Skip to main content

පොදු රාජ්‍ය මණ්ඩලයේ ඉන්න ගම රාලයි ගම මහගෙවයි දැක්කද ?


ඔය උඩින් තියන  පොටෝ රාජයා මොකක්ද කියල දන්නවා ඇතිනේ . අපේ මහරජතුමා , එංගලන්තේ මහ රැජිණිව මුණ ගැසීම ( රාජකීය හමුවක්  ) . ඔය ෆෝටේ එකත් "ෆොටෝ සාප්පු" වික්‍රමයක්ය කියල කියනව , අනේ මන්ද මම නම් ඔය දේශද්‍රෝහි කථා කියන්න යන්නේ නැ .(මෙතනින් ගිහින් කැමති කෙනෙකුට ඒ කථාව බලාගන්න පුලුවන් . )

මම අවධානය යොමු කරන්නෙ ඔය ෆෝටෝ එකේ අපේ ජනාධිපති තුමාටත් ආර්යාවටත් පිටිපස්සෙන් ඉන්න රාජ්‍ය නායක කපල් එක ගැන . ඔය කැතට ඊතල දෙකක් ඇඳල තියෙන්නෙ ඒ දෙන්නට .


මොකද හිතෙන්නෙ  ලංකාවේ කපු මහත්තයෙකුයි නෝනා මහත්තයයි වගේ නේද . එහෙමත් නැත්නම් ගමරාලයි ගමමහගෙයි වගේ කියලත් කියන්න පුලුවන් නේද ?

මට නම් පේන්නේ ඒ විදිහට තමයි . ලංකාවේ ග්‍රාමීය ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසිලා ඉන්න මේ ඩබල මොන රටේ  අයද කියල කවුරු හරි කෙනෙක් දන්නවද  ?

Comments

  1. කෝට් එක නැත්තං ප්‍රේමෙයි හේමයි වගේ...

    ReplyDelete
  2. @මාතලන් - ඔව්නේ , හැබැයි ප්‍රේමයට නම් ගමරාල කියන්න බැරිවෙයි , හේනේමාම කියල තමයි කියන්න වෙන්නේ (....ජ්ජා වසලෝ හෝතී වුනාට ප්‍රේමයගේ නම් ක්‍රියාවත් වසලයි නේ )

    ReplyDelete
  3. බොලේ දැන්නේ දැක්කෙ. ඒත් අත දෙන්න ඇති නේද? කොහොම වෙතත් ඔය ජෝඩුව අප්‍රිකා රටක වෙන්න ඇති නේද?

    ReplyDelete
  4. ඒ ඩබල ගැන නම් මුකුත් දන්නේ නැහැ. පේන විදිහට නම් ඇෆ්‍රිකන් ද මන්දා...
    කොහොමවුණත් මොනවහරි හම්බවුණොත් කියන්නම්.

    ReplyDelete
  5. ඒකනේ කියන්නේ මෙයා .... බලන්නකෝ අපේ මහා රැජින හම්බෙන්න යනකොටවත් මුන්ට සීලාචාර විදිහට කලිසමක් ගවුමක් ඇදගෙන යන්න බැරි හැටි .... බුවාට විතරි තේරුනේ .... අනේ නොදකින්

    ReplyDelete
  6. අප්‍රිකාවෙ වගේ.

    ReplyDelete
  7. @මහ වෙදනා . රාජ් , උදාර - අප්‍රිකානු සම්භවයක් තමයි . ඒක තමයි මටත් පුදුම . අපිට වඩා සැහෙන්න ඇත , වෙනස් වටපිටාවක රාජ්‍ය නායකයෙක් අපිට සමාන ඇඳුමක් ඇඳගෙන ඉන්න එක

    @ඇනෝ - අනේ නැ ම්හත්තයෝ මම කව්ද එහෙම කියන්න , කෙනෙක්ගෙ ජාතික ඇඳුම ඇඳගෙන ඉන්න එක එයාගෙ පරම අයිතිය , අපේ ජනාධිපති තුමා , ඉන්දියාවේ අගමැති තුමා වගේ අයත් අඳින්නෙ එහෙමනේ . මට කුතුහලයක් ඇති වුනා මේ අප්‍රිකානු සම්බවය තියන මනුස්සයෙක් අපේ රටට සමාන ඇඳුමක් ඇඳෙග්න ඉන්නේ ඇයි කියල , එච්චරයි

    ReplyDelete
  8. මටත් හිතෙන්නෙ ඒ අප්‍රිකානු රටක කෙනෙක් කියලා...( පෙනුම නිසා ) ඇඳන් ඉන්නේ නම් අරාබි ජාතිකයින් අදින් ගවුම වගේ එකකට කෝට් එකක් දාලනෙ.... ගෑණු කෙනෙත් ඔසරියකට සමාන උනත් ඒකත් ගවුමක්....

    ReplyDelete
  9. මෙහේ (ඩුබායි) වල ගොඩක් අප්‍රිකානු ජාතිකයෝ ඉන්න නිසා මම දැකලා තියෙනවා එයාලගේ ඇඳුම් ගොඩක් ඔය වගේ හරිම කලර්ෆුල්.

    පිරිමි අය නම් එක එක පාට වල දිග බාච්චු ගවුම ඇඳන් ඉන්නවා . .

    සමහර උන් ඔය වගේ කෝට් දාගෙන ඉන්නවත් දැකලා තියෙනවා . .

    ඒක ඒ අයගේ ජාතික ඇඳුම වෙන්න ඕන . .

    හැබැයි බංගලිකාරයෝ (බංග්ලාදේශ්) උන් නම් ෆුල් සූට් ගහලා සෙරෙප්පු දාගෙන එහෙම යනව දකින්න ලැබෙන එක මෙහේ නිතර දකින්න ලැබෙන එකක් . .

    ReplyDelete
  10. හිහ්.... එල ෆොටෝ එක...

    ReplyDelete
  11. සරම / වේට්ටිය / ධෝතිය මැඩගස්කරයේ සිට බුරුමය දක්වා අදින ඇදුමකි. ඇත්තෙන්ම එය ලෝකයේ ජනයාගෙන් 5%-10% ක ඇදුම ද වේ.

    ReplyDelete
  12. [ඔය ෆෝටේ එකත් "ෆොටෝ සාප්පු" වික්‍රමයක්ය කියල කියනව]

    ඊ නිවුස් කියන නිසා ඇත්තම වෙන්න ඕන. ඕකෙ වීඩියෝවත් ඔය විදියටම හොරට හදපු එකක්. රැජිණ එයිද මරාට අත දෙන්න?

    ReplyDelete
  13. @No Frames - බොහොම ස්තුතියි ඒ ඇඳුම් භාවිතාවේ ව්‍යාප්තිය ගැන දැනගෙන හිටියේ නැ ,

    ඊ නිවුසිය කියන්නේ පට්ට පල් බොරු... මම ඔය ලින්ක් එක දැම්මේ බලල හිනා වෙන්න

    ReplyDelete
  14. @@දුකා - එහෙමද ,මම නම් අප්‍රිකාන්වෙක් හැබැහින් දැකලා නැ මම හිතන්නෙ ජීවිත කාලෙටම

    @දිල් - දිල් කිව්වට පස්සෙ නිකන් ගවුමක් වගේ පේනව , ඉස්සෙල්ල නම් ඔසරියක් වගේමයි දැක්කේ

    ReplyDelete
  15. අප්‍රිකාවෙන් ආපු මිනී කන ගෝත්‍රිකයෝ හෙම නෙමේ නේද?

    ReplyDelete
  16. ඕක ෆොටෝෂොප් කරපු ඡායාරූපයක් තමයි. ඔරිගිනල් එක බලන්න CHOGM 2011 එකේ නිල වෙබ් අඩවියට යන්න මෙතනින් -

    http://www.chogm2011.org/Resources/Photo_Gallery/banquet-dinner-hosted-her-majesty-queen-pan-pacific-hotel-perth

    ගිහින් ඡායාරූප දෙක සසඳලා බලන්න. ඔබේ බ්ලොගයේ ඇති ඡායාරූපයේ වම්පස ඇති පිටුපස බිත්තියේ දුඹුරු පාට ටයිල් පේලිය දොර ලඟටම ඇති සැටි පේනවද? ඔරිගිනල් ඡායාරූපයේ එසේ නැහැ.

    අනික රැජිනට වම් පසින් සිටගෙන සිටින පො.රා.ම. මහලේකම් කමලේශ් ෂර්මා මහතා ඔබේ ඡායාරූපයේ ඉවත් කරලයි තියෙන්නේ. එතැන තියෙන ටයිල් සෙට් එක ඔබේ ඡායාරූපයේ තියෙන්නේ ඇදටයි. මම දී ඇති ලින්ක් එකෙන් ගිහින් අනිත් ඡායාරූපත් බලන්න. ඔබට එවිට වෙනස තේරෙයි.

    මේ ඡායාරූපය ඇත්තටම ෆොටොෂොප් කරන්න අවශ්‍යතාවක් නැහැ; නමුත් ජනාධිපතිතුමා වටා ඉන්න සට්ටැඹියන් කරන මෙවැනි ගොංවැඩ නිසා අවමානය එන්නේ ජනාධිපතිතුමාටයි.

    ReplyDelete
  17. @ano - ඔව් කාරණාව පැහැදිලියි , රැජිණට අතදීම මහා ලොකු වැඩක්ය කියල හිතන බුරුවො නිසා තමයි අවමානය . මොකද ඔතනට එන සැම රාජ්‍ය නායකයම රැජිනි පිලිගන්නවාය කියන එක මහා අමුතු දෙයක් නෙවෙයි . ඔය කාරණේ ජනාධිපති තුමත් දන්නව නෙව , ඔය තප්පුලන අයව මට්ටු කරන එකත් එතුමාටම තමයි භාර

    ReplyDelete
  18. මේකත් බලන්න, බුවාතුමනි ---

    http://www.flickr.com/photos/chogm2011/6290483511/in/set-72157628001591274

    ඔය නැතිවෙච්ච කමලේශ් ෂර්මා මහත්තයා ඔය ඉන්නේ යස අගේට!!!

    ReplyDelete
  19. දණ ගහල වැන්ද කියලයි අපිට ආරංචි!

    ReplyDelete
  20. ජනාධිපතිතුමාගෙ මාධ්‍ය නඩය කර ඇත්තේ ---

    http://www.flickr.com/photos/chogm2011/6290473229/in/set-72157628001591274

    ෆොටෝ එකෙන් මහ රැජිනියගේ සහ ෆිලිප් කුමරුගේ ඡායාරූප වෙන් කරගෙන, මෙන්න මේ

    http://www.flickr.com/photos/chogm2011/6290483511/in/set-72157628001591274/

    ඡායාරූපය සමග සම්බන්ධ කිරීමයි.

    ReplyDelete
  21. මේක නම් තනිකරම රැවටීමට හදාගත් පොටෝ එකක්. අර කිව්වා වගේ, පහේ පංතියේ ලමේකුත් දැන් දන්නවා පොටෝසාප්පුවේ වැඩ කිඩ දාන හැටි. මේ පොටෝ කාරයාට ඒකවත් හරියට කරගන්න බැරිවෙච්ච එකනෙව වැඩේ. ඉස්සර පත්තරේක තිබුන 'ගුරු ගෝල' තරඟයකට හොඳ පොටෝ එකක්.

    ReplyDelete
  22. original photo සේරගෙම කාර්පට් එකේ ඉරි රටා සමාන්තරයි.ඒත් ඉහත ඡායාරූපයේ රැජිණගේ සිට බිත්තිය සෙදට ඉරි ඇලයි.ඇයි ඒ?

    ReplyDelete
  23. අප්‍රිකානු රටක නායකයෙක් වෙන්න ඇති.. බුවාගේ කතාවනම් ඇත්ත..

    ReplyDelete
  24. හේන් ගොවිතන් කරන දෙන්නෙක් වගේ. මනුස්සයාගේ හම නම් අවුවටම පිච්චිලා වගේ. ඇත්තටම මේ දෙන්නා මොන රටේ දෑ

    ReplyDelete
  25. ඒ...මේ මොකක්ද මහින්ද මාමා කරලා තින්නේ.

    ෂුවර් එකට ඔය පොටො 1 හදලා තින්නේ ජනාධිපතිතුමාව අපහසුතාවයට පත්කරන්න.ඕක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න ඕන.මොකද ඔය වගේ දේවල් එංගලන්තේ කරත් ලංකාවෙනම් කරන්නේ නැ පුතේ..

    ReplyDelete
  26. @ඇනෝ - කමලේශි උන්නැහේ දිණමින නොබලන්නෙ හොඳ වෙලාවට , නැත්නම් අපහාස නඩුවක් දාන්න ඉඩ තියනව

    @රැඩිකල් - අනේ මන්ද ඕයි ..

    @ඇනෝ - පැහැදිලි කිරීමට ස්තුතියි

    @කැන්ඩියන් , ජයශ්‍රි - බොහොම ස්තුතුයි ප්‍රතිචාරවලට

    @දිනේෂ් - බොහොම ස්තුතුයි

    @මධුරංග - හේනක් වත් කොටාගන්න බැරි තරම් කර්කෂ පැත්තක්ද දන්නෙ නැ

    @KC - ඔව් කුමන්ත්‍රණයක් විය හැකියි

    ReplyDelete
  27. @ALL - නෝ ෆ්‍රෙම් සහෝදරය , දුකා වගේ අයගේ පැහැදිලි කිරීම් එක්ක මගෙ මේ ගැන තිබුන කුතුහල ය සංසිදුනා , ඒ කියන්නේ අපේ ඇඳුම් වගේ එව්වා අදින අප්‍රිකානු ජ්නතාව ගැන මම කලින් දැන නොසීටීමේ කාරනය

    ඊලඟට ඔය ඡායාරූපය විකෘතු කිරීම කියන කාරනය (ඒක බොහොම පැහැදිලි ලෙස ඔප්පු වෙලා තියනව ) ගත්තාම , ඒක කරල තියෙන්නෙත් සිතින් ගමරාලට ත් එහා අන්ත තැනක ඉන්න කෙනෙක් බව කියන්න ඕනි , ජනාධිපතිතුමා බ්‍රිතාන්‍ය රැජිණියට අතට අත දීම කියන ඔය අවස්ථාවේ අනිවාරය කාරණයක් , සැකයක් නැ . නමුත් ඒකේ ඇති මහ ලොකු වැදගත් කමකුත් නැ , අදාල නියමිත් ඡායාරූපය නැත්නම් , දැනට තියන නියම ඡයාරූප නොදා , විකෘති ඡායාරූප හදන්නේ සුද්දට බැන්නත් සිතින් සුදු රැජිණිට අතට අත දීම මහා ලොකු කාරණයක් ය කියල හිතන වැඩවසම් සිතුවිලි තියන කෙනෙක් . මගේ ප්‍රශ්නය මේ වැඩෙ කලේ දිණමිනද ? ජනධිපති මාධ්‍ය ඒකකයද ?

    ReplyDelete
  28. ඔය කපු උන්නැහෙ ඇඳන් ඉන්නෙ "තෝබ්" කියන අරාබි අප්‍රිකාණු ඇඳුමට කෝට් එකක් දාල. ඕක සීතල කාලෙට කළු අරාබියො නිතර අඳිනව මෙහෙනං.

    ReplyDelete
  29. @ඉන්දික - ඒකනේ , මම දැනගෙන හිටියෙ නැනෙ අරාබි කාරයෝ කෝට් දානව කියල

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ ...

xxx xxxx මහතාගේ ඝාතනය පිලිබඳ දැක්වූ අදහස්

Mr .ලොකු තැන - ------------------------------------------{නිහැඬියාවක් පමණි } Mr . පැරකුම් - අපිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න වෙලා තියනවා . ලැටිමර් හවුස් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා , රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න කියලා අපි ******** ගේ රජයට කියනවා . ලබන සිංහල අවුරුද්ද වෙනකන් විතරයි  අපි කල් දෙන්නේ . ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත නොවුනොත් අපි මැයි මාසෙදි පාරට බැහැල 2014 දී ආණ්ඩුව ගෙදර යවනවා Mr. කලවැද්දා - අද රටේ නීතියක් නෑ , බල්ලො බලල්ලු වගේ මිනිස්සු මරනවා . මේක ඒකාධිපති පාලනයක් .සමහර බංකොලොත් දේශපාලන නායකයොත් මේ ඒකාධිපති පාලනයට කඩේ යනවා . එන්න මාත් එක්ක එකතු වෙලා මේවට විරුද්ධව සටන් කරන්න . ජයවේවා Mr.වෙනුර- ඕක තමයි මම කිව්වේ මාලු කඩේ කියලා .ඔය වැඩේ කරවපු  හොටු ගැමුණු උන්නැහේ මාලු කඩේ සමාජිකයෙක් . මාලු කඩවල උන් නෙවෙයිද ඔය වගේ ජරා වැඩ කරන්නේ Mr. බුරුවංශ - මේක තනිකරම බටහිර අධිරාජ්‍ය වාදි වලවේග වල කුමන්ත්‍රණයක් . යුද්ධෙන් පස්සේ අපි යන ගමන මේ අයට ඉවසගන්න බෑ මොකක් හරි බාල්දියක් පෙරලනවා . මාර්තුවල ජිනිවා සමුලුව ඉලක්ක කරගෙන කරන වැඩ මේවා . ලංකාවේ මන්ත්‍රි කෙනෙක...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...