ආදරණීය කෝලි කුට්ටු අය්යේ, අය්යා සැපෙන් ඉන්නවා කියා හිතනවාය . චැම්පියන්ස් ත්‍රෝපියත් උස්සපු නිසා දුකෙන් ඉන්න හේතුවක් නැය . හැබැයි ඉතින් ඒ අය්යාගේ ගැන්ගම් වර්ශන් එක ගැන ගේල් අය්යට තද වෙලා කණ පැලෙන්න දීලා නැත්නම්ය . අය්යා සතුටින් හිටියාට ලංකාවේ නම් ගොඩක් එවුන් ඉන්නේ දුකෙන්ය ,ඒ හැමදාම අය්යලාගෙන් කන නිසාය , ඊටත් හපන් අය්යා අවුට් ඔෆ් ෆෝර්ම් ඉඳලත් අපිට ගහලා ෆොර්ම් වෙන නිසාය . අවුරුදු 5ට මැච් 54ක් ගහලත් තාමත් අපිටත් අය්යලාටත් ඇතිවෙලා නැති පාටය , ආයෙත් කොන් තුනක් ගහන්න පටන් අරන්ය . මැච් තියන කාලෙට අපේ එවුන්ට හිනෙනුත් පෙන්නේ අය්යාවම නිසා මෙහෙම ලියුමක් වත් ලියලා පොඩි උපදෙසක් දෙන්නට හිතුණාය .
ක්‍රිකට් නැතත් රටේ අනික් එවුනත් කථා කරන්නේ අය්යලාගේ රට ගැනමය , ඒ 13ය කියල මකබාවක් නිසාය . මට නම් ඒ මොකක්ද කියා තෙරේන්නේ නැය , හැබැයි අපේ දේශප්‍රේමී අම්මා නම් 13 වැඩේ නිසා අය්යලාත් එක්ක තරහා වෙලාය . ඉස්සර බුදුන් උපන් දේශය කියලා මැච් වලදී අය්යලාට සපෝට් කලාට , නිදි මරාගෙන ෆයිනල් බලන ගමන් කිවේම එංගල්නය දිනපන් , එංගලන්තය දිනපන් කියලාමය ,ඒ අපේ දේශප්‍රේමි පචවංශ අන්කල්ගේ කථා අහලාය . පරිප්පු දාල බලෙන් දුන්න 13 ට දේශප්‍රේමියෙක් වෙච්ච මටත් ඒ නිසා එකඟ වෙන්න බැය .
ලේත් කොල පාට අපේ තාත්තා කවදත් ඉන්නේ දේශද්‍රෝහි පිලේය . තාත්තා නම් කියන්නේ 13 වගේ ඒවා සංවේදී රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්න නිසා බුද්ධිමත්ව විසඳා ගන්න ඕනිය කියලාය .
තාත්තා එහෙම කීවත් අපේ සංවේදී මහරජතුමා අන්කල් නොදන්න සංවේදී ප්‍රශ්නයක් තියනවාය කියලා නම් මම හිතන්නේ නෑය . තාත්තා කියන්නේ මහරජතුමා අන්කල්ට මේ දවස් වල පරිප්පු ගෝනියේ ඉඳන් අග්නි මිසයිලය දක්වාම හිනෙන් පේනවා ඇතිය කියලාය
අපේ මහරජතුමා අන්කල් ඔබමා අන්කල්ගෙන් සිරාවට ගේම ඉල්ලන්නේ නැත්තේ හොඳ වෙලාවටලූය . එහෙම වුනා නම් මහරජතුමා අන්කල්ට රැට නිදා ගන්න වෙන්නේම නැය කියලා තාත්තා කියනවාය .
තාත්තා මොන දේශද්‍රෝහි කථාව කිවත් අම්මා නම් කියන්නේ අය්යලා ඕනිවට වඩා දඟලන්න ආවොත් චීනේ මාමලා අපිව බේර ගන්න එනවා කියලයා , ටැන්සානියාවෙන් උගන්ඩාවෙන් එහෙමත් අපිට උදව් තියනවා කියලා නයිටීන් එකේ මෙගා නාට්‍යය බලන අස්සේ අම්මාට ඇහිලාය .
චීනයෙන් අපිව බේරගන්න එන්නැති එක පැහැදිලි කොරන්න ගිහින් තව පොඩ්ඩෙන් තාත්තාට රෑ කැමත් වරදිනවාය . ඉස්සර නම් මෙහෙම වෙලාවට තාත්තා අපිත් එක්ක කොත්තු කන්න යනවාය , ඒත් අලුත් ලයිට් බිල ගෙව්වාට පස්සේ කොත්තුවක් කන්නවත් තාත්තා අතේ පිච්චියක් නෑය . ඒ නිසා අම්මටත් චීනෙටත් දිනුම දීලා තාත්තා සම්බෝලයි බතුයි කාලා 360 බැලුවාය . ඒකත් බලන්න වුනේ විනාඩි පහය දේශප්‍රේමි සාධු කෙනෙක්ගෙන් නෝටි ප්‍රශ්න වගයක් අහපු දා ඉඳන් අම්මා 360ත් එක්ක තරහාය , දඩං ගාලා ටිවි එක වහලා දැම්මේ දිල්කා ඇන්ටිගේ මොකක්ද එක දැකලා තාත්තා නරක් වෙයිදෝ කියලාය .
ක්‍රිකට් ෆැන්ලට නම් 13න් වැඩක් නැය , හැබැයි ක්‍රිකට් පිටුවල මරාගැනිල්ලේ ඉවරකතු නැය . ජොබ් එකට ගියාට පස්සේ කඩ්ඩ පොලිශ් අපේ අය්යා කියන විදිහට නම් අය්යලාගේ රටෙත් අපේ රටෙත් එවුන් අම්බානක බැන ගන්නවාලුය . වැඩේ ලෙසටම අදින්නේ තමිල්නාඩු අය්යලාලුය . පකිස්ථානෙ අය්යලාත් , අපේ රටේ සමහර මොහොමඩ් අය්යලාත් වැඩේට පෝරදාන වාලුය .
කැම්පස් ඉන්න කාලේ බල්ලො දෙන්නෙක් ගහගත්තත් මැද්දට පනින අය්යා ජොබට ගියාට පස්සෙ තැන්පත් වෙලාය . ඒ නිසා අනික් එවුන් බැන ගන්න ඒවා බල බලා අතල් ගන්නවා විතරය . වැඩේ තියෙන්නේ මට ඒ ආතල් එක ගන්න නම් කඩ්ඩ දන්න අය්යා එනකන් ම ඉන්න වෙන එකය , අවුරුදු 2ක් තිස්සේ අපේ ඉන්ග්‍රිසි මිසි ප්‍රසූත නිවාඩුය .
කොහොමින් හරි මේ වලි ටික අස්සේ අය්යාට පොන්නයා නොහොත් ඩිස්ට්‍රෝයර් කියල නමකුත් සෙට් වුනාය . ඔය ඩ්ස්ට්රෝයර් කැල්ල අය්යලාගේ රටේ ගොබ්බයක් දාගත්ත එකක් විතරය ,ඇත්තටම පොන්නයා කියන්නේ මොකාටද කියලා දැනගත්තොත් අය්යා බඩ කපා ගන්නවාය . පුලුවන් නම් මැච් එක අස්සේ අපේ ටීම් එකේ අය්යා කෙනෙක් ගෙන් අහලා බැලුවාට කමක් නැය . හැබැයි කීයටවත් මාලිංග අය්යාගෙන් නම් අහන්න එපාය
"ඇයි මීට කලින් පොන්නයෙක් දැකලා නැද්ද" කියලා , අය්යගේ අතට මූණ බලන කන්නාඩියක් දෙන්නට ඉඩ තියන නිසාය
තිස්සේම මරා ගත්තාත් අය්යලාගේ රටේ එවුනත් අපේ සනා අය්යාට නම් තාම ආදරේය , නිකන් නෙවේ හාටුත් දාලා ආදරේ පෙන්නලා තිබුනාය මේ තියෙන්නේ එහෙම දාපුවායින් ටිකක්ය . හැබැයි ඉතින් මොකෙක් හරි එකෙක් shitlankans හෝ shitindians කියා වැඩේ කාපු වෙලාවට ඔයා සාමේ ඉවරයි කියා අපේ අය්යා කියනවාය
කොච්චර පැරදුනත් අපි මැච් බලන එක නම් නවත්තන්නේ නැය , ඒත් අවුලකට තියෙන්නේ අය්යලාගේ මේ පාර මැච් සෙට් එක තියෙන්නේ පට්ට රෑ වෙච්ච එකය . ඉස්කෝල වෙලාවේ තිබුනා නම් ෆෝන් එකෙන් හරි ස්කෝර් එක බලන්න තිබුනාය . දණ ගහන්න බය නිසා දැන් ටීචර්ලත් ඒවට හොට දාන්න එන්නේ නෑය
මේ තකහනියක් මේ ලිපිය ලිව්වේ අය්යාට මේ වල් පල් කියන්නට නෙවේය , අය්යාට වටිනා උපදේසක් දෙන්නටය .ඒ අය්යා මේ ටෝනමන්ට් එකේ මැන් ඔෆ්ද සිරිස් වුනොත් ධවාන් අය්යා වගේ ඒ සල්ලි ගංවතුර ආධාර වලට නොදී , මූණට හොඳ ප්ලාස්ටික් සර්ජරියක් කරවා ගන්නට කියන්නටය . අලි අල්ලන්න යන්ට ඕනෑ නැය , මනුස්සයෙකුට බලන්ට පුලුවන් තරමේ ගාණට තිබුනාම ඇතිය . ඉතුරු සල්ලි වලින් ඇන්ගර් මැනේජ්මන්ට් කෝස් එකක් කලා නම් හරිය . අය්යාගේ මජර චරියාව හදාගන්නවා නම් අය්යලාගෙ උන් හාර්ට් දාන් සනත් අය්යා වගේම සචින් ඩ්‍රාවිඩ් , දෝනි වගේ අය්යලාගෙන් උනත් ආදර්ශේ ගන්නට පුලුවන්ය
එතකොට අය්යාට *කෙනුත් කිවිසුම් යන තරමට අය්යාත් එක්ක මලෙන් ඉන්න අපේ රටේ එවුන් ගෙන් වගේම වන්කඩේදී වුනා වගේ අය්යලාගේ රටේම උන්ගෙනුත් හූ පාරවල් අහගන්නට වෙන්නේ නෑය . මට ආයෙම ලියුමක් ලියන්න බැරි නිසා පුලුවන් නම් ගවස්කාර් අන්කල්ට පහල තියෙන පණිවුඩේ දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්ය . ඒ කමෙන්ට්‍රි දෙන්නට එනවා නම් කට වහගෙන පැත්තකට වෙලා ඉන්න කියලාය . මොකද ලෙජන්ඩරි ක්‍රිකටර්ස් ලා කිච වෙන කොට ඒක ක්‍රිඩාවටත් හොඳ නැය . ෆස්ට් ක්ලාස් ගහපු ශාස්ත්‍රි අන්කල්ගේ වැසිකිලි කට විතරක් අය්යලාගේ සප් එකට තිබුනාම ඇතිය . එහෙනම් අය්යේ මම නවතිනවාය . අය්යාට කැමති දෙවියෙක්ගේ පිහිටය !
- මීට තණමල්විල හිච්චි එකා
හිච්චි එකාගේ අන්තිම ලිපිය - ගාසා තීරයේ හමාස් අන්කල්ලාට තණමල්විල හිච්චි එකාගෙන් ලියුමක් !

13 වගේ ඒවා සංවේදී රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්න නිසා බුද්ධිමත්ව විසඳා ගන්න ඕනිය කියන්නේ පොලිස් බලතල ඉඩම් බලතල එහෙම දීලා උතුරේ ජන්දේ තියන එකට වෙන්ටෑ...
ReplyDeleteනෑ නෑ , මන් මෝහන් පොදු රාජ්‍ය මණ්ඩලේට ආවම තුවක්කුවකින් ඔලුවට ගහන්න පුලුවන් (රජිව්ට වගේ නෙවෙයි ගැහොව්ත් රාජ්‍ය ගෞරවම තමා ) , 13 අහෝසිම කරලා දලා වෙන්නේ මොකක්ද කියල බලාගෙන හිටියත් ඇති !
Deleteමෙන්න බලපල්ලා ස්ක්‍රීන් ශොට් දාන "අවජාතක" කියලා බ්ලොග් එකක් අළුතෙන් පටන් අරන්. මාර කේස් එක. ඔයා මේක ගැන හිතන්නේ මොකද ?
Deletehttp://avajathaka.blogspot.com
දෙපැත්තෙ තුන්පැත්තෙ අය බර ගනනක් කියන්නේ පලාත් සභාවලින් වැඩක් වෙනවා කියලයි.
ReplyDeleteඋතුරෙ- නැගෙන හිර ප්‍රශ්නයකට විසඳුමක් ලෙස ගෙනා පලා බබා පසුගිය අවුරුදු 25ටම ක්‍රියාත්මක උනේ දකුණෙ පමනයි.
කොපමණ සුදු අලියෙක් කීවද, ආණ්ඩුව මත්තල, හම්බන්තොට වරාය ඉදිකලානේද, (මා නම් ඉන්නේ එය කලින් කල යුතුව තිබූ දෙයක් කියලයි.)
සාමයට හිතකර පරිසරයක් ගොඩ නැගීම පැත්තෙන්, සාමයට සංහිඳියාවට උදව්වෙනවා යයි දැන උගත්තන් කියන පලා බබා උතුරේද ස්ථාපිත කිරීම අනාගතයට ආයෝජනයක් වන බව නම් සැකයක් නෑ.
එය අප අකමැති වුවත් දැන් කල යුතුව ඇති අන්තර්ජාතිකව අප පොරොන්දු වූ වගකීමක් බවට පත්ව තිබෙනවා. එයට නැවත රිවස් ගියර් නැත.
ලොකු අයියා එක්ක හැප්පෙන්න ඕනා ඔලුවෙන්ය
මන්ද උන්ට ඇඟවල් බිලියනයකට වඩා ඇති බැවිනි
ස්තුතියි අදහසට , අපේ ඔලුවෙන් වැඩ ගන්න දන්නේ නෑ . ගැහුවොත් ගහන්න විතරයි දන්නේ
Deleteකාලේකට පස්සේ .......
ReplyDeleteඒක නෙමේ දේශපාලනය හා අනිත් දේවල් ගැන තියෙන ගැඹුරු දැක්ම බුවාට ක්‍රිකට් සම්භන්දයෙන් නැත්තේ ඇයි කියල මට හිතෙන්නේ...මං කියන්නේ ක්‍රිකට් ගැන බුවා ගේ තියෙන ආදරය හදවතින් එන එකක් වගේ මට පේන්නේ...ඒක මොලෙන් එනවා නම් ක්‍රිකට් ගැන මෙච්චර ලියවෙන්නෙ නැතැයි මට හිතෙනවා...
13 නං ටිකක් ප්‍රශ්ණ කාරියී...දකුණට පලාත් සභා වැඩක් නැති බව අපි දන්නවා..ඒත් උතුර් සම්භ්න්දයේදි මේ කථාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.....බ්ලය වේදීමට මීට වඩා සුදුසු ක්ර්මයක් තිබ්බා නම් වඩා හොදයි..ඒය බේදුම්වාඅදය ශක්තිමත් නොකරන එකක් වගේම සැමෝටම එකඟ විය හැකි මට්ට්ටමේ බලය බේදීමක්ද විය යුතුයි
++++++++++
Deleteඒක මොලෙන් එනවා නම් ක්‍රිකට් ගැන මෙච්චර ලියවෙන්නෙ නැතැයි මට හිතෙනවා...//
Deleteඇත්ත කථාව . 13 වෙනුවට විකල්ප බලය බෙදීමක අවශ්‍ය තාව මාත් දකිනවා . ඒත් දැන් සැහෙන්න ප්‍රමාද වැඩියි . දැන් ලෝකයාට පෙන්නේ සිංහල මිනිස්සු කාපු කැම එකෙන් , මස් මාලු කැලි අයින් කරල දෙමල මිනිස්සුන්ට කන්න දෙනවා වගේ වැඩක්
Delete.+.+.+.+.+.+.+.+
මුකුත් එපා.. පන්ඩිත කෝලියාට ගහමු බං !
ReplyDeleteදැන් වගේ හූවක්ම ගහගෙන හිටියාම ඇතිනේ , චරියාව හදාගන්නවා නම් හොඳ ටැලන්ටඩ් පොරක්
ReplyDeleteක්‍රිකට් ගැන නම් සිහල උරුමයේ තියරිය අනුගමනය කරනවා වගේ තමයි මටත් පේන්නේ. මට නම් රට අදාල නෑ ටැලන්ට් එකට. මගේ දැක්ම අනුවනම් ඉදියාවට උඩ ඉඳලා පහලට සිපිරි ටැලන්ට් ටිකක් ඉන්නේ. අලුත් සොයාගැනිම පන්දු යනව බුවාත් පට්ට. ඇඟ නැති උනාට මොලෙන් බෝල් කරන්නේ. මගේ ප්‍රියතම ටීම් එක නම් ඉන්දියන් ටීම් එක. ඒක උන් ක්‍රියාවෙනුත් ඔප්පු කරලා පෙන්නුවා. අපේ පොල් අඩි ගහපු හරකෙක් කිව්වා. ඉන්දියන් බෝලින් සයිඩ් එක අප්සට් නිසා. අපි හොඳ ස්කෝර් එකක් දීලා හොඳට බෝල් කලාම මැච් එක දිණුම් කියලා. ඌ හොඳ ක්‍රිකට් විචාරෙට නෙවෙයි, පොලිටික්ස් වලට. අපේ ටීම් එක දැන් අජූවයි. සනත් ඉතිරි ටිකත් කාළා දායි. දැන් අපේ උන් දුවන්නේ ක්‍රිකට් පස්සෙන් නෙමයි සල්ලි පස්සෙන්.
ReplyDeleteඉන්දියාවේ විචාරකයෝ ඉන්දියාවට අදිනවා. ගවස්කාර් කියපු එක හරි. කෝ ඕනම මැච් එකට කුලේ එව්වේ නෑ නේ. කුලයා උඩින් එව්වා නම්, අඩු ගානේ නෝන්ඩි වෙන එකවත් බේර ගන්න තිබුනා. ඉන්දියන් උන් එදා ඉඳලා ඔහොම තමයි. උන් උන්ගේ උන්ට අදිනවා. ඒක උන්ගේ රටේ ගතිය. ඒක ජාතියක් වශයෙන් හොඳ දෙයක්. නමුත් පොඩි ගෝත්‍රික ගතියක් තියෙන්වා බැලන්ස් නැති නිසා. ඒ තින් අපේ ආනෝල්ඩ් සුභසිංහ සෑහෙන ඉදිරියෙන් ඉන්නවා..
ග්‍රවුන්ඩ් ඒකේ අසභ්‍යය වචන පාවිච්චිය සහ නොහොබිනා හැසිරීම් ක්‍රිකට් වලට පුරුදු කලේ ඔස්ට්‍රේලියාව කයලයි මම අසා තිබෙන්නෙ. මහත්වරු වගේ ක්‍රීඩා කල කොදෙව්වන්ගෙන් ක්‍රිකට් කිරුල උන් ලබා ගත්තේ ඒ වගේ ජඩ වැඩ කරල තමයි.
ReplyDeleteඒහෙම වුනාම කොපමණ දක්ෂකම් තිබුනත් ජනතාවගේ සිත්වල රැදෙන්නේ නැහැ.
කෝලි කොපමණ දක්ෂයෙක් වුනත් ඔහුටත් ඒ ඉරණමම තමයි.
අර උඩින්ම තිබෙන පින්තූරයට අදාලව විනය ක්‍රියා මාර්ග අරන් නැතිද?
13 ගැන කතාකිරීමට කාලය හරස්ව අැත.
කෝලිට විතරක්ම නෙවේ නේද? :-)
ReplyDeleteසෙන්කෝලය
ReplyDeleteමෙන්න තවත් අලුත් බ්ලොග් මැගසින් එකක් ඇවිල්ලා
MR BUWA, DAN ITHIN MEE LANGATA, VELIVERIYA, RATHUPASWALA, BALUMMAHARA KILLING FIELDS LIWWOTH NARAKADA?
ReplyDeleteකැපිටල් අංකල්
Deleteඔබ බුවාව අසුවෙෆන්නට ද මේ පහත ඇති පොස්ට් එකේ මුල් කමෙන්ටුව දැම්මේ?
සිංහල බ්ලොග් සහ සිංහල සිනමාව – Blogs & Cinema
???
ආ කැපිටල් ඇනෝ... කතන්දරගේ බ්ලොග් එකේ කැපිටල් අපහාස කරලා කරලා..අන්තිමේ රෙදි ගැලවුනා නේද ?
ReplyDelete