අලුතෙන් බ්ලොග් කරණයට එන අයට සහ අලුත් බ්ලොග් වලට උදව්වක් වශයෙන් මම පටන් ගත්ත "Blog Promo අඩවිය ගැන මම කලින් ලිපියෙදි කිව්වා . හොඳ නරක ප්‍රතිචාර දෙකම ලැබුනා . නොබලපු කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගිහින් බලන්න පුලුවන් . කොහොම උනත් ඒකට වෙනස් කම් කිහිපයක් සිදු කලා ඒ තමා සියලුම කැටගරි වලට අයත් බ්ලොග් එකම මට්ටමකට ගේන එක , අලුත් බ්ලොග් අඩවි අනික්වායින් වෙන් කරල වම් පස කෙරවලට ගන්න එක සහ ඒ ඒ තීරු වලට වර්ණ ලබාදිලා කියවන අයගෙ පහසුව ඇති කරන එක . මේ වෙනස් කම් ටික බලාගන්න මෙතනින් පිවිසිල පුලුවන් ,
ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා බ්ලොග් කරුවෙකු වශයෙන් මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...
ඔය බ්ලොග් ෆීඩ් එකට ලිපියෙ අන්තර්ගතයෙ කොටසකුත් තියෙන නිසා සෑහෙන්න පහලට ස්ක්‍රෝල් කරන්න එපැයි. ඒ නිසා ලිපියෙ මාතෘකාව විතරක් පෙන්නන්න හැදුවනම් හොඳයි වගේ. ඒත් සමහර වෙලාවලට සුපිරි මාතෘකා දාල අල ලිපිත් ලියන නිසා ඒකත් හරි යන එකක් නෑ....
ReplyDeleteඅලුත් බ්ලොග් වල විතරක් ෆීඩ් එක තියල අනික්වා අයින් කලා , පරන අය ගැන විශ්වාසයි නේ ඔනි කෙනෙකුට
ReplyDeleteවැඩේ නියමයි ,,,,,,,,,,,,,,,,,,
ReplyDelete