Skip to main content

බුවාගෙන් කථාවක්

බුවා අද කථාවක් කියන්නයි හදන්නේ . හැමදාම ලියන සමාජ කාරණා වලින් පොඩියක් ඈත් වෙන්නත් එක්ක . මේ කථාව දන්න අයත් ඇති මමත් ලඟදි වෙන කෙනෙකුගෙන් අහගත්ත එකක්


ඔන්න එකෝමත් එක රටක ( ලංකාව කියමුකො ) ඇට්ටර කොලුවෙක් හිටියා . මුගේ නම...( මම අහපු කථාවෙ නම් කොලුවට නමක් නැහැ නමුත් කෝකටත් අපි ඌට ඇම්ඩා කියල කියමුකො ) .ඔන්න ඇම්ඩා දවසක් විභාගයක් ලියන්නේයි කියල ගියා . ලංකාවෙ විභාග කියන්නේ ඉතින් ලමයි මරවන්න හදපුව නේ කොහොමත් ඇම්ඩා වගෙ අයට විභාග අමාරුයි .

ඔන්න දැන් විභාගය පටන් අරගෙන ටික වේලාවක් ගත උනා .ශාලාධිපතිතුමත් ලමයි දිහා කන්න වගේ බලාන ඉන්නව . ඇයි හත්දෙය්යනේ එකෙක් වත් කොපි කරොත් එහෙම කවද හරි සක්විති වගෙ ලෝක හොරෙක් වෙලා නෙව නවතින්නෙ . ඉතින් ශාලධිපතිතුමා ඔහොම alert  එකේ ඉන්නකොට දැක්ක ඇම්ඩ කොලයක් බලගෙන මොනවදෝ ලියනව . ශාලධිපතිට මල , ඒත් ඉස්කෝලෙදි වගෙ විභාග ශාලවෙදි කැගහල බනින්න බැනේ . එනිසා ටිකක් වෙලා ඇම්ඩා දිහාම බලාන හිටියා. එතකොටවත් වැඩේ නතර වෙයි ද බලන්න . කොහෙද ඇම්ඩට ගානේ ගානක් නැහැ, හිටු කියල ලියනව. සැරින් සැරේ ඔලුව උස්සල බලනව අයෙත් ලියනව  . ඒ පාර නම් ශාලධිපති තුමගේ මල්වඩමම පැන්න . ගියා ඇම්ඩ ලඟට .ගිහින් හෙමීට උගුර පොඩ්ඩක් පැදුවා . "අම්මට උඩු ශාලධිපතිය ලඟ " ඇම්ඩා කලබල වෙලා බල බල හිටපු කොලේ පොඩි කරල බිමිට දැම්ම .ශාලධිපතිතුමත් ඇම්ඩට ඇඟ සලිත වෙන සයිස් එකේ බැල්මක් දාල බිම වැටිලා තිබුන කොලේ අරගේන බැලුව .

ඒකේ ලියල තියනවලු " සර් රැවටුනා නේද ? " කියලා  

ශාලාධිපතිට  කලිසම බිම වැටුණ ගානට ලැජ්ජයි ලු , සිද්ධිය දැක්ක වටේ පිටෙ ඉන්න උන් කින්ඩියට හිනාවකුත් දැම්මලු , ඒත් මොනව කරන්නද . බිම බලාගෙන තමන්ගේ පුටුවට ගිහින් ලමයි උත්තර ලියන දිහා බලාන ඉන්නවලු .හැබැයි ඇම්ඩ ඉන්න පැත්ත බලන්නේවත් නැතුව.

 ඔහොම ටික වෙලාව්ක් ගත උනා ශාලාධිපති අංකල්ට අයෙත් නිකන් කැහිල්ල වගේලු ඇම්ඩා මොනව කරනවද කියල බලන්නේ නැතුව . ( අපේ රටෙ උන්ට කොහොමත් ලැජ්ජාව කියල නාමයක් නැහැනේ එකම දේට  දෙතුන් සැරේ චැටර් වෙන්වනෙ )
ඒ නිසා ශේප් එකේ ඇම්ඩා ඒ පාරත් මොනවදො ලියනවලු කොලයක් බලාගෙන . මේ පාර නම් ඇත්තටම කොපි කරනව වගේමලු ටිකක් ලියනවලු කවුරු හරි දකීවිද කියල වට පිට බලනවලු අයෙමත් ලියනවලු

" මූ හදන්නෙ මාව ගොනාට අන්දලා කොපි කරන්න"  තමයි කියල හිතපු ශාලාධිපති ගොන්පොර තරඟයක කුලු හරෙකෙක් වගෙ පිඹගෙනම ගියා ඇම්ඩා ලඟට . ශාලාධිපති වේගයෙන් ලඟට එනව දැක්ක ඇම්ඩා දඩිබිඩි ගාල ලිය ලිය හිටපු කොලෙයි බල හිටපු කොලෙයි  කොල ටික අස්සේ ගහගත්ත . හැබැයි හදිසිය නිසා ලිය ලිය හිටපු කොලෙ කොනක් එලියෙ .

 ඇම්ඩ ලඟට අපු ශාලධිපතිත් " හිතුව මදි 'කලවැද්දා' තෝ මාව තම්බන්න " ( ශාලාධිපති අංකල් 'ෆොන්සේකා' පාක්ෂිකයෙක් ද කොහෙද ) කියලා සද්දයක් එහෙම දාල අර එලිය පෙන්න තිබුනු කොනෙන් ඇම්ඩ ලිය ලිය හිටපු කොලය එලිය ඇදල බැලුවා

ඒකෙ ලියල තියනව " සර් අයෙමත් රැවටුණා නේද ?" කියලා













 

Comments

  1. pattai elakiri machan
    ඔබ සම ලන්කවෙ ෆෙස්බුක් වෙත අරදනා කරමු.
    www.teenlanka.net

    isthuthiyi

    ReplyDelete
  2. නෝන්ඩි ගොඩා...........යි. ඊළඟ පාර ඇම්ඩා ඇත්තටම කොපි කළාද දන්නේ නැහැ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව