අපේ තුමා අල්ලපු වැටේ මුඩි අන්කල්ට විසිට් එකකට අඬගහලාය , අපේ තුමාට වැඩ රාජකාරි අස්සේ අමතක වුනොත් ප්‍රයෝජනයට ගන්නට පුලුවන් ලයිස්තුවක් (චෙක් ලිස්ට් එකක්) පහල තියනවාය . ඒ මූඩි අන්කල්ගේ විසිට් එක අතර තුරදී කල කිය යුතු දැ ගැනය
01) මූඩි අන්කල්ගේ ප්ලෙන් එක **තලින් ගොඩ බැස්ස වීම - වනාන්තරයක් මැද , හුදකලා වූ ගුවන් තොටුපොලක මහිමය මුඩි අන්කල්ට අවබෝධ කරදිය හැක
02) **බන්තොට වරායේ සංචාරය - තමන්ට කැමති තැනක වරායක් සාදා , එයට බලහත්කාරයෙන් නැව් ගෙන්නාගෙන සාර්ථක කර ගන්නා ආකාරය පිලිබඳ වැඩමුලුව
03) දිවා ආහාරය - බිෆ් හොඳි සමඟ කුරහන් තලප (සුද්දන්ට දුන් ලුණු මිරිස් මෝඩිට වැඩ කරන්නේ නැත )
04) අධිවේගය දිගේ කොලඹට - කොංග්‍රස් ආණ්ඩුවෙන් ආරම්භ කල ව්‍යාපෘති "මෝඩි-ෆයිඩ්" කර නම ගසා ගැනීම පිලිබඳ ක්‍රැශ් කෝස් එකක්
05) රාත්‍රි ආහාරය - බිෆ් කොත්තු
06) ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් සමඟ සුහද පිලිසඳර - කොංග්‍රසයේ ඉතුරුව ඇති මන්ත්‍රින් පනස් දෙනා ගෙන් විස්සක් ඇද ගන්නා ආකාරය පිලිබඳ රහසිගත වට්ටෝරුව හඳුන්වාදීම
07) අමතක සිල්වානන් සමඟින් කොලඹ නගර සංචාරය - වන්දි නොගෙවා පදිංචි කරුවන් ඉවත් කර ඉඩම් සමාගම් වලට බදු දීමේ ක්‍රමවේදය සාකච්ඡා කිරීම (කනින් කොනින් ඇහෙන දැ අනුව මූඩි අන්කලද මේ ශිල්පයේ කෙල පැමිණියෙකි , එසේ වුවත් එම අදහස් හුවමාරු කරගැනීම )
08)කටුණායක අධිවේගය දිගේ - සංවර්ධන ව්‍යාපෘතියකින් "උපරිම ලාභ" ලබාගන්නා ආකාරය පිලිබඳ උදාහරණ අංක 01
09) කටුණායකින් **ච්චෝලේට - ඉහත කී කාරණය වෙනුවෙන් උදාහරණ අංක 02 | පාඩු ලබන රාජ්‍ය ආයතන , දිගින් දිගටම පාඩු ලබමින් කලමණාකරනය කර ගැනීම පිලිබඳ විශේෂ දේශනය
10) කටුනායකදි ****කන් එයාලයින් සහ *හින් ලංකා ගුවන් යානා නිරීක්ෂන චාරිකාව - පෞද්ගලික අංශය ලාබ ලැබු ව්‍යාපාරයක් , රජයට ගෙන පාඩු ලබනා ආකාරය සහ , එකම වර්ගයේ පාඩු ලබන ව්‍යාපාර දෙකක් එකවර පවත්වාගෙන යැමේ ක්‍රමවේදය හඳුන්වාදීම
11) පිටත්ව යත්දී - නියමාකාර "විසිට්" එකකට සහභාගි විය යුතු , පිරිසේ විශාලත්වය සහ ඔවුන් තෝරා ගැනීම පිලිබඳ උපදෙස් සහිත අත්පත්‍රිකාව බාර දීම
සැ.යු 1 - මූඩි අන්කල්ගේ වියපත් මැනියන් සහ නමට බාරි ඇරුණාම පවුලක් කියා එකක් නැති නිසා , පවුල් සහයෝගීතාවය පිලිබඳ විශේෂ දේශනය අදාල වන්නේ නැත )
සැ.යූ 2 - විසා බැන් එක බල්ලට දමා , ඔබාමා අය්යා මූඩි අන්කල්ට කෝල් කරලාය , වැඩේ දෙල් වෙන්නට කලින් විසිට් එක සංවිධානය කල යුතුය
බුකියේදී කියුවෙමි...
ReplyDelete"මුඩීඅන්කල්" ආවොත් උතුරට යන්ඩ ඉල්ලයි.චැනල් 4 තරම් ලෙහෙසි වෙන එකක් නෑ...
උතුරට යන එක නම් ලොකුම ප්‍රශ්නයක් වෙන එකක් නෑ , මට හිතෙන විදිහට උතුරේ දෙමල ජනතාව කියන්නේ මෝඩිට සංවේදි ප්‍රශ්නයක් නෙවෙයි
Deleteඅද උදේම දයාන් J කාරය නාලිකාවක කිව්ව අපේ කෙනයි මුඩිය් ....ජාඩියට මුඩිය වගේ බොහෝ සමානයි කියල.......
ReplyDeleteමම නම් දන්නෙ මනමෝහන්ට කියපු කෙබර මෙයාට කෙලින්න බැහැ කියලයි...
දයාන්ට එතනදි වැරදිලා , මේ දෙන්නගේ සමාන කම් බොහොම අඩුයි මට නම්
Deleteඅනිවා....ලලිතවත් නටවලා .... අපේ අයියටත් දෙනව ...දෙනව ...
Deleteඔබාමා එක්ක එයා දිග කනව ....
බොහොම කාලෙකින් බූවා ගේ ලිපියක් කියෙව්වේ..කොහොම වුණත් මූඩීගේ බලපෑම අපේ රටට කෙසේ බලපාවිද යන්න නම් කතා කළ යුතු දෙයක්. හින්දු අන්තවාදයේ සළකුණ මෝඩි. ඒ වගේම ආරන්චියේ හැටියට මෝඩි යනු ප්‍රේමදාස සළකුණක් වගේ කෙනෙක්. කතිකාවකට හොද දෙයක්. හැකි විදියටයි මේ ටික දැම්මේ.
ReplyDeleteප්‍රේමදාස තරම් නම් විකාරයක් වේවි කියල මම හිතන්නේ නෑ , ලංකාවට මෝඩි බලපැම ගැන හරි අදහසක් ගන්න ටික කාලයක් බලා ඉන්න වේවි . මගේ අනාවැකිය නම් දෙමල ජනතාව ගැන මෝඩිගේ සංවේදිතාව අඩු වෙයි කියන එක
Deleteඔව් ක්‍රිස්තියානි දෙමළ අය ගැන සංවේදීබව අනිවාර්යෙන්ම අඩුවෙනවා. ඒත් හින්දු දමිළ අය ගැන බොහෝ විට සිතනවා.....ඔහු..
Deleteමෝඩීගේ සමානතාවයකට තියෙන්නේ ජාතීවාදී කම විතරයි. අනෙක් ඒවයෙන් මෝඩිගේ අහලකටවත් එන්න බෑ අපේ එක්කෙනාට. මම හිතනවා මෝඩි ඉන්දියාව උඩු යටිකුරු කරයි කියලා. ජාතිවාදියෙක් නොවුනොත්. අශෝක අධිරාජ්‍යයාගේ රට නේ. චන්ඩාශෝක, ධර්මාශෝක වෙච්චි රට නේ.
ReplyDeleteජාතිවාදි කම ගත්තත් මචන් , අපේ කෙනා පාට් ටයම් ජාති වාදියෙක් විතරයි , මුඩි බොක්කෙන්ම ජාතිවාදියි , ඒක විතරයි නරක දේකට මම දකින්නේ පොරගේ
ReplyDeletehmm
Deleteතමිල්නාඩුවේ බලපෑම් නැතිව ආණ්ඩු කලහැකි තත්වයක් ඉන්දියාවට ඇතිවීමම මට නං ෆිට් එකක්.
ReplyDeleteඇයි බුවා විධායක ජනාධිපතිකමක් පටං ගැනීම, ඒක ජීවිතකාලයටම භුක්ති විඳිය හැකි ක්‍රමවේද සකස් කිරීම පිළිබඳ විශේෂ වැඩමුළුව.ණයට පාටි දමා බිල ජනතාවට දීමේ හිස අතගා ටොකු ඇණීමේ විශේෂ ව්‍යාපෘතිය
ReplyDeleteඅම්මප ඒක කියල දුන්නා නම් මූ අනික් ටික තනියම කර ගනියි
Deleteබුවා = ඉන්දියන් බුවාම වෙලා :)
ReplyDelete( ඉන්දියාව සංවේදී කාරනවක් එන්නම ඕනෙ මේකෙ පොසෙට් එකක් වැටෙන්න, ඒකයි )
//ඉන්දිය ප්‍රාන්ත මැතිවරණයන්ගෙන් පාලක කොංග්‍රස් පක්ෂයට හතර ගාතයෙන් යාමට වැදී තිබේ , මෙහිදි වඩාත් රසවත් මැතිවරණ ප්‍රතිඵලය දක්නට ලැබෙන්නේ දිල්හි නගරයෙහි වසර 15ක කොංග්‍රස් පාලනය බිඳ වැටි විපක්ෂය බහුතරය ලබා ගනිත්දී කොංග්‍රසය තෙවෙනි තැනට ඇද දමමින් දෙවන තැන ලබා ගන්න වසරකට වඩා ආයු කාලයක් නොමැති "ආම් ජනතා පාට් " නම් වූ දූෂණ වංචාවන්ට එරෙහි අන්නා හසාරේගේ ව්‍යායාමයෙන් බිහිවු විකල්ප පක්ෂයයි , දූෂණයන්ට , වංචාවන්ට සහ නාස්තියට එරෙහි සමාජ ව්‍යාපාරයක් මෙන්ම දේශපාලනික වැයමක්ද ශ්‍රි ලංකාවේ කාලීන අවශ්‍යතාවයකි නමුත් බහුතරයක් ශ්‍රි ලාංකිකයින් ඇස් ඇරවීමට සමත් වෙන එවන් ව්‍යාපාරකට අවකාශයක් ලැබේවිද?
ප.ලි- අන්නා හසාරේ පිලිබඳ සංවාදයකට එක්වු ප්‍රවීන බ්ලොග් කරු ඉන්දික උපශාන්ත මහතා වරක් ප්වසා සිටියේ , අන්නා යනු හුදු චොකා බයිලා කාරයෙක් පමණක් බවයි , එහිදි මා පවසා සිටියේ අන්නා විසින් ඇති කල හඬේ ප්‍රතිපලය 2014දී දැක ගත හැකිවනු ඇති බවයි , මෙය කියවන එතුමාගේ ෆෙස් බුක් මිතුරෙක් වේ නම් මෙය ඔහු සමඟින් ශෙයා කරන්නේ නම් බොහොමත්ම ස්තුතියි !//
උඹ අන්නල ගියපාර දින්නම බොහොම මහත්මා ලීලවෙන් මේක මතක් කරල තිබ්බ බුකියෙ ( බුවාට මම කැමති උඹෙ වාද මිසක් වද නොකරන ඒ ගතිය නිසයි ).
මට ඔය පණිවිඩේ දුකයි බුද්ධියි දුන්නම, මම උන්ට කියල යැව්වෙ
" අන්නාගෙ රැළි වල උණුසුම තාම තියෙන්නෙ උඩ. ඒක යට යන්න පටන් ගන්න මුල තමයි ඔය චන්ද ප්‍රථිඵලය. හරියට හෙළ උරුමය සහ සෝම හිමි අභාවය එක්ක පිම්බිල දැන් සාදුල පාර්ලිමේන්තුවෙනුයි පක්ෂෙ රටෙනුයි චා වෙලා ගියා වගේ. මමත් අකමැති උනත් කරුමෙට ඒක තමයි ඇත්ත. අන්නටත් වෙන්නෙ තෘන මූල කට්ටියට උන දේම තමයි. ඊළඟ චන්දෙ වෙනකල් විතරයි ඉවසන්න වෙන්නෙ."
කියල.
අන්න මගෙ අනාවැකිය හරි ගිහින් අන්නා ජෝකර් එකෙනෙක් වෙන්න පටන් අරන්. දේශපාලනේ අතෑරල සිනමාවට යනවලු.
විස්තරේ අද ටයිම් ඔෆ් ඉන්දියා එකේ තීනව.
ඉන්දික මෙන්න මල් මිටක් ++++++++++++
Deleteමචන් ඉන්දික , ඔය වාදේ මුලින්ම යන වෙලාවේ 2014 දි මම බලාපොරොත්තු වෙච්ච දේ තමයි මේ ඡන්ද ප්‍රතිපලය , කොංග්‍රස් ආණ්ඩුව ගෙදර යන්න ප්‍රධානත හේතුව වෙච්ච දූෂණ වංචා ගැන සිවිල් බලයක් ගොඩ නැගුවේ අන්නා හසාරේගේ ව්‍යාපාරයෙන් තමයි , මෝඩිගේ ආණ්ඩුවත් පිලි පනින කොට ඒකට සද්දේ දාල විරෝධය පල කරන්න ආම් ආද්මි වගේ පක්ෂ ඉන්නවා , මේ අය වැදගත් වෙන්නේ ආණ්ඩු පිහිටවන්න නෙවෙයි , මතවාදයන් ගොඩ නගන්න
Deleteමේ බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න. මෙන්න අපේ ලින්ක් එක.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
ඉන්දීය අගමැති යනු ලෝක පාලක දෙවියෙක් යන්න මගේ විශ්වාසයයි. ඉන්දීය පාලකයා තමිල්නාඩුව මගින් පාලනය කිරීම අභාග්‍යයකි. එවිට නියම ඉන්දීය ලක්ෂණ දැකිය නොහැකි වන නිසාය. අපට ටිකක් බලා ඉන්නට සිදු වේවි.
ReplyDeleteඔන්න මේ පාර ඉන්නවා තමිල්නාඩුවට ඕනි විදිහට නටවන්න බැරි කෙනෙක් බලමු !
Deleteමම හිතන්නේ මෝඩි මෝඩයෙක් නෙමේයි අපිට වැඩ කරන්න වෙන්නේ බොහෝම පරිස්සමින්.මනමෝහන් එක්ක දාපු සෙල්ලං මෙයා එක්ක බැරි වේවි.
ReplyDeleteජයලලිතාගේ පක්ෂය මධ්‍යම ආණ්ඩුවට හවුල්වුනත් නැතත්, තමිල්නාඩු ද්‍රවිඩ ජනතාවගේ අභිලාශයන්ට එකඟනොවී මෝදි රජය වැඩ කරයි කියලා හිතනවා නම්...එතන තමයි වැරද්දගන්න තැන.
ReplyDeleteඉන්දීය විදෙස් ප්‍රතිපත්තියේ ආපහු වෙනස් කරන්න දෙයක් තියෙනවාද? ඉන්දීය ඔතනින් වෙන කොහෙට හැරෙන්නද....ඒවා කියන්න කල් වැඩියි. නමුත් මහා ලොකු වෙනස්වීම් වෙන්න විදිහක් නැහැ. ඉන්දියාවේ... තීන්දු තීරන, පරිපාලනමය න්‍යායන් ගැන සාකච්ඡාවෙන්නේ ආණ්ඩු මාරුවෙනකොට මාරුවෙන්නේ නැති බුද්ධිමත් නිලධාරීන්ගේත් ප්‍රභල දායකත්වය මත බවයි මම අහලා තියෙන්නේ. ඉංදියානු රජය යනු දක්ෂ, බුද්ධිමත් නිලධාරීන් සුරක්ෂිතව රඳවාගන්නා සුරැකුම් පොළක්.
කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවේ!
ReplyDelete