කලින් ලිපියේ කථා බහට ලක් කල කාරණා අතර්ද සිරස නාලිකාව හා රනිල් වික්‍රම සිංහ මහතා අතර හටගත් ගැටුම පිලිබඳ ද සඳහන් කර තිබුනත් ඒ පිලිබඳව තවදුරටත් කතා කලයුතුයැයි හැඟේ . රනිල් වික්‍රමසිංහ මහතා සිරස නාලිකාව අධිපතිවරයා ට කල චෝදනාව සම්බන්ධයෙන් කිසිදු පිලිතුරක් නොදෙන සිරස නාලිකාව රනිල් වික්‍රමසිංහ මහතාට පුද්ගලිකව මඩ ගැසීමේ ව්‍යාපාරයක නිරත වී සිටින බව පැහැදිලිය . පසුගිය මාස කිහිපය පුරාවට රනිල් වික්‍රමසිංහ මහතා එජාපයෙන් එලවීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන සිටි සිරස සැම ප්රවෘත්ති විකාශයකදීම ඒ වෙනුවෙන් කාලයක් වෙන් කරන්නටද අමතක කලේ නැත . එජාපයේ නායකයා වෙනස් වීම පිලිබඳ තීරණය අදාල පක්ෂයේ පාක්ෂිකයා සතුවන අතර මාධ්‍යකට ඒ පිලිබඳ වාර්ථා කිරීම විනා අනවශ්‍ය ලෙස ඇඟිලි ගැහීමේ අයිතියක් නැත . ඒ පිලිබඳ සාකච්ඡාවකට යන්නේ නම් එය නිශ්චිත අවස්ථාවකට (හෝ කිහිපයකට ) සීමා විය යුතු අතර ඒ ගැන අවසන් නිගමන දීමට හෝ දිගින් දිගටම පස්සෙන් පැන්නීමට සදාචාරාත්මක අයිතියක් නොමැත .
සිරසෙන් තමාට විරුද්ධ දිගට හරහට ගසත්දිත් තමාට සුපුරුදු නිහැඬියාව අනුගමනය කල වික්‍රමසිංහ මහතා සිරසට විරුද්ධව යුධ ප්‍රකාශ කරන්නේ තමාට එරෙහිව නැඟුනු ආසන්තම (වඩාත් සාධාරණම ) අරගලය තුලය . එහිදී සජිත් පාර්ශවය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි සිරස නාලිකාවට , හිමි කරුවාටත් වික්‍රමසිංහ මහතා එල්ල කරන්නේ ලාංකීය ඉතිහාසයේ මාධ්‍ය ආයතනයකට එල්ල කල බරපතලම චෝදනාවය . ජනතා පරමාධිපත්‍යයේ උත්තරීතර නිරූපණය වූ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා ව්‍යාපාරිකයෙකු විසින් "ජාතික ලයිස්තු මන්ත්‍රි ධූර " ඉල්ලා සිටීම සැබැවින්ම බරපතල ලෙස සැලකිය යුතු කාරණාවක් වන අතර , එවැන්නකට විරෝධය පල කිරීම වෙනුවෙන් පක්ෂ නායකයෙකුට එරෙහිව ගෙනියන මඩ ප්‍රහාරයක්ද දැඩිසේ හෙලා දැකිය යුතුය . කෙසේ වුවත් අදාල කාරණාව පිලිබඳ වැඩි දුර විස්තර නොකියූ වික්‍රමසිංහ මහතා සුපුරුදු සිනා මුසු මුහුණින් කිලී මහරාජා ට පිලිතුරු දීමේ වගකීම බාර කරන්නේ සත්‍ය , අසත්‍යතාව කිරා බැලීමේ අවස්ථාව තවත් වටයක් හරහා ජනතාවටත් අනෙකුත් මාධ්යන්ටත් ලබා දෙමිනි
රනිල්ගේ සිනාව කෙසේ වුවත් ප්‍රකාශයේ ඇති බරපතල බව සැලකූ විට ඒ සඳහා සිරසේ හිමි කරුවන් විසින් අත්‍යාවශ්‍යයෙන්ම මාධ්‍ය හමුවක් තබා පිලිතුරු සැපයිය යුතුව තිබුනි . නමුත් මේ දක්වාත් එවැන්නක් සිදු කර නොමැති අතර ඉතා පහත් " දෙකයි පනහේ " මඩ ප්‍රහාරයක් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ක්‍රියාත්මක කර ඇත . තිස්ස අත්තනායක මහතාගේ ග්‍රන්ථය එලිදැක්වීම වෙනුවෙන් පැවැති උත්සවයේදී වික්‍රමසිංහ මහතා කල කථාවේ වචනයක් උපුටාගෙන එය අසභ්‍ය යැයි ලේබල් ගැසීමට පමණක් නොව ඒ ගැන මත විමසුම් හා SMS ගැසීමේ නාඩගමක්ද පටන්ගෙන ඇත .
http://www.gossip9.com/2011/08/blog-post_21.html
තමාට එල්ලවූ චෝදනාවන්ට නිසි පිලිතුරු ලබා නොදී රටේ විපක්ෂ නායකයාට එරෙහිව සිරස ගන්නා "ගොන් ආතලය " ඔවුන් වටා ඉතිරිව සිටිනා (දේශපාලනිකව ) ප්‍රේක්ෂකයින්ගෙන් කොටසක්ද අහිමි කරගැනීමට හේතුවක් බව වත් සිරස පාලකයින් විසින් තේරුම් ගන්නා බවක් නොපෙනේ . අසික්කිත දේශපාලන කෙරුවාවෙන් ගොන් ආතල් ගන්නා සිරස තමාට එල්ලවූ චෝදනා වලට පිලිතුරු දීමට අසමත් වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතා එල්ල කල චෝදනා පිලිගැනීමට සිදුවෙනවා පමණක් නොව එවන් අයථා හේතුවක් මත රනිල්ට මඩ ගසන්නට තරම් නින්දිත වූ සිරසට එරෙහිව ඇති අනෙකුත් චෝදනා වලටද පදනමක් ඇති බව පිලිගැනීමට සිදුවේ . එමෙන්ම එසේවුවහොත් එවන් නීච මාධ්‍ය ආයතනයක් හරහා පක්ෂයේ නායකත්වයට අර අඳින පුද්ගලයින්ට වඩා සැමදා පැරදෙන වික්‍රමසිංහ මහතා වුවත් දහස් ගුණයකින් යහපත් බව එජාප පාක්ෂිකයින් කෙසේ වෙතත් සාමාන්‍ය රටවැසියාවත් තේරුම් ගත යුතුය
මේ ගැන අජිත් පැරකුම් මහතා කරන ලද පහත ප්‍රකාශය (W3lanka ලිපියට මෙතනින් ) , ඉතාම සරලව සිරසේ ක්‍රියා කලාපය පැහැදිලි කරනා බව මාගේ විශ්වාසයයි
ඕං මමත් කට්ටියගේ අදහස් දැන ගන්න මත විමසුමක් දැම්මා .. ලිපිය කියනව අය කරුණාකරල තමන්ගේ මතයත් ප්‍රකාශ කරල ගියොත් ලොකු උදව්වක්

"එය පුන පුනා ප්‍රචාරය කරමින් ඒක හොඳ ද කියා ඇසීම අපට නම් පෙනෙන්නේ කිරි පණු ගාය ඇති අය පස්ස පැත්ත කස, කසා ඇඟිල්ල නහයට ළං කර බලමින් විඳින ආතල් එක වැනි දෙයක් ය කියා ය.
ඕං මමත් කට්ටියගේ අදහස් දැන ගන්න මත විමසුමක් දැම්මා .. ලිපිය කියනව අය කරුණාකරල තමන්ගේ මතයත් ප්‍රකාශ කරල ගියොත් ලොකු උදව්වක්
සිරස නමින් හදුන්වන කිරි පනුවාට බෙහෙත් කිරීම රනිල් නැමැති දොස්තර විසින් බෙහෙත් සොයා ගෙන ඇත ජනයාට ඇත්තේ එය පානය කිරීමට ය
ReplyDeleteටිකක් බර වැඩි ද මන්දා කතාව .....
වික්‍රමසිංහ මහත්තයා කොයි වෙලාවෙත් නිහඩ ප්රතිපත්තියෙනේ අනුගමනය කරන්නේ.
ReplyDeleteඒ නිසා මේ වෙලාවදිත් නිහඩ ප්රතිපත්තියක්ම තමයි !!!!
මහරාජා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් ඉල්ලුවානම්,එහෙම ඉල්ලන්න ව්‍යාපාරිකයන්ට හැකියාවක් හදපු ,රටේ මහ පක්ෂෙක දේශපාලන වගකීම මොකද්ද කියන එක ලොකු ප්‍රශ්නයක්.මහරාජට දැන් වඩාත් ලාභ දේ රනිල්ට නෙවෙයි,මහින්දට සහය දෙන එක.ඉතින් උන්නැහේ වඩාත් බඩ වඩන දේශපාලනේ තෝරගෙන තියනවා.
ReplyDelete//මහරාජා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් ඉල්ලුවානම්,එහෙම ඉල්ලන්න ව්‍යාපාරිකයන්ට හැකියාවක් හදපු ,රටේ මහ පක්ෂෙක දේශපාලන වගකීම මොකද්ද කියන එක ලොකු ප්‍රශ්නයක්//
ReplyDeleteසිරසෙ තුප්පහි වැඩේ පිළිකුල් කරන ගමන් sithuwilimandiya ගේන මේ පොයින්ට් එකත් වැදගත්. මුං ඔක්කොම එකයි.
අද සිරස ප්රවෘත්ති තනිකරම රනිල්ට හා මංගල සමරවීරට මඩ ගැසීම සඳහා වෙන් කොට තිබුනි.. ඔවුන්ගේ මාධ්‍ය ප්‍රතිපත්තිය හා පහත් බව මොනවට දැක ගත හැක..
ReplyDeleteඒක නම් ගොන් පානවා වැඩි වීමක් තමා...දැන් සිරසත් ITN එක වගේමයි...බලන්න කියලා චැනල් එකක් නෑ අප්පා..
ReplyDeleteරනිල්ගේ වැඩේ නම් හොදටම වැඩියි...අද මහින්ද සමරවීර අල්ලගෙන පෑවා ගොන්
@වෙලාව ලඟයි - එකඟයි
ReplyDelete@මධුරංග - නිහඬතාවය උනත් ඕනිවට වැඩි උනාම නරකයි කියන්න හොඳම උදාහරණය නේද ?
@සිතුවිලිමණ්ඩිය - හොඳ තර්කයක් (මට නොහිතුනු ) ස්තුතියි මතුකිරීම ගැන . සිරස මහින්දට වැඩ කරනවාද නැත්නම් යුඇන්පියට තමන්ට ඕනි විදිහට නටවන්න පුලුවන් එකෙක් දාගන්න හදනවාද කියන ඒකයි ගැටලුව
@චාමි - ඒ තර්කය සැහෙන්න ප්‍රභලයි කියල මටත් හිතෙනව
@මාතලන් - කොහොමටත් සිරස මොකක් හරි බදා ගත්තාම ඒකෙන්ම ජීවත් වෙන්න හරි දක්ෂයි , මට පෙන්නේ අයිටීන් එකටත් අන්තයි
@රත්ගමය - මට නම් ඔය ජරාව පේන්නේ නැ , වෙන වෙන තැන් වලින් තමයි දක්න්නේ
මුන් ඔක්කොම එකයි..
ReplyDeleteරනිල් නාල තියෙන මඩවල හැටියට ඕව මොනව ද?
ReplyDelete@chamma - :D
ReplyDelete@radical - ඒකත් ඇත්ත තමයි , ඒ උනත් ඔඅය තරමේ පැල් බැදෙගෙන මඩ ගැහිල්ලක් ආණ්ඩුවෙ චැනල් එකකින් වත් කරල නැතුව ඇති
වේස ගෑනිට එහෙම නොකිය කියන්න වෙන වචනයක් නෑ වේස ගෑනි කියන්නෙ ගණිකාව නෙමෙ...
ReplyDeleteකවුරු මොනා කිව්වත් තාම රනිල් තමා නායක..ඒක එහෙම වෙන්න ඕනි..නායකයො පොල්පිත්තෙන් කපන්න බෑ..නියම කෙනෙක් නම් වලි ඕනි නෑ ක්‍රියාවෙන්ම පෙන්නනව...
සිරසට චාරයක් හෝ හික්මීමක් නැති බව මට පැහැදිලි වී බොහෝ කල්ය.
ReplyDeleteකෙසේ වෙතත් ඔවුන් දේශපාලනයට මෙතරම් දුරට ඇගිලි ගැසීම (මන්ත්‍රී කම් එලීමට තරම්) නම් යහපත් ප්රවනතාවයක් නොවේ.
මෙය අනිත් අයත් (ව්‍යාපාරත්) ආදර්ශයට ගතහොත් (සිරස කොහොමත් ප්‍රසිද්ධ පිටරටින් අහිතකර දේ අනයනයටය) ශ්‍රී ලංකා මන්ත්‍රී, UNP මන්ත්‍රී, JVP මන්ත්‍රී වෙනුවට Distilleries මන්ත්‍රී, සෙලින්කෝ මන්ත්‍රී ආදී ලෙස නා නා ප්‍රකාර මන්ත්‍රී වරු බිහි විය හැක.
පසුගිය මහමැතිවරණයේදී එජාප යට හිමිවුණ ඡන්ද ප්‍රමාණය අඩුවීමත් එක්ක රනිල් මහතාට විශාල උහතෝකෝටිකයකට මුහුණ දෙන්න සිද්ධ වුණා ජාතික ලැයිස්තු මංත්‍රී ධූර බෙදීමේදී.මනෝ ගනේශන් වගේ හවුල්කාර පක්ෂ වල අයට මෙන්ම රුක්මන් සේනානායක වගේ පැරණි එජාප බලකනු වලටත් එජාප ජාතික ලැයිස්තුවෙන් හලන්න සිද්ද වුණා.මංත්‍රී ධූර කීපයක් විශාල පිරිසක් අතර බෙදීමට සිදුවීමේ අවසාන ප්‍රතිඵලය වුණේ රනිල්ට තරහකාරයෝ වැඩිවීම.අලු අතර තිබිල මේ උඩට ඇවිත් තියෙන්නේ ඒ අර්බුදයම කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteමහින්ද අබේසුන්දරයව සිරසෙ වැඩට ගත්තනම් හරි....
ReplyDeleteඅපිට ටීවි එකේ බලන්න දෙයක් ඇත්තෙම නැනෙ අප්පා
sirasa done strogly wrong thing....left wing say
ReplyDeleteමට නම් ඉතාම සතුටුයි. මේ එලි වෙන්නේ මෙතෙක් කලක් අපේ ජනතාවට සිද්ධ වුනු ඛේදවාචකයේ නිරුවත. ඔබ ලක්බිම ඉරිදා සංග්‍රහයේ අම්බලන්ගොඩයාගේ කථා කියවලා තියනව නම් තේරෙයි මම මේ කියන දේ. මේ ලංකාවේ යූ. ඇන්. පී. එකට වැඩිම ස්පොන්සර් කලේ බිස්නස් කාරයෝ. ඒක හොදට පේනවා බුද්ධිකගේ ලිපි වලින්. ගාමිනී ෆොන්සේකාව ස්පොන්සර් කලේත්, බුද්ධිකව(අම්බලන්ගොඩයා) ස්පොන්සර් කලේත් මහාරාජා. තව කීදෙනෙක්ට ස්පොන්සර් කරලා ඇත්ද? මම නම් ගරු කරනවා මේ ඇත්ත රටට රනිල් හෝ එලි කරපු එක ගැන. මේ නිසා තමයි අද සිරසට තද වෙලා තියන්නේ. දැන්වත් මේ ගොන් මෝඩයන්ට පෙනෙයිද මන්ද සිරසට නැත්තේත් සිරසක් කියලා.
ReplyDelete@indi - වේස ගැහැණිය කියන එකත් , රනිල් ඒක යෙදුවෙ කොතනටද , මොකකටද කියලවත් සාමාන්‍ය මිනිස්සුන්ට අව්බෝධයක් නැහැ
ReplyDelete@ano - සිරසෙ අවිචාරය අනවශ්‍ය ලෙසින් දේශපානලයට ඇඳීම ඔබ කිවාක් මෙන් සමාගම් නියෝජනය කරන මන්ත්‍රිලා බිහිවීමටද හෙතුවිය හැක (දැනටත් ශ්‍රි රංගා යනු එවැන්නෙක් බව මට පෙනී ගොස් ඇත )
@ජයශ්‍රි - ඒවගේ තමයි මටත් පෙන්නේ , කොහොම උනත් දෙශපාලන පක්ෂවල මන්ත්‍රි ධූර කතන්දරේට වඩා මහරාජ ගෙඩිය පිටින් මන්ත්‍රි ධූර ඉල්ලුවා නම් ඒක බරපතලයි
@Dee - තකට තක
@මහ වෙදනා - පක්ෂකට හෝ පුද්ගලයින්ට ස්පොන්සර් කරල ඒ අයගෙන් වාසි ගන්න එක එක්තරා දුරකට අවුලක් නැහැ, මෙහෙම කෙලින්ම අතපොවන එකයි වැරදි , රනිල් මහත්තය කිව්ව එක බොරුය කියල ඔප්පු කරගන්න සිරසට බැරි නම් . සිරස සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම තමයි ජනතාවගෙ වගකීම
මහ වෙදනා කියන ස්පොන්සර් කතාව නම් ඇත්තක්. දැන් බලන්න සජිත් පිලේ (පිලේ නෙමේ ඇත්තටම කල්ලියේ) ඉන්න සෙට් එකා. බුද්ධික පතිරණ; සිරසේ හිටපු නිවේදකයෙක්. එකපාරක් රනිල් එක්ක සාකඡාවක් තියල ඒකෙන් නාගත්ත. එයාගේ සමාධි පදනමේ වැඩ වලට සල්ලි දෙන්නේ මහරාජා එකෙන් කියන එක හැමෝම දන්න දෙයක් නේ. ඊලගට රෝසි; එයා සිරසේ වැඩසටහන් කරේ දේශපාලනයට එන්නත් කලින් ඉදන්. සුජීවගේ අයියත් වැඩ කරන්නේ සිරසේ ඒ මාර්ගයෙන් මොන සම්බන්ධකම් තියනවද කියල දන්නේ එයාලම තමා. අනික ඔය මහ වෙදනා කියපු බුද්ධිකත් රනිල්ට බැන්න කෙනෙක්නෙ. දැන් ඉතින් අපිට හොයන්න තියෙන්නේ සජිත්ට 50,000 ගානේ හම්බෙන්නේ කොහොමද කියලයි රංජිත්ට මේකෙන් තියන වාසිය මොකක්ද කියන එකයි.
ReplyDeleteහැබැයි කම්පැණියක් දේශපාලන පක්ෂෙකට ස්පොන්සර් කරන එක වැරදියි කියන්න බෑ. ඕනේ කෙනෙක්ට තමන් විශ්වාස කරන ආර්ථික පිලිවෙත ආදි දේ සදහා පෙනී ඉදින්න අයිතිය තියනව. නමුත් ඒ මාර්ගයෙන් වැරදි ආකාරයේ වාසි ලබා ගන්න යනව නම් එතනයි වැරැද්ද තියෙනේ.
එක්කෙනක් අමතක උනා; ශ්‍රි රංගා.
ReplyDelete@ano - ඔබගේ කථාවට එකඟයි , බුද්ධිකගේ සිරස සම්බන්ධය මතක් උනේ දැන් . රංජිත් දයාසිරි, තලතා වගේ අයට නම් තියෙන්නේ අවංක ප්‍රශ්නයක් කියලයි මට හිතෙන්නේ . ග්‍රාමීය ප්‍රදේශ වලදි රනිල් මහත්තය නිසා එජාප පාක්ෂිකයින් ඉන්න කලකිරීම ඒ අයවත් සජිත් පස්සෙ යවන්න හෙතුවෙලා වෙන්න පුලුවන් . ඒ අතරින් රංජිත් නම් මංගලගේ අපේක්ෂකයව ටිපෙක්ස් කරපු සීන් එකෙන් පස්සෙ රනිල් එක්ක තරහයි නේ . ආ..... තලතගෙත් පොඩි කොක්කක් තියනව රංජන් රාමනායකව රත්නපුරේ පාර්ලිමේන්තු ඡන්දෙට දැම්ම එක ගැන
ReplyDeleteසිරස මහින්ද අබේසුන්දරයාව වැඩට අරගෙන... ඒකයි මේ.. දැන් ITN කියන්නේත් සිරස කියන්නෙත් එකම චැනල් එකකට
ReplyDeleteමාධ්‍ය ආයතනයක වගකීම සහ සීමාව වෙන්නෙ යම් දෙයක් වාර්තා කිරීම. ඒත් දැන් සිද්ධ වෙන්නෙ ඔවුන් තීරණය කරන්නන් බවට පත්වීම. මේක ඉතාම අයහපත් ප්‍රවණතාවයක්. ඊයේ දිනයේ සිරසේ ප්රවෘත්ති වලින් මංගල සමරවීර කොටළුවෙකුට සමාන කලේ ඉතාමත් පහත් විදියට(මංගල අතීතයේ හෝ දැන් කරන කියන දේවල් ගැන ප්‍රශ්න තියෙන්න පුළුවන්).
ReplyDeleteඅවසානෙදි කියන්න තියෙන්නෙ ඔවුන්ගෙ පාඨය
"we report & decide you've nothing" කියලා වෙනස් කරගත්ත නං හරි කියලා.
@ano - ඔව් දෙකේම තියෙන්නේ එකම කුණු ගඳ
ReplyDelete@රාජ්- සිරාවට ඒක තමයි ගැලපෙන පාඨය . මංගල මොනව කලත් මහජන නියෝජිතයෙක් ඒ වගේ පහත් කරන්න මාධ්‍ය ආයතනයක අයිතියක් නැ
Any way UNP is the BEST.,.,.
ReplyDelete+1 රාජ්
ReplyDelete@Dilhan :D
ReplyDelete@චතුරංග - එකඟයි සහෝ