Skip to main content

දිණමිනේ වාර්ථා කරණය සහ ඇමති තුමාගේ හිනා කථා

සිනහ වීම සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් කියා පිලිගැනීමක් තිබේ , එනිසා දෝ අප රටේ දේශපාලකයින් හා මාධ්‍ය ආයතන දිගින් දිගටම ජනතාවට විහිලු සපයමින් සිටිති . සැමුවෙල් , ඇනල්සි බර්ටි ගියාට පසු හිනා යන විහිලුවක් කල හැකි අයෙක් දක්නට ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන් නිසා රජය හා මාධ්‍ය විසින් එම වගකීම තමන් වෙත පවරාගෙන ඇත . මේ අද දිණමින පුවත් පතේ අන්තර්ජාල සංස්කරණයේ පලවී ඇති පුවතකි


පාලනයකින් තොර වෙබ් අඩවි රටේ කීර්තිනාමයට හානියක්
කිසිදු පාලනයකින් තොරව වෙබ් අඩවි ක්‍රියාත්මක විම තුළ ඒවායේ අසත්‍ය ප්‍රචාර හරහා රටේ කීර්තිනාමයට විශාල හානියක් සිදුවන බැවින් එම වෙබ් අඩවි පාලනය කිරීම කාලීන අවශ්‍යතාවක් බැව් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
විශේෂයෙන් ආචාරධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් එම වෙබ් අඩවි පසුගිය වකවානුව තුළ සිදු කළ ක්‍රියාවක් හේතුවෙන් රටේ කීර්තිනාමයට හානි රැසක් සිදුව ඇතැයි ද අමාත්‍යවරයා කීය. මෙලෙස වාහන ලබා ගෙන මේ කල්ලිය විසින් අලෙවි කැර ඇති බවට තොරතුරු අනාවරණය වේ.
එලෙස ලබා ගත් වාහනයක් මහනුවරදී අලෙවි කිරීමට සැලසුම් කැර තිබියදී මෙම ජාවාරම පිළිබඳ කරුණු හෙළිකැර ගැනීමට පොලිසියට හැකි වී ඇත.
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන් . බී. අඹන්වල, නියෝජ්‍ය පොලිස්පති නිහාල් සමරකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගුණරත්න බණ්ඩා, පොලිස් පරීක්‍ෂකවරුන් වන එම්. රෆයිතු, චින්තක බණ්ඩාර, එච්. ටී. සමරනායක, වසන්ත චන්ද්‍රසේකර යන නිලධාරීහු මෙහි පරීක්‍ෂණ පවත්වති.


අදාල පුවතේ කියවෙන්නේ අප රටේ මාධ්‍ය ඇමති වරයාගේ ප්‍රකාශයකි . ඔහුට අනුව අසත්‍ය පවසනා වෙබ් අඩවි ශ්‍රි ලංකාවේ කිර්ති නාමයට හානියකි එනිසා පාලනයක් අවැසිය . ලංකාවේ කිර්ති නාමයට හානි වන්නේ විදේස් රටවල මිනිසුන් එම වෙබ් අඩවි කියවීමේදීය , ලංකාවේ වෙබ් අඩවි පාලනය කලා කියා විදේස් රටවල මිනිසුන් ඒවා කියවීම වලකනු හැකිද ? පට්ට පල් බේගල් ඇදබාන ටැමිල් නෙට් ලංකාවේ තහනම් නොවේද ? ඔවුන් රටට එරෙහිව ගෙනිය ප්‍රචාරයන් විදෙස් රටවල මිනිසුන් නොකිය්වන්නේද ? රටේ කීර්ති නාමයට ඉන් හානියක් සිදු නොවේද ? අහෝ..... වෙබ් අඩවි පාලනය කරන්නට යන අප රටේ මාධ්‍ය ඇමති තුමාගෙ දැනුම් පරිචයේ තරම 


දිනමින කතුවරයා වෙබ් අඩවි පාලනය අනුමත කරමින් කතුවැකියක් පවා ලියා තිබුනා මතකය . එතුමා එහිදී කථා කරන්නෙ මාධ්‍ය සදාචාරය ගැනය . ඇමතිවරයාගේ ප්‍රකාශයේ ඉතිරිය වෙනුවට වාහන මංකොල්ලයක් ගැන සටහනක් දමා   රජයේ නිල ප්‍රකාශනයක් විහිලුවක් කිරීම මාධ්‍ය සදාචාරයට අයිතිද කියා නොසිතේද ? එජාපයේ විහිලු ගැන වෙනම සටහන් දමන ඔහුට , තමාගෙ පුවත් පතේ ඇති විහිලු නොපේනේද ? 




ඇමතිගේ ප්‍රකාශයත් , එය වාර්ථාකර ඇති දිනමින ලිපියත් දුටු විට කියන්නට ඇත්තේ එකම දෙයකි .





නොහොත් තදින් සිනා !!!!!



ප.ලි - තවත් දාර විහිලුවක් රජය විසින් කර ඇත , ඒ රජයේ ආයතන කෝටි ගනන් පාඩු ලබත්දි පුද්ගලික ආයතන රජයට පවරා ගැනීමයි . මෙය ගෙදර ගැනි පිට යත්දි අනුන්ගෙ ගැනුන් බලෙන්  ගැනීම වැනි වැඩක් බව පැහැදිලිය . පාඩු ලබන ආයතන හා ප්‍රමානයන් ගැන මා පෙර ලියූ මේ ලිපියේ සටහන්ව ඇත . අදාල පනත සාධාරණී කරනය කරන නෝෆ්‍රේම් 

"විදුලි බල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව, පොහොර සමාගම්, ශ්‍රි ලංකන් ගුවන් සමාගම, මිහින් ලංකා සමාගම යන ආයතන පාඩු ලබන්නේ ඇයිද යන්නයි. මේ සියළුම ආයතන මහජන සේවාවන් වෙයි. මෙයට ලංගම, සෞඛ්ය සේවය, අධ්‍යාපන සේවය හා දුම් රිය දෙපාර්තමේන්තුවද එකතු කළ හැකිය. මේ සියල්ලම මහජන සේවා වන බව ........... අමතක කරයි "

 යනුවෙන් සටහනක් දමා ඇත .  දේශපාකයින් විසින්ම නැති බංගස්ථාන කල විදුලිය , ලංගම පාඩු ලැබීම ඔය යටතට ගත්තත් , ලාභ ලැබිය හැකි ගුවන් සමාගම් , මාධ්‍ය ආයතන බැංකු ආදිය පාඩු ලබන්නේ ඇයිද කියා නෝ ෆ්‍රේම්ට පැහැදිලි කිරීමක් තිබේද ? අඩුම තරමේ නෝ ෆ්‍රේම් පවසනා පරිදි මේ සියලු සේවා ලාභ ලැබීමට නොව සේවයට කැපවූ ආයතන නම් පාඩු ලබන එක් ගුවන් සේවයක් වෙනුවට දෙකක් පවත්වාගෙන යන්නෙ මොන අටමංගල්ලයකට දැයි පැහැදිලි කල යුතුය . එසේ නොමැති නම් නෝෆ්‍රේමුත් රජයේ මිනිසුන් හිනැස්විමේ ව්‍යාපාරයේ කොටස් කරුවෙකු බැව් සිතා ගත හැක . මේ දිනමින එජාපයේ විහිලු ගැන ලියන සටහනේ අවසන් වාක්‍යයි 

"අසාර්ථක ව්‍යාපාර 37 ක් පවරාගෙන ඒවා මුල්‍යමය වශයෙන් දියුණු කළ විට අද කෑ ගහන බොහෝ දෙනාගේ කටවල් වැසී යනු ඇත" 

මේ වසරේ හොඳම විහිලුව නොවේ නම්  අනිවාර්යයෙන්ම දෙවැන්න නොවේද ?

Comments

  1. රජයේ ආයතන පුද්ගලික අංශයට විකුණන විට රජය පවසුවේ ඒවා පාඩු ලබන නිසා විකුණනවා කියා නෙවේද? අනෙක් කාරණය මේ පාඩු ලබනවා කියන ආයතන රජයට පවරා ගන්නේ ඒ පාඩුව බදු ගෙවන අපගේ ඇඟේ ගැහීමට නොවේ ද?

    ReplyDelete
  2. නියම කතාව ඕයි

    උඹේ කටට ආසනික් දාන්න වටිනවා :D


    කළු පූසා

    ReplyDelete
  3. ආයෙ කියන්ඩ දෙයක් නෑ, නෝ ෆ්‍රේම් ඇතුලු අටුවාවෙ කට්ටියත් ඒ කාලෙ ඉඳන්ම කරපු වැඩේනෙ ඕක. මං කියන්නෙ මේ විහිලු සැපයීම...

    ReplyDelete
  4. පාඩු ලබන ව්‍යාපාර පවර ගැනීම පනත කියා කීවාට මෙයින් පවර ගන්නේ ව්‍යාපාර වලට වඩා රජය විසින් දී ඇති ඉඩ කඩම් ආදිය ය. පවර ගන්නා ආයතන 37 න වැඩි ප්‍රමාණයක් දැනට වසර ගණනක සිට වසා දම තිබෙන ඒවා අතර බොහෝ විට මේවායේ දේපල රජය විසින් නැවත විකුණා දැමීම සිදු විය හැක (අඩු ගන්නේ එස වේවායි මම ප්‍රර්ථනා කරමි). විකුණා දැමීම හෝ තබා ගැනීම කෙසේ වෙතත් මේවයින් ක්‍රියාකාරී තත්වයේ ඇති ව්‍යාපාර (පාඩු ලැබීමට හෝ ලාභ ලැබීමට පවත්වා ගත යුත්තේ මේවාය) ඇත්තේ කිහිපයක් පමණි.
    සිනි කම්හල් දෙක ද යලි ප්‍රධාන නිෂ්පාදනය ලෙස සීනි නිපද වීමට පොරොන්දු වී විකුණා දැමීමද සිදු විය හැක. මෙසේ කියන්නේ රජය දැනටම පාඩු ලබන රජයේ ව්‍යාපාර කිහිපයක් (කඩදාසි වැනි) පෞද්ගලික අංශයට පැවරීමට අදහස් තිබෙන නිසාය. එසේම පාඩු නොලබන ශ්‍රී ලන්කන් කේටරින් වැනි ඒවාද public කිරීමට කතාබහක් ඇත (ශ්‍රී ලන්කන්, විදුලිය වැනි ඒවා ගැනද මේ කතා බහ තිබේ).
    අරලිය ගහ මන්දිරය එදිරිපස ඇති දැන් වඩා නැවතී මලකඩ කමින් ඇති බාගෙට හැදු බිල්දිමටද (සෙලින්කෝ) මේ සේතේම අත් වීමට ඉඩ ඇත.

    ReplyDelete
  5. මාධ්්ය ප්‍රකාශක තුමාට පට්ටපල් බේගල් ඇදබාන රාජ්්ය මාධ්ය අමතක වීම තමා පුදුමයට කරුන!තමුන් හැදෙන්නේ නැතුව අනිත් එකාට හැදෙන්නට කීම තමා නියම විහිලුව!

    ReplyDelete
  6. හා හා චමිල කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නේ.

    ඔන්න ලොම්බයි, නෝෆ්‍රේම්ස්නුයි කියන්නේ එකෙක් කියලා අද එළි වුනා. තව ටික දවසකින් ඔය චරිත දෙකම රඟපාපු අපේ *** මහත්තයාවත් අදුන ගන්න ලැබෙයි.

    ReplyDelete
  7. අරක්කු හදනවා.. සිනි හදන්නේ නැ කියලා සිනි සමාගම් පවර ගත්තට මං හිතන්නේ මුනුත් තොල කට ලෙවකන්නේ අරක්කුවල සල්ලි වලටම තමයි.

    ReplyDelete
  8. වෙබ් අඩවි බ්ලොක් කිරීම ගැන කෙටියෙන් කිව හැක්කේ "ගොන් පාර්ට්" එක ලෙස පමණි. හොදම වැඩේ, මෙය කරන අය වත් එතරම් උවමනාවකින් කරන බවක් නොපෙනීමය. උදාහරන ලෙස කියනවනම් ටෙල්කොම් බ්ලොක් ඒවා මොබිටෙල් වල බ්ලොක් නැති වීමය. proxy බ්ලොක් කර නැත. කවුරුන් හෝ පණ්ඩිතයෙක් මේවා සාර්ථකව බ්ලොක් කල හැකි යැයි අපේ මහතැන් වලට ලනුවක් දී තිබේ.

    ReplyDelete
  9. අපිට බය වෙන්න දෙයක් නැහැ. අපේ රටේදී කෙනෙක් කන්න නැතුව මැරුනත් හිනා වෙවී මැරෙන්න පුළුවන්. ඇයි අපිට තියන්නේ විහිළු විතරනේ. ඔය දිණමින කියන්නේ පත්තරයක්ද? මම හිතුවේ රැපින් පේපර් ජාතියක් කියලා. අනේ ඇත්තට අපි නොදන්න දේවල් තව කොච්චර ඇත්ද......

    ReplyDelete
  10. දිනමිණට හොඳ අලෙවියක් තියෙනවා කියන්නේ, රිටර්න් වෙන පත්තර ලොට්‌ කිලෝ ගානට හොඳට අලෙවි වෙනවා..

    ReplyDelete
  11. ඔය පත්තරේ නොමිළේ බෙදා හරින එකක්ද?
    වෙද මහත්තය කිව්ව වගේ බඩු ඔතන්න මිස කියවන්න, සල්ලි දීල ගන්න අය ඉන්නවද?

    ReplyDelete
  12. දිනමින කියන්නෙ ටොයිලට් පේපර් ජාතියක්. කාල කාල පාචනේ හැදුන දීල දීල පස්ස කබර හං උන උන්ගෙ පුක පිහදාන්න තමයි ගන්නෙ!

    ReplyDelete
  13. bere gedara paththara okkoma ehemai ena ena anduwata kade yana ewa ganne bath othanna witharai...

    ReplyDelete
  14. @රැඩිකල් - අනිවාර්යයෙන්ම අපේ ඇගේ ගහන්න තමයි නැතුව ගෙදරින් ගෙනාපුවයැ

    @කලු පූසා - හරි දාපන් ආසනික් ටිකක්

    @චමිල , මාලන් - විහිලු කාරයොත් ඉන්න එක හොඳයි නේ , නැත්නම් බොරිං නේ

    @මගේ කථාව - වෙන්න ඇති , නමුත් රජය රටට එහෙම කියන්නෙ නැනේ , කියන්නෙ රජයට අරගෙන ඒ ගොල්ලන් සංවර්ධනය කරනව කියන එකනේ , අනික සීනි සමාගම් වලට කියන්න පුලුවන්නේ ආයෙමත් සීනි හදපල්ලා මාස තුනක් කල් දෙනව දිගටම අරක්කු හැදුවොත් මාස තුනෙන් පස්සෙ අපි ගන්නව කියල , එහෙම නොකර දඩස් ගාල ගන්න එක වැරදියිනේ , බ්ලොක් කිරීම ගැන අදහසට එකඟ්යි

    @කේ.සී - නැතුව නැතුව

    @ඔබා , ඉඳුනිල් , ඉන්දික , මහ වෙදනා , ඇනෝ- මට නම් බඩු ඔතන්න ගන්නවත් හිතෙන්නෙ නැ , අර ඉන්දික කිව්ව දෙවෙනි වැඩේට නම් ශෝක් ... :D

    @

    ReplyDelete
  15. උඹේ එකත් ලියාපදිංචි කොර ගනින්.. නැත්නම් අන්තරහ්දාන වෙයි..

    ReplyDelete
  16. දිණමින කෑල්ලක ඔතල ජොයින්ට් චුට්ටක් ගහන්න. හිනා යනව වැඩියි.
    අත්දුටුවයි! සත්තයි! සහතිකයි!:D
    @මාතලන්
    බොටත් කියන්න තියෙන්නෙ ඔයටිකම තමයි.ලියපං තව කවි!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව