Skip to main content

I'm back with ක්‍රිකට් අනාවැකි

I'm back කීවාම ඉතින් අපිට **යැ කියන්නට හොඳටම ඉඩ ඇතත් මේ  අඩුම ගාණේ සතියකට එක ගාණේ වත් ලියන බලාපොරොත්තුවෙන් කරන පටන් ගැන්මක් නිසා නොකියාම බැරිය , 

හතරේ අතේ විවෘත වන අධිවේගි මාර්ග , අපේ තුමාට කෙලවන්නට විදුලි පුටුව රත්කරන  පර සුද්දන් , කොහේ ගියාද දන්නේ නැති ප්ලේන් එක , සංදියා ආච්චි , ෆෝම් වී ඇති  ජෙප්පන් , මණ්ඩලේ පිටින්ම කචල් අලි පාටිය ඇතුලු සියලු දේ අමතක කර මේ ලියන්නේ කිරි කැට් ගැනය . බුකියේ පෝස්ට් එක බ්ලොග් එකේ දැම්මාම හෙණ ගහණවාද ඇහුවේ අපේ මාතලන් බොසාය , මේ ගිනිකාශ්ටකේ හෙන ගහන්නේ නැති නිසා ඒ පොස්ට් එක  ගෙඩිය පිටින් මෙහි දමා තියනවාය

20-20 ලෝක කුසලාන අනාවැකි
දිනයේ සාර්ථකත්වය ලබන එක ක්‍රිඩකයෙකු නිසා ප්‍රතිපලය වෙනස් විය හැකි අවිනිශ්චිත 20-20 තරඟ රටාව පිලිබඳ අනාවැකි කීම එතරම් සාර්ථක නොවුනත් , 20-20 ලෝක කුසලානයේ ශූරතාව ඒ ඒ රටට ඇති අවස්ථාව පහත පරිද්දෙන් ලයිස්තු ගත කල හැක
දකුණු අප්‍රිකාව - මාගේ තේරීම අනුව මේ වන විට සිටින සාර්ථකම කණ්ඩායමයි . ලෝක කුසලාන තරඟවලි වලදි අසාර්ථක වීමේ සුපුරුදු සම්ප්‍රදායෙන් මිදීමට හැකි වුවහොත් සෛද්ධාන්තිකව කුසලානය සඳහා වඩාත්ම අවස්ථාව ඇත්තේ මොවුනටයි . ඩිවිලියර්ස් , ඩුප්ලසිස්, මිලර් සහ ස්ටෙන් කී ප්ලේයර්ස්ලා ලෙස හැඳින්විය හැක
පකිස්ථානය - 20-20 ලෝක කුසලාන වලදි වඩාත්ම සාර්ථකත්වය දැක්වූ කණ්ඩායමයි , මේ දක්වා පැවති සියලුම තරඟා වලි වලදී අර්ධ අවසන් තරඟ මට්ටම දක්වා පැමිණ ඇත . වේග පන්දු යවන්නන් සහ දඟ පන්දු යවන්නන් යන දේංශයෙන්ම සුපිරි පන්දු යවන්නන් ලයිස්තුවක් සීටීමත් එයින් අෆ්‍රිඩි සහ හෆිස් තුන් ඉරියව් ක්‍රිඩයින් වීමත් විශේෂ වාසියකි . සඳහන් කල ක්‍රිඩකයින් හැරුණු විට අජ්මාල් සහ උම් රන් අක්මාල් කී ප්ලේයර්ස්ලා ලෙස හැඳින්විය හැක
ශ්‍රි ලංකාව - 20 -20 තරඟ රටාවේ සාර්ථකම කණ්ඩායම ලෙස හැඳින්විය හැක (ජයග්‍රහණ ප්‍රතිශතයෙන් ) , දැවැන්ත ප්‍රහාරකයින් නැතත් සමබර කණ්ඩායමක් වීමේ වාසියත් බංග්ලාදේශය තුලදී මැතකදී දැක්වූ දක්ෂතාවයත් අතිරේක වාසියක් කණ්ඩායමට ලබාදී ඇත . මාලිංග, මහේල , අජන්ත සහ සංගා කී ප්ලේයර්ස්ලා වේ
බටහිර ඉන්දිය කොදෙව් - කණ්ඩායමක් වශයෙන් දක්ෂතා ඉස්මතු වුයේ අවසන් ලෝක කුසලානයේ වුවත් , අයි පි එල් තරඟ මාලාවෙ පෙන්වන දක්ෂතා අනුව ඉතා ප්‍රභල 20-20 ක්‍රිඩකයින් රැගත් කණ්ඩායමක් ලෙස හැඳින්විය හැක . දඟපන්දු යවන්නන්ට ක්‍රිඩාංගන ඉහල සහයෝගයක් දැක්වීම මොවුන් ඇතිවිය හැකි ප්‍රධාන බාධකය විය හැකි අතර , ගේල්, පොලාඩ් , සැමුවෙල්, බ්‍රාවෝ සහ සුනිල් නරායන් ,කී ප්ලේයර්ස් ලා වේ
ඉන්දියාව - 2011 ලෝක කුසලානය තරම් නොමැති වුවත් ඉතා ප්‍රභල පිතිකරුවන් ලයිස්තුවක් ඇති කණ්ඩායමක් ලෙස හැඳින්විය හැක ,නමුත් ඉතාම දුර්වල පන්දු යැවීම හමුවේ එම පිතිකරණ දක්ෂතාවයන් ඉස්මතු නොවිමේ අවධානම මොවුන් සතු ප්‍රධාන බාධකයයි , කෝලි , දෝනි ,, යුවරාජ් සහ ජඩේජා කී ප්ලේයර්ස් ලා වන අතර පසුව කී දෙදෙනා පන්දු යැවීමෙන්ද සාර්ථකත්වයට පත් වීම අනිවාර්යය
තරඟයේ දිනුම පැරදුම කෙසේ වෙතත් තමන්ගේ වරදින් මකබැවුනු  කිරිකැට් මණ්ඩලේ පව් වලට ක්‍රිඩකයින්ගේන් වන්දි ගැනීමට දතකන පාහර ක්‍රිකට් බලධාරින් මෙන්ම ක්‍රිඩකයින් ශයිලොක්ලාට උපමා කරන  පඩත්තර මාධ්‍යවේදින්ද ක්‍රිඩා ලෝලින් සියලු දෙනා විසින් හෙලා දැකිය යුතු වුවත් , ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ පඩියෙන්දේශප්‍රේමය හොයන්නට එවුන් එකෙක් දෙන්නෙක්ද සිටිම කණගාටුදායකය

 20-20 කුසලානයේදි වත් අපේ 20 - 20 නායකතුමට ඇවරේජ් එක 15ට උඩින් දාගන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කර සිටිමින් පොස්ටුව අහවර කරනවාය . කලින් කීව වගේ  සතියකට වතාවක් වත් මොකක් හො හරුපයක් ලියන්නට හිතාගෙන ඉන්නවාය , ඒවගේම බ්ලොග් ලෝකයේ අලුත් වලි , පවු කාරයාට ගල් ගැහිලි , ගේම ඉල්ලිලි ආදිය තියේ නම් දැනුවත් කරන්නය ඒවා මොකවත් ගැන දැනුමක් නෑය

Comments

  1. ඉතිං මොකක්ද අනාවැකිය?

    ReplyDelete
    Replies
    1. අම්මප ඔව් මෙතන අනාවැකියක් නැ නෙව ඇනල්සිස් එකෙක් මිසක් , අනාවැකිය ඔය රටවල් 5න් එකෙක් කප් එක ගන්නවා කියල හිතා ගමු :D :D

      Delete
  2. ස්තූතියි බුවා.. අපි කවදත් උඹ එක්ක ඉන්නවා..

    ReplyDelete
  3. අලුත්ම තාලයේ අනාවැකියක්!!! මාතලන්ගේ පාර පෙන්නිමෙන් ඇවිත් ඕන අපිත් කියෙව්වො

    ReplyDelete
    Replies
    1. මාතලන් ඉතින් හිත හොඳ මනුස්සයා නෙව

      Delete
  4. අම්මට !! බුවා.. දිගටම ලියහන්.. ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. ජය වේවා කීවාම මට මතක් වෙන්නේම අපේ කලවැද්ද අන්කල් , ඔන්නහෙ ජයම වේවා එහෙනම්

      Delete
  5. මමනං ක්‍රිකට් පරදිනවට ආසයි. මොකද ඒම වුනාම අර මන්ඩලේ උන්ට කන්න‍බොන්න නැතුව මැරිල යාවි.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද එතකොට උන්ට කන්න වෙන ඒවා දෙනවා , අර එකෙක්ට පයින් එයා එක දුන්නේ

      Delete
  6. .....?????? හැක් .... වැල් ... come ......කිව්ව එහෙනං ....

    ReplyDelete
  7. ක්‍රිකට් බෝඩ් එකේ එවුන්නම් හැමදාම දිණුම්...ක්‍රිකට්ව්ලට මොනවා උනත්.

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතින් , උන්ට ක්‍රිකට් නැතත් දිනන්න ක්‍රම තියේ

      Delete
  8. ඔබේ පැතුමට මමත් එකඟය...

    ජය වේවා!!!!

    ReplyDelete
  9. අනාවැකිය ලියන්න අමතක උනාදෝ? වෙල් කම් කිවුවා එහෙනම්..

    ReplyDelete
  10. බුකියෙ දාපු එක මාත් දානව. ඇයි උඹට හොඳ නං අපිට මොකද,

    //රයිට් බලමු! මගේ නං අංක එක ඕස්ට්‍රේලියාව. (ලංකාව ඇරුනම, ලංකාවට තියෙන්නෙ කැමැත්ත) මොකද ඩේවිඩ් වෝනර් එහෙම හොඳ ෆෝම් එකක ඉන්නව. කොදෙව්වනුත් නරක නෑ. මොකද ප්‍රහාරය වගේම දඟ පන්දු යවන්නන් දෙන්නම හොඳ තත්වෙ ඉන්නෙ. ඉන්දියාව ගත්තොත් පන්දු යවන්නන් එච්චර හොඳ තත්වෙක නෑ වගේම පිතිකරුවනුත් ෆෝම් එකක නැ. නමුත් කියන්නත් බෑ. ලංකාවට තියන අවුල තමයි මණ්ඩලේ කචල් වීම. මණ්ඩලේ කචල් වෙන හැම වෙලාවකම වගේ අපි පැරදිලා තියනව. නමුත් මාස දෙකක් බංගලිදේශෙ ඉඳල තිබීම නං සෑහෙන වාසියක්.//

    ReplyDelete
  11. මාතලන්ගෙ පාර දිගේ මාත් ආවා..

    ReplyDelete
  12. ක්‍රිඩකයන්ගෙ පඩියෙන් දෙශප්‍රෙමෙ හොයන බුරුවන්ට තෙරෙන්නෙ නැ මෙ බොඩ් එක කෙවල් කරන්නෙ අරුන් මහන්සියෙන් හොයන සල්ලි කියල.ටිම් එකට මුන් ඇවිල්ල තියෙන්නෙ නිකන් නෙමෙයි උන්ගෙ මහන්සියෙන් කියන එක අමතකයි නෙ.අනෙ නායකය ගැන නම් කියල වැඩක් නැ.මැතිවුස් ලග ඉන්න නිසා හොදයි.
    මාතෙ පාර කිවුවෙ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය කිරීමට නිර්දේශ දෙන අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ "සිංහල බෞද්ධ විද්වතා " ....

ආගමික ප්‍රශ්නයන් දිගින් දිගටම ඇදගෙන බ්ලොග් කරණය ඇතුලේ "හෝලි වෝ" එකක් පටන් ගන්න අදහසක් නැතත් , පසුගිය දින  කිහිපය පුරාවට අන්වර් මනතුංග උන්නැහෙගේ බ්ලොග් අඩවිය තුලදී  නොයෙකුත් ආකාරයේ වාදයන්ට එලඹුන "කාන්තාවන්ගේ වස්ත්‍රය පිලිබඳ " ඉස්ලාමීය මතය පිලිබඳ සාකච්ඡාව ට තවත් එකතු කිරීමක් කරන්න සිද්ධ වෙලා තියනවා . ඒ අන්වර් මනතුංග මහත්තයා තමන්ගේ ඉස්ලාමිය මතය තහවුරු කරන්න " සිංහල බෞද්ධ විද්වතෙකු" ගේ අදහස් කියල ලිපියක් එකතු කරලා තියන නිසා කාන්තාවගේ වස්ත්‍රයන් සම්බන්ධව ඉස්ලාමයේ තියන මතය පිලිබඳ අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ . ඒ වගේම මගේ බ්ලොග් අඩව්යේ පාඨකයින් සාතිශය බහුතරකට  පිරිමින්ගේ වලත්ත කම් වලට කාන්තාව වැසීමේ අයුක්තිසහගත නිතියේ ගෝත්‍රික ස්වාභාවය පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකකුත් නෑ . මේ පිලිබඳ මගේ මතය ඉතාම සංෂිප්තව කියනවා නම් "කාන්තාවගේ ඇඳුම පිලිබඳ පූර්ණ අයිතිය  කාන්තාව සතුයි " කියන එක .  ඒ මතවාදය තුල නොඉන්නවා නම් කාන්තාවන්ගේ ඇඳුමට ආගමික හෝ වෙනත්  බාහිර තහංචි අවැසියයි සිතනවා නම් .කාන්තාවන්ට සිදුවෙන අතවරයන් වලක්වා ගන්න ඇයව ආවරණය කල යුතුයැ...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...

ඕං අවුරුදු දෙකයි !

බ්ලොග් කරණයට එකතු වෙලා  අදට අවුරුදු දෙකක් . බ්ලොග් රචකයෙක් වීමට  මාස කිහිපයකට කලින් ඉඳන් බ්ලොග් කියවීම සිදු කලත් පලවෙනි කමෙන්ටුව පල කලේ බ්ලොග් ලියන්න පටන් ගැනීමෙන් පස්සෙ නිසා සමස්ථ බ්ලොග් අවකාශයටම මගේ ආගමනය සිදුවුනේ වසර දෙකකට කලින්ය කියන්න පුලුවන් .බ්ලොග් කරණයට පිවිසෙන්න උදව් කරපු සියලු දෙනාටම වගේ එදා ඉඳන් අද දක්වා එක් වතාවක් හෝ මගේ බ්ලොග් අඩවියට පිවිසුන , කමෙන්ට් කරපු සියලු දෙනාටමත් සින්ඩිකේටර හිමිකරුවන්ට සහ තමන්ගේ බ්ලොග් රෝල වලට එකතු කල බ්ලොග් කරුවන්ටත්  මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමන්නේ මේ කාර්යයේ සාර්ථකත්වයට ප්‍රභලතම හේතුව ඔවුන් නිසා . 2010/7/8 වෙනිදා ඉඳන් අද දක්වා ලියවිලා තියන මුලු ලිපි සංඛ්‍යාව 145 කියල සටහන් වුනත් , මේ වගේ සැමරුම් , නිවේදන ආදී ලිපි ඉවත් කලාම වැදගත් (හෝ මම වැදගත්ය කියලා හිතාන ඉන්න ) ලිපි ගණන 135-140 අතර ගණනක් වෙන්න පුලුවන් . දැනට බ්ලොග් අඩවියේ  සටහන් වෙලා තියන මුලු පිවිසුම් සංඛ්‍යාව 85402 ක් . මගේ ප්‍රතිචාරත් ඇතුලුව මුලු ප්‍රතිචාර සංඛ්‍යාව 2812ක් .  2010 වසරේ පටන් ගත්ත බ්ලොග් කරණය වඩාත් සාර්ථක වුනේ 2011 වසරේදි ,  මම ලියපු ජනප්‍රිය...