Skip to main content

ආලකමන්දාව - නව වසරේ වින්දනීය අලුත් වැඩක් (ඔබටත් දායක විය හැකියි )

සාමය සතුට සපිරි සුභ නව වසරක් වේවා කියල සියලුදෙනාටම සුභ පතන ගමන් අලුතින් අතගහපු වැඩක් ගැන කියන්නයි සුදානම . මේක විවිධාකරයේ බ්ලොග් ලියන /කියන ඕනැම කෙනෙකුට ගැලපෙන සහ දායක වෙන්න පුලුවන් වැඩක් . ඔව්.. අලුත් බ්ලොග් අඩවියක් තමයි .සිනමාව හා සංගීතය පමණක් විෂය වෙච්ච මේ බ්ලොග් අඩවියේ නම "ආලකමන්දාව " (මේ නම  කොයිතාක් දුරකට ගැලපෙනවාද කියල නම් දන්නේ නැ ) . පහුගිය සතියේ ලියපු 2011 වසරේ හිතගිය ගීත ලිපියත් එක්ක තමයි මේ අදහස මුලුන්ම හිතට එන්නේ . ඒ වගේම අපේ මාතලන් අය්යගේ අලුත් පින්තුර බ්ලොග් එකත් වෙනස් දෙයක් කලයුතුයි කියල හිතන්නට පෙලඹවීමක් කලා කිව්වොත් නිවැරදියි . සාමාන්‍යෙන් සිංහල බ්ලොග් අවකාශය තුල දකින්න  අඩු Blogger Dynamic Views   තමයි මේ බ්ලොග් එකට භාවිතා කලේ . බ්ලොග් අඩවියේ  තේමාවන් එක්ක  Dynamic Views වඩාත් හොඳින් ගැලපෙනව කියලයි මගේ කල්පනාව . දැනට Magazine View තේමාව එක විදිහට භාවිතා කරල තියනව . කැමති කෙනෙකුට කැමති අකාරයෙන් භාවිතා කරල බ්ලොග් අඩවිය කියවන්න , හැකියාව තියෙයි(sidebar view එක වඩාත් වේගවත් )  . පහල තියෙන්නෙ බ්ලොග් අඩවියට සබැඳිය , ගිහින්ම බලන්නකො




http://alakamandhawa.blogspot.com/






මොනවද ආලකමන්දාව බ්ලොග් එකේ තියෙන්නෙ?


ආලකමන්දාව  වෙන්වෙලා තියෙන්නෙ සිනමාව හා සංගීතය පිලිබඳ තොරතුරු වලට . ඉස්සරහට එන සිනමා නිර්මාණයක් , බලපු සිනමා නිර්මාණයක් හෝ රස විඳපු ගීතයක් වගේම කලාකරුවන්ගේ තොරතුරක්(අරය මෙයා එක්ක බුදිය ගත්ත වගේ ඕපදූප නෙවෙයි උපන්දිනයක් , විවාහයක් දරු උපතක් වගේ වැදගත් කාරණා  ) වුනත් ආලකමන්දාවට එකතු වෙන්න පුලුවන් . භාෂා  හෝ දේශ සීමා බේදයක් නැ . ලෝකේ ඕනිම රටක  , ඕනිම භාෂාවකින් කෙරුණු නිර්මාණයක් පිලිබඳ සටහනක් ආලකමන්දාවට එකතු  වෙන්න පුලුවන් . දැනට බොහොම සරලව "සාම්පල්" මට්ටමේ ලිපි කිහිපයක් පල කරල තියනව .  එක්ක බ්ලොග් අඩවියේ වැඩ කටයුතු සිද්ධ වෙන්නෙ කොහොමද කියල  බලාගැනීම වෙනුවෙන් . දැනට තියන ආකාරයේ කුඩා සටහන් වගේම විස්තරාත්මව ලියවුනු විචාරත් ඉදිරියෙදි දකින්න පුලුවන්


ඔබගේ දායකත්වය 



කලිනුත් කිව්වා වගේ මේකට ඕනි කෙනෙකුට දායක වෙන්න පුලුවන් . සිනමාව හා සංගීතය කියන්නෙ ඕනිම කෙනෙකුගේ  ජීවිත වල අංගයක් නිසා තමන් රසවිඳපු නිර්මානයක් ගැන හෝ ඉදිරියේදි රසවිඳින්න බලාපොරොත්තුවන නිර්මාණයක් ගැන සටහනක් ලියාල දායක වෙන්න හැකියාව තියනව .

 එතනදි ක්‍රම දෙකකට වැඩේ කරගන්න පුලුවන් ,
01) කතුවරත්වය ලබා ගැනීම - ඒ කියන්නේ ආලක්මන්දාව සමුහ බ්ලොග් අඩවියක් කරන්නට දායක වීම . කතුවරත්වය ගන්න කැමති කෙනෙකුට තියෙන්නෙ පහල තියන ඊ මෙල් ලිපිනයට ඊයක් දාන එක . ආරාධනාව ලැබෙයි . ඊට පස්සෙ තියෙන්නේ තමන් ගේ රසවින්ඳන අත්දැකීම් බෙදාහදාගන්න එක විතරයි

02) කතුවරත්වයක් ඕනි නැති , එත් ඉඳල හිටල  මොනව හරි ලියල එවන්න කෑමති කෙනෙකුට දීල තියන ඊ මෙල් ලිපිනයට ම ඒ ලිපි එවන්න පුලුවන් . එතනදි තමන්ගෙ බ්ලොග් අඩවියකට හෝ සමාජ ජාල ප්‍රොෆයිලකට ලින්ක් එකක් දාල තමන් කව්ද කියල පාඨකයින්ට කියන්න පුලුවන් වගේම එහෙම අකමැති නම් නිර්නාමිකව ලිපිය විතරක් පලකරන්නත් පුලුවන් (ඊමේලය එවන කොට් වෙන්න ඕනි කොහොමද කියල ලියල එව්වාම හරි )


සමහර පිස්සු පොරවල් කරන වැඩ නිසා ඊමෙල් ලිපිනයන්ගේ පුදගලිකත්වය ආරක්ෂාවේද කියල කෙනෙකුට බයක් තියෙන්න පුලුවන් . ඒ නිසා මම බොහොම වගකීමෙන් පොරොන්දු වෙනව . ඔබගේ ඊමෙල් ලිපින වෙනත් පාර්ශවයන් සතු කරන්නේ හෝ වෙනත් ප්‍රචාරක ඊමෙල් ආදිය එවන්නට යොදාගන්නේ නැතය කියල . දැනට බ්ලොග් ප්‍රමෝ බ්ලොග් එක වෙනුවෙන් ඊමෙල් එවපු අය ගේ  ඊමෙල් ලිපින වලට අදාල පිලිතුර හැරෙන්නට වෙනත් කිසිම ඊමෙල්යක් එවා නැති බවටත් , මේල් ලිස්ට් හදලා ස්පැම් කරල නැති බවටත්   ඒ ඊමෙල් එවාපු අය  සහතික වනවා ඇති

ඊමෙල් ලිපිනය  - buwa74@yahoo.com


(දැනට මගේ තියන ලිපිනයම භාවිතා කරනව , ගොඩ දෙනෙක් වැඩේට එකතු වෙනවා නම් මේකට අමතරව වෙනත් ආලකමන්දාව වෙනුවෙන් ම ඊමෙල් ලිපිනයකුත් සකසා ගන්න පුලුවන් නේ )

ආලකමන්දාවේ ප්‍රතිපත්ති 



රට කරවන /කරවන්න ඉල්ලන උන්ටත් ප්‍රතිපත්තියක් නැති එකේ අපිවත්  ප්‍රතිපත්තියකට අනුව වැඩ කරන්න එපායැ . සාමුහික බ්ලොග් එකකට සහ පාඨක ලිපි වලට ඉඩ හසර තියන නිසා  පහත ප්‍රතිපත්ති මාලාව අනුගමනය වෙනවා


01)තමා විසින් ලියන ලද දෙයක් වීම - ඒ කියන්නේ වෙන කෙනෙක් ලියපු දෙයක් කොපි කරලා නොදැමීම කියන එක . වෙනත් අඩවියකින් (සිංහල හෝ වෙනත් ) .යමක් උපුටා ගන්නවා නම් අදාල මුලාශ්‍රය සඳහන් වීම වඩාත් හොඳයි


02) නීති විරෝධී සබැඳි  භාවිතා නොවේ - බුද්ධිමය දේපල අයිතිය උල්ලංඝනය කරන වෙබ් අඩවියකට ලින්ක් එකක් දැමීමත් ඇත්තෙන්ම නීතියෙන් තහනම් . ඒ නිසා ඒවා ඕනි නැ . ඒවා ලබාදෙන බ්ලොග් අඩවි ඕනි තරම් තියනවනේ . අනික චිත්‍රපටියක් ගැන විස්තරය දැක්කාම ඒක බාගන්න අන්තර්ජාලය භාවිතා කරන අයට පුලුවන්නේ ,  ඒ නිසා ඒවා ඕනි නැ


03) නිදහස් අදහස් -  තමන්ට කැමති ඔනිම ආකාරයට ඕනිම දෙයක් ලියන්න පුලුවන් , බ්ලොග් එකේ විෂයට අදාලව . කිසිම ලිපියක් වෙනස් කරන්නේ හෝ පල නොකර සිටින්නේ නැ , විෂයට අදාලව ලියවෙනවා නම් . කුණුහරුප කියල සම්මත එව්වා ලියන්න අවශ්‍යතාවයක් ඇතිවුනොත් අකුරු පොඩ්ඩක් අඩු කරල දාන එකයි හොඳ. වැඩිහිටියන්ට වඩාත් සුදුසු දෙයෙක් ගැන ලියවෙනවා නම් ලිපියේ හෙඩිමට පොඩි අනතුරු ඇඟවීමක් එකතු කරන්න වෙයි


04) ලේබල භාවිතාවේදි පුලුවන් තරම් විශාල කැටගරි තෝරගන්න  - කලාකරුවන්ගේ නම් සටහන් කීරීමෙදි වඩාත් ප්‍රසිද්ධ තරු මට්ටමේ අයගේ විතරක් සටහන් කරමු . කොහොමටත්  අලුතෙන් ලේබල් හදන්න කලින් තියන ලේබල්ම යොදාගන්න බලන එක හොඳයි . ලේබල් නම් අවශ්‍යතාවයක් වුනොත් සංශෝධනය කරන්න වෙනව



05) ලියන අයට තියන අයිතියම පාඨකයින්ටත් - ලියන අයගේ නිදහසම කියවන අයටත් තියෙයි කියල මම විශ්වාස කරනව . ඒ නිසා සැම ලිපියකටම ඇනෝ කමෙන්ට් ආදිය විවෘතයි . අත්‍යාවශ්‍යම අවස්ථාවක හැර කමෙන්ට් මැකීමක් කෙරෙන්නෙත් නැ


06) ඕනි භාෂාවක් - ඕනි භාෂාවක් කිවට සිංහල ඉංග්‍රිසි සහ දෙමල තමයි . දෙමල භාෂාව දන්න කෙනෙක්ගේ සහය අවශ්‍යවෙයි දෙමල භාෂාවෙන් ලිපි ආවොත්


07) ඡායාරූප හා විඩියෝ - යූ ටියුබයෙන් විඩියෝ පල කරන්න වගේම තමන් කථා කරන නිර්මාණය ගැන ඡායාරූපයක් පලකරන්නත් කටයුතු කරනවා නම් , බ්ලොග් එකේ වගේම ලිපියෙක් අලංකාරවත් බව සුරැකේවි . ඡායාරූප ඉඩ ප්‍රමාණය සම්බන්ධ ගූගල් දෙය්යන්ගේ නීති රිති මෙතනින් ගිහින් බැලුව හැකි . දැන් නිති අලුත් වෙලා නිසා චිත්‍රපටි පොස්ටර් වගේ පුංචි  ඒවා  නොමිලේ දෙන ඉඩ ප්‍රමාණයට අමතරව ලැබෙන කොටසට අයත් වීම එක වාසියක් . ගුගල් + කට්ටියට මේ පහසු කම් තවත් වැඩියි . කෝකටත් කියල තමන්ගේ පිකාසා ගොනුවේ Storage  එක ගැන  අවධානයෙන් ඉන්න එක හොඳයි


08)එකම් දේ ගැන ලිපි -  සිනමා පටයක් හෝ ගීතයක් ගැන පුද්ගලයින් දෙන්නෙක් අදහස් සම්පූර්නයෙන් වෙනස් වෙන්න පුලුවන් , ඒ නිසා කලින් ලියවිලා තියන චිත්‍රපටියක් හෝ ගීතයක් ගැන   තමන්ගේ අදහස නැවතත් සටහන් කරන එක කිසිම ප්‍රශ්නයක් නැ


ඔන්න ඔය කාරණා තමයි දැනට සටහන් කරන්න තියෙන්නෙ



ඔබගේ දායකත්වය


ඕනැම අලුත් බ්ලොග් අඩවියකට අවශ්‍ය වන පරිදි ගොඩ දෙනෙක් අතරට ගෙන යාමට තමයි පාඨක ඔබගේ සහය බෙහෙවින් වැදගත් වෙන්නෙ . , ආලකමන්දාවේ ලිපි මුණුපොත ගුගල් + ආදියේ ශෙයා කරන්න , බ්ලොග් රෝලට දමා ගන්න  ආදි වශයෙන් සහය පලකරන්න පුලුවන් . අර උඩින්ම දාල තියන රූපය (ඒක  කැතද මන්දා ) එක්ක ආලකමන්දාවට ලින්ක් එකක් දෙන්න කැමති නම් පහල කෝඩ් එක භාවිතා කරන්නත් පුලුවන් . හැකි අයුරින් සහය  ලබා දෙන්නය කියල බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනව .







<a href="http://alakamandhawa.blogspot.com" ><img src="http://1.bp.blogspot.com/-JVFtlsOjO9s/Tv_myflyE5I/AAAAAAAAAaw/tMZ2uQ1c4O8/s1600/logo.png" alt="Alakamandhawa" title="Alakamandhawa" width="200" height="120" border="0" /></a>






කෝඩ් එක දැම්මාම එන රූපය (size 200*120px)






බ්ලොග් අඩවිය ප්‍රචාරය  කරන්න විතරක් නෙවෙයි , ඉඳල හිටල ඊමෙල් ලිපියකින් හරි දායක වෙන්නය කියලත් ඉල්ලා සිටින්න කැමතියි .


අවසන් ප්‍රශ්නය  ,  කාටවත් ආලකමන්දාවට ලිපි ලියන්න අවශ්‍යයි කියල හිතුනේ නැත්නම් ? .. එහෙම වුනත්  ආලකමන්දාව මගේ තනි උත්සාහයක් ලෙසින් හෝ පවතිවි / කොහොම වුනත් තමන්ගේ රසවිඳනයන්  බෙදා හදාගන්න කැමති කිහිප දෙනෙකු හෝ මේ වැඩේට එකතු වේය කියලයි මම විශ්වාස කරන්නේ
--------------------------------------------------------------------------------------------------------
ප.ලි - කාර්යබහුලත්වය නිසා පහුගිය කාලේ බ්ලොග් ප්‍රමෝවට ඉල්ලීක කරපු අලුත් බ්ලොග් අඩවි කිහිපයක් ගැන ලිවීම අතපසු වෙලා තියනව(හැකි ඉක්මනට ඒ වා සම්පූර්න කරනවා )  . ඒ ගැන කණගාටුව  පල කරන අතරම  අලුත් වැඩක් පටන් ගත්තාය කියල ඒක නවතින්නේ නැ කියන එකත්  සඳහන් කරන්න ඕනි




ප.ලි - අනුන්ගේ කලා නිර්මාන විතරක් නෙවෙයි , අනික් අයත් බෙදාගන්න කැමති තමන් කරපු ගීතයක් , විඩියෝ කැල්ලක් වගේ දෙයක් වුනත් එකතු කරන්න බැරි කමක් නැ .



Comments

  1. බලමුකෝ :)

    ReplyDelete
  2. පහුගිය දවස් ටිකේම මේ පැත්තේ එන්න බැරි වුණානේ. කනෙක්ෂන් එක ස්ලෝ වෙච්ච හින්ද බ්ලොග් එක ලෝඩ් වුණේ නැහැ. කොහොමවුණත් බුවා මේ අත ගහල නම් තියෙන්නේ වටින වැඩකටයි. ඉස්සරහට පුළුවන් සහයක් දෙන්නම්.

    ReplyDelete
  3. හොද වැඩක්. මේවගේ සාමූහික අඩවියක් තිබීම සංවාදයන්ට දොරගුළු හැරීමක්.

    ReplyDelete
  4. එතකොට සමහර නිර්මාණවල(ඩුප්ලිකේට් නිර්මාණ) ඔරිජිනල්ස් ගැන ලිපි දාන්නත් පුළුවන්ද?...

    ReplyDelete
  5. Gordonia ceylanica ,උදාර, - Thanks


    සාතන් - මොකෝ බැරි

    ReplyDelete
  6. හොඳ වැඩක් වගේ සම්බන්ද වෙන්න කැමතියි ඒ වගේම සුභ අලුත් අවුරුද්දක් පතනවා..!!

    ReplyDelete
  7. මටත් ඔය ටී.වී සිරිස් ගැන මොනවහරි ලියන්නම් කෝ.ඒ පැත්ත ඉතින් මාස්ටර් කරලනේ තියෙන්නේ.
    වැඩේ එළ.කට්ටිය හැමෝම එකතු වෙලා හොද සංවාදයක් කරගෙන යමු.

    ReplyDelete
  8. පුංචි කුමාරිහාමි බ්ලොග් එක එකතු කරන්න එවපු ඊය ලැබුන (ඒ වැඩේට පොඩි කාලයක් දෙන්න ) ඒකටම ආරාධනාව එවන්නද කතුවරයෙක් වෙන්න


    chamma - එල එල , ඊයක් දාපන්කො ආරාධනාවක් එවන්න

    ReplyDelete
  9. සුභ අලුත් අවුරුද්දක් වේවා.ආලකමන්දාවට අපිත් එනවා...

    ReplyDelete
  10. සුබ අළුත් අවුරුද්දක්.

    ආලකමන්දාවට ගිහිල්ලා බලලාම ආවා. හොද වැඩක්.....
    ජය!!!!!!!

    ReplyDelete
  11. නදීර - ලියන්නත් එකතු වෙමුකො

    කේසී - සුභ නව වසරක් ,බොහොම ස්තුතියි කැමති නැද්ද මොනව හරි ලියන්නත් එකතු වෙන්න

    ReplyDelete
  12. මගේ බ්ලොගේ
    ඇමිනුව රූපේ

    ReplyDelete
  13. මගේ බ්ලොගේ
    ඇමිනුව රූපේ

    ReplyDelete
  14. අදයි අප්පා මේ ලිපිය දැක්කේ... අළුත් වැඩේට සුභූ පතනවා බුවා සහෝ... ඒ වගේම කතුවර කමක් ගන්න මටත් ආසාවක් ආවා. සිතුවිලි පවුරටත් ගොඩවුනා මිස ලිපි නම් ලිව්වේ අතේ ඇඟිලි ගානට තමා... ආලකමන්දාව නැගලා යාවි කියලා හිතෙනවා. මගේ Profile Pic එක දිගේ G+ ඇවිත් මටත් ආරාධනාවක් එවන්නැයි කියලා ඉල්ලීමක් කොරන්න කැමතියි.

    තවත් පුංචි අදහසක් හිතේ තියෙනවා... ගාලු කථාන්දරේට පස්සේ ඒක කියන්නම්. හැකි නම් මට උඹේ නිතර භාවිතා වන Mail එකක් දීපන්...

    සුභ 2012 ක් සමග ඔබේ උත්සාහයට ජය !!!

    ReplyDelete
  15. @oba - Thanks

    Chathuranga- ගුගල්+ එකේ තියන අර රූමැගසින් ඊමෙලයටද එවන්න ඕනි ,ඔය දාල තියන ඊමෙල්යට ඊයක් දන්නකො චතුරංගගේ වැඩේටත් . දවසගානෙම ඒ ඊමෙලයත් බලනව .

    ReplyDelete
  16. අලුත් වැඩක් වුණත් විය යුතුව තිබුණු දෙයක්. පොත් ගැනත් මේකේ කතා කරන්න ඉඩක් වෙන් කරන්න අයියා

    ReplyDelete
  17. අවුලක් නැ ..මල්ලි , කැමති නම් පොත් ගැනත් ලියන්න සෙට් වෙන්න

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව