ඇල් මැරුණු සිනමාවකට හිමිකම් කියන ශ්‍රි ලංකාවේ සිනමා කෘතියක් පිලිබඳ අව්‍යාජ සමාජ කතිකාවක් ඇතිවීම ඉතා විරලය . දේශපාලනික ඇජෙන්ඩාවන්ට යටවූ " රජකථා " රැල්ලත් , අති සිරියස් "රැඩිකල්" සිනමා රැල්ලත් සමාජය තුල යම් යම් කතිකාවන්ට මුල පිරුවත් ඒවා සිනමාත්මක් හේතුන් පාදක කර නොගත් එවා පමණක් වීම කලාවක් වශයෙන් මෙන්ම කර්මාන්තයක් වශයෙන්ද සිනමාවට සුභ දායක වන්නේ නැත
එනයින් බැලු කල ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධවනිය ශ්‍රි ලාංකීය සිනමා ලෝලින් අතර සැබෑ සිනමාත්මක කතිකාවකට මුල පිරු වීරල නිර්මාණාක් ලෙස සැලකිය හැක.
සිංහල සිනමා පඨයක් නැරඹීමට සිනමා ශාලාවට පිය නගන ශ්‍රි ලාංකික සිනමා රසිකයා මුහුණ දෙන එක් ප්‍රධාන අභියෝගයක් වන්නේ සිංහල සිනමාවේ සිමාවන්ට සාපේක්ෂ මනෝභාවයක් සකසා ගැනීමට සිදුවීමය . අතිශයින් සීමිත වෙලඳ පොලක කටයුතු කරන්නට සිදුවීම තුල මුල්‍ය මය සිමාවකට යටත්ව කටයුතු කරන සිංහල සිනමා කරුවාට වෙනත් සිනමාවක ඉතා සමාන්‍ය වූ , සිය අභිමතය පරිදි රූපරාමු සකසා ගැනීම තුල පවා දුෂකරතාවයන්ට මුහුණ දෙන බව බොහෝ සිංහල සිනමා පට නැරඹීමේදී වටහා ගත හැක . මෙහි පසුබිම් කථාව පිලිබඳ උනන්දුවක් නොවන බහුතරයක් සිනමා රසිකයාට සිංහල සිනමාව යනු ජාත්‍යන්තර සිනමා නිර්මාණයන්ට සාපේක්ෂව සිමා සහිත රසාස්වාදයක් වීම බිඳ වැටි ඇති සිංහල සිනමාව තව දුරටත් රසිකයාගෙන් ඇත් කිරීමට හේතුවක් වී ඇත
සමනල සංධවනිය යනු මේ අභියෝගය වඩාත්ම සාර්ථක ලෙස ජයගත් මැත යුගයේ සිනමා නිර්මාණය ලෙස මා නම් කරන්නේ ප්‍රධාන කාරණා ත්‍රිත්වයක් පදනමක් කරගෙනයි ඒ
01) සංගීතය
02) රිද්මය
03) තිර නාටකය
යන අංශයි
මාගේ පෞද්ගලික රසාස්වාදය අනුව නම් සමනල සංධවනියේ සංගීතය මෙතෙක් සිංහල සිනමා පඨයක භාවිතා වු විශිෂ්ඨතම සංගීතයයි . ඒහිදී සංගීත නිර්මාපකයා , ගායක ගායිකාවන් ගේ දක්ෂතාවය මෙන්ම නූතන සිනමා තාක්ෂණයේ නාද සංකලනයන්හි භාවිතයද මේ විශිෂ්ටත්වයට හේතු සාධක වී ඇති බව මා ගේ අදහසයි . විශ්ෂ්ටතම සංගීතය ලෙසින් විග්‍රහ කර නොගත්තත් සමනල සංධවනියේ සංගීතයේ උසස් සිනමා සංගීතයකට කදිම නිදසුනක්ය යන්නට නම් සිනමා පඨය නැරඹූ බොහෝ දෙනෙකු මෙන්ම මේ වන විට අතිශයින් ජනප්‍රිය වී ඇති චිත්‍රපටයේ ගීත පමණක් හෝ රසවිඳි අයද එකඟ වනු ඇතැයි සිතමි
සිනමා පටයක රිද්මය යනු බොහෝ දෙනෙකු වෙන්කර දැකීමට අසමත් එහෙත් සිනමා පටයේ අන්තර්ගතය ප්‍රේක්ෂකයාට කා වැද්දවීමේ මුලිකත්වය ගන්නා සාධකය ලෙස හැඳින්වීමේ වරදක් නැත . මේ සඳහා භාවිතා කරන කැමරා කෝණ, කාලයේ සහ අවකාශයේ භාවිතාව මෙන්ම සංස්කරණයද එකෙසේ සාර්ථකවීම අතිශයින් වැදගත්ය
සිනමා නිර්මාණයේ තේමාවට මෙන්ම සිය සුපුරුදු සිනමා භාවිතාවටත් අනුකුල වන පරිද්දෙන් මේ සියලු අංශයන්ගෙන් සාර්ථකත්වය ලබන්නට ජයන්ත චන්ද්‍රසිරිත් අදාල අංශයන් භාරව සිටි ශිල්පිනුත් සමත් වීම තුලින් උසස් ගණයේ Romance - Drama ගණයේ සිනමා නිර්මාණයක් රසවිඳීමේ හැකියාව සමනල සංධවනියේ ප්‍රේක්ෂයාට ලැබී ඇත
සමනල සංධවනිය සඳහා පාදක වන්නේ ඉතාම සුවිශේෂී සියුම් කථා තේමාවක් වන මුත් ඒ වටා අලංකාර සිනමා පටයක් ගොඩ නංවා තිබීම තිර රචනයේ සුවීශේෂත්වය විදහා දක්වන්නක් ලෙස සැලකිය හැක . වඩාත් පුලුල් කථා තේමාවක් තුලදී සාර්ථක තිර රචනයක් සඳහා අවැසි තරම් අමුද්‍රව්‍ය තිබුනත් , සියුම් කථා තේමාවක් තුලදී සාර්ථක තිර රචනයක් ගොඩ නැගීම වඩාත් ආයාසයකින් කල යුතු කර්තව්‍යයකි , සමාන්‍ය තත්වයන් යටතේ කිසිදු හරයක් නොදකින කථා තේමාවක් ගැබ් සමනල සංධවනිය ආසාවෙන් රසවිඳින සිනමා නිර්මාණයක් වීම නිසාවෙන් තිරචනයද සුවිශේෂ සාර්ථකත්වයක් අත් කරගත්තක්ය යන්න මාගේ විශ්වාසයයි
සමස්ථ සිනමා රසවින්දනය සැලකීමෙදී සමනල සංධවනිය මා මැත යුගයේදී රසවිඳි හොඳම සිනමා පටය ලෙස නම් කිරීමට කැමති අතර උද්‍යානයේ කරදර කාරයන්ගේ චරිත දෙකත් , තරුණයාගේ සොහොයුරාගේ චරිතයක් අධිරංගනයෙන් බැහැරව වඩාත් තාත්වික වුවා නම් අනැගි බවද , ජනප්‍රිය සංගීතඥයෙකුගේ ප්‍රසංගයක දැවැන්ත භාවය ඉස්මතු වෙන ආකාරයෙන් අවසන්/ ආරම්භක සංගීත ප්‍රසංගය රූපයට නැගුවා නම් වඩාත් ඉහල රසවින්දනයක් ලබාදීමට හැකියාව තිබු බවද සඳහන් කල යුතුය .

සමනල සංධ්වනිය බලා නැති නිසා ඒ ගැන නම් යමක් නොකියන එක හොදයි. ඉක්මනින් ම නැරඹීමට බලාපොරොත්තුව ක් තිබෙනවා. ජයන්ත ගැන මගේ ඇත්තේ පොසිටිව් අදහසක්. (කඩේ යන එක හැර.) ඔබගේ ලියවිල්ලෙ මුල් කොටස හා එකඟයි.
ReplyDeleteඔක්කොටම වැඩියෙන් ඔබ නොලියන එක ගැන නම් දුකයි. (මමත් නොලියන බව හැබෑව.) ඒත් ඉකමනින් එනවා. මාස කීපෙක ඉඩෝරයක් විතරයි. ඔබත් එසේමයි කියා හිතනවා. ජය!!
බලන්න යන්න වෙනව ඒ කියන්නෙ :)
ReplyDeleteසාමාන්‍යෙන් ජයන්තගේ නිර්මාණ නොහිතන මානයන් ස්පර්ශ කරනවා. මොන අතින් බැලුවත් සංධ්වනිය ජයන්තගේ හොදම නිර්මාණයක්.
ReplyDeleteමම දෙපාරක් බැළුවා. මරු... ඒත් මට හිතෙනවා සිංදුව වාදනය වෙන වාර ගනන වැඩියි කියලා...
ReplyDeleteමම හිතන්නේ ඔබ එය තේරුම් ගත්තේ නැති බවයි. හැකි නම් නැවත වරක් බලන්න. ගීතය වාදනය වන ස්ථාන තුනේදී ගීතයේ භාවයන් එකිනෙකට ඉතාමත්ම වෙනස්ය. අමරසිරි පීරිස් යනු කවරෙක්දැයි හඳුනා ගන්නට එයම ප්‍රමාණවත්ය. ගීයේ පද සහ සංගීතය එකම වෙතත්, කටහඬේ අලංකරණ සහ එයින් ධවනිත වන හැඟීම එකිනෙකට වෙනස්වේ.
Deleteආයෙත් බලන්න!
මටත් අවුල තියෙන්නේ අර කරදරකාරයෝ දෙන්නගේ මෝඩ චූන් සීන් එක.ඒක හින්දා ෆිල්ම් එකේ තියෙන ගතිය සෑහෙන්ඩ පහල වැටෙනවා.අනිත් එක තමයි අනෙකුත් අවශේෂ චරිත කෙරේ දක්වලා තියෙන නොසැලකිල්ල.චිත්‍රපටියක් කියන්නේ කෙටි කතාවක් වගේ හැම සිදුවීමක්ම අන්තර්ගතයට වැදගත් වන නිර්මාණයක්.ඒක හින්දා ඒකෙ පෙන්වන හැම අවශේෂ චරිතයක්ම ඔයිට වඩා තාත්විකව රංගනයේ යෙදුනා නම් විශිෂ්ඨ නිර්මාණයක් වෙන්ඩ තිබුනා.
ReplyDeleteතවමත් බලා කියා ගන්නට හැකි උනේ නෑ. බොහෝ දෙනා තැන් තැන් වල අගය කරනවා දැක්කා. කලකින් ඔබේ ලිපියක් කියවන්නට ලැබීම සතුටක්!
ReplyDeleteබලන්න හිතාගෙන ඉන්නේ බුවා..බලලම තමා කියන්න වෙන්නේ ගුණ දොස්...
ReplyDeleteමටත් තවම බලන්න ලැබුණේ නෑ. ජයන්ත චන්ද්‍රසිරි නිදා සිටි සිනමාවත්, බුවාවත් අවදී කර ඇත.
ReplyDeleteබුවා......කොයි කාලෙක බලන්න පුලුවන් වෙයිද දන්නේ නැහැ. මේ පිලිබඳ බොහෝ ලිපිනම් කියෙව්වා. බුවා.....මේ තරුණ්යාගේ සොහොයුරා යැයි ඔබ කියන්නේ පුබුදු චතුරංගගේ චරිතයද? මෙහි ප්‍රසිද්ධවූ ගීතයේ පදරචකයාවූ අමිල තේනුවරව සංගීත සම්මාන උළෙලේදීත් නොසලකා හැරියා. මේ ගීතයේ පදරචනය සිනමාපටයට අත්වැලක් වේද?
ReplyDeleteවෙදහාමිනේ ඉදන් ජයන්ත චන්ද්‍රසිරි ගේ හැම නිර්මාණයක් ම පාහේ රසවිඳි රසිකයෙක් හැටියට අනිවාර්යෙන් ම සමණළ සංධ්වනිය බලනවා.ඊට තාම විවේකයක් නොලැබීම තමයි ගැටලුව.
ReplyDeleteප.ලි.කලකට පස්සේ හෝ බුවා දකින්ට ලැබීම ගැන සතුටුයි.
මම නම් බැලුවා., ඒත් බීරා නිසා විඳින්න පුළුවන් වුනේ භාගයයි.
ReplyDeleteවිචාරය සමග එකඟයි.
සමනල සංධ්වනියේ සංගීතය චිත්‍රපටයේ සාර්ථකත්වයට බලපාන ප්‍රධානතම සාධකය බව අවිවාදිතයි. නමුත් සිංහල සිනමාවේ හොඳම සංගීත භාවිතාව එය යැයි එකහෙලා ප්‍රකාශ කරන්න මම අකමැතියි.
ReplyDeleteනිධානය චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකාට යටින් සැඟවී හිඳමින් කේමදාසයන් ප්‍රධාන චරිතයක් රඟපාන බවට චිත්‍රපටය නරඹා ඇති ඕනෑම අයෙක් පිළිගනීවි. කේමදාසයන්ගේ අනෙකුත් සිනමා සංගීත නිර්මාණ ත් බොහෝමයක් විස්මයජනකයි. දර්ශන රුවන් දිසානායකට මතු දිනක කේමදාසයන් අතික්‍රමණය කිරීමට හැකියාව ලැබෙනවා නම් ඒක සිංහල සිනමාවේ ප්‍රගමනයට සෑහෙන්න බලපාවි.
http://www.youtube.com/watch?v=_cL3VeRA9Ks
http://ganakamadura.blogspot.com/2013/10/samanalasandhawaniya.html
ReplyDeleteකාලෙකට පස්සේ බුවාගෙන් විචාරයක් කියවන්න ලැබුනේ. කාලෙකට පස්සෙ වුනත් බුවාගේ අනන්‍යතාවය තියෙන, හොඳ විග්‍රහයක්. සමනල සංධ්වනිය ගැන ලියවුණු බොහෝ ලිපි කියෙව්වත්, මේක ඒ අතර වෙනස්ම අදහස් ටිකක් ගොනු කරලා තියෙනවා.
ReplyDelete@All - බොහොම ස්තුතියි ප්‍රතිචාර වලට
ReplyDeleteබුවා දැන් බ්ලොග් ලියන්නේ නැද්ද?
ReplyDeleteමමත් බැලුවා. ඇත්තෙන්ම විශිෂ්ඨ ඝණයේ සිනමා නිර්මාණයක්. සිංදුවනම් ටිකක් විතර වැඩි වෙනවා අන්තිමට. ඒත් ඒ දැනීම හැඟීම් හරිම තාත්විකයි. ඔබේ අඩවියට ආවේ අදමයි. ඇත්තටම කියවන්න වටින ලිපි තියෙනවා සහෝ ... ස්තූතියි.
ReplyDeleteසරල කතාවක් මෙච්චර ලස්සන සිනමා නිර්මාණයක් කිරීම මට අදහා ගන්නටත් බැරි වුණා. දෙබස් පවා හරිම ගීතවත්. කුමාරි පාර්ක් එකේ කරදරකාරයෝ දෙන්නා අස්වාභාවික වුණාට සිනමා රසිකයන්ට ටිකක් හිනාවෙන්න ඒක වරදක් නෑ. :D
ReplyDeleteඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
ReplyDeleteවිදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,
....
සුබ නව වසරක් වේවා!
සුබ 2014ක් වේවා!
ReplyDelete