Skip to main content

බුවාගෙන් කථාවක්

බුවා අද කථාවක් කියන්නයි හදන්නේ . හැමදාම ලියන සමාජ කාරණා වලින් පොඩියක් ඈත් වෙන්නත් එක්ක . මේ කථාව දන්න අයත් ඇති මමත් ලඟදි වෙන කෙනෙකුගෙන් අහගත්ත එකක්


ඔන්න එකෝමත් එක රටක ( ලංකාව කියමුකො ) ඇට්ටර කොලුවෙක් හිටියා . මුගේ නම...( මම අහපු කථාවෙ නම් කොලුවට නමක් නැහැ නමුත් කෝකටත් අපි ඌට ඇම්ඩා කියල කියමුකො ) .ඔන්න ඇම්ඩා දවසක් විභාගයක් ලියන්නේයි කියල ගියා . ලංකාවෙ විභාග කියන්නේ ඉතින් ලමයි මරවන්න හදපුව නේ කොහොමත් ඇම්ඩා වගෙ අයට විභාග අමාරුයි .

ඔන්න දැන් විභාගය පටන් අරගෙන ටික වේලාවක් ගත උනා .ශාලාධිපතිතුමත් ලමයි දිහා කන්න වගේ බලාන ඉන්නව . ඇයි හත්දෙය්යනේ එකෙක් වත් කොපි කරොත් එහෙම කවද හරි සක්විති වගෙ ලෝක හොරෙක් වෙලා නෙව නවතින්නෙ . ඉතින් ශාලධිපතිතුමා ඔහොම alert  එකේ ඉන්නකොට දැක්ක ඇම්ඩ කොලයක් බලගෙන මොනවදෝ ලියනව . ශාලධිපතිට මල , ඒත් ඉස්කෝලෙදි වගෙ විභාග ශාලවෙදි කැගහල බනින්න බැනේ . එනිසා ටිකක් වෙලා ඇම්ඩා දිහාම බලාන හිටියා. එතකොටවත් වැඩේ නතර වෙයි ද බලන්න . කොහෙද ඇම්ඩට ගානේ ගානක් නැහැ, හිටු කියල ලියනව. සැරින් සැරේ ඔලුව උස්සල බලනව අයෙත් ලියනව  . ඒ පාර නම් ශාලධිපති තුමගේ මල්වඩමම පැන්න . ගියා ඇම්ඩ ලඟට .ගිහින් හෙමීට උගුර පොඩ්ඩක් පැදුවා . "අම්මට උඩු ශාලධිපතිය ලඟ " ඇම්ඩා කලබල වෙලා බල බල හිටපු කොලේ පොඩි කරල බිමිට දැම්ම .ශාලධිපතිතුමත් ඇම්ඩට ඇඟ සලිත වෙන සයිස් එකේ බැල්මක් දාල බිම වැටිලා තිබුන කොලේ අරගේන බැලුව .

ඒකේ ලියල තියනවලු " සර් රැවටුනා නේද ? " කියලා  

ශාලාධිපතිට  කලිසම බිම වැටුණ ගානට ලැජ්ජයි ලු , සිද්ධිය දැක්ක වටේ පිටෙ ඉන්න උන් කින්ඩියට හිනාවකුත් දැම්මලු , ඒත් මොනව කරන්නද . බිම බලාගෙන තමන්ගේ පුටුවට ගිහින් ලමයි උත්තර ලියන දිහා බලාන ඉන්නවලු .හැබැයි ඇම්ඩ ඉන්න පැත්ත බලන්නේවත් නැතුව.

 ඔහොම ටික වෙලාව්ක් ගත උනා ශාලාධිපති අංකල්ට අයෙත් නිකන් කැහිල්ල වගේලු ඇම්ඩා මොනව කරනවද කියල බලන්නේ නැතුව . ( අපේ රටෙ උන්ට කොහොමත් ලැජ්ජාව කියල නාමයක් නැහැනේ එකම දේට  දෙතුන් සැරේ චැටර් වෙන්වනෙ )
ඒ නිසා ශේප් එකේ ඇම්ඩා ඒ පාරත් මොනවදො ලියනවලු කොලයක් බලාගෙන . මේ පාර නම් ඇත්තටම කොපි කරනව වගේමලු ටිකක් ලියනවලු කවුරු හරි දකීවිද කියල වට පිට බලනවලු අයෙමත් ලියනවලු

" මූ හදන්නෙ මාව ගොනාට අන්දලා කොපි කරන්න"  තමයි කියල හිතපු ශාලාධිපති ගොන්පොර තරඟයක කුලු හරෙකෙක් වගෙ පිඹගෙනම ගියා ඇම්ඩා ලඟට . ශාලාධිපති වේගයෙන් ලඟට එනව දැක්ක ඇම්ඩා දඩිබිඩි ගාල ලිය ලිය හිටපු කොලෙයි බල හිටපු කොලෙයි  කොල ටික අස්සේ ගහගත්ත . හැබැයි හදිසිය නිසා ලිය ලිය හිටපු කොලෙ කොනක් එලියෙ .

 ඇම්ඩ ලඟට අපු ශාලධිපතිත් " හිතුව මදි 'කලවැද්දා' තෝ මාව තම්බන්න " ( ශාලාධිපති අංකල් 'ෆොන්සේකා' පාක්ෂිකයෙක් ද කොහෙද ) කියලා සද්දයක් එහෙම දාල අර එලිය පෙන්න තිබුනු කොනෙන් ඇම්ඩ ලිය ලිය හිටපු කොලය එලිය ඇදල බැලුවා

ඒකෙ ලියල තියනව " සර් අයෙමත් රැවටුණා නේද ?" කියලා













 

Comments

  1. pattai elakiri machan
    ඔබ සම ලන්කවෙ ෆෙස්බුක් වෙත අරදනා කරමු.
    www.teenlanka.net

    isthuthiyi

    ReplyDelete
  2. නෝන්ඩි ගොඩා...........යි. ඊළඟ පාර ඇම්ඩා ඇත්තටම කොපි කළාද දන්නේ නැහැ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ ...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...

සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය කිරීමට නිර්දේශ දෙන අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ "සිංහල බෞද්ධ විද්වතා " ....

ආගමික ප්‍රශ්නයන් දිගින් දිගටම ඇදගෙන බ්ලොග් කරණය ඇතුලේ "හෝලි වෝ" එකක් පටන් ගන්න අදහසක් නැතත් , පසුගිය දින  කිහිපය පුරාවට අන්වර් මනතුංග උන්නැහෙගේ බ්ලොග් අඩවිය තුලදී  නොයෙකුත් ආකාරයේ වාදයන්ට එලඹුන "කාන්තාවන්ගේ වස්ත්‍රය පිලිබඳ " ඉස්ලාමීය මතය පිලිබඳ සාකච්ඡාව ට තවත් එකතු කිරීමක් කරන්න සිද්ධ වෙලා තියනවා . ඒ අන්වර් මනතුංග මහත්තයා තමන්ගේ ඉස්ලාමිය මතය තහවුරු කරන්න " සිංහල බෞද්ධ විද්වතෙකු" ගේ අදහස් කියල ලිපියක් එකතු කරලා තියන නිසා කාන්තාවගේ වස්ත්‍රයන් සම්බන්ධව ඉස්ලාමයේ තියන මතය පිලිබඳ අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ . ඒ වගේම මගේ බ්ලොග් අඩව්යේ පාඨකයින් සාතිශය බහුතරකට  පිරිමින්ගේ වලත්ත කම් වලට කාන්තාව වැසීමේ අයුක්තිසහගත නිතියේ ගෝත්‍රික ස්වාභාවය පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකකුත් නෑ . මේ පිලිබඳ මගේ මතය ඉතාම සංෂිප්තව කියනවා නම් "කාන්තාවගේ ඇඳුම පිලිබඳ පූර්ණ අයිතිය  කාන්තාව සතුයි " කියන එක .  ඒ මතවාදය තුල නොඉන්නවා නම් කාන්තාවන්ගේ ඇඳුමට ආගමික හෝ වෙනත්  බාහිර තහංචි අවැසියයි සිතනවා නම් .කාන්තාවන්ට සිදුවෙන අතවරයන් වලක්වා ගන්න ඇයව ආවරණය කල යුතුයැ...