Skip to main content

සුද්දන්ගේ නිදිතම ක්‍රිකට් නග්ගල ගත් අපේ " සනා "

ක්‍රිකට් හැදුවේ එංගලන්ත සුද්දාය . පැත්තකට වෙලා හෙමින් සැරේ කොරපු සෙල්ලමක් නිසා එයට මහත්තුරුන්ගේ සෙල්ලම කියා නමක්ද හැදුනේය . මුලින් දවස් ගනන්  කාලය කැ සෙල්ලම තනි දවසේ සෙල්ලමකට හැරුණාය . මුලින් වැඩ පෙන්නු සුද්දන්ට අමතරව කල්ලන්ද , ඉන්දියානු හා පකිස්ථාන  සුදු-කල්ලන්ද තනි දවසේ සෙල්ලමේ වැඩ පෙන්නුවෝය . ඒත් සෙල්ලමේ කම්මැලි ගතිය නම් එලෙසමය . පලවෙනි පන්දු වාර 15දී   පිතිකරු වට කොට පන්දු රකින්නන්ය . උන් අතරින් පන්දුවක බැස්සීමට ක්‍රිකට් ශිල්පියේ කෙල පැමිණිය යුතුය . මුලින් ගහන්න එව්වේද එවන් වැඩ කරුවන්ය . මේ සියල්ල උඩු යටිකුරු කලේ ක්‍රිකට් වලට වැඩ්ඩන් නොවූ  පුංචි දිවයිනෙන් ආ කලු කොල්ලෙක්ය .

මුන් ඔක්කොම මා ලඟ නම් පිට්ටනියේ හතර වටේ ඉඩ තිබේ නම්  අස්සෙන් බස්සන්නෙ මොන _කේ අමාරුවකටදැයි කියා මුලින්ම හිතුනේ මේ කලු කොල්ලාටය .


ඌ වටේට උන්ගේ ඔලුවලට ඔඩින් හතර අතේ නෙලන්න පටන් ගත්තේය . කොල්ලාට යකඩ හය්යක්ද තිබුන නිසා ඒ සමහර එව්වා වැටුනේ පිට්ටනියෙන් එලියේය . මේ තියරියම යුස් කල දොඩම් ගෙඩි දෙකක් සයිස් කොලුවෙකුත් සෙට් උන නිසා වැඩෙ මාර ලස්සනය . අපේ කොල්ලන් දිගට හරහට නෙලත්දී සුද්දන්, කල්ලන් , සුදු-කල්ලන් සියල්ලෝ තක්කු මුක්කු වුණ හැටි තාමත් මතකය .

නගරයට සීමවූ ක්‍රිකට් අඩවියකට මාතරින් ආ මේ කලු කොල්ලා නමින් සනත් ජයසූරියය .කෙනෙකුට සනත් මල්ලීය , තවත් කෙනෙකුට සනත් අය්යාය ,  බොහෝ දෙනෙකුට  නිකන්ම "සනා" ය . ඔහු සුද්දාගෙ ක්‍රිකට් වල නිදිමත් රිද්මය වෙනස් කලේය . පිතිකරුවන් ට අසීරු ව තිබූ පන්දුවාර "පවර් ප්ලේ" විය . පුංචි දිවයිනත් ක්‍රිකට් වැඩ්ඩන් අතරට එක්වෙත්දී සුද්දන් , කල්ලන්, සුදු-කල්ලන්ද අපේ සනා කොපි කරන්නට පටන් ගත්තෝය . ක්‍රිකට් ක්‍රිඩාවට ජීවය එක්විය , ඇඟට දැනෙන රිද්මයක් එක්විය . පවර් ප්ලේ පන්දුවාර ගාන වැඩි විය . සනා පටන් ගත් නෙලිල්ල මැච් එක පුරාම වැඩ කරන විස්සයි විස්ස කියා තරඟ ජාතියක්ද ඇතිවිය . අල්ලපු රටේ සුදු-කල්ලන්  මෙ කෙලියෙන් බම්බු නොගහනවා විතරය .

මේ සියලු දේ වෙත්දී සනා සමු ගෙනය . සනා අපේ රටෙන් බිහිවූ සුපිරිතමයාය . ප්‍රහාරාත්මක පිතිකරණයේ ආරම්භකයාය  එනම් ක්‍රිකට් "ගැහිල්ලේ " ආරම්භකයාය . පිටියෙන් සමු ගත්තත්  ක්‍රිකට් ලෝලි හදවත්වල සදාරැව් දෙන  සුපිරි ක්‍රිඩකයානෙනි ඔබට මාගේ ආචාරය !


--------------------------------------------------------------------------------------------------------------


නායකයො වෙන්න කැමති අය ඉන්නව නම් මෙතනින් ගිහින් ඒ ගැන කියවන්න

Comments

  1. දැන් නං ක්‍රිකට් බැලිල්ල නවත්තලා ........ සනත් ලා කලු ල ගහපු කාලෙ වගේ දැන් කොහෙද ක්‍රිකට්........

    ReplyDelete
  2. සිරාවට..ඒ කාලේ සනා ගහපු ෂොට්ස් තාමත් මතකයි..අනිත් සිං එක තමා අනිත් කට්ටිය කොච්චර හොදට ගැහුවත්, බොල් කලත් අපි තාමත් කියන්නේ " අපරාදේ සනාට 50 වැදුනානම් ගොඩ කියලනේ "..මම ඒක කිවුවේ අනිත් ක්‍රීඩකයෝ අවතක්සේරුවුට ලක් කරන්න නෙමෙයි..
    සනාට තිබ්බ ඒ තැන ගන්න නම් ඉතින් කාටවත් ලේසියෙන් බැරි වෙයි..

    ReplyDelete
  3. සනා Best cricketer කෙනෙක්..........

    ReplyDelete
  4. ඇත්ත බුවා... සනාට ලැබෙන්න ඕනෙ තැන ලැබුනේ නෑ. ඒත් ක්‍රිකට් තියෙන කල්ම සනත් කියන නම ලෝකෙ තියෙයි. අවුරුදු දෙකක් ටීම් එකෙන් එලියේ ඉඳලත් ආයෙත් ටීම් එකට ඇවිත් මැච් එකක් ගහලම සමුගන්න තරම් ගටක් තිබුනු කොල්ලෙක්. අනික අමතක කරන්න එපා... ලෝකේ දෙවැනියට වැඩිම odi ගානක් ගහලා තියෙන්නේ සනා. ඒ වගේම ලකුණු 14000+ එක්ක විකට් 350 ක් විතර අරගත්ත ලෝකේ එකම ක්‍රීඩකයා. ඒ වාර්තාව කඩන්න නම් සෑහෙන අමාරු වේවි.

    සනා... සුභ ගමන් !!!

    ReplyDelete
  5. සනත් කියන්නේ ක්‍රිකට් වල නව යුගයක ආරම්බය සටහන් කල පුද්ගලයෙක්,ඒක ගෑන විවාදයක් නෑ කියලා තමයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
  6. යනකම් බනින අපි යනකොට සැලුයුට් ගහනව. අපි හෙලුවෙන්ද මන්ද!

    මාත් අයින් වෙයන් සනෝ කියල නම්බුකාර විදියට කියල කොච්චරවත් කියල ඇති. ඒත් අයින් වෙනව කියල දැක්කම ඇත්තටම හිතට දුකයි!

    ReplyDelete
  7. ලංකාවෙ ක්‍රිකට් උනක් අැතිවුනේ සනා හින්ද.Wish u all the best SANA..........!

    ReplyDelete
  8. @sameera - ඒ වගේ ගැහිල්ලක් ගහන්න පුලුවන් අය අපේ කණ්ඩායමෙ පේන තෙක් මානෙක නැ තමා

    @ChammA - ඒ කථාවට හේතුවත් සනාගෙ සට්යිල් එකම තමයි මචන් , බෝල කකා පැය ගානකින් ගහන 100 වගෙ වෙනෙවෙයි සනා හොඳ ලකුණු වේගයක් එක්ක ලකුණු 50ක් 60ක් බෝඩ් එකට දැම්මාම් අනික් උන්ටත් හිතට හෙන ෆිට්


    @Chiran - aniwa

    @චතුරංග පෙරේරා |- මාත් හිතන්නෙ නැ ලේසියකට ඒ වාර්ථාව කඩන්න පුලුවන් කියල . කොහොමටත් දකුණු ආසියාතිකයෙකුට විතරයි යන්තමින් වත් චාන්ස් එකක් තියෙන්නෙ . සුද්දන්ගෙ වෘත්තීය ජීවිතය(ජාත්‍ය්න්තර ක්‍රිකට් ) බොහොම කෙටියිනෙ

    @අසoක -aniwa machan

    @මොරටු -ඒකට හේතුව සනත් දක්වපු විශිෂ්ටත්වය . සනත් ලෝක කුසලානයට නම් සෙල්ලම් කලා නම් හොඳය කියන මතයෙ තමයි මම නම් හිටියේ

    @ano - aniwa

    ReplyDelete
  9. මටත් හොඳට මතකයි අපි වර්ල්ඩ් කප් එක දිනපු පාර ලංකාවෙ හැම මැච් එකක්ම බැලුවා .....

    සනත් ජයසූරියයි, කලුවිතාරණයි ගහන ගැහිල්ල ගැන කියන්න වදන් නැහැ. සීයට අනූවක් මැච්වල ඉතිං සනාගේ පනහ නම් ෂුවර් තමා .......

    හැබැයි ඉතිං සනත් කියන පුද්ගලයට ඔයිට වඩා ගෞරවාන්විතව ක්‍රිකට් දිවියෙන් සමු ගන්න තිබුනා කියලයි මම හිතන්නෙ. උදාහරණයක් කිව්වොත් අරවින්ද වගේ .....

    ReplyDelete
  10. සනා බෝයියාව ලොකු කරගෙන ඇත්තේ බුවා වැනි ක්‍රීඩා ලෝලී ලෝල්ලන්ය.. සනාට ටැලන්ට් එකක් නැත.. ඇස් දෙක වහගෙන පොල් අඩි නෙළයි.. අපේ ගමේ කොල්ලෝ හවසට වෙල් එළියේ එල්ලේ ගහද්දි මීට වඩා පොල් අඩි නෙළයි.. සනාට හෝ ඕනෑම ක්රිකටර් කෙනෙකුට ලොකු මුදල්ය.. ලොම් හැලි හොට බිම ඇනි තිබියදීත් ක්‍රිකට් වල එල්ලී සිටීමෙන් සනාගේ නියම තත්වය පෙන්නුම් කරයි..

    ReplyDelete
  11. @මොතා -ටැලන්ට් එකක් නැති එකෙක් ලකුණු 14 ,000 ගානක් ගහන්නේ විකට් 350ක් ගන්නේ කේසේද ? ගහන්න පුලුවන් නම් ලොම් හැලෙන කන් ගැහුවාට ඇති වරදකුත් නැත . සනත් නොහිටියා නම් ශ්‍රි ලංකාවේ ක්‍රිකට් හමාර වී බොහෝ කල්ය . එ නිසා බුවා වැනි ක්‍රිඩා ලෝලීන් සනා ලොකු කර ගැනීම සාධාරණය

    ReplyDelete
  12. මමත් හෙන ආසා ක්‍රීඩකයෙක්. ඇත්තටම දුකයි. අපි ස්කෝලේ යද්දී මෙන්න මෙහෙමයි සනත් බැට් කරන්නේ කියලා එක එක විදියට බෝලෙට ගහනවා.

    ReplyDelete
  13. සනත්ට යාමට තිබුනේ කලිංය. එහෙනං දැං ලැබුනාට වඩා ගෞරවයක් ලැබෙනවා ෂුවර්ය. අපෙං කුණුකතා අහන්නට වන්නේද නැත.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව