Skip to main content

Lanka E News ගිනි ගත්තාද ? ගිනි තිබ්බාද? ගිනි තියා ගත්තාද ?

ලංකා ඉ නිව්ස් කාර්යාලය ගිනි ගෙන විනාශ වී ඇත. එය ඉබේ ගිනි ගත්තාද?  තමන්ම ගිනි තියා ගත්තාද? ගිනි තිබ්බාද? තිබ්බා නම් කොයි එකාද? මොන එහෙකටද?? ප්‍රශ්න රාශියකි .ලංකා ඉ නිවුස් මෑත කාලයේ පහර කැමට ලක්වූ පලමු මාධ්‍ය ආයතනය නොවේ , ලංකා ඉ නිව්ස් මර්ධනයට ලක්වූ පලමු අවස්ථාවද මෙය නොවේ. රටක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මිණුම් දණ්ඩක් වූ මාධ්‍ය නිදහස මෙලෙසින් උල්ලංඝනය වන්නේ ඇයි ?  හැමදාම වන ලෙසින් පොලිස් පරීක්ෂණ පැවැත්වේ.මාධ්‍ය සංවිධාන දවසක් දෙකක් උද්ඝෝෂණ පවත්වයි ගහපු එකෙක් , ගහපු හේතුවක් මෙතෙක් නම් හොයාගෙන නැත ( මේකෙදිවත් හොයා ගත්තොත් ඉතා හොඳය )



මේ  සිද්දියේ මාධ්‍ය වාර්තා


පේන හැටියට නම් සිදුවී ඇත්තෙ ලංකා ඉ නිවුස් කාර්යාලය ගිනි ගැනීමය . නමුත් මාධ්‍ය වාර්ථා ගොඩකි. අනික් මාධ්‍ය සියල්ලම නාඳුනන පිරිසක් තැබු ගින්නක් ගැන වාර්ථා කරත්දී රජයෙ ඇමති වරයෙකුට සම්බන්ඳ යැයි පැවසෙන( පැවසෙනවා පමණක් නොව ඒ බව පෙනෙන )ලංකා c නිවුස් සිද්දිය වාර්ථා කරන්නේ  මෙලෙසය
http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=3631:-lanka-e-news-&catid=1:latest-news&Itemid=269

එයට අනුව නම් පහර දී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධ පිරිසකි . එනම් විපක්ෂ නායකතුමා ගේ පිරිසක් විය යුතුය . ඒ අතරෙ දිනමින පුවත්පත කියන්නේ මෙහෙමය http://www.dinamina.lk/2011/02/01/_art.asp?fn=n1102013

එයට අනුව කාමරයේ කාන්තා යට ඇඳුම් , උපත් පාලන කොපු තිබී  ඇත . ඔවුනට වඩා වැදගත් ගිනි ගැනීම නොව හොයා ගත් ඒවාය  ( හයිලයිට් කර ඇත්තේ ඒ නිසා විය යුතුය ). පුදුමයට කාරණය නම් පරිගනක යන්ත්‍රත් ගිනි ගනිත් දී කොන්ඩම් ටිකයි , ජංගි ටිකයි බේරුන එකය .

 ජනපතිතුමා පරික්ෂන  පැවත්වීමට නියෝග දෙත්දී රාජ්‍ය හා රජයට හිතවත් මාධ්‍ය මෙලෙස හැසිරෙන්නේ ඇයි ?


ලංකා ඉ නිවුස් මත වාදය ගැටලුවක් වුයේ කාටද ?


ලංකා ඉ නිවුස් පසු කාලය පුරාවටම තම මත වාදය කර ගත්තේ රාජපක්ෂ රජයට විරුද්ධ වීමය . හරි වැරදි හැමදේම විවේචනය කල  ලංකා ඉ නිවුස් මතවාදයද බරපතල ප්‍රශ්නාර්ථයක් වුවත් එය ඔවුනගේ අයිතියකි . අනෙක් අතට මංගල සමරවීරගේ නම ලංකා ඉ නිවුස් සමග කිය උනත් එය එජාපයටත් හිතවත් නැත . පසු ගිය කාලය පුරාවටම ඔවුන් කලේ ටොම් පච කෙලමින් එජාපය දෙකඩ වන ආකරයේ පුවත් ඉස්මතු කිරීමය . නමුත් එයත් ඔවුනගේ අයිතියකි  . එතකොට ගිනි තිබ්බේ කව්ද ? පසු ගිය කාලයේ සිදූවූ සිදුවීම් නිසා පලමු ඇඟිල්ල දිගුවන්නේ රජය දෙසටය , අනෙක් අතට ලංකා c නිවුස් කියනා අකාරයේ වැඩක් කිරීමට තරම් හැකියාවක් එජාපයට තිබේද යන්නද සැක සහිතය . එනිසා තමන් පිරිසිදු විමේ වගකීම ඇත්තේ රජයටය . ඔවුනට ඒ සඳහා හැකියාවද ඇත   . කල යුතුවන්නේ මෙවරවත් වැඩේ කල උන් රටට ඉදිරිපත් කිරීමය . එවිට ප්‍රශ්නය අහවරය . නමුත් අතීත අත්දැකීම් අනුවත් , රජයට සම්බන්ද අයගේ හැසීරීම් වලිනුත් එසේ වන බවක් තවම නම් පෙන්නේ නැත.




ගහපු එකෙන් වැඩක් තියේද ? 

අවසානයට ඇතිවන   ප්‍රශ්නය මෙයයි  . මුද්‍රිත , හෝ විද්‍යුත් මාධ්‍යක් ගිනි තැබීමෙන් නම් ඔවුනගේ කටයුතු සැහන පරිදි අඩාල කල හැක . නමුත් පරිගනකයක් හා අන්තර්ජාල සබඳතාවයක් පමන අවැසි මාධ්‍යක් එලෙස අඩපන කල හැකි වන්නේ නැත . සිදූවූ ආර්ථික අලාබය හැරුනු මිසක ලංකා ඉ නිවුස් අඩපන වී නැත . ඉහල මට්ටමේ ප්‍රචාරයක් නම් ලැබී ඇත

අවසානයට ඉතිරි වන්නේ පසු ගිය කාලයෙ සුපුරුදු කතාවය ඒ " තමන්ම ගිනි තියා ගැනීමය " කඩේ යන උන් එකා දෙන්නා එවැනි අදහස් කීවත් වග කිව යුත්තෙක් තාම එවැන්නක් කියා නැත .

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ මෙවන් සිදුවීම සිදු නොවිය යුතු බවය , සිදු නොකල යුතු බවය , සිදුවන එක වලක්වා ගත යුතු බවය . දැයට සැබැවින්ම කිරුලු පැලදෙන්නේ එවිටය

Comments

  1. කවුරු කලත් කර ගත්තත් අමුම අමු මෝඩ වැඩක් ......

    හොඳ ලිපියක් .......

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය කිරීමට නිර්දේශ දෙන අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ "සිංහල බෞද්ධ විද්වතා " ....

ආගමික ප්‍රශ්නයන් දිගින් දිගටම ඇදගෙන බ්ලොග් කරණය ඇතුලේ "හෝලි වෝ" එකක් පටන් ගන්න අදහසක් නැතත් , පසුගිය දින  කිහිපය පුරාවට අන්වර් මනතුංග උන්නැහෙගේ බ්ලොග් අඩවිය තුලදී  නොයෙකුත් ආකාරයේ වාදයන්ට එලඹුන "කාන්තාවන්ගේ වස්ත්‍රය පිලිබඳ " ඉස්ලාමීය මතය පිලිබඳ සාකච්ඡාව ට තවත් එකතු කිරීමක් කරන්න සිද්ධ වෙලා තියනවා . ඒ අන්වර් මනතුංග මහත්තයා තමන්ගේ ඉස්ලාමිය මතය තහවුරු කරන්න " සිංහල බෞද්ධ විද්වතෙකු" ගේ අදහස් කියල ලිපියක් එකතු කරලා තියන නිසා කාන්තාවගේ වස්ත්‍රයන් සම්බන්ධව ඉස්ලාමයේ තියන මතය පිලිබඳ අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ . ඒ වගේම මගේ බ්ලොග් අඩව්යේ පාඨකයින් සාතිශය බහුතරකට  පිරිමින්ගේ වලත්ත කම් වලට කාන්තාව වැසීමේ අයුක්තිසහගත නිතියේ ගෝත්‍රික ස්වාභාවය පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකකුත් නෑ . මේ පිලිබඳ මගේ මතය ඉතාම සංෂිප්තව කියනවා නම් "කාන්තාවගේ ඇඳුම පිලිබඳ පූර්ණ අයිතිය  කාන්තාව සතුයි " කියන එක .  ඒ මතවාදය තුල නොඉන්නවා නම් කාන්තාවන්ගේ ඇඳුමට ආගමික හෝ වෙනත්  බාහිර තහංචි අවැසියයි සිතනවා නම් .කාන්තාවන්ට සිදුවෙන අතවරයන් වලක්වා ගන්න ඇයව ආවරණය කල යුතුයැ...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...

ඕං අවුරුදු දෙකයි !

බ්ලොග් කරණයට එකතු වෙලා  අදට අවුරුදු දෙකක් . බ්ලොග් රචකයෙක් වීමට  මාස කිහිපයකට කලින් ඉඳන් බ්ලොග් කියවීම සිදු කලත් පලවෙනි කමෙන්ටුව පල කලේ බ්ලොග් ලියන්න පටන් ගැනීමෙන් පස්සෙ නිසා සමස්ථ බ්ලොග් අවකාශයටම මගේ ආගමනය සිදුවුනේ වසර දෙකකට කලින්ය කියන්න පුලුවන් .බ්ලොග් කරණයට පිවිසෙන්න උදව් කරපු සියලු දෙනාටම වගේ එදා ඉඳන් අද දක්වා එක් වතාවක් හෝ මගේ බ්ලොග් අඩවියට පිවිසුන , කමෙන්ට් කරපු සියලු දෙනාටමත් සින්ඩිකේටර හිමිකරුවන්ට සහ තමන්ගේ බ්ලොග් රෝල වලට එකතු කල බ්ලොග් කරුවන්ටත්  මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමන්නේ මේ කාර්යයේ සාර්ථකත්වයට ප්‍රභලතම හේතුව ඔවුන් නිසා . 2010/7/8 වෙනිදා ඉඳන් අද දක්වා ලියවිලා තියන මුලු ලිපි සංඛ්‍යාව 145 කියල සටහන් වුනත් , මේ වගේ සැමරුම් , නිවේදන ආදී ලිපි ඉවත් කලාම වැදගත් (හෝ මම වැදගත්ය කියලා හිතාන ඉන්න ) ලිපි ගණන 135-140 අතර ගණනක් වෙන්න පුලුවන් . දැනට බ්ලොග් අඩවියේ  සටහන් වෙලා තියන මුලු පිවිසුම් සංඛ්‍යාව 85402 ක් . මගේ ප්‍රතිචාරත් ඇතුලුව මුලු ප්‍රතිචාර සංඛ්‍යාව 2812ක් .  2010 වසරේ පටන් ගත්ත බ්ලොග් කරණය වඩාත් සාර්ථක වුනේ 2011 වසරේදි ,  මම ලියපු ජනප්‍රිය...