Skip to main content

පහුගිය සතියේ සිදුවුනු දෑ සමහරක් පිලිබඳ මගේ විග්‍රහය

පහුගිය සතියෙදි අපේ රටේ සිදුවුන සිදුවීම සහ අහපු දැකපු දේවල් කිහිපයක් ගැනල ලියන්න/කතාකරන්න යමක් තියනවාය කියලයි මට හිතෙන්නේ . ඒ එක  එකක් වෙනුවෙන් සම්පූර්න ලිපියක් ලිවීම එතරම් ඵලදායක නොවන නිසා ඒ සියල්ලම ගැන මගේ අදහස කෙටියෙන්  පවසන්න තමයි මේ ලිපිය ලියන්නේ

01) එජාප අර්බුදය

එජාපය කල බැගැනි වලින් පිරුණු මල විකාරයක් බවට පත්වෙලා දැනට සැහෙන්න කාලයක් . ඒ අතර දකින්න ලැබුනු සුවිශේෂීම සතියක් තමයි පහුගිය සතිය , නායකත්වය ලබාගැනීමේ උත්සාහයෙන් නින්දා සහගතව  පසු බැසපු සජිත් ප්‍රේමදාස මහත්තය තවත් වටයකින් තමන්ගේ වාසියට හේතුවන යෝජනාවක් වුනු කරු ජයසූරිය මහතා නායකත්වයට පත්කිරීමේ යෝජනාව අරගෙන ඒම තමයි මේකට  පසුබිම් කාරණය . ( කරු ජයසූරිය මහතා නායකත්වයට පතිවීම ගැන මගේ අදහස සවිස්තරාත්මකව මෙතනින් ගිහින් බලන්න පුලුවන් ). මේ ඇතිවෙච්ච තත්වය අනු කොටස් කිහිපයක් යටතට අරන් කථා කරන්න පුලුවන්


  • සජිත්ගේ සත්‍යග්‍රහය 
          රනිල් වික්‍රමසිංහ මහතාව නායකතවයෙන් ඉවත් කිරීම වෙනුවෙන් ජනතා මතය  එතුමාට එරෙහි බව පෙන්නන්න සිරිකොත ඉදිරිපිටට විශාල ජනකායක් රැස් කිරීම තමයි සජිත් පාර්ශවයේ බලාපොරොත්තුව වුනේ . මාධ්‍ය වාර්ථා පලවුනු විදිහට නම් මේ සංඛ්‍යාව 10,000ක්  . නමුත් රනිල් පාර්ශවයේ උත්සාහයන් නිසා මේ සත්‍ය ග්‍රහය සිරිකොත ගාවින් ඉවත් කරගන්න සිදු වුනා වගේම  බලාපොරොත්තු වුන සංඛ්‍යාවෙන් අඩකවත් සෙනඟක් ගෙන්න හැකියාවක්  ලැබුනේත් නැ . ස්ථානය මොකක් උනත් අඩුම තරමේ දහ පහලොස් දාහක්වත් එකතු  කරගන්න බැරුව කරපු සත්‍ය ග්‍රහයත් , ඒකෙදි සජිත් මහතා ඇතුලු ඇවිත් හිටපු විදිහ හැසිරුන විදිහත් , කරු ජයසූරිය එක්ක  නැවතත් එන බවක් කියල ගිහින් තමන්වත් ආපහුආවෙ නැති එකත් දිහා බැලුවාම මට නම් හිතෙන්නේ සජිත් මහත්තයා නැවත වතාවක් කිච උනා කියල තමයි 

  • ආණ්ඩුවෙන් රනිල්ට උදව් ?????
        සජිත් ප්‍රේමදාස මහතාගෙ පාර්ශවයෙන් එල්ල වුනු ප්‍රධාන චෝදනාවක් වුනේ රජය රනිල් වික්‍රමසිංහ මහතාගෙ නායකත්වය  දිගටම තියා ගැනීමට උද්ව් කරනවාය කියන එක  . සිරිකොත විරෝධතාවට එරෙහිව  අධිකරන නියෝගයක් ලබා ගැනීමත් , හිටි අඩියේ මග නැගුමේන් සිරිකොත ඉදිරිපිට පාර කාපට් කිරීමත් තමයි ඒකට මූලික පදනම , අධිකරණ තීන්දුව කෙසේ වෙතත්  මඟ නැගුමෙන් පාර කාපට් කිරීම නම් සාධාරන සැකයක් මතු කරන කාරනාවක් .  පාක්ෂිකයින්ගේ විශ්වාසය පලුදු කරගත්ත රනිල් වික්‍රමසිංහ මහතා  තමන්ට පහසුවෙන් පාරජය කල හැකි පුද්ගලයෙක් නිසා ඔහුව දිගටම නායකත්වය වෙනුවෙන් රජය ස්වේච්ඡාවෙන් ම උදව්වක් කලාද , රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් මත එහෙම කලාද . එහෙමත් නැත්නම් එජාප අර්බුධය තව දුරටත් වැඩි කරවීමේ අරමුණින් එහෙම කලාද  කියන ප්‍රශ්නය මෙතනදි මතුවෙනව . මම නම් හිතන්නේ අවසාන කාරණය වඩාත් විය හැකි කාරනාව කියලයි . මේ ගැන W3lankaත් , ඇට මැස්සාත් අදහස් පල කරල තිබුනා


  • රනිල් Vs කිලී මහරාජා
         සැහෙන කාලයක් පුරාවට එජාපය වෙනුවෙන් පෙනී හිටපු මහරාජා ආයතනයට විරුද්ධව රනිල් වික්‍රමසිංහ මහතා යුධ ප්‍රකාශ කරන්නේත් මේ අතරේ . පහුගිය මාස කිහිපය පුරාවටම රනිල් විරෝධි ප්‍රතිපත්තියක් අනුගමනය කරපු සිරස මාධ්‍ය ජාලය වෙනුවෙන් එවන් විරෝධයක් පලවීම සාධාරණයි . විශේෂයෙන්ම සිරසෙන් කරන පහත ලිපියේ සඳහන් ආකරයේ අනවශ්‍ය වැඩත් , පක්ෂයේ අභ්‍යන්තර කටයුතු වෙනුවෙන් දක්වපු අනවශ්‍ය උනන්දුවත් නිසා සිරසට එජාප නායකයාගේ විරෝධය පල කීරීම පිලිගන්න පුලුවන් , නමුත් එජාප නායකතුමා  මේ තත්වයට හේතුව විදිහට දක්වන ජාතික ලයිස්තු මන්ත්‍රි දූර දෙකේ කථාව නම් ඉතාම බරපතලයි . ව්‍යාපාරිකයෙක් නිකන්ම ඉඳගෙන එහෙම මන්ත්‍රි  ධූර  ඉල්ලන්නේ කොහොමද ? ඒ අතර සැඟවුන වෙනත් ගණුදෙනුවක් තිබුනද ? ඇයි මේ ගැන කලින් නොකිව්වෙ වගේ ප්‍රශ්න ගොඩක් පැන නැගුනත් රනිල් වික්‍රමසිංහ මහතාත් තමන්ගේ පැහැදිලි කීරීමට මහරාජගෙන් පිලිතුරක් ලැබෙන කම් ඊට වඩා යමක් නොකියන බවත් , සිරස තමන් ඒවා නොසලකා හරින බව පමණක්  පැවසීම නිසාත් ඒ ප්‍රශ්න වලට පිලිතුරක් ලැබෙන පාඨක් නම් නැ . කොහොම උනත් සිරසට වැදිලා තියන කොටි ලේබලත් එක්ක සජිත් පාර්ශවයට   සිරසේ සහය හිමිවීම  ඔවුනගේම අවාසියට හේතු කරවන්න නම් රනිල්  මහත්තයගේ ප්‍රකාශයට හැකියාවක් ලැබුනා


සිරසේ විකාර සහ සජිත් ප්‍රේමදාස මහතාගේ (විශේෂයෙන්ම වටේ සිටින කැපීපේන්න දඟලන්නන්ගේ ) සමයම් කෙසේ වෙතත් , එජාපය ශක්තිමත් වීම සහා ඒ සඳහා එජාප නායකත්වයේ වෙනසක්  බොහෝ දුරට අවශ්‍ය  වෙනවාය කියන එක තමයි මගේ මතය .  මේ දක්වා සැහෙන තරම් දුරට මහත්මා දේශපාලනයක් පෙන්වපු , එජාප පාක්ෂිකයින්ගේ විශේෂයෙන්ම මන්ත්‍රිවරුන්ගේ යම් පිලිගැනීමකට ලක්වුනු කරු ජයසූරිය මහතාට  නායකත්වය ලැබීම මේ මොහොතේ  සිදුවිය යුතු දෙයක් හැටියට තමයි මම හිතන්නේ , කොහොම උනත් ඒ දේ එකිනෙකා මරාගෙන සිදුනොවී එකඟතාවයකින් කරගන්න පුලුවන් නම් තමයි හොඳ . පාර්ලිමෙන්තු මන්ත්‍රි වරුන් බහුතරයක් ඇතුලුව , තමන්ගෙ පාක්ෂිකයින් සැහෙන ප්‍රමාණයක් තමන්ව ප්‍රතික්ෂේප කරත්දිත් ගානක් නැතුව ඉන්න එක රනිල් වික්‍රමසිංහ මහත්තයගේ හිතේ හය්යද  , ලැජ්ජා නැති කමද ? නැතනම් ඒ  දෙකමද ?



02)ග්‍රිස් යකා නාඩඟම

පහුගිය සතියට පමණක් සිමා වුනු දෙයක් නොවුනත් , ග්‍රිස් යකා නාඩගම සතිය පුරාම පැවතුනා සහ තවමත් පවතිනවාය කිව්වොත් වඩා නිවැරදියි . අත්බූත දේවල් , දෙවියෝ , භූතයො යක්කු ගැන අන්ධ විශ්වාස වල ඉන්න ජනතාවක් සහ තවදුරටත් එම මිත්‍යාවන්ම ජනතාව මත පතුරවන සමාජයක  මේ වගේ සිද්දීන් පිලිබඳ ජනතාව අනියත බියකින් පසුවීම ස්වාභාවිකයි. ඒ වගෙම කිසිම වගකීමක් නැතුව තමන්ගේ ජන්ප්‍රියතාව ගැන විතරක් හිතල  වාර්ථාකරනයේ යෙදෙන ඇතැම් මාධ්‍ය ආයතනත් මේ තත්වයට වග කියන්න ඕනි .වර්ථමාන තත්වය මැඩ පැවැත්වීමට රජය ක්‍රියා මාර්ග ගන්න අතරෙම ඉදිරියේදි මෙවන් සිදුවීම් ඇති නොවීමට වග බලා ගැනීමත් ඉතාම වැදගත් . ඒ සඳහා මිත්‍යා විශ්වාස වලින් ජනයා මුදාගැනීම අත්‍යාවශ්‍යයි . හොර සාස්තර කාරයෝ වෙනුවෙන් පෙනී සිටින් රාජ්‍ය මාධ්ය ප්‍රධානීන් ඉන්න රටක එහෙම සිදුවේද  කියන එකයි ගැටලුව
භීතියෙන් ආතල් ගැනීම ගැන ලියන පොඩි ගමය , අනෙක් මිත්‍යා විශ්වාස වලට පහර ගහන කොට අඬන හැටි බලන්න කැමති නම් මෙතනින් යන්න පුලුවන්
         
03) විද්‍යුත් හැඳුනුම් පත්‍රය

පහුගිය සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුනු වැඩ පිලිවෙලක් මේක . ඇත්තටම ඉතාම හොඳ වැඩක් කියල මේක හඳුන්වන්න පුලුවන් . මොකද තොරතුරු තාක්ෂන්යේ භාවිතාවත් එක්ක ජනතාවට  සම්බන්ධ තොරතුරු පරිඝ්නක ආශ්‍රිත දත්ත පද්දති හරහා  ගබඩා කරල තියන්නත් නැවත ලබා ගන්නත් , සංශෝධනයන් ඉතා පහසුවෙන් කරන්නත් මූලික පිවිසුමක් හැටියට මේ විද්‍ය්ත් හැඳුනුම් පත භාවිතා කරන්න පුලුවන් . විශේෂයෙන්ම රජය විසින් ජනතාවට ලබා දෙන  පහසුකම් ලබා ගන්න , තමන්ගෙ තොරතුරු රහසිගතව තබා ගන්න , අපරාධ කරුවන් නීතියේ රැහැනට කොටු කරගන්න  සහ තවත් වැඩ ගොඩක් මෙවන් හැඳුනුම් පතක් භාවිතයෙන් කරන්න පුලුවන් . කොල කැලි පුරවන්න යන කාලය , ශ්‍රමය ආදිය ඉතුරු කරගැනීමේ වාසියත් මෙතන් තියනව . මේ ගැන විරෝධතා එල්ල වෙන්න ඉඩ තියෙයි . ය  ජංගම දුරකථන වෙනුවෙන් දාපු නීතයත් (මෙරටට ගෙන්වීමේදී ලියා පදිංචි කිරීම ) කෝල් ට්‍රේස් කරන්න කරපු දෙයක්ය කීව අය මේ ගැන මොනව නොකියාවිද . කොහොම උනත් අනා ගන්නෙ නැතුව පිලිවෙලකට හැඳුනුම් පත් බෙදා හැරීම නම් ඉතාම වැදගත් 

04)  කොටු වෙනුවට පණිවුඩ
මතට තිත තිබීමේ වැඩ පිලිවෙලත් එක්ක රූපවාහිනියට එකතුවුන දෙයක් තමයි , මත් පැන් , දුම් වැටි දර්ශන වලට උඩින් කොටු දාන එක . දුම් බොන වීර චරිත පාදක කරගත් කථා(චිත්‍රපට ) හැරුණාම මේ කිසි එකකින් පොඩි ලමයෙක් වත් මත්ද්‍රව්‍ය වලට යොමු නොවුනත් (බොන එකා කොහොමත් බොනවනේ )  මේ විකාර කොටු දැමිල්ල ජයටම කෙරීගෙන ගියා . බෝතලෙන් වීදුරුවට වක් කරල කට ලඟට ගන්න තැන  වෙනකන් පෙන්නල , බොන ඩිංගට විතරක් කොටු දාලා ඊට උඩින් "රස නොමරා රස විඳින්න" කියල සෝඩ ඇඩ් දාන එකෙන් වැඩක් වෙන්නේ නැය කියල දැන් නම් ඕං තේරුම් අරගෙන . සැප්තැම්බර් ඉඳන් අදාල දර්ශන වලට යටින් ලේබලයක මත් ද්‍රව‍ය  භාවිතයේ  අහිතකර ඵල විපාක සඳහන් කිරීම විතරක් කරනව ලු .ලොකු දෙයක් කියල තමයි කියන්න තියෙන්නේ

05)කොලඹ නගරාධිපති අපේක්ෂක ධූරය
පලාත් පාලන ආයතන විසි තුනකම මැතිවරනය තිබුනත් ගොඩක් දෙනෙක්ගෙ අවධානය යොමු වෙලා තියෙන්නේ කොළඹ මහ නගර සභාව ගැන . එජාපයේ සාම්ප්‍රදායික බලකොටුව වෙච්ච් කොලඹ ගැන මේ පාර රජයත් බලාපොරොත්තු තියාගෙන ඉන්න නිසයි  වැඩියෙන්ම අවධානය යොමු වෙන්න හේතුව . මැතිවරණය ප්‍රකාශ වීමත් එක්ක සංගක්කාර , අනෝමා , දුමින්ද , තිලංග , මුසම්මිල් , ස්වාමිනාදන් ,මොරගොඩ , ඉමිටියාස් ආදි නම් ගොඩක් කියවුනා . ඒ අතරින් රජය  තමන්ගේ අපේක්ෂකය විදිහට මොරගොඩ මහතාව තෝරගෙන තියනව , කොලඹට වැඩක් කල හැකි පුද්ගලයෙක් වශයෙන්  බැලුවාම  ඉතාම හොඳ තේරීමක් කියල කියන්න පුලුවන් , ඒත් ඉතින් ජිල්මාට් එකක් නොදැම්මොත් නම්  කොලඹ දිනා ගන්න නම් මොරගොඩ මහත්තයට හැකිවෙයි කියල මම හිතන්නේ නැ .එජාපයේ අපේක්ෂකය විදිහට මුසම්මිල් මහතාගෙ නමත් , ඉමිටියාස් මාකර් මහතාගේ නමත් යෝජනාවෙලාය කියලයි කියන්නේ .ජාතික  දේශපාලනයේ දීත් ඉතා හොඳ මහත්මා ගති ගුණ වලින් හැසිරුණු පුදගලයෙක් වුනි ඉමිටියාස් මහතාට  සිංහල දෙමල  ඡ්න්ද එකතු කරගන්න  සහ සන්ධාන රජයත් එක්ක වැඩ කරල කොලඹට  අවශ්‍ය කරන දේවල් කරගන්නත් (එජාපයේ අයකු  වුනත් ) හැකියාව තියනව . ඒ වුනත් රනිල් මහත්තයට විරුද්ධ නිසා අපේක්ෂ කම නම් ලැබෙන එකක් නැහැ .  කොහොම උනත් සංගක්කාර හෝ අනෝමා වගේ අහක යන චරිත වෙනුවට හොඳ යුඇන්පී කාරයෙක් වෙච්ච මුසම්මිල් ව දාන එකත් නරකම නැ 

06)පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට UGC අනුමැතිය
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කියන්නේ දශක තුනක් පරන මාතෘකාවක් . දැන් ආයෙමත් කථා බහට් ඇවිත් තියෙන්නේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටලුව නිසා . අද (සෙනසුරාදා ) දිවයින  වාර්ථා කරන විදිහට නම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒ වෛද්‍ය උපාධිය නිල වශයෙන් පිලිගන්න සුදානම් . මෙතනින් ඒ ලිපියට යන්න 

ලෝකයේ හැම රටකම වගේ දකින්න තියන පෞද්ගලික උසස් අධ්‍යාපනය (හෝ බ්‍රිතන්‍යයේ විදිහට රාජ්‍ය අංශය වානිජ වශයෙන් සිදු කරන උසස් අධ්‍යාපනය )  අපේ රටටත් අත්‍යාවශ්‍ය දෙයක් විදිහටයි මම නම් දකින්නේ . අවුරුදු 30කට විතර කලින් ජේ . ආර් ලොක්කා කරන්න හදත්දි විරුද්ධ වුනු අයම දැන් ඒ දේම කරන එක  නිකන් කැතයි වගේ උනත් වැඩේ නරක නැහැ . දැනටමත් කලමණාකරන , තොරතුරු තාක්ෂන , ඉංජිනේරු ආදි බොහෝ උපාධි  පෞද්ගලිකව පවත්වන එකේ වෛද්‍ය උපාධියත් එහෙම කලාට එතරම් ගැටලුවක් නැ . හැබැයි ගුණාත්මක භාවය රැකගෙන .

 විශේෂයෙන්ම   වෛද්‍ය උපාධියකදි මේ  ගුණාත්මක භාවය වඩාත් වැදගත් . පෞද්ගලික අංශය මගින් පැවැත්වුවත් ගුණාත්මක භාවය සම්බන්ධයෙන් රජයට වග කියන තත්වයක් අනිවාර්යයෙන්ම ඇති වෙන්න ඕනි , නැත්නම් වෙන්නේ ඉන්දියාවෙ වගෙ සත පහකට වැඩක් නැති උපාධි කඩ බිහි වෙන එක . උදා විදිහට SLIIT, NIBM , APIIT, IIT වගේ ආයතන ඉතාම හොඳ ගුණාත්මක භාවයකින් යුතුව තොරතුරු තාක්ෂන පාඨමාලා කරගෙන යත්දි (SLIIT එක ගැන නම් සමහර අය ගුණාත්මක නැය කියලත් කියනව මම අහල තියෙයි ) කිසිම වැඩකට නැති උපාධි ලබාදෙන ආයතනත් සැහෙන්න තියනව . මෙන්න  දේවල් පිලිබඳ නියාමනය  රජය නිවැරදිව කරන ගමන් ලබා දෙන පෞද්ගලික විශ්ව විද්‍යාල උපාධි වලින් රටට  නිසි ප්‍රයෝජනය ගන්න පුලුවන් 


මේ හැම කාරණාවක් ගැනම හරි , එක දෙයක් ගැන හරි ඔබගේ අදහසත් පහලින් එකතු කරන්න . ඵලදායි සංවාදයකට/කතිකාවකට  යන්න අපිට පුලුවන් 

Comments

  1. කතාකලත් වෙනස් කල නොහැකි දේවල් වන නිසා කිසිත් නොකියමි..

    ReplyDelete
  2. මගේ ලියුමට දාපු සබැඳියටත් බොහොම පිං. මේකෙ කාරණා ගොඩයි නෙව. සංවාදයක් කරන්ට ගියොත් අච්චාරුවක් වගේ වෙයිද මන්දා.

    යූ ඇන් පී අර්බුදේ ගත්තොතිං එහෙම මට නං හිතෙන්නේ සජිත් උන්නැහෙ පිය පාර්සවයෙං ආපු ජනප්‍රියකම ඇරුණාම ජාතික මට්ටමේ නායකත්වයට යන්න තරං හික්මීමක් දේසපාලන ගැඹුරක් තාම හදාගෙන නෑ කියලයි. ප්‍රාදේසීය වසයෙං වැඩකරල තියන බව ඇත්ත. නමුත් උන්නැහෙ මහින්ද මහත්තයව ආදර්සයට අරං කලබල නොවී වැඩ කරානං ඉදිරිගමනක් තියෙනවා.

    ReplyDelete
  3. @indi- වෙනස් වෙනවට නේමේ නිකමට හරි කථා කරමු

    @පොඩිගමය - එකඟයි , මහින්ද මහත්තයගේ දේශපාලන ගමන මිසක් ප්‍රතිපත්ති නම් ආදර්ශයට ගන්න ඕනි නැ . මහින්දල එක්කෙනෙක් හිටියාම ඇතිනේ . අනික ඔරිජිනල් එක ඉත්දි කොපි ඕනිත් නැනේ

    ReplyDelete
  4. ඒ කියන්නෙ රනිල් මහත්තයගෙ ප්‍රතිපත්ති අරං යන සජිත් උන්නැහෙ කෙනෙක් වගේ හැදෙන එක නේද කොලූගෙ හීනය. හ්..ම්ම් තාම කල් වැඩී ඒක ගැන මොකුත් කියන්න. කොහොම වුනත් රනිල් මහත්තය දිගටම බලයෙ තියාගන්න කැමති උදවියගෙ විස්වාසෙ දිනා ගන්න වෙනවා එහෙම නං. තාම ඒක කරන්න බැරුව නේ ඉන්නෙ. රනිල් මහත්තයගෙ භූමිකාව හරියට තේරුං ගන්නත් වෙනවා. මටනං පේන්නෙ නෑ සජිත් උන්නැහැ ඒවගේ ගමනක් යන්න සූදානං වෙනවා.

    ReplyDelete
  5. තාම නම් මටත් මොකුත් පේන්න දෙයක් නැ (තාත්තව විකුණනව විතරයි ) .රනිල්ගේ භුමිකාව තියා අඩුම තරමේ එජාපයේ භූමිකාව වත් සජිත් මහත්තය තේරුම් අරන් ඉන්නවද කියන එක මටත් සැකයි

    මම අදහස් කලේ එජාපයේ මූලික දේශපාලන ප්‍රතිපත්තිය රැකෙන විදිහට තමන්ගෙම කියල අනෙන්‍යතාවයක් හදාගන්න එක . ඒක කාලයක් යන වැඩක්. ඒ නිසයි මම හිතන්නේ කරු මහත්තය වඩාත් හොඳයි කියල ,රනිල් -සජිත් දෙන්නගේ තියන අඩු පාඩු ගොඩක් කරුගේ දකින්න නැහැ .

    ReplyDelete
  6. කාරනා වශයෙන් ගත්තම මේ ලිපියට මම එකඟයි. කරුනෙන් කරුන ගත්තම,
    1. මම හිතන්නෙත් යූ. ඇන්. පී. එකට බඩ යන්නම දුන්න ආන්ඩුව යූඇන්පී ගෝරියම හේතුවක් කරගෙන. ඒ කාරනාවෙදි ඔබ කියන අන්තිම එක තමයි මමත් සැක කරන්නේ. කරු සහ සජිත් ගැන නම් මගේ කථා කරන්නවත් අදහසක් නැහැ.
    කිලී මහරාජාගේ කාරනය නම් මම බරපතලව හිතනවා. මගේ සිතුවිලි අනුව මම ජාතිවාදියෙක් නෙමෙයි. දෙමල මුස්ලිම් ඕනෙ කෙනෙක් රටට වැඩ කරනවා නම් අවංක නම් මම කැමතියි ඕනෙම තනතුරකට එනවට. ඒත් මට මේ දෙනම් එහෙම හිතන්න බැහැ. අපි බලමු.

    2. ග්‍රීස් යක් නාඩගම නම් මමත් හිතන්නේ මිනිස්සු හරි කැමතියි මොනව හරි ප්‍රශ්න තියනවට. ඒකට කරන්න අවශ්‍ය දේ නෙමෙයි කරන්නේ. කාලයක් අපි හැමෝම බෝම්බයට බය වුනා, මේවා කාලෙන් කාලෙට එනවා, දැන් ග්‍රීස් යක්කු පාලකයො හරි කැමතියි ජනතාව මෙහෙම වෙන වෙන මාතෘකා කථා කරනවට. එතකොට නොදැනිම ගෑස්.ලූනු, අරවා මේවා ඉහල යනවා, ඕවා ඔහොම තමයි. විද්‍යාව හෝ අවිද්‍යාව තියන්නේ අපි අපි තුලම. අපි දැන ගන්න ඕනෙ හරි දේ තොරා ගන්න. අපේ ජනතාවට ඒක තාම පුරුදු නැහැ.
    3. විද්‍යුත් හැදුනුම් පත දිය යුතුමයි. ඒ විතරක් නෙමෙයි මහාචාර්ය්‍ය සමරනායක නැති වෙන්න කලින් සැලසුම කරලා තිබුනු පුද්ගලයන් ලියාපදින්චිය, ගමන් බලපත, බැන්කු අංකය, රියදුරු බලපත, ආදායම් බදු අංකය අදාදී සියලු වැදගත් දෙවල් එක් කල යුතුමයි. රටක් දියුනු වෙනවා කියන්නේ ඒකට, තාක්ෂණය තියන්නේ ඒකට.
    4. අනේ මන්ද, මම නම් අමද්‍යප.
    5. වඩාත්ම ගැලපෙන පුද්ගලයා වෙන්නේ බාකීර් මාකාර් මැතිතුමා තමයි. මට හිතෙන හැටියට. මොරගොඩ නම් පරදිනවා ෂුවර්.
    6. වෛද්‍ය නෙමේ හැම විශ්ව විද්‍යාලයක්ම පුද්ගලිකත් තිබිය යුතුමයි. රටක රජයකට මේ හැම දේම කරන්න බැහැ. හැබැයි පාලනය කරන නිර්ණායක. උගන්නන දෙවල් තීරනය කල යුත්තේ රජයයි.
    මේ මගේ අදහස් හැබැයි ඔබගේ අදහස් මම අනුමත කරනවා.

    ReplyDelete
  7. බොහොම ස්තුතියි , අදහස් ගොඩක් දුරට එකම වගේ කියලයි මට නම් පේන්නේ

    ReplyDelete
  8. රනිලට ආන්ඩුවෙන් උදව් තියෙනවා..ඒක හොදටම පේනව නේ....රනිලා යනවට මහින්දත් කැමති නෑ..ඌ ඉන්නකල් ඡන්ද දිනන්න පුලුවන් නේ.

    ReplyDelete
  9. නියම පෝස්ට් එක, මේ විදියට සතියකට සැරයක් විග්‍රහයක් දානවා නම් සෑහෙන්න වටිනවා ......

    සමබරයි .....

    ReplyDelete
  10. හොද මාතෘකා ගනනාවක් නිසා දිග කොමෙන්ටුවක් නොදා බෑ.
    01.සජිත් කාලයක් තිස්සේ කරන්නෙ කුමන හෝ විදියකින් නායකත්වයට පත් වෙන්න කියන කාරණේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.කරු ජයසූරියව නායකත්වයට ගේන්න දගලන උත්සාහය කියන්නේ සමිකරණයේ එක් අතරමැදි අවස්තාවක් විතරයි.මම මෙහෙම දේකුත් දකිනවා. "ජනතා බලය ලබාගැනීම" කියන කාරණයේදී රනිල්ට වඩා කරුත් සජිතුත් ගව් ගානක් ඉස්සරහින් ඉන්නෙ.ජනාධිපතිගෙ බලයට අභියෝගයක් කරන්න පුළුවන් හැකියාව සජිත්ට තියනවා.(පහුගිය මැතිවරණ ප්‍රතිපල බැලුවම ඒක පැහැදිලියි).ඒත් සජිත් ආව කියලා වෙනසක් වෙයි කියලා මට නං විශ්වාසයක් නෑ.
    මොකද හම්බන්තොට දිස්ත්‍රික්කෙ ජීවත්වෙන මම මෙන්න මේවගේ ප්‍රතිවිරෝධීතා සජිත්ගෙන් දකිනවා.

    දේශපාලනේට ආපු මුල් දවස්වල දිස්ත්‍රික්කෙ පුරාම තියන මළගෙවල්වල ගිහිල්ලා "තැන හදාගත්තත්"(ප්‍රේමදාස නාමයෙන් බැබලීමට අමතරව) ආන්ඩු බලය ලබාගත් පසු ජනතාවට කලදෙයක් නොමැතිවීම,
    උතුරේ ප්‍රශ්නය සම්බන්ධයෙන් එක ස්ථාවරයක නොසිට එල්.ටී.ටී.ඊ.ය යුදමය වශයෙන් පරාජය වනබව ස්තිර වු කාලයේ මහින්දගේ මතයට පැමිණීම හා (යූ ඇන්පීයෙන් පැන්න අනෙක් ගෙම්බන් මෙන්) මහින්ද මහත්තයා මෙන් මාතෘ භූමිය ගැන පපුවට ගසාගන්නා මට්ටමට පැමිණීම.මේවගේ කාරණා ගොඩක් තියනවා. හැබැයි ආයෙත් කියනවා.සජිත්ට බහුතරයක් ජනතාව කැමතියි.(ජනතාවගේ තීන්දු හරිද වැරදිද කියන එක වෙනම කාරණාවක්).රනිල් අව්‍යාජ මිණිහෙක් වුනත් මාකට් කරන්න බෑනෙ.
    අන්තිම කාරණේ පාර කාපට් කිරීම රනිල්ට සහයවීමක්.
    03 හොද වැඩක්.
    04 ටෙනිසන්ලා බන්දුලාගෙ විහිළුවලට දැන් හිනායන්නෙත් නෑනෙ.මෙහෙම දෙයක්වත් නැත්නම් සිනහවෙන් සිටින ජාතියක් වෙච්චි අපිට යන කලදසාව මොකක්ද බුවා!
    05 හොදම කෙනා ඉමිටියාස්. කොහොම උනත් මොනවාහෝ ක්‍රමේකින් බලය ගන්න ලොක්කා උත්සාහ දරාවි.
    06 එක දෙක් පැහැදිලියි.මේකෙන් ආණ්ඩුවෙ කැම්පස් වලට කෙලවෙනවා ලෙසටම. මොකද පුද්ගලික විශ්ව විද්‍යාල නෙවේ SLIIT, NIBM , APIIT, IIT වගේ ආයතන එක්කවත් තරග කරන්න ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වලට ඇති නොහැකියාව ඉදිරියේ මේගැන කවර කතාද.

    ReplyDelete
  11. @රත්ගමයා - මල්ලි කැමති සජිත් අය්යටද? කරු අන්කල්ටද?

    @පන්සල් හන්දිය -ස්තුතියි , බලමු නේ ඉස්සරහට

    ReplyDelete
  12. @රාජ් - සජිත් ගැන මගෙත් කිසිම පැහැදීමක් නැ , සජිත්ට වඩා කොච්චර පිස්සු කෙලියත් අපේ මහරජතුමත් හොඳ වෙයි කියලත් වෙලාවකට හිතෙනව . රනිල් ගේ පක්ෂය ඇතුලේ තිය හිට්ලර් පාට් එක අඩු කරගෙන පිලිවෙලකට හිටියා නම් ඔච්චරම කෙල වේන එකක් නැ . දැන් නම් ප්‍රමාද වැඩියි මම හිතන්නේ


    රාජ්‍ය විශ්ව විද්‍යාලවලට හානි නොවෙන්න වැඩෙ කරන එක තමයි වැද්ගත් කම

    ReplyDelete
  13. රනිල් මහත්තයා නම් මේ කපේක ඔය පක්ෂ නායකත්වය දාලා යන්නේ නෑ.
    මලත් පෙරේතයෙක් වෙලා ඉදීවී.
    ඔහොම කෑදර මනුස්සයෝ තමයි කවදහරි පෙරේතයෝ වෙන්නේ කියලා මම් පොතක තියෙනවා දැක්කා.

    ReplyDelete
  14. very sorry i never come to you U N P JUNTA blog ...left wing

    ReplyDelete
  15. විචාර කලාවේ ප්‍රමුඛයා වන බුවාලන්තයේ බුවා කොලුවාගේ සමබර සති අන්ත විචාරය ලබන සතියෙත් බලාපොරොත්තු වන්න...

    -මෙය ණයට පළකල දැන්වීමකි-

    ReplyDelete
  16. @ano - That's better

    @චතුරංග පෙරේරා - Thanks macho

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව