Skip to main content

ජිනිවා අවසන් "යටතේ නොවෙනා" දේශප්‍රේමියනි අපි දැන් කුමක් කරමුද ?

ජිනිවා කෙලිය  සිතු පරිදිම අවසන්ය  ,රජයේ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය නිසා සිදුවන බාගෙන නාගැනීම් පිලිබඳව  කථා කිරීමත් කාලය කා දැමීමක් පමණි. එනිසා මේ අද දින ඇමරිකානු කානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී "යටත් නොවෙමුය" කියා බෙරිහන් තැලූ දේශ හිතෛශීයින් ඇතුලු සමස්ථ දේශප්‍රේමීන්  ගේ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ අදහස් දැනගැනීමට ඡන්දයකි . ඡන්දය ඉහලින් ඇත , ප්‍රශ්නය සහ පිලිතුරු පහලින් ඇත 

ජිනිවා හිදී ශ්‍රි ලංකාවට එරෙහිවූ පාහරයන්ට පාඩමක් උගන්වන්නේ කෙසේද ?


 A. සියලුම ඇමරිකන් භාණ්ඩ හා සේවා වර්ජනය කිරීම (අන්තර්ජාලයද ඇතුලුව ) 

B. සියලුම ඉන්දියානු භාණ්ඩ හා සේවා වර්ජනය කිරීම (ජපන් බස් පාරට දාන තෙක් පයින් යාම )

C. ඉන්දියාවට එරෙහිව යුධමය ක්‍රියා මාර්ගයකට යොමු වීම

 D.චීනය සහ රුසියාව සමඟින් එක්ව ඇමරිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීම 

E. ෆෙස් බුකියේ ඡායාරූප වලින් ඇමරිකාව , ඉන්දියාව , නවනීදන් පිල්ලේ පතුරු ඇරීම 

 F. ඇමරිකානු හෝ  ඉන්දියානු තානාපති කාර්යාල ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ඇරඹීම (ලෙමන් පෆ් භාවිතා කිරීමේ අවසරය ඇත ) 

G.ඔබාමාගේ , මන්මෝහන් ගේ පඹයින් ගිනි තැබීම 


මේ හැර කරන්නට  බලාපොරොත්තු වන වෙනත් දෙයක් වේ නම් කමෙන්ට් තීරයේ පල කරන්න ස්තුතියි 

Comments

  1. යෝජනාව ඉරා දමා. ඇමරිකාණු තානාපති කාර්යාලය ඉදිරිපිට දේශප්‍රේම් විමල් වීරවංශත්, ඉන්දියානු තානාපති කාර්යාලය ඉදිරිපිට චම්පික රනවකත් උපවාසයේ යෙදවීම.

    මහින්ද සමරසිංහ එල්ලා මැරීම.

    එකසත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ලෙස ගරු ආචාර්ය මර්වින් සිල්වා මහතා පත් කර හැරීම.

    එල් එල් ආර් සී වාර්ථාවේ පිටු ඉරා බෝට්ටු සාදා මූදේ පා කිරීම.

    එකසත් ජාතින්ගේ සංවිධානය හා පොදු රාජ්‍ය මන්ඩලයෙන් ඉවත්වීම.

    ReplyDelete
    Replies
    1. දේශප්‍රෙමී ජනතාවට ජය වේවා !

      Delete
    2. මරු යෝජනා ටික , ඊට පස්සෙ විම්ලයට විදේශ ඇමති කම දෙනවා , ගුණදාස අමරසේකර හරි , වසන්ත බණ්ඩාරට හරි දෙනවා විමල්ගේ භාෂා පරිවර්ථක කම

      Delete
  2. ඕතන තියෙන එකක්වත් කරාට වැඩක් නැ.ඔය තත්වය ඇති කරගත්තේ මේ රටේ උදවියමනේ.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. //ඔය තත්වය ඇති කරගත්තේ මේ රටේ උදවියමනේ.//

      +++++++

      Delete
  3. ""ජිනිවා අවසන් "යටතේ නොවෙනා" දේශප්‍රේමියනි අපි දැන් කුමක් කරමුද ? ""

    ෆේස් බුකියේ සහ බ්ලොග් අවකාශයේ දේශප්‍රේමීන්™ගේ රෙදි ගලවන අවජාතිකවාදීන්™ට [හෙවත් අපිට] බැනීම

    ReplyDelete
  4. දැන් ඉතින් වෙන කුමක් කරන්නද

    දැන් ඉතින් වෙන කුමක් කරන්නද

    ආ...ආ...ආදරය කරනු මිස

    ආ...ආ....ආදරය කරනු මිස

    ළා.......ලා..... ලා... මහා.....පතරන්ගෙටත්....වඩා

    දැන් ඉතින්..........සැරසියව්.... නැගිටියව්... නැගිටියව්...

    ReplyDelete
  5. තම පුද්ගලික මතග්‍රාහය, තම පුද්ගලික අභිලාෂය, තමනට වූ පුද්ගලික මදිපුංචිකමක්, යනාදී විවිධ පුද්ගලික වූ හේතු නිසා තම රටට කොතරම් අහිතකර වුවත් අනෙක් රටක් හා අමනාප වූ, අනෙක් රටක් හා යුද්ධයකට ගිය, නායකත්වයන් ඉතිහාසයෙන් ඕනෑ තරම් සොයා පෙන්විය හැකියි.

    ReplyDelete
    Replies
    1. යුද්ධ ඉතිහාසය පුරාම ඇත්තේ පුද්ගලික උවමනාවන් හේතුකරගෙන මනුස්ස සංහාර කල අවස්තා තමයි...

      Delete
    2. //යුද්ධ ඉතිහාසය පුරාම ඇත්තේ පුද්ගලික උවමනාවන් හේතුකරගෙන මනුස්ස සංහාර කල අවස්තා තමයි//

      ++++++++

      Delete
  6. දැන් අපට ඉතිරි උඩ බලන් කෙළ ගසා ගැන්ම යි බුවා..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් පැහැදිලි කරමුද අදහස් කලේ මොකක්ද කියල

      Delete
  7. මේ හිනාවෙන්නේ කාටද....????

    ReplyDelete
  8. අපේ විදේශ ප්‍රතිපත්තියත් හරියට අර හවසට බාර් එකෙන් අනුමත වෙලා ඩෝප් එකෙන් අසිහියෙන් ගමටම ගේම් දෙන්න ටෝක් කරන ජෙමාලා වගේ. අපි හිතන් ඉන්නෙත් අම්මට සිරි අපිත් හෙන ගේම් කාරයෝ කියලා. හැබැයි ඩෝප් හිඳෙන්න ඕන අපේ තත්ත්වෙ අපිට තේරුම් ගන්න.
    ඉන්දියාවෙන් ගේම ඉල්ලන ෆේස් බුක් වීරයොන්ට ලංකාවේ ආර්ථිකයට වඩා උන්ගේ සමහර ප්‍රාන්තවල ආර්ථිකය ශක්තිමත් කියලාවත් තේරුමක් නෑ!

    ReplyDelete
    Replies
    1. //අපේ විදේශ ප්‍රතිපත්තියත් හරියට අර හවසට බාර් එකෙන් අනුමත වෙලා ඩෝප් එකෙන් අසිහියෙන් ගමටම ගේම් දෙන්න ටෝක් කරන ජෙමාලා වගේ//

      නිවැරදිම උපමාවක්

      Delete
  9. 1. රටක් රජයක් ලෙස පානාතිපාතා, අදින්නාදානා සහ මුසාවාදා පවෙන් වැලකීම

    2. වරද පිලිගැනීම

    3. එ.ජා.යෝජනා ක්‍රියාත්මක ලිරීම

    4. මිනිස් අයිතීන් සුරැකීම

    5. උගත් පාඩමෙන් ප්‍රයෝජන ගෙන අනාගතය සකසා ගැනීම

    ReplyDelete
    Replies
    1. කතන්දරට මතක් වෙන්නේ දේශද්‍රෝහි යෝජනාමයි . අපේ "දේශප්‍රේමි" යෝ ඔවා ක්‍රියාත්මක කරනවා තියා හැරිලා බලන්නේවත් නෑ

      Delete
  10. දැන් කලයුත්තේ වහාම මහ මැතිවරණයක් පවත්වා,නැවත මේ රජයම පිහිටුවා මුළු ලෝකයම අපට එරෙහි වුවත් අපේ බුද්ධිමත් ජනතාව අප සමග එකාවන් සිටින බව පෙන්වීම.
    අගමැති,විදේශ/අධිකරණ ඇමතිකම රනිල් මහතාට ලබාදීම.

    ReplyDelete
    Replies
    1. ජනාධිපතු උපසේන කමක් ෂුවර්... අපරාදේ ජපානේ ඉන්නේ. වරෙන් පුතේ කොල්ලුපිටි...

      Delete
    2. ජනාධිපතු උපසේන කමක් ෂුවර් . aniwa

      Delete
  11. මාතලන්ගේ කතාව ඌණ පූරණයක්. අපිට පක්ෂව ඡන්දේ දීපු රටවල් එක්ක එකතු වෙලා අලුත් සංවිධානයක් හැදුවොත් මොකද :)

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ හදමු ! , ලෝක මානව හිමිකම් "ඕනිනැති" සංවිධානය

      Delete
  12. කෙන්ජිගේ යෝජනාව තමයි කාලෝචිතම එක.

    ReplyDelete
  13. මංනං හිතන්නේ දැං ජනතාවක් විදිහට මානව හිමිකම් දිගට හරහට කඩලා කොහොම හරි ආර්ථික සම්බාධක අපේ රටට දා ගත්තනං හරි.ආර්ථික සම්බාධක තියා මොන ඉළව්වක් දැම්මත් සාමාන්‍ය ජනතාවට මෙයිට වඩා දරිද්‍රතාවයක් දැනෙන්ඩ විදිහක් නැති නිසා අපිට අවුලක් වෙන්නේ නෑ.ඒ උනාට ඔය මුල් පුටුවල ඉන්න උන්ටනං බඩට පාර වදී.

    ReplyDelete
    Replies
    1. නැ මචන් ආර්ථික සම්බාධක ආවොත් පැදුරෙ ඉන්න එකාත් බිමට වැටෙනවා. හැබැයි සම්බාධක දාන්න නම් ටික කාලයක් යයි . චීනයයි , ඉන්දියාවයි ලේසියෙන් ඉඩ දෙන එකකුත් නැ . සුද්දන්ට අපේ බඩු අයින් කලාම පාඩුව අපිට විතරක් උනාට අරුන් දෙගොල්ල අපිට බඩු විකුණවා නෙව , අනිත් සැහෙන්න ආයෝජනත් තියනවනේ බාගෙට කරගෙන යන

      Delete
  14. 1.මූලික පියවර ලෙස ණයට කිරුල (වැරදුණා - සොරි) දැයට කිරුල ප්‍රදර්ශනයට අතිවිශාල ජනතාවක් කැඳවා, විදේශ තාතාපතිවරුන්ට උණ ගැනෙන ලෙස ඒ ජනතාව රජය සමග පෙන්වීම.

    ReplyDelete
    Replies
    1. ඉතාම හොඳ යෝජනාවක් , අර දේශද්‍රෝහි වචනය නොතිබුනා නම්

      Delete
  15. ජාතික රූපවාහිනියෙන් සහ අයි.ටී.එන් එක යොදාගෙන ඇමරිකාවට බැනීම (ඔය ලොකුලොකු රටවල් හැම එකක්ම වගේ ඔය චැනල් දෙක බලනවලු)
    .
    විදේශ රටවල් වලින් නියෝජිතයන් රැගත් ප්ලේන් එකක් මත්තලට ගෙන ඒමෙන් රටේ සංවර්ධනය පෙන්වීම (අඩුම තරමෙ කුරුල්ලෙක් ගිහින් ප්ලේන් එක සුන් උනොත් ආයි උන්ට චන්දෙ දෙන්න වෙන්නෙත් නෑනෙ)

    ReplyDelete
    Replies
    1. // (අඩුම තරමෙ කුරුල්ලෙක් ගිහින් ප්ලේන් එක සුන් උනොත් ආයි උන්ට චන්දෙ දෙන්න වෙන්නෙත් නෑනෙ)//

      නවි පිල්ලෙ ලංකාවට එනකොට මත්තලින් ගේමු

      ඔබාමා ඉශ්‍රේලෙ හිටියත් අයිටින් නිවුසුයි , විමසුමයි බලනවාමලු , එ නිසා හොඳ යෝජනාවක්

      Delete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව