Skip to main content

ඇන්දෙනවාද ? , අන්දනවාද ?


අන්දවන්නන්ගේ සහ ඇන්දෙන්නන්ගේ ඉරණම තීරණය වන්නේ හෙටයි

පැල්පත් නිවාස ෆ්ලැට් කරගැනීමට ඇන්දෙන පිරිසක්ද  හෙට සිටිති , ඔවුන් සන්ධානයට කතිරය ගසනු ඇත ,

තමන්ගෙ නිවාස කුඩු කිරීමට එරෙහිව පාරේ  බුදියගෙන තමන්ව බේරා ගන්නා වීර මුසම්මිල් ගැන සිහින දකින්නන් එජාපයට ඡ්න්දය දෙනු ඇත .

කුණු අරන් දාන්නම් , පාරවල් හදන්නම් , සිංගප්පූරුවක් කරන්නම් කථා බහට ත් ඇන්දෙන මිනිසුන් සිටිනු ඇත ඔවුන් අවුරුදු ගානක් ඡ්න්දය දුන් අලියා අත හැර බුලත් කොළයට බසිනු ඇත

වසර 50  ගනන්ක් තිස්සේ නගර සභාව පාලනය කලත්  නොකල දේවල් මුසම්මිල් කරනු ඇතැයි කියා ඇන්දෙන අය එජාපයටම ඡන්දය දීමට ඉඩ ඇත


නුවර නගරයේ තදබදය නගරයේ ස්වාභාවය නිසා ඇතිවූවක් බව දැන දැනත් එය නැති කිරීමට හැකියි සිත ඇන්දෙන අයත් , නුවර හදන  ගුවන් තොටුපලෙන් රට යැමට බලාගෙන ඇන්දෙන අයත් සංධානයට  කතිරය ගසනු ඇත

සජිත්  මහතාව නායක  කලොත් එජාපය දිනනවා කියා ඇන්දී ඇති  යුඇන්පී පොරවල් මාතරදී හා කෝට්ටේදී අදාල ස්වාධීන පක්ෂවලට කතිරය ගසනු ඇත . අනිල් පලාත්වල ගෙවල් වලට වී  තමන්ගෙ වැඩක් බලා ගනු ඇත


 තමන්ගේ කලින් පාලන කාලයෙදී නගර සභාවේ වැසිකිලියෙන් පවා  බකයා ගැසූ උන්ගේ "සුපිරිසිදු අවංක දේශපාලන" බයිලා වලට ඇන්දෙන පිරිස් මනාප තුනම ඔවුනට පුදනු ඇත

නැතහොත් කලින් උන් හොරකම් කලත් අප එසේ නොවේ කියා ගෙන ගෙට ගොඩ වෙන තරුණ කොලු ගැටවුන්ගේ චාටු කථා වලට රැවටී කතිරය පුදනු ඇත

මහින්ද චින්තන වැඩපිලිවෙල ඉදිරියට ගෙනයාමට නගර සභාවෙනුත් සප් එකක් දිය යුතුමයැයි සිතා ඇන්දෙන  උන් සංධානයටම නගර සභාව  පුදදෙනු ඇත

නායක කාරකාදීන්ට එක වේදිකාවට නැග ඡ්න්දයක් ඉල්ලීමට තරම් එකමුතු කමක් නැති එජාපය මේ ඡ්න්දයෙන් දින්නොත් ශක්තිමත් වේ යැයි කියා ඇන්දෙන උන් අලියාටම කතිරය ගසනු ඇත

තමන්ගේ ඡ්න්දය අරගෙන පිස්සු නටන හකීම්ලාට සහ මනෝ ගනේෂන් ලාට ඇන්දෙන උන් සන්ධානයේ හා එජාපයෙන් තරඟ වදිනා තම ජාතීයේ අපේක්ෂකයින් අමතක කර අරුන්ටම කතිරය පුදනු ඇත

ඇන්දෙන , අන්දන සියල්ලන්ගේම ඉරණම ඉරිදා වන විට තීන්දු වනු ඇත ,  මේ ඡන්දය කේරේ ජාතික මට්ටමේ ඇන්දිලිත් ඇතත් ඡන්දයෙන් පසුම ඒවා කථා කිරීම වඩා හොඳය

Comments

  1. මේ ඡන්දෙ වැදගත්කම තියෙන්නෙ කොළඹ උදවියට තමයි වැඩිපුරම. ඊට අමතරව කොළඹ අවට පවතින නගර සභා වල අයටත් මේක වැදගත් වෙයි. මොකද අතුගෑවීමට හෝ රැඳීමට නියමිත ඉරණම කැරකෙන්නේ වැඩිපුරම ඒවාට අයත් ජනාතවටයි.
    ඒත් අපේ රටේ බහුතර ජනතාව කොහොමත් කඩුව රත්තරන්නම් ඒකෙන් බෙල්ල කපා ගැනීමට නොපැකිලෙන්නේ එය මහත් වාසනාවක් ලෙස සලකාගෙනය.

    ReplyDelete
  2. මමත් අනාවැකියක් කියන්නම්. සන්ධානේ කොළඹ දිනනවා. දින්නත් කොළඹ වෙනස් වෙනවා. පැරදුනත් වෙනස් වෙනවා. මේ යන ක්‍රමේ කිසි දෙයක් නොකල කාලයට වඩා හොඳයි. මට චන්දේ තියෙනවා. ඒත් මම දාන්න යන්නේ නෑ. මොකෝ අපි පතන ළෝකය පතන එකෙක්වත් ඔතන නෑ.

    ReplyDelete
  3. එකඟයි. අන්දන්නන් සහ ඇන්දෙන්නන් මේදේ දිගටම වසර 60 ගනනක් කරමින් ආ දේය. ඉදිරි පරම්පරාවත් මෙයම කරනු ඇතැයි සිතමි. කැමැත්තෙන් ඇන්දෙන්නෝත් කැමැත්තෙන් අන්දන්නොත් සිටිනකම් මෙය මෙලෙසම සිදු වේ. කෙසේ වෙතත් පසුගිය ඉරිදා මාතර දී නම් මම මේ දෙගොල්ලන්ම දුටුවෙමි. අනාගත්යේ ඇන්දෙන්න කැමැති වුන්ද කොඩි ගෙන තම කැමැත්ත ප්‍රකාශ කරනු බලා සුසුමක්ම හෙලුයෙමි.

    කැමැත්තෙන් ඇන්දෙන්න බලාපොරොත්තුවක් නැති හෙයින් මම හෙට කොළඹ සිටිමි. ( මගේ මැතිවරන බල ප්‍රදේශය මාතරයි.) නිසැකවම හොඳටම අන්දාගත්තෙක් මා වෙනුවෙන් යුතුකම් ඉටු කරතැයිද සිතමි.

    ReplyDelete
  4. ඔවුන් අන්දනවා අපි ඇදගන්නවා.. මේ වෙනකන් එහෙමයි.. ඉදිරියටත් එහෙමම වේවී...

    ReplyDelete
  5. අද ඡන්දදායකයා ඇන්දිය යුතු නොවේ.කලයුත්තේ රෙද්ද වැනීම පමණි.ඔවුන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී රෙද්ද කපා,මහගෙන,ඇඳගනිති.

    ReplyDelete
  6. නියම සටහන!!

    අබුද්දස්ස කාලේ දැන් මෙහෙ බලයේ ඉන්න අය විසින් ම උසිගන්නවලා පෙළපාළි පැවැත්වෙන්නෙ. පෙළපාළි යන අයට සල්ලිත් ලැබුන කියලා ආරංචියි. බැරි ද බස් ලෝඩ් එකක් එවන්න? නිකං යෑ ඩොලර් වලින් ලු දෙන්නෙ!!!

    ReplyDelete
  7. ඔය කිව්වෙ...ඔය කිව්වෙ....දැන් අපි කාටද මනාපෙ දෙන්නෙ?

    ReplyDelete
  8. බුවා,
    පුළුවන් නම් ලිපියක් ලියන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවන මා‍ෆියාව ගැන. විශේෂයෙන්ම නව රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී වන ජරා දේවල් ගැන...

    1. රියැදුරු බලපත්‍රය ගන්න මුලින්ම මුහුණ දෙන්න ඕන ලිඛිත පරීක්ෂණයත් වංචාවෙන් කරන්නෙ. ඔය ටෙස්ට් එකට එන පේපර්ස් 4ම ලර්නර්ස් කාරයෝ ගාව තියෙනවා. සමහර උන් එදාට දෙන පේපර් එක මොකක්ද කියලත් දන්නවා.

    2. ඊළඟට ප්‍රායෝගික පරීක්ෂණය - මේකේදි එන එක්සැමිනර් කාරයාට අවම රු.500-3000 දක්වා පගාවක් ගෙවන්න ඕනා. නැත්තම් කොච්චර හොඳට වාහනේ එලෙව්වත් පාස් කරන්නෙ නෑ.

    3. දවස අන්තිමට හම්බුවෙන පගාව ගැන ගනන් බැලුවොත්! එක එක්සැමිනර් කෙනෙක්ට දවසකට 20දෙනෙක් විතර පරීක්ෂා කරන්න හම්බු වෙනවා. 20*500 අවමය. මුන් ඔක්කොම මේවා හවසට එකතුවෙලා බෙදා ගන්නවා.

    4. අනික වෛද්‍ය පරීක්ෂණයත් මහ බොරුවක්. මම අඳුරන රාත්‍රී අන්ධතාවය තියෙන කෙනෙකුත් ඔය වෛද්‍ය පරීක්ෂණය සමත් වුණා.

    ReplyDelete
  9. අද තමා ඒ "තීරණාත්මක" දවස..ලොල්

    ReplyDelete
  10. @outsider -// බහුතර ජනතාව කොහොමත් කඩුව රත්තරන්නම් ඒකෙන් බෙල්ල කපා ගැනීමට නොපැකිලෙන්නේ එය මහත් වාසනාවක් ලෙස සලකාගෙනය.//

    අන්න ඒ සීන් එක නිසාතමයි මචන් මේ ඇන්දිලි කාරයෝ රජ කරන්නේ

    @මාතලන් - මම නම් ඉන්නේ ඔය අනාවැකිය බොරු වෙයි කියන මතයේ තමයි මේ වෙනකොටත් , බලමු ...කොහොම උනත් කොලඹ සිද්ධවෙන වෙනසේ මානූෂීය පැත්තත් කල්පනා කරල බලන එක රජයේ වගකීමක් .පේමන්ට් කඩ ඉවත් කලාට වඩා වාසස්ථාන ඉවත් කිරීම කියන කාරණය සංවේදියි

    @මහ වෙද්නා - දැන් නම් ඔබ වෙනුවෙන් වෙන අයෙකුට යුතුකම් කිරීම ටිකක් අමාරුයි නේ , කොච්චර ඇන්දගත්තත් හැඳුනුම් පතක් ඕනිනේ

    ReplyDelete
  11. @දිනේෂ්- හ්ම් ...හැමදාම අපි එක තැන නේ ?

    @සිතුවිලි මණ්ඩිය - ඒකත් ඇත්ත තමයි , පහුගිය කාලේ ලොකු තැන් කලේ රෙදි පෙන්නපු එක විතරයිනේ , අපිම කපල මහල ඇඳගත්තේ

    @අරුණි - ඩොලර් විතරක් නම් මදි වේවි , බත් පැකට් එකයි බෝතලයයිත් ඕනි . ඒ දෙකත් දෙනව නම් බස් දාහක සෙනඟ උනත් හොයාගන්න පුලුවන්

    @ඔබා - මනාප .... එව්වා නම් දෙන්නම එපා

    @චම්මා - ලොල්....

    ReplyDelete
  12. @Request - ලියන්න වටින කාරණයක් තමයි ඕක , අනිවා ලියමු බොහොම ස්තුතියි මතක් කිරීමට හා ලබා දුන් කරුණු වලට

    ReplyDelete
  13. මෙහෙම comment කලොත් මොකද කරන්නේ

    ReplyDelete
  14. මේ ඇන්දන ඇන්දෙන උන් නිසා අපේ ඇඟේ ලේ ටික වතුර කොර ගන්නේ නැතුව ඉන්න කොරමයක් තියෙනවද කියලා හොයලා බලලා ලියපන්කෝ බුවෝ . . .

    පින් සිද්ද වෙයි අම්මපා . . .

    ReplyDelete
  15. මටත් ඡන්දේ තිබුණට තාම ජීවිතයටම එක පාරයි දැම්මේ. ඒ 2005 දී. ආයෙත් නම් ඡන්දයක් දෙන්න හිතක නෑ. මට හිතෙන්නේ දාන්න ඕනවට ඔහේ කාටහරි කතිරේ ගහනවාට වඩා කාඩ් එක දෙකට ඉරලා පෙට්ටියට දාන එක හොඳයි කියලා. ජනතාව තමන්ගේ විරෝධතාවය හරියට පෙන්නලා නෑ. ඒ වැඩේ අපේ පරම්පරාවෙන් පස්සේ වත් වෙයි කියලා හිතනවා.

    අපේ මහජනයා ඡන්ද කාඩ් එකට සලකන්නේ පිරිත්පොතට වගේනේ. ඇයි ඉතින් වාහිනී වලින් උදේ හවා යන්නේ //ඔබේ වටිනා ඡන්දය// කියලනේ. අනේ හප්පා මෙහෙමත් ගොන්නු.

    උඩ කිව්වා වගේ දැන් රෙද්ද වනන්න විතරයි ඕනේ. අපේ අය කැමති මෝසතරේට මහ ගන්නවා... අඳෝමැයි !!!

    ReplyDelete
  16. ඇයි මේ බ්ලොග් සටහන් බලලා ඇන්දිලා ලේ කෝප කරගෙන / චූන් වෙලා කොමෙන්ට් කරන අපි?

    ReplyDelete
  17. විකල්පයක් තියනවද බං අපිට වෙන?විකල්ප බලවේගයක් තියනවද අපිට හැරෙන්න ???

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව