Skip to main content

ලංකා සී නිවුස් බයවෙලාද???

ශ්‍රි ලාංකීය දේශප්‍රේමී ජනයා අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති ලංකා සී නිවුස් අඩවිය එහි ඵලවන රසවත් ප්‍රතිචාර නිසා වඩාත් ජනප්‍රියය . අහෝ ඛේදයකි !! ලංකා සී නිවුස් දැන් ඇතැම් ලිපි වලට ප්‍රතිචාර ඵ්ල කිරීම අත්හිටුවා ඇත . ගරු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශයක් පිලිබඳ සටහන් කර ඇති මෙම ලිපියට    2011 ඔක්තෝබර 25 දින උදැසන 10 42 වන තෙක්ම ප්‍රතිචාර පල කිරීමේ අවස්ථාවන් ලබා දී නැත . (පහත පලවන රූපයෙන් එම වෙබ් පිටුව එසේ ප්‍රතිචාර වාරණය කර ඇති ආකාරයත් , දෙවන රූපයෙන් , එම වෙබ් අඩවියේ ප්‍රතිචාර පල කල  හැකි එහෙත් ප්‍රතිචාර කිසිවක් මෙතෙක් සටහන් නොවූ  පිටුවක  රුපයකුත් දැක්වේ ) . තම පාඨකයින්ගේ නිදහස් අවංක හැඟීම් එලෙසින්ම සටහන් කිරීමට කවදත් ඉඩ ලබා දුන් සී නිවුස් කතෘ තුමනි ,මේසේ පාඨකයින්ගේ "ප්‍රතිචාර ඵ්ල කිරීමේ අයිතියට" වැට බඳින්නේ . ඔබතුමා බයවෙලා ද?බයකරලාද?



Comments

  1. කවුද කැමතිවෙන්නේ lankaenews වලට වෙච්ච සංතෑසිය තමන්ගේ සයිට් එකටත් වෙනවට :D

    ReplyDelete
  2. ලංකාcනිවුස් කියන්නේ වෙනත් වෙබ් අඩ්විවල පලවන ලිපි දාන 2.50 සයිට් එකක්...

    ReplyDelete
  3. "තම පාඨකයින්ගේ නිදහස් අවංක හැඟීම්"

    එනම් වංක ලෙස පච හැලීම් සහ බොරු විදීම්

    ReplyDelete
  4. පව් අප්පා මල් වංශයා.

    ReplyDelete
  5. අනේ බං මම සී නිව්ස් වලට යන්නෙ සින්ඩියෙ විහිළු කතා අඩු දවසට, ඒකෙ තියන කොමෙන්ටු බලල ආතල් එකක් ගන්න. දැං ඒ ආතල් එකටත් කෙලලද?

    ReplyDelete
  6. ඒ දෙකම නෙමෙයි උඹ වගේ නැහැදිච්ච උන් දාබ කොමෙන්ට්ස් නිසා. ඌ බෑන් කීන් චූන් ටත් ගේම ඉල්ලන පොර...

    ReplyDelete
  7. මාත් ඔය නිවුස් එක බැලුවා. ඔය පහලින් තියෙන හේතුව තමයි ලොක්කා දාල තියෙන්නේ.
    (අති විශාල පාඨක ප‍්‍රතිචාර ප‍්‍රමණයක් ලැබෙමින් පවතින බැවින් පාඨක ප‍්‍රතිචාර දැක්වීම අත්හිටවූ බව කරුණාවෙන් සලකන්න)

    ReplyDelete
  8. සිරාවට මචන් මමත් ඔය ලිපිය කියෙව්වා පස්සේ මොනවා හරි ලියන්න බලද්දි යකෝ කොමෙන්ට් දාන්න විදියක් නෑනේ.ඔය උඩින් දාලා තියන ලිපියේ කියලා තියන කතාවනම් වෑඩක් නෑ,ඕකට මොනවත් කියනවට වඩා හොදයි පු* පොලොවේ ගහන් මෑරෙනවා,අපි ජීවත් වෙන්නේ මේවගේ රටකනේ ඉතින්,

    ReplyDelete
  9. මෙහෙම ගියොත් ළඟදීම පචවංශලා පවා ළඟදීම නන්නත්තාර වෙනවා... හත් දෙවියනේ මහින්ද අයියා මොකෝ මේ කුඩ්ඩොත් එක්ක කරන්නේ..

    ReplyDelete
  10. අඩේ මාර සීන් එකනෙ, එතකොට පාඨක ප්‍රතිචාර වැඩි ලිපි වලට කමෙන්ට් වානා .......

    ReplyDelete
  11. සී නිවුස් කියන සයිට් එකට එබිකම් කරලම නැහැ මං, ගිහින් බලන්න ඕනෙ

    ReplyDelete
  12. ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වීම ගැන බොහොම කණගාටුයි !

    ප්‍රතිචාර දක්වපු සියලු දෙනාටම බොහොම ස්තුතියි

    ReplyDelete
  13. nathuwa nathuwa....

    mage kathava

    ReplyDelete
  14. C news wala thiyenne WANSA NEWS pamani. Dan comment karanneth e golloma withari

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය වශයෙන් සිටිනා