Skip to main content

I'm back with ක්‍රිකට් අනාවැකි

I'm back කීවාම ඉතින් අපිට **යැ කියන්නට හොඳටම ඉඩ ඇතත් මේ  අඩුම ගාණේ සතියකට එක ගාණේ වත් ලියන බලාපොරොත්තුවෙන් කරන පටන් ගැන්මක් නිසා නොකියාම බැරිය , 

හතරේ අතේ විවෘත වන අධිවේගි මාර්ග , අපේ තුමාට කෙලවන්නට විදුලි පුටුව රත්කරන  පර සුද්දන් , කොහේ ගියාද දන්නේ නැති ප්ලේන් එක , සංදියා ආච්චි , ෆෝම් වී ඇති  ජෙප්පන් , මණ්ඩලේ පිටින්ම කචල් අලි පාටිය ඇතුලු සියලු දේ අමතක කර මේ ලියන්නේ කිරි කැට් ගැනය . බුකියේ පෝස්ට් එක බ්ලොග් එකේ දැම්මාම හෙණ ගහණවාද ඇහුවේ අපේ මාතලන් බොසාය , මේ ගිනිකාශ්ටකේ හෙන ගහන්නේ නැති නිසා ඒ පොස්ට් එක  ගෙඩිය පිටින් මෙහි දමා තියනවාය

20-20 ලෝක කුසලාන අනාවැකි
දිනයේ සාර්ථකත්වය ලබන එක ක්‍රිඩකයෙකු නිසා ප්‍රතිපලය වෙනස් විය හැකි අවිනිශ්චිත 20-20 තරඟ රටාව පිලිබඳ අනාවැකි කීම එතරම් සාර්ථක නොවුනත් , 20-20 ලෝක කුසලානයේ ශූරතාව ඒ ඒ රටට ඇති අවස්ථාව පහත පරිද්දෙන් ලයිස්තු ගත කල හැක
දකුණු අප්‍රිකාව - මාගේ තේරීම අනුව මේ වන විට සිටින සාර්ථකම කණ්ඩායමයි . ලෝක කුසලාන තරඟවලි වලදි අසාර්ථක වීමේ සුපුරුදු සම්ප්‍රදායෙන් මිදීමට හැකි වුවහොත් සෛද්ධාන්තිකව කුසලානය සඳහා වඩාත්ම අවස්ථාව ඇත්තේ මොවුනටයි . ඩිවිලියර්ස් , ඩුප්ලසිස්, මිලර් සහ ස්ටෙන් කී ප්ලේයර්ස්ලා ලෙස හැඳින්විය හැක
පකිස්ථානය - 20-20 ලෝක කුසලාන වලදි වඩාත්ම සාර්ථකත්වය දැක්වූ කණ්ඩායමයි , මේ දක්වා පැවති සියලුම තරඟා වලි වලදී අර්ධ අවසන් තරඟ මට්ටම දක්වා පැමිණ ඇත . වේග පන්දු යවන්නන් සහ දඟ පන්දු යවන්නන් යන දේංශයෙන්ම සුපිරි පන්දු යවන්නන් ලයිස්තුවක් සීටීමත් එයින් අෆ්‍රිඩි සහ හෆිස් තුන් ඉරියව් ක්‍රිඩයින් වීමත් විශේෂ වාසියකි . සඳහන් කල ක්‍රිඩකයින් හැරුණු විට අජ්මාල් සහ උම් රන් අක්මාල් කී ප්ලේයර්ස්ලා ලෙස හැඳින්විය හැක
ශ්‍රි ලංකාව - 20 -20 තරඟ රටාවේ සාර්ථකම කණ්ඩායම ලෙස හැඳින්විය හැක (ජයග්‍රහණ ප්‍රතිශතයෙන් ) , දැවැන්ත ප්‍රහාරකයින් නැතත් සමබර කණ්ඩායමක් වීමේ වාසියත් බංග්ලාදේශය තුලදී මැතකදී දැක්වූ දක්ෂතාවයත් අතිරේක වාසියක් කණ්ඩායමට ලබාදී ඇත . මාලිංග, මහේල , අජන්ත සහ සංගා කී ප්ලේයර්ස්ලා වේ
බටහිර ඉන්දිය කොදෙව් - කණ්ඩායමක් වශයෙන් දක්ෂතා ඉස්මතු වුයේ අවසන් ලෝක කුසලානයේ වුවත් , අයි පි එල් තරඟ මාලාවෙ පෙන්වන දක්ෂතා අනුව ඉතා ප්‍රභල 20-20 ක්‍රිඩකයින් රැගත් කණ්ඩායමක් ලෙස හැඳින්විය හැක . දඟපන්දු යවන්නන්ට ක්‍රිඩාංගන ඉහල සහයෝගයක් දැක්වීම මොවුන් ඇතිවිය හැකි ප්‍රධාන බාධකය විය හැකි අතර , ගේල්, පොලාඩ් , සැමුවෙල්, බ්‍රාවෝ සහ සුනිල් නරායන් ,කී ප්ලේයර්ස් ලා වේ
ඉන්දියාව - 2011 ලෝක කුසලානය තරම් නොමැති වුවත් ඉතා ප්‍රභල පිතිකරුවන් ලයිස්තුවක් ඇති කණ්ඩායමක් ලෙස හැඳින්විය හැක ,නමුත් ඉතාම දුර්වල පන්දු යැවීම හමුවේ එම පිතිකරණ දක්ෂතාවයන් ඉස්මතු නොවිමේ අවධානම මොවුන් සතු ප්‍රධාන බාධකයයි , කෝලි , දෝනි ,, යුවරාජ් සහ ජඩේජා කී ප්ලේයර්ස් ලා වන අතර පසුව කී දෙදෙනා පන්දු යැවීමෙන්ද සාර්ථකත්වයට පත් වීම අනිවාර්යය
තරඟයේ දිනුම පැරදුම කෙසේ වෙතත් තමන්ගේ වරදින් මකබැවුනු  කිරිකැට් මණ්ඩලේ පව් වලට ක්‍රිඩකයින්ගේන් වන්දි ගැනීමට දතකන පාහර ක්‍රිකට් බලධාරින් මෙන්ම ක්‍රිඩකයින් ශයිලොක්ලාට උපමා කරන  පඩත්තර මාධ්‍යවේදින්ද ක්‍රිඩා ලෝලින් සියලු දෙනා විසින් හෙලා දැකිය යුතු වුවත් , ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ පඩියෙන්දේශප්‍රේමය හොයන්නට එවුන් එකෙක් දෙන්නෙක්ද සිටිම කණගාටුදායකය

 20-20 කුසලානයේදි වත් අපේ 20 - 20 නායකතුමට ඇවරේජ් එක 15ට උඩින් දාගන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කර සිටිමින් පොස්ටුව අහවර කරනවාය . කලින් කීව වගේ  සතියකට වතාවක් වත් මොකක් හො හරුපයක් ලියන්නට හිතාගෙන ඉන්නවාය , ඒවගේම බ්ලොග් ලෝකයේ අලුත් වලි , පවු කාරයාට ගල් ගැහිලි , ගේම ඉල්ලිලි ආදිය තියේ නම් දැනුවත් කරන්නය ඒවා මොකවත් ගැන දැනුමක් නෑය

Comments

  1. ඉතිං මොකක්ද අනාවැකිය?

    ReplyDelete
    Replies
    1. අම්මප ඔව් මෙතන අනාවැකියක් නැ නෙව ඇනල්සිස් එකෙක් මිසක් , අනාවැකිය ඔය රටවල් 5න් එකෙක් කප් එක ගන්නවා කියල හිතා ගමු :D :D

      Delete
  2. ස්තූතියි බුවා.. අපි කවදත් උඹ එක්ක ඉන්නවා..

    ReplyDelete
  3. අලුත්ම තාලයේ අනාවැකියක්!!! මාතලන්ගේ පාර පෙන්නිමෙන් ඇවිත් ඕන අපිත් කියෙව්වො

    ReplyDelete
    Replies
    1. මාතලන් ඉතින් හිත හොඳ මනුස්සයා නෙව

      Delete
  4. අම්මට !! බුවා.. දිගටම ලියහන්.. ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. ජය වේවා කීවාම මට මතක් වෙන්නේම අපේ කලවැද්ද අන්කල් , ඔන්නහෙ ජයම වේවා එහෙනම්

      Delete
  5. මමනං ක්‍රිකට් පරදිනවට ආසයි. මොකද ඒම වුනාම අර මන්ඩලේ උන්ට කන්න‍බොන්න නැතුව මැරිල යාවි.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද එතකොට උන්ට කන්න වෙන ඒවා දෙනවා , අර එකෙක්ට පයින් එයා එක දුන්නේ

      Delete
  6. .....?????? හැක් .... වැල් ... come ......කිව්ව එහෙනං ....

    ReplyDelete
  7. ක්‍රිකට් බෝඩ් එකේ එවුන්නම් හැමදාම දිණුම්...ක්‍රිකට්ව්ලට මොනවා උනත්.

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතින් , උන්ට ක්‍රිකට් නැතත් දිනන්න ක්‍රම තියේ

      Delete
  8. ඔබේ පැතුමට මමත් එකඟය...

    ජය වේවා!!!!

    ReplyDelete
  9. අනාවැකිය ලියන්න අමතක උනාදෝ? වෙල් කම් කිවුවා එහෙනම්..

    ReplyDelete
  10. බුකියෙ දාපු එක මාත් දානව. ඇයි උඹට හොඳ නං අපිට මොකද,

    //රයිට් බලමු! මගේ නං අංක එක ඕස්ට්‍රේලියාව. (ලංකාව ඇරුනම, ලංකාවට තියෙන්නෙ කැමැත්ත) මොකද ඩේවිඩ් වෝනර් එහෙම හොඳ ෆෝම් එකක ඉන්නව. කොදෙව්වනුත් නරක නෑ. මොකද ප්‍රහාරය වගේම දඟ පන්දු යවන්නන් දෙන්නම හොඳ තත්වෙ ඉන්නෙ. ඉන්දියාව ගත්තොත් පන්දු යවන්නන් එච්චර හොඳ තත්වෙක නෑ වගේම පිතිකරුවනුත් ෆෝම් එකක නැ. නමුත් කියන්නත් බෑ. ලංකාවට තියන අවුල තමයි මණ්ඩලේ කචල් වීම. මණ්ඩලේ කචල් වෙන හැම වෙලාවකම වගේ අපි පැරදිලා තියනව. නමුත් මාස දෙකක් බංගලිදේශෙ ඉඳල තිබීම නං සෑහෙන වාසියක්.//

    ReplyDelete
  11. මාතලන්ගෙ පාර දිගේ මාත් ආවා..

    ReplyDelete
  12. ක්‍රිඩකයන්ගෙ පඩියෙන් දෙශප්‍රෙමෙ හොයන බුරුවන්ට තෙරෙන්නෙ නැ මෙ බොඩ් එක කෙවල් කරන්නෙ අරුන් මහන්සියෙන් හොයන සල්ලි කියල.ටිම් එකට මුන් ඇවිල්ල තියෙන්නෙ නිකන් නෙමෙයි උන්ගෙ මහන්සියෙන් කියන එක අමතකයි නෙ.අනෙ නායකය ගැන නම් කියල වැඩක් නැ.මැතිවුස් ලග ඉන්න නිසා හොදයි.
    මාතෙ පාර කිවුවෙ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව