Skip to main content

ලංකාවේ තලෙයිබාන් ආශ්චර්යය ඇතිකරන ආකාරය

සන්ධාන ආණ්ඩුව මෙවර බලයට ආවේ ලංකාව ආශ්චර්යක් කොරන්න කියාය.මුහුදෙන් වටවූ දූපතේ පොල් ගෙඩිය රු 60 ත් පනින විට ආශ්චර්යය ඉහින් කනින් මෝදු වන බවද පෙනෙන්න්ට තිබුනි.
ඒ වැනි දෙකයි පනහේ සිල්ලර වැඩ වලින් පමණක් ආශ්චර්යය කොරන්න බැරි නිසාදෝ ආණ්ඩුවේ ඇමැත්තෙක් ගැහැනුන්ගේ ඇඳුම නිසා රටට දැයට ආගමට වන හානිය වැලැක්වීමේ කර්ත්‍යවයට අත ගසා ඇත . වටින් ගොඩින්  ඇහෙනා කාරණා වලට අනුව මේ ඇමැත්තාට මේ උදාරතර සිතුවිල්ල පහල වන්නට ඇත්තේ ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ දී වීමටද බොහෝ දුරට ඉඩ ඇත . හොර පොට් එකකදී ඇති උනත් අදහස නම් මරුය

 අශිලාචාර මුස්ලිමුන් ගේ දැඩි පාලනයේ පවතින  රටවල් හැරුණු විට ශිෂ්ටාචාරයට පත් මිනිසුන් මනුෂ්‍යාගේ වස්ත්‍රයට නීති පනවන්නේ නැත . කාන්තාව හා පුරුෂය වෙනස් කොට සැලකිම ශිෂ්ටාචාරී මිනිසුන් විසින් අතහැර දමන ලද්දේ මීට දශක ගණනාවකට පෙරය .ඉතින්  ලෝකයම ඉස්සරහට යද්දී රටක් පිටුපසට ඇදගෙන යාමත් අවිහිංසාව හා මානව අයිතීන් මුල් කරගත් බෞද්ධ දර්ශනය ඉදිරියට දමා එය සිදු කිරීමත් ආශ්චර්යය දනවන කරුණු කාරණාමය  .

 කාන්තාවගේ අසභ්‍ය තැන් නිර්ණය කිරීමට කමිටුවක්ද පත් කර ඇත උන්ට අසභ්‍ය කුමක්ද යන්න අපි දන්නේ නැත කොහොම උනත් දැනට කියවෙන හැටියට නම් කොට සායවල්  , කෙටි අත් සහිත හැට්ට අදිය තහනම් වනු ඇත . ඉන් පසු රටේ උදා වන තත්වය කෙබදුද ?

පලමුව අසභ්‍ය ඇඳුම් වැටලීමේ බලකායක් නිර්මාණය කර ඔවුනට අවශ්‍යකර ටේප් පටි, අතිරේක රෙදි , ඉඳිකටු ආදිය සැපයිය යුතුය . මෙම කණ්ඩායම් ප්‍රසිද්ධයයි සැලකෙන සැම තැනකම ( අමාත්‍යාංශ ගොඩනැගිලි , ජිනා මැඩම්ගේ පොට් එක වැනි තැන්ද ඇතුලුව ) පැය 24 පුරා රාජකාරියට යෙදිය යුතුය

මීට අමතරව ප්‍රසිද්ධ ස්ථාන වන කලා මාධ්‍යන්ට පහත කාරණා ගැන සැලකිල්ලට ගැනීම සිදුවනු ඇත

සියලුම රියලිටි වැඩසටහන්,සංගීත විඩියෝ, මෙගා නාට්‍ය ෆැෂන් ශෝ ආදි වැඩසටහන් බොහොමයක් සංශෝධනය කිරීමට සිදුවනු ඇත( කඩේ යන නොයන සියලු චැනල වල ) .අබා චිත්‍රපටය ටීවී එකේ දැමීමට පෙර සැහෙන දුරට සංස්කරණය කිරීමට සිදුවනු ඇත . බොහෝ විට කුම්භක බූතාගෙ චරිතය වෙනුවට කලු කොටු කැබැල්ලක් පෙන්වීමට සිදුවිය හැක

හින්දි, දෙමල , ඉංග්‍රීසි චිත්‍රපට පෙන්වීම තහනම් වන අතර සුපර් සික්ස් වැනි ඉස්සරහට එන්න තිබෙන චිත්‍රපට තිරගත නොකරම තිස්ස නාගොඩවිතානට භාර දිය හැක
ෆැෂන් ශෝ , සංගීත විඩියෝ , ටෙලි නාට්‍ය , චිත්‍රපට නියාමනයට වෙනම ඒකකයක් ස්ථාපිත කල යුතුය එහිදී කලු කොටු දමා කාන්තාවගේ වැහිය යුතු තැන් ඇමතිගේ කමිටුවේ නිර්දේශයන්ට අනුකූලව විය යුතුය . සියලුම ස්විමින් පූල් ලඟ දියරෙදි සැපයීමේ ඒකකයක් පිහිටවිය යුතු අතර හැකිනම් උරහිස කොටසත් වැසෙන සේ නව දිය රෙද්දක් නිර්මාණය කල හැක . මිස් ශ්‍රී ලංකා තරඟයේ නාන ඇදුම් වටයටත් මෙම දිය රෙද්දම භාවිතා කල හැක. ඇමතිගේ කමිටුව විසින් දණ හිසින් පහල කොටසත් අසභ්‍ය යැයි තීරණය කලහොත් පාසල් , පොලිස් .හෙද නිල ඇදුම්ද සංශෝධනය කල යුතුය .

මෙකි හා අදාල තවත් කරණා ඉටු කර ගැනීමට ඉරාන රජයේ පූර්න අනුග්‍රාහකත්වය ලබා ගත හැකි අතර අවශ්‍ය වුවහොත් ලිබියාවෙන් වුවත් උදව් ලබා ගත හැක .මෙම දේශප්‍රේමි යෝජනාව ක්‍රියාත්මක කිරිමේ අවසන් තීරණය ජනපතිවරයාගේය එතනින් වැඩේ නතර උනහොත් එහෙමය නැති උනොත් අනර්කලී නඟාට සාරිය ඇන්දවීමේ සුභ නැකතින්ම වැඩේ පටන් ගත හැක

Comments

  1. හිහ්හී සහතික ඇත්ත.ඔය නීතිය සමාන්‍ය ජනයාට විතරද දන්නේ නෑ නේ.මොකෝ මැති ඇමතිලාගේ කස්ටිය දිගට අදින්න කැමති වෙයිද දන්නෑ නේ!

    ReplyDelete
  2. මැති ඇමතිලාගේ කට්ටිය ලංකාවෙ එලියට බහින්නෙ නැති 1එ.....වැඩෙ අව්ලක් නැ.කරගන යන්න කියමු.වැඩෙ වෙන්නෙ මුහුද අයිනෙ නැන්දලා ටික රෙද්ද උස්සගන බැස්සොත් ප්‍රව්‍ර්ති වල කොටු දාන්න වෙන 1අ තමා....................

    ReplyDelete
  3. අදාල පුවතත් බලා ගන්න දැම්ම නම් මොකද වෙන්නෙ?

    ReplyDelete
  4. බොහෝ විට කුම්භක බූතාගෙ චරිතය වෙනුවට කලු කොටු කැබැල්ලක් පෙන්වීමට සිදුවිය හැක

    Meka nam patta!

    ReplyDelete
  5. @1st Anno,

    ITN eke nam tama kiwwe na man hitanne, eke kiyanakam nadda

    http://www.adaderana.lk/sinhala/
    oke yata poll ekakut tiyena onnam try karanna

    http://www.adaderana.lk/sinhala/poll_results.php?pollid=18

    ReplyDelete
  6. France News http://www.france24.com/en/20110103-sri-lanka-considers-banning-mini-skirts

    ReplyDelete
  7. Indian Express http://www.indianexpress.com/news/lanka-mulls-ban-on-miniskirts-dress-code-for-public-places/732707/

    ReplyDelete
  8. Hindustan Times http://www.hindustantimes.com/Sri-Lanka-may-ban-mini-skirts/Article1-645915.aspx

    ReplyDelete
  9. Pakistan News http://www.pakistannews24.com/sri-lanka-mulls-ban-on-mini-skirts/

    ReplyDelete
  10. NDTV News http://www.ndtv.com/article/world/now-sri-lanka-mulls-ban-on-mini-skirts-76740

    ReplyDelete
  11. ZeeTV News http://www.zeenews.com/news678353.html

    ReplyDelete
  12. Oya mulinma inna Aniya, oge gedetta pattara karaya awilla kiyanakan wennathi oo inne danaganna mechchara mulu lokema danna deyak

    ReplyDelete
  13. අප්පා මොකො මෙ ලින්ක් ටික කමෙන්ට් ගොඩක දාලා.........

    @1 ඇනෝ........ඈ ඔයි තමුන්නාන්සෙ මොන ලෝකෙද ඉන්නෙ ?

    ReplyDelete
  14. තව ටික දොහකින් ල0කාව = සෞදි අරාබිය.....

    ReplyDelete
  15. අද දවසෙ මාධ්‍ය වාර්තා අනුව , කතාව බොරුවක් ලු එහෙමනම් ඇත්තටම හොඳයි . නමුත් මේ කතාව සම්පූර්ණ්යෙන් ගොතාපු එකක් නොවන බවයි පේන්නේ මොකද පත් කල කමිටුවක නිලධාරීන් පවා නම් කරල තිබුනා ජාත්‍යන්තර මාධ්‍ය වල පවා සටහන් වෙලා තිබුනා

    මට නම් හිතෙන්නේ මේ ගොං යෝජනාවෙන් රටට වෙන හානිය කවුරු හරි පෙන්නන්න ඇති එකයි දැන් ඔය නැ කියන්නෙ

    ReplyDelete
  16. ආන්ඩුවේ නිවේදනය හොඳයි. නමුත් දමා බැලූ මුට්ටිය කුඩු වීම නිසා, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සිය ස්තාවරය දැන් වෙනස් කොට ඇතිත නැද්ද යන්න පැහැදිලි නැත.

    ReplyDelete
  17. ආණ්ඩුව මුට්ටියක් දමා බැලුවේම නැත. ආණ්ඩුව කියා ඇත්තේ ආගමික ස්ථාන වලට පමණක් මෙය අදාල කරන බවයි. දැනටම ඒ සම්බන්ධ රීති ඇති නිස මෙයින් විශාල වෙනසක් සිදු නොවනු ඇත.

    මෙන්න මුල් පුවත

    he government plans to introduce a dress code for places of cultural and religious interest.

    The mechanism would especially be implemented for those who are visiting the sites of the Cultural Ministry and the Cultural Triangle.

    The Minister of Culture and Aesthetic affairs, T. B. Ekanayake said that a special committee had been appointed to look into the matter and the dress code would be implemented from next year.

    “Those who visit sites of the Cultural Ministry and the Cultural Triangle must maintain their discipline and as devotees, they must be dressed appropriately. We hope to inform visitors of this decision and plans are afoot to implement a programme in this regard,” said the minister.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව