Skip to main content

මුදලට ක්‍රිකට්, මාලිංග, අයිපීල් සහ කුහක මාධ්‍යවෙදියෝ !

රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව යනුවෙන් "රුවන්" වැකියක් බස් රථ සහ ත්‍රිරෝද රථ වල පිටුපස සඳහන් කර තිබෙනු ඔබ විසින් දැක ඇතුවාට සැකයක් නැත . ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් ක්‍රිඩකයින් අතර හටගත් මත ගැටුමත් ,ඒ අවස්ථාවෙදී ලසිත් මාලිංග මාධ්‍ය වේදීන් පිරිසකට ලබා දුන් පිලිතුරත් සමඟින් ප්‍රධාන ධාරාවේ මාධ්‍යන් හි මෙන්ම අන්තර්ජාලය තුල නොයෙකුත් කතිකාවන් තුලද මතුවූ අදහස් දුටු විට මා හට  සිහියට නැගෙන්නේ ඉහත කී රුවන් වැකියයි .  මාලිංගව දරුණු ලෙස විවේචනය කරමින් මෙන්ම සහය දක්වමින් නොයෙකුත් අදහස් මතුවූ පසුගිය සතියේ අධික කාර්ය බහුලත්වය නිසා දැක්වීමට නොහැකී වූ අදහස් කිහිපය මෙලෙසින් ගොණු කරන්නේ පසුගිය ඉරිදා "ජාතික" පුවත්පත් වල  පලවූ අදහස් කිහිපයක් නිසාවෙන්  ලැබූ උත්තේජනය නිසාවෙනි . 





'හුදකලා සිදුවීමක් වශයෙන් සැලකූ කල ලසිත් මාලිංගගේ හැසිරීම මා අනුමත නොකලත් , ඒ හා සබැඳි පෙර කථා සහ පසු කථා අමතක කර දමා මාලිංග දඬු කඳේ ගැසීමට හැකියාවක් මා හට නැත 

සල්ලි වලට ක්‍රිකට් 

මාලිංග පිලිබඳ කෙරෙනා විවේචනයන් තුල මෙන්ම ක්‍රිඩකයින් සිය වැටුප් සහ දීමනා වෙනුවෙන් ක්‍රිකට් ආයතනය සමඟ ඇතිකරගත් මත ගැටුම පිලිබඳ ව වූ විවෙචනයන් තුලද ප්‍රධාන වශයෙන් ම කථා බහට ලක්වූ කාරණාවක් වන්නේ "ක්‍රිඩාව මුදලට යටවී " ඇති බවකි . සමස්ථ අර්ථ ක්‍රමය කෙරෙහිම "මලකින්" පසුවන සමාජවාදීන් හැරුණු කොට අන් කිසිවෙකුටත් ක්‍රිඩාව මුදලට යටවීමක් ගැන කථා කිරීමේ ශුද්ධ වූ අයිතියක් ඇතැයි මා සිතන්නේ නැත. මන්ද ඒ සියලු දෙනා  ලිබරල් ආර්ථික ක්‍රමයේ ප්‍රතිලාභ අත්විඳිමින් , එය ජීවිතයේ කොටසක් කරගත් බොහෝ විට  ලිබරල් ආර්ථික ක්‍රමය පිලිබඳ කිසිදු විවේචනයකින් තොරවූවන්ය ( බොරුවට උඩ පනිනා සමාජවාදීන්ද ලිබරල් ආර්ථිකයේ ප්‍රථිලාභ ලැබීම වෙනම කථාවකි ) .  තමන්ගේ ජීවිතයේ සියලුම දෑ මුදල මත තීරණය වෙත්දී , ක්‍රිඩාව පමණක් මුදලේ බලපැමෙන් තොර ශුද්ධ වූ භුමියක් වේ යැයි සිතන්නේ නම් එය ඉතා පැහැදිලි අමන කමකි . බොහෝ දෙනෙක් සිය විවේචනයන් සඳහා යොදා ගන්නා ෆෙස්බුක් හෝ බ්ලොගර් මෙන්ම ක්‍රිඩාවද මේ වන විට රඳා පවතින්නේ ව්‍යාපාරික අවශ්‍යතා  මතය .අනෙකුත් ක්ශේත්‍රයන් අමතක කොට ක්‍රිකට් ක්‍රිඩාව පිලිබඳව අවධානය යොමු කලත් , සියලුම ක්‍රිකට් ක්‍රිඩා තරඟ යථාර්ථයක් බවට පත්වන්නේ අනුග්‍රාහකයින් කෙනෙක් හෝ පිරිසකගේ දායකත්වයෙන් බව ඉතාමත් පැහැදිලි කරුණකි . අනුග්‍රාහකයින්ගේ දායකත්වය මත ක්‍රිකට් ක්‍රිඩාව පවතිනවා පමණක් නොව ඒ හා සබැඳි තාක්ෂණයන්ද , ක්‍රිඩාව පුද්ගල රසාස්වාදනයේ අංගයක් ලෙස වඩ වඩාත් සමීප කරලීමේද  පසුබිම් කථාව  මුදල්ය . මීට වසර ගණනාවකට පෙර ක්‍රිකට් තරඟයක රූප රාමු සහ වර්ථමාන ක්‍රිකට් තරඟයක රූප රාමු නිරීක්ෂණය කිරීමේදී මේ වෙනස මැනවින් හඳුනාගත හැක . තාක්ෂණ දියුණුවීම ක්‍රිඩාවෙන් ස්වායක්තව සැලකුවද ව්‍යාපාරික පසුබිමක් එහි  තිබෙනාවක් මෙන්ම , ක්‍රිකට් ක්‍රිඩාව වෙනුවෙන්ම සංවර්ධිත තාක්ෂණයන්ද  දක්නට ඇත . මෙය මෙසේ  සිදුවන්නේ ක්‍රිකට් යනු ක්‍රිකට් පාලක මණ්ඩලවල මුදලින් කරනා "අතින් කා හරක් බැලීමක්" නොවී බාහිර වෙලඳ වටිනා කමක් ඒ  තුලට ආරෝපණය විම තුලය . ක්‍රිකට් තරඟයක් විකාශය කිරීමේ අයිතිය ලබා ගැනීමට මුදලක් වැය කරනා රූපවාහිනි සමාගම තවත්  මුදල් යොදවමින් නවීන තාක්ෂණය තමන්ගේ විකාශන කටයුතු සඳහා එක්කර ගන්නෙ *කේ අමාරුවකට නොව , ඒ හරහා වැඩි ප්‍රේක්ෂක අවධානයක් ලබාගෙන , වැඩි අනුග්‍රහකයින් පිරිසක් ලබාගැනීමේ ව්‍යාපාරික වුවමනාව තුලය . රූපවාහිනි ආයතනයන්හි අදාල වුවමනාව තුල ක්‍රිකට් ක්‍රිඩාව මෙන්ම ප්‍රේක්ෂකයාද  වාසි ලබනා අතර අනෙකුත් ක්ශේත්‍රයන් තුලද දක්නට ඇත්තේද මේ යථාර්තයයි . එනිසා මුදලේ බලපැමෙන් තොර ශුද්ධ වූ ක්‍රිකට් ක්‍රිඩාවක් යනු හුදු මනස්ගාතයක් පමණක් බව අවධාරණය කල යුතුය 


ලීග තරඟ සහ අයිපීල්

ලීග තරග ඔ නොහොත් ක්‍රිඩා සමාජයන් අතර දැවැන්ත තරඟාවලින් යනු ලොව බොහෝ ජනප්‍රිය කණ්ඩායම් ක්‍රිඩා සඳහා ආගනතුක දෙයක් නොවේ . වඩා ලිහිල් බැඳිම් සහිතව උපරිම ලාභයක් අපේක්ෂා කරමින් සිදුකෙරෙනා මෙවන් තරඟාවලි , ලොව පුරා කෝටි සංඛ්‍යාත ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන තිබීමත්  නොයෙකුත් රටවල් නියෝජනය කරනා ක්‍රිඩකයින් ඉතා ඉහල වටිනා කම් සහිත කොන්ත්‍රාත්තු සඳහා එම කණ්ඩායම් වල  ක්‍රිඩා කිරීමත් කිසිවෙකුටත් ප්‍රතික්ශේප කල නොහැකි තවත් යථාර්තයකි . නමුත් මේ පිලිබඳ නොදැනීම හෝ   ෆුට්බෝල් ලීග නිදිමරාගෙන බලන ඇතැම් දෙපිට කාට්ටුවනුත් මාලිංග සම්බන්ධ විවේචන සියල්ලටම ඇඳා ගන්නා අනෙක් කාරණය වන්නේ  අනෙකුත් ක්‍රිඩාවන්හී ලීගයන්  අනුගමනය කරමින් බිහිවූ අයිපීල් තරඟවලියයි 

ලීග මට්ටමේ තරඟාවලියක් සාර්ථක කරගැනීම සඳහා අවැසි මූල්‍ය ශක්තිය, උන්මාදනීය ප්‍රේක්ෂකයින් පිරිසක් සහිත දැවැන්ත වෙලඳ පොල , ආයෝජකයින් ආදී සියලු දැ ක්‍රිකට් ක්‍රිඩාව සම්බන්ධයෙන් වේ නම් ඒ ඉන්දියාව  තුල පමණක්ය කීම සාධාරණය . මේ තුල සංසරණය වන මුදල් හේතුවෙන් ක්‍රිඩකයින් පමනක් නොව ලොව අනෙකුත් ක්‍රිකට් පාලක මණ්ඩලද ඒ වෙත ආකර්ෂණය වන්නේ ඔවුනටද මේ  තුලින් කොටසක් කඩා ගැනිමේ හැකියාව නිසාවෙනි 

කෝටි 2300ක් බදුගෙවන්නට සිදුවන මට්ටමට ධනවත් වීමේ හැකියාව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ලබත්දී , ක්‍රිඩකයින් , විස්තර විචාරකයින් , අනෙකුත් ක්‍රිකට් පාලක මණ්ඩල , විනිසුරන් මෙන්ම විශ්‍රාම ගීය ක්‍රිඩකයින් පවා මූල්‍ය මය ලාභයක් ලැබූ අයිපීල් ප්‍රේක්ෂකයාටද ආකර්ෂණීය අත්දැකීමක් වූ නිසාවෙන් වින්-වින්-වින් තත්වයක ලෙසින් හැඳින්වීමේ වරදක් නැත . නමුත් ඇතැම්  ශ්‍රි ලාංකික ප්‍රේක්ෂකයින් අයිපීල් හරහා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට වාසි දායක තත්වයක් උදාවේය යන මතය තුල අනියත විරෝධයක් දක්වන බවක් නීරීක්ෂනය කල හැක . ශ්‍රි ලංකා කණ්ඩායම  20-20  තරඟ ක්‍රමය තුල සැම විටම ඉන්දියාවට වඩා  ඉදිරියෙන් සිටීමත් , අයිපීල් තුල දස්කම් දැක්වූ කොදෙව්වන් ලෝක කුසලානය දක්වා ගමන් කිරීමත් , අයිපීල් තුලින් කලාපීය තණතිලි හා පන්දු යවන්නන්ට මනා පුහුණුවක් ලැබූ දකුණු අප්‍රිකානු ක්‍රිඩක ඩුප්ලෙසීස් මෙවර ලෝක කුසලානයේදී ඉන්දියානු කණ්ඩායමට රිදෙන්න පහර දී අවස්න් පූර්ව තරඟය අහිමි කිරීමත් වැනි කාරණා අනුව එම  විරෝධයට පදනමක් තිබේද යන්න නැවතත් සිතා බැලිය යුතුය 

මාලිංග සහ අයිපීල් 

ශ්‍රි ලාංකික ක්‍රිඩකයින් රැසක් අයිපීල් ක්‍රිඩා කලත් , ශ්‍රි ලාංකික ක්‍රිකට් ලෝලින්ගේ අයිපීල් විරෝධයේ ගොඳුර බවට නිරන්තරයෙන් ලක්වන්නේ ලසිත් මාලිංග ය . ඒ අනෙකුත් ලංකික ක්‍රිඩකයින්ට සාපේක්ෂව ඔහුගේ දක්ෂතා ඉහලින් මතුවීමත් , සමස්ථ අයිපීල් තරඟාවලියේ සාර්ථකම පන්දු යවන්නා වීමත් තුලය .මේ තත්වය උග්‍ර වන්නේ මාලිංග අයිපීල් වලදී (මේ වන විට එය අයිපීල් +බිග් බැශ් වී තිබේ ) තරම් හොඳින් ජාත්‍යන්තර තරඟවලදී පන්දු නොයැවීමේ චෝදනාවත්  ඒ සමඟින් එකතු වීම තුලය . නමුත් මේ චෝදනා එල්ල කරනා පිරිස විසින්  අමතක කරන ලද කාරනා කිහිපයක් ඇත . එනම් අයිපීල් හෝ බිග් බැශ් ජාත්‍යන්තර මට්ටමට ලඟ නොවු  , මාලිංග වැනි ආක්‍රමණි ශිලි පන්දුයවන්නෙකුට පහසුවෙන්   ගොදුරු විය හැකි ක්‍රිඩකයින් පිරුණු තරඟාවලියක් බවත් ,කඩුලු ප්‍රමාණයේ වෙනසක් තිබුනත් මාලිංගගේ විශ්ෂ්ට පන්දු යැවීම් රාශියක් ජාත්‍යන්තර තලය තුලදීත් වාර්ථා වීමත්ය . උදා හරණයක් ලෙසින්  මාලිංගගේ කඩුලු ත්‍රිත්වයන් සියල්ල ලබාගෙන ඇත්තේ ජාත්යන්තර තරඟ තුලය . මාලිංග ලීග වලදී මුදලට දක්වනා දක්වනා දක්ෂතාවයන් රට වෙනුවෙන්  නොදක්වන්නේය යන්නට හොඳම පිලිතුරක් මෙවර ඊස්පීඑන්  හොඳම 20-20 පන්දු යවන්නා වශයෙන් මාලිංග තෝරා පත් කර ගැනීම තුල ඇත . එනිසා මාලිංගගේ අයිපීල් දක්ෂතා හා සබැඳි විරෝධයන් මා දකින්නේ හුදෙක් පදනමකින් තොර කුහකත්වයෙන් පිරුණු ඒවා බවයි 

මාධ්‍ය වේදියෝ සහ මාලිංග 

ක්‍රිඩකයින්ගේ මුදලට විදින්නට උත්සහ කරමින් ක්‍රිඩාවේ විනයක් ගැන කථා කරනා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලොක්කන්ගේ සහ ක්‍රිඩා ඇමැත්තාගේ කෙරුවාවේ තරමත් , "විනයේ" තරමත් සිහි බුද්ධිය ඇත්තෙකුට අමුතුවෙන් විග්‍රහ කිරීමට අවැසි නොවන නිසා , මා සෘජුව පිවිසෙන්නේ මාලිංග සහ මාධ්‍ය  පිලිබඳ කථා බහටය . ක්‍රිඩකයින් විසින් සිය වැටුප් වෙනුවෙන් දැක්වූ විරෝධතාවයන්ගේ මුල සිටම ශ්‍රි ලංකාවේ සාතිශය බහුතරයක් මාධ්‍ය ආයතන සිදු කලේ ක්‍රිඩකයින්ගේ වැටුප් පිලිබඳ ගනන් මිනුම් සැඳීමය , අයිපීල් විරෝධී උණෙන් පෙනනා ඇතැම්  ක්‍රිඩා විචාරකයින්ය(කියාගන්නා ) මාධ්‍ය වේදීන්ට එය ක්‍රිඩකයින්ට දමා ගැසීමට අතිරේක මෙවලමක් විය . රටවෙනුන් ක්‍රිඩාකිරීම , මුදලට ක්‍රිඩා කිරීම පිලිබඳ බණ දෙසනා මාධ්‍යවේදීන්  තමන් මෙරට දේශපාලකයින්ගේත් , මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේත් පක්කලි කම් කරනා පිරිසක් මිස , ජනතාව වෙනුවෙන් පෙනි සිටිනා සැබැ මාධ්‍යකරුවන් නොවනා බැව් අමතක කරලීම පිලිබඳ මා පුදුමයට පත්වන්නේ නැත . එනිසා සිය පක්කලි කම් වෙනුවෙන් ලැප්ටොපයක් හෝ විස්කි විදුරුවකට එහා දෙයක් නොලබන මොවුන් ක්‍රිඩකයින් සිය දක්ෂතාවයන් පිලිබඳ උපයන මුදල් පිලිබඳ  කුහක කමක් , ඉරිසියාවක් ඇති කරගැනීමද මා හට වටහා ගත  හැක . නමුත් මා හට ඇතිපුදුමය නම් දිගින් දිගටම ක්‍රිඩකයින් පතුරු ගසමින් සිය අල්ජ්ජ ගතිය දැක්වූ මාධ්ය වේදීන් මාලිංග ගෙන් ලද ප්‍රතිචාරයට වඩා යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වීමය . මාලිංගට හයේ පහර වදින විට සිනා සෙන්නේත් මාධ්‍ය ඉදිරියේ කඩා පනින්නේත් ඇයි දැයි අසනා මාධ්‍ය වෙදීන් තෙරුම් නොගන්නේ  ප්‍රතිවාදී කණ්ඩායමක සහෝදර ක්‍රිඩකයෙක්  තරඟය දිනිම වෙනුවෙන් ගසනා හයේ පහරකත් , මාධ්‍යවේදින් සිය කුහක කම හේතුවෙන් ගසනා පැන් පහරකත් වෙනස හඳුනාගැනීමට  තරම් හැකියාවක් මාලිංග සතු බවයි  

අංශ කිහිපයක් යටතෙ දැක්වුයේ මාලිංගා හා මාධ්‍ය අතර ගැටුමේ පෙර සහ පසු කථා පිලිබඳ මාගේ අදහසයි . මේ පිලිබඳවා සාරාංශගතව  අවධාරණය කිරීමට ඇත්තේ පහත සඳහන් කරුණුයි 

01) . මාධ්‍ය ඉදිරියේ මාලිංගගේ හැසිරීම , හුදකලා සිදුවීමක් නොවේ
02) . ක්‍රිඩාව මුදලෙන්  තොර වීම ෆැන්ටසියක් පමණි
03) . අයිපීල් යකෙකු නොවේ , ක්‍රිකට් පාලක මණ්ඩලය එසේ සිතන්නේ නම් විසඳුම ක්‍රිඩකයින් අයිපීල්  නොයැවීම මිස , ගිය පසු පඩි කැපීම නොවේ 
04) . දේශපාලකයින් වෙනුවෙන් , මාධ්ය ආයතන හිමිකරුවන් වෙනුවෙන් කඩේ යමින් සැම විටම ජනතාවට විරුද්ධ පස සිටිනා මාධ්‍යවේදීන් ක්‍රිඩාවෙදී පමනක් ජනතාව පැත්තේ සිට ගන්නවා යැයිපෙන්වීම මුලාවකි
05). ක්‍රිඩකයින් අසාධාරණ ලෙස පතුරු ගසමින් , ඔවුනගෙන් යහපත් ප්‍රතිචාර බලාපොරොත්තු වීම විහිලුවකි!


Comments

  1. hariyata hari ban.
    Gossip Lanka ekath dan anduwata kade yana eka thama karanne. dhakka neda Malingata photo hadala daala thibuna?

    owa irisiyawata karana wada

    ReplyDelete
  2. මාලිංග වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න කිව්වම රට දෙවනත් කරන මිනිස්සු රටේ දැන් වෙන මාර සීරියස් දෙවනත් කරන්න ඕනෑ වැඩ වලට දැක්කේ නෑ වගේ නිහඬව ඉන්නව.

    ReplyDelete
  3. මාගේ අදහස අනුව මෙම දෙපාර්ශවයේම වැරැදි ඇත.
    ඉහත ක්‍රීඩකයින් නියෝජනය කරවනුයේ මේ රටය. රටේ ජනතාවය. ක්‍රීඩකයින් යමක් සඟවන්න උත්සාහ කිරීම සහ එහි ක්‍රියාපටිපාටීන් සහ අක්‍රමිකතා, දූෂණ වංචා ජනතාවගෙන් සැඟවීම වැරැදිය.
    මධ්‍යෙව්දීයෝ අදාල කරුණු අනාවරණය කිරීම සහ ඊට මාලිංගගේ ප්‍රකාශය මා වරදක් ලෙස දකිනුයේ නැත. නමුත් එය දඩමීමා කරගෙන ක්‍රිඩකයින් පාපතරයන් සේ හංවඩු ගැසීම පිළිකුල්සහගතය.

    ReplyDelete
  4. කියන්නට දෙයක් නැත. සීයෙට සීයක් එකඟය.

    ReplyDelete
  5. //මාලිංග පිලිබඳ කෙරෙනා විවේචනයන් තුල මෙන්ම ක්‍රිඩකයින් සිය වැටුප් සහ දීමනා වෙනුවෙන් ක්‍රිකට් ආයතනය සමඟ ඇතිකරගත් මත ගැටුම පිලිබඳ ව වූ විවෙචනයන් තුලද ප්‍රධාන වශයෙන් ම කථා බහට ලක්වූ කාරණාවක් වන්නේ "ක්‍රිඩාව මුදලට යටවී " ඇති බවකි . සමස්ථ අර්ථ ක්‍රමය කෙරෙහිම "මලකින්" පසුවන සමාජවාදීන් හැරුණු කොට අන් කිසිවෙකුටත් ක්‍රිඩාව මුදලට යටවීමක් ගැන කථා කිරීමේ ශුද්ධ වූ අයිතියක් ඇතැයි මා සිතන්නේ නැත.//

    බුවා, සංවාදයක් මතුකරගැනීම සදහායි. තමා ක්‍රීඩා කරන්නේ මුදල් සදහා බව මාලිංග විවෘතව කියයි.මාලිංග ඒක විවෘතව කිවුවාට වෙනත් අය ඒක කියන්නේ නැත.ඒත් ඒ අයත් මුදල් වෙනුවෙන් ක්‍රීඩා කරන බව පැහැදිලියි.දැන් මෙතැන දේවල් දෙකක් තියෙනව. 1. ආචාර ධාර්මික පැතිකඩ - රට / ජාතික කණ්ඩායම 2. මූල්‍යමය පැත්ත - මුදල්. මාලිංග මේ දෙකේදී ආචාරධාර්මික පැත්ත නොතකා හරිනවා.මුදල් කියන එක උඩට ගන්නවා. පොදුවේ ක්‍රීඩාවට වෙලා තියෙන්නෙ මේක බව පැහැදිලියි. බුකී කාරයෝ සහ වෙනත් එවැනි මාෆියාවන් සහිත කුණු ගොඩක්බවට ක්‍රීඩා ක්ෂේත්‍රය පත්වී තිබෙන්නේ මේ විදිහට මුදල් මූලික වීම නිසා. මුදල මුලික වීම ධනවාදී ආර්ථික ක්‍රමයක ලක්ෂණය බව ඔබ පිලිගෙනත් තියෙනවා.දැන් මගේ ප්‍රශ්නය මේකයි. ක්‍රීඩාවේ පරමාර්ථය මොකක්ද? ක්‍රීඩාවේ පරමාර්ථය මොකක් විය යුතුද? ක්‍රීඩාව ( හෝ වෙනත් ඕනෑම දෙයක් - කලාව,විද්‍යාව යනාදී ලෙස - මේ ඕනෙම දෙයක් හුදු මුදල් උපයන කටයුත්තක් බවට පත්වුණාම ඒ දේවල් වල තිබිය යුතු සාරය ( ස්පිරිට් එක ) අහිමි වී යනවා.අද වෙලා තියෙන්නේ ඒ දේ. මනුෂ්‍ය සම්බන්ධතා වෙනුවට හැමතැනම තියෙන්නෙ යාන්ත්‍රික මුදල්මය සම්බන්ධතා.දැන් එහෙම වෙන එකට බුවා එකගද? ඒ ගැන බුවාට තියෙන කියැවීම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මතුකරපු අදහසට , මුදල් ඉපයීම ඇතුලේ ක්‍රිඩාව කලාව ආදියේ මූලික පරමාර්ථයන් ඉටු කරගැනීමට බාධාවක් නැය කියලයි මම දකින්නේ . උදාහරණයක් විදිහට ක්‍රිඩාව තුල තියන මූල්‍ය ශක්තිය නිසා , තමයි වෙනුවෙන් ක්‍රිඩා කරන්න පෙලඹවීමක් තියන්නේ .ඒක මුදලින් තොර වුනා නම් දරුවෙකුට ක්‍රිඩාව තෝරාගැනීමට දෙමව්පියන්ගෙන් ඉඩ ලැබෙන එකක් නෑ . අපි රසවිඳින දැවැන්ත සිනමා නිර්මාණ උපයන මුදල නිසා තමයි තවත් ඒ වගේ නිර්මාණ ඇති කරන්න අදාලා සමාගම් චිත්‍රගාර පහසුමක් දියුණු කරන්නේ , ඒ සමාගම් ලාභය ඉපයිමට අලුත් තාක්ෂණය එකතු කරගන්න නිසා තමයි කැමරා , පටල ආදිය අලුතෙන් හැදෙන්නේ ..... ඔය වගේ මුදල මූලික කරගෙන සිදුකරෙන කරන වැඩ කටයුතු දාමයක් නිසා අවසාන ප්‍රථිපලය විදිහට , යම් පිරිසක් මුදල් උපයනවා , තවත් පිරිසක් තමන්ගේ පරමාර්ථ ඉටු කරගන්නවා . අපි චිත්‍රපටි, ක්‍රිකට් මැච් බලල රස විඳින්නෙත් ඒ අනුව

      Delete
    2. ඔබගේ අකමැත්තක් නැත්නම් මේ කථාබහ දිගටම අරගෙන යමු. දැන් ඔබම කියනවා මුදල් ලැබෙන නිසා තමයි දෙමාපියන් ක්‍රීඩා කරන්න දරුවාව පොලඹවන්නේ කියා.එත‍කොට මිනිස්සු ක්‍රීඩා කරන්නේ ඒ තුලින් ලැබෙන වින්දනය නිසා හෝ එමගින් තමන්ගේ පෞරුෂය ගොඩනගාගැනීමට ලැබෙන දායකත්වය නිසා නෙමෙයි - මුදල් සෙවිම සදහා. මුදල්වලට තරග පාවාදීමේ ඉදලා නොයෙක් ජරා වැඩවලින්ගහන දූෂිත ක්ෂේත්‍රයක් බවට ක්‍රීඩාව අද පත්වීමට හේතුවෙලා තියෙන්නේ මේ තත්වය නේද? සම්භාව්‍ය යුගයේදී ක්‍රිකට් වලට කීවේ මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලා.අද? මාලිංග ටයිප් පොරවල් මහත්වරු කියා හදුවන්න්න පුලුවන්ද? මේ අය පෙන්නුම් කරන්නේ සල්ලි වලට තියෙන මලපෙරේතකම නේද? අපි වෙන තැනකට යමු.ක්‍රිකට් ක්‍රීඩාව තුල තිබෙන ශිල්පීය ලක්ෂණ සදහා ඇති සුදුසුම ශානරය ටෙස්ට් ක්‍රිකට් බව ඔබ පිලිගන්නවා ඇති. පන්දු යැවීම,පිතිකරණය - මේ සියලුම අංශ වල මනා හැකියාව පිලිබිඹු කල හැක්‍කේ ටෙස්ට් තරග වලින්. ඒත් මේ සම්භාව්‍ය ආකෘතිය වර්තමාන වානිජ ක්‍රිකට් සමග ගැලපෙන්නේ නැහැ. විකිණීම කියන එක නිසා ප්‍රමුඛ අද උඩ දාන්නේ 20-20 වගේ තරග.දැන් 20-20 ගත්තම අපි දන්නවා එතන තාක්ෂණය හෝ වෙනත් දේවල් එතරම් අදාල වෙන්නෙ නැහැ. මොනව හරි කරල හයේ හතර ගහල ප්‍රේක්ෂකයින්ට ආතල් එකක් දෙන එකයි එතැනදී වෙන්නේ.ක්‍රීඩාව තුලින් ක්‍රීඩාවේ සම්භාව්‍ය ලක්ෂණ ගිලිහිලා.

      මේක කලාව තුලින් වඩාත් හොදට පැහැදිලි කරන්න පුලුවනි. කලාව කියන්නේ කලාකරුවාගේ ආත්ම ප්‍රකාශනය. ඒත් ‍කලාව තුලට වෙලදපොල ආවම ඒ ආත්ම ප්‍රකාශන කලාවට මොකද වෙන්නේ? වෙළදපොල තර්කනය ඇතුලෙ "විකුණගන්න පුලුවන්" දේට විතරයි අනුග්‍රහය ලැබෙන්නේ. සම්භාව්‍ය රසාස්වාදනයට වඩා ඉතා පහසුවෙන් විකිණිය හැක්කේ සරල රසාස්වාදනය. අද ටෙලි නාට්‍ය දිහා බලන්න.කඩුල්ල/දඩුබස්නාමානය වගේ නිර්මාණ සහ අද බිහිවන කබල් මෙගා නාට්‍ය අතර කලාත්මකභාවයේ වෙනසක් තිබෙන බව ඔබ පිලිගන්නවා ඇතැයි සිතමි.උසස් කලාත්මක සිනමාවකට ආයෝජනය කරනවාට වඩා මුදලාලිලා කැමැතියි පාර්ලිමන්ට් ජෝක්ස් වගේ ඒව මත ආයෝජනය කරන්න.අද ලෝක පරිමාණව තියෙන අර්බුදයක් තමයි ආත්ම ප්‍රකාශන සිනමාව අර්බුදයට යාම.ඉරාජ් කෙලින්ම කියනව මං සිංදු හදන්නේ මාකට් එකට කියල.මාකට් එකේ රැප් නම් නැගල යන්නේ රැප් හදනව.පිරිත් නම් පිරිත්.දේශාභීමානී ගී නම් ඒවා.ගොවියෙක් අල සීසන් එකට අල හදනවා බතල සීසන් එකට බතල හදනවා වගේ.දැන් තවදුරටත් කලාව ආත්ම ප්‍රකාශනයක් ද? අද කවි කියන කලා මාධ්‍යය නැත්තටම නැතිවීගෙන යමිනුයි තිබෙන්නේ. ඒ ඇයි? කවි වෙලදපොල තර්කනයට අහුවෙන්නේ නැති නිසා. මේ විදිහට උසස් කලාත්මක නිර්මාණ වලපල්ලට යන එකෙන් වෙන්නේ රසාස්වාදනයක් බුද්ධිමය ශික්ෂණයක් නැති බොල් මිනිස්සු ටිකක් බිහිවෙන එක.ඒ සම්බන්ධ හොද උදාහරණයක් මං ලගදී තිබුනු බීඇන්එස් කොන්සට් එකකින් ලැබුවා. ඒකට ආපු අය - බොහෝ දෙනා තරුන අය - අඩු තරමින් භාතිය සංතුෂ්ට සංදර්ශනය ඇතුලෙ කථා කරන්නවත් දුන්නෙ නැහැ. අපි ආවේ සිංදු අහන්න මිස ඕව අහන්න නෙමේ කියා හූ තියන්න ගත්තා.මේ අපේ පරම්පරාවේ සංස්කෘතික ශික්ෂණය ඛාදනය වෙලා තියෙන තරම. මම දන්නවා ලංකාවේ හිටපු විශිෂ්ට දක්ෂතා තියෙන කලාකරුවො - සුදත් මහදිවුල්වැව,චතුර ජයතිලක වගේ අය - අද නිකම්ම නිකම් ඇඩ්වර්ටයිසිං කොම්පැනි වලට ඇඩ් හද හද ඉන්නව.මේ අයට තැනක් නැහැ සමාජයේ.කලාකරුවෝ වෙලා තියෙන්නේ සුපර් සික්ස් වගේ ගොංපාට් හදන දෙකයි පනහේ බුවාලා.මුදල අධිනිශ්චය වීම තුල කලාව තුලින් කලාව ගිලිහී ගිහින් තියෙන්නේ එහෙමයි. අලුත් කැමරා ගත්තට ඒ කැමරා වලින් කරන නිර්මාණ වල කලාත්මකභාවයේ බරපතල ඌනතාවයක් තියෙන්නේ.සරසවිය ලක්ෂ්මිය ඉදිරියේ පලායයි කියා කියන්නේ මේ නිසා.

      ඔබේ අදහස දැනගන්න කැමැතියි.

      Delete
    3. ක්‍රිඩාවේන් ලැබෙන ඔබ සඳහන් කරපු ගුණාංගයන් දරුවෙකුට ඇති කිරීම අදාල මොහොතේදී අභිලාශය වෙන්න පුලුවන්. නමුත් ක්‍රිඩාව වෘත්තීමය මට්ටමෙන් කරන්න නම් ඔහුට එය ආදායම් මාර්ගයක් විය යුතුයි .හොඳම උදාහරණය ලංකාවේ වෘත්තීය නොවන ක්‍රිඩකයින් ඉන්න ක්‍රිඩා අංශ . ඔවුන් වෙනත් රැකියාවක් කරන ගමන් ක්‍රිඩා කරන්නේ ,ඒ ක්‍රිඩා වලදි රටක් විදිහටම අපි අසාර්ථකයි වෘත්තීමය භාවයක් ක්‍රිඩාවටම නැති නිසා . කාලයත් එක්ක ක්‍රිඩාව වෙනස් විය යුතුයි . ටෙස්ට් තරඟ අනවශ්‍ය කාලය කා දැමීමක් කියලයි මම දකින්නේ , ඒ විදිහට දකින මිනිස්සු රාශියක් ඉන්න නිසාත් , ටෙස්ට් අගය කරන අයට පවා දවස් 5ක් වෙන්කරගෙන ටෙස්ට් බලන්න බැරි නිසාත් තමයි ටෙස්ට් ටිකෙන් ටිකෙන් වල පල්ලට යන්නේ . මුදලේ බලපැම අමතක කරමු මිනිසුන් බලන්නේ නැති නම් ටෙස්ට් ක්‍රිකට් වල ප්‍රයෝජනය තියෙන්නේ අර සෙල්ලම් කරන අයට පමනයි , එහෙම දෙයක් පවත්වාගෙන යා යුතුද ?
      කලාව ගැන ලංකාවේ උදාහරණ වලින් කථා කරන්න බෑ , ලංකාවේ සිනමාවක් , සංගීතයක් නෑ . ලෝක සිනමාව අරගෙන බලන්න ඔබ කියන සම්භාව්‍ය රසාස්වාදයට වෙන් වෙච්ච චිත්‍රපටි , වාණිජ පරමාර්ථයන් ඉලක්ක කර නොගෙන නිපදවෙන නිදහස් චිත්‍රපට (indie movies) තියනවා නේද කියලා . මිනිස්සුන්ට සරල රසාස්වාදයක් ලබාදෙන ඉතාම ඉහල සිනමාත්මක ගුණයෙන් නිර්මාණ හොලිවුඩයේ හැදෙනවා , බොලිවුඩයේත් මේ වෙන කොට සැලකිය යුතුමට්ටමකින් හැදෙනවා . පාර්ලිමන්ට් ජෝක්ස් , සුපර් සික්ස් වගේ කසි කබල් වලින් විතරක් නෙවෙයි වාණිජ පරමාර්ථ ඉටු වෙන්නේ . ඇමරිකානු ටෙලි නාට්‍ය ගත්තත් වාණිජ පරමාර්ථ සමඟම නිර්මාණාත්මක ගුණයන් රැඳිලා තියනවා . ලංකාවේ වාණිජ ලේබල් එකේ විතරක් නෙවෙයි මහ ඉහලින් අගය කරල සම්මාන දුන්න ගාමනි චිත්‍රපටිය පවා සිනමාත්මක භාවිතාවන් අතින් ඉන්නේ හෝඩියේ ,ඒක ලංකාවේ මිනිස්සුන්ගේ කලාව භාවිතායේ අවුලක් . ජයන්ත , ප්‍රසන්න ඩබල වගේ අය නිර්මාණ කරනවා නම් ඔවුන්ට රසික පිරිසක් අනිවාර්ය යෙන්ම ඉන්නවා , බලන්න ජයන්තගේ ලඟදී එන චිත්‍රපටිය වාණිජ වශයෙන් සාර්ථක වෙන්නේ නැද්ද කියල

      Delete
  6. // දේශපාලකයින් වෙනුවෙන් , මාධ්ය ආයතන හිමිකරුවන් වෙනුවෙන් කඩේ යමින් සැම විටම ජනතාවට විරුද්ධ පස සිටිනා මාධ්‍යවේදීන් ක්‍රිඩාවෙදී පමනක් ජනතාව පැත්තේ සිට ගන්නවා යැයිපෙන්වීම මුලාවකි//
    හරියට හරි.

    ReplyDelete
  7. මාලිංග පොඩි ළමයෙක් නොවේ
    ඔහු දන්නව ඔහු කොහෙද යන්නෙ කියල
    මාධ්‍ය කාරයො දන්නව
    නැගල යන නිව්ස් අයිටම් මොනවද කියල
    මොනව ලීවත්
    මාලිංග බෝල් කරන කොට
    ඔය මාධ්‍ය පොරවලුත් චියර් කරයි
    යුද්ධෙ අවසාන වීමත් සමගම
    අපි හැමෝම වේගයෙන් උගනිමින් සිටිනවා
    මෙහෙම වෙනකොට මලිංගට ගෙවන ගනන් වැඩිවෙනවා
    ඇත්තටම මාධ්‍යට ස්තූති වන්ත විය යුතුයි
    එයාගෙ උපදේශකයො මෙහෙම කරන්න කීවද කවුද දන්නෙ?

    ReplyDelete
  8. මෙතනදී මාලිංග පිට කල පීඩනයට හේතුව මාධ්‍ය ඉදිරියේ සත්‍ය ප්‍රකාශ කිරීමට වැට බැඳ තිබීමයි යන්න මගේ විශ්වාසයයි. නැත්නම් "බලපන් අයියේ මුන් අපේ පඩියෙන් ගානක් කපලනේ" කියන්න බොහෝ විට ඉඩ තිබුණි. මා දන්නා පරිදි වැටුප් සටනක් කල නොහැකි කණ්ඩායම් දෙකන් එකක් ක්‍රීඩකයන්ය, අනෙක් කොටස ආරක්ෂක අංශය.

    මාලිංගගේ ප්‍රදේශයේ මිනිසුන් කැකෑරෙන ලේ තිබෙන පිරිසක් බව අපගේ ගම් පළාතේ අයගේ විශ්වාසයයි. ඉතිං මාලිංගට විකට් ගන්නට ජීවය දෙන්නේද මේ කැකෑරෙන ලේ බව මගේ විශ්වාසයයි. තමන්ට වූ අසාධාරණය හමුවේද එය කැකෑරෙන්නට ඇත. තමා කෙතරම් මුදල් උපයන්නෙකු වුවද තවත් තැනකදී පාඩු ලැබීම සාධාරණය කිරීමට "උන්ට එච්චර සල්ලි ලැබිලත්, පෙරේත කම" කියා කීවාට වැඩක් නැත. එසේ බැලු කල මෙම ලිපිය තිත්ත ඇත්ත බව පිළිගත යුතුය.

    ReplyDelete
  9. chris gayle,sunil narine lankawe hitiyanam untath baduma tmi.... Umuth gahanne salli walata kiyai...a rate minizzu buddimath niza hodai....

    buwa hamadama liyanne nathi eka nam awl... Dan blog liyana godak ewnge asadarana wada gana kathakaranna sadaranawa liyana oba wage knk one.....

    ReplyDelete
    Replies
    1. ගේල් ලව කණ්ඩායමෙන් එලවලා තිබුනා කාලයක් , අන්තිමේදි ඒකෙන් කෙලවුනේ ක්‍රිකට් පාලක මණ්ඩලයටම තමයි . ස්තුතුයි අදහසට . ඉස්සරහදි උපරිමයෙන් ලියන්න බලන්නම් ස්තුතියි

      Delete
  10. ලෙසටම ලියා ඇත. ක්‍රිකට් ගහන්න පුළුවන් සිමිත කාලයක්ය.එක සැරයක් පාර්ලිමේන්තුවට ඔළුවාදා ගත් පමණින් ජිවිත කාලේටම ලැබෙන පැන්ෂන් වාගේ දේවල් ක්‍රිඩකයින්ට ලැබෙන්නේ නැත. මාලිංගට දේශපාලන ගට් තියෙන බිස්නස් තාත්තලා නැත. කසාදේ කොරගත්තෙත් ලොකු අත්තක් එක්කනෙමේය.එහෙවු එකා ක්‍රිකට් වලින් නැතිව කොහින් සල්ලි හොයන්නද?
    ශ්‍රි ලංකා ක්‍රිකට් දුවන්නේ උන් ටික හින්ඳාය. මොන පැත්තෙන් බැලුවත් සල්ලි වලට වැඩිය ක්‍රිකට් ලොකුයි කියන තාර්කේ මේතැනට ගැලපෙන් නැත්තේය, මොකද මාලින්ංලා කියන්නේ ගිය අවුරුද්දේ ගෙවපු ගානම ගෙවන්න කියලා විතරය.නැතුව මාලිංග මැච් සල්ලි වලට විකුණලා මාට්ටු වුණා නෙමෙය.

    ReplyDelete
  11. මාධ්ය වේදියෝ !! සමාජවාදියෝ.. මුං ඔක්කොම අහවල් එක හංගාගෙන අනිත් එකෙං වැඩ පෙන්නන ගොං ‍රැලක්..මුං හින්ද තමයි මිනිස්සුන්ට ඇත්ත ඇති හැටියට නොපෙනෙන්නෙ..

    ReplyDelete
  12. අදාල වන බොහෝ කාරණා අලලා සැකසූ අගනා ලිපියකි. මාලිංගගේ ප්‍රතිචාරය කොන්දේසි විරහිතව හෙලා දකිමි. මාධ්‍යවල වැරදි ඇතත්, මාධ්‍ය හමුවේ ඒ ආකාරයෙන් හැසිරීම ජාත්‍යාන්තර මට්ටමේ ක්‍රීඩකයෙකුට සුදුසු නොවේ. ඔහුට එරෙහි විනය පරීක්ෂණයක් පැවැත්වීම සාධාරණ බව මගේ අදහසයි. අයි.පී.එල්, මුදල් සහ ක්‍රීඩාව යන කරුණු ගැන ඔබගේ අදහස් වලට පොදුවේ එකඟවෙමි.

    මේ නිසා බලවත් අසාධාරණය සිද්ධවූයේ ක්‍රීඩකයන්ටම බවයි මගේ අදහස. මාධ්‍ය මගින් දැන් ඇතිකර තිබෙන වාතාවරණය යටතේ, ක්‍රීඩකයන්ට නව කොන්ත්‍රාත්තුවේ තිබූ යම් යම් ගැටළු වෙනුවෙන් පසුව හෝ හඬ නැගීමට තිබූ ඉඩ සම්පූර්ණයෙන්ම අහිරී ගිය බවයි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ මාධ්‍ය ක්‍රිඩකයින් වෙනුවෙන් කථා කරයි කියලා කොහොමටවත් , මොකද ඕනි කමක් තිබ්බා නම් ඒක ගැටලුව ඇදීගෙන යත්දි කරන්න තිබුනා , උන් කලේ ක්‍රිඩකයින්ට කපන එක විතරයි

      Delete
  13. අනේද කියන්නෙ. මාලිංග විතරනේ සල්ලි බලාගෙන වැඩ කරන්නේ. අපේ ඇමති ගොල්ලො හම්බෙන පඩිය, යාන වාහන එපා කියලනේ ජනතා සේවේ කරන්නෙ.

    ReplyDelete
  14. බුවා දැක්කනෙ මං මේ ගැන බුකියෙ කියපු දේ. ඉට වඩා යමක් කියන්ට නෑ මට නම් මේ ගැන.

    අර ඉරිසියාව කියන වචනෙ නම් ලෙසටම ගැලපෙනව

    ReplyDelete
  15. කෝ බං මං දාපු එක..

    ReplyDelete
  16. මාලිංගට දොස් කියන්නේ සල්ලි වලට කෑදර නැති මිනිස්සු වෙන්න ඇති ඒ වගේම මාධ්‍යකරුවන්ගේ සිද්දියෙනුත් කියන්න තියෙන්නේ ඔයිට වඩා මාධ්‍යවේදීන්ට කුණු හරපෙන් බැන්න මර්වින් සිල්වාටවත් මිනිස්සු ඔහොම බැන්නේ නැහැ.මහා ජනතාව මිනිස්සුත් හැසිරෙන්නේ දෙපැත්තට වැනෙන විදිහට.

    ReplyDelete
  17. බුවා කියන්න ඕන ඔක්කොම උඹ කියල තියනවා. මාධ්‍යවේදීන්ට විරෝධතාව දැක්වුවහම ඒ මිනිහා හරි වුනත් වැරදි වුනත් මරාගෙන කන එක දැන් පුරුද්දක් වෙලා. අපිව නටවන්නේ දේශපාලකයෝ නෙමේ මාධ්‍ය. නලීන් අයියලත් මේවට වග කියන්න ඕන.

    ReplyDelete
  18. මලිංගත් වැරදියි. ඒ ආවේ ජනමාධ්‍යවේදියෝ නෙමෙයි. පැපරාසියෝ. ක්‍රිකට් ගැන පාලක මණ්ඩලයේ අවසරයකින් තොරව අදහස් දක්වන්න එපා කිව්වේ අදක ඊයෙක නෙමෙයි. එතකොට මේ ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෝ ඒක දන්නෙ නැද්ද. බොහෝ අය මේ ගැන ලිව්වේ. මාලිංග පොඩි තැනකින් ආපු නිසා. ඒ ගැහුවෙත් පොඩි උන් මිසක් ළොකු උන් නෙමෙයි. ඒ තමයි පොඩි එකාගේ හැටි.

    ReplyDelete
    Replies
    1. මාලිංගේ ජාතකය හොයන්න ගිය එක තමයි අප්‍රිය ජනකම වැඩේ

      Delete
  19. සංග මාලිංග හෝ මුරලි ගොන්ගාලේ ගොඩ බන්ඩා හෝ වීර පුරන් අප්පු නොව වෘත්තියක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන්නන් බව නොදන්නා වුන් ලෙස හැසිරෙමින් පත්තර සහ ටී වී නිවුස් කෑලි වල මාකටින් ගොදුරක් වුනු අපේ අහිංසක ක්‍රීඩා ලෝලින් ගැන ඇත්තටම දුකය.දැන් අර ප්‍රභාකරන් කිව්වා වගේ සති දෙක ගෙවී ගොසිනි .මාලිංගට සමු දී මර්වින් සිල්වා දුමින්ද සිල්වා බැරි නම් පොල් ගෙඩි අටේ ගෑනු දැරිවිය වත් අල්ලා ගෙන තවත් මාධ්‍ය නැටුමක පාර්ශවකරුවෙකු වීමට ඔබ සූදානම්ද ?එකාතකට වැඩි වන බිල් ගැන අමතක කර ගෙදර කන්කරච්චලයෙන් මොහොතකටවත් මිදීමට මෙවැනි ආතලයක් නැතුව කෝමද ?

    ReplyDelete
  20. බලාගෙන කොල්ලෝ මේ පිළිම බිම වැටෙන කාලයක් මාලනී නන්ද සුනිල් ජැක්සන් රවීන්ද්‍ර ආදී වූ කලාත්මක පිළිම සරත් ෆොන්සේකා වීරවංස චම්පික ආදී වූ දේශපාලනික පිළිම උඩුවේ හිමි පිටිදුවේ හිමි රතන සාදු ආදීවූ ආගමික පිළිම විතරක් නෙමේ සනා සංග ඩිලා මුරලි මාලිංග වගේ ක්‍රීඩා පිළිමත් නිරුවත් වෙලා කඩන වැටෙනව බලන් ඉද්දි.මෙව්වයින් තම තමුන්ගේ ෆැන්ටසි අවුල් කොර ගන්නේ නැතිව මේ පිළිම ඇතුලේ ඉන්නෙත් පෘතග්ජන සත්වයෝ කියල හිතා ගත්තම අහකයි !

    ReplyDelete
  21. මාලිංගගේ හැසිරීම වැරදියි. ඒ ගැන බුවා එක්ක එකඟයි වගේම මාධ්‍යකරුවන්ගේ ජඩකම් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ ගැන උදිතගෙ බ්ලොග්එකේදි ඇතිවෙන්න සංවාද කලා.

    බුවා මතුකරන අනෙක් කාරණා ගැන කියනව නම් ලෝකය වෙනස්වෙන වේගයට හැඩගැසෙන්න බැරි, ඒ ගැන අවබෝධයක් නැති මිනිස්සු ඉන්න රටක් මේක. ක්‍රිකට් කියනඑක මේ වෙනකොට (පාපන්දු වගේ තත්වයකටම නැතත්) වෘත්තීය මට්ටමකට ඇවිල්ල තියෙන්නෙ. ඒත් ඒක තේරුම්ගත්ත ක්‍රිකට් මහත්වරුන් කීදෙනාද ඉන්නෙ? බුවා දැක්කද දන්නෙ නෑ පහුගිය දවසක තිබුන සිරස ඉන්සයිඩ් ක්‍රිකට් සාකච්ඡාව. වගකිවයුතු එක් පුද්ගලයෙක් (නම හරියට මතක නෑ) කියන විදියට ලසිත් මාලිංගගෙන්වත් වැඩක් නෑ ඔහුට එක්දින 20-20 ටෙස්ට් කියන තුනම ගහන්න බැරිනම්. ඒ වගේම ලෝක කුසලානය දිනල දුන්න නායකය කියන කතා ඇහුවමයි තේරෙන්නෙ එයත් වත්මන් ක්‍රිකට් ගැන දන්නෙ නෑ කියල. "අපි ගැහුවෙ රට වෙනුවෙන්" කියන බයිලය ගහ ගහ ඉන්නව මිසක් වෙන දෙයක් කියන්නෙ නෑ. මේ ගොල්ල එක්ක බලද්දි මාධ්‍යකාරයන් තව හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අර්ජුනගේ විකාර ගැනත් ලියන්න හිතාන හිටියේ ඒත් දෙපාරකට ලියන්න ගිහින් මත ඒක අමතක වුනා .ලංකාවේ ක්‍රිකට් කාරයෝ ගොඩ දෙනෙක් තාම ඉන්නේ 90 දශකයේ , වෙනසට අකමැති විම ශ්‍රි ලාංකිකයින්ගේ ජාන ලක්ෂනයක්ද කොහෙද

      Delete
  22. මාලිංග ගේ හැසිරීම අනුමත කරන්න බැහැ තමයි, නමුත් ලැප්ටොප් මාධ්‍යවේදීන් ගේ හැසිරීම ඊටත් පහත්. ඔබගේ අදහස් හා සම්පූර්ණයෙන් ම එකඟයි!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව