Skip to main content

සුභ නව අලුත් අවුරුද්දක් - (මේ විදිහට වැඩ කටයුතු සිද්ධ වෙන )

සිංහල හා දෙමල අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයකි .සුභ අසුබ නැකත් පිලිබඳව හෝ එසේ නැකතට කටයුතු කිරීමෙන් අත්වෙන විශේෂ වාසියක්  පිලිබඳ මාතුල කිසිදු විශ්වාසයක් නැතත් ජාතියක් වශයෙන් අනෙන්‍යවූ සංස්කෘතිකාංගයක් වූ අවුරුදු උත්සවයටත් ඒ හා සබැඳි චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් අනුගමනය කිරීමේ වැදගත් කමක් මා දකිමි .  පවුලේ සියලු දෙනා හැකි පමණින් එකතුව අවුර්ද්ද සමරන්නටත්  , පරණ තරහ මරහ අමතක කර ඥාති මිත්‍රාදීන් සහ අසල්වාසීන් සමඟින් සම්බන්දයන් අලුත් කරගන්නටත් , සංස්කෘතික අනෙන්‍යතාවයක් වශයෙන් සිංහල දෙමල අලුත් අවුරුදු  සම්ප්‍රදායන් මතු පරපුර වෙත ගෙනයාමටත්  සැම සියලු දෙනාම වග බලාගන්නේ නම් යහපත් බවද මේ මොහොතේ පවසනු කැමැත්තෙමි . සියලුම බ්ලොග් කරුවන්ටත්   , සිංහල බ්ලොග් කරණය වර්ණවත් කරනා නිර්නාමික ප්‍රතිචාර කරුවන්ටත්, ප්‍රතිචාර නොදක්වන නිහඬ පාඨකයිනුත් ඇතුලු  සිය්ලු දෙනාටම  තම සිතු පැතුම් ඒ ආකාරයෙන්ම ඉටු කරගන්නට ලැබෙන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දකට ආසිරි එක් කරනා අතරම ,මාගේ බ්ලොග් කරණය නිසා වෙන් කුමන හෝ සිත් අමනාපයක් ඇති කරගත්තෙක් මේ අතර වේ නම් , ඒ සිතේ කහට අමතක කර නව වසරේ නව ප්‍රවේශයක් වෙනුවෙන් එකතු වීමට  අවස්ථාව ලැබේවා කියාද ප්‍රාර්ථනා කරමි 

මේ සමස්ථ රට වැසියන් සහ ලෝක වාසින් වෙනුවෙන් මාගේ අලුත් අවුරුදු සුබ පැතුමයි 


විදුලි ගාස්තු සුත්‍රයවත් (අඩු ගානේ ) වෙනස් නොවන, මත්තලට ප්ලේන් එන, එන ප්ලේන් වල කුරුල්ලො නොවදින, නැව් 400න් 40ක් හෝ හම්බන්තොට වරායාට පැමිණෙන  , නොරොච්චෝලේ  අවුරුද්දෙන් භාගයක් හෝ හරියට වැඩ කරන , ඇමති මණ්ඩලේ වැඩි නොවන , ඇමතිලා වැඩක් නොලකත් අඩුම ගානේ පිස්සු නොකෙලින ,ලොක්කාට තමන් ආයෙත් ඡන්දයකට යායුතු බව සිහි වෙන, රනිල්ට තමන් විපක්ෂ නායක බව මතක් වෙන , ෆොන්සේකාගේ අහංකාර කම් අඩුවෙන ,ජිනිවා වලදී නාගන්නේ නැති, ඇමරිකාවෙන් , යුරෝපයෙන් සහ ඉන්දියාවෙන් ගේම ඉල්ලන්නට නොසිතෙන,  මුස්ලිමුන්ට  අන්තවාදය එපා වෙන, බොදු බලසේනාවට තමන් "බෞද්ධ" බව මතක් වෙන , දෙමල සංධානයට ඊලම එපා වෙන , මූලධර්ම වාදි ක්‍රිස්තියානින් එලවන්නට කතෝලික සභාවම මැදිහත් වෙන , ගෝත්‍රික දූපත් මානසිකත්වයෙන් මිදී නූතන ලෝකයා හා පැහෙන ආකල්ප වර්ධනකයට බහුතර ශ්‍රි ලංකිකයින් පිරිසකට හැකි වෙන   සුභ  අලුත් අවුරුද්දක් වේවායි ශ්‍රි ලාංකිකයින් සියලු දෙනාටමත් 

කිම් ජොන්ට මිසයිල ගහන්නට නොහිතෙන (*) ,ලෝක ආර්ථිකය වඩාත් වේගයෙන් අර්බුධයෙන් ගොඩ එන . ඒකාධිපතියන් , ආගමික අන්තවාදයන් සහ ත්‍රස්තවාදයන් ට එරෙහිවත් , පරිසර හිතකාමි ආර්ථික සංවර්ධනයක් කෙරේ පක්ෂවත් ලෝක ජනමතය ගොඩ නැගෙන   කාල වකවාණුවක් සමස්ථ ලෝකයාටමත් ප්‍රාර්ථනා කර සිටිමි !

(* )බලයෙන් වියරුවූ ඒකාධිපතියෙකුගේ සියදිවි නසා ගැනීම හෝ එවැනි ඒකාධිපතියන්ට පුදසත්කාර කරමින් අනුබල දෙන උතුරු කොරියානු ජනතාව වෙනුවෙන් නොව , විපතට පත්වීමේ අවදානමක් ඇති දකුණු කොරියානු , ජපාන  අහිංසක සිවිල් වැසියන් වෙනුවෙන් පමණි 

Comments

  1. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. සිහින පාර්ථන ාකරනවාට වඩා නිකං ඉන්න එක හොදය ිෙන්ද?

    ReplyDelete
  3. බුවාගේ අලුත් අවුරුදු ප්‍රාර්ථනා ඉටුවුනොත් එදාට ඉබ්බෝ ඉගිලෙනවා සහතිකයි.

    ReplyDelete
  4. සුභ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  5. ලංකාව ගැන තියෙන ප්‍රාර්ථනා නං එකක්වය් ඉෂ්ඨ වෙන්නෑ කියලා හොඳටම ෂුවර්.ඒත් උතුරු කොරියාව යුද්ධේ පටං ගන්න එකටනං මම පට්ට කැමතියි.ලොකෙ ජනගහනය ලක්ෂෙකට විතර අඩුවෙලා ගියොත් පට්ටම සිරා නෙමෙයිද? අඩුම තරමේ මිනිස්සු කරන විනාශයෙන් ලොකේ බේරිලා තියෙයි නේ.

    ReplyDelete
  6. මේ අවුරුද්දේ මේ හැමදේම ඉෂ්ට උනොත් එන අවුරුදුවලට පතන්න දේවල් නෑ නේ.:)

    බුවාට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  7. බුවාටත් සුබම සුබ නව වසරක් වේවා ...

    ( අනික් ඒවා ගැන අවුරුද්දෙන් පස්සේ කතා කරන්න
    බැරියෑ .මොකෝ අපි හාමතේ මැරෙනවැයෑ ..)

    ReplyDelete
  8. උබේ පාර්ථනා සිහිනයක් නොවේවා කියන එකයි මගේ ප්‍රාර්ථනාව.........මේ වසරේ දේශපාලන නිදහස තියා, මානසික නිදහසවත් ලබේවා...!!!

    හැබැයි ලැබෙන් නත් බැරි නැහැ බං. මොකද අපේ රටේ කේවට්ට මහා කලාකාරයෝ මහා අධිෂ්ටාන පුජාවක් කලානේ බං. ඔන්න කලාකරුවන්ගේ දාර්ශනික දැක්ම.......තාම ඉන්නේ මහා ප්‍රථමික යුගයක........අනේ කලේ වනේ වාසේ

    මං කවුරු වගේද

    ReplyDelete
  9. බුවාටත්, පාඨක සැමටත් සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  10. එසේම වේවා එසේම වේවා :D

    ReplyDelete
  11. ඔබටත් සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
  12. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  13. පොළුකාරයන් (කාරියන් ), මුදල් වංචාකරුවන්, රැවිටිලිකරුවන්ගෙන් තොර සුභ අළුත් අවුරුද්දකට සියළු බ්ලොග් රචක පාඨක සැමට සුභ පැතුම්!

    ReplyDelete
  14. ඔය පැතුම් සියල්ල ඉෂ්ඨ වෙන සුභ නව වසරක් වේවායි පතනවා ඔබටත්!

    ReplyDelete
  15. සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  16. සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  17. ඔබට් සහ ඔබ පව්ලේ සැමට සුභ අලුත් අව්රුද්දක් වේවා. ඔබේ පැතුම් සියල්ල සපිරේවා.එත් එක වැරද්දක් නිවැරදි කරන්න ඔබ ඉඩ දෙනවා නම් මේක සිංහල දෙමල අව්රුද්ද නෙමෙයි, මේක සිංහල හින්දු අව්රුද්ද. එහෙම නීති ගත කලේ අපි නෙමෙයි සුද්දෝ.කෙටියෙන් කිව්වොත් වෙසක් උත්සවේ තමයි බ්‍රිතාන්‍යන් විසින් පළමුව නිවාඩු දින ලෙස ප්‍රකාශ කලේ.හේතුව රටේ වැඩි දෙනා එදාට වැඩට නොපැමිනිම . එකට දෙමල අය විරෝධය පලකරලා ඒ ගොල්ලන්ටත් නිවාඩු දිනක් ඉල්ලුවා.වෙසක් ඇරුනකොට රටේ වැඩි දෙනා සේවයට නොඑන්නේ සිංහල අලුත් අවරුදු දිනට නිසා ඒක සිංහල අව්රුද්ද ලෙසද,දෙමල ජාතිකයන්ට සාධාරණයක් කරන්න එදින හින්දු අවරුදු දින ලෙසද ගෙන සිංහල හා හින්දු අව්රුද්ද ලෙසින් බ්‍රිතාන්‍යන් විසින් නම් කළා.

    ඒක හරියටම සමාන වන්නේ අපේ ජාතික කොඩිය ඉස්සරහ සුළු ජාතින් නියෝජනය කරන්න කියල කොලපාට සහ කහ පාට එකතු කරපු JR ගේ මෝඩ තීරණයට විතරයි,

    ReplyDelete
  18. සුර්යා මීනයෙන් මේසෙට යනවා වාගේ අපි නාදුනන ග්‍රහ අපල සැමගේ දුරුවේවා!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව