Skip to main content

ඊනියා බටහිරයන් ප්‍රතික්ෂේප කර චීනයටම දීමේ ක්‍රමවේදය


ඇමරිකාවේ බෑ කියනවා නම් අපේ හමුදාවන්ට පුහුණු පාඨමාලා චිනෙන් දෙන්නට පුලුවන්ය කියා ඊයේ නිවුස් වල කියනවා ඇසුනි . සැබැවින්ම හමුදා පුහුණුව පමණක් නොව  ඊනියා බටහිර අධිරාජ්‍ය වාදීන්ට නොදී චීනයට දිය හැකි ගොඩක් දේවල් අපිට තිබේ .





01) ඇඟලුම් - දේශද්‍රෝහි එජාප පාලන කාලය තුලදී කල තවත් එක් අවලම් වැඩක් වන්නේ අපේ කෙල්ලන් ලවා සුද්දන්ට ජංගි මැස්සවීම බව නොදන්නා කෙනෙක් නැත . වහාම ක්‍රියාත්මක වන පරිදි සුද්දන්ට සහ සුද්දියන්ට මසහ ජංගි වෙනුවෙට චීනන්ට ජංගි මැස්සවීම අප විසින් ආරම්භ කල යුතුය . හැඩි දැඩි සුද්දන්ට වඩා චූටි චීනන්ට මසන ජංගි කුඩා හෙයින් , අඩු කාලයක් තුල වැඩි ජංගි ප්‍රමාණයක් මසා නිම කල හැකිය. ආර්ථික අවපාතය හමුවේ ඉදිරියේදී බටහිරයන්ට හෙලුවෙන් සිටීමට සිදුවන නිසා දැන් සිටම චීනයට ඇඳුම් පැටවීම දූර් දර්ශි ක්‍රියාවකි  

02) මෘදුකාංග - දැනට ලංකාවේ මෘදුකාංග සේවා සියල්ලම පාහේ සපයන්නේද බටහිර රටවලට . ආර්ථික වශයෙන් බංකොලොත් වෙමින් සිටිනා බටහිර වෙනුවට ඉතා ඉහල මෘදුකාංග වෙලඳ පොලක් සහිත  චීනය අප විසින් තෝරා ගත යුතුය . ලොව මිලෙන් අඩුම විශාලතම මෘදුකාංග සේවා සපයන රට වශයෙන් ශ්‍රි ලංකාවේ මෘදුකාංග ක්ශේත්‍රය චීනය දෙසට නැඹුරු වීම බටහිරයන්ට දරාගත නොහැකි පාඩුවක් වනු නොඅනුමානය 


03) අන්තර්ජාලය - අන්තර්ජාලයේ පාලනය සහ අයිතිය තියෙන්නේ ඇමරිකාවටය . ඩොමේන වල අයිතිය මෙන්ම බොහෝ විට අනෙකුත්  අන්තර්ජාල සේවා වලටද පදනම් වන්නේ  ඇමරිකාවය  . චීනය හා රුසියාව විසින් අන්තර්ජාලයේ පාලනය ඇමරිකාවෙන්  වෙන් කිරීමට ගත් උත්සාහය සාර්ථක වූයේ නැත . එනිසා අන්තර්ජාලය භාවිතා කරන  මොහොතක් පසා අපවිසින් කරනුයේ ඊනියා බටහිර ව්‍යාප්තවාදයට උල්පන්දම් දීමය . එනිසා වහා අන්තර්ජාල භාවිතය අත්හැර චීනය හා රුසියාව විසින් ගෙන ඒමට නියමිත උතුරු කොරියානු පන්නයේ විකල්ප අන්තර්ජාල ව්‍යාපෘතිය සමඟින් එක් විය යුතුය . ශ්‍රි ලංකාවේ අති විශාල අන්තර්ජාල වාණිජ්‍ය වෙලඳ පොල අහිමි වීම බටහිරයන්ට ඉතා විශාල ආර්ථිකමය පහරක් වනු ඇති බවට උපකල්පනය කල හැක 

04) මූල්‍ය කටයුතු-  කඩාවැටෙන ඇමරිකන් ඩොලරය වෙනුවට චීන යුආන්  ජාත්‍යන්තර වෙලඳ කටයුතු සඳහා භාවිතා කිරීම හැකි ඉක්මනින් සිදු කල යුතුය . බටහිර බැංකු වෙනුවට චීන බැංකු හරහා අන්තර්ජාතික මුල්‍ය කටයුතු වලට සම්බන්ධ වීමෙන් බටහිරයින් විසින්  විවිධ රටවලට පනවන  ඊනියා සම්බාධක වලට අවනත වීමේ  අවශ්‍ය තාවයද ඉවත්ව යනු ඇත . ශ්‍රි ලංකාව වැනි දැවැන්ත ආර්ථිකයක් මෙසේ බටහිර ආර්ථිකය සමඟින් ඇති "ප්ලග්" ගැලවීමෙන් තවත්  වටයක දැවැන්ත ආර්ථික අර්බූධයකට මුහුණ දීමට බටහිරයන්ට සිදුවනු ඇත 

05)  තානපති සබඳතා - සියලුම බටහිර රටවල් සමඟින් පවත්වන තානාපති සබඳතා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිය යුතුය . බටහිර රටවල සංචාරය කිරීම එක්සත් ජාතින්ගේ සමුලුවට සහභාගී වීමට පමණක් සීමා කල යුතුය . බටහිර සංචාරකයින් මෙරටට පැමිණීම වලක්වා ඒ වෙනුවට චීන සංචාරකයින් පමණක් ගෙන්වා ගැනීමට සැලසුම් සකස් කල යුතුය . කිසිදු හේතුවකට බටහිර රටවල පුරවැසියන්ට ,මෙරට විසා ලබාදීම සිදු නොකල යුතු අතර . මෙරට සිටිනා බටහිර රටවල පුරවැසියන් වහා ක්‍රියාත්මක වන පරිදි පිටුවහල් කල යුතුය .


ඉහත  සඳහන් කල පස් ආකරයට බටහිරයන් ප්‍රතික්ෂේප කර මහජන චීනයට  දීමෙන් බටහිරයන්ට දැනෙන පාඩමක් ඉගැන්විය හැකි අතර , මෙහි අවශ්‍යතාවය අදටද් වඩා තදින් මාර්තු මස පැවැත්වීමට නියමිත මානව හිමිකම් සමුලුවෙන් පසුව ඒත්තු යනු ඇත . ඇතැම් විට බටහිර වෙනුවෙන් අනුගමනය කරනා මෙම ප්‍රතිපත්තියේ අදාල කොටස් වැසිකිලි ඉන්දියාව වෙනුවෙන් අනුගමනය කිරීමේ අවශ්‍යතාවද ඒ වනවිට පැණ  නගිනු ඇත !



Comments

  1. මා කල්පනා කරන්නේ මෙය දේශපාලන ලිපියක්ද? නැතිනම් හස්යෝත්පාදනය පදනම් කරගෙන ලියූ ලිපියන්ද යන්නයි.

    ReplyDelete
  2. Replies
    1. මේක මොකක්ද කියල හරියටම තේරෙන්න නම් මම කලින් ලියපු දේශපාලන ලිපි දෙක තුනක් කියවලා මගේ දේශපාලනය මොකක්ද කියල දැනගෙන තිබුනා නම් වඩාත් පහසුවෙයි . නැතත් පුලුවන්ය කියලයි ලියත්දි හිතුනේ , එහෙම බැරි නම් මම එතනදි අසාර්ථක වෙලා

      Delete
  3. උපහාසය ඉහලින්ම බුවා...මාත් හිතනවා අප දැන් චීනයට දෙන්න යනවා වැඩියි කියා. නමුත් බරහිරයන් ම තමා ඒ තත්ත්වයට යන පාර අපට හදන්නේ.අනික අපට ඉන්න ලොකුම හතුරා ඉන්දියාව කියන එක මා පෞද්ගලිකව පිළිගන්න දෙයක්.ජවිපෙ අර්ථයෙන් නොවෙයි.මේ කිසි එකෙක් අපට හැදෙන්න දෙන්නේ නෑ. හැමෝම දත නියවන්නේ අපේ සම්පත් කොල්ල කා ගන්නයි අපේ භුමියේ වාසිය හිමිකර ගන්නයි පමණයි.
    ස්වාධිනව අපට නැගී හිටින්නට ශක්තියක් නෑ. ජරා පක්ෂ දේශපාලනයක් නිසා මිනිසුන් බෙදිලා ගිහින්. මේ නිසා අපේ සම්පත් ටිකට උපරිම මිලක් ඇරගන්නවත් අපට හැකියාවක් නැ.
    මේ දේශපාලනය අපට දෙන්නේ බ්‍රිතාන්‍යයන්නේ.ඒත් අපේ දේශපාලනයයි එහේ දේශපාලනයයි අසමාන වන්නේ ඇයි. ඔවුන් අපට නිදහස දුන්නේ කවදාවත් දිරවා ගන්න බැරි ලණුවකුත් එක්කයි. එකල ලංකාවේ උගතුන් සමාජවාදය මේහේට කරපින්නන් එන්නෙත් ඒ බටහිර ව්‍යාපෟතියේම අංගයක් ලෙසට.එකට පසුබිම හැදුවෙත් බටහිරයන්ම තමා.දැන් මේ සේරම අච්චාරුවක් වෙලා.කෙහෙම්මල් පක්ෂ බේදය අමතක කරලා ලාංකිකයන් එකමුතු නොවන තාක් අපි කාගේ හො රුකඩ ම තමා. අපේ සම්පත් කුනු කොල්ලෙට උන්ට.

    ReplyDelete
    Replies
    1. නැහැ නලින් අපිට ඉන්න ලොකුම සතුරා අපිමයි. මේක තේරුම් ගන්නකං ලකාව එකතැන රවුමට කැරකෙනවා විතරයි. භාහිර සතුරන් මවමින් නොසිට අපි අපතුල සිටින සතුරා මරාදැමිය යුතුයි.

      Delete
    2. හරි උදිත එකගයි..මා අදහස් කළේ එයින් එහා තැනක් ගැන.

      Delete
    3. ලෝකේ කිසිම රටක් බටහිරෙන් නිදහස ලබද්දී සර්ව සම්පූර්ණ වෙලා හිටියේ නෑ.අපි තාමත් හදන්නේ එදා සුද්දා නිකම් දුන්න නිදහස මාකට් කරලා කාලා බීලා ඉන්න අපිට අපේ නිදහස වටින්නේ නෑ.

      Delete
    4. උදිතගේ අදහසට එකඟයි . නලින්- කිසිම රටක් තවත් රටකට ආදරේ නෑ , හැමෝම වැඩ කරන්නේ තමන්ගේ න්‍යාය පත්‍රයට අනුව . අපි දැනගන්න ඕනි ඒ න්‍යාය පත්‍ර අතර අපිට වඩාත් වාසි දායක විදිහට අපේ න්‍යායපත්‍රය හදාගන්න . අපි නොකරන්නෙම ඒක

      v- ස්තුතියි අදහසට

      Delete
  4. හෙහ් හෙහ්.... ඔක්කොම කියෙව්වෙ නෑ වැඩට යන්න පරක්කු වෙන හින්ද... ඒ වුනාට අදහස පැහැදිලී.... :)

    ReplyDelete
  5. මිට අමතරව රට වැසියන්ගේ දේශාභිමානය වැඩි කිරීම උදෙසා තාප්ප වල "coke ද? Pepsi ද? මව්බිමද?" කියා ලිවිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ආ..ඔව් අමතක වුනා ඒ කැල්ල , ඇයි ඔබාමා කොටින්ට *ක දෙයි කියලත් ලියන්න ඕනි

      Delete
    2. සජීව ධනුද්ධරJanuary 21, 2013 at 10:09 AM

      අම්මපා... ඇයි තව, "ඔබාමා හෙළුවෙන්" "බත් කමු පාන් නොකමු" වගේ දේවලුත් ලියන්න ඕනෑ..

      Delete
  6. පුරවැසිභාවය ඇමරිකාවේය,කන්නෙ ජනතාවගෙ මුදල්ය,රෙන්නේ චීන බෙටිය.එහෙම කෙනෙක් තමා ඇමරිකාවට කරන්න පුළුවන් එකමදේ ගැන තප්පුලෑවේ.පංචායුදේ තප්පුලැවනම් නම් ලකුණු දෙන්න තිබ්බ ශ්‍රීලාංකිය පුරවැසිය කියල.අනේ කාලේ,වනේ වාසේ කියන්නෙ මේවටද???

    ReplyDelete
    Replies
    1. නැහැ අනේ කාලේ ආශ්චර්යේ වාසේ කියලයි මේකට කියන්නේ :D

      Delete
  7. කාට කියන්න ද මොලේ වැඩි වුනාමත් බැහැනෙ. මම දුටු දෙයක් තමයි සාපෙක්ෂව ලංකාවේ නිෂ්පාදිත ඇඟලුම් ඇමරිකාවේ මිලෙන් වැඩියි. අපි ඒ ගැන සාප්පු වලින්ම අහලා දැන ගත්තා. අනික ලංකාවේ ඇඟලුම් ඇමරිකාවේ මුදල් ගැවසෙන සාමාජය පාවිච්චි කරන්නේ. අනික බුවා චීන්නු ඇමරිකන් කාරයට වඩා සල්ලි කාරයොනෙ නේද?

    2. සහතික ඇත්ත. මම මේ ගැන වැඩිය දන්නෙ නැහැ. හැබැයි මගේ මිත්‍රයෝ කියන විදියට, ලංකාවේ බොහෝ ආයතන රෑ නිදි මරාගෙන වැඩ කරන්නේ ඇමරිකාවේ මෘදුකාංග වෙනුවෙන්. මම හිතන්නේ දැන් කට්ටිය චීන්නුන්ට සොෆ්ට්වෙයා හදන්න පටන් ගනී.

    3. අන්තර්ජාලේ නම් ලොකු ප්‍රශ්නයක් නැහැ බුවා. ඇයි විමල්මේල් තියනවනේ.

    4. යුආන් නරක නැහැ. දැන් ලෝකෙ කටිටිය ඇමරිකාවට විරුද්දව අපි කියන නිසා ඩොලර් අතහැර ය්වාන් වෙත ඇදී යමින් ඉන්නෙ. බුවා යුවාන් කියන්නේ චීනෙ ජනාධිපතිද?

    5. තානාපති සබඳතා. නෑ ප්‍රශ්නයක් නැහැ. දැන් උන්ම ඒක කර ගනී. මොකද උන් බයයිනෙ අපිට. බයටම යන්න යයි. කියන්න කලින්.

    6. සංචාරකයෝ නම් චීන්නු මාර සල්ලිකාරයෝ. මම දැකලා තියනවා, මිරිස්සෙ හෝටල් කාමරයක් අරගෙන ආප්ප දෙකක් අරගෙන යන චීන්නු ඒ තරම් පෝසත්. අපිඅට හම්බ කරන්න පුළුවන් පැලෙන්න.

    අපේ යාලු සෙට් එක ඉන්න නිසා ඇමරිකාව, ඉන්දියාව බයවෙලා ඉන්නෙ. මානව හිමිකම සමුළුවෙන් පස්සෙ අපි මාරම තැනකට යනවා. සංතෝසයි මිත්‍රවරුණි.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ චීනුන්ගේ එක පුද්ගල ආදයම ඇමරිකන් කාරයින්ගේ වගේ තුන් ගුණයක් විතර ලොකුයි නේ

      2. ඇමරිකාව සහ බටහිර රටවලට තමා මෙච්චර කල් , දැන් චීනෙට

      3. අමතක්ම වුනා ඒක ගැන

      4. ආයෙ මොනවද ඉතින් අපි කිව්වොත් ලොකෙම අහනව , රාවණාගේ කාලේ ඉඳන් එහෙමම තමා

      5.මාත් චිනුන්ට විකුණන්න ආප්ප කඩයක් දාන්න ඉන්නේ

      සන්තොසේ වැඩි කමට ඇඩෙනවා වෙද මහත්තයො

      Delete
  8. චීනෙ දෙයි පුකක්. මෙයාලට තරු විසි වෙන්නේ. චීනෙත් ඇමරිකාව පැත්ත ගත්ත දාට. එදාට ඉතින් කටක් ඇරලා වච්නයක් නොකියන මිලේඡ්ච අරාබී කාරයන්ගෙ පිහිටයි ස්වාසිලන්තෙයි උගන්ඩාවේ පිහිට තමයි....

    ReplyDelete
    Replies
    1. චීන එන්නේ අපට ආදරේට නොවෙයි. ආසියාතිකරේ හොදම බිම් කඩ තුළ තමන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්නයි.

      Delete
    2. //එදාට ඉතින් කටක් ඇරලා වච්නයක් නොකියන මිලේඡ්ච අරාබී කාරයන්ගෙ පිහිටයි ස්වාසිලන්තෙයි උගන්ඩාවේ පිහිට තමයි....//

      එදාට කියයි . හෙහ් චීනෙට පුලුවන් උපරිම දේ අපිට ණය නොදෙන එක අපි ස්වාසිලන්තෙන් ණය ගන්නවා හෙහ් ග් හෙහ් හෙහ් කියල

      නලින් - මම කලිනුත් කිව්වා වගේ කවුරුත් එහම තමා , අපි බලන්න ඕනි චීනෙ පස්සේ ගිහින් ඇමරිකාවයි ඉන්දියාවයි තරහ කරගන්නවාද , ඔවුන්ව හිතවත්ව තියාගෙන චීනෙ ගාණකට ඇසුරු කරනවාද කියන එක

      Delete
  9. රැවුලගේ මොලේ තමා මොලේ...
    එල එල බුවා!!!!!!!

    ReplyDelete
  10. ඔය නිව්ස්එක දකිනකොට මට දෙකොනෙන්ම හිනා ලියා බං. ඒක කිව්ව උජාරුව විතරක්! මෝඩකම තමයි.

    ReplyDelete
    Replies
    1. හිනා කියන්නේ , ඒ වුනාට ඉතින් ඒවා ගැන සද්දෙට කියන්නත් බයයි .

      Delete
  11. දැන් හිනාවෙවි ඉන්න ... ඕවා ටික (අර 'කැපිලා පෙනෙන්න' දාලා තියෙන ඒවත්!!!) ඇත්තෙන්ම සිද්ධ වෙන කාලයක් පැමිණෙන්නේ නැතැයි කියන්න පුලුවන් කාට ද?

    ඉතිහාසයේ දී ත් ඔය විදියට සිද්ධ වෙච්ච (චීනයත් ඇතුළුව!!) දේශයන් තිබුණා යැයි මතක කාට ද? ඒ දේශයන්ට අවසානයේ සිද්ධ වූයේ කුමක් දැයි මතක කාට ද?

    අතීතයෙන් පාඩම් ඉගෙන ගත හැකියාව මිනිසාට පමණක්ම තිබුණ ද, මිනිසා අතීතය නොදන්නවා නම් පාඩමක් ඉගෙන ගන්නේ කෙසේ ද?!!!!!

    ReplyDelete
    Replies
    1. //අතීතයෙන් පාඩම් ඉගෙන ගත හැකියාව මිනිසාට පමණක්ම තිබුණ ද, මිනිසා අතීතය නොදන්නවා නම් පාඩමක් ඉගෙන ගන්නේ කෙසේ ද?!!!!!//

      of course

      කැපිලා පෙන්න දාල තියන ටික නම් කවදාවත් වෙන්නේ නෑ , ඇයි කියල දන්නවා නේද ?

      Delete
  12. බටහිර රටවල ඉගෙන ගන්නා සියල්ලන්ම වහාම චීන විශ්වවිද්‍යාල වලට යැවිය යුතුය.බටහිර රටවල රැකියාව කරන සියල්ලන්ම චීන රස්සා කරන්නට යැවිය යුතුය.

    ReplyDelete
  13. මන්දා මේ යන විදියට ඉතින් අපේ රටට ගණුදෙනු කරන්න වෙන්නේ තුන්වෙනි ලෝකේ රටවල් එක්ක විතරයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා අපිට ඉන්නවා "චීනේ" - අනාගත ලෝක බලවතා

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. ලංකාවෙං බාගයක් විතර චීනෙට අවුරුදු 99කට බද්දට දීලනේ තියෙන්නේ.ඉතිං උං කියන විදිහට මේ අවුරුදු 99 ඉන්ඩ වෙනවා.අනික දැං ලංකාව පුරාම චීන්නුනේ ඉන්නේ.ගෝල්ෆේස් එකේ වගේම ලොකු ලොකු සංවර්ධන ව්‍යාපාර කරන තැංවලත්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව