Skip to main content

මම වෙමිද - නොවෙමිද - නොවෙමි -බ්ලොග් අන්තවාදයට ශ්‍රේෂ්ට ලේඛකයෙකුගෙන් අදහසක්

මම වෙමිද -  නොවෙමිද -  නොවෙමි 

මම බැතිමතෙක්ද නොවෙමි,මිසදෙටුවෙක්ද නොවෙමි
මම සික පද අනුව හෝ මගේ බුද්ධිය අනුව හෝ ජීවත් නොවෙමි
මම දේශකයෙක්ද ශ්‍රාවකයෙක්ද නොවෙමි
මම ස්වාමියෙක්ද සේවකයෙක්ද නොවෙමි
මම නිදහස් ද නොනිදහස් ද නොවෙමි
මම කිසිවෙකුගෙන් දුරස්තර හෝ කිසිවෙකුට ලං ද නොවෙමි
මම දෙව්ලොවටද අපායටද නොයන්නෙමි
මම සියලු කාර්යයන්හි ව්‍යාවෘත වන අතර සියලු කාර්යය කින්ම පිටස්තර වෙමි
මා වටහා ගන්නන් නැති තරම් ය
මා වටහා ගන්නා තැනැත්තේ සාමය භජනය කරන්නේය

                                                                                                                   - රබීන්ද්‍රනාථ ඨාකූර්  
                                                                                        


පර්වර්ථනය - මඩවල පංඤ්ඤාවංශ හිමි
උපුටුනය - ගෝරා නවකතාව(රවීන්ද්‍රනාථ් ඨාකූර් ) සිංහල පරිවර්ථනය - චින්තා ලක්ෂිමි සිංහාරච්චි

-------------------------------------------------------------------------------------------------------------

ජීවිතය ගැන අපුරු විවරනයක් ඉදිරිපත් කරන ග්‍රන්ථයක් උන ගෝරා නව කතාවෙ සිංහල පරිවර්තනයේ කතාවට කලින් මේ කවිය අන්තර්ගත වෙලා තියනව. ඉන්දියානු නිදහස් අරගලයත් සම්බන්ඳ උන අපුරු කතාවක් උන ගෝරා , අන්තවාදීන්ට හා අන්තවාදයට වගේම මිනිසා විසින් නිර්මානය කරගත් සීමා මායිම් මිනිසාට හෝ මනුශ්‍යත්වයට වඩා අගය කරන අයට අගනා පිලිතුරක් කියල කියන්න පුලුවන්. 

මේ කවිය ගෝර පොතේ අඩංගු කලේ තාගෝර්(ඨාකූර් ) තුමා මද , නැත්නම් පරිවර්තිකාවද කියල නම් මම දන්නෙ නැහැ . ඒත් කතාවෙ කියවෙන සමස්ථ අර්ථය ඉතා අපූරුවට මේ කවිය තුලත් ගැබ් වෙලා තියනව .


මම මේ කවිය මේ වෙලාවෙ ඉදිරිපත් කරන්නෙ ඇයි කියන එක බ්ලොග් පාඨකයින්ට තෙරුම් ගන්න පුලුවන් කියල මම හිතනව . මේ කවිය හා ගෝරා පොත තුලින් මගෙ ජීවිතය ට එකතු කරගත්ත හරයන් නිසා මම ලබපු යහපත් ප්‍රතිපල බොහොමයි, ඒ වගේම හදිසි කෝපය හා වෙනත් හේතු නිසා ඒ හරයන් අමතක කරල දාල කටයුතු කරපු වෙලාවන් නිසා ඇති උන පසුතැවීමුත් බොහොමයි . බ්ලොග්  කරනයෙදිත් මේ හරයන් එක්ක ජීවත් වෙන්න උත්සහා කලත් පහුගිය කාලයෙදි සිංහල බ්ලොග් අවකාශය තුල ඇතිවුන අවාසනාවන්ත සිදුවීම් වලදි මම එතනින් එලියට ගිහින් කටයුතු කරපු එක කලින් වතාවලිදි සිදුවුනා වගේම පසුතැවිල්ලක් විතරයි ඉතුරු කලෙ 

ඉදිරියේදී එහෙම දෙයකට බ්ලොග් අවකාශය තුලදි නොයන්නට තමයි මේ කවිය ලිපියක් විදිහට වගේම වෙනම පිටුවක් විදිහටත් බ්ලොග් අවකාශය තුලට එක්කරන්නෙ , මේ කවිය හෝ ගෝරා කතාව තුල තියන පණිවුඩය අන් කාටත් වඩා බ්ලොග් කරුවනට( මමද ඇතුලුව ) යෝග්‍යයි කියල මම හිතනව ,ඒ නිසා මේ  කවියට යොමුවක් මගේ බ්ලොග් පිටුව තුල හැමදාමත් පවතීවි, ඒ මට වගේම වෙනත්  ඕනෑම බ්ලොග් කරුවෙකුගෙ හෝ මුලු සමාජයේම හිත සුව පිනිස

Comments

  1. මම මේ කවිය ගෝරා නවකථාවේ දී කියවුවද අරුතක් වැටහුනේ නෑ. බොහෝම ස්තූතියි

    ReplyDelete
  2. එතෙක් මෙතෙක් පොත් පිටු අතර මා දුටු,වර්තමාන ලෝකයට අතිශයින්ම ගැලපෙන අදහසකින් ගෝරා පොත නිමවෙයි.පොතෙනුත්,පොත සුරැකිව තවමත් පවතින මගේ නිවසෙනුත්,මගේ රටිනුත් දහස් ගව් දුරින් අද සිටියත් ඒ වැකිය මගේ මනසේ නිරන්තරයෙන් රැව් පිළිරැව් දෙයි... "මනුෂ්‍යත්වයට ප්‍රේම කිරීම රමණීය ලෙස කුළුගැන්වෙන ගෝරා ගද්‍ය කාව්‍යය මෙතකින් අවසාන වේ.." ආදරණිය ගෝරා,ලෝකයට පා තැබීමට පෙර නුඹව මට මුන ගැස් වූ සියලුදෙනාටම පින් දීමට මේ එකම වැකිය පමණක් ප්‍රමාණවත් වේ.....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය කිරීමට නිර්දේශ දෙන අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ "සිංහල බෞද්ධ විද්වතා " ....

ආගමික ප්‍රශ්නයන් දිගින් දිගටම ඇදගෙන බ්ලොග් කරණය ඇතුලේ "හෝලි වෝ" එකක් පටන් ගන්න අදහසක් නැතත් , පසුගිය දින  කිහිපය පුරාවට අන්වර් මනතුංග උන්නැහෙගේ බ්ලොග් අඩවිය තුලදී  නොයෙකුත් ආකාරයේ වාදයන්ට එලඹුන "කාන්තාවන්ගේ වස්ත්‍රය පිලිබඳ " ඉස්ලාමීය මතය පිලිබඳ සාකච්ඡාව ට තවත් එකතු කිරීමක් කරන්න සිද්ධ වෙලා තියනවා . ඒ අන්වර් මනතුංග මහත්තයා තමන්ගේ ඉස්ලාමිය මතය තහවුරු කරන්න " සිංහල බෞද්ධ විද්වතෙකු" ගේ අදහස් කියල ලිපියක් එකතු කරලා තියන නිසා කාන්තාවගේ වස්ත්‍රයන් සම්බන්ධව ඉස්ලාමයේ තියන මතය පිලිබඳ අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ . ඒ වගේම මගේ බ්ලොග් අඩව්යේ පාඨකයින් සාතිශය බහුතරකට  පිරිමින්ගේ වලත්ත කම් වලට කාන්තාව වැසීමේ අයුක්තිසහගත නිතියේ ගෝත්‍රික ස්වාභාවය පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකකුත් නෑ . මේ පිලිබඳ මගේ මතය ඉතාම සංෂිප්තව කියනවා නම් "කාන්තාවගේ ඇඳුම පිලිබඳ පූර්ණ අයිතිය  කාන්තාව සතුයි " කියන එක .  ඒ මතවාදය තුල නොඉන්නවා නම් කාන්තාවන්ගේ ඇඳුමට ආගමික හෝ වෙනත්  බාහිර තහංචි අවැසියයි සිතනවා නම් .කාන්තාවන්ට සිදුවෙන අතවරයන් වලක්වා ගන්න ඇයව ආවරණය කල යුතුයැ...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...

ඕං අවුරුදු දෙකයි !

බ්ලොග් කරණයට එකතු වෙලා  අදට අවුරුදු දෙකක් . බ්ලොග් රචකයෙක් වීමට  මාස කිහිපයකට කලින් ඉඳන් බ්ලොග් කියවීම සිදු කලත් පලවෙනි කමෙන්ටුව පල කලේ බ්ලොග් ලියන්න පටන් ගැනීමෙන් පස්සෙ නිසා සමස්ථ බ්ලොග් අවකාශයටම මගේ ආගමනය සිදුවුනේ වසර දෙකකට කලින්ය කියන්න පුලුවන් .බ්ලොග් කරණයට පිවිසෙන්න උදව් කරපු සියලු දෙනාටම වගේ එදා ඉඳන් අද දක්වා එක් වතාවක් හෝ මගේ බ්ලොග් අඩවියට පිවිසුන , කමෙන්ට් කරපු සියලු දෙනාටමත් සින්ඩිකේටර හිමිකරුවන්ට සහ තමන්ගේ බ්ලොග් රෝල වලට එකතු කල බ්ලොග් කරුවන්ටත්  මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමන්නේ මේ කාර්යයේ සාර්ථකත්වයට ප්‍රභලතම හේතුව ඔවුන් නිසා . 2010/7/8 වෙනිදා ඉඳන් අද දක්වා ලියවිලා තියන මුලු ලිපි සංඛ්‍යාව 145 කියල සටහන් වුනත් , මේ වගේ සැමරුම් , නිවේදන ආදී ලිපි ඉවත් කලාම වැදගත් (හෝ මම වැදගත්ය කියලා හිතාන ඉන්න ) ලිපි ගණන 135-140 අතර ගණනක් වෙන්න පුලුවන් . දැනට බ්ලොග් අඩවියේ  සටහන් වෙලා තියන මුලු පිවිසුම් සංඛ්‍යාව 85402 ක් . මගේ ප්‍රතිචාරත් ඇතුලුව මුලු ප්‍රතිචාර සංඛ්‍යාව 2812ක් .  2010 වසරේ පටන් ගත්ත බ්ලොග් කරණය වඩාත් සාර්ථක වුනේ 2011 වසරේදි ,  මම ලියපු ජනප්‍රිය...