Skip to main content

ෆොන්සේකා අන්කල්ගේ නිදහස් වීමට අකමැති කස්ටිය


ෆොන්සේකා අන්කල් නිදහස් කරගැනීම ගැන මේ දිනවල ගොඩ දෙනෙක් කථාවෙනවාය . අපේ විපස්ස නායක අන්කල් ,අලස් අන්කල් , වෙන්ට විපස්ස නායක අය්යා පමණක් නොව වීරවංශ අන්කල්ද කථා කරන්නේ ෆොන්සෙකා අන්කල්ගේ නිදහස  ගැනය . නිදහස හම්බු වේද නැද්ද කියන්නට දන්නේ නැතත් ෆොන්සේකා අන්කල් නිදහස් වෙනවාට බය කට්ටියක් නම් පේන්නට තියනවාය මේ ලියන්නට යන්නේ ඒ ගැනය

ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ අපේ මහරජතුමා අන්කල්ය , කොටින්ම ෆොන්සේකා අන්කල් හිරේ ලගින්නේත් මහරජතුමා අන්කල් නිසාය . ඒක එහෙම නෙවේය වරදට දඬුවම් දෙන්නට ඕනැය කියා තර්ක කොරන්නට පුලුවන් වුනත් . මිනිමරුවන් ස්ත්‍රි දුෂකයින් එලියේ ඉත්දී  , පෙලක් එවුන්ගේ නඩු ඉල්ලා අස් කරගනිත්දී , ඒ තියා තොග පිටින් මිනි මැරු කොටි නායකයින් එලියේ ඉත්දී ෆොන්සේකා අන්කල් බැටරි කැලි වගයකට හා කට වැඩි වීමට (කට නම් කොහොමටත් පොඩ්ඩක් අප්සැට්ය ) හිරේ ලගින්නේ ඒකය . මුල් තත්වය එහෙම වුනත් දැන් නම් ෆොන්සේකා අන්කල් එලියේ සිටිනා තරමට මහරජතුමා අන්කල්ට වාසි බවකුත් පේන්නට ඇත . නමුත් තාමත් කල් මරමින් ඉන්නේ හිතේ චුට්ටං බයක්  හෝ තියෙන නිසා වෙන්නට බැරි නැත .කියන්නට බැරිය  , තත්පර දහයේ ක්ලිප් එකෙන් වැඩ පෙන්වන ෆොන්සේකා අන්කල් හතරගාතෙන් වැටී ඇති විපස්සයට පණ දී රජතුමා අන්කල්ට ගේමක් දීමටද බැරි නැත . එහෙම වුනොත් ඒක ඉතිහාසගත වන මට්ටමේ ඉල්ලං කැමක් වනවාය

ෆොන්සේකා අන්කල් එලියට  එනවාට ඊලඟට බයවෙන්නේ අපේ විපස්ස නායක අන්කල්ය . උන්නැහෙගේ නායකත්වය අම්බානක පීචං වෙලා තියෙත්දී ෆොන්සේකා අන්කල් එලියට එන එකෙන් වැඩේ තවත් කචල් වෙන්නට තියෙන ඉඩ කඩ වැඩිය . ෆොන්සේකා අන්කල්  යූඇන්පියට ගත්තොත් සජිත් අය්යා , කරු අන්කල්ට අමතරව තවත් පොරක් නායක පුටුවට ගේම දෙන්නට සෙට් වෙන්නට ඉඩ ඇත . විසිල් විතරයි වැඩ නැති සජිත් අය්යාටත් , පතෝල මොඩල් කරු අන්කල්ටත් වඩා හිටපු ආමි කමාන්ඩර් දරුණු වෙන්නටද පුලුවන්ය . අනෙක් අතට ෆොන්සෙකා අන්කල් යූ ඇන්පියට නොගත්තොත් උන්නැහේ "විකල්ප බලවේගයක්" හදනවාය(හදන්නට ඉඩ තිබෙනවාය  ) . විපස්ස නායක අන්කල්ගේ බොනපාට් ඇක්ටින් නිසා යූඇන්පියෙන් කොටසකුත් ඒ විකල්පයට ගියොත් මෙතෙක් කාලයක් රැකගත් විපක්ෂනායක පට්ටමටත් බබා හම්බුවිය හැක .

සෝමවංශ අන්කල් ඇතුලු ජවිපේ නායකයින්ද වැටෙන්නේ අලි අමාරුවකය . යාන්තං කැරලි කාරයින් ගේ කරදරයෙන් ගොඩ ආ ගමන් ෆොන්සේකා අන්කල්ගේ විකල්ප බලවේගයට එක්වෙන්නට වුනොත් ඉතුරු ජෙප්පන් ටිකද නවතින්නේ කැරලි කණ්ඩායමේය . ෆෝන්සේකා අන්කල්ගේ කරපිටින් පාර්ලිමෙන්තුවට ආ නිසාත් , ෆොන්සේකා අන්කල් නිදහස් කරන්නය කියා බෙරිහන් තලන නිසාත් එහෙම එකක් හැදුවොත් නොයා කර අරින්නත් බැරිය

ඊලඟට බය වෙන්නේ වෙන්ට  විපස්ස නායක සජිත් අය්යාය , ෆොන්සේකා අන්කල් එජාපයට ආවොත් ඒ නියෝජ්‍ය  පට්ටමකටය . නියෝජ්‍ය පට්ටමේ ඉඳන් නායක පුටුවට යන්නට ෆොන්සේකා අන්කල් එක්ක ගේමක් දෙන්නට  සිදුවුනොත් විපස්ස නායක අන්කල්ටවත් ගේමක් දීගන්නට බැරි සජිත් අය්යාට ගම් මට්ටමේම පිහිටය . ෆොන්සේකා අන්කල් ගේ විකල්ප බලවේගය ක්‍රියාත්මක වුනොත් විපස්ස නායක අන්කල් එක්ක හිටියා ඇති අපිත් අරකට සෙට් වෙමුය කියා කියන සෙට් එකක් යූඑන්පියේ ඇතිවෙනවාමය . ඒ සෙට් එක අයත් වෙන්නේ සජිත් අය්යාගේ පිලටය . ඉතින් සජිත් අය්යාට එක්කො විකල්පයට යන්නට වෙනවාය , නැත්නම්  විපස්ස නායක අන්කල් එක්ක අලියා පිටේම ඉන්නට වෙනවාය . විකල්පෙට ගියොත් තාත්තාගේ පම්පොරියට වැලිඩිටි එකක් නැතුව යනවාය , තියෙන ඡන්ද පදනමත් අනතුරේය , අනෙක් අතට නායකත්ව හීනයත් කල්දාන්න වෙනවාය . සැහෙන පිරිසක් විකල්පෙට යත්දී නොගිහින් හිටියොත් විපස්ස නායක පට්ටමටවත් ඒම සැක සහිතය

අපේ ලොකු අය්යා නොහොත් අල්ලපු රටටද  ෆොන්සෙකා භීතිකාවක් තියන්නෙට පුලුවන්ය . රජතුමා අන්කල් හා ෆොන්සේකා අන්කල් කෙටෙව්වෙත් ලොකු අය්යාගේ ඔත්තු කාරයින්ය කියලාත් කියනවාය . සෝනියා නැන්දාගේ ප්‍රචාරක කොම්පැනිය රජතුමාගේ ඡන්දෙට එවලා දිනවා දුන්නෙත් ඒ නිසා කියාත් කියනවාය .  කොහොමටත් ගෙම්බර් , සාකච්ඡා , සම්මුති , දිය යටින් ගින්දර ආදි නොයෙකුත් වශයෙන් අපේ වැඩවලට හොටදාන ලොකු අය්යා හිටපු ආමි කමාන්ඩරයෙක් රටේ දේශපාලනයේ පොරක් වෙනවාට කැමැති වන්නේ නැය

වීරවංශ අන්කල්ටත් බය වෙන්නට කාරණා ඇත .ඒ ෆොන්සේකා අන්කල්ගේ ඝාතන ලැයිස්තුව ගැනය . ඒක නම් එච්චර සිරියස් නැය . මොකද ෆොන්සේකා අන්කල් කියන්නේ ගැරඩි මරන්නේ නැ කියාය(ෆොන්සේකා අන්කල්ගෙ කට කොහොම වුනත් ඒ කථාව නම් පට්ටය , පහලින් ඇත්තේ ඒ ක්ලිප් එකය ) .






මේ ලියා තියෙන්නේ වෙන්නට පුලුවන් කාරණා ස්වල්පයක් ගැන විතරය . මේවා මෙහෙමම වෙන්නේ නැතත් ෆොන්සේකා අන්කල් එලියට එනවාට බය එක කොට්ටාශයක් හෝ ඉන්නවා කියන එක නම් පැහැදිලිය . අනේ අපිට නම් එහෙම බයක් නැය . ඇත්තෙන්ම බොහෝ දෙනා ෆොන්සේකා අන්කල් එලියට එනවාට මනාපය . ඒ උන්නැහේට කතිරය දුන් නිසාම නොවේ. රටට සේවයක් කල මිනිහෙක් හිරබත් කන එක ගැන තියෙන කණගාටුව නිසාය අනෙක් අතින් හිරේ ඉන්නට සුදුසු උන් තොග පිටින් එලියේ ඉන්න නිසාය .

රජතුමා අන්කලුත් විපස්ස නායක අන්කලුත් දේශපාලන ක්‍රිඩාවේ කෙල පැමිනි මොල කාරයින්ය (රජතුමා අන්කල් රටකරවත්දිත් , විපස්ස නායක අන්කල් ඡන්ද කොරත්දිත් ඒවා මතුනොවීම වෙනම කථාවකි ) . ෆොන්සේකා අන්කල්ගෙන් තමන්ට කරදරයක් නොවෙන්නට වැඩ කටයුතු සලස්වාගන්නට මේ දෙන්නාටම හැකිය . එකතු වී කෝපි කෝප්පයක් රසබලමින් ගේම් ප්ලැන් එකක් ගසන්නටද බැරි නැය . මේ ආසියාවේ ආශ්චර්යය . මෙහේ වෙන්නේ  ලෝකේ කොහෙත් නොවන දේවල්ය , එනිසා බලාසිටීම වඩා යහපත්ය (මේ ලිපිය ලිව්වේ නිකා ඉන්නට බැරි ක්මටය .) . පහල රූපයේ තියෙන්නේ ආශ්චර්යය කියා පානා තවත් එක් රූපයක්ය



Comments

  1. "ෆොන්සේකා අන්කල්ගෙ කට කොහොම වුනත් ඒ කථාව නම් පට්ටය"

    ඔය ෆොන්සේකා මහතා පරිණත දේශපාලකයකු වන ලකුණුය.

    ReplyDelete
  2. ෆොන්සේකා අන්කල්ගේ නිදහස් වීම ගැන තිබුන තවත් ලිපියක් කියෙව්ව. බුවාත් ඒ පැත්තෙ ගිහිං තිබුන.
    මම නං කැමතියි ෆොන්සේක නිදහස් වෙනවනං හේතු දෙකක් උඩ. කෙටියෙන් කිව්වොත් මේව,
    1.ෆොන්සේක මහින්ද එකතුවෙලා සටන් කරපු සංවිධානෙ නායකය එක්ක මහින්ද දීග කෑම. හොදයි ෆොන්සේක ඔය කියන වැරදි කලා කියමුකෝ. ෆොන්සේක හිරේ දැම්මෙ ගරුකටයුතු උසාවියයි කියන කට්ටිය ඇයි කේ.පී. ගැන කතා නැත්තෙ. නීතිය කාටත් එකක් වියයුතුය කියන පදනමින් මම ඒකට කැමතියි.

    2.යුධ නායකයව ඉන්න කාලෙ තමන්ගෙ දේශපාලන නායකය වෙච්ච තැනැත්තාට "දේශපාලන වශයෙන්" එරෙහිව යෑම හිරේ ලැගියයුතු වැරැද්දක් කියල හිතන බහුතරයක් ඉන්න සමාජයක දේශපාලන අයිතිය හැමකෙනාටම ඇතිබව පෙන්වීමට ඔහු නිදහස් වියයුතුයි.

    ReplyDelete
  3. යථාර්තය සහ මායාව අතර වෙනස මොකක්ද කියලා තේරුම් ගන්න බැරි ලෝකෙක මේක අරුමයක් නෙමෙයි...නමුත් දිනයක් ලබාවී සමහර දේවල් මායාවක් කියලා වැටහෙන...එදාට හුඟාක් අය පරක්කු වැඩි වේවි....!!

    ReplyDelete
  4. පොන්සෙකා අංකල්ට ඕනෑවට වඩා තැනක් අරන් දෙන්නේ රජතුමා අංකල්ගේ බය නිසාය. නැත්නම් එළියෙම ඉන්න දුන්නනම් පොන්සෙකා අංකල් අද කතාවෙන තරම් පොරක් නොවන්නට ඉඩ තිබුණි. කට නිසාම තමන්ව නැති කර ගන්න බොහෝ දුරට ඉඩ තිබුණි. ඒත් මේ හිරේ දැමිල්ලෙන් එයාට වටිනාකමක් එකතු වුණා වගේම යම් පරිනතබවක් ලබන්නත් හැකියාවක් ලැබෙමින් පවතිනව. මේක බය නිසා හතුරා සන්නද්ද කිරීමකි.

    ReplyDelete
  5. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වශයෙන් මට තිබෙන ගැටළු..

    1) මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා කරන්නේ රට සංවර්ධනයද පවුල් සංවර්ධනයද?
    2) රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක වන්නේ ආණ්ඩුවටද රටට ද?
    3) අවොත් කරු පායයි ද හිරු?
    4) අවොත් කරූ කාටද පායන්නේ හිරු? රටට ද unp යට ද?
    5) විමල් විරවංශ මහතා ගේ දේශපාලන දැක්ම කුමක්ද?
    6) කියන දේවල් කරන නායකයෙක් නම් සරත් ෆොන්සේකා මහතා බලයට පැමිණියහොත් විරුද්ධ අදහස් දරන කෙනෙක් ට ජිවත් වෙන්න වත් පුළුවන් වේවිද?
    7) දන්න යකාට වඩා නොදන්නා යකා හොඳද?
    8) අද්‍යාපනය අමාත්‍යාංශයේ සේවය කරන්නේ අධ්‍යාපනය ලැබුවන්ද?
    9) පාසලට වඩා ටියුෂන් කඩ වන්දනාවේ යන අපේ උදවිය, විශ්ව විද්‍යාලයට යන ගමන් ටියුෂන් කරන උදවිය, විශ්ව විද්‍යාලයේදී නිදහස් අධ්‍යාපනය රැකීමට කෑමොර දී එලියට පැමිණි නිදහස් අද්‍යාපනය බුක්ති විඳ උපාධි ආනයන කර බෙදාහරින මද්‍යස්ථාන වල දේශන දෙන අය පෙනී සිටින්නේ කුමන ආකාරයේ නිදහස් අද්යාපනයක් වෙනුවෙන්ද?
    10) පොලිසිය සිටින්නේ නීති ය රකින්නට ද හදන්නටද?
    11) සුදුස්සාට සුදුසු තැන නොලැබෙන්නේ මහජනයාගේ කරුමෙටද ඇමට්ටන්ගේ පිනට ද?
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දේශපාලන නායකත්ව ය සහ යුධ නායකත්වය යනු දෙකක් බවත් ඒ වගේම රට කරවන අය සිතන්නේ රටේ අනාගතය ගැන නොව තමන්ගෙ දේශපාලන අනාගතය ගැන බවත්ය. එම නිසා ඉදිරි යේ එන චන්දයකදී මහින්ද ට විරුද්ධ නිසා ෆොන්සේකා ට වත් ෆොන්සේකා ට විරුද්ධ නිසා මහින්දට වත් චන්දය නොදී සිතෙන් නොසිතා මොළයෙන් කල්පනා කර චන්දය පාවිච්චි කළහොත් රට ටත් ජිවත් වන අපි කාටත් හොඳය..

    ReplyDelete
  6. හහ්..හහ්..ඇත්ත තමයි "ෆොන්සේකා අන්කල්" නිදහස් වුනොත් මේ කිව්ව අයට ඒක ප්‍රශ්ණයක් තමයි.

    ReplyDelete
  7. අපිට ඔය මොනවත් ප්‍රශ්න නැති එකත් ප්‍රශ්නයක්නේ... ෆොන්සේකා මාමා නිදහස් වේවා!

    ReplyDelete
  8. tamil diaspora and foreign NGO gang will be the most happy bunch if fonseka gets out, since they will definitely use him as a tool agaist the country.

    ReplyDelete
  9. ඒ..කරු අයියගේ නෝනද..? දැක්කමයි..අනේ වාසනාවන්

    ReplyDelete
  10. පුංචි කුමාරිහාමි
    නෑ ඒ උන්නාංසෙගෙ පුද්ගලික ලේකංතුමී.

    ReplyDelete
  11. @sameera
    1) මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා කරන්නේ රට සංවර්ධනයද පවුල් සංවර්ධනයද?
    පවුල් සංවර්ධනය
    2) රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක වන්නේ ආණ්ඩුවටද රටට ද?
    ආණ්ඩුවට
    3) අවොත් කරු පායයි ද හිරු? සමහර විට
    4) අවොත් කරූ කාටද පායන්නේ හිරු? රටට ද unp යට ද? ????
    5) විමල් විරවංශ මහතා ගේ දේශපාලන දැක්ම කුමක්ද?කට කයිවාරු ගැසිම
    6) කියන දේවල් කරන නායකයෙක් නම් සරත් ෆොන්සේකා මහතා බලයට පැමිණියහොත් විරුද්ධ අදහස් දරන කෙනෙක් ට ජිවත් වෙන්න වත් පුළුවන් වේවිද?????
    7) දන්න යකාට වඩා නොදන්නා යකා හොඳද????
    8) අද්‍යාපනය අමාත්‍යාංශයේ සේවය කරන්නේ අධ්‍යාපනය ලැබුවන්ද?
    පේන විදියට නම් මොන්ටිසෝරිවත් නොගියපු උන්
    9) පාසලට වඩා ටියුෂන් කඩ වන්දනාවේ යන අපේ උදවිය, විශ්ව විද්‍යාලයට යන ගමන් ටියුෂන් කරන උදවිය, විශ්ව විද්‍යාලයේදී නිදහස් අධ්‍යාපනය රැකීමට කෑමොර දී එලියට පැමිණි නිදහස් අද්‍යාපනය බුක්ති විඳ උපාධි ආනයන කර බෙදාහරින මද්‍යස්ථාන වල දේශන දෙන අය පෙනී සිටින්නේ කුමන ආකාරයේ නිදහස් අද්යාපනයක් වෙනුවෙන්ද?
    ඒක අහන්න ඔනි උන් ජාතක කරපු දෙමාපියන්ගෙන්
    10) පොලිසිය සිටින්නේ නීති ය රකින්නට ද හදන්නටද?
    අපේ රටේ රකින්න හරි කඩන්න හරි නිතියක් තියෙනවද?
    11) සුදුස්සාට සුදුසු තැන නොලැබෙන්නේ මහජනයාගේ කරුමෙටද ඇමට්ටන්ගේ පිනට ?ජහමනයාගේ කරුමෙට හා ඇමැට්ටන්ගේ වාසනාවට

    ReplyDelete
  12. ෆොන්සේකා එලියට එන එක මහින්ද මමාට යම් තාක් හොද දෙයක් වුනත් විපක්ශේ අයටනම් පෑහෑදිලිවම ලොකු අවාසියක්.රනිල්,සෝමේ,සජිත්....
    මචන් ඇත්තටම මෙහෙම බයවෙන්න වුනේ ඔවුන් තුල තියන නයකත්වයට තියන නුසුදුසු කම නිසා නේද? ඔවුන්ගේ නායකත්වයට අභියෝග විය හෑකි විකල්පයක් එනවා කීවම ඔන්න බයවෙනවා...

    ReplyDelete
  13. කලෝචිත ලිපියකි. නිකා ඉන්න බැරිකමට ලිව්වා කියා කීවාට ලිවිය යුතු ලිපියකි. ජෙනරල් ලංකාවේ දේශපාලනය වෙනස් කළ චරිතයක්. ඒ වගේම දේශපාලන කතා වලට (කලවැද්දාගේ සිට ගැරඩියා දක්වා) වෙනස් ආරක් ඉදිරිපත් කළා. තත්පර දහයෙන් රටේ දේශපාලනය අර්ථ දක්වපු පුද්ගලයෙක්. ඔහු දේශපාලනයට සුදුසුද නැද්ද යන්න මට එතරම් අදාල නැත. එහෙත් ඔහු ලංකාවේ දේශපාලනය වෙනස් කිරීම සදහා කොතරම් දායකත්වයක් ලබාදිය හැකි පුද්ගලයෙක්ද යන්න සිතා බැලීම වටී.

    පින්ත+රය නම් පට්ටය. මේ වෙලාවට මතක් වෙන්නේ රාළගේ අටුවාවේ පද්දාය. ඔහුට පොටෝ කෑල්ලක් ඕනෑමය. නැත්නම් විශ්වාස කොරන්නේම නැතිය. කේ.පී. ගේ නැව් එනකම් මග බලාගෙන ඉන්නට සිද්ධවෙච්ච නිසා පරාළගේ නඩය අටුවාව වසා දමා ඇති බවද පස්සේ දැනගන්නට ලැබුණා.

    ReplyDelete
  14. ෆොන්සේකා අංකල් එළියට එන එක හොඳයි. එකක් මහරජා අංකල් ඒකෙන් ලකුණු දාගන්නවා. අනෙක කාඩ්බෝඩ් නායකයෝ ටිකකට උන් හිටි තැන් නැති වෙනවා. අඩු ගානේ මහරජා අංකල්ට විරුද්ධව කෑගහන්න වත් කොන්ද පණ ඇති කෙනෙක් ඇතිවෙනවා නොවැ...!

    ReplyDelete
  15. ඇත්තෙන්ම බොහෝ දෙනා ෆොන්සේකා අන්කල් එලියට එනවාට මනාපය . ඒ උන්නැහේට කතිරය දුන් නිසාම නොවේ. රටට සේවයක් කල මිනිහෙක් හිරබත් කන එක ගැන තියෙන කණගාටුව නිසාය අනෙක් අතින් හිරේ ඉන්නට සුදුසු උන් තොග පිටින් එලියේ ඉන්න නිසාය.මාත් උන්නැහේ එළියට එනවට මානාපය.

    එත්.. ෆොන්සේකා මහත්මයාට දේශපාලනික ස්ථාවරත්වයක් තියෙනවා කියලා මට හිතෙන්නේ නෑ.දැනට ඉන්න ෆොන්සේකාවාදීන් බහුතරයක් යු.එන්.පි කාරයින්.ෆොන්සේකාගේ කැම්පේන් එකේ වැඩි බර ඇද්දේ ජේ.වී.පි කාරයින්. මේ දෙගොල්ලොම යෙදිලා ඉන්නේ තමුන්ගේ අනන්‍යතාව රැකගැනීමේ සටනක. ඔවුන් ෆොන්සේකාට තැනදෙයි කියලා හිතන්න ආමාරුයි.

    නමුත් ආණ්ඩුව මේ වෙනකොට සමාජය මත ඇතිකරමින් තිබෙන පීඩනය උපරිමයකට ගෙනිහිල්ලා ජනතාව කැරලි ගහන මට්ටමකට ඇදලා දැම්මොත් ගැලවුම්කරුවෙක් විදියට ෆොන්සේකා මතුවෙන්නෙ ඉඩ තියෙනවා.

    කොහොම නමුත් හිනෙන් හරි ෆොන්සේකා ජනාධ්පති වුනොත් තියෙන ප්‍රශ්න තවත් බැරෑරුම්වෙයි කියලා හිතෙනවා.මොකද දේශපාලනය කියන්නේ යුද්දෙටත් වඩා ලොකු යුද්දයක් නිසා.......

    ReplyDelete
  16. මගේ අදහසත් දැන්වත් ඔහු නිදහස් කළ යුතුයි යන්නයි. ඔහුගේ දේශපාලන මතවාද මොනව වුණත් රට වෙනුවෙන් ඔහු කළ සේවය වෙනුවෙන්වත් ෆොන්සේකා නිදහස් කළ යුතුයි.

    ReplyDelete
  17. හොඳ ලිපියක් බුවා.
    ජය !

    ReplyDelete
  18. ඔය මුලින්ම තියෙන පින්තූරෙ ෆොන්සේකා අන්කල්ගේ අතේ තියෙන්නේ මොකක්ද?

    ReplyDelete
  19. කන්නාඩි කුට්ටමේ කවෙර්

    ReplyDelete
  20. අනේ මන්දා එක අතකින් නිදහස දෙන්න බලන් ඉන්නවලු , ඇවිත් ඉල්ලන්නේ නැති නිසා දෙන්නේ නැහැලු..අනිත් පැත්තේන් නිදහස ඕනලු , ඒක හින්දා පෙත්සම්වලට අත්සන් ගන්නවලු...

    ReplyDelete
  21. ෆොන්සේකා අන්කල්ගේ කටත් වැඩත් දෙකම පට්ටය. උන්නැහේ ගැරඩි මරන්නේ නැත. ඒ වෙනුවට ගැරඩින්ට සුප්පු කර කර ඉන්නට කටු සප්ලයි කිරීම සිදු කරයි.

    මෙහෙ වෙන දීම ඒ අයුරින්ම ලෝකයේ වෙන කොහෝ හෝ වන්නට ඉඩ නැති මුත් මෙවැනි දේ සිදුවීද ඇත. දැන්ද සිදු වේ. අනාගතයේද සිදු වනු ඇත.

    ම ක

    ReplyDelete
  22. @රාජ්: "ෆොන්සේක හිරේ දැම්මෙ ගරුකටයුතු උසාවියයි කියන කට්ටිය ඇයි කේ.පී. ගැන කතා නැත්තෙ. නීතිය කාටත් එකක් වියයුතුය කියන පදනමින් මම ඒකට කැමතියි.":
    මෙයට කව්රු කැමැති වුනත් වැඩක් නැත. මේ කිසි විටෙකත් ඒ ආකාරයෙන්ම කොහෙවත් සිදු නොවේ. මේ "නිතිය පොදු විය යුතු කට්ටිය" ගතහොත් ලංකාවේ 80 ගණන් වල සිට සැහෙන දිග ලිස්ට් එකක් සිටී.
    KP , කරුණා, පිල්ලෙයාන් ආදීන්ගෙන් ගන්නට වැඩ තිබේ. හිරේ දැමීමෙන් ඒ වැඩ ගත නොහැක.

    ෆොන්සේකා මහතා හිරේ යාමට දේශපාලන වශයෙන් තරග කිරීමට වඩා,
    1. යුධ අපරාධ පිලිබඳ කතා
    2. පැය 24/48 හිරේ දමන කතා
    පොදුවේ ගත් කල තමා දිනු පසු විරුද්ධ වාදීන්ට ෂොට් එක දෙන හැටි ගැන කිවූ කතා හේතු වුවා විය හැක.

    ReplyDelete
  23. Sameera umbata pissuda?

    ReplyDelete
  24. @ඇනෝ(January 8, 2012 8:33 PM)
    //මෙයට කව්රු කැමැති වුනත් වැඩක් නැත. මේ කිසි විටෙකත් ඒ ආකාරයෙන්ම කොහෙවත් සිදු නොවේ//
    මම මගේ කොමෙන්ටුවෙ දෙවනි අංකෙන් කියල තියෙන්නෙ ඒ ගැන තමයි. අපේ සමාජය මේවට කරන්න දෙයක් නැතිකමට ඒක සාධාරණීකරණය කරනව. අපිට මැදිහත්වෙන්න තියන අවස්ථාව ශූන්‍ය තමයි. ඒත් එහෙම උනා කියල ඒක "හරිදේ" විදියට දකින්න එපා. ඒ අර්ථයෙන්ම තමයි ෆොන්සේක නිදහස් වෙනවට මම කැමතියි කිව්වෙ.
    //පොදුවේ ගත් කල තමා දිනු පසු විරුද්ධ වාදීන්ට ෂොට් එක දෙන හැටි ගැන කිවූ කතා හේතු වුවා විය හැක.//
    මෙතනත් තියෙන්නෙ අරවගේ දෙයක්ම තමයි. ෆොන්සේක කිව්ව තමයි දූෂකයො හොරු පැය 24න් හිරේ දානව කියල. ඉතින් තොප්පිය ඔළුවට දාගන්නෙ ඇයි. එයාට පාඩුවෙ ඉන්න දුන්නනම් මෙලහකට හුලං ගිය බැලුමක් වෙන්නත් ඉඩ තිබුන. අනිත් කාරණ‍ාව, අනාගතේ කලහැකියයි සැලකෙන වැරැද්දකට දැන් මිණිහෙක් හිරේ දැමීම! ඒව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂන නෙවේ. ඒකාධිපති ක්‍රමයේදි නං වලංගුයි.
    ස්තුතියි අදහසට.

    ReplyDelete
  25. පෝස්ට් එක සහ සියලුම කොමෙන්ට් නිරීක්ශනේ කළා.

    ReplyDelete
  26. අන්කල්ගේ ලිස්ට් එක මීට වැඩිය දිග ඇති...

    ReplyDelete
  27. ෆොන්සේකා මහතා කලින් හිරේ නොගියේත් පරීක්ෂණ හරි හැටි සිදු නොවුනෙත් එකල ෆොන්සේකා හා රාජපක්ෂලා කිරි පැණි මෙන් සිටි නිසාය. ඒට පසුවත් ෆොන්සේකා මහතා දේශපාලනයට ආ පසුවත් මෙවැනි නඩු
    නොඅවේ බල්ලන් බලු මස් නොකන නිසාය.

    සමහර විට හුලන් ගිය බැලුමක් නොවෙන්නත් තිබුනා.සුදු කොඩි කතාව ඇත්තක් කියල රට රටවල ගිහින් සාක්කි දෙන්නත් තිබුනා.වෙන්න තිබුනු දෙවල් ගැන හරියටම කියන්න බෑ නේද?

    ඔබෙ තොප්පි කතාවට මට ඇත්තටම කියන්නට දෙයක් නැත. ෆොන්සෙකා මහතා දිනුවනම් සැබැ ප්‍රජතන්ත්‍රවාදයක් (මෙය එකල හන්ස සන්ධානය සොය ගත් දෙයකි ) ස්ථාපනය කර දැහැමෙන් සෙමෙන් රට පාලනය කරතැයි බලපොරොතුවක් ඔබට තිබුනාදැයි මට සැක සිතේ.

    ෆොන්සෙකා ජනදිපති වු පසු, ඔප්පු කල හෝ කල හැකි දුශන තිබුනා හෝ නැතා රාජපක්ශලාට පසුදා ඉර බලන්නට තිබුනා නම් පුදුමයකි.

    ඔබ මා කිවු දේ වැරදියට වටහා ගෙන අති බව පෙනේ.ෆොන්සෙකාට දඩුවම් දී ඇත්තෙ ඔහු කල දේට මිස අනාගතයේ කරන්න ගිය එවාට නොවේ. ෆොන්සේකා මහතාගේ සුදු කොඩි කතා, පලි ගැනීමේ කතා නිසා සිදු වුයේ ෆොන්සේකා මහතාගේ තිබුනා වු වැරදි සොයා එවාට දඩුවම් දීමට නොතිබු උනන්දුවක් ඇති වී වැඩි විම පමනි.
    සිර ගත විමට චන්ද සමයේ ක්‍රියා කලාපය වක්‍ර ආකරයෙන් බලපැවේ එසෙයයි කිව හැක.

    ෆොන්සෙකා මහතා තමන් කල සැබෑ වරදකට ( සුදු කොඩි පැත්තකට දමමු.මේ කියන්නේ සියලු දෙනට ඇස් පනාපිට වැරද්දක් යයි කිව හැකි දෙයකට ) හිරේ ගියත් ඔහුව නිදහස් කල යුතු යන මතයේ ඔබ සිටිනවාද?

    ReplyDelete
  28. ජෙනරාල් ෆොන්සේකා කළ යුතු දේ ගැන කලින්ම කියලා තියෙන්නේ

    http://aagiyakatha.blogspot.com/2011/11/blog-post_19.html

    ReplyDelete
  29. //ඔබ මා කිවු දේ වැරදියට වටහා ගෙන අති බව පෙනේ.ෆොන්සෙකාට දඩුවම් දී ඇත්තෙ ඔහු කල දේට මිස අනාගතයේ කරන්න ගිය එවාට නොවේ//
    මා කීවේ ඔබ දැක්වූ කරුණු ඔස්සේය. බලන්න ඔබේ මුල් කොමෙන්ටුවේ සදහන් කර ඇති මෙම කරුණු,
    //ෆොන්සේකා මහතා හිරේ යාමට දේශපාලන වශයෙන් තරග කිරීමට වඩා,
    1. යුධ අපරාධ පිලිබඳ කතා
    2. පැය 24/48 හිරේ දමන කතා
    පොදුවේ ගත් කල තමා දිනු පසු විරුද්ධ වාදීන්ට ෂොට් එක දෙන හැටි ගැන කිවූ කතා හේතු වුවා විය හැක. //
    ඔබ මතුකරන මෙම කාරණාව ගැන මා 100% එකගය.
    මෙහිදී සිදුවී ඇත්තේ මා මුලින් සදහන් කල පරිදි "අනාගතයේ ඇතිවිය හැකි තර්ජනයකින්" ආරක්ෂා කිරීමට පියවර ගැනීමයි. අන්න ඒ කරුණ සම්බන්ධයෙනි මගේ විවේචනය.

    ෆොන්සේකා බලයට පත්වී කරන ආශ්චර්යන් සම්බන්ධයෙන් මට විශ්වාසයකින් කරුණු දැක්විය නොහැක. ඒ ගැන ඕනෑම කෙනෙකුට උපකල්පනයන් ඇතිකරගත හැකිය. එය හරියටම ඔබේ මේ උපකල්පනය වැනිය
    //ෆොන්සෙකා ජනදිපති වු පසු, ඔප්පු කල හෝ කල හැකි දුශන තිබුනා හෝ නැතා රාජපක්ශලාට පසුදා ඉර බලන්නට තිබුනා නම් පුදුමයකි//
    එබැවින් මෙවැනි දේවල් ගැන වාද විවාද කර පළක් නැත.

    //ඔහුව නිදහස් කල යුතු යන මතයේ ඔබ සිටිනවාද?//
    ඔහු නිදහස් කල යුත්තේ(මා විශ්වාස කරන හැටියට) කුමණ හේතු නිසාදැයි මගේ පළමු කොමෙන්ටුවේන් දැක්වීමි.
    මා අවධාරණය කරන්නේ නීතිය කාටත් සාධාරණ වියයුතු බටයි. එය ෆොන්සේකාට මෙන්ම කේපීටත් එලෙස ක්‍රියාත්මක වියයුතුය.

    ReplyDelete
  30. බුවා මේ දේශපාලන ගැටලුව දෙස බලා කරන සමාලෝචනය ප්‍රඥාගෝචරයි, එයින් යම් ධනාත්මක සංවාදයක් ඇතිවෙනව.

    ReplyDelete
  31. මේකත් කියවපල්ලා...

    http://www.divaina.com/2012/01/08/feature04.html

    ReplyDelete
  32. "මෙහිදී සිදුවී ඇත්තේ මා මුලින් සදහන් කල පරිදි "අනාගතයේ ඇතිවිය හැකි තර්ජනයකින්" ආරක්ෂා කිරීමට පියවර ගැනීමයි. අන්න ඒ කරුණ සම්බන්ධයෙනි මගේ විවේචනය."

    මට නම් ඒ ගැන පුදුමයක් නැත. මා සිතන හැටියට ෆොන්සේකා මහතා මීට පෙර හිරේ නොගියේ (අන් බොහෝ දෙනෙකු මෙන්ම) දේශපාලන සම්බන්ධතා නිසාය. වී ඇත්තේ එකල කර තිබු වැරදි වලට පසුව වැඩි උනන්දුවකින් ක්‍රියාමාර්ග ගැනීමය. අනාගතය ඇතිවන තර්ජනය කෙසේ වෙතත් වැරදි මැවූ ඒවා නොවේ. ඒවාට දුන් දඩුවම් දරුණු වැඩි යයි කීම වෙන කතාවකි.

    "ෆොන්සේකා බලයට පත්වී කරන ආශ්චර්යන් සම්බන්ධයෙන් මට විශ්වාසයකින් කරුණු දැක්විය නොහැක. ඒ ගැන ඕනෑම කෙනෙකුට උපකල්පනයන් ඇතිකරගත හැකිය. එය හරියටම ඔබේ මේ උපකල්පනය වැනිය"

    විස්වාසයකින් කරුණු කීම නොහැකි වුවත් ෆොන්සේකා මහතා ප්‍රසිද්ධියේ තර්ජනය කලේ විහිළුවට නොවන බව ෆොන්සේකා මහතා ගැන යම් තරමකට හෝ අවදානයෙන් සිටි කෙනෙකුට වැටහේ. එසේම අනාගතයේ කරන්නේ කුමක්දැයි එක එල්ලේම 100% කිව නොහැකි වුවත් සමහර වැඩ මෙසේ වේ යයි බොහෝ දුරට සිටිය හැක. උදාහරණයක් ලෙස මහින්ද මහතා කලින් පරිදිම පාලනය ගෙන යති මම බලාපොරොත්තු වීමි. චන්දය දුන් බොහෝ දෙනෙක්ද එසේම බලාපොරොත්තු වුහ. අර කියන Miracle එක ගැන විස්වාසය තබා චන්දය දුන් පිරිස සිටි නම් එත අඩුය.

    ෆොන්සේකා මහතා මොන වරද කර තිබුනත් හිරේ සිටීම ගැන මගේ කැමැත්තක් නැත. නමුත් හිරෙන් පිට වී ඔහු කුමක් කරතයිද යන්න ගැන මම බිය වෙමි ෆොන්සේකා මහතාට ජනපතිවරණයේදී සහය දීම නිසා පදවි අහිමි වූ නිලධාරියෙක් (දැනට ඇති විස්තර අනුව) දැනටම යුධ අපරාද චෝදනා ස්ථිර කරමින් සිටී.

    ReplyDelete
  33. අවසන් කරුණ කරුණා ගැනය.
    මට අසන්නට ලැබුණු ආකාරයට කරුණාගේ බිරිය ඔහු අතහැර ගොස් ඇත. වෙනත් වචන වලින් කියනවනම් "කරුණා යනු ද්‍රෝහියෙක්" යන්නට සමාන දෙයක් ලන්ඩනයේ සිට ප්‍රකාශ කර ඇත.

    ReplyDelete
  34. සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිනවා සංවාදයට එක්තු වෙන්න බැරි උනාටත් ප්‍රතිචාරයක් එකතු කරන්න බැරි වුනාටත් . බොහොම ස්තුතියි අදහස් පල කරපු , සංවාද කරපු හැමෝටම . මේ දේ කියන්නත් මෙච්චර පරක්කු වුනාටත් සමාව ඉල්ලා සිටිනවා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව