ලංකා ඉ නිව්ස් කාර්යාලය ගිනි ගෙන විනාශ වී ඇත. එය ඉබේ ගිනි ගත්තාද? තමන්ම ගිනි තියා ගත්තාද? ගිනි තිබ්බාද? තිබ්බා නම් කොයි එකාද? මොන එහෙකටද?? ප්‍රශ්න රාශියකි .ලංකා ඉ නිවුස් මෑත කාලයේ පහර කැමට ලක්වූ පලමු මාධ්‍ය ආයතනය නොවේ , ලංකා ඉ නිව්ස් මර්ධනයට ලක්වූ පලමු අවස්ථාවද මෙය නොවේ. රටක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මිණුම් දණ්ඩක් වූ මාධ්‍ය නිදහස මෙලෙසින් උල්ලංඝනය වන්නේ ඇයි ? හැමදාම වන ලෙසින් පොලිස් පරීක්ෂණ පැවැත්වේ.මාධ්‍ය සංවිධාන දවසක් දෙකක් උද්ඝෝෂණ පවත්වයි ගහපු එකෙක් , ගහපු හේතුවක් මෙතෙක් නම් හොයාගෙන නැත ( මේකෙදිවත් හොයා ගත්තොත් ඉතා හොඳය )
මේ සිද්දියේ මාධ්‍ය වාර්තා
පේන හැටියට නම් සිදුවී ඇත්තෙ ලංකා ඉ නිවුස් කාර්යාලය ගිනි ගැනීමය . නමුත් මාධ්‍ය වාර්ථා ගොඩකි. අනික් මාධ්‍ය සියල්ලම නාඳුනන පිරිසක් තැබු ගින්නක් ගැන වාර්ථා කරත්දී රජයෙ ඇමති වරයෙකුට සම්බන්ඳ යැයි පැවසෙන( පැවසෙනවා පමණක් නොව ඒ බව පෙනෙන )ලංකා c නිවුස් සිද්දිය වාර්ථා කරන්නේ මෙලෙසය
http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=3631:-lanka-e-news-&catid=1:latest-news&Itemid=269
එයට අනුව නම් පහර දී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධ පිරිසකි . එනම් විපක්ෂ නායකතුමා ගේ පිරිසක් විය යුතුය . ඒ අතරෙ දිනමින පුවත්පත කියන්නේ මෙහෙමය http://www.dinamina.lk/2011/02/01/_art.asp?fn=n1102013
එයට අනුව කාමරයේ කාන්තා යට ඇඳුම් , උපත් පාලන කොපු තිබී ඇත . ඔවුනට වඩා වැදගත් ගිනි ගැනීම නොව හොයා ගත් ඒවාය ( හයිලයිට් කර ඇත්තේ ඒ නිසා විය යුතුය ). පුදුමයට කාරණය නම් පරිගනක යන්ත්‍රත් ගිනි ගනිත් දී කොන්ඩම් ටිකයි , ජංගි ටිකයි බේරුන එකය .
ජනපතිතුමා පරික්ෂන පැවත්වීමට නියෝග දෙත්දී රාජ්‍ය හා රජයට හිතවත් මාධ්‍ය මෙලෙස හැසිරෙන්නේ ඇයි ?
ලංකා ඉ නිවුස් මත වාදය ගැටලුවක් වුයේ කාටද ?
ලංකා ඉ නිවුස් පසු කාලය පුරාවටම තම මත වාදය කර ගත්තේ රාජපක්ෂ රජයට විරුද්ධ වීමය . හරි වැරදි හැමදේම විවේචනය කල ලංකා ඉ නිවුස් මතවාදයද බරපතල ප්‍රශ්නාර්ථයක් වුවත් එය ඔවුනගේ අයිතියකි . අනෙක් අතට මංගල සමරවීරගේ නම ලංකා ඉ නිවුස් සමග කිය උනත් එය එජාපයටත් හිතවත් නැත . පසු ගිය කාලය පුරාවටම ඔවුන් කලේ ටොම් පච කෙලමින් එජාපය දෙකඩ වන ආකරයේ පුවත් ඉස්මතු කිරීමය . නමුත් එයත් ඔවුනගේ අයිතියකි . එතකොට ගිනි තිබ්බේ කව්ද ? පසු ගිය කාලයේ සිදූවූ සිදුවීම් නිසා පලමු ඇඟිල්ල දිගුවන්නේ රජය දෙසටය , අනෙක් අතට ලංකා c නිවුස් කියනා අකාරයේ වැඩක් කිරීමට තරම් හැකියාවක් එජාපයට තිබේද යන්නද සැක සහිතය . එනිසා තමන් පිරිසිදු විමේ වගකීම ඇත්තේ රජයටය . ඔවුනට ඒ සඳහා හැකියාවද ඇත . කල යුතුවන්නේ මෙවරවත් වැඩේ කල උන් රටට ඉදිරිපත් කිරීමය . එවිට ප්‍රශ්නය අහවරය . නමුත් අතීත අත්දැකීම් අනුවත් , රජයට සම්බන්ද අයගේ හැසීරීම් වලිනුත් එසේ වන බවක් තවම නම් පෙන්නේ නැත.
ගහපු එකෙන් වැඩක් තියේද ?
අවසානයට ඇතිවන ප්‍රශ්නය මෙයයි . මුද්‍රිත , හෝ විද්‍යුත් මාධ්‍යක් ගිනි තැබීමෙන් නම් ඔවුනගේ කටයුතු සැහන පරිදි අඩාල කල හැක . නමුත් පරිගනකයක් හා අන්තර්ජාල සබඳතාවයක් පමන අවැසි මාධ්‍යක් එලෙස අඩපන කල හැකි වන්නේ නැත . සිදූවූ ආර්ථික අලාබය හැරුනු මිසක ලංකා ඉ නිවුස් අඩපන වී නැත . ඉහල මට්ටමේ ප්‍රචාරයක් නම් ලැබී ඇත
අවසානයට ඉතිරි වන්නේ පසු ගිය කාලයෙ සුපුරුදු කතාවය ඒ " තමන්ම ගිනි තියා ගැනීමය " කඩේ යන උන් එකා දෙන්නා එවැනි අදහස් කීවත් වග කිව යුත්තෙක් තාම එවැන්නක් කියා නැත .
අවසාන වශයෙන් කියන්නට ඇත්තේ මෙවන් සිදුවීම සිදු නොවිය යුතු බවය , සිදු නොකල යුතු බවය , සිදුවන එක වලක්වා ගත යුතු බවය . දැයට සැබැවින්ම කිරුලු පැලදෙන්නේ එවිටය

කවුරු කලත් කර ගත්තත් අමුම අමු මෝඩ වැඩක් ......
ReplyDeleteහොඳ ලිපියක් .......
Thanks
ReplyDelete