Skip to main content

මිනිසුනේ......... ඒ ගස් බැන්ඳේ අපේම එකෙකි !

ඩෙංගු මර්ධන වැඩ පිලිවෙලට දායක නොවුණු "පාපතර " රාජ්‍ය නිලධරයෙකු ගස් බැඳීමේ නූතන "දුටු ගැමුනු "ගේ මහා වීරක්‍රියාව සිදු කර පැය 24 කටත්  වඩා ගතවී ඇත.එම නිලධාරියා තමන් විසින් ගස් බැඳ ගත්තේ යැයි ලිපියක් ද "දුටු ගැමුණු " විසින් ඉදිරි පත් කර ඇත (පසු ගිය කාලයේ අප රටෙ සිදුවූ තමා විසින් ගිනි තබා ගැනීම්,පිහියෙන් ඇන ගැනීම් ආදිය ගැන සලකන විට මෙයද වෙන්න බැරි නැත )
නමුත් මෙ කියන්නට යන්නේ මෙ මහා වීර ක්‍රියාව ගැන මට අසන්නට දකින්නට ලැබුනු මහජන අදහස් ගැනය .
" අඩෝ අර යකා මරු වැඩක් කරලනෙ?"
"කවුද?"
"_ _ _ _  _ _ _ බන්"
"ඒ මොකක්ද?"
මේ මම මේ ගැන මුලින්ම දැන ගත් අවස්ථාවයි ඒ ඊයේ හැන්දෑවේ දුරකතනයෙන් මිතුරෙකු ගෙනි ,උග්‍ර UNP කාරයෙකු වූ මිතුරාට නම් මාර  චූන් ය !
ඉන් පසු TV  පොල්ලේ බොහෝ නාලිකාවන් හරහා විවිධ කැමරා කෝණ වලින් ගස් බැඳීම දුටුවෙමි

අද උදේ බස් හෝල්ටයට ගියේ නගරට යාමටය , ඒ උදේ 9.30 ට පමණ ය .ත්‍රි වීලයට පැට්‍රෝල් ගෙන ඒමට කෑනයක් අතින් ගත් ත්‍රිවීල් මල්ලිත් A/L කර Campus එනකන් ගෙදර ඉන්න එකෙකුත් සිද්ධිය සමාලෝචනය කරමින් සිටියි . උන් දෙන්නාට නම් මෙය සියවසේ විශාලතම වීර වික්‍රමයයි . වැඩ නොකරන සියලු නිලධාරීන් ගස් බැඳීම උන් දෙන්නාගේ අදහසයි. ගමේ සිටින අහිංසක සමෘද්ධි නිලධාරියාත් ගස් බැඳීමට මුන් දෙන්නා සමඟ එකතු වීමට සිදුවුවහොත් කියා මම මදක් ශෙප් උනෙමි
උන් දෙන්නා ගෙන් ඈත් වීමට කියා බස් රථයට ගොඩ වූ පසු රියදුරු අසුන වෙත ගියෙමි.රියදුරාද "ගස් තියරිය" අනුමත කරන්නෙකි. සිය බිරිඳ ගේ මාරුවක දි තමන්ට පාට් එක දැමු කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් විෂයෙහි "ගස් තියරිය" ක්‍රියාත්මක කිරීම ඔහුගේ අදහසයි ,මේ සම්බන්ධව ඉදිරි අසුනේ සිටි මඟියා සමඟ කතිකාවක් පටන් ගෙන තිබුනනි එහෙත් ඒ මඟියා  රියදුරාගේ අදහස අනුමත නොකරන බව මුහුනෙන් ම පෙනුනත්.රියදුරා සමඟ වාදයට යාම ඇඟට ගුන නොවන නිසාදෝ හූ මිටි තබමින් සිටියේය . නමුත් මට සිතුනේ බැරිවෙලාවත්  ගස් තියරිය දිගටම ක්‍රියාත්මක උනහොත් මඟී ජනතාව විසින් අදාල රියදුරාවත් ගසක් බැරි නම් අඩු තරමේ සුක්කානමේ වත් ගැට ගසනු ඇති බවයි ,මිනිහාගේ කැරැට්ටුව ඒ තරමටම හොඳය !

නගරය තුලදිත් මේ සිද්ධිය ගැන නොයෙක් අකාරයේ අදහස් අසන්නට ලැබුනි . බොහෝ දෙනෙක් ගෙන් විවෙචනාත්මක අදහස් ලැබුනත් ,"නියම වැඩේ " .. "මිනිහ විතරයි කියන දෙයක් එ විදිහට කරන්නේ.." "ඔහොම නැතුව මේ  රට හදන්න බැ"..."අනික් ඇමතිලත් ඔහොම වැඩ කරනව නම් ...." වැනි අදහස් දක්වන්ද සැලකිය යුතු පිරිසක් සිටියහ .ඒ සමඟම මානව හිමිකම් .. ජාත්‍යන්තර ප්‍රජාව සම්බන්ද කරමින් "දේශද්‍රෝහි ප්‍රකාශ" නිකුත් කරන්නන් ද සිටියහ  .
හවස් කාලයේදි මුණ ගැසුන ඇතැම් රජයේ සේවකයන් පැවසූ පරිදි "ගස් බැඳීම " අනුමත කරමින් අදහස් දැක්වූ රජයේ සේවකයින් ද සිටී.
ඕනෑම් දෙයක් ගැන තමන් කැමති මතයක් දැරීම පුද්ගල අයිතියක් වුවත් ,"ගස් බැඳීම " ට පක්ෂව කථා කරන බොහෝ දෙනෙක් අමතක කරන එක් දෙයක් වේ . එනම් මේ ගස් බැන්ඳේ "අපේම එකෙක්" බවයි !

අප වැනිම සාමාන්‍ය මිනිසෙකු වු ඔහුට තම අසනීප වු දරුවාට බෙහෙත් ටික ගැනීමට රජයේ රෝහලක පැය ගණනක් රස්තියාදුවීමට සිදුවීම නිසා ඩෙංගු මර්ධනයට පැමිණීමට නොහැකි වූවා විය හැක . ඇමතිවරයා කියු පරදි දුරකථන ඇමතුමක් දීමට දුරකථනයේ මුදල් නොතිබුනා විය හැක, නැතහොත බිල ගෙවීම පරක්කු විම නිස උපහාර connection එක විසන්ධි කරලා විය හැක.නැති නම් ඔහු සැබවින්ම වරද කරුවෙක් විය හැක , එහෙත් මානව අයිතීන් ,නීතිය, සාරධර්ම සියල්ලටම පිටින් ඔහුව "ගස් බැඳීමට " කිසිවෙකුටත් අයිතියක් නැත .කණගාටුවට කරුණ එවන් දෙයකදි අපි අපේ එකාටම හිනාවීමය .අපේ එකාටම ගැරහීමය ,සියලු රජයේ සේවකයින්  "ගස් බැන්ඳා" හා සමාන සිද්ධියකදී සමහර රජයේ සේවකයින් උන්ගෙ පැත්තම ගැනීමය .

සිය"වීර" ක්‍රියාවෙන් පසු ඇමතිවරයා දේශපාලන කථාවක් ද කලේය . මට මුලු කථාව මතක නැතත් එය නිදහස් පක්ෂය සම්බන්ධ වුවකි . අප සියල්ලන්ම දන්නා පරිදි බොහෝ සමෘද්ධි නිලධාරීන්ද නිදහස් පක්ෂයට දරදිය ඇද්ද වුන්ය ,එසේ නම් තමන් "ගස් බැඳගත්තේ " තමන් ගේම එකෙකු විය හැකි බව ඔලුවක් ඇතුව කල්පනා කලහොත් ඇමති වරයාටම වැටහෙනු ඇත( ඔලුවක් ඇතිනම් පමණක් )

ඉතින් මිනිසුනේ අපටත් සිනාසිය. හැක ඒ යම් දිනක ජනතාව එකතු වී ඇමතිවරයෙක්/මන්ත්‍රිවරයෙක් / අඩුමතරමේ විපක්ෂ මන්ත්‍රි කෙනෙක් වත් ගස් බැන්ඳ දිනකය !    ( ලංකාවේ මෙය සිහිනයක් පමණී )            

ප.ලි - 
01) සියලු සමෘද්ධි නියාමකයින් ඩෙංගු මර්ධනයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි දැනගන්නට ලැබුනි .සමහර විට ඔවුනටත් ඉදිරියෙදී "ගස්" දඩුවම ක්‍රියාත්මක කරනු ඇත
ඔබ මහ මග යන විට ගසක් බැඳ ඇති මිනිසෙක් දුටුව හොත් ඒ සමෘද්ධි නියාමකයෙකු විය හැකි බව මතක තබා ගන්න

 02) හෙට දිනයේ මධ්‍ය හමුවක් පවත්වා තමා විසින් කැමත්තෙන් ගස් බැඳ ගත් බව නිලධාරියා විසින් පිලි ගැනීමද සිදුවිය හැක
මොකද?
ලංකාවේ ඔහොම තමයි I DONT KNOW WHY !!!!!!!!!!

Comments

  1. මර්වියා කියන්නෙ අමු සතෙක් නෙ

    ReplyDelete
  2. නියම පෝස්ට් එකක්...ඕකට හොදයි කියන අයට ඔය තත්වෙට මූන දෙන්න උනා නම් එදාට ඒ අයට තේරෙයි මොකක්ද වෙන්නෙ කියල............අනික අපේ ඇමති තුමා කවදාවත් පාර්ලිමේන්තුවෙ එයාට දෙන ප්‍රශ්නයකට උත්තර දෙන්නෑ ඉතකොට එතන රාජකාරිය හරියට වෙනවද කියල අහන්න වෙනවා

    ඇමති තුමා හින්ද ආණ්ඩුවම චොර වෙනවා...අපේ ආඩම්බර තාත්තට මේව පේන් නැති එක ගැන දුකයි මට

    ReplyDelete
  3. 89-90 කාලෙ ජේවීපී එකත් පටන් ගත්තෙ ඔහොමයි. පගා ගහන මිනිස්සුන්ට චිට් දාල, වැඩිමිලට බඩු විකුණන අයට චිට් දාල, කොට්න්ම කියනවනම් අපෙ ගමේ අරක්කුබීල කෑගහන උන්ටත් චිට් දැම්මද කොහෙදො.
    මුල්න්ම මිනිස්සුන්ගෙන් මාර චියර් එකක් තිබුණෙ. යූඑන්පී කාරයො ඈර අනිත් බහුතරයක් කිව්වෙ කොල්ලන්ගෙ ආණ්ඩුවක් එනවනම් මරු කියල.
    ඒත් ඒ ආතල් කුඩු වෙන්න මහා කාලයක් ගියෙ නැහැනෙ!

    ReplyDelete
  4. ඔය වගේ ඇමතිලා ඉන්න මේ රට කෙතරම් පින් බරද... ආසියාවෙ නොව මුලු මහත් විශ්වයටම ආශ්චර්යයක් වීම අපිට හැකි ය.

    අනේ ඉතින් මොකටද මේ කතා... මුලින්ම ගස් බඳින්න ඕනි ඔන්න ඔය මර්වින් කියන එකා.

    ReplyDelete
  5. මර්වින්ගේ වැඩේ මං අනුමත නොකරන්නේ ඒක නීතියට පිටින් යාමක් නිසාය. නිලධාරියාට විරුද්ධව හරි විදියට විනය පරීක්ෂණයක් නොතිබූ නිසාය. ඒක ලංකාවේ ජනතාවට කරන ලද අවමානයක් නිසාය.

    නැතුව සුද්දන්ව තරහ අමනාප කරගැනීමට ඇති බිය නිසා නොවේ.

    ඌ "අපේ එකෙක්" නිසා නොවේ. බොහෝ දෙමවුපියෝ නෑදෑයෝ "මොනව වුනත් අපේ එකානෙ" කියා වරදකදී "අපේ එකාට" සුදු හුණු ගාති. අපරාධකරුවන් බිහි වන්ට එයද හේතුවකි. "අපේ එකාව" වරදක් ඇතිනම් හදා ගත යුතුයි. මර්වින්ගේ ක්‍රමයෙන් නොව නීතියට අනුව යමිනි.

    තව සමහර අය ජාතිවාදයද අවුස්සා මහ ජාතියෙන් සුළු ජාතීනට වන අතවරයක් ලෙස මේ සිද්ධිය හංවඩු ගැසීමටද තකති.

    රූපවාහිනී සේවකයන් මර්වින්ට විරුද්ධව නීතිය අතට ගැනීම වීරකමක් ලෙස දුටු සමහරුන්ට නම් මේ සිද්ධිය විවේචනය කිරීමෙ අයිතියක් නැත.

    ලංකාවේ රාජ්‍ය සේවයේ දුර්වලකම් දැක "ප්‍රේමදාස මහත්තය හිටියනම්" කියා කියන අයටත් (මා ඇතුළු) මේ සිද්ධිය විවේචනය කිරීමේ අයිතිය නැත. වෙනස ප්‍රේමදාස ඇඟේ මඩ ගා නොගෙන ලස්සනට වැඩේ කිරීම සහ ප්‍රේමදාස ක්‍රමය කැළණියට සීමා නොවීමයි.

    ReplyDelete
  6. සියලු අදහස් දැක්වීම් වලට ස්තුතියි !


    @ Anonymous 2 - ප්‍රේමදාස ක්‍රමයට කැමති නම් මර්වින්ගේ ක්‍රියාවට විරුද්ධ වීමට සාධාරණ හේතුවක් නොමැත.( ඔබ අවසානය ඡේදයේ දක්වන ලෙසින්ම )

    එසේ වී නම් පලමු ඡේදයේ දක්වන නීතිය/විනය පරීක්ෂණ අදාල නොමැති කථාය .. මොකද ප්‍රෙමදාස ක්‍රමයටත් ඒව අදාල නැත...

    එක්තරා දුරකට මර්වින්ගේ ක්‍රමය ප්‍රේමදාසට වඩා හොඳය ,මර්වින්ගේ ක්‍රමය නිදහසේ විවේචනය කිරීමට ,මාධ්‍යට මෙන්ම අපටද කිසිදු බාධාවක් නොමැත.නමුත් මෙය ප්‍රේමදාස ගේ යුගය නම් එය එසේ වේද?
    අප නිවැරදි දෙයක් කරන්නේ නම් සුද්දන් තරහා කරගැනීමේ ගැටලුවක් නැත . නමුත් කිසිදු වැදගත් කමක් නොමැති සිදුවීම් වලින් අපිට කෙලවන්න බලා ඉන්න උන්ට සාක්ෂි සපය දීම නම් මැටි මෝල් වැඩකි.

    මා දන්නා පරිදි , මර්වින් එක්තරා දුරකට ජාතිවාදියෙකි.. නමුත් ඔහුගේ මේ ක්‍රියාව නම් ඔහුගේ ජාතිවාදිත්වයේ ප්‍රතිඵලයක් නොව "බොරු චණ්ඩි" පාට් එකක ප්‍රතිඵලයක් බව මගේ හැඟීමයි !

    ReplyDelete
  7. ඉස්සෙල්ලම ගස් බඳින්න ඕන මාධ්‍යවේදීන්ව. බැරිවෙලාවත් මර්වින් ඔය කතාව කියල කවුරුවත් ගස් බැන්දෙ නැත්නම් ඕකුන් අහන්නේ "අඩෝ, කෝ ගස් බැන්දද? අඩෝ කතා විතරයි නේද ඩෝ?" කියල.

    ReplyDelete
  8. හැමදාම මේ ඇමතිතුමා වීරයා වෙන්න ගිහින් වුනෙ බලු වුන එක....
    කියලා වැඩක් නැහැ....
    ඇමතිතුමාගේ ඇඟ පුරාම මොලේ.....

    ReplyDelete
  9. කට පියාන ඉදපං බං නිකං ගස් බැඳගන්නැතුව.(නිම ගේමක් අපිත් දෙමු ඈ..)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව