Skip to main content

ලංකා ඊ නිවුස් සහා ලංකා නිවුස් වෙබ් වාරණය කරයි ......ලැජ්ජයි

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියටත් , ලංකා නිවුස් වෙබ් අඩවියටත් ශ්‍රි ලංකාවේ ග්‍රාහකයින් ඇතුල් වීම ප්‍රධාන අන්තර්ජාල සැපයුම් කරුවන් දෙදෙනා විසින් නවතා දමා ඇත, ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මේ පිලිබඳ ලිපියක්ද පල කර ඇති අතර , ඔවුන් සඳහන් කරනා එක් අන්තර්ජාල සම්පාදකයෙකු තුලින් ලංකා නිවුස් වෙබ් වලටද පිවිසිය නොහැක . මේවායේ මාධ්‍ය භාවිතාවන් පිලිබඳ ගැටලු තිබිය හැක.(මා හටද බොහෝ ප්‍රශ්නාර්ථයන් ඇත )  නමුත් අධිකරණ නියෝගයකයින් තොරව හොර පාරෙන් කරනා වාරණයන් යනු සැබවින්ම  අසික්කිත ක්‍රියාමාර්ගයන්ය , යම් වෙබ් අඩවියකින් සිදුකරනා මඩ ගැසීමක් වේ නම් අධිකරණය හරහා නියෝගයක් ලබාගෙන අදාල වෙබ් අඩවි  බාධා කල හැක . නමුත් එසේ නොකර සිදු කරනා මෙවැනි දැ වලින්  පැවසෙන්නේ ඒ  ප්‍රවෘත්තීන් සත්‍ය නිසා බියවී ඇති බවද?? .

දිගට හරහට අසභ්‍ය වෙබ් අඩවි බ්ලොක් කිරීම නිසා පොඩි එකෙකු වුවත් බාධක වලින් රිංගා යැමට ක්‍රමයන් දන්නා හෙයින් අදාල වෙබ් අඩවි වලට එතරම් පාඩුවක් සිදු නොවනු ඇත ,

 ( යම් හෙයකින් අදාල සමාගම් මෙසේ කරන්නේ තාක්ෂනික දෝෂකින් නම් ඒ බැව් වහා පැවසිය යුතුව ඇත )

කියන්නට ඇති එකම දෙය නම් "ලැජ්ජයි" යන වදනයි , ඊ නිවුස් , නිවුස් වෙබ්  එරෙහිව සිටින්නේ කාටද කියා සියල්ල්ලන්ම දන්නා නිසා ලැජ්ජා විය යුත්තේ කව්දැයි අමුතුවෙන් කිව යුතු නැත

Comments

  1. එකඟයි. ඇත්තටම මොවුන්ගේ මධ්‍ය භාවිතය ගැන ප්‍රශ්න මටද තිබේ. ඒ එසේ වුවත් මෙය කරනා නිසි පිලිවෙල මෙය නොවන බව කියමි.

    ReplyDelete
  2. I dont think ts bad, Government should ban the sites that have to ban.
    -Gayan

    ReplyDelete
  3. @ano(gayan) - Personally I do not recommend banning (media) and if the gov wants banning , should do it in proper legal manner, not in "backdoor" way

    ReplyDelete
  4. මටත් සෑහෙන්න ප්‍රශ්නයක් මුන්ගෙ මාධ්‍ය භාවිතය.මුන් මාධ්‍යක් නෙවෙයි මඩ සයිට් එකක්නෙ කරන්නෙ.ඔල්මොරොන්දම් සෙට් එකක්ද කොහෙද.උපුල් ජෝසප් ප්‍රනාන්දුලා ගැන්සියක් කරන එකක් වෙන්නෝන

    ReplyDelete
  5. එකක් දෙකක් වැහුවට වැඩක් නැහැ, ඕවා කොහෙන් හරි එලියට එනවා ....
    ඇත්තටම කරන්න පුලුවන් වැඩක්ද ඕක ........

    මම බලන වෙබ් අඩවියක් තමා ලංකා ඊ නිව්ස් කියන්නෙ ......

    ReplyDelete
  6. ඔහොම ප්‍රශ්නයක් මගේ අඩවියකට උනා. මීට කලකට පෙර. ටෙලිකොම් දෙකකින් යන්න බැරි උනා. මම පස්සේ සොයා බැලිමක් කරා මට දැනගන්න ලැබුනා මගේ Hosting වල ප්‍රශ්නයක් කියලා. මගේ සයිට් දාලා තියෙන Host එකේ. වෙන අයත් එයාලාගෙන් Hosting අරන් හදපු සයිට් වලත් ඔය ගැටලුව අවා. මම Hosting එකට කිව්වාම එයාලා මට වෙන සර්වරයකින් Hosting දුන්නා. ර්‍රට පස්සේ මගේ ගැටලුව විසදුනා. ඉතින් මේ ගැටලුව සමහර විට එහෙම එකක් වෙන්න පුලුවන්. නේද.

    ReplyDelete
  7. Lankawa thula wena dewal wala attha thathwaya Ratata kiyanna ada konda pana thiyana Journalist la na. Eth LeN pala karana article boru kiyala me wenakam anduwa eli pita kiyala na, mokada anduwa dananwa eyala karana gon kam LeN walin eliya lokayata idiripath wenawa kiayala......

    ReplyDelete
  8. @ඇනෝ 2 - මඩ සයිට් එකක් නම් අදාල අය නඩු දාලා රටේ ජනතාවට යතාර්ථය පෙන්නල දෙනෑක තමයි කෙරෙන්න ඕනි කරන්නේ

    @නදුන් - වෙන්න බැරි කමක් නැ ,නමුත් මේ වගේ දෙයක් උනාම සැක සහිත තත්වයක් මතුවෙන එක සාධාරනයි

    ReplyDelete
  9. මහ ව්දනා , පන්සල් හන්දිය , ඇනෝ 3 - ස්තුතියි අදහස් වලට

    ReplyDelete
  10. Lake house witharak nemei divaina lankadeepa wage papers ,Siyaluma TV channels(now including SIRASA) and FM tika redi nathuwa anduwata kadee yaddi mada godak ekka hari lankawe wenne monawada kiyala baluwe me site deken...Web sites ban karanawa kiyanne me modern cyber world eke moda wedak...every body knows how to log in to a banned site...Meka china wage democracy ekak nethi ratakda nethnam Iran wage muladarmawadi ratakda...mama hithanne e dekema mix ekak...

    ReplyDelete
  11. mayyath nowaradawaama balana site ekak...bagayak boru haa bagayak ettha kalawam karala liyanawa..eth block karapu eka nam waradi....we will raise our voice against this...

    ReplyDelete
  12. ඊ නිවුස් මාධ්‍ය භාවිතය ගැන මට නම් ගැටළුවක් නැහැ. කලින් පොඩි හරි පරිස්සමකින් ගහපු එව්වා දැන් අමු නන්නත්තාර විදිහට ගහනවා. මාධ්‍යවේදියෙකුත් අතුරුදන් වෙලා, කාර්යාලයත් ගිනි තියලා, ජීවිතාරක්ෂාවට රටෙනුත් යන්ඩ උනාට පස්සෙ ඔහොම නොකලොත් තමා පුදුමෙ.
    තල වපුරපු අයම තමයි තල නෙලන්නෙ.
    (එම මාධ්‍ය භාවිතය ගැන මම එකඟ නැහැ. නමුත් උන්ට වෙන්ඩ තියෙන හැම දේම වෙනකං ඔහේ බලං හිටපු අය දැං නැගිටලා මෙන්න මඩ ගහනෝ කියන එක මොකද්ද?)

    ReplyDelete
  13. amage redda, Parcy Raja ge pawulata mini maranda, kudu wikunanda, idam kolla kanda, rate arthiken 80% thamange palaneta ganda, parlimentuwa balu karanda, civil sewakayek wena Gota chanda campaign karanda hondayi.. kiwwama thamayi naraka... LIFT THE BAN ON ENEWS!

    ReplyDelete
  14. මමත් සිද්ධිය දැනගත්තෙ අද උදේ ඔෆීසියෙ අයිය කෙනෙක් කියල. ඇයි මේගොල්ලො අදහස් වලට නිවුස් වලට චෝදනා වලට මේතරම් භය?

    ReplyDelete
  15. චාර්මි කිව්ව එක හරි.
    අනෙක් එවුන් මොකක්ද එක හංගගෙන වෙන එකකින් කෙළින අතරෙ මුං නියම එකෙන්ම කෙළිනව එච්චරයි වෙනස.

    ReplyDelete
  16. ඕකට ප්‍රොක්සි සර්වර් 1ක් හරහා අතුලු වෙන්න හැබයි මුං ප්‍රොක්සි සර්වර් 2ක් බ්ලොක් කරලා මේක වැඩ
    http://freeproxyserver.net/index.php?q=aHR0cDovL3d3dy5sYW5rYWVuZXdzLmNvbS8uLi9TaW5oYWxh

    ReplyDelete
  17. ඊ නිවුස් බලන්න ඕනේ අය ඉන්නවා නම් මේ ලින්ක් එක පාවිච්චි කරන්න
    http://anonymouse.org/cgi-bin/anon-www.cgi/http://www.lankaenews.com/Sinhala/

    ReplyDelete
  18. ලින්ක් එක දුන්නට තෑන්ක්ස් සමීර... මේ කචල් එක ගැන දැනුම් දුන්නට බුවා උඹටත් තෑන්ක්ස්.

    ReplyDelete
  19. මේක ඇත්තටම අදාල අන්තර්ජාල සැපයුම් කරුවන් බ්ලොක් කරා කියන්න ප්‍රමාණවත් සාක්ෂි තියෙනවාද?.එසේ නොමැති නම් මචෝ මේක ගැන අපි මෙහෙම කතා කරලා වැඩක් නැහැ

    ReplyDelete
  20. @නිකමා - අදාල වෙබ් අඩවි තාමත් වෑඩ කරනවා නම් සහ යවත්කල් වනවා නම් , අදාල නෙට්වර්ක් දෙකෙන් යන්නත් බැරි නම් ,,, එක්කො තාක්ෂනික ප්‍රශ්නයක් නැත්නම් හිතලම බ්ලොග් කරලා . තාක්ෂික ප්‍රශ්නයක් නම් නිවැරදි වෙන්නේ නැතැ , බලමුකො

    ReplyDelete
  21. බුවා,
    ලංකා ඊ නිවුස් සයිට් එකට යන්න බැරි ලංකාවෙන් විතරද, මං දැන් මේ පොස්ට් එක කියවන ගමන් චෙක් කළා මෙහෙන් යැතාකි.

    ReplyDelete
  22. @ඔබා - ඔව් .. ඒ ඇර මේ ඇයින්ට කොරන්න පුලුවන් දෙයක් නැ , මෙහෙත් බ්ලොක් කලත් අපිත් කිසි ගින්නක් නැතුව බලනව :D

    ReplyDelete
  23. යම් රටක මානව නිදහස ( අපි කියමුකෝ මානව හිමිකම් කියලා තේරෙන භාෂාවෙන්) මනින්න පුලුවන් දෙයක් තමා මාධ්‍ය නිදහස.හැබැයි විවිධ ලෙස දුෂිත () වුණ මාධ්‍යක් සහ ඒවා පාලනය කරන රටක , ජීවිතයට නිදහස් මාධ්‍යක පහස නොලබපු , කවදාවත් නිදහස් වෙන්න ඕනකමක් නැති මිනිස්සු ඉන්න රටක ඕවා එච්චර දේවල් නෙවේ.

    ReplyDelete
  24. මේ යන්නේ කොයි පාරේ අර කෂ්ටිය ගිය පාරේ !!

    ReplyDelete
  25. නිති විරෝධි වාරණයට විරුද්ධ අදහස් දැක්වූ සියලු දෙනාට ම බොහොම ස්තුතියි !!

    ReplyDelete
  26. Now the site is down.

    ReplyDelete
  27. ඊ-නිවුස් තහනම අතේ පත්තු වෙයි! පෙරමුණේ රාළගේ අටුවාව කියවලා බලන්න

    ReplyDelete
  28. මමත් පරීක්ෂා කරල බැලුව සීන් එක , උත්තරය එතන දීල තියනව

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව