Skip to main content

දක්ෂ කතා කරුවෙකු අවශ්‍ය කර තිබේ ....

ශ්‍රි ලංකා පොලිස් සේවයේ නිත්‍ය සේවය සඳහා , නිර්මාණශීලිත්වයෙන් පරීපුර්ණ පුද්ගලයෙකු "කථා නිර්මාණය කරන්නෙකු" වශයෙන් බඳවා ගැනීම සඳහා  අවශ්‍ය කර තිබේ . සිංහල ලිවීමේ සහ කියවීමේ හැකියාව තිබීම පමණක් සැහෙන අතර අවම වශයෙන් 8 වන ශ්‍රේණිය සමත්ව තිබිය යුතුය (ශිෂ්‍යත්වය සමත් වීම අනිවාර්ය නොවේ ) . උස හෝ පෙනීම පිලිබඳ නිර්ණායකයක් නොමැතිමුත් මේසයක පුටුවක වාඩීවී යමක් ලිවීමට තරම් උසත්, ලියන දෙයක් කියවා ගැනීමට තරම් පෙනීමත් තිබිය යුතුය


ජේම්ස් බොන්ඩ් හෝ එවැනි ත්‍රාසජනක චිත්‍රපට , නවකථා රසිකයෙකු වීම විශේෂ සිදුකමක් වන අතර සැක කරුවෙකු අත් අඩංගුවට පත්වූ පසු කරන කියන දැ පිලිබඳ පරිකල්පනය කිරීමේ  හැකියාවක්ද තිබිය යුතුය . ලියනා සැම කථාවකම අවසානය සැක කරුවා මිය යාම වන මුත් කථාව එකිනෙකට සම්පූර්නයෙන්ම වෙනස් විය යුතුය

ඉහත සුදුසු කම් සපුරන ඕනැම අයෙකුට තම  අයෙදුම් පත් පහත ලිපිනයට  එවිය හැක

කථා නිර්මාණ අංශය
ශ්‍රි ලංකා පොලිසිය
සියබලාණ්ඩුව


P.S - http://www.adaderana.lk/news.php?nid=15254

Comments

  1. හී හී හී...(ලියනා සැම කථාවකම අවසානය සැක කරුවා මිය යාම වන මුත් කථාව එකිනෙකට සම්පූර්නයෙන්ම වෙනස් විය යුතුය )

    මෙන්න හොඳම හරිය...

    ReplyDelete
  2. වෙන වෙන බලු වැඩ කරන්න දෙන්නේ නැතුව කථා හදන්න විතරක් පවරනවා නම් මම යනවා... ඒත් අප්පා කොල්ලෝ මරලා උන්ගේ මරණෙ වහන්න කථා ගොතන්න මොන බල්ලද යන්නේ ??? තූං !!!

    ReplyDelete
  3. ඔව් අප්පා . .

    හැමදාම ආයුධ පෙන්නන්න ගිහින් ඒ ආයුධ වෙලින් පොලිසියට වෙඩි තියපු නිසා මිය ගිය කතා අහලා ඇති වෙලා හිටියේ . .

    අලුත් පොලිස්පති තුමා අවට පස්සේ නම් තව අලුත් කතා දෙකක් ආවා.

    ආයුධ පෙන්නන්න ගිහින් ගඟට පැනලා "පීනන්න බැරි නිසා" ගඟේ ගිලිලා මැරුනු හිටපු නාවික හමුදා භටයගේ කතාව . . .

    හොර බඩු පෙන්නන යන ගමන් ජීප් එකෙන් පැනලා මැරුනු ඊයේ පෙරේදා මැරුනු කොල්ලගේ කතාව . . .

    බලමු මේ ඇබෑර්තුවට හොඳ පොරක් සෙට් වුනොත් තව හොඳ ලස්සන නිර්මාණ ටිකක් රසවිඳින්න ලැබෙයි . . හික්ස්

    ReplyDelete
  4. ඉන්නවා.. මහින්ද අබේසුන්දර.. කෝල් එකක් දීල බලන්න..

    ReplyDelete
  5. ඉරාකයේ පුද්ගලයින් දෙදෙනෙකු අතරවූ දෙබසක සිංහල අනුවාදයකි:

    "මොකෝ බං උඹල ඔච්චර මිනී මරන්නෙ?"

    "සර්.. ඔය සමහර එවුන්ට හොඳටම ගහලා විස්තර අහන්නේ. ඊට පස්සෙ උන්ට ජීවත් වෙලා වැඩක් නැහැ.. ඒ වගේ උන්ට වෙඩි තියලා දානවා.. ලොකු මහත්තුරු ආවම බොඩිය ලඟින් ග්‍රෙනේඩ් එකක් තියල පෙන්නනවා.. තව සමහර එවුන් හරි පණ්ඩිතයි, කට ගහගෙන එනවා.. උන්ටත් ගේම දෙනවා.."

    ReplyDelete
  6. කොස්‌තාපල් ඝාතනයේ සැකකරු ගඟට වැටී නසී

    ඝාතනය සඳහා යොදාගත් කඩුව බොල්ගොඩ ගඟේ දූපතක සඟවා තිබෙන බවට ලැබුණු තොරතුරු මත පොලිස්‌ නිලධාරීන් සැකකරුද කැටුව බෝට්‌ටුවකින් එම ප්‍රදේශයට ගොස්‌ ඇත. ඒ අවස්‌ථාවේ සැකකරු පොලිස්‌ නිලධාරියකුට පහරදී ඔහු ගඟට තල්ලුකර දමා පලායැමට ගඟට පැන ඇත. එහිදී දැඩි වෙහෙසක්‌ දරා පොලිස්‌ නිලධාරීන් විසින් දියේ ගිලීසිටි සැකකරු සහ පොලිස්‌ නිලධාරියා බේරාගෙන ගොඩට ගෙන ඇත.

    අසාධ්‍ය තත්ත්වයෙන් සිටි දෙදෙනා ලුනාව රෝහලට ඇතුළත් කළ අතර සැකකරු එහිදී මිය ගියේය. පසුව පොලිස්‌ නිලධාරියා කළුබෝවිල රෝහලට මාරුකර යවනු ලැබීය.

    නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ පැවැත්වේ.

    http://www.divaina.com/2011/10/05/news01.html

    ReplyDelete
  7. දැන් දැන් පොලීසියට ආයුධ පෙන්නන්න යන එවුනුත් දන්නවා තිර රචනයට අනුව රඟපාන්න. ඒ වගේ නේද පේන්නේ මෝදර/බොල්ගෙඩ කේස් එක?

    ReplyDelete
  8. මාතලන් සමග එකඟයි. වෙන කවුද ඉතින් මහින්ද අබේ + සු + න්දරම තමයි මගේත් තේරීම.

    ReplyDelete
  9. බුවාගෙ උත්සාහය අපතේ. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් හරි ඇලෙක්සැන්දර් ද්‍යුමා හරි ඇරෙන්න ඔය තනතුරට හරියන කෙනෙක් මේ ලෝකෙ නෑ. හැබැයි එයාල ආවත් හරියයිද දන්නෙ නෑ. මොකද එයාල දෙන්නට ඩීමන් ආනන්දගෙ වේගෙන් කතා ගොතන්න බෑ.

    ReplyDelete
  10. මම ලිපිය කියවන්නට කලින්ම මාතෘකාව දැක්ක සැනින්ම හිතුනා ඔබ මේ හොයන කතාකරුවා කාටද අවශ්‍ය කියන එක. ඔව් දැන් ටිකක් වෙනස් වුනා නම් හොදයි තමයි. හැමෝම ආයුද පෙන්නන්න ගිහින් මැරෙන එකට වඩා වෙනස් ක්‍රමයක් නොතිබුනොත් අවුල් ගොඩයි. හැබැයි සමහර අවස්ථාවල පොඩි පොඩි වෙනස්කම් මේ කතාමාලාවට කරල තිබුනා. මාංචුපිටින්ම ජලාශවල පිහිනන්නට යාම, තවත් සඟයෙකු විසින්ම වෙඩි තැබීම, රියදුරාගේ බෙල්ල මිරිකා පැනයාමට තැත් කිරීමේදී සිදුවන අලකලංචියේදී මිය යාම. හැබැයි ඒවා ඊට පස්සේ වැඩිපුර භාවිතාවුනේ නැහැ...

    ReplyDelete
  11. කොනන් ඩොයිල් , අගතා ක්‍රිස්ටි ?????

    ReplyDelete
  12. විජේවීරට වෙඩි තිබ්බෙත් සගයෙක් වගේ මතකයක් තියෙනව

    ReplyDelete
  13. @ dukaa
    //ආයුධ පෙන්නන්න ගිහින් ගඟට පැනලා "පීනන්න බැරි නිසා" ගඟේ ගිලිලා මැරුනු හිටපු නාවික හමුදා භටයගේ කතාව . . .

    එතකොට අර ගුටි කාලා අයි.සී.යූ. එකේ ලගින් කොස්සා කරන්නෙත් රඟ පෑමක්ද?

    ReplyDelete
  14. මරු මරු

    ReplyDelete
  15. මේක මචන් මම මගේ බ්ලොග් එකේ ඔයා ලියපු comment එකකට උත්තරයක්.

    http://anangmanan.blogspot.com/2011/10/comment-box-comment-box.html

    ReplyDelete
  16. කාර්ය බහුල කම නිසා වෙන වෙනම උත්තර දෙන්න බැරි වුනාට සමාවෙන්න , බොහොම ස්තුතියි ප්‍රතිචාර වලට , ඊලඟ ලිපියෙ ඉඳන් නම් පිලිතුරු දෙන්න හැකිවේවි

    ReplyDelete
  17. හිහ් ... හිහ් ...
    එල පෝස්ට් එක ....
    ලංකාවෙද කතා රචකයෝ නැත්තෙ ...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ ...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...

එකපාරටම උඩ පනින්න කලින් මේ ගැනත් හිතල බලන්න වෙයි - පුරන් අප්පුගේ ඊ නිවුස් හෙලි දරව්වට පිලිතුරක්

පෙරමුණේ රාල බ්ලොග් අඩවියේ පුරන් අප්පු අද මහා හෙලි දරව්වක් කරල තිබු න ,  ඒ තමයි මේ දවස් වල ලංකාවේ ග්‍රාහකයින්ට ඇක්සස් කොරන්න බැරි ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තමන්වම බැන් කරගෙන , අනුකම්පාව ලබා ගැනීමේ මෙහෙයුමක නිරත වෙනවාය කියන එක . ටිවි චැනල් තමන්ම ගිනි තියාගන්න රටේ , මාධ්‍ය වේදියෝ තමන්වම මරා ගන්න රටේ මේකත් ඇත්ත වෙන්න ඇති කියල මටත් හිතුනා . ඊට පස්සේ ඒ අය කරල තිබුන පරීක්ෂාවම කරල බැලුව ටෙලිකොම් සබඳතාවයකින් , වැඩේ ඇත්ත වගේ තමයි . හැබැයි ඩයලොග් සබඳතාවයදී ආවේ වෙන කතන්දරයක් . ඊට පස්සෙ මම කලේ  ඊ නිවුසියට අදාල අයිපි ඇඩ්‍රස් එක කෙලින්ම ටයිප් කරල වෙබ් අඩවියට යන්න හදපු එක . එතන්දිත් ටෙලිකොම් වැඩ ඩයලොග් වැඩ නැ . ඊට පස්සේ මම අන්තර්ජාලෙ කරක් ගැහුවා මේකට උත්තරයක් හොයාගෙන . ඒ අනුව මට තේරුණා මේ උඩ පැනිල්ලේ අඩු පාඩු කම් කිහිපයකුත් තියනව කියල . මෙන්න මෙහෙමයි කතන්දරේ අන්තර්ජාලයේ සෙවුමක් කරල බලන ඕනි කෙනෙකුට දැකගන්න පුලුවන් දෙයක් තමයි , වෙබ් අඩවි බ්ලොක් කිරීම සහ ඒවට විසඳුම් අඩංගු ලිපි රාශියක් තියනවාය කියන එක . මේ ලිපි අනුව යම් කිසි වෙබ් අඩවියක් බ්ලොක් කිරීමට අනුගමනය කරන මූලිකම ක්‍රම දෙකක් තියනව Ex -...