවල් එකටද කියලා මට නම් තේරෙන්නේ නෑ. අනික් කරුණු ඔවුන්ගේ දෙවල් නෙමෙයිනේ... අපේ දුර්වලතා.. පාලකයන්ට ඇස් ඇරෙන්න නම් ඉතින් පළමු ප්‍රහාරය එල්ල වෙන්නම ඕන. මන්නාරමේ උසාවි කේස් එක ගන්න. ආන්ඩුව මොකක්ද කරේ. එයාට ෆුල් බැක් එක දුන්නා. ඒකෙන් එයාලා තවත් ෆෝම් උනා. ඒවා මහ පට්ට බූරූ වැඩ. නීතීය ක්‍රියාත්මක කලා නම් බය වෙනවා. ඕවා ඉතින් පස්සෙ දවසක විඳවන්න වෙයි.

      Delete
    3. ප්‍රහාරයට කලින් ඇස් ඇරවගන්න සිවිල් බලවේගයක් ඕනි වෙයි හැබැයි බොදු බල සේනා වගේ සිවුරු කරට අරන් ඩෙඟා නටන්නේ ඇති . ඩෙනිම ශර්ට් එක ඇඳල හිටපු , පන්ජාබ් කිට් එකට සාරියට උඩින් ඔලුව වහගෙන හිටපු මුස්ලිම් මිනිස්සු ගැනු දැන් දැන් ගෝනි ඇඳගන්න පැත්තට යන්නේ ඇයිද කියන එක මටත් ප්‍රශ්නයක් . ඇතුලෙන් ගේමක් යන එකට පොඩි මගසලකුණක් විදිහට ගන්නත් පුලුවන්

      Delete
    4. මේ සංවාදයේදී බොහෝ තැන්වලදී මාතලන්ගේ අදහසට මා එකගයි.

      Delete
    5. Goverment eke inna modayo set eka ratama Muslim unta dila tama nawatinne,, onna balapalla boruda kiyanne kiyala...Ai ban api me wage gothayekta chande dunne,,,

      Delete
    6. @සෑම් ,ඇනෝ - ස්තුතියි අදහස් දැක්වීමට

      Delete
    7. මාතලන් කියන කතාව ඇත්ත මුස්ලිම් රටවල ගෑණු පිරිමි කවුරුත් මුස්ලිම් නොවන රටවලට යන්නේ තමන් මුහුනදෙන ආගමික පීඩනයෙන් ටිකක් හරි මිදෙන්න. අපේ රටවල කළු ගොනීයි, තලප්පායි වැහි වහින්න හේතුව තමයි ශරීයා නීතියෙන්, තලේබාන් කරණයෙන් සම්ප්‍රදායික මුස්ලිම් රටවල් පීඩා විඳිද්දී අසීමිත නිදහසක් භුක්ති විඳින මේ රටේ මුස්ලිමුන් ශරීයාවේ සහ තලේබාන් කරණයේ රහ බැලීමට යාම. මුස්ලිම් කියන්නේ නිකන් මෙරු වගේ ජාතියක් පහනට ඇදිලා තමනුත් පිච්චිල මැරෙනව වගේම පහනත් නිවන්න හදනවා. මෙතනදි පහන කිව්වේ මුස්ලිම් නොවන අය.

      Delete
  2. ඔය ඉස්සරහට ලෝකයේ ඇතිවෙනවායි කියන ලෝක යුද්ධය මුස්ලිම් අන්තවාදීන්ගේ ශුද්ධවූ යුද්ධය කියලා එකක්ලුනේ...හැමෝම ඒකට බයෙන්ද මන්දා...

    ReplyDelete
    Replies
    1. ලෝක යුද්ධයක් කෙසේ වෙතත් දැනට භාගයක් ඉන්නේ ඇමරිකන් උගුලෙ වැටිලා තෙල් ටික ඉවරවෙන කන් රාජ සම්පත් විඳිමින් , ඉතුරු කට්ටිය ඇමරිකාවෙනුයි ඊශ්‍රාලයෙනුයි ඉල්ලන් කනවා . රුසියාව හෙලා දකිනවා , චීනේ තෙල් ටික හම්බුවෙනවා නම් සද්ධ නැතුව බලාන ඉන්නවා

      Delete
  3. බුවා ඉදිරිපත් කරන අදහස් වලට මාත් බොහෝ දුරට එකඟයි... විශේෂයෙන්ම “සිංහල බෞද්ධ වාර්ගික පදනමේ සිට ප්‍රශ්නය දෙස බැලීම ” කියන දෙයින් වෙන්න තියෙන නරක ප්‍රතිඵල වලට...

    දැනටත් මේ දිහා බලන කෙනෙක් බලන්නේ සිංහල බෞද්ධ මහ ජාතිය කියන හැඟීමෙන් නිසා තමයි හැම පහරකටම ඉලක්ක වෙන්නේ සිංහල බෞද්ධයාම... ඒක හැමදාම ඉවසගෙන ඉන්න මේ මිනිස්සු රහත් වෙලා නැ නේ.. ඒකයි ඔය සිංහල බෞද්ධකම එළියට පනින්නේ... ඒ මදිවට හැම තැනින්ම රිංගන අලුත් අලුත් ක්‍රිස්තියානි නිකායවල ප්‍රශ්නෙකුත් තදබල විදියට තියෙනවා මේ වෙනකොට...

    දැනට තියෙන ප්‍රශ්න වන හලාල්කරණය, ඉඩකඩම් ප්‍රශ්නය සහ ජනගහන කියන තුනම බුවා කියන විදියට රටක් හැටිය‌ට, ශ්‍රී ලාංකිකයන් හැටියට එකට නැගී හිටියොත් විසඳ ගන්න පුළුවන් කියන එකට මාත් ඒකඟයි...

    //පොදු උපත් පාලන නිති // කියන එකේදි තමයි ලොකු ප්‍රශ්නයක් මතු වෙනවා නම් වෙන්නෙ මට හිතෙන විදියට.. නමුත් බුවා කියනවා වගේ ඒකත් අවශ්‍යයි... අනිත් යෝජනා දෙකම කිසිම ප්‍රශ්නයක් නැතුව ක්‍රියාත්මක කළ හැකියි..

    අනිවාර්‌යයෙන් කළ යුතු දෙයක් තමයි සමාන්‍ය පාරිභෝගිකයන් හලාල් නොවන නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීම .. හලාල් විතරක් තියෙන භාණ්ඩ දීප ව්‍යාප්තව වර්ජනය කිරීමෙන්, නිෂ්පාදකයන්ව ඒ සඳහා පොළඹවන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා... ඒ වගේම යම් යම් භාණ්ඩ සම්බන්ධයෙන් මුස්ලිම් වෙළෙන්දන්ට තියෙන ඒකාධිකාරය නැති කිරීම....

    හැබැයි එක දෙයක් කියන්න වෙනවා.. මේ තත්වය ඉක්මණින් සමනය කර නොගත්තොත් අන්තිමට කරන දෙයක් කරන්න වෙන්නේ අන්තවාදයෙන් තමයි... ඒකෙන් වෙන්නේ අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න... අවුරුදු 30ක් බැට කෑවානේ ඕකෙන්.. තාමත් ඉවර නෑ..

    ( සමස්ත කියන එකේ වැරැද්ද හැදුවනම් හොඳයි..)

    ReplyDelete
    Replies
    1. සිරාගේ කමෙන්ට් එකේ අසනීපයි කියලා තිබුන නිසා තව දවස් දෙක තුනකට මේ ලිපිය බලාපොරොත්තු උනේ නෑ.. ආමරුවෙන් හරි මේ ලිව්ව එකට බොහොම ස්තූතියි.. ඉක්මණට සුව වෙන්න කියලා පතනවා...

      Delete
    2. ස්තුතියි ප්‍රාර්ථනයට වගේම අදහසට , සමාජය එන්න එන්න ධ්‍රැවිකරණය වෙන එක අනාගතයට සුභ ලකුනක් නෙවෙයි .

      Delete
  4. නීති මඩින්නට තවත් නීති දමා හරියනවාද?

    ReplyDelete
    Replies
    1. කතන්දර +++++++++++++++

      Delete
    2. කතන්දර ------------------

      Delete
    3. +/- දාන අයවත් කියනවද ඔය නීති මඬින්න කියල කතන්දර බොස් කියන්නේ මොන නීතියක් ගැනද කියල ,

      Delete
    4. කතන්දර කියන්නේ ජාතියක් ජම්මයක් නැති පබ්ලිසිටිය වෙනුවෙන් තමන්ගේ අම්මවත් විකුනන්න ලෑස්ති පොරක්..කතන්දර මෙතන කියන්නේ ෂරිය නිතිය ගැන විය යුතුය් ... වල්බුරු නිදහසක ඉඳන් තව අවුරුදු 50 කින් ෂරිය වෙනවද නැත්තන් දැන් ඉඳලම අවදානම තෙරුම්ගන්නවද කියන එක ඔබට බාරය්

      Delete
  5. මගේ මතය මන් එතනදිත් කිව්වා ..හැබැයි මචන් රාවුෆ් හකීම්
    වගේ අය ඉන්නවා පුදුම පාපතාරයෝ...ඔන්න ඒ වගේ අය ගැන
    නම් දෙපාරක් හිතන්න දෙයක් නැහැ...
    ඔහොම කීප දෙනෙක් ඉන්නවා ඒ අයට මුස්ලිම්ද කියන
    එක නෙවේ වැදගත් මොනවා හරි කරලා බලයට එන්න..මේ රටේ
    ඊළගට ඇති වෙන දේට ඔය හකීම් ල වගේ අය වගකියන්න ඕන..
    ඒත් දුක ඒ මිනිස්සු එන්නේ නැහැ , උන්ගේ පවුල් වල එකෙක්
    එන්නෙත් නැහැ.අපේ සිංහල ප්‍රබල දේශපාලන බලය හිමි අය
    කරේ මොකක්ද ?
    තුට්ටු දෙකට උන්ගේ MP කමේ තියෙන වටිනාකම විතරයි බැලුවේ..
    ඒ ඇර හිත් වල තියෙන අදහස් ගැන හෙව්වේ නැහැ ...
    අනිත් දේ බුවා , සිරා ඔක්කොම එකී නොකී උබල අපි ඔක්කොම
    පහලම පිලේ උන්..අපි අපි මරාගෙන වැඩක් නැහැ..මේ ඔක්කොම විස
    බීජ දාන්නෙත් ඒ ඈයෝ..ඒවගෙන් ඵල නෙලා ගන්නෙත් ඒ ඈයෝ..
    අපි නිකන් නහිනවා..ඒ නිසා මේ උබල අපි මරාගෙන වැඩක් නැහැ...
    අපි මේ මොකක් හරි බයිලයක් ගහන් ආතල් එකේ වඩයක් හප හප
    ප්ලේන්ටියක් බීල ඉමු බන්ලා...
    හොදට බලපන් ඔය හකීම් , කරුණා , පිල්ලේ , වීරේ , සෝමේ , සජී ,
    රෝසි අක්ක, මර්වින් උන් උන් මරගන්නවද ?
    ( පිල්ලෙගෙයි කරුණාගෙයි වෙන රණ්ඩුවක් තියෙන්නේ )
    ඒ මිනිස්සු පුදුම හිතවත් හනේ මචන්ලා එදිනෙද ජීවිතේ..උබල අපි මරාගන්නවා.
    .මෙතන තියෙන්නේ මචන් එක එක කාලෙට අපිට හපන්න දීපු සීනි බෝල..ඒවා විකුනන්නෙත් උන් ,
    ලාබ ලබන්නේත් උන්.අපි නිකන් නයට කහිනවා විතරයි...එක එක කාලෙට
    එක එක සීනි බෝල..ඔය මුස්ලිම් ප්‍රශ්නෙත් එහෙම එකක්..ඕව ඒ මිනිස්සු
    නවත්තන්නේ නැහැ කවදාවත්.මොකද උබල අපි ආදරෙන් වැළඳ ගන්න
    බලන් ඉන්න නිසා..ඕව ගැන පටු විදිහට හිතන්න එපා..මෙතන යටින් යන්නේ
    දේශපාලන පෙරලියක්, අවුරුදු ගානක් අදින්න පුළුවන් දෙයක් ආවම ඒ අයට
    පුළුවන් අපි මේ ජාති වාදී අරගලයට විසදුමක් දෙනවා කිය කියා ආයෙම් මේක
    ගෙනියන්න..ඒ හින්ද ඕවට පන දෙන්න එපා..මන් නම් ආයේ මේවා කතා කරන්න
    එන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වේද මහත්තයෝ..
      අපි මේවා ගැන බලන්න ඕන
      හැම පැත්තම ගැන හිතල...
      එහෙම හිතන්න පුළුවන් තේරුම් ගන්න
      පුළුවන් ඔබ තුමාල වගේ අය පෙරමුණ
      ගන්න ඕන..

      Delete
    2. ඔබේ එතන අදහස මම දැක්කා , කොහොම වුනත් නොදැක්කා වගේ බලාන හිටියොත් ලංකාවේ මේ තියන නිදහස් සමාජය මකබැවිලා යන්න පුලුවන් . මාත් මේ ගැන කථා කරන්න කැමති නෑ, නමුත් කරන දෙයක් සිරා ලා ඉන්න සිංහල බෞද්ධ අන්තවාදයෙන් මෙහාට ඇවිත් කල යුතුයි කියන්නයි මේ ලිපිය ලිව්වේ

      Delete
    3. @ silentsahan ඒ කතාව වරදිය් ඔය කියන සෙට් එක ට මොන නීතිය තිබ්බත් තමන්ට ඕනි දේ කරගන්නවා ... නමුත් බලාගෙන හිටියොත් කබලෙන් ලිපට වැටෙන්නේ මොනවත් කරගන්න බැරි උඹ අපි වගේ එවුන් ... ෂරිය අවොත් තියෙන නිදහසත් නැතිවෙනවා කියල උඹේ මොලේට තේරෙන්නේ නැද්ද ?

      Delete
    4. @ silentsahan දේශපාලනමය බොර දියේ මාළු බෑම් ද නැතුවා ම නෙවෙයි. නමුත් මුස්ලිමුන් කියන්නේ ඉතා අන්තාවාදී ආගමක් ජීවිතයම කරගෙන ජීවත් වෙන පිරිසක් ඉතින් මුස්ලිම් අන්තවාදය ඉඳිරියේ මට ඕව අදාල නෑ කියල ගහක් යටට වෙලා භාවනා කර කර හිටිය කියල මොනවත් ලැබෙන්නේ නෑ. තියෙන දේත් අහිමි වෙනව මිසක.

      Delete
    5. @ ano
      ඇනෝ උබ කියන දේ මට තේරෙනවා..මන් කියන්නේ
      උබල අපි වගේ උන්ට මේ නාට්ටියේ නළු චරිතේ ඇර වෙන
      මොකවත් නැහැ..දැන් බලපන් චින්තනේ තියෙනවා පැහැදිලිව
      මේ රට බුධ්ධාගමින් නගා සිටුවනවා කියල..මන් අහන්නේ මේ
      දේවල් උබල අපිට විතරද පෙන්නේ ?
      තේරුම් ගනින් මචන් කවද හරි ෂරියා ගෙනාවොත් ගේන්නෙත්
      ඔය හකීම් සහ උගේ MP කමට ගිජු chinthane යටින් විමුක්තිය
      අපිට උදා කරලා දෙන්න හදන පිරිසම තමා..
      ඊළගට මේ රටට ඕන ජාති වාදී අරගලයක් කියල මහ තැනින් යෝජනා
      උනොත් අනිවාර්යෙන් සාටක ධාරීන්ම තමා අහිංසක මුස්ලිම්
      ජනතාව පව් මෙයා කියල ඕක ගේන්නේ..ඒ උබට මට ආදරෙටවත්
      මුස්ලිම් අයට අදරෙටවත්නෙවේ..
      ඒකයි මන් කියන්නේ උබල අපි රණ්ඩු වෙලා වැඩක් නැහැ.මෙතන
      තියෙන්නේ වෙන ප්‍රශ්නයක් බන්.මේ අයට ඕන ජනතාව ආදරෙන්
      වැළඳ ගන්න මාතෘකාවක්.ඒකමයි හකීම්ලාට නටන්න දෙන්නෙත්
      මේ මිනිස්සු..ඔතොකොට නිරායාසයෙන්ම දකුණෙන් බොදු බල සේනා
      වගේ පිරිස් ඇති වෙනවා...
      මේකට තියෙන විසදුම ( මගේ ) උබට පුද්ගලිකව කියන්නම්..මට mail
      එකක් දාපන්කෝ..මොකද එළිපිට කියන්න බැහැ..අතේ ලේ ගෑවෙන
      දෙයක් ..ඒ ලේ ටික පිහද ගත්තට පස්සේ නැවත සිනා සපිරි මුව
      මඩලක් සමගින් එකා වන්ව වෙසෙතැකි...

      Delete
    6. මචන් ඇනෝට දීපු එකේ උබේ ප්‍රශ්නෙටත් උත්තර ටිකක්
      දුරට තියෙනවා..මන් කියන්නෙත් භූමිකාවෙන් අයින් කරන්න
      ඕන කීප දෙනෙක් ඉන්නවා..ඒ අය අයින් කරනකම් මේක
      නවත්තන්න බැහැ.නිකන් පෙළපාලි ගිහින් මුළු රටම උසිගැන්නතුව
      නිශ්ශබ්දව කරන්න දේවල් ටිකක් තියෙනවා..ඒ ටික නොකර මොන
      දේකට උද්ගෝෂණ , පෙළපාලි යනවද මන්ද ...
      ඒ කියන්නෙත් මචන් අපේ වෙසින් ඉන්න අපේ උනුත් උබල අපිට
      කරන්නේ බොරු..මේ කිසි කෙනෙක්ට ඕන නැහැ උබල අපිට
      විමුක්තියක් දෙන්න..උබල අපේ මොළවලට විස පුරව පුරවා ඒ
      අය යසට ඉන්නවා.
      චර පුරෂන්ගේ අත් බැඳලා උන්ව silent කරලා තියන්න හැදුවට බැහැ monama rajayakawath.
      එයාල දන්නේ නැහැ චර පුරුෂයෝ වෙලාව එනකම් නිද්‍රාවට පත්
      වෙන්න දක්ෂ බව මොන තරම් දස වද දුන්නත්...

      Delete
    7. @ pahan

      මචන් ඇනෝට දීපු එකේ උබේ ප්‍රශ්නෙටත් උත්තර ටිකක්
      දුරට තියෙනවා..මන් කියන්නෙත් භූමිකාවෙන් අයින් කරන්න
      ඕන කීප දෙනෙක් ඉන්නවා..ඒ අය අයින් කරනකම් මේක
      නවත්තන්න බැහැ.නිකන් පෙළපාලි ගිහින් මුළු රටම උසිගැන්නතුව
      නිශ්ශබ්දව කරන්න දේවල් ටිකක් තියෙනවා..ඒ ටික නොකර මොන
      දේකට උද්ගෝෂණ , පෙළපාලි යනවද මන්ද ...
      ඒ කියන්නෙත් මචන් අපේ වෙසින් ඉන්න අපේ උනුත් උබල අපිට
      කරන්නේ බොරු..මේ කිසි කෙනෙක්ට ඕන නැහැ උබල අපිට
      විමුක්තියක් දෙන්න..උබල අපේ මොළවලට විස පුරව පුරවා ඒ
      අය යසට ඉන්නවා.

      Delete
    8. සිංහල බෞද්ධ අන්තවාදය යැයි ඔබ කියනා තැනට රටේ බහුතර ජනතාව අද තල්ලු වී තියෙන්නේ රජයක් විදියට මේ ගැටළුවේදී ඔවුන් අනුගමනය කරන නිද්‍රාශීලී ප්‍ර‍තිපත්තිය නිසයි... දැනට මාස 3 කට පෙර අම්පාර ප්‍රදේශයේ සංචාරය කරන විට එහි නායක හිමි නමක් මට පැවසූයේ...

      රජයෙන් කියා කිසිම ආධාරයක් බෞද්ධාගම වෙනුවෙන් අම්පාරෙ අපිට නොලැබුනාට මහත්තයෝ මුස්ලිම් පල්ලි දෙක තුනක් හදන්න නම් රජය ආධාර දී තියෙනවා කියාය.

      මෙය එක් උදාහරණයක් පමණි...කී නොකී සමාජ/අර්ථික සාධක රැසකගෙන් බැට කන සිංහල බෞද්ධයා.. අන්තවාදයට ඇදී යාම ඔවුන්ගේ වරදක් නොවේය. එය රට කරනා උන්ගේ හපන්කමක්ය.

      Delete
  6. ඉක්මන් සුවය පතනවා!!!
    ඔබගේ ලිපිය එනතෙක් මඟ බලාගෙනමයි උන්නේ.
    මම මේ සියල්ල දකින්නේ වෙනත්ම විදියකට. ඔබ දන්නවනේ මා වෛද්‍යවරයෙක් වශයෙන් රැකියාව කරනකොට මගේ විෂය වෙන්නේ මේ ජනගහනය සමඟ යන කරුණු. මම දන්න දේවල් ටිකක් මම කියන්නම්. ඒ වගේම මේ ලිපි සියල්ල කියවීමෙන් මම මේ පිළිබඳ වෙනම ලිපියක් ඉදිරියේදී ලියනවා. එය මේ මස හෝ එන මස දෙන්නම්.
    1. ලංකාවේ ජනගහනය අධික වේගයෙන් වැඩි වන්නේ නැත.
    2. කාන්තාවකට ලැබෙන ළමුන් ගනන 1950 සිට බැලූ විට 2010 වන විට බොහෝ අඩු වෙලා.
    3. දැනට වැඩිම අගයක් එම අගය තිබෙන්නේ කල්මුනේ. එය මුස්ලිම් බහුතරයක් නිසා නෙමෙයි. ඉතාම අඩු දැනුම නිසා බව නිසා මම පෙන්වා දෙන්නම්. එයත් ඉතා සුළු ගණනක වැඩියක් පමණයි. සිංහල බහුතරය වෙසෙන පලාත් වලිනුත් මොණරාගල පැත්ත මේ අගය වැඩි පළාතක්.
    4. මුස්ලිම් ජාතිකයන් සම සමව වගේ නිර්දාරකභාවයෙන් පෙලෙනවා.
    මේ සියල්ල මම සාධක සහිතව පෙන්වා දෙන්නම්.

    අපි කළ යුත්තේ වෙනත් ජාතීන්ට වෛර කරන එක නෙමේ. කොහොම හරි දැනුම කියන සාධකය වැඩි කරගෙන් රටට සරිලන පරිධි ජනගහනය පාලනයකින් යුතුව තබා ගන්න එක. ඒක මුස්ලිම් සිංහල දෙමල නෙමෙයි. සියලුම ශ්‍රී ලාංකිකයනට ඉදිරියේදී විශාල ප්‍රශ්නයක් වෙයි.

    මගේ ලිපියෙන් හමුවෙන්නම්.
    ඔබට ඉක්මන් සුවය!!!

    ReplyDelete
    Replies
    1. දැනුම අඩුවීම ජනඝහන වර්ධනයත් එක්ක ගැටගැහිලා තියන බවට සැකයක් නෑ , ඒත් වෙද මහත්තයා නාගරික දැනුවත් මුස්ලිම් පවුල් වලත් සැහෙන දරුවන් ප්‍රමාණයක් ඉන්නවා . ගැනු ළමයි අඩු වයසෙන් කසාද බඳිනවා , රැකියා කරන්නෙත් නෑ ඉතින් ....

      ප්‍රාර්ථනාවට බොහොම ස්තුතියි !

      Delete
    2. ‍වෙදනා කියනා විදිහට අපි බලං ඉමු :D

      Delete
    3. ඔබ කියන කාරනා ටික හිතට සැනසිල්ලක් ගෙනාව. ලිපිය එනතුරු බලාඉන්නවා

      Delete
    4. ලංකාවෙ ජනගහනය නෙමෙයි වෙදමහත්තයා මුස්ලිම් ගහනය නම් සීඝ්‍රයෙන් වැඩි වෙනවා... 1971 දි 19% වෙච්ච කොළඹ මුස්ලිම් ජනගහනය අද 40% වෙලා තියෙනවා... 1971 දි 50% වෙච්ච සිංහල ජනගහනය අද 24% වෙලා තියෙනවා...

      Delete
  7. බූවාට ඉක්මණින් සුවය පතමි!

    කතෝලික පල්ලිය ලෝකයේ ඉතාමත් ශක්තිමත් පල්ලි සංස්ථාවක් වී තිබුණු අවදියක් ලොව තිබුණා. රටක් සමස්ථ පුරවැසියා වෙනුවෙන් ගෙනෙන නීති වලින් නීත්‍යානුකූලව කැමැත්ත කරන්නට උපත් පාලනය වැන්නකට ඉඩ ලැබෙද්දී ලෝකයේ කතෝලික ආගමිකයන්ට පල්ලියේ නීති වලට තව දුරටත් අවනත වන්නට සිද්ධ වූවා. කතෝලිකයන් බහුතරය ඉන්නා අයර්ලන්තයෙ පසුගියදා ජනතාව පාරට බැස්සේ පල්ලියේ නීතිය රටේ නීතිය වීමෙන් වෙනස් කරගන්නට. පල්ලිය තමන් තුල වූ ළමා අපචාර වසන් කරගෙන සිටියේ රට රටවල තිබූ නීති වලින් දඬුවම් නොවිඳ. ලංකාවේ බෞද්ධයන් මේ ගැන තාම නිසි කතිකාවකට පිවිසිලා නැහැ.

    කතෝලික පල්ලියට එදා තිබූ බලය අඩු කර අද කතෝලික පල්ලිය හදාගන්නට උත්සාහ කරන්නේ වෙන කිසිවෙක් නොව කතෝලික භක්තිකයන් විසින්මයි. ලෝකයේ කතෝලිකයන් එදා වැඩියෙන් සිටියේ බටහිර සංවර්ධිත රටවල. එහෙත් ඔවුනට මෑතක් වනතුරු තම පල්ලිය රටේ විදියට නීත්‍යානුකූලව හැසිරෙන්නට නම්මා ගන්නට අපොහොසත් වූවා නම් මා කියන්නේ, තවමත් සුල්තාන්ලාගේ යටත්වැසියන් ලෙසින් බහුතරයක් ඉන්නා මුස්ලිම් අයට ඔවුන්ගේ ආගම කාලයට සරිලන පරිදි හැඩගසා ගන්නට යම් ඉඩ කඩක් දිය යුතු යන්නයි.

    ලංකාවේ මුස්ලිම් වැසියන් අත්හැර රටක් ලෙසින් ඉදිරියට යන්නට බැහැ. ඒ නිසා තම දහම තම සුවසෙත පිණිසයි කියා ඊට වෙනම මාර්ගයේ යන්නට ඉඩ දීමට එකඟ වෙන පිරිසෙන් බෞද්ධ-මුස්ලිම් එකතුවක් හදන්නටත් අවශ්‍යතාවයක් තියෙනවා!!!!!!

    ReplyDelete
    Replies
    1. //තවමත් සුල්තාන්ලාගේ යටත්වැසියන් ලෙසින් බහුතරයක් ඉන්නා මුස්ලිම් අයට ඔවුන්ගේ ආගම කාලයට සරිලන පරිදි හැඩගසා ගන්නට යම් ඉඩ කඩක් දිය යුතු යන්නයි. //

      මේ දෙන ඉඩ කඩ ඇතුලේ මොනවා නොවෙයිද ? ඇමරිකාවට , රුසියාවට , යුරොපේට , ඉන්දියාවට , චීනෙට සුලු වශයෙන් තියන ලොකුම ආරක්ෂක තර්ජන තියෙන්නේ මුස්ලිම් ත්‍රස්තවාදින්ගෙන් . ආගමේ අඩුවක් හෝ ආගම අදහන මිනිස්සුන්ගේ අඩුවක් වෙන්න පුලුවන් නමුත් ලෝකයටම හිතකට තත්වයක් නම් නෙවෙයි

      Delete
    2. කතෝලිකයන් ක්‍රිස්තියානි භක්තිකයන් බහුතරයක් ඉන්න රටවලට යන්න ... ඔවුන්ගේ රටවල බහුතරය දැන් ආගම ඇදහීමෙන් ඉවත් වෙලා ...මිනිස්සු ගොඩක් සමකාමිය් ... නමුත් මුස්ලිම් බහුතරයක් ඉන්න කිසිම රටක මෙහෙම වෙනවද ? තවත් අන්තවාදයට යනවා මිසක් ?

      Delete
  8. ko Sabith? uta mewa penne nedda manda? :D

    ReplyDelete
    Replies
    1. සබිත්ට මේ ගැන කථා කරන්න බෑ , ඒ වගේම සබිත් වගේ රටේ සාමන්‍ය සමාජයත් එක්ක පැහෙන මුස්ලිම්වරුන් පිලිබඳ මේ දේවල් අදාලත් නෑ නේද

      Delete
    2. බුවාගේ = ++++++++ ඌ අන්ත වාදී නෙවෙයි..

      Delete
  9. සුව වෙන්න ඕන. මේක වටින ලිපියක්.

    සිංහල, මුස්ලිම් කියල වෙනසක් නැතුව දෙගොල්ලන්ටම එකම හැන්දෙන් බෙදුවොත් මේ ප්‍රශ්නේ දුර දිග යන එකක් නෑ. මුස්ලිම් දේපල වෙන අය අතරේ යන්නේ දෙන්නෙ නැත්තේ මුස්ලිම් වරු සමගි සම්පන්න නිසා වෙන්න ඇති. නමුත් සිංහලයෝ සල්ලි වලට ඕන මගුලක් කරන්න ලෑස්තියි. ඉතින් ඒක සිංහලයෝ වෙච්ච අපේ වැරැද්දක්.

    නමුත් ඉතින් සිංහල මුස්ලිම් කියල වර්ග කරන්න ගියොත් ආයෙමත් ලංකාව කලු ජූලියක් එන්න බොහෝම් ඉඩ ප්‍රස්ථාව වැඩියි. ඉතින් හෙල බොදු සංගම් වගේ දේවල් තව දුරටත් ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්ථ මේන්තුවේ වැරදි. උන් හරියට කරන්න තියෙන වැඩේ කරන්නේ නැති නිසානේ මේ හෙල බොදු සංගම හැදිලා තියෙන්නේ. රටෙ පුරාවිද්‍යාදෙපාර්ථමේන්තුව හරි ස්ථාවරයක් නැතුව මුලු දෙපාර්ථමේන්තුවටම ඉන්නේ 1500යි කිඅයල නිකන් ඉන්නේ නැතුව උතුරු නැගෙනහිර කරන්න තියෙන දේවල් කරන්නේ නැත්තම් හෙල බොදු සංගමයේ කරන වැඩවලටවත් සහයෝගය දෙන්න ඕන.

    ලංකාවේ නීති වර්ග කීපයක් තියෙනවා විවාහ සම්බන්දයෙන්. මුස්ලිම් නීතිය වගේ එකකුත් මේ ඇතුලේ තියෙනවා. කරන්න තියෙන්නේ රටේ වැඩිවන මිනිස්සු ප්‍රමාණය පාලනය කරන්න නීති සම්පාදනය කරන්න ඕන දෙකටම හරියන්න. නැත්තම් එක පැත්තකට විතරක් බරවෙන විදිහේ නීතී දාන එක හරියන්නේ නෑ. බහුභාර්යයා ක්‍රමය තහනම් කිරීම, පවුල් සැලසුම් කිරීම වගේ දේවල්. ලංකාවේ පුංචි පවුල රත්තරන් සිහලුන්ට විතරයි. මුස්ලිම් අයට බහුභාර්යයා තහනම් නෑ. ඔවුවා ඉතින් නීතියේ හිල්.

    ReplyDelete
    Replies
    1. අවංකවම නීතිය කොයි ජාතියටත් එකවගේ වෙන්න ඕනි . ඔය විවාහ නිති දෙක තුනක් ආදිය පැවතීම මඤ්ඤං වැඩ . නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන සුරැකෙන්න ඕනි . මුස්ලිම් වරුන්ගේ පල්ලි වලට ගල් නොවදින්නත් ඕනි . වැඩේ තියෙන්නේ ඔබ මතුකරනවා වගේ අදාල බලධාරින් වගකීම් පැහැර හැරියාම මේ සිදුවීම් දෙකත් තවත් සිදුවීම් දාමයකුත් ඒ හරහා සිදුවීම . ප්‍රාර්ථනාවට ස්තුතියි

      Delete
  10. නිවාස හා දේපල
    ගැන ඔබ කිව්ව විසදුම ප්‍රායෝගිකද?
    මුස්ලිම් වරු ඉඩම් මිලදී ගෙන ව්‍යාප්ත වෙද්දී එක සිංහලයෙක් වත් එහෙම ව්‍යාප්ත වෙන්න හැදුවද? අපේ සිංහලයන් තාමත් මුස්ලිම් වරුන්ට ඉඩම් විකුණ විකුණ ඉවත් වෙනවා.අපේ අය බුකියේ කෑගැහුවට ඔය වගේ දේවල් ප්‍රායෝගිකව කරන්න කිසිම උනන්දුවක් නැහැ.

    ඔබේ ඒ විසදුම කොහොමටවත් ප්‍රායෝගික නැහැ.

    දෙවෙනි විසදුම යම් තාක් දුරට ප්‍රායෝගික මුත් ඒවා ක්‍රියාවට නගන් නැත්තේ ඇයි?.මම හරි නම් බ්‍රිතානයේ මුහුණු ආවරණ කිරීම මුස්ලිම් කාන්තාවරුන්ට තහනම්.ඒ වගේ අපේ රටෙත් නීති ගෙන ඒම ප්‍රයෝගිකයි.ඒත් ක්රියාවට් නගන්නේ නැති වීම කනගාටුයි.

    තුන් වන විසදුමත් ඔබ වෙනම ලිව්වට ඒක මම නම් දකින්නේ දෙවන විසදුමටම අයත් විය යුතුයි කියලා.ඒකත් ප්‍රායෝගික නැහැ බුවා.

    ඊට වඩා අදහසක් කියන්න මම කැමති නැහැ මගේ අදහස් මෙතන කිව්වොත් උඹලා කියන්නේ මට පුකේ අමාරුව කියලනේ.මට ඇති පුකේ අමාරුවක් නැහැ මම එදා කිව්වේ ආගමික සහජීවනය ගැන මිසක් මුස්ලිම් වරුන්ට උඩගෙඩි දීමක් නෙවේ.එය ඔබලා වැනි ජාතිමාමකයන්ට තේරුම් ගත නොහැකි වීම පිළිබඳව කනගාටුයි.

    ReplyDelete
    Replies
    1. සිංහලයින්ට අමුතුවෙන් ව්‍යාප්ත්වෙන්න දෙයක් නෑ මචන් , සුද්ද ලංකාවෙන් යනකොට කොම්පැනි වලට අයිති වතු ඇරුණාම ඉතුරු ඉඩ කඩම් අයිති වෙලා තිබුනේ සිංහල -දෙමල -මුස්ලිම් ඒ වෙනකොට රටේ හිටිය ජන අනුපාතයට අනුව . මුස්ලිම් මිනිස්සුන් නිවාස දේපල වලට වැඩි මිලක් අරගන්නවා කියන එකත් , ඒවා වෙන කිසිම ජාතියකට විකුණන්නේ නැය කියන එකත් සැලකිය යුතු මුස්ලිම් ප්‍රජාවක් ඉන්න නගරෙක මිනිස්සු වැඩි හරියක් දන්න දෙයක් මේ වෙන කොට , ඒත් තවමත් වැඩි මිලක් වැදුනු ගමන් මුස්ලිම් අයට විකුණලා දාන්න අපේ දේශප්‍රේමි සිංහලයින් බහුතරයක් ලැස්තියි . උපත් පාලනය ඇතුලු නීතී ගෙන්න රජයට බලකිරීම තමයි සිවිල් සංවිධානයකින් විය යුතු දේ , මේ වෙනකොට නීතිය අතට ගන්න යන සිවිල් සංවිධාන කරනවා නම් කල යුත්තේ ඒක . අප්‍රායෝගිකද නැද්ද බලන්න මතවාදයක් ගොඩ නැගෙන්න අවශ්‍යයි .

      මම ජාති මාමකයෙක් නෙවෙයි , ලිපියේ මුලින්ම කියල තියනවා වගේ මේක මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් අපේ රටේ අනාගතයටත් උරුමකරදීම පිලිබඳ ප්‍රශ්නයක්

      Delete
  11. මුස්ලිම් පිලිබඳ කතාබහේදි මම හැමවිටම උඹත් එක්ක එකඟයි. අපි මේක ඕන තරම් පට්ට ගහල තියන මාතෘකාවක්. ඒ වගේම මේ යෝජනා වල අප්‍රායෝගිකත්වය ගැන කතා කරන උදවියට එකක් කියන්නම්. මුස්ලිම්වරුන්ගෙත් ඉඩකඩම්-ගෙවල්දොරවල් විකිණිල්ල මතුපිටින් බැලුවොත් අප්‍රායෝගිකයි. ඒත් ඒක ඒ විදියටම සාර්ථකව සිදුවෙනව. බෑ බෑ කිය කිය හිටියොත් බෑ ම තමයි.

    ආගම ම "ජීවිතය" කර නොගත්ත ලාංකීය කතෝලික-හින්දු ජනතාවට මම ගෞරව කරනව.

    බුවාට ඉක්මන් සුව පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි .මේ ගැන අදහස එක වගේය කියල මාත් දන්නවා

      Delete
  12. මුස්ලිම් අන්තවාදය මඩලින්න සිංහල බෞද්ධ අන්තවාදය කියලා එහෙකුත් දැන් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඒ කොහෙද ?

      Delete
    2. ඉස්ලාම් කියන්නේ අන්තාවාදී ආගමක් වුනාට, බුදු දහම කිසිසේත් අන්තවාදී දහමක් නොවේ, ඕනෑම ආගමිකයෙකුට බුදු දහම තුල තමන්ගේ ආගමික නිදහස උපරිමයෙන් හිමි වෙනවා. තමන්ගේ ආගමේ හෝ ජාතියේ අයිතාවාසිකම් ගැන හඩ නැගීම සුළු ජාතියන්ගේ අයිතිවාසිකමක් වෙද්දී සිංහල බෞද්ධයන් තමන්ගේ ජාතියට හෝ ආගමට සිදුවන අසාධාරණයන්ට එරෙහිව නැගී සිටීම අන්තවාදයක් වන්නේ කෙසේද?

      ඇත්තෙන්ම මුස්ලිම් අන්තවාදය සිංහල බෞද්ධයන්ගේ ප්‍රශ්නයක් පමනක් විය යුතු නෑ. ඔබ උපන්නේ ඉස්ලාමිකයෙකු ලෙස නෙවේ නම් බලහත්කාරයෙන් ඔබව ඉස්ලාමිකයෙකු කරවීමට හෝ අකැමති නම් ඝාතනය වීමට ඔබ සූදානම්ද?

      Delete


    3. පූසා /පහන් /ඇනෝ - සිංහල බෞද්ධ අන්තවාදයක් තියනවා , පටන් ගත්තේ හෙල උරුමේ මේ වෙනකොට දේශ හිතෛශී ලා , වීරවංශලා වගේම බොදු බල සේනාවත් පවත්වාගෙන යන්නේ ඒක . සිංහල බෞද්ධ අන්තවාදයකින් ප්‍රශ්නයට උත්තර හොයන එක තවත් ගැටුමක් පමණක් ඉතිරි කරනවා කියන මතය ඉදිරිපත් කිරීම තමයි සීරාගේ ලිපියට එරෙහිව ලියපු මේ ලියමනේ අරමුනත් . බෞද්ධ දර්ශනය තුල අබමල් රේණුවක් හෝ අන්තවාදයට ඉඩක් නෑ , ඒ නිසා සිවුර පටලවාගෙන ඩෙඟා නටන අය කරන්නේ ඒ දර්ශනයට නිගාවක් . රටක මහ ජාතිය වැරදි පියවරක් තිබ්බොත් ලෝකයම ඒ දිහාව බලන්නේ පිඩිතයා සුලු ජාතිකයා පමණක්ය කියන අදහසින් (උදා 2002 ගුජරාට් හින්දු- මුස්ලිම් ගැටුම ආරම්භ වෙන්නෙ හින්දු බැතිමතුන් ගමන් කරපු දුම් රියක් ගිනි තැබීමෙන් , එතනින් පටන් ගන්න ගැටුම ඉවර වෙන්නේ මුස්ලිම් ජාතිකයින් වැඩි ප්‍රමාණයක් මිය ගිහින් .ප්‍රශ්නේ ඇදගත්තේ මුස්ලිම් ජාතිකයින් වුනත් ලෝකයෙන්ම චෝදනා එල්ල වෙන්නේ හින්දුන්ට සහ ගුජරාට් රජයට , මියන්මාරේ උනත් තත්වය ඕකයි )

      http://en.wikipedia.org/wiki/2002_Gujarat_violence

      Delete
  13. සුළු සංශෝදනයක් සහිතව මුළු පෝස්ට් එකටම එකගයි. උපත් පාලනයේ දී දරුවන් තිදෙනෙක් කියන එකට මම එකග නෑ. මගේ යෝජනාව උපරිම දරුවන් දෙදෙනෙකුට සීමා කළ යුතුයි කියන එකටයි.

    ReplyDelete
  14. ඉක්මන් සුව පතමි. මාත් මේ දවස්වල ෆ්ලූ එක හදාගෙන පෙති ගහල තමයි ඉන්නේ. ඉගුරැ දෙහි ඇඹුල් දාල තේ එකක් ගැහුවම ගොඩ ගියා.
    අපේ එවුන් එක්ක මේ යෝජනා අනේ මන්දා බුවා.
    අපේ අයියලාගේ මට තේරෙන්නේ නැති එක තමයි ලෝකල් එකේ තම්බි එක්ක මරාගෙන මැරෙන්න තරහින් ගේම ඉල්ලන අයම අන්තර්ජාතික තලයේ දී සුද්දා ට විරුද්ධව තම්බි එක්ක කරේ අත දා ගැනීම. සතුරාගේ සතුරා මිතුරා කියන එක අපිට වලංගු නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි . තම්බිගෙන් ගේම ඉල්ලන්නේ සිවිල් ජනතාවනේ , ජාත්‍යන්තරයේදී කරට අතදාගන්න අය මෙහෙදිත් එහෙමම තමා .

      Delete
  15. බුවාගෙ මේ යෝජනා සියල්ලටම එකඟයි...රාජ්ගෙ කොමෙන්ටුවත් අගයනවා..."බෑ බෑ කිය කිය හිටියොත් බෑ ම තමයි." ඒ ටිකට වඩාත් කැමතියි...
    නිරෝගි සුව පතමි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රතිචාරයටත් , ප්‍රාර්ථනාවටත්

      Delete
  16. බුවා සමග ඒකගයි....
    කියලා තිෙයන ඒවා ප්‍රාෙයා්ගික උනත් වැඩක් නෑ නායකයට ෙකාන්දක් නැත්තං හරි තීරණ ගන්න..

    ReplyDelete
  17. බුවාගේ කතාවට එකඟ නමුත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට රජයේ සහය අත්‍යාවශ්‍යයි ඒත් අර මාතලන් කිව්ව වගේ මන්නාරමේ කේස් එක ගැන මුනිවත රැකපු ආණ්ඩුවෙන් අපිට ඒ දේ බළාපොරොත්තු වෙන්න පුළුවන්ද?

    පාලකයන් නිහඩව සිටින තත්වයක් තුල තමන්ට දිගින් දිගටම සිදුවන අසාධාරණයන්ට එරෙහිව ජනතාව නැගී සිටීම අතිශයින්ම සාමාන්‍යයයි. ඒ වගේම අනුමත කරන්න බැරි වුනත් නීතිය අතට ගැනීම් පවා සිදු විය හැකියි. මම දකින හැටියට මුස්ලිම් අන්තවාදය හමුවේ පාන් කියා ගැනීමට බැරිව සිටි අපේ ජනතාවට බොදු බළ සේනාවේ ප්‍රවිශ්ඨය කතරට දිය බිඳක් මෙන් වූවාට කිසිදු සැකයක් නෑ. යම් යම් අඩුපාඩු කම් දුටුවත් මම නම් බොදු බල සේනාවට කොන්දේසි විරහිතව සහාය දෙනවා.

    බුවා කියන විදිහටම මුස්ලිම් අන්තවාදය සිංහල බෞද්ධ ජනතාවට විතරක් අනාගතයේදී පීඩා විඳීමට සිදුවිය හැකි ප්‍රශ්නයක් නෙවෙයි. එය ඉස්ලාම් නො අදහන සියළු ශ්‍රී ලංකාවාසීන්ට පීඩා විඳීමට සිදු විය හැකි ප්‍රශ්නයක්. අල්ලාහ් හැර කිසිවකු නැමදීමට සුදුසු නොවේ (කුරාණය 4.48) කිව්වහම බුදු පිළිම වලට විතරක් නෙවෙයි හින්දු සහ කතෝලික පිළිම වලට වැඳීමත් තහනම් වෙනවා. ඒත් අපේ රටේ සිංහල බෞද්ධ ජනතාව හැර ජාතික ප්‍රශ්නයකදී අන්‍ය ආගමිකයන්ගේ සහ ජාතිකයන්ගේ නැගී සිටීම කවදත් අඩු අගයක් ගත්තා හොඳම උදාහරණය අවසන් වූ ඊලාම් යුද්ධය, එය තනිතරම සිංහල බෞද්ධ සහ දෙමළ ඊලාම් වාදීන්ගේ සටනක්ම පමනක් ම වූවා නොවේද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අදහසට ,ඔබ කලින් දැක්වූ අදහසට මා දුන් පිලිතුර මෙතනටත් අදාලයි සිතමි

      Delete
    2. හමුදාවේ මුස්ලිම් සෙබළුන්ගේ සේවාව, විශේෂයෙන්ම බුද්ධි අංශයේ මුස්ලිම් සෙබළුන්ගේ සේවාව අමතක වී ඇති සෙයකි.

      Delete
    3. බුවා කලින් දැක්වූ අදහසට බොහෝ දුරට එකඟ වෙමි. ඇත්තෙන්ම අවිහිංසාවදී ව්‍යාපාරයක් ලෙස මෙය ඉඳිරියට යනු දැකීම යනු මගේද පැතුමයි. නමුත් සෝඩා බෝතලය කැඩුවාක් මෙන් පීඩනය මුදා හැරෙන යම් මොහොතක විවිධ බුද්ධි මට්ටම් සහ මතවාද ඇත්තන් සමඟ ඔබ කියන ප්‍රමිතීන් ආරක්ෂා කල හැකි වේද යන්න මා හට ඇති ගැටළුවයි.

      උදාහරණයක් ලෙස යුද්ධයකදී අනුගමනය කල යුතු ජාත්‍යයන්තර නීති රාශියකි. නමුත් යුධ නීති 100% රැකෙන යුද්ධයක් ප්‍රායෝගිකව කොහේවත් සිදු කල නොහැක.

      @Anonymous
      නොගිනිය හැකි තරම් සුළු ප්‍රතිශතයකි. එයිනුත් බහුතරය ආගමික පිස්සන් නොවන මැලේ මුස්ලිමුන්ය.

      Delete
  18. මොනව උනත් කියන්න තියෙන්නේ අපි අපි මරාගන්නව අවසානෙට කොහෙවත් නැති උන් ලස්සනට ගේම දෙනව නැති වෙන්නම .නිදා ගෙන ඉන්න උන්ට කබ කඩල දාලා නැගිටින්න කාලේ හරි දැන්

    ReplyDelete
  19. මේ ලිපිය ලියා ඇත්තේ සාවද්‍ය උපකල්පන කිහිපයක් පදනම් කරගෙනයි. ඉන් දෙකක් ගැන පමණක් යමක් කියමි. එනම් මුස්ලිම් ජනගහන වර්ධනය අනෙක් ජාතීන්ට වඩා වැඩි පිළිබඳව, සහ හලාල් ලකුණ ගැනයි..

    නිතර මේ ගැන කියවුණත් ජන සංගණන වාර්තාවලට අනුව නම් මුස්ලිම් වර්ධන වේගයේ විශේෂ වැඩිවීමක් නැත. නිරන්තරයෙන් මුස්ලිම් ජනගහනය වර්ධනය වන්නේයැයි සාවද්‍ය ප්‍රකාශ කිරීම පිළිබඳව අප්‍රසාදය පල කරමි.
    මේ සම්බන්ධයෙන් මා විසින් ලියූ ලිපියක් මෙතනින්:
    http://www.anvermanatunga.com/2012/12/06/lankawa-muslim-ratak-sinhala/
    ලිපිය මා විසින් ලියා ඇති නමුත්, මෙම වෙබ් අඩවියේ සංස්කාරක නොවන බව සලකන්න.

    හලාල් ලකුණ ප්‍රශ්නයක් කරගෙන ඇති නමුත්, ඒ පිළිබඳව ව්‍යාපාරිකයන්ගෙන් විමසන්නේ නැත්තේ ඇයි? හලාල් ලකුණ යනු iso 9001 වැනි සහතිකයකි. යම් කිසි ව්‍යාපාරයක් එය ලබා ගැනීමට පෙලබෙන්නේනම් එය ලාභය වැඩි කර ගැනීම උදෙසා කරන ආයෝජනයකි. ව්‍යාපාර විසින් සිය ලාභය වැඩි කර ගැනීමට පෙළඹෙන අතර, ඔවුන්ට අවශ්‍ය වන්නේ සිය පාරිභෝගික ප්‍රමාණය පුළුල් කිරීමයි. පාරිභෝගිකයන් ප්‍රමාණය වැඩිවන තරමට මහා පරිමාණයෙන් භාණ්ඩ නිෂ්පාදනය කලහැකි වන අතර, එමගින් එකී භාණ්ඩයේ මිල පහත දමා සිය ව්‍යාපාරයේ තරඟකාරිත්වය වැඩි කර ගත හැක. ව්‍යාපාර වලට තම භාණ්ඩය වඩාත් ආකර්ශනීය කිරීමට විවිධාකාර ක්‍රමවිධි අනුගමනය කිරීමටත් ඒ සඳහා වියදම් කිරීමටත් සිදුවේ. කලාත්මක ලෙස අලංකාර ඇසුරුම් සකස් කිරීමට කලාකරුවන්ගේ සේවය අවශ්‍ය වේ. රූපවාහිනී දැන්වීම් සඳහා දශලක්ෂ ගණන් වියදම් වේ. හලාල් ලකුණ හෝ වෙනත් ලකුණක් වෙනුවෙන් වියදම් කිරීම වනාහි එකී නොකී වියදම් අතර තවත් එකක් පමණි. ලාභය වැඩි කර ගැනීමට නොවේනම් ව්‍යාපාරයට සම්බන්ධ යමක් වෙනුවෙන් වියදම් කිරීම අනවශ්‍යය. හලාල් ලකුණ ගැනීමට 70%ක් බෞද්ධයන් සිටින මේ රටේ කිසිවෙකුටත් බලපෑමක් නැත.

    Mr-Who2

    ReplyDelete
    Replies
    1. හලාල් ලකුණ යනු iso 9001 වැනි සහතිකයකි. යම් කිසි ව්‍යාපාරයක් එය ලබා ගැනීමට පෙලබෙන්නේනම් එය ලාභය වැඩි කර ගැනීම උදෙසා කරන ආයෝජනයකි. ව්‍යාපාර විසින් සිය ලාභය වැඩි කර ගැනීමට පෙළඹෙන අතර, ඔවුන්ට අවශ්‍ය වන්නේ සිය පාරිභෝගික ප්‍රමාණය පුළුල් කිරීමයි
      ----
      මේක මහා විකාර කතාවක් නේ ... ඔය හලාල් ලකුණ එන්න කලින් මිනිස්සු (මුස්ලිම් ජාතිකයන් ඇතුළුව) ඔය භාණ්ඩ පරිබෝජනය කරේ නැද්ද (උදා මැලිබන් බිස්කට්, යෝගර්ට්) ? එතකොට පාරිභෝගික ප්‍රමාණය පුළුල් කිරීමක් වෙලා නෑ නේද ? මිනිස්සු මත අනවශ්‍ය තවත් බද්දක් එකතුවීම පමනය් වෙලා තියෙන්නේ ... මෙහෙම ආගම් ජාති බෙදිලා කප්පන් ගන්න ගියාම රටක් දියුණු කරන්නේ කොහොමද ?

      Delete
    2. හලාල් කියන්නෙ දොයිතුවක් වටින්නෙ නැති ආගමික හංකඩ කෑල්ලකට....
      ව්‍යාපාරිකයෝ ඒ හංකඩ කෑල්ල තමන්ගෙ පාරිභෝක භාණ්ඩයේ අලවා ගන්න උනන්දුවෙනවයි කියන්නෙ මුස්ලිම් පාරිභෝගික ගහණය වැඩි වී ඇති බවයි.

      Delete
    3. //හලාල් ලකුණ යනු iso 9001 වැනි සහතිකයකි//

      පිස්සු නැත්නම් ශෝක්. මුස්ලිම් ගොයියලත් මාර තර්කනේ ගේන්නේ. මේවා කුරාණගත විද්‍යාවෙන් ගේන ඒව වෙන්ට. සරල පිළිතුර නම් ISO යනු ආගමික අන්තවාදී පදනමක නොසිට ගුණාත්මක භාවය පිණිස ලබා දෙන්නකි. HALAL යනු ඉස්ලාම් ආගමික මතවාදයට අනුව ගුණාත්මකයැයි මුස්ලිමුන් පමණක් පිළිගන්නා අන්තවාදී පදනමක සිට ලබා දෙන්නකි.

      HALAL සහතිකය ඉස්ලාම් නොඅදහන්නන් පිළි ගන්නේ නැත. ඉතින් කොහොමද? පාරිභෝගික පදනම පුළුල් වෙන්නේ? HALAL මත පාරිභෝගික පදනම පුළුල් වීමට නම් ලංකාව තුළ මුස්ලිම් ජනගහනය වැඩි වන තුරු බලා සිටීමට සිදු වනු ඇත. අනෙක් අතට HALAL සහතිකය තිබුනත් මුස්ලිම් ව්‍යාපරිකයන්ගේ විකල්ප නිශ්පාදන තිබේනම් මුස්ලිම් මිනිසුන් හෝ සිල්ලර කඩ සිංහල ව්‍යාපාරිකයන්ගේ නිශ්පාදන මිලදී ගන්නේ ද නැත.

      ආනයනික නිශ්පාදන මත HALAL ගැසුවාට අපට කමක් නැත. නමුත් ශ්‍රී ලංකාව තුල මුස්ලිමුන්ට HALAL අවශ්‍ය නම් ඔවුන් හට ඒවා HALAL නොවන නිශ්පාදන වලට වඩා වැඩි මිලක් ගෙවා ලබා ගැනීමේ පහසුකම් සැලසුවාට වරදක් නැත. එසේ නොමැති නම් ඉස්ලාමිකයන්ට හැර වෙනත් කිසිවෙකුට නොවටිනා HALAL සහතිකය නොමිලයේ ලබා දිය යුතුය. මට ඇති ගැටළුව නම් රු.175,000*4500= රු 787,500,000 තරම් විශාල මුදලක් වාර්ශිකව අන්තවාදී සංවිධානයක් අතට යාම වේ.

      Delete
    4. @Anonymous
      //මේක මහා විකාර කතාවක් නේ ... ඔය හලාල් ලකුණ එන්න කලින් මිනිස්සු (මුස්ලිම් ජාතිකයන් ඇතුළුව) ඔය භාණ්ඩ පරිබෝජනය කරේ නැද්ද (උදා මැලිබන් බිස්කට්, යෝගර්ට්) ? //

      හොඳ ප්‍රශ්නයක්. හලාල් ලකුණ මුසල්මානුවන්ට අවශ්‍ය වන්නේ ඇයිද යන්න පිළිබඳව මා විසින් රචිත ලිපියක් මෙතනින් ලබා ගත හැක.
      http://www.anvermanatunga.com/2012/11/29/halaal-lakuna-sinhala-doc/
      (මේ බ්ලොග් සයිට් එකේ සංස්කාරක මා නොවන බව සලකන්න)


      @පහන්
      //HALAL සහතිකය ඉස්ලාම් නොඅදහන්නන් පිළි ගන්නේ නැත. ඉතින් කොහොමද? පාරිභෝගික පදනම පුළුල් වෙන්නේ? //

      කලින් කීවාක් මෙන් ව්‍යාපාරිකයන්ට හලාල් ලකුණ ගැනීමට බලපෑමක් නැත. ඔවුන් මුදල් ගෙවා හලාල් ලකුණ ලබා ගන්නවානම් එය ඔවුන් කරන්නේ ලාභය වැඩි කර ගැනීමට කරන ආයෝජනයක් ලෙසය.

      මැලිබන් වැනි අපනයනය කරන භාණ්ඩ වලට හලාල් ලකුණ ගහන්නේ පාරිභෝගික කොටස වැඩි කර ගැනීමටය. අපනයනය කිරීමට නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ දේශීය වෙළෙඳ පොලට නිකුත් වන්නේය. හලාල් ලකුණ සහිත එහි ඇසුරුම වෙනස් කිරීමට තරම් පිස්සුවක් ව්‍යාපාරිකයන්ට නැත. හලාල් ලකුණින් අවසානයේ සිදුවන්නේ ව්‍යාපාරයට ලැබෙන ලාභය වැඩිවීමයි. එසේ නොවෙනවානම් ඔවුන් හලාල් ලකුණ ලබා ගැනීමට පෙලබීම අවශ්‍ය නැත.


      //මට ඇති ගැටළුව නම් රු.175,000*4500= රු 787,500,000 තරම් විශාල මුදලක් වාර්ශිකව අන්තවාදී සංවිධානයක් අතට යාම වේ.//

      මේ ගණිත කර්මය මොනවාද? හේතු සහ මූලාශ්‍ර සහිතව පහදන්න.

      Mr.Who-2

      Delete
    5. @ 1st ඇනෝ
      බොගේ ජාතියේ වැඩි වීමක් උඹට පේන්නේ නැතුව ඇති .ඒත් සිංහල ජාතිය අඩුවේගෙන යන එකත් බොලාගේ ජාතිය අක්කර පිටින් ගම් වල අල්ලගන්න හැටිත් අපි දන්නවා.යකෝ දන්ත ධාතූන් වහන්සේ වැඩ ඉන්න මහනුවරින් එක ඉඩම් කෑල්ලක් ගන්න සිංහල එකෙක් ආවාම තොපි අපිට ඒවා විකුනණවද?මහ ලොකුවට කියන්නේ අපිට ජාති වාදය එපා අපිනම් සිංහල කඩවලිනුත් කනවා කියලා.බම්බුව මැරෙන්න පන නැති උනත් උඹලගේ එකෙක් සිංහල කඩේකට ගිහින් තේ එකක්වත් බොයිද?දැන්වත් මුස්ලිම් කඩෙන් තෝසේ ගිලින කොත්තු කාලා මුස්ලිම් කඩවල කෑම රහයි කියන සිංහල හරකුනේ නැඟිටපල්ලා.නැත්තම් කවදහරි සිංහල අපිට වෙන්නේ හම්බයෝ ළඟ දන ගහන්න.

      Delete
    6. මුස්ලිම් නොවන අය HALAL සහතිකය නොපිළිගන්නා තත්වයක දේශීය වෙළඳාමෙන් ව්‍යාපාරිකයන්ගේ පාරිභෝගික කොටස වැඩි වන්නේ කෙසේද?

      HALAL සහතිකයේ පිරිවැයද භාණ්ඩයේ මිලට එකතු වන බැවින් මුස්ලිම් නොවන අය එම අමතර වියදම දරන්නේ කුමකටද?

      කලින් ආනයනික ලෙස ලියවී ඇත්තේ ප්‍රමාද දෝශයකිනි එය අපනයනික යනුවෙන් වෙනස් විය යුතුය.

      HALAL සහතිකය සඳහා වාර්ශික දායකත්වය රු.175,000ක් වන අතර දැනට ලියාපදිංචි වී ඇති නිශ්පාදන ගණන 4500 කට අධිකය එම නිසා මෙම මුදල මීට වඩා වැඩි වූවත් අඩු නැත. මූලාශ්‍රය ACJU වෙබ් අඩවිය.

      ACJU එක HALAL සහතික ලබාදී එම ආදායමින් කරන මෙම කටයුතු සඳහා මුස්ලිම් නොවන්නන් මුදල් ගෙවිය යුත්තේ ඇයි?

      (1) ඉස්ලාම් මතවාද ආරක්ෂා කිරීමට සහ ප්‍ර‍වර්ධනයට යෙදවීම
      (2) මුස්ලිම් ආගමිකයන් අතර මිත්‍ර‍ත්වය තහවුරු කිරීම
      (3) ඉස්ලාම් ආගම අනුව ඉස්ලාම් ආගමික/සුභසාධක තත්වයන් නැංවීම
      (4) ඉස්ලාම් ආගම පිළිබද පැවැත්වෙන සම්මන්ත්‍ර‍ණ ආදිය සංවිධානය කිරීම
      (5) ඉස්ලාම් ආගම පිළිබද පොත් ප්‍ර‍කාශනය/බෙදාහැරීම/ පුස්තකාල පවත්වාගෙන යාම
      (6) අරාබි භාෂාව ප්‍ර‍වර්ධනය කිරීම
      (7) සියළුම පරිපාලන දිස්ත්‍රික්කයන් තුල තම පරිපාලන කාර්යාල පිහිටුවීම

      මූලාශ්‍රය ACJU වෙබ් අඩවිය.

      HALAL සහතිකය මුස්ලිමුන්ට එතරම් අවශ්‍ය නම් කුප්‍රකට ආදායම් මාර්ගයක් කර නොගෙන එය නිශ්පාදකයන් සඳහා නොමිලයේ ලබා නොදෙන්නේ ඇයි?

      Delete
    7. //නිතර මේ ගැන කියවුණත් ජන සංගණන වාර්තාවලට අනුව නම් මුස්ලිම් වර්ධන වේගයේ විශේෂ වැඩිවීමක් නැත. නිරන්තරයෙන් මුස්ලිම් ජනගහනය වර්ධනය වන්නේයැයි සාවද්‍ය ප්‍රකාශ කිරීම පිළිබඳව අප්‍රසාදය පල කරමි//

      සිංහල සහ මුස්ලිම් ප්‍රජාව අතර ජනඝහන අනුපාතය අරන් බලන්න (මුස්ලිම්/සිංහල ) 1981 -2001-2012 බැලුවාම පේන දේ අගය ඉහල යනවාය කියන එක . තවත් විදිහකින් කිව්වොත් 1981-2012 කාල පරාසය තුල රටේ සමස්ථ ජනඝනය තුල සිංහලයින් ප්‍රතිශතය ~1%කින් වැඩි වෙලා තියෙත්දි මුස්ලිම් ප්‍රතිශතය ~2%කින් ඉහල ගිහින් . ජනඝහන අනුපාතය වෙනස් වීම සුලු කාලයකින් සිදුවෙන දෙයක් නෙවෙයි කාලයක් ගතවෙන දෙයක් . ඒ වගේම සිංහල පවුල් වල බහුලව දකින්න තියන පවුල් සැලසුම් ක්‍රම තවමත් මුස්ලිම් සමාජයේ දකින්න නෑ , සිංහල සමාජයේ උගත් පිරිස වැඩි වෙනවත් එක්කම ට්‍රෙන්ඩ් එක තියෙන්නේ පවුල් සැලසුම් ක්‍රම වැඩි පුර භාවිතා වෙන්න . මුස්ලිම් සමාජයේ මේ ට්‍රෙන්ඩ් එකත් නෑ , ඒ නිසා ජනඝහන අනුපාතය වෙනස් වීම මීට වඩා වේගවත් වීමේ ඉඩකඩත් තියනවා
      http://en.wikipedia.org/wiki/Demographics_of_Sri_Lanka
      රටේ ජනඝහන අනුපාතය නොවෙනස්ව පවතින්න වගේම තවත් ප්‍රශ්න ගොඩකට විසඳුමක් තමයි උපත් පාලනය . ඔබතුමා උපත් පාලනය පිලිගන්නවාද ? නැද්ද ?

      ඒ වගේම ජනඝහන අනුපාතය වෙනස් වෙන්නේ රටේ මොනවගේ ප්‍රදේශවලද කියන එකත් වැදගත් කාරණයක් , ග්‍රාමීය ප්‍රදේශ වල සිංහල බහුතරය වෙත්දි නාගරික ප්‍රදේශ වල බහුතරය මුස්ලිම් වෙනවා නම් රටේ සමස්ථය සිංහල වුනත් එයින් ඇති වන බලපැම විශාලයි

      හලාල් ගැන අනික් අය පිලිතුරු දීල තියනවා

      Delete
    8. ///හලාල් ලකුණ ගැනීමට 70%ක් බෞද්ධයන් සිටින මේ රටේ කිසිවෙකුටත් බලපෑමක් නැත. ///

      ඕක මෙච්චරකල් ගනන් නොගෙන හිටිය එක තමයි බෞද්ධ සහ අනික් ආගම් කරපු ගොන්කම...

      බුවා.. ඔය කියන උපත් පාලනේ කතන්දරේ ඇත්ත.. පළවෙනියටම ඉස්ලාම් අන්තවාදීන් කරන්නෙ අධ්‍යාපනය නැති කරන එක... විශේෂයෙන් ගෑණුන්ගේ... එතකොට ගෑණුන්ට වෙන්නෙ ගෙවල් වලට වෙලා ඉඳගෙන ආගම මත්තේ නැහි නැහි ඉන්න... හැමදේම කරන්නේ අල්ලා කියාගෙන නිසා කිසි දේකට විරුද්ධ වෙන්න බෑ... නුගත් සමාජයක් පාලනය කරන්න අවශ්‍ය වෙන්නෙ බය කරගෙන සිටීම විතරයි.. ඔය ආගමේ ඒක ඕනෙවටත් වඩා තියෙනවා... නූගත් කෙනාට හැමෙද්ටයම ඉතුරු වෙන්නේ ආගම විතරයි..

      මෙයාල හදන්නෙ ආපහු ගල් යුගේට යන්න... ඒකට උගත් මුස්ලිම් අය කැමති නෑ... ඒත් පල්ලියත් දැං ඔවුන්ව බය කරන්න පටන් අරගෙන.... මෙච්චර කල් ඔලුව වහපු නැති මාගේ යාලුවෙක්ට පල්ලියෙන් තර්ජනය කරලා දුවලා ඔලුව වැහුවේ නැත්තම් තාත්තව මරනවා කියලා... මේ ආගමේ පල්ලියට එහෙම කරන්න බැරි කමක් නෑ....

      ඔය අදහස් දක්වන අය හැමෝම ‌මේක දන්නවා.. ඒත් මේ අන්තවාදය තුළ ඔවුන්ට ලබා ගන්න පුළුවන් දේවල් වැඩියි... විශේෂයෙන් පිරිමි අයට.. ඒක නිසා ඔවුන් මේවට තර්ක ගේනවා.. ඒත් ඇත්තටම එයාලත් දන්නවා කරන්නෙ බොරුවක් කියලා... මුස්ලිම් අන්තවාදීන් කියන්නෙ සියලුම ඉස්ලාම් භක්තිකයන් නෙවෙයි... ඒත් පල්ලියෙන් කරන බලපෑම වැඩියි මේ ආගමේ.. අනිත් ආගම් වල පන්සලට පල්ලියට කෝවිලට ගියාම ඒ සිද්ධස්ථාන වල කරන ආගමික කටයුතු ඉවරයි.. එත් මේ ආගමේ ගෑණිගෙයි මිනිහගෙයි නිදි යහනටත් පල්ලිය හොම්බ දානවා....

      Delete
    9. @
      // සිංහල සහ මුස්ලිම් ප්‍රජාව අතර ජනඝහන අනුපාතය අරන් බලන්න (මුස්ලිම්/සිංහල ) 1981 -2001-2012 බැලුවාම පේන දේ අගය ඉහල යනවාය කියන එක . තවත් විදිහකින් කිව්වොත් 1981-2012 කාල පරාසය තුල රටේ සමස්ථ ජනඝනය තුල සිංහලයින් ප්‍රතිශතය ~1%කින් වැඩි වෙලා තියෙත්දි මුස්ලිම් ප්‍රතිශතය ~2%කින් ඉහල ගිහින්. //

      1% ක වෙනසකටද මෙච්චර දඟලන්නේ? මෙය මා කලින් ප්‍රකාශ කල පරිදි විශේෂ වැඩිවීමක් නොවෙයි.

      //ජනඝහන අනුපාතය වෙනස් වීම සුලු කාලයකින් සිදුවෙන දෙයක් නෙවෙයි කාලයක් ගතවෙන දෙයක්. //

      එක තම මාත් කියන්නේ. දැනට ලංකාවේ බෞද්ධ ප්‍රතිශතය 70% යි. ඉස්ලාම් ප්‍රතිශතය ~10% යි. මේක වෙනස් වෙන්න කොච්චර කාලයක් යයිද? නමුත් භීතිය වපුරන්නේ "නොදුරු අනාගතයේදීම" කියලයි.

      //ඒ වගේම ජනඝහන අනුපාතය වෙනස් වෙන්නේ රටේ මොනවගේ ප්‍රදේශවලද කියන එකත් වැදගත් කාරණයක් , ග්‍රාමීය ප්‍රදේශ වල සිංහල බහුතරය වෙත්දි නාගරික ප්‍රදේශ වල බහුතරය මුස්ලිම් වෙනවා නම් රටේ සමස්ථය සිංහල වුනත් එයින් ඇති වන බලපැම විශාලයි //

      එකල (සහ මෙකල) සිංහල ජනයා ග්‍රාමීය ජීවිතය අගය කල අතර නාගරික ජීවිතය පහත් කර සැලකුවහ. ඒ බව ගීත ද මෑතක් වනතුරු නිර්මාණය වී ඇත. සිංහල සංස්කෘතිය තුල “නිවිසැනසිල්ලේ ජීවත් වීම” පිළිබඳව විශේෂ අවධානයක් ඇති නිසාදෝ ඔවුන් ව්‍යාපාර (විශේෂයන්ම නගරබද ව්‍යාපාර) කෙරෙහි අවධානය යොමු නොකළහ. ඒ වෙනුවට ස්ටිරත්වයක් ඇති රජයේ රැකියා කෙරෙහි නැඹුරුවක් පෙනුනි. ක්‍රමක්‍රමයෙන් නාගරීකරණය සහ ව්‍යාපාරීකරණය රටේ ආර්ථිකයට වැදගත් විය. රාජ්‍ය කළමනාකරණයේ දුර්වලතා හමුවේ, රාජ්‍ය වෘත්තීන් තවදුරටත් ආකර්ශනීය නොවන නිසාදෝ දැන් හදිසියේ ජාතිවාදීන් මුස්ලිම් ව්‍යාපාර මගින් අසාධාරණයක් වී ඇති බව පවසති.

      mr.who-2

      Delete
    10. @බුවාගේ
      //හලාල් ගැන අනික් අය පිලිතුරු දීල තියනවා//

      මම මතු කරපු කරුණට පිළිතුරක් නම් නෑ. මම "හලාල් ලකුණ ගැනීමට 70%ක් බෞද්ධයන් සිටින මේ රටේ කිසිවෙකුටත් බලපෑමක් නැත." කියනකොට පිළිතුරු ලැබෙන්නේ මල්ලේ පොල් වගේ හිරු ගේ පිළිතුරු.
      //ඕක මෙච්චරකල් ගනන් නොගෙන හිටිය එක තමයි බෞද්ධ සහ අනික් ආගම් කරපු ගොන්කම... ඕක මෙච්චරකල් ගනන් නොගෙන හිටිය එක තමයි බෞද්ධ සහ අනික් ආගම් කරපු ගොන්කම...//

      @හිරු
      //මෙයාල හදන්නෙ ආපහු ගල් යුගේට යන්න... ඒකට උගත් මුස්ලිම් අය කැමති නෑ... ඒත් පල්ලියත් දැං ඔවුන්ව බය කරන්න පටන් අරගෙන.... මෙච්චර කල් ඔලුව වහපු නැති මාගේ යාලුවෙක්ට පල්ලියෙන් තර්ජනය කරලා දුවලා ඔලුව වැහුවේ නැත්තම් තාත්තව මරනවා කියලා... මේ ආගමේ පල්ලියට එහෙම කරන්න බැරි කමක් නෑ....//

      තියරිය නම් ලස්සනට ලියල තියනවා. ඒත් නිකම්ම නිකම් මනස්ගාත විතරයි.

      Mr.who-2

      Delete
    11. නුදුරු අනාගතයේදී එහෙම දෙයක් වෙනවාය කියල මම කොහෙවත් කියල නැනේ මහත්තයෝ , ඒ වගේම මම පැහැදිලි කරල තියන විදිහට සමාජ රටාව සකස් වෙලා තියෙන්නේ සිංහල , දෙමල ජන අනුපාතය ක්‍රමයෙන් අඩුවෙන දිහාවට , උපත් පාලන යෝජනාව එන්නේ ඒ තත්වය වෙනස් වෙන්න (සහ තවත් සුභවාදී ප්‍රතිඵල රාශියකට )

      ඊලඟ කොටස මල්ලෙ පොල් උත්තරයක් නේ , ලිපිය කියෙව්වා නම් තේරෙනවා මම මුස්ලිම් ව්‍යාපාර වර්ජනය ගැන දරන අදහස මොන වගේද කියලා . නාගරික බහුතරය මුස්ලිම් වීම ගැන මම කියන්නේ වෙන කථාවක් ඒකට ව්‍යාපාර වල අදාලත්වයක් නෑ , එතන තියෙන්නේ පරිපාලනමය සහ සමාජීය ප්‍රශ්නයක් . රටේ සමස්ථ බහුතරය අදාල නාගරික ප්‍රදේශ වලදී අසාධාරණයට ලක්වීම පිලිබඳ ප්‍රශ්නයක්

      Delete
    12. හලාල් ගන්න 70%ක් නෙවෙයි මුස්ලිම් නොවන 91%ටම අවශ්‍ය නෑ , අනෙක් ජාතින් විරෝධයක් පල නොකරන නිසා ව්‍යාපාරිකයින් හලාල් සහතිකය ගත්තා , හලාල් පිලිබඳ මැතක් වෙනකන් මිනිස්සු සැලකුවේ නෑ . නමුත් අනෙක් ආගමිකයින් සිතනවා නම් හලාල් ආහාර තමන්ගේ ආගම අනුව නොගැලපෙන්නක් කියල හරි , එහෙමත් නැත්නම් තමන්ට අවශ්‍ය නොවන සහතිකයක් වෙනුවෙන් මුදලක් දරන්න වෙනවා කියල හරි හලාල් වර්ජනය කිරීම ඔවුන්ගේ අයිතියක් . සාර්ථක විරෝධයක් අදාල ව්‍යාපාර වලට එල්ල වුනොත් හලාල් නොවන /හලාල් නිශ්පාදන වර්ග දෙකම වෙලඳ පොලට එයි . පාරිභෝකයා සෑම් විටම ප්‍රභලයි !

      Delete
    13. @බුවාගේ

      //නුදුරු අනාගතයේදී එහෙම දෙයක් වෙනවාය කියල මම කොහෙවත් කියල නැනේ මහත්තයෝ//

      එක හරි. ඔබ එහෙම කියල නැහැ. නමුත් මම අදහස් කලේ එහෙම කියන කට්ටිය සිටින බවත් ඔවුන්ගේ සිතුවුල්ල වැරදි බවත් ය.

      //ඒ වගේම මම පැහැදිලි කරල තියන විදිහට සමාජ රටාව සකස් වෙලා තියෙන්නේ සිංහල , දෙමල ජන අනුපාතය ක්‍රමයෙන් අඩුවෙන දිහාවට , උපත් පාලන යෝජනාව එන්නේ ඒ තත්වය වෙනස් වෙන්න (සහ තවත් සුභවාදී ප්‍රතිඵල රාශියකට ) //

      මෙතන ඔබ උපකල්පනය කරන්නේ මුස්ලිම් අයගේ ජන වර්ධන වේගය අනෙක් ජාතීන්ට වඩා වැඩි බවය. එම උපකල්පනය පදනම් වී ඇත්තේ අර කලින් කී 1% මතය. මෙතන ඔබට ඔබේ ප්‍රක්ෂේපනයේ දුර්වලකම පෙනෙන්නේ නැත්ද?


      //ඊලඟ කොටස මල්ලෙ පොල් උත්තරයක් නේ , ලිපිය කියෙව්වා නම් තේරෙනවා මම මුස්ලිම් ව්‍යාපාර වර්ජනය ගැන දරන අදහස මොන වගේද කියලා . නාගරික බහුතරය මුස්ලිම් වීම ගැන මම කියන්නේ වෙන කථාවක් ඒකට ව්‍යාපාර වල අදාලත්වයක් නෑ , එතන තියෙන්නේ පරිපාලනමය සහ සමාජීය ප්‍රශ්නයක් . රටේ සමස්ථ බහුතරය අදාල නාගරික ප්‍රදේශ වලදී අසාධාරණයට ලක්වීම පිලිබඳ ප්‍රශ්නයක් //
      අසාධාරණයක් ගැන ඔබ කියනවා. අසාධාරණය තියෙන්නේ කොතනද? නගරබදව ජීවත් වීමට සිංහල ජනතාව එකල කැමති වුනේ නෑ. සුළු ජාතීන් ගේ රැකියාව උදෙසා (ව්‍යාපාර) ඔවුන් නගරබදව පදිංචි වුනා. දැන් හදිසියේ ඒක අසාධාරණයක් වෙලා!

      //අනෙක් ජාතින් විරෝධයක් පල නොකරන නිසා ව්‍යාපාරිකයින් හලාල් සහතිකය ගත්තා //
      ව්‍යාපාරිකයන් මුදල් වියදම් කර හලාල් සහතිකය ගන්නේ අන් ජාතීන්ගෙන් විරෝධයක් නැති නිසා නොව, ඉන් යම් කිසි ලාභයක් ඇත්නම් පමණයි. ඉන් ලාභයක් ඇත්නම් භාණ්ඩයේ මිල වැඩි වන්නේ නැහැ. මේ ගණන් හිලවු සම්භන්ධයෙන් හලාල් සහතිකය ගත් ව්‍යාපාරයන්ගෙන් විමසුවානම් තමයි හොඳ.

      Mr.who-2

      Delete
    14. //මෙතන ඔබ උපකල්පනය කරන්නේ මුස්ලිම් අයගේ ජන වර්ධන වේගය අනෙක් ජාතීන්ට වඩා වැඩි බවය. එම උපකල්පනය පදනම් වී ඇත්තේ අර කලින් කී 1% මතය. මෙතන ඔබට ඔබේ ප්‍රක්ෂේපනයේ දුර්වලකම පෙනෙන්නේ නැත්ද?//

      නැහෑ , ඒ මේදක්වා තිබුන තත්වයනේ .කාලයත් එක්ක සිංහල සමාජයේ වෘත්තිකයින් ප්‍රමාණය වැඩි වෙනවා මේකත් එක්ක පවුල් සැලසුම් ක්‍රම භාවිතාව වැඩි වෙනවා ,එතකොට නොදැනුවත් කමත් එක්ක දරුවන් රාශියක් ඉන්න පවුල් ප්‍රමාණය අඩුයි . නමුත් මුස්ලිම් බහුතරයක් වෘත්තිකයින් නොවේ ව්‍යාපාරිකයින් , කාන්තාව රැකියා කරන්නේ නෑ දරුවන් ගණන අඩුකිරීමට හේතුන් නැහෑ , වෘත්තිකයින් වෙච්ච මුස්ලිම් පවුල් වල පවා , ඊට ආසන්න සිංහල දෙමල පවුල් වලට වඩා දරුවන් වැඩි අවස්ථා මම දැකල තියෙයි . මේ කරන්නේ පුරෝකථනයක් , නිවැරදි ද නැද්ද කියල 2021 වගේ කාලෙක සංඝණයකින් පෙනේවි
      //අසාධාරණයක් ගැන ඔබ කියනවා. අසාධාරණය තියෙන්නේ කොතනද? නගරබදව ජීවත් වීමට සිංහල ජනතාව එකල කැමති වුනේ නෑ. සුළු ජාතීන් ගේ රැකියාව උදෙසා (ව්‍යාපාර) ඔවුන් නගරබදව පදිංචි වුනා. දැන් හදිසියේ ඒක අසාධාරණයක් වෙලා!//

      අසාධාරණය සිදුවෙන්නේ රටේම ජනතාවට බලපාන නගරවල පරිපාලන බලය මුස්ලිම් වරුන්ට යැමෙන් , ඊට සාපේක්ෂව විය හැකි සමාජීය බලපැම් ආදියෙන් .

      //ව්‍යාපාරිකයන් මුදල් වියදම් කර හලාල් සහතිකය ගන්නේ අන් ජාතීන්ගෙන් විරෝධයක් නැති නිසා නොව, ඉන් යම් කිසි ලාභයක් ඇත්නම් පමණයි//

      ඔය කියන ලාභය 9%ක් වෙච්ච මුස්ලිම් වරුන්ට භාණ්ඩ විකිණීමෙන් ලැබෙන අතිරේක ලාභය . හලාල් නිෂ්පාදන එපා කියා ඉතුරු 91%ම අදාල භාණ්ඩය වර්ජනය කලොත් මොකද වෙන්නේ ? . ... එහෙම විරෝධයක් එල්ල නොවුනු නිසා තමයි ඔවුන් අතිරේක ලාභය වෙනුවෙන් හලාල් සහතිකය ගන්නේ

      Delete
    15. @Mr.who-2

      ///එහෙම විරෝධයක් එල්ල නොවුනු නිසා තමයි ඔවුන් අතිරේක ලාභය වෙනුවෙන් හලාල් සහතිකය ගන්නේ///

      කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තරේ දුන්නේ මෙන්න මේකට... මෙච්චරකල් එහෙම විරෝධයක් ආවේ නැති නිසා තමයි ඕක උනේ.... විරෝධයක් ආවොත් මොකද වෙන්නෙ කියලා හිතන කම්පැණිකාරයෝ තමයි දැං ආයිමත් හලාල් අයින් කරන්නේ... තියෙන්නේ ඒක විතරයි නම් ඒක ගන්නේ නැතුව අනිත් මිනිස්සු මොනවා කරන්නද...?? දැං ඔය හලාල් තිබ්බේ නැති කාලේ මේ රටේ මුස්ලිම් මිනිස්සු කෑවේ නැද්ද...? මුස්ලිම් අයට ඕනේ නම් හලාල් නිෂ්පාදනයි, අනිත් අයට ඒක නැති නිෂ්පාදනයි දුන්න නම් මේ ප්‍රශ්නේ එන්නේ නෑ.. ඒත් අපේ නිෂ්පාදකයෝ කළේ කල දුටු කළ වල ඉහ ගන්න ඔක්කොටම හලාල් ගහපු එක... අනිත් ආගම් වල කන එකට නීති දාලා නෑ නේ.. ඉතිං ඒ මිනිස්සු ඒක ගනං ගත්තේ නෑ.. දැං මුස්ලිම් අන්තවාදීන් හදන්නේ ඒකෙන් ප්‍රයෝජන ගන්න...

      ඔව්.. තියරිය ලස්සනයි තමයි.. ඒකනේ අර අහිංසක කෙල්ලෙක්ට වෙඩි තිබ්බේ.... අෆ්ගනිස්ථානේ, පකිස්ථානේ ඉස්කෝල වස්සන්න දඟලන්නේ... සෞදි කෙල්ලෝ ආයිමත් ගෙවල් අස්සේ හංගගන්නේ... ගෝනි බිල්ලෝ රට ඇතුලට රිංගන්නේ.. ඕක තමයි තියරිය ප්‍රැක්ටිකලි කරන ලස්සන විදිය....

      මනස්ගාත ඇස් ඉදිරිපිට වෙන්න ගත්තම රිදෙන්න ගනී.. හැබැයි ඔය වගේ තර්ක කරන ඔයාලට නෙවෙයි.. මේකේ වැරැද්ද පේන අපිට...

      Delete
    16. බොරු කියන්න එපා බොලව්...2000 වසරේ උලමාවරුන්ගෙ සංවිධානය ඔය අටමගලෙ හලාල් ඉලව්ව අහිංසක මුස්ලිම් මනුස්සයගෙ ඔලුව උඩට බලෙන් අතඅරින්න කලියෙන් මේ රටේ මුස්ලිම් මිනිස්සු මේ මොකවත් කෑවෙ බිව්වෙ නැද්ද ? හිටියෙ බඩගින්නෙද ? හලාල් ලබා දී ලැබෙන ආදායම වැය කරන ආකාරය පිළිබද උලමාවවරුන්ගෙ ප්‍ර‍කාශන වලම පැහැදිලිව දක්වලා තියෙන විදියට මේ හලාල් ඉලව්ව තනිකරම ආගම්වාදී වැඩ පිළිවෙලක් බව ඕනෑම ගොනෙකුට තේරුම් යනවා...

      SLS / ISO 9001,9002,14000 වැනි බහුතරය පිළිගත් ප්‍ර‍මිතිය පිළිබද සහතික තිබෙන කලෙක හලාල් යනු කිසිම වැදගම්මකට නැති සල්ලි ගිලින පිල්ලියක් පමණි.

      Delete
  20. @පහන්

    //මුස්ලිම් නොවන අය HALAL සහතිකය නොපිළිගන්නා තත්වයක දේශීය වෙළඳාමෙන් ව්‍යාපාරිකයන්ගේ පාරිභෝගික කොටස වැඩි වන්නේ කෙසේද?//

    මේක අහන්න ඕන හලාල් ලකුණ ලබා ගැනීමට මුදල් වියදම් කරන ව්‍යාපාරිකයන්ගෙන්. කලින් කිව්වා වගේ හලාල් ලකුණ ගන්න බලපෑමක් නෑ නේ.

    //HALAL සහතිකයේ පිරිවැයද භාණ්ඩයේ මිලට එකතු වන බැවින් මුස්ලිම් නොවන අය එම අමතර වියදම දරන්නේ කුමකටද?//

    පිරිවැය වැඩිකරගෙන වැඩි මිලට භාණ්ඩය අලෙවි කරනවා කියල හිතන්න අමාරුයි. හලාල් ලකුණ මුදල් වියදම් කරලා ගන්නවානම් ඉන් ලාභයක් බලාපොරොත්තුවෙන් තමයි. ලාභයක් තියනවනම් භාණ්ඩයේ මිල අඩුවෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ. දශ ලක්ෂ ගණන් වියදම් කරලා රුපවාහිනියේ දැන්වීම් දාන්නෙත් මේ තියරියට අනුවයි. දැන්වීම් දාන්න වියදම් දරුවත්, ඉන් වැඩියෙන් භාණ්ඩ විකිනෙන නිසා එක් එක භාණ්ඩයේ මිල පහත දාන්න පුළුවන්.


    //HALAL සහතිකය සඳහා වාර්ශික දායකත්වය රු.175,000ක් වන අතර දැනට ලියාපදිංචි වී ඇති නිශ්පාදන ගණන 4500 කට අධිකය එම නිසා මෙම මුදල මීට වඩා වැඩි වූවත් අඩු නැත. මූලාශ්‍රය ACJU වෙබ් අඩවිය.//

    මම දන්නා ආකාරයට 175,000 ය කරන්නේ උපරිම ගාස්තුව ලෙසයි. කුඩා පරිමාන ව්‍යාපාර වලට සහනදායි ගාස්තු මට්ටම් තිබෙන බවට ඔවුන් පවසා තිබෙනවා. එලෙසම ඔවුන් අය කරන ගාස්තු ACJU හි හලාල් අංශයේ වියදම් වලට යොමු වන බව ඔවුන්ගේ වෙබ්පිටුවෙහි සඳහන් වන්නේය.

    Mr.Who-2

    ReplyDelete
    Replies
    1. ව්‍යාපාරිකයො මෙච්චර කල් ඔය HALAL ඉලව්ව ගත්තෙ මෙයින් වන සමාජ ව්‍යසනය ගැන නොදැන... තමන්ගෙ ලාච්චුව ගැන විතරක් හිතලා... එහෙත් රටේ බහුතර අන්‍යආගමික ජනතාව HALAL නිෂ්පාදන ප්‍ර‍තික්ෂේප කරන වටපිටාවක මේ ව්‍යාපාරිකයන්ට සිදුවෙනවා අලුතින් දිනාගත්ත සුළු මුස්ලිම් පාරිභෝගික පිරිසට වඩා වැඩියෙන් සිටින අන්‍යආගමික පාරිභෝගික කොටස රැක ගන්න...අන්න ඒ අර්ථයෙන් දැනටමත් HALAL සහතිකයෙන් ඉවත්වීමට ව්‍යාපාරිකයන් පටන් ගෙන තිබෙනවා... මොනවද ඔට්ටු... තව ටික කාලෙකින් හලාල් කියන විහිලුව ලංකාවෙ නැත්තටම නැති වෙනවා...

      Delete
    2. @සිරාගෙ කාමරේ
      //ව්‍යාපාරිකයො මෙච්චර කල් ඔය HALAL ඉලව්ව ගත්තෙ මෙයින් වන සමාජ ව්‍යසනය ගැන නොදැන.//

      දැන් හලාල් සහතිකය සමාජ ව්‍යසනයකි. එසේ වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.

      //මොනවද ඔට්ටු... තව ටික කාලෙකින් හලාල් කියන විහිලුව ලංකාවෙ නැත්තටම නැති වෙනවා...//
      මම කතා කරන්නේ ඔට්ටු අල්ලන්න නෙවේ, ඇත්ත එලිකරන්නයි. මම වැරදිනම් එක පිලිගන්නවා. ඔබත් එහෙමයි සිතමි.

      Mr.Who-2

      Delete
    3. කාමරේ ඒ පිළිබද විස්තරාත්මකව ලියපු ලිපියක් තියෙනවා ඇවිත් බලන්න...

      Delete
  21. උපත් පාලන කොටසට නම් එකගයි උඩින්ම.... ඉක්මනින්ම විය යුතු දෙයක්...

    ReplyDelete
  22. //හලාල් ලකුණ ගැනීමට 70%ක් බෞද්ධයන් සිටින මේ රටේ කිසිවෙකුටත් බලපෑමක් නැත. //

    හලාල් ලකුණ 70% ක් වන බෞද්ධයන්ට පමණක් නොව 91%ක් වන මුස්ලිම් නොවන කිසිවකට අවශ්‍ය නැත. ඇත්ත දැනට හලාල් ගන්නා ලෙසට බලපෑමක් නැත ව්‍යාපාරිකයන් එය ලබා ගන්නේ 9% වන මුස්ලිම් ප්‍රතිශතය අදාල කරගෙන වේ නමුත් බහුතරයක් මුස්ලිමුන් හලාල් ලකුණ තිබුණත් සිංහල ව්‍යාපාරිකයන්ගේ නිශ්පාදන මිලදී ගන්නේ නැත. උදාහරණයක් ලෙස මුස්ලිම් කඩ බහුතරයක මංචි සහ මැලිබන් යන බිස්කට් දෙවර්ගයම නැත. නමුත් සිංහල ව්‍යාපාරිකයන්ගේ වුවත් ඒවාගේ හලාල් ලකුණ ඇත.

    මෙවන් තත්වයක ඔබ කියන්නට උත්සාහ දරණ වෙළඳාමේ හෝ ලාභයේ වැඩි වීමක් සිදු වන්නේ නැත. සිදු වන එකම දෙය නම් හලාල් ලකුණ වෙනුවෙන් දැරූ මිලත් 91% වන හලාල් ලකුණ අනවශ්‍යය පාරිභොගිකයන් හට දැරීමට සිදු වීම පමණි. මන්ද ව්‍යාපාරිකයා එම පාඩුව දැරීමට සූදානම් නොවන බැවිනි.

    එනිසා මෙහි ඇති ගැටළුව වන්නේ ව්‍යාපාරිකයාගේ ලාභය අඩු වැඩි වීම නොව හලාල් ලකුණ වෙනුවෙන් එය අනවශ්‍ය 91%ක් වියදම් දැරීමයි.

    9% ක් මුස්ලිමුන්ද බේදයක් නොමැතිව සිංහල ව්‍යාපාරිකයාගෙන් භාණ්ඩ මිලදී ගත්තද මුස්ලිම් නොවන 91%ක් වන ජනතාවටද ව්‍යාපාරිකයා හලාල් සහතිකය මිලදී ගැනීමට දැරූ පිරිවැය දැරීමට සිදු නොවන්නේ යැයි ඔබ කියන්නේ කෙසේද? ව්‍යාපාරිකයාගේ ලාභය අඩු හෝ වැඩි වීම මෙයට පිළිතුර නොවේ.

    හලාල් සහ හලාල් නොවන භාණ්ඩ මිල ගණන් දෙකකට පැමිණීම මෙයට ඇති හොඳම විකල්පයයි. එවිට හලාල් අනවශ්‍ය 91%කට හලාල් අවශ්‍ය අයට වඩා අඩු මිලකට භාණ්ඩ ලබා ගත හැකි වේ. ඔබ එයට එකඟද?

    මාගේ මෙම ප්‍රශ්න දෙකෙන් ඔබ ලිස්සා ගොස් ඇති බවද පෙනේ.

    ACJU එක HALAL සහතික ලබාදී එම ආදායමින් කරන මෙම කටයුතු සඳහා මුස්ලිම් නොවන්නන් මුදල් ගෙවිය යුත්තේ ඇයි?

    (1) ඉස්ලාම් මතවාද ආරක්ෂා කිරීමට සහ ප්‍ර‍වර්ධනයට යෙදවීම
    (2) මුස්ලිම් ආගමිකයන් අතර මිත්‍ර‍ත්වය තහවුරු කිරීම
    (3) ඉස්ලාම් ආගම අනුව ඉස්ලාම් ආගමික/සුභසාධක තත්වයන් නැංවීම
    (4) ඉස්ලාම් ආගම පිළිබද පැවැත්වෙන සම්මන්ත්‍ර‍ණ ආදිය සංවිධානය කිරීම
    (5) ඉස්ලාම් ආගම පිළිබද පොත් ප්‍ර‍කාශනය/බෙදාහැරීම/ පුස්තකාල පවත්වාගෙන යාම
    (6) අරාබි භාෂාව ප්‍ර‍වර්ධනය කිරීම
    (7) සියළුම පරිපාලන දිස්ත්‍රික්කයන් තුල තම පරිපාලන කාර්යාල පිහිටුවීම

    මූලාශ්‍රය ACJU වෙබ් අඩවිය.

    HALAL සහතිකය මුස්ලිමුන්ට එතරම් අවශ්‍ය නම් කුප්‍රකට ආදායම් මාර්ගයක් කර නොගෙන එය නිශ්පාදකයන් සඳහා නොමිලයේ ලබා නොදෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. @පහන්

      //මෙවන් තත්වයක ඔබ කියන්නට උත්සාහ දරණ වෙළඳාමේ හෝ ලාභයේ වැඩි වීමක් සිදු වන්නේ නැත. සිදු වන එකම දෙය නම් හලාල් ලකුණ වෙනුවෙන් දැරූ මිලත් 91% වන හලාල් ලකුණ අනවශ්‍යය පාරිභොගිකයන් හට දැරීමට සිදු වීම පමණි.//

      වෙළදාමේ ලාභයක් නැත්නම් ව්‍යාපාරිකයන් හලාල් සහතිකය සඳහා මුදල් දී, භාණ්ඩයේ මිල වැඩිකරගෙන තරඟකාරීත්වය අඩුකරගන්නේ ඇයි? මැලිබන් හෝ මංචි ව්‍යාපාර දෙකෙන් එකක් හලාල් සහතිකය සඳහා වියදම් නොකර භාණ්ඩ මිල පහල දම්මන්නේනම් තම ප්‍රතිවාදියා අභිබවා යනු ඇත. එසේ නොකර 10%ක පාරිභෝගික ජනතාවක් සනසන්නේ යැයි සිතුය නොහැක. හලාල් සහතිකය ගැනීමට බලපෑමක් නැත්නම්, සහතිකය ගැනීමෙන් පාඩුවක් වන්නේනම්, ව්‍යාපාර මෙම සහතිකයට මුදල් යොදන්නේ ඇයි?

      Mr.who-2

      Delete
    2. @පහන්

      //9% ක් මුස්ලිමුන්ද බේදයක් නොමැතිව සිංහල ව්‍යාපාරිකයාගෙන් භාණ්ඩ මිලදී ගත්තද මුස්ලිම් නොවන 91%ක් වන ජනතාවටද ව්‍යාපාරිකයා හලාල් සහතිකය මිලදී ගැනීමට දැරූ පිරිවැය දැරීමට සිදු නොවන්නේ යැයි ඔබ කියන්නේ කෙසේද? ව්‍යාපාරිකයාගේ ලාභය අඩු හෝ වැඩි වීම මෙයට පිළිතුර නොවේ.//

      ව්‍යාපාරයේ ලාභය සහ භාණ්ඩයේ මිල අතර සම්භන්ධය ඔබ තේරුම් ගෙන නැත.
      භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට යොදන මුදල් සියල්ල භාණ්ඩයේ මිල වැඩිවීමට හේතු නොවේ. ඇතැම් ආයෝජන මගින් භාණ්ඩයේ අවසන් මිල පහත දැමියද හැක. දශ ලක්ෂ ගණන් වියදම් කර රූපවාහිනී දැන්වීම් මෙයට එක උදාහරණයකි. එම වියදම් (රූපවාහිනී දැන්වීම් හෝ හලාල් සහතිකය) දැරීමෙන් සිදුවන්නේ භාණ්ඩයේ පාරිභෝගික කොටස වැඩිවීමයි. එයින් සිදුවන්නේ භාණ්ඩයේ නිෂ්පාදන සහ විකිණුම් ධාරිතාවය වැඩිවීමයි. ඉන් සිදුවන්නේ ව්‍යාපාරයේ ලාභය වැඩි වීමයි. ලාභය වැඩි වන්නේනම් ඉන් කොටසක් නැවත ව්‍යාපාරය සඳහා ආයෝජනය වන්නේය. ඒකීය භාණ්ඩයේ මිල පහල දමා තරඟ කාරිත්වය වැඩිකිරීම මෙහි එක ප්‍රතිපලයකි.

      //හලාල් සහ හලාල් නොවන භාණ්ඩ මිල ගණන් දෙකකට පැමිණීම මෙයට ඇති හොඳම විකල්පයයි. ඔබ එයට එකඟද?//

      මට මෙහි ගැටළුවක් නැත. හලාල් සහතික නොමැති රට වල මුසල්මානුවන් ද යහතින් සිටින අතර ඔවුන් හලාල් බව අපහසුවෙන් හෝ තෝරා බේරා ගනිති. ලංකාවේ ව්‍යාපාර එදෙසට යනවනම් එය වැලක්වීමට නොහැකි වනු ඇත.

      //එවිට හලාල් අනවශ්‍ය 91%කට හලාල් අවශ්‍ය අයට වඩා අඩු මිලකට භාණ්ඩ ලබා ගත හැකි වේ. //

      ඔබ මෙවැනි නිෂ්පාදනයක ප්‍රායෝගික පැත්ත සලකා ඇති බව නොපෙනේ. ඔබ අදහස් කරන්නේ සමාගමක් හලාල් භාණ්ඩ නිපදවීම සඳහා යන්ත්‍ර සහ ඇසිරුම් පද්ධති දෙකක් ගොඩ නැගිය යුතු බවද? මෙසේ නිෂ්පාදන පද්ධතිය කොටස් කිරීමට සිදුවන වියදම සමාගම පියව ගන්නේ කෙසේද?

      එසේම අපනයනය සඳහා හලාල් සහතිකය දැනටමත් මුදල් දී ලබා ගෙන ඇති සමාගමක් සලකමු. ඔවුන් දැන් හලාල් සහ සාමාන්‍ය ලෙස භාණ්ඩ දෙකොටසක් නිෂ්පාදනය කල යුත්තේ කෙසේද? අලුත් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරන්නේ නම් එයට පිරිවැයක් දැරීමට සිදුවනු ඇත. එය පියව ගන්නේ කෙසේද?

      Mr.Who-2

      Delete
    3. @පහන්

      //ACJU එක HALAL සහතික ලබාදී එම ආදායමින් කරන මෙම කටයුතු සඳහා මුස්ලිම් නොවන්නන් මුදල් ගෙවිය යුත්තේ ඇයි?//

      මුස්ලිම් නොවන්නන් හලාල් සහතිකයට අමතර මුදලක් ගෙවන බව මා පිලිනොගන්නා බව මේ වනතුර ඔබට පැහැදිලි වී ඇති. හලාල් සහතිකය සඳහා අමතර මුදලක් දැරීමට සිදුවන්නේනම්, දැනට පවතින ක්‍රමය අසාධාරණ බව මම පිලිගනිමි. නමුත් ආර්ථිකය සහ ව්‍යාපාර පිලිබඳ මගේ දැනට ඇති වැටහීමට අනුව එලෙස සිදු නොවන බව සිතමි.


      //HALAL සහතිකය මුස්ලිමුන්ට එතරම් අවශ්‍ය නම් කුප්‍රකට ආදායම් මාර්ගයක් කර නොගෙන එය නිශ්පාදකයන් සඳහා නොමිලයේ ලබා නොදෙන්නේ ඇයි?//

      හලාල් සහතිකය නිකුත් කිරීම සඳහා විවිධ වියදම් සිදුවන බව ACJU වෙබ් පිටුවෙහි සඳහන් වේ. ඒ පිලිබඳ මෙතනින්:
      http://www.halaal.acju.net/content/frequently-asked-questions

      Mr.Who-2

      Delete
  23. මුලින්ම මම බුවාගෙන් සමාව ඉල්ලනවා මේ කථිකාවට දායක වීමට ප්‍ර‍මාද වීම ගැන, සතිඅන්තයට කලින් කෙරෙන රාජකාරීමය කටයුතු නිසා සෑහෙන්න කාර්ය බහුල වීම එයට හේතුවයි...

    මම ඉතාමත්ම සතුටු වෙනවා හලාල් නම් වංචාව ගැන මා ලියන්නට යෙදුනු කාරණය මෙතරම් ජනතාවක් අතරට ගෙන යාමට බුවාගෙන් ලැබුනු සහයෝගය පිළිබදව..බ්ලොගිය තුල ලියන ඕනෑම අටමගලයක් හොදයි,විශිෂ්ඨයි යනුවෙන් නොකියා තමන්ගෙ මතය ඉතා ස්වාධීනව සෘජුව ප්‍ර‍කාශ කිරීම ගැන මගේ ප්‍ර‍ණාමය නිතැතින්ම බුවාට හිමිවෙනවා.

    මගේ ලිපිය තුලදි මතුවුන බෞද්ධ අන්තවාදය කියන සාධකය අපි අතහැරියොත් හලාල් කියන දේ අපේ රටට නොගැලපෙන බව බහුතර පාඨකයන් පිළිගැනීමම මා දැරූ මතය සමාජගත වී ඇති බවට සාධකයක්...

    මේ ලිපිය තුලින් බෞද්ධ අන්තවාදය යැයි ඔබ අරුත් ගැන්වූ සාධකය වෙනුවට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග කීපයක් ගැන අවධානය යොමුකර තිබෙනවා... මට ඔබේ යෝජනා පිළිබද විවාදයක් නෑ... නමුත් රජයේ සහයෝගය නැතුව මේ කිසිවක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බෑ...

    විවිධ පාර්ශව මෙතෙක් කල් බෞද්ධ නටඹුන් විනාශය පිළිබදව රජයේ අවධානයට ලක් කලත්... අදටත් ඔවුන් ගත් කිසිම සාධනීය පියවරක් නෑ... ඔවුන්ගේ නිද්‍රාශීලී ප්‍ර‍තිචාරය නිසාම දිනෙන් දින බෞද්ධයන් කෙරෙන් රජය පිළිබද විශ්වාසය බිද වැටී විකල්ප ක්‍රියාමාර්ග වෙත යොමු වීමේ තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

    සුළුතර මුස්ලිම් නියෝජනයක් තිබෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භෝජනාගාරයට ඌරුමස් තහනම්... කිසිම විපක්ෂ මන්ත්‍රීවරයකුට ආණ්ඩුව සමග සිටින මහනුවර පළාත නියෝජනය කරන අස්වර් මන්ත්‍රීවරයාගේ බාධා කිරීමෙන් තොරව පාර්ලිමේන්තුවේ කථා කල නොහැකියි. මන්නාරම උසාවියෙ වෙච්ච දේවල් ආදිය තුලින් බෞද්ධ ජනයාට ඇතිවන හැගීම තමයි මේ රජය මුස්ලිමුන්ගේ ගැත්තන්ව සිටින වග...

    එවන් වටපිටාවක් තුල බොදුබල සේනා සංවිධානය, නායකත්වයක් නැතුව ඉබාගාතේ යන සිංහල බෞද්ධයා එක් ධජයක් යටතට ගෙන බෞද්ධයන්ට එරෙහි බලවේගයන්ට සටනක් දීමට ඉදිරිපත් වීම වරදක් ලෙස මම නොදකිමි. එය අත්‍යවශ්‍යයෙන්ම කල යුත්තකි... ප්‍ර‍මාදය කිසිදා පිළිසකර කල නොහැකි පසුතැවීමක් පමණක් ඉතිරි කල හැකිය.

    නිදාසිටින රජයක් මගින් ඔබ යෝජනා කල කාරණා කුමන දිනක කවර ආකාරයකින් ක්‍රියාත්මක වේදැයි සිතාගත නොහැකි හෙයින්... සිංහල බෞද්ධ ජනතාවට තියෙන විකල්ප ක්‍ර‍මවේද භාවිතයේ පවතී.... රජය Colombo Night Race දුවයි.


    ReplyDelete
    Replies
    1. ඔරිජිනල් මැදපෙරදිග මුසල්මානුවන්ට ඔය කියන ව්‍යාප්තවාදී මාන්දම් නැත.
      උගත් ධනවත් අයට මේ මාන්දම නැත.
      ඒකත් දුප්පත් කමේ අනන්‍යතාවයේ හා හීන මානය පිලිබඳ ගැටලුවකි.

      දුප්පත් ඇෆ්ගන්,පකිස්තානු, බංග්ලා දේශ, ඉන්දුනීසියානු, පිලිපීන ආදීන් තමයි මේ ව්‍යාප්තවාදී පෙරමුනේ ඉන්නේ.

      රජයන් දියත් කරන්නේ 'ලාභය අපට ප්‍රශ්න ඔබට' ප්‍රතිපත්තියයි. බෞද්ධයන් පමනක් මේ ප්‍රශ්න භාර ගැනීම ආන්ඩුවේ උපායට හසුවීමකි.

      රජ කාලේ පටන් මුසල්මානුවන් රාජ පාක්ශිකයෝය.

      Delete
    2. @සිරා - බොහොම ස්තුතියි අදහස් දැක්වීමට , අනිවාර්යයෙන්ම මේ ලිපිය ඔබගේ ලිපිය නිසා ඇතිවුනු කතිකාවේ ප්‍රතිඵලයක් . රජයේ ප්‍රධානියෙක් අද පුවත්පතක දක්වලා තිබුන අදහසුත් අනුව ඔවුන් මේ තත්වය තේරුම් ගන්න බවක් පේන්න නෑ . බටහිර රටවල තියා අල්ලපු රටේ සහයවත් ජාත්‍යන්තරයේදී ගන්න බැරුව මුස්ලිම් රටවල ඡන්දය පස්සේ යන තැනට ඔවුන් පත්වෙලා , ඒ වුනත් දැවැන්ත සමාජ ව්‍යායාමයක් තුලින් ආණ්ඩුවකට යමක් බලකරවන්න පුලුවන් (උදා පෞද්ගලික විශ්‍රාම වැටුප් ) . බොදු බල සේනා සිංහල බෞද්ධ පදනම තුල හෝ ඒ තත්වයේ ඉන්නවාද ?

      @දයාල් බතී - මැදපෙරදිග සුල්තාන්ලා ශෙයික්ලාගෙන් තමා මේඅයට ආධාර ලැබෙන්නේ . එලිපිට අන්තවාදි වෙන්න බෑ එහෙම වුනොත් බටහිරට තෙල් විකුණන්න බැනේ . අත හිත හොඳ සුල්තාන්ගෙන් කිව්වලු !

      Delete
    3. මුස්ලිම් අය රජ කාලයේ ඉඳන්ම රාජපාක්ෂිකයො තමයි . හැබැයි ලංකාවේ සාමාන්‍යෙන් ආවෙණික මුස්ලිම් ඡන්ද , විශේෂයෙන්ම නැගෙනහිරින් පිට තියෙන්නේ එජාපයට . කොල්ඹ මහ නගරසභාව එජාපයෙන් කඩන්න මුස්ලිම් කොංග්‍රසය වෙනම දාලත් ආණ්ඩුවට බැරි වුනා . (ඉමිටියාස් කබීර් හශීම් වගේ රටේ ප්‍රධාන සංස්කෘතික ප්‍රවාහයට එකතුවුනු එජාප මුස්ලිම් නායකයිනුත් ඉන්නවා ) . ඒ නිසා ආණ්ඩුව නොදැක්කා වගේ ඉන්නේ ඕනිම මොහොතක පිල් මාරු කරන්න පුලුවන් මුස්ලිම් කොංග්‍රසය නිසාද , නැත්නම් අර ජාත්‍යන්තර ප්‍රශ්නය නිසාද ?

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. සියලුම කරුණු සම්ඟ එකඟ නොවූවත්, කිව යුතු/මතුකළ යුතු තවත් දෙයක් තිබේ. ජාතිවාදයෙන් සැම විට ප්‍රයෝජන ගනුයේ ධනේශ්වර පාලන ක්‍රමයයි....ඔබ මතු කරන කරුණු එතන ද බැඳි පවතිනවා.
    Dayal Bathee කියන ආකාරයට “රජයන් දියත් කරන්නේ 'ලාභය අපට ප්‍රශ්න ඔබට' ප්‍රතිපත්තියයි“ යන්න සැබෑ යාතාර්ථයට ආසන්නයි.
    මේ ගැන කියන්න බොහෝ දේ තිබෙනවා.... වේලාව මදි....

    ReplyDelete
    Replies
    1. මම ධනවාදය අනුමත කරන කෙනෙක් , නමුත් ජාතිවාද්යෙන් ඇත්තටම ප්‍රයෝජන ගන්න රජයවල් ධනවාදී නෑ , ඔවුන් බඩගෝස්තරවාදි ගෝත්‍රික රජයන් පමණයි . ධනවාදය ඔවුන්ගේ යහපතට මිස පුරවැසියාගේ යහපතට යොදාගන්නේ නැ

      Delete
  26. කමෙන්ට්ස් ගොඩයි නේ?

    ReplyDelete
  27. seen1 hariyatama dakapu1ek....

    ReplyDelete
  28. බුවා දැනට කමෙන්ට් කරන් යන අන්වර් මනතුන්ග සයිට් එකට මම දාන කමෙන්ට් එකක් තමයි පහත තියෙන්නෙ. අන්වර් මගේ කමෙන්ට් පබ්ලිශ් කරන එක නැවැත්තුව කිසිම හේතුවක් නැතිව. මේ තියෙන්නේ මම අන්තිමට දාපු කමෙන්ට් එක http://www.anvermanatunga.com/2012/12/24/jathiwadya-sinhala-doc/පොස්ට් එකට. අන්වර් මේකත් පබ්ලිශ් කරන එකක් නෑ කියල මට හිතෙන නිසා මම මේක මෙතන දානවා.

    -----------------------------------------

    @ Anver Manatunga
    (@ Mr.Who-2)
    මේ සයිට් එක තියෙන්නෙ සුහද සංවාද වලටයි කිව්වට ඒක එහෙම නොවෙන බව ඔබයි මමයි දෙන්නම දැන් දන්නව. මොකද ඔබලාගේ තර්ක විතර්ක වලට ඉතාම සංවරශීලීව සහ සයිට් එකේම දක්වා ඇති උපදෙස් මාලාවට අනුව මම අදහස් ඉදිරිපත් කරපු පොස්ට් දෙකකදීම මගේ කමෙන්ට් නොදමා හැරිය. කිසිම සාධාරණ හේතුවකින් තොරව සහ හේතු දැක්වීමකින් තොරව. ඒ ගැන විමසා දැමූ කමෙන්ටුවත් ඔබ පල කලේ නැහැ. මේ සයිට් එකේ ඔබ කරන්නේ බුදු දහම පිලිගත නොහැකිබව සාධාරනව සංවාද කිරීමෙන් ඔප්පුකරන බව පෙන්වීමයි. නමුත් එය එසේ නොවන බව මා දැන් දන්නවා. බ්ලොග් අවකාශයේ බොහෝදෙනා මෙන්ම මමද සිතුවේ මෙය සාධාරණ සංවාද කලහැකි අවකාශයක් බවයි. නමුත් එය එසේ නොවන බව නොදන්නා බොහෝ දෙනා සිටිනවා. මම ඒ අය දැනුවත් කරනවා. ඊට පෙර ඔබේ වරද නිවැරදි කරගැනීමට මම අවස්ථාවක් දෙන්න කැමතියි. http://www.anvermanatunga.com/2012/12/06/lankawa-muslim-ratak-sinhala/හි මගේ කමෙන්ට් පල කරන්න. ඔබේ දහම සත්‍ය නම් සාධාරණව සංවාද කර එය පැහැදිලි කරන්න. අල්ලාහ් ඔබේ දෙස බලා සිටින බව අමතක කරන්න එපා. :)

    මා මේ කොමෙන්ටුවම "බුවාගේ සිතුවිලි" එකෙත් දානවා. ඔබගේම මිතුරෙක් වන Mr-Who2 එහි කමෙන්ට් කර ඇතිබව මා දැක්කා.
    -------------------------------------------------------
    mahesh.nuwan.thennakon@gmail.com

    ReplyDelete
    Replies
    1. අන්වර් උන්නැහේ කමෙන්ට් මොඩරේට් කරනවා නොවැ , ඉතින් හිතු හැටියේ මකනවා . ඔබතුමාගේ ඊමේලය ප්‍රසිද්ධ කරන එක නම් ඒ තරම් හොඳ පුරුද්දක් නෙවෙයි

      Delete
  29. හොඳ ආර්ටිකල් එකක්.

    මේ රටේ නිතිය හදන්න සිංහල මිනිහෙකුට දැන් බැරි තත්වෙකට පත්වෙලා.ඒකට හොඳම උදාහරණයක්‌ තමයි පාර්ලිමේන්තුවේ උරුමස් තහනම් කිරීම.

    මෙහෙමකිව්වට තරහ වෙන්න එපා මුස්ලිම් එවුන් උන්ට ඕනේ විදිහට නීතිහදන්නත් පටන් අරගෙන.රජයේ ඉන්න සිංහල එවුන්ට කොන්ද පනනැහැ මේවට හරිහමන් උත්තර දෙන්න.

    බලන්න..උන්ට ඕනෙනම් වයස 18ට අඩුවෙන් මගුලක් උනත් කරගන්න පුළුවන්.එහෙනම් මොකටද මෙරටේ ළමා ආරක්ෂණ අධිකාරියක් තියෙන්නේ?මොකටද ඔය නීති?මේක යකාගේ වැඩක්‌.උන්ට වෙනම නීතියක්.

    මම බය නැතුව කියනවා සහෝදරයා ඇමෙරිකාව අමෙරිකන්ස් ලගේ රටනම් ජපානේ ජපන්නුන්ගේ රටනම් ඔස්ට්‍රේලියාව ඔස්ට්‍රලියන්ලගේ රටනම් ලංකාව සිංහලයන්ගේ රට කියල සහෝදරයා(මට ඕනේනම් ජාතිවාදියෙක් කියල කියන්න)

    මේක අවුරුදු දහස් ගානක ඉඳන් එන සිංහල බෞද්ධ රටක්‌.
    මෙහි තිබියයුත්තේ ලංකාවේ නීති මිසක් අල්ලාගේ නීති නෙමෙයි.

    අපිට මිට වඩා රටගැන ජාතිය ගැන හිතන්න වෙනවා.
    නැතිනම් අපේ ජාතිය විනසවෙන්න වැඩිකලක් යනෙකක් නැහැ.
    ඇෆ්ගනිස්ථානයට ඉන්දුනීසියාවට බංගලාදේශයට වුනදේ හිතල වගකීමෙන් වැඩකරන්න සිද්දවෙනවා.

    ස්තුතියි
    ඔබට බුදුසරණයි

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ ඇමරිකන්ස්ලා අතර සුද්දො ,කල්ලො ,ලතින් ඇමරිකන් , රතු ඉන්දියානුවො , චින්නු , ඉන්දියන් කාරයො ඔක්කොම ඉන්නවා , ඕස්ට්‍රේලියාවත් එහෙමයි . ඒ නිසා ශ්‍රි ලංකාව ශ්‍රි ලාංකිකයින්ගෙ කියල බලන්න පුලුවන් නම් හොඳයි . රටේ හැම දෙනාම ඒ විදිහට දකිනවා නම් ප්‍රශ්න අඩුයි

      Delete
  30. මම ඔබ සමඟ 100% එකඟයි....

    ReplyDelete
  31. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මම අනෙන්‍යතාවය සඟවා ගෙන කටයුතු කිරීමට කැමතියි , buwa74@yahoo.com ඊමෙලයට ඊයක් දාන්න . ඔබේ ඊමේලය අන්තර්ගත නිසා ඔබේ කමෙන්ටුව මකා දමන්නම් !

      Delete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව