Skip to main content

වාසුදේව ඇමති සහෝදරයාගේ පීඩිත පන්තියේ "බිත්තර"

වාසුදේව නානායක්කාර ඇමතිතුමා ආහ්..සමාවෙන්න ඇමති සහෝදරයා කියන්නේ දුප්පත් මිනිහ එක්ක හිටපු, පීඩිත පන්තියේ ජනතාවගේ අයිතිවාසිකම්, දුක ගැන කතාකරපු මානව හිතවාදියෙක්ය කියලනෙ කියන්නේ . තමන්ගෙ ඡන්දේ අරගෙන කලින් වතාවක කරපු චක්ගුඩු පැනිල්ලත් අමතක කරල
, රතනපුරේ නිදහස් පාක්ෂිකයො මෙතුමව ආයිත් පාරක් පාර්ලිමෙන්තුවට එව්වෙත් ඒ නිසාමයිලුනෙ  .

ප්‍රජන්ත්‍රන්වාදයට ඉතාම අහිතකරයි කියල එතුමන්ලාම කියන 18 වෙනි සංශෝධනයට විරුද්ධත්වය පලකීරිමක් වශයෙන් "පක්ෂව චන්දය් " ලබාදීලා දේශපාලන ඉතිහාසයේ අලුත්ම පිටුවක් පෙරලුවෙත් වැඩි කලයකට කලින් නෙවෙයි නේ . ඒ විතරක්යැ මුලු ආමාථ්‍ය මණ්ඩලේටම ඉන්න එකම " ඇමති සහෝදරයත්" මෙතුමා විතරයිනෙ . ඉතින් මේ සුවිශේශ අමාත්‍ය සහෝදරය අපූරු හෙලි කිරීමක කරල තියනවා . ඒ අපේ රටෙ දුප්පත් ,පීඩිත ජනතාවගේ ප්‍රධානතම ආහාරය උන බිත්තර ගැන

නිලන්ත මදුරාවල මහත්තය එක්ක දිවයින පත්තරේ සාකච්චාවකට එකතු වෙලා තමයි මේ ගැන කියන්නේ මේ තියෙන්නේ උපුට ගත්ත කොටස

" ප්‍රශ්නය - අන් කවරදාකටත් වඩා අද ජීවන වියදම අහස උසට නැගලා නේද?

පිළිතුර - ජීවන වියදම ඉහළ ගොස්‌ තිබෙනවා. ජීවන වියදම ඉහළ යන්න විවිධ හේතු සාධක බලපෑවා. ජල ගැලීම් නිසා අස්‌වනු විශාල වශයෙන් විනාශ වුණා. සාමාන්‍යයෙන් දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි කියන මාසවලද පොල් මිල වැඩිවෙනවා. මිල වැඩි වෙන්නෙ ඵලදාව අඩු වන නිසා. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විධියට වැඩ කරන්න මේ ආණ්‌ඩුවෙන් ඉඩක්‌ නැහැ. ඒ නිසයි අධික ලෙස ඉහළ ගිය බිත්තර මිල අඩු කරන්න ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළේ. සීඝ්‍රයෙන් ඉහළ යන පොල් මිල පාලනය කරන්න ඉන්දියාවෙන් පොල් ආනයනය කිරීමට තීරණය කළේ. එක්‌සත් ජාතික පක්‍ෂයෙන් කවදාවත් මේ වගේ ක්‍රියාමාර්ග අපේක්‍ෂා කරන්න බැහැ. එක්‌සත් ජාතික පක්‍ෂය හැම වෙලාවෙම කල්පනා කරන්නෙ ව්‍යාපාරිකයන්ගෙ පැත්තෙන්. නමුත් මේ ආණ්‌ඩුව කල්පනා කරන්නෙ ජනතාවගෙ පැත්තෙන්.

ප්‍රශ්නය - එක්‌තරා කාලයකදී ජීවන වියදම ඉහළ ගිය හැම වෙලාවෙම ඔබ ජනතාව සමඟ පාරට බැස්‌සා. නමුත් අද ඔබ විවිධ හේතු ඉදිරිපත් කරමින් ජීවන වියදම ඉහළ යැම සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. අද ඉන්නෙ එදා සිටි වාසුදේව සහෝදරයා නෙවෙයිද?

පිළිතුර - ජීවන වියදම ඉහළ යැමට විරුද්ධව අද කව්ද විරෝධය පළකරන්න පාරට බැහැලා ඉන්නෙ. ජනතාව පාරට බැහැලද? නෑ. ඇයි ඒ....? මේ ආණ්‌ඩුව ජීවන වියදම අඩු කරන්න විවිධ ක්‍රියාමාර්ග ගත්ත බව ජනතාව දන්නවා. ඒ ක්‍රියාමාර්ගයක්‌ හැටියට තමයි බිත්තර ආනයනය කළේ. ඒ ක්‍රියාමාර්ගයෙන් පස්‌සෙ බිත්තර මිල පාලනය වූ හැටි ඔවුන් දන්නවා. ජීවන වියදම ඉහළ යද්දී ආණ්‌ඩුව කිසිම පියවරකට නොයනවා නම් ජනතාව පාරට බැසිය යුතුයි. එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව සමයේ සිද්ධවුණේ ඒක. අපිත් එදා ජනතාව සමඟ පාරට බැස්‌සා. නමුත් අද එවැනි අවශ්‍යතාවක්‌ මා දකින්නේ නැහැ. "


සම්පූර්න ලිපිය මෙතනින් බලන්න පුලුවන්


අපේ පීඩිත පන්තියෙ විරුවට අනුව නම් මිල වැඩි උනෙ බිත්තර වල , පොල්වල විතරයි ඒකත් ඉතින් කේරලෙන් ගෙන්නල ලාබෙට දෙන නිසා ජනතාවට ගානක්වත් නැහැ .ඒක නිසයි ජනතාව පාරට බහින්නෙ නැත්තේ , අනේ ඒ නිසා එතුමත් ශේප් එකේ ඉන්නවා ලු .මාස කිහිපයකට කලින් රු 6 ට7ට තිබුන බිත්තරේ කේරලෙන්ම ගෙනල්ලත් රු 12ට දෙන එක එතුමාට අනුව නම් මාර ජනතාවාදි වැඩක්


එතුමා කියන විදිහට එතුමන්ලාට පුත්තලමෙ නාම යෝජනා දීල නැහැ. අපරාදේ අපේ මෛත්‍රිපාල මහත්තයා ගැලපෙන අයට ගැලපෙන තැන නාම යෝජනා දීල නැතෙයි කියල  උනත් කෙනෙක් කියන්න ඉඩ තියනව ඕං! අනෙ අපි නං ඕවට නැහැ

 

Comments

Popular posts from this blog

සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය කිරීමට නිර්දේශ දෙන අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ "සිංහල බෞද්ධ විද්වතා " ....

ආගමික ප්‍රශ්නයන් දිගින් දිගටම ඇදගෙන බ්ලොග් කරණය ඇතුලේ "හෝලි වෝ" එකක් පටන් ගන්න අදහසක් නැතත් , පසුගිය දින  කිහිපය පුරාවට අන්වර් මනතුංග උන්නැහෙගේ බ්ලොග් අඩවිය තුලදී  නොයෙකුත් ආකාරයේ වාදයන්ට එලඹුන "කාන්තාවන්ගේ වස්ත්‍රය පිලිබඳ " ඉස්ලාමීය මතය පිලිබඳ සාකච්ඡාව ට තවත් එකතු කිරීමක් කරන්න සිද්ධ වෙලා තියනවා . ඒ අන්වර් මනතුංග මහත්තයා තමන්ගේ ඉස්ලාමිය මතය තහවුරු කරන්න " සිංහල බෞද්ධ විද්වතෙකු" ගේ අදහස් කියල ලිපියක් එකතු කරලා තියන නිසා කාන්තාවගේ වස්ත්‍රයන් සම්බන්ධව ඉස්ලාමයේ තියන මතය පිලිබඳ අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ . ඒ වගේම මගේ බ්ලොග් අඩව්යේ පාඨකයින් සාතිශය බහුතරකට  පිරිමින්ගේ වලත්ත කම් වලට කාන්තාව වැසීමේ අයුක්තිසහගත නිතියේ ගෝත්‍රික ස්වාභාවය පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකකුත් නෑ . මේ පිලිබඳ මගේ මතය ඉතාම සංෂිප්තව කියනවා නම් "කාන්තාවගේ ඇඳුම පිලිබඳ පූර්ණ අයිතිය  කාන්තාව සතුයි " කියන එක .  ඒ මතවාදය තුල නොඉන්නවා නම් කාන්තාවන්ගේ ඇඳුමට ආගමික හෝ වෙනත්  බාහිර තහංචි අවැසියයි සිතනවා නම් .කාන්තාවන්ට සිදුවෙන අතවරයන් වලක්වා ගන්න ඇයව ආවරණය කල යුතුයැ...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...

ඕං අවුරුදු දෙකයි !

බ්ලොග් කරණයට එකතු වෙලා  අදට අවුරුදු දෙකක් . බ්ලොග් රචකයෙක් වීමට  මාස කිහිපයකට කලින් ඉඳන් බ්ලොග් කියවීම සිදු කලත් පලවෙනි කමෙන්ටුව පල කලේ බ්ලොග් ලියන්න පටන් ගැනීමෙන් පස්සෙ නිසා සමස්ථ බ්ලොග් අවකාශයටම මගේ ආගමනය සිදුවුනේ වසර දෙකකට කලින්ය කියන්න පුලුවන් .බ්ලොග් කරණයට පිවිසෙන්න උදව් කරපු සියලු දෙනාටම වගේ එදා ඉඳන් අද දක්වා එක් වතාවක් හෝ මගේ බ්ලොග් අඩවියට පිවිසුන , කමෙන්ට් කරපු සියලු දෙනාටමත් සින්ඩිකේටර හිමිකරුවන්ට සහ තමන්ගේ බ්ලොග් රෝල වලට එකතු කල බ්ලොග් කරුවන්ටත්  මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමන්නේ මේ කාර්යයේ සාර්ථකත්වයට ප්‍රභලතම හේතුව ඔවුන් නිසා . 2010/7/8 වෙනිදා ඉඳන් අද දක්වා ලියවිලා තියන මුලු ලිපි සංඛ්‍යාව 145 කියල සටහන් වුනත් , මේ වගේ සැමරුම් , නිවේදන ආදී ලිපි ඉවත් කලාම වැදගත් (හෝ මම වැදගත්ය කියලා හිතාන ඉන්න ) ලිපි ගණන 135-140 අතර ගණනක් වෙන්න පුලුවන් . දැනට බ්ලොග් අඩවියේ  සටහන් වෙලා තියන මුලු පිවිසුම් සංඛ්‍යාව 85402 ක් . මගේ ප්‍රතිචාරත් ඇතුලුව මුලු ප්‍රතිචාර සංඛ්‍යාව 2812ක් .  2010 වසරේ පටන් ගත්ත බ්ලොග් කරණය වඩාත් සාර්ථක වුනේ 2011 වසරේදි ,  මම ලියපු ජනප්‍රිය...