Skip to main content

සුද්දන් සමඟ හෙලුවෙන් දේශප්‍රේමීන්


දේශප්‍රේමී ගවයින්ගේ ගොන් පාට් එකක් ගැන ලියා අත අහකට ගත්තා විතරය , දේශප්‍රේමීන්ට  තමන්ගේ ගොන් කම් පෙන්විය හැකි තවත් දෙයක් ගැනක් ලිවීමේ අවස්ථාව උදාවී ඇත . ඒ කලුතර වෙරලාශ්‍රිතව   දැමීමට යනවාය කියනා නිරුවත් වෙරල තීරයක් ගැනය . මා උපුටා ඇත්තේ ගොසිප්9 වෙබ් අඩවියේ ලිපිය වුවත් දේශප්‍රේමීන් ගේ අඩවියේද එලෙසිම සිද්ධිය වාර්ථා කර තිබූ බවක් දක්නට ලැබුනි .
http://www.gossip9.com/2011/07/blog-post_10.html

මෙම සිද්ධිය  දේශප්‍රේමීන්ට ගොන් පාට් සිරිස් එකක්ම දැමීමට හේතු විය හැකි බව බැලුබැල්මට පෙනෙන්නට තිබේ . ලෙමන් පෆ් උපවාස, "වි කොන්ඩම් සුද්දන්ගෙ හෙලුව" වැනි  පුවරු රැගත් පෙලපාලි. හෙලුවෙන් සිටිමේ ආදීනව පිලිබඳ සම්‍යක් දෘශ්ටික දෙවි කෙනෙකුගෙන් ගත් උපදේශ ,හෙලුව වැසීමේ අදිශ්ටාන පූජා , 84,000හේ පහන් පූජා ,  සිවුර කරටගෙන පාරට බසිනා හාමුදුරුවරුන් ආගම්  බේද අතහැර එයට එකතුවෙන ලෙබ්බෙලා, ෆාදර්ලා, ස්වාමීලා ආදි දේශප්‍රේමී රැඟුම්  දැස් ඉදිරියෙ මැවී පෙනේ .

මෙවන් දෙයක් සැබවින්ම අරඹන්නේ නම් ඒ පිලිබඳ අවස්න් තීරණය ජනපතිතූමාගෙ වීම වැලැක්විය නොහැක . එනිසා මාගේ අවධානය මූලිකවම යොමු වන්නේ ඒ දෙසය .  තනි සිද්ධියක් ලෙස සැලකූ විට නිරුවත් තීරූවක ඇති  මහා වැදගත් කමක් නොමැති වුවත් එවැන්නකට ඉඩ දුනහොත් රට කැලැවට ඇදගෙන ග්‍රාම්‍ය මතවාදයන්ගේ දැවැන්ත පරාජයක් ලෙස එය සැලකිය හැකිය . එනිසා  කුමන විරොධතා මධ්‍යයේ හෝ අවසර දීමට ජනපතිවරයාට හැකියාවක් ලැබුනොත්  ඔහු තුල පවා සැලකිය යුතු මට්ටමේ චින්තන විප්ලවයක් ඇති වූවා යැයි සැලකිය හැකි නිසා බුවා ඒ වෙනුවෙන් පෙනී සීටීමටද සූදානම් ය . ජනපතිතුමනි දැන්වත් අන්තවාදයෙන් එලියට ඒමට ඔබතුමා කැමති නම් මේ ඊට හොඳම අවස්ථාවයි .  ඔබතුමා ඊට සුදානම් ශ්‍රි ලංකාව පාලම් හා පාරවල් වලින් පමණක් පිරුණු සංවර්ධනයකට එහා තැනකට අප රට  ගෙන යාමේ හැකියාවක් ඔබතුමාට ඇතැයි කියා විශ්වාසයක්ද ඇති කර ගත හැක .අප ඒ වෙනුවෙන් පෙනී සීටිමට වුවද සුදානම් එනිසාය .

 මේ තිරුව දැමු විට එහි හෙලුවෙන් සිටිනා සුද්දන් ට අමතරව එලිපිට නිරුවත් වීමට සිදුවෙනා පිරිසක්ද ඇත . ඒ අතර පිස්සු වැටුණු මහා චාරීන්, පිසා කන බටහිර/පාන්පිටි විරෝධීන් , ස්ත්‍රි හිංසනයේ යෙදෙනා දසසිල් උපාසකයින් , සත් මහල් ප්‍රාසාද තනන් චීවර ධාරීන් මෙන්ම බ්ලොග් කරුවන් පිරිසක්ද සිටී


ගැටලුව, මා මේ දකින්නෙ හිනයක් පමණක්මද ? 
------------------------------------------------------------------------------------------


ප.ලි  - අද දිවයින පුවත් පතට අනුව නම් ගෝඨාබය මහතා සංගාගේ දේශනය අගය කර ඇත(දක්වා ඇති හේතූන් අනුව ඔහු එසේ කිරීමේ පුදුමයක් නොමැත )  .එය ඇතැම් විටක මා දකිනා සිහිනය සැබැවීමක පෙරනිමිති විය හැක , නමුත් දේශපාලනික පසුබිම් මත නොසිට තීරණ ගන්නා ගෝඨාබය මහතාගේ තීරණත් තෙම්පරාදූ වූ දේශපාලකයෙකු වූ ජනපතිවරයාගේ තිරණත් අතර දැවැන්ත වෙනසක් තිබිමද සිදු විය හැක.එපමණක් නොව මෙවන් විප්ලව කාරි දෙයකදී ගෝඨාබය මහතා ගේ වුවත් ස්ථාවරය අනෙකක් වීමට ඉඩ ඇත 




Image From -Gossip9.com

Comments

  1. මේ පිළිබඳව පළවුනු Google Buzz post එකකට දැමූ ප්‍රතිචාරයම මෙතන පිටපත් කරන්නම්.

    If anyone need to be nude, who are we to question his right, as long as that behavior don't disturb the citizens?

    But yeah, this is not gonna happen in SL, because:

    1. Public will never want this to happen.
    2. The target tourists already have more nude beaches in countries where nudism is more welcome, so they simply won't come here just for that.

    ReplyDelete
  2. @budhjeewa -1) ඔව් ලංකාවේ ජනතාව කවදාවත් කැමති නැ , ඇත්තට අන්න මතවාදය වෙනස් වෙන්න ඕනි . එක පාරටම නිරුවත් වෙලර තීරය වගේ දෙයක් සැර වැඩි වුනත් ඔය වගේ . පටුමත වල ඉන්න ජනතාවක් ඉන්න කොට පාල්ම් බෝක්කු සංවර්ධනයට වඩා දෙයක් රටක සිද්ධ වෙන්නෙ නැ

    2)නිරුවත් වෙරලක ආශ්වාදය ගන්න විතරක්ම ලංකාව වගේ දුරකට එන එකක් නැ , හැබැයි මෙහෙට එන අයට ඕල් ඉන් වන් පැකේජයක් දෙන එක මේතන අරමුණ විය හැකියි . ඒක සංචාරක ආකර්ශනය ට හේතුවක් කියන එක බැහැර ක්‍රන්න බැ එ නිසා

    මට නම් වඩා වැදගත් මම විශ්වාස කරන මතවාදි වෙනස

    ReplyDelete
  3. @buwa: අවුල වෙලා තියෙන්නේ ලංකාවෙ මිනිස්සු තමංගෙ පෞද්ගලික මතිමතාන්තර පොදු පිළිගැනීම විය යුතුයි කියලා හිතලා ඒවා අන් අය මත බලෙන් පටවන්නට යෑමයි. හැම දෙනාම තුළ තියන මේ උවමනාව උත්ප්‍රේරණය වෙනවා ඒ මතිමතාන්තර දරණ අයට ඒවා ක්‍රියාවට යොදවන්න තරං සමාජයෙන් බලයක් ලැබිල තියෙනකොට.

    පෞද්ගලිකව මේ සංකල්පය අපිට හරියන්නෙ නැති උනු පළියට ඒවා තහනමට ලක් විය යුතු නැහැ.

    හැබැයි මම මෙහිදී දකින දෙය තමයි බිත්තියක් කඩන්න ඕන නං මෝටාර් එකක් ගහලා බිත්තියම කුඩුපට්ටං කරනවා වෙනුවට නියනයි මිටියයි ගත්ත නං හානිය අවම වෙන අයුරින් වැඩේ කරන්න තිබ්බා. මෝටාර් එකක් ගැහුවම බිත්තිය එක පාරින් කුඩු වෙලා යනව තමයි, හැබැයි ඒ බිත්තිය පිටිපස්සෙ ඉන්න මිනිස්සුන්ට බාහිර ආලෝකය දරාගන්න බැරුවයන්න පුළුවන්. නියනයි මිටියයි භාවිතා කලොත් හෙමිහිට, පිටිපස්සේ ඉන්න මිනිස්සු අලෝකයට හුරු කරවමින් යන්න පුළුවන්.

    හැබැයි ඉතිං අවුල තියෙන්නේ හෙමිහිට බිත්තියට නියන් පාර දෙන වාරයක් පාසාපිටිපස්සෙ මිනිස්සු තව තවත් බිත්තිය ඝනකම් කරගන්න එකයි.

    හැබැයි ඉතිං මේක එකපාරට සැර වැඩිද මන්දා.

    ReplyDelete
  4. නියන් පාරවල් එකක් ගහන කොට , අඟල් 5කින් බිත්තිය ගනකම් වෙනව සහෝ අන්න ඒක තමයි අවුල . මේක එකපාරටම සැර වැඩියි තමයි . ඒ වගේම කලුතරට වඩා හොඳ වෙරල තිර්යනුත් තියනව . ඒ වුනත් එක පාරටම බිත්තිය කුඩු කරලා දාන එකත් හොඳයි කියලයි මම හිතුවෙ ,ඒත් ඔබ කිව්ව අවධානම තියන බවත් මට පිලිගන්න වෙනව

    ReplyDelete
  5. උඹට හිතාගත්තැකිද පෙරමුණේ රාළලා, පොඩි ගමයලා, පද්දලා, නො-ෆ්‍රේම්ස්ලා ඔය තරම් නිරුවතට බය ඇයි කියලා? ඇඳුම් ගලවපු ගමන් මේ සෙට් එකටම සෙට් නෑ කියල පේනවා. ඒකයි ඔය බය.

    ReplyDelete
  6. මේක කෙරුන කියමු, එතකොට මිනිස්සු නිකං මැජික් එකකිං වගේ විවෘතව හිතන්න ගනී ද?

    මම නං හිතන්නෙ නෑ. අනික මිනිස්සු මේකට විරුද්ධව පෙළපාලි යන්න ගත්තම, විප‍ක්‍ෂේ තමංගෙ ඇත්ත මතේ මොකක් උනත් මිනිස්සු එක්ක පාරට බැස්සම, මේක ඊළඟපාර තමං ඡන්දෙං පරදින්න හේතුවක්ය කියල ආණ්ඩුව තේරුං ගත්තම ඕව නිකංම කැන්සල් වෙනවා.

    ReplyDelete
  7. @බුධා - අන්න ඒ නිසා තමයි මම කීවේ ජනපතිවරයා දේශපලනිකව හිතුවාම කරන්න තියන ඉඩ අඩුයි කියල , මිනිස්සු එක පාරටම එහෙම නොහිතුවත් එතන ආරම්ඹයක් ඇති වෙනව . තරුණ අයගෙත් ඔලුවට විෂ පුරවන බලවේග වල රෙදි ගැලවුනායින් පස්සෙ ඒ මත සමාජ ගත කරන්න පිරිසක් නැ . එතකොට තව දේවල් එකතු වෙන්න බාධාවකුත් නැ . කාලයක් යත්දි සමාජය විවෘත්ව හිතන බහුතරයක් ජනතාවක් ඉන්න තැනට පත්වෙයි . කොතනින් හරි පටන් ගැනමක් තියෙන්න එපායැ

    @ano - :D

    ReplyDelete
  8. මතවාදී වෙනසත්... විවෘත මනසින් සිතීමත් ගැන එකඟ වෙමි... නිරුවත් රැඟුම් එයට අදාල නැති බව මගේ හැඟීමයි... අපි ආකල්ප අතින් දැවැන්ත වෙනසකට ලක් විය යුතුයි. පටු රාමුවක සිර නොවී / අන්තවාදී නොවී සිද්ධියක දෙපැත්තමම දැකීමට තරම් විවෘත චින්තන රටාවක් අපට නැති කමේ පාඩුව දැඩිව දැනේ. බුද්ධජීව සහෝගේ අදහසට එකඟයි...

    ReplyDelete
  9. නිරුවත ගැන කියන නිසා මේ කමෙන්ට් එක මෙතැනටත් අදාළයි.

    නෝ-ෆ්‍රේම්ස් හෙවත් පද්දා හෙවත් මිගාර දොස්තර මහත්තැන් අළුත් සොයා ගැනීමක් කර තියෙනවා කොටි ත්‍රස්තවාදීන් යට ඇඳුම් අඳින්නෙ නෑ කියලා. මේක මිගාර දොස්තරතුමා කොටි ත්‍රස්තවාදීන් ගානකගේ කලිසම් ගලවලා සායවල් උස්සලා කළ සොයා ගැනීමක්ද නැත්නම් අර නලින් ද සිල්වා මහාචාරිය තුමාට වගේ නාථ දෙයියෝ කියපු දෙයක්ද පැහැදිළි නැහැ. විද්‍යාත්මක පරීක්ෂණයක් නම් හරි සාම්පලයක් අරගෙන සමීක්ෂණයක් කරලා තමයි මේ වගේ කාරණාවක් තහවුරු කර ගත හැක්කේ. නමුත් සිංහල බෞද්ධ දේශප්‍රේමීන්ට එවැන්නක් අවශ්‍ය නෑ, තමන්ගේ මතය තහවුරු කිරීමට. අපිට නම් හිතෙන්නේ යුද්ධෙට යනකොට කෙනෙක් උඩ ඇඳුම් නැතත් යට ඇඳුම් ගැන සැලකිලිමත්වේය කියලා මොකද කැලේ දුවන කොට, පොළොවේ බඩ ගාගෙන යන කොට කාරිය සංවේදී අවයව වලට හානි වෙන එක වලක්වා ගන්න. යට ඇඳුම් සාමාන්‍යයෙන් නාඳින්නේ ගෙදර ඉන්නකොටයි. අනේ මන්දා මේවා කියන්න ගිහිලා අපිත් සංගා වගේ දේශ ද්‍රෝහීන් වෙයිද කියලා.

    ReplyDelete
  10. @චතුරංග පෙරේරා | chathuranga Perera - නිරුවත් රැඟුමක් කියන එක මෙතනට අදාල නැනේ, එහෙම ඒවා තියෙන්නෙ චිත්‍ර පටිවල සහ කල්බ් ආදියේ නේ . මේක වෙනින් කථාවක් .මතවාදී වෙනස කියල මම අදහස් කරන දේට නම් ලිංගිකත්වය සම්බන්ධ කාරණාත් අඩංගුයි

    @ano- ඒ අය කොහොමත් චැනල් 4 වැරදියි සහමුලින්ම කියන තැන ඉඳන්නෙ කථා කරන්නේ .ඒ නිසා එක එක කතන්දර හදනවා . එක පැත්තක් ගැන විතරයි දකින්නේ . ඔබ කිව්ව කාර්නෙත් එහෙම නොදැකපු එක පැත්තක් හැබැයි ඒ අය යෝජනා කරන දේවත් , ඒ අයම කඩේ යන රජය කරන්න සූදානම් නැති එකයි අවුල

    ReplyDelete
  11. ඔය තීරණය ක්‍රියාත්මක නොවන බවට මෙන්න කැට.. ඔවැනි දේ ලංකාවේ ක්‍රියාත්මක වේ යයි සිහින දකින්නේ දේශපාලන අවබෝදයක් නොමැති මනෝ ලෝක වල සැරි සරණ ගංජා කාරයන් පමණි..

    -මොතා

    ReplyDelete
  12. මේකත් අර කොට සාය තහනම වගේ ඊ නිවුස් hoax එකක් ද කියල කවුද දන්නෙ?

    ReplyDelete
  13. @ Ano - පුලස්තිගෙ ගද හිටු කියල පැතිරේ

    ReplyDelete
  14. Ano(July 11, 2011 12:05 PM) - මේක ඊ නිවුස් එක නෙවෙයි c නිවුසියත් කියනවනෙ

    Ano(July 11, 2011 12:05 PM) -තමන් අදහස් කරන ඇනෝව දිනය හා වෙලාව සහිතව නම් කලා නම් කිව්වෙ කාටද කියල හොඳට පැහැදිලිවෙයි

    @මොතා - මම කිඅයල නැනෙ සිද්ධ වෙනවා කියල මම කියන්නෙ උනොත් හොඳා කියල , ඒ නිසා වෙන ගංජා කාරයෙක් එක්ක ඔට්ටුව අල්ල ගන්න

    ReplyDelete
  15. ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සදහා තව කොතරම් දේ කිරීමට තිබේද යන්න විමසිය යුතුය.වනෝද්‍යාන සහ පැරණි නටබුන් ආදිය ප්‍රධාන කරගෙන සංචාරක ව්‍යාපාරය දියුණු කලයුතුය.හෙළුවැලි වෙරළ සංකල්පය දැන් යල්පැන ගොස් ඇත.

    ReplyDelete
  16. අන්තිම ඇනෝට,
    නටඹුං, කැලෑ බලන්න එන එවුනුත් ඉන්නවා. ඊට වඩා වෙනස් දේවල් වලටත් එන සංචාරකයන් ඉන්නවා.
    පෙට්ටි කඩේ දියුණු වෙන්න ඕනිනම් ඉල්ලන දේවල් ඔක්කොම තියෙන්න ඕනි. නැත්නම් උන් සුපර් මාර්කට් වලට යයි.

    ReplyDelete
  17. බුවා සමා වෙන්න. මේක කිවුවේ July 11, 2011 8:04 AM ඇනෝට සහ July 11, 2011 9:55 AM යන ඇනෝලාට.

    ReplyDelete
  18. මම නම් දකින්නෙ බලහත්කාරයෙන් ඇතිකරන සමාජ වෙනස් කම් තාවකාලිකයි, එහෙමත් නැත්නම් භයානකයි.

    හතරවටෙන් බිත්ති බැඳපු ගෙදර බාත් රූම් එකේ තමන් නාන්නෙ හෙළුවෙන් කියල හරි සරමක් ඇඳන් ලි‍ඳෙන් නාන කොට සරමෙම සුළුදිය පහකරනව කියල පිළිගන්න අකමැති මිනිස්සු තාමත් ඉන්න රටේ මෙහෙම දෙයක් විනාශකාරී නොවෙන විදියට ක්‍රියාත්මක කරන්න අමාරුයි.

    හැබැයි ඔය ශුද්ධවන්තයො හැමෝටම තම තමන්ට පෞද්ගලික නිරුවත් වෙරළ කලාප වෙන්කරල දෙනව කිව්වොත් එක පයින් කැමති වෙයි. ඒත් සාමූහික ක්‍රියාවකට කිසිම ඉඩක් නෑ මෑතකනම්. දැන් මේ ක්‍රමක්‍රමයෙන් සිද්ධවෙන වෙනස් කම් ඒ ප්‍රවේගයෙන්ම පැවතුනොත් නේකඩ් බීච් ගැන යම් බලාපොරොත්තුවක් ඇතිකරගන්න පුළුවන්.

    දැනට නම් එහෙම කොච්චර කතා තිබුනත් අන්තිමට මහින්ද මහා ජන සන්නිපාතයක් කැඳවල කියයි "ලංකාවෙ සංකෘතිය විනාශ කිරීමේ කුමන්ත්‍රනයක් වෙච්ච නිරුවත් වෙරළ කළාප, රටේ දරුවන්ගේ අභිවෘද්ධිය තකා අහෝසි කරල දැම්මා" කියල. ඊට පස්සෙ මිනිස්සු හුරේ කියයි.

    ReplyDelete
  19. @ra - ela

    @nawam - අන්තිමට මහින්ද මහා ජන සන්නිපාතයක් කැඳවල කියයි "ලංකාවෙ සංකෘතිය විනාශ කිරීමේ කුමන්ත්‍රනයක් වෙච්ච නිරුවත් වෙරළ කළාප, රටේ දරුවන්ගේ අභිවෘද්ධිය තකා අහෝසි කරල දැම්මා" කියල. ඊට පස්සෙ මිනිස්සු හුරේ කියයි

    එහෙම තමා වෙන්නෙ සාමාන්‍යයෙන් මෙතනත් ඊට වෙනස් වෙන එකක් නැහැ

    ReplyDelete
  20. නිරුවත්ව මුහුදු වෙරලේ ඉන්න එක ගැන කිව්වම තමයි මතක් උනේ. කාලයකට ඉහතදී හික්කඩුව නිරුවත් බීච් පාර්ටි එකක් ගැන අහන්නත් ලැබුනා. වෙලාවකට හිතෙනවා මේක ධර්මද්වීපයද කියලා !!!!

    ReplyDelete
  21. බුවා, පොඩි යෝජනාව, ඕක යාපනේ කරෙයිනගර් වල දාමුද?

    ReplyDelete
  22. @මිගාර- ස්ථානය තීර්ණය යුත්තේ අදාල වෙරල තීරයේ ස්වාභාය අනුව හා සංචාරකයින්ගේ පැමිණීම අනුවය . මා ඔය කියන යාපනයේ වෙරල තීරය පිලි බඳව හෝ කලුතර වෙරල තීරය පිලිබඳ දන්නේ නැත එනිසා . ස්ථානය කුමක් වුවත් මා හට එතරම් ගැටලුවක් නැත . ඔබතුමා ජාතිකත්වය/සංස්කෘතික පරිසරය අනුව ස්ථානය යෝජනා කරනවා නම් ඒ ගැනද යමක් කිව යුතුය .

    කලුතර වෙරල තීරය තෝරා ගැනීමේදී කලුතර බෝධිය පෙනන මානයේ බිම් කඩක් තෝරා ගැනීම අනුචිත වන්නාසේම හින්දු කෝවිලක් ඇති නම් එය ආශිත්‍ර බිම් කඩක් තෝරා ගැනීමද අනුචිතය . එවන් බලපැමක් නොමැති ස්ථානයක් ඉතා පහසුවෙන් සොයා ගත හැකි බව පැහැදිලිය (දිවයිනේ ඕනැම ප්‍රදේශයකින් , අර මුලින්ම කියූ සාධක දෙකට අනුකුලව )

    මෙහිදී මා වැද්ගත් කොට සලකනුයේ නිරුවත් වෙරල තිරය යන හුදකලා සිද්ධිය නොව , ඇතිවන චින්තන විපර්යාසය බැව් කිව යුතුය

    ReplyDelete
  23. ඔබ මෙහිදී වැදගත් ලෙස සලකන්නේ සංකල්පය නම්, මෙන්න මගේ ආචාරය පිළිගන්න. එනමුත් බොහෝ මධ්‍යස්ථ ලෙස පෙන්වන ඊනියා අතිමනුෂවාදීන් කලුතර නිරුවත් වෙරළ තීරයකට අඬු පඬු හතරම උස්සා සහය දැක්වූවත්, එය යාපනයට ගෙන යනවා කී විට දෙමළ ජනයාගේ සංස්කෘතිය ගැන කඳුළු සැලීමට පටන් ගනී. මුට්ටිය දමා බැලුවේ කුඩු වෙනවාද කියායි!

    ReplyDelete
  24. buwaගේ forward defense පහර බලන්නට ලස්සනය. හයේ පහරකට පසු ආරක්‍ෂාකාරී පහරක් දෙකක් නිවිසැනසිල්ලේ ගසන මැච් එකකට රසවත්ය. ;)

    ReplyDelete
  25. @budha - එහෙම නැතුව බැනේ , අවුට් නොවී වැඩේ ගෙනියන්න ඕනි නම්

    ReplyDelete
  26. බුවා - සින්ඩි ඕනෙ, ඒත් සින්ඩියට ඕනෙ විදියට අපි නටයිද බං. කාටවත් කාගෙවත් සිතුවිලි පාලනය කරන්න කිසිම අයිතියක් ඇත්තෙ නෑ නෙ. උන්ට කුදගහගන්න කියල කියන්න තියනදේ ඒ විදියටම ලියන්න. කියවන්න මිනිස්සු ඉන්නව. උඹේ කොන්දට මගේ උපහාරය !

    ReplyDelete
  27. අපි දෙන්න මරාගත්ත පොස්ට් එක. කලින් ඇවිල්ල කියවල ගියාට කොමෙන්ටුවක් දාන්න උනේ නෑ.

    "මෙහිදී මා වැද්ගත් කොට සලකනුයේ නිරුවත් වෙරල තිරය යන හුදකලා සිද්ධිය නොව , ඇතිවන චින්තන විපර්යාසය බැව් කිව යුතුය" මේ "චින්තන විපර්යාසය" මතයට මම එකගයි.. "චින්තන විපර්යාසය" කියල 100% චින්තන විපර්යාසයක් වෙන්න දෙන්න බෑ. ඒකෙ යම් සීමාවක් තිබිය යුතුයි.

    මොනවා උනත් ලංකාව ඇතුලත "නිරුවත් වෙරල" කියන හුදෙකලා සිද්ධියට මම මට කරන්න පුළුවන් උපරිමයෙන් විරුද්ධත්වය දක්කනවා. මේක ළිදක ඉන්න ගෙම්බෙක් වගේ අදහසක් එන්න පුළුවන්, නමුත් මේ සම්බන්දයෙන් මම ළිදක ඉන්න ගෙම්බෙක් වෙන්න ලෑස්තියි..

    ReplyDelete
  28. හරි උඹ විරුද්ධ වෙයන්කො ,....මම නම් සපෝට්(මෙහෙම එකකදි විතරනේ මට දේශප්‍රේමියෙක් වෙන්න ලැබෙන්නෙ )

    කොහොමටත් බය වෙන්න එපා ...ඔය කිව්වට ඕවා කෙරෙන්නේ නැ . අන්තිමට මහ තැනම මැදිහත්වෙලා වැඩේ නතර කරල ලකුණු ටිකකුත් දාගනියි

    ReplyDelete
  29. ඕක කරන එකේ වැරැද්දක් නැහැ, කරන විදියට කරනවා නම් .....

    ඔය දේ ඇත්තටම සමාජයට හානියක් නොවන විදියට, විදේශ විනිමය ලැබෙන විදියට කරන්න පුලුවන් .....

    ඒ කියන්නෙ යම් කිසි නීති මාලාවක් තුල ඉඳගෙන කරනවා නං ගැටලුවක් වෙන එකක් නැහැ .......

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව