Skip to main content

සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය කිරීමට නිර්දේශ දෙන අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ "සිංහල බෞද්ධ විද්වතා " ....



ආගමික ප්‍රශ්නයන් දිගින් දිගටම ඇදගෙන බ්ලොග් කරණය ඇතුලේ "හෝලි වෝ" එකක් පටන් ගන්න අදහසක් නැතත් , පසුගිය දින  කිහිපය පුරාවට අන්වර් මනතුංග උන්නැහෙගේ බ්ලොග් අඩවිය තුලදී  නොයෙකුත් ආකාරයේ වාදයන්ට එලඹුන "කාන්තාවන්ගේ වස්ත්‍රය පිලිබඳ " ඉස්ලාමීය මතය පිලිබඳ සාකච්ඡාව ට තවත් එකතු කිරීමක් කරන්න සිද්ධ වෙලා තියනවා . ඒ අන්වර් මනතුංග මහත්තයා තමන්ගේ ඉස්ලාමිය මතය තහවුරු කරන්න "සිංහල බෞද්ධ විද්වතෙකු" ගේ අදහස් කියල ලිපියක් එකතු කරලා තියන නිසා




කාන්තාවගේ වස්ත්‍රයන් සම්බන්ධව ඉස්ලාමයේ තියන මතය පිලිබඳ අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ . ඒ වගේම මගේ බ්ලොග් අඩව්යේ පාඨකයින් සාතිශය බහුතරකට  පිරිමින්ගේ වලත්ත කම් වලට කාන්තාව වැසීමේ අයුක්තිසහගත නිතියේ ගෝත්‍රික ස්වාභාවය පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකකුත් නෑ . මේ පිලිබඳ මගේ මතය ඉතාම සංෂිප්තව කියනවා නම්

"කාන්තාවගේ ඇඳුම පිලිබඳ පූර්ණ අයිතිය  කාන්තාව සතුයි " කියන එක .  ඒ මතවාදය තුල නොඉන්නවා නම්
කාන්තාවන්ගේ ඇඳුමට ආගමික හෝ වෙනත්  බාහිර තහංචි අවැසියයි සිතනවා නම් .කාන්තාවන්ට සිදුවෙන අතවරයන් වලක්වා ගන්න ඇයව ආවරණය කල යුතුයැයි සිතනවා නම්

[ඉන්දියාවේ දහස් ගණනක් පාරට බැහැලා කාන්තාවන්ගේ ආරක්ෂාව සහතික කරන්න රජයට බලකරන උද්ඝෝෂණ  මාලාවක් දියත් කරන්න හේතුවුනු වෛද්‍ය සිසුවියක් මුහුණ දුන්න අවසනාවන්ත  ඉරණමත්  ඇයගේ ඇඳුමේ වරදින් සිදුවුනාය-] කියන ඇතැම් මුස්ලිමුන්  ගේ පහත් මානසිකත්වයම තියනවා  නම් ඒ අයට කෙමෙන්ට් තීරය හරහා අදහස් පලකරලා සංවාදයකට එකතු වෙන්න පුලුවන් .




අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ පාඨක ප්‍රතිචාරයක් 




ඒ වගේම මේ පිලිබඳ කලින් අන්වර් මනතුංග බ්ලොග් අඩවියෙ ඇතිවුනු සංවාදයන්ට පහත ලින්ක් වලින් එකතු වෙන්නත් පුලුවන් .අන්වර් ප්‍රතිචාර වාරණය කරන නිසා ඔවුන්ගේ මතවාදයට එරෙහිව අදහස් දක්වන්න නම් ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්න වේවි . (මුස්ලිම් රටවල නිති වගෙම තමා )
http://www.anvermanatunga.com/2012/12/23/wasthra-sinhala-doc/
http://www.anvermanatunga.com/2012/12/21/kantha-wasthraya-sinhala-doc/

 කොහොම වුනත් ඉස්ලාමිකයන් පලකරපු ඒ ලිපි එක්ක මතවාදීමය වශයෙන් ගැටෙත්දි , අන්වර් මනතුංග සිංහල බෞද්ධ  උගතෙකුගේ කියල ලිපියක් ඊයේ දවස තුල පලකරනවා .  අන්වර්ගේ පිට කැසීමට අමතරව මේ ලිපිය පුරාම දකින්න තියන මතවාදය අන්තවාදී ඉස්ලාමිකයෙකුටත් එහා ගිය , සිංහල සමාජයේ කාන්තාවන් තුට්ටුවට දාල කථාකරන  ස්වාභාවයෙන් යුක්තයි .  අන්වර් විසින් පහත  ආකාරයට දක්වලා තියන අදාල බුද්ධිමතා  දක්වපු අදහස් කිහිපයක් තමයි පහලින් උපුටා දක්වලා තියෙන්නේ

Anver - //අද අන්තර්ජාල අඩවි ලිපි වලට ලැබෙන ප්‍රතිචාරයන්ගේ ගුණාත්මක බව විශාල වශයෙන් පිරිහී ඇති යුගයකි. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ යනු අන්තර්ජාල අඩවි තුල ඉතාමත් ගුණාත්මක පාඨක ප්‍රතිචාරයන් දමන්නාවු මධ්‍යස්ථ මතධාරී බෞද්ධ විද්වතෙකි. ඔහු අපගේ අඩවියේද පාඨකයෙක් වන අතර විශේෂ අවස්ථාවන්හිදී තමන්ගේ බුද්ධිමත් අදහස් සංවාදයන්ට යොමුකර ඇත.//

විද්වතාගේ අදහස් කිහිපයක් - 

01) //. ඉතින් ඇයි මේ සිංහල බෞද්ධ යුවතියන් තමන්ගේ සිරුර නිරාවරණය කරගෙන මේ විදිහට පිරිමින්ගේ යටපත් වෙලා තිබෙන හැඟීම් ආශාවල් අවදි කරවලා අවුස්සලා දාලා මේ විදිහට කටයුතු කරන්නේ. ඒකෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා ඇත්තටම මට නම් තේරෙන්නේ නැහැ. බොරුවට පිරිමියෙකුව කාමාශාවෙන් අවුස්සන විදිහට ඇඳුම් ඇඳලා ඊට පස්සේ බොරුවට ඒක සිංහල බෞද්ධ කාන්තා අපේ අයිතිවාසිකමක් අපිට ඒකට සම අයිතියක් තියනවා කියලා කිව්වට වැඩක් නැහැ. ඒ වගේ අසික්කිත ඇඳුමක් ඇඳගෙන ගිහින් පිරිමියෙකු හෝ පිරිමි පිරිසක් අතින් දූෂණය වුනාට පස්සේ බොරුවට ඒ පිරිමියට හරි පිරිමි පිරිසට හරි බැනලා පලි ගහලා හෙන ඉල්ලලා නඩු දාලා වැඩක් ඇත්තෙම නැහැ. එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයිනේ. පිරිමියා හා පිරිමි පිරිස හරි තමන්ගේ ඕන දේ ඒ සිංහල බෞද්ධ යුවතියගෙන් කැමැත්තෙන් හරි බලහත්කාරයෙන් හරි අරගෙන ඉවරයි එතකොට. පෙරහැර ගියාට පස්සේ මොනවා කලත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ පොලිසී ගිහිල්ලා පෙරකදෝරුවෝ පස්සේ ගිහිල්ලා උසාවි ගිහිල්ලා නීතිඥයෝ අහන ප්‍රශ්න නිසා කලින් සිදුවුනු කායික දූෂණය වගේ කීප ගුණයක් මානසික දූෂණයට පත් වෙලා නඩු කියලා හොඳ පණ ගිහිල්ලා නින්දා අපහාස විඳලා තමන්ගේ චරිතව හොඳ නම කැළැල් කරගෙන වෙන්න ඕන හැමදේම වෙලා ඒ විත්තිකරුවට හෝ විත්තිකරුවන්ට දඬුවම් කලාට වැඩක් නැහැ. මොකද ඒ වෙනකොට ඒ සිංහල බෞද්ධ යුවතියට වෙන්න ඕන හැම දේම වෙලා ඉවරයි. ඉතින් මේකය සිංහල බෞද්ධ යුවතියන්ටත් කරන්න ඕන වෙලා තියෙන්නේ. යස අපූරුවට හොඳට ඉන්න පිරිමින්ව අඩ නිරුවත හා නිරුවත පෙනෙන ඇඳුම් පැළඳුම් මඟින් අවුස්සලා ඔවුන්ට කියලා තමන්ව දූෂණය කරගෙන බොරුවට ඒ අයට පස්සේ චෝදනා කරන්නද සිංහල බෞද්ධ යුවතියන්ට ඕන//

02) //මොකද අද ඉතාම වේගවෙන් සිංහල බෞද්ධ පිරිමි අය මුස්ලිම් යුවතියන්ට ආකර්ශණය වෙමින් ඉන්නවා. නමුත් මුස්ලිම් යුවතියන් ඉතාම ලැජ්ජාශීලිව යහගුණවත්ව ආගමානුකූලව හැඳෙන වැඩෙන යුවතියන් නිසා ඔවුන් සිංහල බෞද්ධ තරුණයන්ට වඩා මුස්ලිම් තරුණයන්ට කැමති වෙන්න පුලුවන්. ඒත් සිංහල බෞද්ධ තරුණයන් මුස්ලිම් යුවතියන්ගේ ඒ හැදියාවට කැමති වෙන්න ප්‍රධානතම හේතුව මුස්ලිම් යුවතියකගේ බාහිරව ඇඳුමින් පැළඳුමින් ප්‍රදර්ශනය වන සංවර කම හා හැදියාවටයි. ඒක සිංහල බෞද්ධ යුවතිකගේ අඩනිරුවත් ඇඳුම් පැළඳුමකට ලබාගත නොහැකි ආකර්ශණයක්. මේක නිසා දැන් බොහෝ සිංහල බෞද්ධ යුවතියන් ඉතාම දැඩි විදිහට ඊර්ෂ්‍යාවට පත් වෙලා ඉන්නේ මුස්ලිම් යුවතියන් සමඟ කියලා ආරංචියි. සමහර සිංහල බෞද්ධ යුවතියන් මුස්ලිම් යුවති යන් හිස ආවරණය කරගැනීම සඳහා භාවිතා කරන මුහුණු හා හිස් ආවරණයට සමානවම පැළඳුමක් මසා ගෙන අලංකාරය පිණිස පළඳින බව දැක ගැනීමට ලැබෙනවා මඟතොට යද්දී//



විද්වතාගේ විද්වත් අදහස් ගැන වැඩි විස්තර ඕනි නම් අදාල ලිපියටම ගිහින් බලාගන්න පුලුවන් . ඔය විද්වත්ය කියන මහත්තයගේ සම්පූර්ණ නමම ගුගල් කලේ ඔහුගේ අදහස් වල "හොඳ" කම නිසාත් , සාමාන්‍යෙන්  අන්තර්ජාලය තුලදි පුද්ගලයන් භාවිතා නොකරන ආචාර්ය පට්ටම් සහ සම්පූර්‍න නාමයමත් භාවිතා කරල තිබීම නිසා . 

 ඔබටත් ඒ දේම කරල  ඒ පුද්ගලයාගේ නමින් තියන විවිධාකාරයේ  හිස් බ්ලොග් අඩවි  රාශියක් වගේම  සමහර තැන්වලදී දක්වලා තියන පාඨක ප්‍රතිචාරත් දැකගන්න පුලුවන් . ඒ වගේම සිංහල කාන්තාව මුස්ලිම් කරණය කරන්න හදන අදාල පුද්ගලයාගේ ෆෙස්බුක් සහ ගුගල්+ පිටුත් නරඹන්න හැකියාව තියනවා .  කාන්තාවක් දූෂණය වීමේ වරද කාන්තාව මතම පටවන්න තරම් " ශ්‍රේෂ්ඨ " බුද්ධියක් තියන මේ විද්වතා අපුරුම චරිතයක් බව දැනගන්න ලැබෙන්නේ ඔය සෙවිමෙන් . පහලින් දක්වලා තියෙන්නේ සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය කරන්න අන්වර් උන්නැහේ යොදාගත්ත "සිංහල බෞද්ධ විද්වතාගේ " ප්‍රසිද්ධ අන්තර්ජාල භාවිතාවන් වලට සාක්ෂි  කිහිපයක් , ඒවා  කියවීමම බුද්ධිමත්  බ්ලොග් පාඨකයෙකුට ප්‍රමාණවත්  නිසා අමුතුවෙන් විග්‍රහ කරන්න යන්නේ නෑ 




ෆේස් බුක් පිටුවේ කමෙන්ට්  සහිතව පහලට ටිකක් කියවාගෙන  ගියා නම් පුද්ගලයා ගැන අදහසක් ගන්න පුලුවන් 

අදාල පුද්ගලයාගේ නමින් බ්ලොග් අඩවි රාශියක් ක්‍රියාත්මකයි , බහුතරයක් හිස් . මේ බුදු දහම පිලිබඳ ලියවුනු බ්ලොග් අඩවියක් . ගැනුන්ගේ ඇඳුම් නිසා ලිංගික ආශාවන් උත්දීපනය වෙනවාය කියන මේ විද්වතා බුදු දහම ගැන ලියන අස්සේ දාල තියන ඡායාරූප මොනවගේද කියල මදක් පිරික්සුවොත් දැනගන්න පුලුවන් 

http://ananthayadakva.blogspot.com/

අදාල පුද්ගලයාගේ නමින් ලංකාදීප වෙබ් අඩවියේ නිතරම කමෙන්ටු පලවෙලා තියන බව පේනවා , පහල සබැඳිවල තියන ලිපි වල ඔහුගේ නමින් තියන ඇතැම් කමෙන්ටුත් ඔහු ගැන අදහසක් ලබාගන්න ප්‍රයෝජනවත් වෙනවා


http://www.lankadeepa.lk/index.php/articles/45272

http://www.lankadeepa.lk/index.php/articles/46054

සිහි බුද්ධියක් ඇතිව කමෙන්ටු කියවාගෙන ගියොත්  වෙන්න මොකක්ද කියල තේරුම් ගන්න පුලුවන් . මේ පුද්ගලයා තරුණ රංගන ශිල්පිනියන් දෙදෙනෙක්ගේ නමුත් භාවිතා කරල තියන බව පේන්න තියනවා . මේ එක් රංගන ශිල්පිනියක් ගැන තවත් තැනක දක්වපු අදහස් තමයි මේ තියෙන්නේ . එතනදි කමෙන්ට් එක ගුගල් + ප්‍රොෆයිල් එකෙන්ම දාලා තියනවා බලාගන්න පුලුවන් . 

http://gossiplankanewsnow.blogspot.com/2010/12/blog-post_8419.html

අන්වර් මනතුංගට එවපු ලිපියේ කාන්තාවන්ට ඔලොගු පෙරවන්න කථා කරපු කෙනා අදාල රංගන ශිල්පිනියගේ රංගනයන් අනුමත කරන්නේ කොහොමද කියන එක බරපතල ප්‍රශ්නයක් . ඒ වගේම ඔහු පෙන්වන්න හදන මිත්‍රකම ගැනත් අදාල නිලියව පෞද්ගලිකව දන්න කෙනෙක් ඉන්නවා නම් ඔය ලින්ක් එකේ තියන ලිපිය පෙන්වලා අහගන්න පුලුවන් 




  .ඉතා ලාබාල රංගන ශිල්පිනියක් ගැන ඔහුගේ ෆේස්බුකිය තුල සඳහන් කරල තියෙන්නෙ මෙහෙම 




ඔයිට අමතරව  , මේ පුද්ගලයා අරුණි  ශපිරෝ බ්ලොග් අඩවියෙත් වාතයක් වෙන්න  බවට සාධකයක් තමයි මේ

LINK



අන්වර් මනතුංගගේ "බෞද්ධ විදවතා" මොන වගේ පොරක්ද කියල හඳුනාගන්න ඔය තොරතුරු ප්‍රමාණවත් කියල මම හිතනවා . තමන්ගේ ආගමික ඉගැන්වීම් ගැන අදහස් පලකරන්න අන්වර් මනතුංග මහත්තයට වගේම ඔහුගේ අඩවියේ ලිපි පලකරන මුස්ලිම් ජාතික සහෝදර සහෝදරියන්ට තියන අයිතියට  ගරු කරන්නත් , ඒවාට එකඟ නොවන වෙලාවලදි සංවාදයකට එකතු වෙන්නත් බුවා සුදානම් . නමුත් සිංහල බෞද්ධ විද්වතෙක්ය කියල "නට් කේස්" එකක්  උලුප්පලා අරන්  තමන්ගේ මතය තහවුරු කරන්න වෙනත් ආගමක් සහ ජාතියක මතවාදයක් විදිහට භාවිතා කිරීම  නම් තරයේ හෙලාදකිනවා . 

ප.ලි- මේ සිදුවීම් පිටුපස කාගේ හෝ පුද්ගල අනෙන්‍යතාවයක් හොරකම් කිරීමක් සිදුවෙලා තියෙන්න පුලුවන්  බවත් අමතක කරන්න බෑ 



Comments

  1. අනේ මචන් මට නම් ඔය දේවල් දැකලම එපා වෙලා.ඔය වගේ අයට
    කියල තේරුම් කරන්න බැහැ මචන්..

    ReplyDelete
    Replies
    1. තේරුම් කරන්න බැ , නමුත් තනියම ගන්න ආතල් එකට පොඩි විරෝධයක් පලකරන්න පුලුවන් !

      Delete
    2. ආචාර්ය සුජීව නිශාන්ත හේවගේ නමින් කවරෙක් හෝ ෆේක් ප්‍රොෆයිල් ගණනාවක් රන් කරන බව එතුමා මට වරක් පැවසුවා.

      සංජය දිසානායක - කැලණිය.

      Delete
    3. ඉතින් බං තැන තැන කිය කිය ඉන්නෙ නැතුව SLCERT (http://www.slcert.gov.lk/report.html) එකට කිව්ව නම් ඉවරනෙ. උඹ සිරාවටම මේ ඇත්ත බුවා දන්නවනම් ගිහින් කියපන්කො. ඇයි හත්තිලව්වෙ බුවාගෙ පේපර් එකක ක්‍රෙඩිබිලිටිය වත් නැති වෙනවනෙ මෙහෙම උනාම.

      Delete
  2. මචන් බුවා අන්වර් මනතුංග කියන පිස්සු *ත්තගේ බ්ලොග් එකේ කමෙන්ට් දාන්න බොට අමු කැවිලද . ඔය එක එක නම් වලින් ඕකට ලියුම් ලියන්නෙත් ඕකමයි , කමෙන්ට් වලිනුත් ඕකට ඔනි ටික විතරයි දාන්නේ . ඕකුන් එක්ක කථා කරන්න දෙයක් නෑ බන් , මල පොතේ අකුරක් දන්නේ නැති බාල අපචාර කාරයෙක්ගේ ආගමේ මොන කාන්තා විමුක්තියක්ද , උන්ගේ සිඟිත් ආතල් උන්ටම තියාගන්න කියල වෙනදා ලියන එව්වාම ලියාගෙන හිටහන් . මේ මුස්ලිම් *කයින්ගේ රෙද්දවල් කියවලාම ඇතිවෙලා . මෙවයින් වෙන්නේ උන්ට වැඩිපුර පබ්ලිසිටි හම්බුවෙන එක . අන්වර් කාරයා ෆේස් බුක් එකේ ඇඩුත් දානව කියල එකෙක් කිව්වා .ඌට එවට සල්ලි එන්නේ ඔය ලියන කෙහෙල්මල් නිසා උඹල කරන්නෙ ඌට බැන බෑන තව තවත් ඌව චූන් කරන එක

    ReplyDelete
    Replies
    1. ඔයගොල්ලෝ සේරම ටික මගේ සායම ඇර ඇර නේද හිටියේ. කවුරු නමුත් මගේ නම වැරදියට භාවිතා කරනවා. මමත් බලාගෙන හරිම වැරදියි මේකට මොකක්ද මම කරන්නේ

      Delete
  3. අන්වර්ට අවශ්‍ය අන්තවාදය වූවාට අප එම තත්ත්වයට වැටිය යුතු නැහැ. ඒ වාගේම එවැනි බ්ලොග් සයිට් උස්සා තිබිමේ අවශ්‍යතාවයක් ද නැත. එවැනි බ්ලොග් සයිට් කිසිම බේදයකින් තොරව රටේ එකමුතුභාවයට කරනුයේ පහරකි.
    නමුත්, රටක් විදිහට පිරිහීමට ද ඉඩ නොදෙමු.
    අන්තවාදය ආශිර්වාදයක් කර ගනුයේ පවතින දේශපාලනයේ අර්බුධ වසා ගැනීමටය. එයද අප අවබෝධකරගත යුතුය.

    ReplyDelete
  4. බුවා.... වෙන මුකුත් කියවන්න ඕනේ නෑ.. අරුණිගේ බ්ලොග් එකේ වෙලා තියෙල හරිය කියෙව්වම ඇති මේ මනුස්සයාගේ මොලේ තරම හිතා ගන්න... හි හි...

    ”ගෑණු හිතන්‌ෙන් ඇඳුම් පැළඳුම් ගැන, සුවඳ විලවුන් ගැන කියලා මම හිතාගෙන හිටියේ....”
    හි හි...
    අම්මපා මෙහෙමත් මොලේ අමාරුකාරයෝ ඉන්නවානේ...

    ReplyDelete
    Replies
    1. ඒ කැල්ල දැක්කේ ඔය කිව්වට පස්සෙ ගිහින් කියවපුවාම , හොඳම නට් කේස් එකක්

      Delete

  5. http://www.slideshare.net/ssuser916aee/drsujith-nishantha-hewage-12807890

    ඔය සුජිත් නිශාන්ත කියන්නෙ පොඩ්ඩක් නෙමෙයි ගොඩක් අවුල් බුවෙක්. මිනිහගෙ විස්තර දැන ගන්න සහ මිනිහ මොන තාලෙ කෙනෙක් ද කියල දැන ගන්න මේ ලින්ක් එකේ ඒකම ලියබු බයෝ ඩේට එක කියෙව්වනං ඇති. උඹට මේ කතාව අමතක නැතුව ඇති කියල හිතනව.

    Don't argue with idiots. They'll drag you down to their level and beat you with experience

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අවවාදයට . අමුතුම අවුලක් තියන පුද්ගලයෙක් තමයි

      Delete
  6. අර උඩින්ම දාලා තියන පින්තූරය ඉතාම ලොල් සහගතයි.එතනම තේරුම් ගන්න පුලුවන් මුස්ලිම් කානතාවගේ නිදහස.අන්වර්ගේ තර්කේ අමු පුස්සක්

    ReplyDelete
    Replies
    1. ඔය රූපයෙන් සැහෙන කථාවක් කියවෙනවා , ඒ නිසාම තමයි හොයාගෙන දැම්මේ කාලයට කලින් මුණුපොතේ දැකපු මතයකින් . ත්‍රි ඉඩියට්ස් චිත්‍රපටිය මතක නම් ඔය කතන්දරයම රූපරාමුවකට අහු කරලා තිබුනා

      Delete
  7. මම නම් හිතන්නේ අනිවාර්යෙන් වෙන කෙනෙක්ගේ නම භාවිතයක් සිද්ද වෙනවා ඇති ,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට , එහෙම වෙන්න බැරි නෑ . නමුත් අදාල පුද්ගලයගේ ජීව දත්ත එක්ක තියන විස්තරය ආදිය බැලුවාම එයාම තමයි මේ කියලත් හිතෙනවා

      Delete
  8. මගේ බ්ලොග් අඩවියෙනුත් ඔය සිංහල බෞද්ධ විද්වතා බ්ලොක් කරලයි තියෙන්නෙ...
    ඒ විතරක් නෙවෙයි මගේ බ්ලොග් එකේ ඔය විද්වතා වෙනුවෙන් තරුණියන් ගණනාවක් බොහොම ආදරයෙන් කොමෙන්ට් කරලා තිබුණා.. හොයාගෙන ගියාම එකම තැනකින් තමයි විවිධ නම් වලින් මේ කොමෙන්ට් ඇවිත් තිබුණෙ...

    ඔන්න ඕකයි විද්වතාගෙ මානසිකත්‍වය... අන්වර්ට ලොකු වුනාට ඔය විද්වතා මට නං සත පහකට ලොකු නෑ..

    තව දවසක් මට ඊ මේල් එකක් එවලා තිබුණා බටහිර රටක රැකියාවක් හොයලා දෙන්න කියලා.... ඒක වෙනම දෙයක්..

    මමත් ඕකට කමෙන්ට් කරන්න හදලා, නැවතත් නතර වුනේ ඒ අඩවියෙ මම කොමෙන්ට් කරන එක පෞද්ගලිකව නවත්වපු නිසා... එතන යන්නෙ වෙනම දෙයක්...
    දැන් දාලා තියෙන ලිපියක තියෙන්නෙ ඉස්ලාමයෙ යුද්ධ කරන්න ඕන විදිය දක්වලා.. මොන ආගමකද යුද්ධ කරලා මිනිස්සු මරන්න කියලා කියන්නෙ ? ඉතිං මට පුකෙනුත් හිනා ගියා....

    ReplyDelete
    Replies
    1. //ඒ විතරක් නෙවෙයි මගේ බ්ලොග් එකේ ඔය විද්වතා වෙනුවෙන් තරුණියන් ගණනාවක් බොහොම ආදරයෙන් කොමෙන්ට් කරලා තිබුණා//

      බරපතල මානසික රෝගයක් තියන කෙනෙක් බව නම් පේන්න තියනවා , ඔය තරුණියන්ගේ කමෙන්ට් කතන්දරය ලංකාදීපේ කමෙන්ට් වලදිත් එහෙමමයි. බැලුවාම සිංහල බ්ලොග් අවකාශයට කාලෙකට කලින් රිංගපු කෙනෙක් මම නොදැන හිටියට .
      //දැන් දාලා තියෙන ලිපියක තියෙන්නෙ ඉස්ලාමයෙ යුද්ධ කරන්න ඕන විදිය දක්වලා.. මොන ආගමකද යුද්ධ කරලා මිනිස්සු මරන්න කියලා කියන්නෙ ? ඉතිං මට පුකෙනුත් හිනා ගියා.//

      අනේද කියන්නේ අනික් ආගම් වල සතුරාට මෛත්‍රි කරන්න , ප්‍රේම කරන්න කියන කොට මේකේ මරන හැටි , බෙලි කපන හැටි උගන්වනවා . ඔය මාතෘකාව ගැන ලිපියකින්ම තමයි අන්වර්ගේ බ්ලොග් එකේ කමෙන්ට් දාන්න පටන් ගත්තේත්

      Delete
  9. මාත් හිතන්නේ ඔය මනුස්සයාගේ පෞද්ගලිකත්වය කව්රු හරි විනාෂ කරනවා කියලා.නැත්තම් ටෙලිෆෝන් නමබර් එකයි ගෙදර ඇඩ්‍රස් එකයි දායි කියලා හිතන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ , බලන්නකො පොඩ්ඩක් ඉන්දික උපශාන්ත සහෝදරය දීල තියන බයෝ ඩෙටා ටික . පොර එක්කෙනාමයි කියලත් හිතෙනවා . කාසි දාන ෆෝන් එකක් නැ අහල පහල නැත්නම් නම්බරේට කෝල් එකක් දීල බලන්නවත් තිබුනා අඩුම තරමේ වැඩ කරනවද වත් කියල

      Delete
  10. ඒක මුස්ලිම් උන්ගේ වැරැද්දක් විදිහට මම දකින්නේ නෑ. එතන මුස්ලිම් ආගමෑඉ දර්ෂනයේ තියෙන වැරැද්දක්. අල්ලාහ දෙවියෝ දෙශනා කරපු මේ ආගම දැඩි මත දාරි එකක්. ඔතනදි අපේ බුද්ධාගම, ක්‍රිස්තියානි ආගම වගේ ආගම් ඉස්ලාමය තරම් මත දාරි නෑ. බෞද්ධනම් කොහොම වත් නෑ. ඕන්නම් විස්වාස කරපල්ල නැත්තම් හිටපල්ලා වගේ. නමුත් ඉස්ලාමයේ තනිකරම තියෙන්නේ උබ මේක විස්වාස කරපං කියන මතයේ. ඉතින් ඔතනට අන්තවාදී හැටියට අපට පෙනෙනවා. ඒක වැරැද්දක් නෙමේ. නමුත් මේ හැම එහෙකින්ම අන්තිමට වෙන්නේ ලංකාවේ කෑල්ල්ලක් කොටි කඩා ගන්න ට්‍රය් කරනවා වගේ. මුස්ලිම් උනුත් ට්‍රය් කරන්න ඉඩ තියෙන්මවා.

    vedak ne balalaa

    ReplyDelete
    Replies
    1. තමන් අන්තවාදයක් බදාගෙන ඉන්නවාය කියල නොතෙරෙන එක තමයි මුස්ලිම් වරුන්ගේ වැරැද්ද . ඒක තේරුම් ගන්න තරම් විචාර බුද්ධියක් ඔවුන් තුල පිහිටන්නේ නෑ . අරාබි රටවල ස්වදේශිකයින් කියන්නෙත් සල්ලි තියන ඔටුවො ජාතියක් වගේ වෙලා තියෙන්නේ ඒකයි . හදන බිල්ඩින් , දුපත් වල මොල සුද්දන්ගේ සහ අපේ (දකුණු ආසියානු ) මිනිස්සුන්ගේ . මුස්ලිම් අය කැලි කඩාගත්තේ පකිස්ථානය විතරයි (මම දන්න තරමින් ) . ඒකත් අන්තිම අසාර්ථක රාජ්‍යයක් බවට පත්වෙලා ඉවරයි මේ වෙනකොට . අනික් රටවල් ගෙඩිය පිටින්ම තමයි අල්ලගෙන තියෙන්නේ . නාලන්ද විශ්ව විද්‍යාලය ගිනි තිබ්බෙත් එයැයිලාගේම කට්ටියනේ . සුද්දො (බටහිර ජාතින් ) ලංකාව විතරක් නෙවෙයි ඉන්දියාවත් ගෙඩිය පිටින්ම මුස්ලිම් වෙන්න ඉඩ තිබුනා

      Delete
    2. [ක්‍රිස්තියානි ආගම වගේ ආගම් ඉස්ලාමය තරම් මත දාරි නෑ]

      මේක වැරදි කතාවක්. ක්‍රිස්තියානියේ මතදාරී අදහස් ඕනෙ තරම් තිබුනත් අද ක්‍රිස්තියානි ආගමිකය්න් ඒ අදහස් වලින් ඉවත්වෙලා තියනව. එපමන්ක් නෙමේ පල්ලියේ තියන එවන් අදහස් විවේචනය කරනව. උපත් පාලනය ගැන, අමෙරිකාවේ පාසල් වල මැවුම්වාදය ඉගැන්වීමට ගත්ත උත්සහය ගැන එහෙම හොයල බලන්න.

      ඉස්ලාම් ආගමේ සිදු නොවන්නෙ ඔය හරිය. ඒකයි මේ තරම් දුරට ප්‍රශ්නයක් වී තිබෙන්නේ

      ඒ නිසා එයාලට වෙනස්වෙන්න බැ එයා පවු වගේ බබා උක්කුන් කතා කියන්න එපා. වෙනස් වෙන්න උවමනාවක් තිබේ නම් වෙනස් වෙන්න අවස්තාවක් ලබා දියයුතුයි, හැබැයි හැමදාටම නෙමේ.

      Delete
    3. //ක්‍රිස්තියානියේ මතදාරී අදහස් ඕනෙ තරම් තිබුනත් අද ක්‍රිස්තියානි ආගමිකය්න් ඒ අදහස් වලින් ඉවත්වෙලා තියනව.//

      ඒකම ලොකු දෙයක් නේද?

      ඒත් මුස්ලිමුන් කවදාවත් එහෙම වෙනස් වේවිද? අඩු ගානේ වෙනස් විය යුතුයි කියලා හිතන්න තරම්වත් පුළුවන් කමක් තියනවද

      Delete
  11. ම්...තවත් ලිපියකට හොද මාතෘකාවක් ලැබුනා වගෙයි. බලමු ලැබුනොත් මමත් මේ ගැන මගේ අදහස කියන්නම්....

    ReplyDelete
    Replies
    1. අපිත් එන්නම් සංවාදෙට එකතු වෙන්න

      Delete
  12. බුවාගේ ලිපිය දැකලා මාත් ගියා අන්වර් මහත්තයගේ බ්ලොග බලන්ඩ.මරු තැන අප්පා.ෆට්ට තර්ක.මහින්ද ලොක්කා වගේ ටෝක් දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හොඳ ආතල් එකක් ගන්න පුලුවන් තර්ක තමා තියෙන්නේ . ඒ නිසාම තමයි ටික දවසක් කමෙන්ට් දාගෙන ගියේ . වැඩේ තියෙන්නේ කවුරු මොනා කිව්වද කියල ටික වෙලාවකින් මට හොයා ගන්නත් බෑ (අන්වර්ට ඕනි වෙලාවටනෙ පබ්ලිශ් කරන්නෙත් ) . හැම එකාම උත්තර දෙන්න එනව මට . සමහර කමෙන්ට් දකින්නෙත් පරක්කුවෙලා . නැත්නම් ඒ තර්ක වලට උත්තර දෙන එක ආතල් වැඩේ .හරියට තර්කයක් ගොඩ නගන්න පුලුවන් දෙන්නයි තුන්දෙනයි ඉන්නේ . අනික් කට්ටියට කොහේ ගියත් කුරාණයෙන් එලියේ තර්ක නෑ

      Delete
  13. මචන් මට නම් හිතෙනෙන්නෙ ඔහොම පුද්ගලයෙක් ඇත්තටම නෑ කියලයි සමහර විට නිශාන් කියනව වගේ අනන්‍යතා හොරකමක් වෙන්නත් පුලුවන්. ඉතින් බං තමන් ගෙ පැවැත්ම ගැනම බොරු කරන හොරෙක් කියන දේවල් වලට අපි පිලිතුරු දිය යුතුද? මට නම් කියන්න තියෙන්නෙ කබ්බො ෆොම් කරන්න එපා කියලයි. හැබැයි මචන් මුගෙ ගෑනි කියල තියන එක නම් පට්ට කෑල්ලක් වගෙ :P

    https://www.facebook.com/dr.snhewage/posts/483774811664729

    ReplyDelete
    Replies
    1. අන්වර් කබ්බව ෆෝම් කරල "සිංහල බෞද්ධ විද්වත් " කැල්ලක් ගහන කොට නිකන්ම බලාගෙන ඉන්නත් බැනේ . ඒ නිසා තමයි අන්වර්ගේ අන්තර්ජාල බුද්ධිමතාගේ තත්වය පොඩ්ඩක් පෙන්නලා දෙන්න උනේ

      Delete
  14. මේ ඇල්බම් එක දැක්කම නම් හිතෙන්නෙ අන්‍යතා හොරකමක් කියලයි https://www.facebook.com/media/set/?set=a.176762109104527.37713.100003122172705&type=3

    දෙකෙන් මොක උනත් මේ වගේ පිස්සු හු**ල කියන දේ වලට උත්තර දෙන්න වචන් නාස්ති කරන්න එපා කියලයි කියන්න තියෙන්නෙ :)

    මචන් අර සිංහල ජාතිය වද වෙන සීන් එකට පොස්ට් එකක් දාපන්කො මෙකෙ දීල තියන දත්ත හැටියට නම් වැඩිවෙනව මිසක් අඩු වෙලා නෑ. හැබැයි වැඩි වෙන වේගෙ අඩු වෙලා. දෙමල මිනිස්සු නම් අඩු වෙනව වගේ.
    http://thahanamwachana.blogspot.com/2012/12/blog-post_29.html

    ඔය ගැන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේම අලුත් සංගනනෙ "ඇත්ත" දත්ත ටික හොයාගෙන පොඩ්ඩක් දාපන්. මුං මෙ කියන්නෙ ඇත්තද කියල.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අවවාදෙට . මම කලින් ලියපු ලිපියකදි අන්වර්ගෙ බ්ලොග් එකේ ලියන මහත්තයෙක් සංඛ්‍යා ලේඛන අරගෙන ආවා සිංහල ජනඝහනය මුස්ලිම් ජනඝහනයට වඩා වැඩිවෙනවාය කියලා තර්කයක් අරන් , එතනදි මම දාපු තර්කය

      //සිංහල සහ මුස්ලිම් ප්‍රජාව අතර ජනඝහන අනුපාතය අරන් බලන්න (මුස්ලිම්/සිංහල ) 1981 -2001-2012 බැලුවාම පේන දේ අගය ඉහල යනවාය කියන එක . තවත් විදිහකින් කිව්වොත් 1981-2012 කාල පරාසය තුල රටේ සමස්ථ ජනඝනය තුල සිංහලයින් ප්‍රතිශතය ~1%කින් වැඩි වෙලා තියෙත්දි මුස්ලිම් ප්‍රතිශතය ~2%කින් ඉහල ගිහින්//

      ඒ මහත්තය එතකොට කීවේ 1%කටද දඟලන්නේ කියල , කුලප්පු වෙලා සිංහල බෞද්ධ කණ්ඩායම් කියන තරම් ඉක්මනින් නැතත් , කාලයත් එක්ක රටේ සිංහල මුස්ලිම් ජනඝහන අනුපාතය වෙනස් වෙන බව පේන්න තියනවා . 9%ක් ඉඳල අපිටත් හලාල් කවන කොට , තව ඩිංගිත්තක් වැඩි වුනොත් කොහොම වේවිද

      http://buwagesithuvili.blogspot.com/2012/12/blog-post_14.html

      Delete
  15. බුවා මං ඔය කියන මනතුංග කියන පිස්සගේ බ්ලොගයට ගොඩවදින්නෙවත් නෑ දැන්.මූ අමු අන්ත වාදියෙක්. මෙයාගේ දේවල් වලට උත්තර දෙන්න ගියොත් අපිත් ඒ තත්ත්වෙටම වැටෙනවා. ඒත් මං ඔබේ මේ අදහසට කැමතියි
    // පිරිමින්ගේ වලත්ත කම් වලට කාන්තාව වැසීමේ අයුක්තිසහගත නිතියේ ගෝත්‍රික ස්වාභාවය පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකකුත් නෑ//

    ReplyDelete
  16. මානසික රෝගී පිස්සන් ගැන කාලය කන්න නරකයි එත් අපේ රටේ මේ වගේ පිස්සෝ ලේසියෙන් පිස්සන් කොටුවට යන්නේ නෑ ජාතික යැයි කියන පත්තර පඩංගු වල කතු වරු මුන්ගේ ලිපිත් පල කරනවා. ලිපි දාල ටික කලකින් මුන් මාර චරිත වෙලා සමහරු ෆලෝ කරන්නත් ගන්නවා ඒක නිසා මෙහෙම කුඩුවෙන්න ගහන්න ඕන

    ReplyDelete
    Replies
    1. ජාතික පත්තරවල කෘතුතුමල් වැඩි හරියක් ලොන්ඩරි රස්සාව කරන අයනේ . තමන්ට නොතේරුනත් සිරියස් කියල හිතුනොත් පල නොකර ඉන්නෙ නෑ .මොකද ලොන්ඩරියේ කැත වැහෙන්නත් මොනව හරි පත්තරේ තියෙන්න වෙනවනේ

      Delete
  17. නව දිල්ලියේ බස් රථයක් තුළ සමූහ දූෂණයට ලක් වූ 23 හැවිරිදි තරුණිය අද සවස 2.15 ට අවසන් හුස්ම හෙළුවාය. අනේ අපට කමක් නැත. අපේ නෙමේ නේ? තව ටික දොහකින් අපේ වුන්ට ඕක මතක නැතිවනු ඇත.

    ගැටලුව එය නොවේ. එක්තරා අන්තවාදී ආගමික අදහස් දරන (මා ආගම කුමක්දැයි මෙහිදී කීමෙන් වළකිමි) පුද්ගලයකු මේ ගැන මට මෙසේ කියයි:

    "කාලයට උචිත මාතෘකාවක්,මමකමති මාගේ සිංහල සහෝදර ,සහෝදරියන්ගෙන් දැනගන්න , අපේ පැරණි සමාජයේ තිබුනා වචන දෙකක් 1.ලැජ්ජාව, 2.විලි ලැජ්ජාව , මේ වචන දෙකේ සැබෑ අර්ථ කථනය කුමක්ද?"

    එතකොට මේ කෙල්ල රේප් උනේ විලි ලජ්ජා නැති විදිහට හෝ විලි ලජ්ජා නැති තැනක හෝ විලි ලජ්ජා නැති වෙලාවක උන්නු නිසා කියලද මචං උඹ ඔය කියන්නේ?

    අන්න හරි මචං.. නියම කතාව. ඔහොම තමා කරන්න ඕනේ පට්ට පඳුරු වේස බැල්ලියන්ට.. මුන් රෑ පානේ කොල්ලෝ හම්බ වෙලා වලත්ත කමට *කා ගෙන, බාගෙට ඇඳගෙන අපේ හැගීමුත් අවුස්ස අවුස්ස මෙතන යන හැටි.. ඔහොම තමා කරන්න ඕනේ. බස් එකට නගින කල් ඉඳල යකඩ පොල්ලකින් ගහන්න ඕනේ ඔලුවට. ඊට පස්සේ පිටිපස්සේ සීට් එකට ඇදගෙන ගිහින් මේකිගේ විසේ යනකල් එකාට පස්සේ එකා ගානේ දූෂණය කරන්න ඕනේ හුස්ම ගන්න බැරුව සිහිය නැති වෙනකල්.. අන්තිමට එක කරලා මදි වුණාම අර යකඩ පොල්ලත් ඔබන්න ඕනේ.. පර බැල්ලි.. ජීවත් වෙන්න දෙන්න එපා.. කකුල් දෙකම කැඩෙන්න ගහපන් අර යකඩ පොල්ලෙන්ම. ගහල විසි කරපන් පාරෙ කානුවකට. මැරෙන්න හරියට බැල්ලියෙක් වගේ. යකෝ මේක සදාචාරවත් රටක්. එහෙනම්!

    ReplyDelete
    Replies
    1. ආගම මොකක්ද කියල හිතාගන්න පුලුවන් . මොකද අද දවස ඇතුලේ ඔය වැඩේට විසඳුම් දීපු ආගමිකයින් කව්ද කියල මම දන්න නිසා . ඉතාම කණගාටුදායක සිදුවීමක් . නමුත් ඉන්දියානු මාධ්‍ය ජනතාවගේ පැත්තේ ඉඳන් ක්‍රියාකරපු විදිහ නම් අගය කලයුතුයි . ලංකාවේ සිදුවුනා නම් ඔය වගේ විරෝධාවක් " ස්ත්‍රි දූෂණ " වසන්තයක් ගාණට තමයි ගණන් ගන්නේ . කාන්තාවන්ට ආරක්ෂාව ලබාදීමේ වගකීම ක්‍රියාතමක කරවා ගන්නවා වෙනුවට ඔය වගේ සිදුවීම් වෙන්නේ කාන්තාවන්ගේ වරදින්මයි කියන අයගේ මතයන් තහවුරු වෙන්න නම් කටයුතු සිද්ධ වෙයි .

      Delete
  18. මෙන්න බුවා අර දත්ත ටික. මේක පොඩ්ඩක් හරියට විචාරල ඇත්තටම අපි කලබල වියයුතුද එහෙනම් ඒ කොපමන ප්‍රමානයකටද කියන එක හිතල බලන එක වටිනව.

    ඒ වගෙම කොළඹ සිංහලයො අඩුවෙන කතාවෙත් සත්‍යක් තියනවද කියල හොයන්න වෙනව. දිස්ත්‍රික්කය වශයෙන් නම් එහෙම එකක් නැති බවයි පේන්නෙ. ෆෙස්බුක් මල්ලිල කියන්නෙ නගරසීමාව ගැනද කියන එක නම් මට අදහසක් නෑ.

    2001 PG 10,11 http://www.statistics.gov.lk/PopHouSat/PDF/p7%20population%20and%20Housing%20Text-11-12-06.pdf

    2011 District & DS Division (Take both By Ethnicity &By Religion)
    http://www.statistics.gov.lk/PopHouSat/CPH2011/index.php?fileName=Activities/TentativelistofPublications

    ReplyDelete
    Replies
    1. මම කලින් ප්‍රතිචාරයේදී සඳහන් කලා මගේ පැහැදිලි කිරීම . දැන්ම කලබල නොවුනත් කවදා හෝ කලබල වෙන්න හේතු තියනවා . හැබැයි කලබල ඇති කරන්න ගියොත් නම් වෙන්නේ ප්‍රශ්නය වන වෙන එක . අනුකම්පාව සුලුතර පිඩිතයාට හිමිවෙන එක (කලින් ලිපියෙ ඔය ගැනත් කථා කලා ) . කොළඹ නගර සීමාව ගැන තමයි ඔය කථා වෙන්නේ සමස්ථ දිස්ත්‍රික්කයම නෙවෙයි

      Delete
    2. ඔව් ඒක ඇත්ත ඒ වගෙම බුවා මේ සිංහල බවුද්ද කියන ලේබල එක ගහගන ඔය ගමන යන්න බෑ අපිට ඒ ගැනත් හිතන්න වෙනව. ආගමික අන්තවාදයකට අකමැති නිදහස් චින්තනයක්ට කැමති හැම කෙනෙක්ටම එකතු වෙන්න පුළුවන් එකක් විය යුතුයි මේක. එතකොට එතනට අනෙකුත් සුළු ජාතින් වෙනස් මත දරන්නන් (අනාගමිකයන් අදේවවාදින් ) එකතු වෙන්න පුලුවන්. එහෙම එකක් ලංකාවේ කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙට දෙන්න තියන පිලිතුර තමා 6%. ඒකෙන් ලැබුනු දෙයක් නැති උනත් (?) එක අරමුණක් වටෙ සියල්ලම එකතු වීම වටිනව. අනිත් කාරනෙ එහෙම එකක් ගහගත්තම අනික් අයට ප්‍රශ්න කරන්න තියන ඉඩ වැඩියි නමුත් අන්තවාදයට එරෙහිවීම කියන මහා පොදු සාධකය (ජැකාගෙ වචනයක්ද කොහෙ ) වටේ එකතු උනාම කාටවත් මුකුත් කියන්න බෑ. ඒ වගෙම මේ හලාල් විරොදතාව මේ අතින් ටිකක් මොලේ ඇති තර්කයක් බව කියන්න ඕනෙ. ඒක තර්කානුකූලයි. අනික අනික් පාර්ශවයේ අයිතීන් උල්ලඝනය නොවෙන පිලිවෙලක් ඒකෙ තියනව.

      Delete
  19. https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-prn1/534265_10200237738046161_1078337838_n.jpg


    (Y)

    ReplyDelete
  20. කාන්තාවන්ගේ ඇඳුම් අසංවරද, එහෙම ඇන්දට කමක් නැත්ද කියන කාරණාවල් වෙනම ප්‍රශ්නයක්. ඒ වුනාට එහෙම ඇඳීම වලත්තකම් කිරීමට නිදහසට කරුණක් වෙන්න බැහැ. කවුරුහරි මිනිහෙකුට අර මුස්ලිම් ගෑනුන්ගෙ ලෝගුව දැකල කාමාශාව ඇවිස්සුනොත් මොකද කියන්නෙ?

    ReplyDelete
  21. බූරු මනතුංගලා කවදාවත් උත්තර නොදෙන ඇහුවත් ඩිලීට් කරන ප්‍රශ්ණ කීපයක්:

    1. වැඩියෙන්ම ස්ත්‍රී දූෂණ සිදුවන්නේ කාන්තාවන් සාපෙක්ෂව අඩුවෙන් ඇඳුම් අඳින බටහිර රටවලද? මධ්‍යම ප්‍රමාණයට අඳින ලංකාව වැනි රටවලද? මුස්ලිම් රටවලද?

    2. කාන්තාවන් මුලු සිරුරම වැසෙන ලෙස අඳින මුස්ලිම් රටවල පිරිමින්ට ගෑණු නියපොත්තක් දැක්කත් ***නේ ඇයි?

    3. කාන්තාවන් සිරුර වැසෙන ලෙස ඇඳීමෙන් ස්ත්‍රී දූෂණ අඩුකල හැකිනම් කන්තාවන්ට නිවසින් පිටවීම තහනම් කිරීමෙන් ස්ත්‍රී දූෂණ තවත් අඩුකල හැකි නේද? පිරිමි නෑදෑයන්ටවත් නොපෙනෙන ලෙස ජීවිත කාලයම කාමරයේ මුල්ලකටවී ගත කිරීමට අණ කලානම් තවත් අඩුකර ගත හැකියි!

    ReplyDelete
  22. තමන්ගේ මට්ටම් තම්මට් කිව්වා වගේ මේ මිනිස්සුත් එක්ක කතා නොකර ඉන්න එක ඇඟට ගුණයි වගේ

    ReplyDelete
  23. පිස්සො කරන වැඩ ගණන් ගන්න එපා...

    ReplyDelete
  24. මම අන්වර් මනතුංගගේ බ්ලොග් එක දැක තිබෙනවා. නමුත් කියවා නැහැ. හැබැයි ලංකාදීප පුවත් පතේ අන්තර්ජාල සංස්කරණයට නිතර කමෙන්ට් දමන ඔය විද්වතාව නම් දන්නවා. :ඪ්
    ගැහැණුන්ගේ කැමැත්තට ඕනෙම ඇදුමක් ඇන්දම අපිට මොකද ? මේවා නම් විකාර. ඇයි අපි කලබල වෙන්නේ ගැහැණු අදින පලදින දේ ගැන?

    මම ඔය ජනගහන වර්ධන වේගය පිළිබඳ ලිපියක් ලියනවා. ඒ සදහා එකතු කළ තොරතුර මා සතුව තිබෙනවා. බුවා එවැනි පිලියක් ලියනවා නම් මා සතු තොරතුරුත් දෙන්නම්. මමත් සිතා සිටි තත්ත්වය නෙමේ මේ තොරතුරු වලින් පෙනෙන්නේ.

    ReplyDelete
  25. ඇයි බුවා මහත්තයා අනුන්ගේ අදහස්වලට ගරහන්නේ?ඔබද බෞදධ දර්ශණයේ නිර්මාතෘ?ඔබ වැනි ඔහුත් බෞදධයෙක්.ඔබට වගේම ඔහුටද යම් යම් කෝණයකින් බැලීමේ අයිතියක් ඇත.ඔහු දැකපු දේ ඔහු හිතෙන දේ, ලියන්නට ඔහුට අයිතියක් නැද්ද? ඔහු කුමණ තනතුරක් දැරැවත්,කුමණ මානසිකත්වයකින් හිටියත් ඔබට ඇති අයිතිය කුමක්ද මෙතෙක් ඔහුව විවේචනය කිරීමට?ඔබට එය කියවීමට හෝ දරාගන්න බැරි නම් නොකියවා ඉන්න.බෞදධ ගෑණුන්ට අපහාසාත්මක ලිපි පල වු විට ඔබවද පත් කර තිබෙන්නේ එයට ප්‍රතිචාර ලබා දීමට?ඉස්ලාම් ආගම කිසිවෙකුටත් බල කරන හෝ මුදල්වලට අගමට ගන්න ආගමක් නොවේ.යම් කිසි පුද්ගලයකු ස්වච්චාවෙන් ඉස්ලාම් ආගමට පැමිණෙන්නේ නම් ඔහු/ඇය ගෙන් අනිවාර්්‍යයෙන්ම "ඇයි ඉස්ලාම් ආගම වැලද ගන්නේ ?" යැයි ප්‍රශ්ණ කළ යුතුයි......එවැනි ආගමක මෙවැනි "කෝපි කඩේ" ජවනිකා රග දැක්වීම නිකං පුස්සකි.....

    ReplyDelete
  26. අම්මපා මව් පාර්ශවය මතක්වෙනවා ආචාරියෝ

    ReplyDelete
    Replies
    1. සුනඛයෙකුට කියලා මව් පාර්ශවය කරවාගන්න ඇති.ඒකයි තමන්ට හිවල් මූණක් හය් කරගෙන ඉන්නේ සැබෑ මූන සුඛනයෙක් වගේ නිසා

      Delete
    2. ආචාර්යට සිංහයයි නරියයි අඳුන්ගන්නත් බෑ , තමන්ගේ අම්මගෙන් මිම්මෙන් අනුන්ව මනින එක වැරදියි කියල ආචාරිට කවදා තේරෙයිද ?

      Delete
  27. එල මචං! අන්වර්යගෙ පුක රත්වෙලා ඉන්නෙ. අන්න පෝස්ට් එකකුත් දාල උඹට එරෙහිව. මමත් ඕකගෙ පෝස්ට් වලට කමෙන්ට් කරනව. ඒත් උඹ කිව්ව වගේ අරාබියෙ වගේ ඕක ඒව දාන්නෙ නැහැ වාරණය. ඕකගෙ පටි රෝල්වෙනව වගේ නම් ඕක දාන්නෙ නැහැ. ඉතිං මෝඩ තම්බි අස්සෙ මූ හෙණ පොර. ලංකා තූ නිව්ස් එකාලත් එහෙම තමා බ්ලොක් කරනව. දාන හැම කමෙන්ට් එකක්ම කොපි කරල අරං තියාගන්නව බං ඇයි ඉතිං ඇඟිලි කැඩෙන කං ටයිප් කරන ඒවනෙ බං. ඊයෙ අන්වරයගෙ පෝස්ට් එකට දාපු කමෙන්ට් එක දාල තිබෙණෙ නැහැ අන්වර් තම්බිය. බලහං මොනව හරි වැරදි දෙයක් මම කියල තියනවද කියල. මේ තියෙන්නෙ ඒක >

    // ආචාරියා රවටා. . . . . . . . . අන්වර් මහත්මයා පොර වුණා :D

    ආචාරිගෙ වචන ටිකේ "සිංහල බෞද්ධ " කාන්තාවට දැඩි පහරක් එල්ලකර තිබෙනව. ඔහුට අනුව මෙරට කොටට අඳිනවා යැයි චෝදනා කර තිබෙන්න සිංහල බෞද්ධ කාන්තාවන්ට පමණයි. දැඩි චෝදනාවට ලත් ක්රිස්තියානි කාන්තාවන් ගැන කිසිම සඳහනක් නොමැත. ඒ ඇයි?

    මගේ මව, නංගිල අඳින විදිහ මට හෝ මගේ පියාට කවදාවත් ගැටළුවක් වී නැත. මන්ද කොටට අඳිනවා යැයි යන චෝදනවට ඔවුන් අදාළ නැති බැවිනි. එලෙස බහුතර හැදියාව ඇති බෞද්ධ කාන්තාවට මෙය අපහාසයකි.

    මුස්ලිම් කාන්තාවට ආකර්ෂණය වීම කෙසේ වෙතත් ඔවුන් දුටු විට කොල්ලො සිනාසී "පව් නේද" යැයි එකිනෙකාට කියනු මම නම් අනන්තවත් අසා ඇත.

    මුස්ලිම් ඇඳුම කොපි කරනව යන්නේදී ආචාරි තුමා ෆර්දාව සහ විලාසිතාවක් ලෙස සල්වාරයට එන රෙදි පොට පටලවාගෙන ඇත.

    බුදු පියාණන් වහන්සේගේද පිළිගැනීමට පත් මැදුම්පිළිවෙතට අනුව කියත හොත් මම ඕනවාට වඩා ඇඟ පෙන්වන හො ඕනවාට වැඩිය ඇඟ වැසුණු ඇදුම් දෙවර්ගයම ප්‍රතික්ෂේප කරමි. තමන් අඳින ඇඳුම තමන්ට හෝ අනුන් අපහසුතාවයට පත්වන්නක් නොවිය යුතුය.

    ස්ත්රීයකගේ ඇඳුම සහ චර්යාව දුෂණයකට ලක්වීමකට මුලික හේතුවක් වියහැකි නමුදු ඇයව දකින පිරිමියාගේ සංවරශීලීත්වය ඊට ප්‍රධානම හේතුව වේ.

    සටහන ලියා ඇතිපරිදි නම් ස්ථීරවම අසභ්‍ය වීඩියෝ වල සිටි කාන්තාවන් මුස්ලිම් නොවේමයි කියන්නේ ආචාරි ඔවුන් හොඳින් දන්නා හඳුනන කාන්තාවන් නිසා විය හැක. //

    ආචාරි යගේ නට් බුරුල් කියල උඹේ මේටික බැලුවහම තේරෙනව බං. බිකිනි ඇඳං ඉන්න ෆොටෝ එකක් තියනවනෙ බං මාර්ගඵල අස්සෙ :D

    ReplyDelete
  28. මම නම් අන්වර් ගෙ එක ලිපියක් කියෙව්වට පස්සෙ අල්ලලා දැම්මා. ලංකා ඊ නිව්ස් එකේ අන්වර් හලාල් ගැන කියපු ලිපියක් දාලා තිබ්බා. ඒ කියන විදිහට, මනමාලයායි මනමාලියයි හලාල් වෙන්න ඕනෙලු. මට අහන්න හිතුනා, බඳින්න ඉන්න කොල්ලො කෙල්ලො හලාල් කියලා ලේබල් ගහගෙනද එතකොට පාරෙ යන්නෙ කියලා. එක අතකින් ඕවා නිකන් අප් කරලා දෙන එකෙත් තේරුමක් නෑ... ඔය සුජිත් නිශාන්ත වගේ මන්ද බුද්ධිකයන්ට නම් මොනවා කලත් වැඩක් නෑ. ලංකාදීපේ කොමෙන්ට්ස් වලින් මූට අභියෝග කරලා තිබ්බා, ආචාර්ය උපාධිය ලැබුන හැටි පෙන්වන්න කියලා.

    හැබැයි ඉතින් ආචාර්ය කෑල්ලක් දැක්ක ගමන් නැමෙන කට්ටියට දැනගන්න එක්ක හොඳයි.

    ReplyDelete
    Replies
    1. කොහේදෝ රටක සිට බ්ලොග් අඩවි එකින් එක එකින් එක පැන ගිය මට අහම්බෙන් මේ ලිපියත් ඔබේ ප්‍රතිචාරයත් හමු වුනි. අන්වර් මොනවා පවසන්නේද යන්න මට අදාළ නැත. එලෙසම සමහරක් මුස්ලිම් වරුන් කරන මුග්ධ ක්‍රියා සාධාරණීකරණය
      කිරීමටද අවශ්‍ය නැත. නමුත් මුස්ලිම් වරයෙකු වශයෙන් ඔබේ ප්‍රතිචාරයට පැහැදිලි කිරීමක් දිය යුතු යයි සිතුවෙමි.

      විවාහයේදී මනාලිය/මනාලයා හලාල් (අනුමත) වී තිබීම අනිවාර්යය යන්න සත්‍යයකි. විවාහයට නොඅනුමත අයවලුන් ගැන කුරානයේ පවසා තිබේ. ඔවුන් යනු, මව, දුව, සොයුරිය වැනි අයවලුන් වේ. සම්පූර්ණ විස්තරයක් සඳහා

      http://en.wikipedia.org/wiki/Mahram

      යන්න බලන්න.

      මා බ්ලොග් අවකාශයේ චරිතයක් නොවෙමි, පළමු වරට මේ බ්ලොග් අඩවියට ආ මා සංවාදයක් බලාපොරොත්තුවෙන් මෙය අටවා නොයන්නෙමි. ගතයුත්තක් ඇත්නම් ගත්වා.

      /අ

      Delete
  29. මම දැන් ගොඩක් කල් ඉඳලා දැකලා තියනවා සිංහල අයගේ මුස්ලිම් විරෝධයක්(Facebook වගේ සමාජ ජාල වෙබ් අඩවි වල).විසේසයෙන්ම යුද්දේ ඉවර උනාම තමඊ මේක පටන් ගත්තේ. මුලදි මන් හිතුවේ මේක සිංහල අන්තවාදීන්ගේ වැඩක් කියල.එක නිසා ඔය වැඩ වලට කිසිම විදිහකින් සහයෝගයක් උනන්දුවක් දැක්කුවේ නැ.

    දවසක් ඔය අන්වර් කියන කෙනාගේ වෙබ් එක දැක්කා.ලිපි කීපයක් සහ එයාලගේ comments කියවද්දී මට තේරුණා මේගොල්ලෝ මොනවගේ අන්තවදියෝද කියලා. මුස්ලිම් කියන්නේ මොනවගේ ආගමක්ද කියලා.ඊට පස්සේ මම ඔය වෙබ් එක පැත්තේ ගියේ නැ.ලඟදි ඉඳල බුවා එකේ comments කරන්ඩ ගත්ටහම ආයේ කියෙව්වා.බුවා එකේ ඉන්න අන්තවදියෝ එක්ක තනියම බුද්දිමත් තර්ක ගොඩනගල තියනවා මම දැක්ක.බලන්ඩ අන්වර් නත්තල් දවසෙ දාපු පොස්ට් එක.ජේසු තුමාගේ උපන්දිනේ December 25 නෙවේ කියලා. මුන්ගේ තරම හිතාගන්ඩ පුළුවන්නේ. තව එකෙක් මන් දැක්ක දලා තිබුන ඔසාම බින් ලාඩන් තර්ස්තවදියෙක් කියන්ඩ සධක නැ.ඒවා ඔක්කොම අමරිකාව හදපු ඒවා කියලා.මුන්ගේ තරම තේරෙනවනෙ.

    කොහොම උනත් මන් දැන් මුස්ලීම් විරෝදී ආකල්පයක තමඊ ඉන්නේ.මන් දැන් මුස්ලිම් කඩවලින් බඩු ගන්නේ වෙන කරන්ඩ දෙයක් නැති උනොත් විතරඊ.හලාල් ගහල තියන ඒවා ගන්නැ.තව අයටත් එහෙම කරන්ඩ කියල කියනවා (Friends ,Relations etc ).
    මේ ආචාර්ය කෙනා ගැන නම් කියන්ඩ තියෙන්නේ "හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්" කියලා තමා.

    ReplyDelete
  30. එක එක ආචාර්යලාගෙ බමුණු මතත් එක්ක කලවන් වුන අච්චාරු; බෞද්ද මතවාදය විදිහට ඉදිරිපත්වීමයි මෙතන තියන වැරැද්ද.සමහරු නම් ඉතින් ඔය ලණුත් ගිලිනවනේ.අන්වර්ටනන් නම් ගොඩක් සතුටු ඇති නේද...

    ReplyDelete
  31. උඹල හරි මචංල! අන්තවාදීන්ගෙත් අන්තවාදියා අපිට කියනව අන්තවාදියෝ කියල බුදුදහමෙ සහ ප්රායෝගික සත්‍ය කියන්න ගියහම. බුවාටත් කළේ ඒක තමා අන්වරයයි උගෙ හැතිකරෙයි.

    අන්වර් අසමජ්ජාතිය කරන මහ තුප්පහිම වැඩේ තාම බං දාන කමෙන්ට්ස් වාරණය කොරන එක. මමත් අර ජේසුස් තුමන්ට අපහස කරලවගේ නත්තල් දවසෙ දාල තිබුණ පෝස්ට් එකටත් දීර්ඝ කමෙන්ට් එකක් දැම්ම කරුණු හොයල බෞද්ධයෙක් විදිහට ඔහොම අනෙක් ආගම් හෙලාදකින්න එපා විශේෂයන් අදවගේ කිතුණුවන්ට විශේෂ දිනේක කියල. "සුභ නත්තලක්" යැයි පැවසීමත් තම්බින්ට හරාම් කියල උන්ගෙ උපදේශක තම්බියෙක් කියපු දෙයකුත් ප්‍රශ්ණයක් විදිහට ඇහුව. තම කිතුණු මිතුරන්ට නත්තලට සුභ පැතීම පවා අනුමත නොකරන ආගමික අන්තවාදී පිරිසක් එක්ක මොන සහජීවනයක් ද බං. කොහොමහරි ඒ කමෙන්ට් එකත් ඔය පරය දාල තිබුණෙ නැහැ එදා. අවසානවකට මට ඒ කමෙන්ට් එක කොපි කරල අරං තියාගන්න බැරි වුණා.

    අන්වරයගෙ බ්ලොග් එකේ ඉන්න තම්බි හැම එකාමවගේ අවශ්‍ය වෙලාචට කබරගොයා තලගොයා කරන්නත් තලගොයා කබරගොයාත් කරගන්න එව්වො. ලෝකය තුලින් වේගයෙන් ප්‍රතික්ෂේපවන අන්තවාදී හිංසාකාරී දේවධර්මයක් අල්ලගෙන පොර ටෝක්. උගත කියල පෙන්නන්න මාර ට්රයි එක. ඒත් වු දන්න ඉටිගෙඩියක් නැහැ. අපේ කමෙන්ට් එහි ඵල නොවෙනකං උගෙ බ්ලොගය තුල හා තම්බින්ට ඌ තමා පොර ඉතිං. ලංකා තූ නිව්ස් එකේ සුනඛොයොත් එලෙසම තමා.

    9/11 ප්රහාරයේ වගකීම එදාම ඔසාමගේ අල්කයිඩාව භාරගත්ත. ඒක ගැන තව මොනකතාද බං. ඒකට අල්කයිදා සම්බණ්ධ නැහැ කියල තර්කයක් ගොඩනගන්න හදපු අන්වරයගෙ පෝස්ට් එක දැකල මටනම් පුකෙනුත් හිනා. නොකිය කියනව ඌව මරන්න අල්ලනකොට ගෑණු තප්පයක් හා කුණුහරුප වීඩියෝ ඩිස්ක්ස් හම්බවුණේ නැහැ වගේ කතාවක්. යෙහ් අල්ලහ් ! හිහ් හිහ් හිහ් :D

    ReplyDelete
  32. මචං මම ලඟදි දැක්ක video එකක්.එකේ තම්බියෙක් අල්ලා උඅක්බර් කිය කිය රෝකට් එකකට බෝම්බ දාලා යවනවා.අනේ බෝම්බෙ එතනම පුපුරනවා.අරූ හලාල් වෙලාම අල්ලා ගාවට යන්ඩ ඇති.

    බලපන්කො එක
    http://www.youtube.com/watch?v=IsryHo7_Lv0

    මේක දිහා බලාගෙනවත් ඉන්ඩ පුලුවන්ද කියපන්
    http://www.facebook.com/photo.php?v=1204867417974

    ReplyDelete
  33. අරාබියේ ඔටුවෝ ඔළුව එලියට දාලා ආඩම්බරෙන් වන වන යනවා. අපේ අන්වර් මනතුංග ඔළුව වැල්ලෙ ඔබාගෙන පස්ස පැත්ත ආඩම්බරෙන් පෙන්වනවා...

    ReplyDelete
  34. බුවාගේ මේ ලිපිය නිසාවෙන් තමයි මේ කියන අන්වර්ගෙ ලිපිය පිළිබද මා දැනුවත් වූයෙ...මා දන්නා පරිදි අන්වර් මනතුංග යනු උපතින් ක්‍රිස්තියානුවෙක්... ඔහු තම ආගමත් පාවාදී මුසලිම් ආගම වෙනුවෙන් දරදිය අදින්නේ මුදල් නැමැති සාධකය නිසා බැව් මට සිතේ....

    ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ යන තැනැත්තා කලකට පෙර මගේ බ්ලොගියේද අදහස් දක්වා තිබූ අතර ඒවා කියැවූ විට මට එක්වරම සිතුනේ මොහු සැබැවින්ම ආචාර්ය උපාධිය හිමිකර ගත් තැනැත්තෙකුද යන්නයි..

    භාහිර පෙනුමෙන් මිනිසුන් මැනීම කල නොකල යුතු වුවත්, ආචාර්ය තුමාගේ භාහිර පෙනුම අනුව ඔහු කාම පිපාසයෙන් පෙලෙන ජඩ ආචාරියෙකි. අන්වර් වැනි පිස්සන් නිසා ඉස්ලාම් ආගම තුල යම් තර්කාන්විත තත්වයක් තිබේනම් එයද විනාශ වනවා නොඅනුමානය....

    ReplyDelete
    Replies
    1. ආචාර්ය තුමාගේ භාහිර පෙනුම අනුව ඔහු කාම පිපාසයෙන් පෙලෙන ජඩ ආචාරියෙකි. අන්වර් වැනි පිස්සන් නිසා ඉස්ලාම් ආගම තුල යම් තර්කාන්විත තත්වයක් තිබේනම් එයද විනාශ වනවා නොඅනුමානය....

      පිස්සුද සිරෝ .. ඒ කියන්නේ ඔහු ඉතාමත්ම බැතිබරව අපේ නබි තුමා ව පිළිපදිනවා කියන එක

      Delete
  35. එකෙක් අන්න අරු අන්තවාදී කියලා කියලා කියනවා...තව එකෙක් මෙන්න මු අන්තවාදියා කියලා කියනවා...අරු මාර නට් එකක් ..උට මාර පිස්සුවක්...ඊට පස්සේ ඔවුන් ඔවුන් වර්නන්නා කරගෙන තම තමන් ලකුණ දගනිමකුත් හොරෙන් කරනවා..බලන් ගියාම හැම එකාටම තියෙන්නේ එකම පිස්සුව...

    ReplyDelete
  36. අමනතුංග ලොක්කගේ බෞද්ද විද්වතා අතුරුදහන්. අන්තිමට බුවයි අමනතුන්ගයි කොටවලා ආචාරියා හැංගිලා

    ReplyDelete
  37. ආචාරියාගේ තවත් කොමෙන්ට් එකක්.මේ යකා එක එක තැංවල එක එක කතා කියනවනේ.මම මේක අන්වර් ලොක්කගේ බොගේ දැම්මා ඒකත් වාරණේට අහු වෙලා.

    click here

    ReplyDelete
  38. මාරයිනේ බොලේ . මන් කියවල නම් නැහැ . කියවන්නත් කම්මැලියි. එනපොට නම් හොඳ නැහැ වගේ . එතකොට ඔය විද්වතා කියන්නේ සාරියේ ඔසරියේ '' ඔබේ තිරය ''ත් තහනම් කරන්න කියලද .

    ශරීර ආවරණය සහ ස්ත්‍රී දුෂණ අතර සම්බන්ධය ගැන මගේ නම් පිළිගැනීමක් නැහැ . නාකි මහල්ලන් ළමා මනමාලියන් කසාද බැඳීම අමු අමුවේ දුෂණය කිරීමක් .
    මටත් වසරින් වසර කළු ලෝගු දැමු මුස්ලිම් කතුන් වැඩිවනු දැක්ම ඉතාම කණගාටුවක් .
    ඔවුන් දන්නේ නැතුව ඇති මෙවන් නිදහස් රටක ඔය ඇඳුමට බැසීම අනවශ්‍ය බව . බැස්සොත් ආයේ එලියට එන්නත් බැරි බව .

    අරාබි වසන්තයේදී පිරිමින් හා කරට කර සිටි ගැහැනුන් යලිත් විදි වලින් අතුරුදන්ව ඇති බව ටයිම්ස් සඟරාවේ ලිපියක දුටුවා .

    අද මුස්ලිම් කතුන් මෙයට එරෙහි නොවුනොත් අනාගතයේ එයින් ගැලවීම පහසු වෙන එකක් නැහැ . නිවර්තන උෂ්ණාධික රටකට මේ ඇඳුම ගැලපෙන්නේ නැහැ . කළු කියන්නේ රස්නය උරා ගන්න වර්ණයක් . අරාබියේදී නම් වැලි කුනාටු වලින් බේරෙන්න ඇති වෙච්ච එකක් .

    මුස්ලිම් රාජ්‍ය ආගම වෙච්ච මැලේසියාවේ කළු ඇඳුමෙන් මුළු සිරුරම වහන් ඉන්නවා දැක්කේ කලාතුරකින් කෙනෙක් .

    ReplyDelete
  39. අපොයි මන් කියවල බැලුව . බුවා සැහෙන සටනක් දීලනේ . ඔබට ස්තුතියි. කෝ මේ අපේ කාන්තා විමුක්ති සංවිධාන . මෙව්වා නියපොත්තෙන් කඩන්න ඕන දේවල් . මනතුංග මහත්තයයි එයාගේ ආචාර්ය තුමයි ඒ දෙන්නව පසසලා කමෙන්ට් දාපු කස්ටියයි තම තමන්ගේ අම්මලා නංගිලා නෝනලා ගේ ඇඳුම් ගැන බලා ගත්ත නම් හොඳයි . වගේම කොට සායක් දැක්කම දුෂණය කරන්න හිතෙන්න තරම් හෝමෝන වැඩි නම් ඒ ගැන රෝහලකට ගොස් බෙහෙත් ගැනීමත් අනිවාර්යයෙන් කරගන්න . ලෙඩේ ඊටත් දරුණු නම් මානසික රෝහල් තියෙන්නේ ඒ අයට

    සිංහල බෞද්ධ ගැන උලුප්පන්නේ මොකද . සිංහල ක්‍රිස්තියානි වුනත් එහම තමයි . මන් දන්නා දෙමල යාලුවොත් ඉන්නවා කොටට අඳින . බර්ගර් යුවතියන් ඊටත් වඩා නිදහස් .ඉස්සර මුස්ලිම් මිතුරියන් හිටියේ යසට අපි වගේමයි. අද ඔවුන් ඉගෙන ගෙන ලෝකේ පුරාම විසිරිලා අපුරුවට ඉන්නවා ඔය මල ඉලව්ව ඇන්දේ නැතුවට .

    මට ඒ දහජරාවේ කමෙන්ට් කරන්න ඕන කමක් නැති නිසයි මේ ටික මෙතන දැම්මේ .

    ReplyDelete
  40. එකම ඉල්ලීමයි තියෙන්නෙ බං! උඹ තම්බි ගුබ්බෑයම් වල රිංගන්න යන්න එපා. කරුණු සොයල මේ බොලගයෙන්ම පිළිතුරු දියං. ඕනිනම් අන්වර් සුනඛයට මේකට ඇවිත් වාද කරන කියහං. ඒ අසමජ්ජාතියට වාදකරන්න පුළුවන් නම් අපේ කමෙන්ට්ස් බ්ලොක් කරයිද බොලව්! වරෙං තම්බින්ට චූ යන්න වැඩක් පටන්ගමු! ආහ් මේවට කියන්නෙ බං මොට්ටැක්කිලිය අස්සෙ බාල අපරාධ > http://m.facebook.com/photo.php?fbid=492613757450814&id=486497191395804&set=a.486511778061012.111231.486497191395804&refid=56

    ReplyDelete
  41. චී පුතා කැතයි මිනිසුන්ට ඔහොම කැත විදිහට අපහාස කරලා කතා කරන්න එපා. ඔන්න මම මේ වෙබ් අඩවිටත් ආවා. ඔයගොල්ලෝ නේද නිකම් පොර ටොක් දුන්නේ. මොකද කියන්නේ අතින් පයින් ගහ ගමුද? චැලේන්ජ් කරලා. නිකම් රස්තියාදුකාර ලොල්ලෝ ටිකක්නේ මුන්

    ReplyDelete
  42. ඇත්තටම මේ මම මද නැතිනම් මම වෙන අයෙක්ද? මට මා මම මදැයි විශාල ගැටළුවකි. මම මගේ නොවීම මගේ ආත්මයට නිතරම වද දෙයි. මම මගේ නොවීම මට විශාල ගැටළුවක් වුනත් සෙසු අයට එසේ වීම නම් මට තරමක් අවුල් සහගතය. කෙසේ හෝ මම මා නොවීමේ ගැටළුවට මේ දිනවල මා මුහුණ පා ඇති අතර මම හුදකලාවේම මේ ගැටළුව නිරාකරණය කරගෙන යළිත් විද්වතුන් හමුවට පැමිණෙන තුරු වැසිකිලියේ ශරීර කෘත්‍ය සිදුකරන එම සෙරමික් අසුනේ හරිබරි ගැසී ශාස්ත්‍රීය පොතක් කියවමින් මේ පිළිබඳව ගැඹුරින් විමසිලි මත්ව සිතිවිල්ලට වැටී හිඳින්නෙමි.

    ReplyDelete
  43. මම මෙතුවක් කල් වැසිකිලියේ ශරීර කෘත්‍ය අසුනේ හරිබරි ගැසී හිදගෙන ශාස්ත්‍රීය සිතිවිල්ලකට නිමග්න වී සිටියෙමි. එසේ හුන් මා විසින් නුඹලා මාව පතුරු යවනු දැක මෙසේ ලියන්නට සිත් විය. නුඹලා අසභ්‍ය වදන් තෙපළන්නාහුය. එබස් මට නොරිසිය. මා සම්භාෂණයේ යෙදෙන්නේ ප්‍රිය තෙපුලෙනි. මා හා සම්භාෂණය පිණිස කැමැත්තේ වී නම් ඉදින් තොපද ප්‍රිය තෙපුල් එක පැහැර භාවිතයට රිස්සෝ විය යුත්තාහ. නො එසේ නම් අසැබි බස් හා දසුන් හැර දැමිය යුතු වන්නාහ.

    ReplyDelete
  44. නුඹලා නම් අර්ධ ස්ත්‍රී ලක්ෂණවලින් සමන්විත වූ නපුංසකයින් සමාන පුද්ගල කොට්ඨාශයක් වන්නාහ. තොපගේ ඇවතුම් පැවතුම් මෙන්ම බස් වහරද දුටු විට උපදිනුයේ තොප සැබවින්ම ස්ත්‍රීන්ද කියා සැකයකි. ඉඳින් තොප කාන්තා වස්ත්‍රාභරණවලින් සැරසී කෙළින්නාහු නම් එය තොප වැනිම කෙළතොළු දනෝ බහුලවම එයට රුචි කරන්නාහ.

    ReplyDelete
  45. බුවාට නියම බාන්ඩයක් සෙට් වෙලා ඉන්නේ .
    හිනා යනවා යකෝ මේවා දකිද්දී මැරෙන්න..:D


    වදින්නම් ආචරියෝ මගේ බ්ලොග් එක පැත්තේ නම්
    එන්න එපා.එකෙම්ම ඔයාගේ කමෙන්ට් අයින් කරනවා..:grrrrrrrrr

    ReplyDelete
    Replies
    1. ආචාරියා අනෙක් කමෙන්ට් කරපු අයට කරපු අපහාස ගොඩක් මාත් පල කලේ නෑ , ඔය දෙක තුන තියෙන්න ඇරියා එයාම මගේ පොයින්ට් එක තහවුරු කරන්න උදව් වෙන නිසා

      Delete
  46. ඔයාට ස්තූතියි බුවා මේ ගැන හෙලි කලාට.. මේ මනුස්සයා මගේ බ්ලොග් එක විනාස කරා. මමත් මුලින් හිතුවේ බුදධිමත් වැදගත් කෙනෙක් කියලා. අන්තිමේ මෙයා මට බ්ලොග් ලියන එක එපාම කරා. මෙහෙම අය ගැන හෙලි කරන එක ලොකු සේවයක්..

    ReplyDelete
    Replies
    1. පොරව බ්ලොක් කරල දාන්න (බ්ලොගර් වල බ්ලොග් ප්‍රෆයිලයක් බ්ලොක් කරන පහසුකම තියේ නේ ) ටික දවසක් යනකන් කමෙන්ට් මොඩරේට් කරන්න ඔය පිස්සව එලව ගන්න පුලුවන් වෙයි .

      Delete
    2. මම තමඊ මේකට ලින්ක් එක දුන්නේ.දැන් වත් තේරුන එකම ලොකු දෙයක්.මම නම් පුර්නකාලින අනොවෙක්.
      බ්ලොග් ගොඩක් කියවනවා.කොහෙද කට්ටියට පෙන්නේ අනෝලගේ වැරදි විතරමනේ.

      Delete
    3. අඩෝ උඹලා වගේ හොඳ ඇනොලත් ඉන්නවා නේ. ටික දෙනයි චාටර්..

      Delete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව