Skip to main content

Blog Promo අඩවියට වෙනස් කම් කිහිපයක්

අලුතෙන් බ්ලොග් කරණයට එන අයට සහ අලුත් බ්ලොග් වලට  උදව්වක් වශයෙන් මම පටන් ගත්ත "Blog Promo  අඩවිය ගැන මම කලින් ලිපියෙදි කිව්වා . හොඳ  නරක ප්‍රතිචාර දෙකම ලැබුනා . නොබලපු කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගිහින් බලන්න පුලුවන් . කොහොම උනත් ඒකට වෙනස් කම් කිහිපයක් සිදු කලා ඒ තමා සියලුම  කැටගරි වලට අයත් බ්ලොග්  එකම මට්ටමකට ගේන එක , අලුත් බ්ලොග් අඩවි අනික්වායින් වෙන් කරල වම් පස කෙරවලට ගන්න එක සහ ඒ ඒ තීරු වලට වර්ණ ලබාදිලා කියවන අයගෙ පහසුව ඇති කරන එක . මේ වෙනස් කම් ටික බලාගන්න මෙතනින් පිවිසිල පුලුවන් ,

Comments

  1. ඔය බ්ලොග් ෆීඩ් එකට ලිපියෙ අන්තර්ගතයෙ කොටසකුත් තියෙන නිසා සෑහෙන්න පහලට ස්ක්‍රෝල් කරන්න එපැයි. ඒ නිසා ලිපියෙ මාතෘකාව විතරක් පෙන්නන්න හැදුවනම් හොඳයි වගේ. ඒත් සමහර වෙලාවලට සුපිරි මාතෘකා දාල අල ලිපිත් ලියන නිසා ඒකත් හරි යන එකක් නෑ....

    ReplyDelete
  2. අලුත් බ්ලොග් වල විතරක් ෆීඩ් එක තියල අනික්වා අයින් කලා , පරන අය ගැන විශ්වාසයි නේ ඔනි කෙනෙකුට

    ReplyDelete
  3. වැඩේ නියමයි ,,,,,,,,,,,,,,,,,,

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ ...

එකපාරටම උඩ පනින්න කලින් මේ ගැනත් හිතල බලන්න වෙයි - පුරන් අප්පුගේ ඊ නිවුස් හෙලි දරව්වට පිලිතුරක්

පෙරමුණේ රාල බ්ලොග් අඩවියේ පුරන් අප්පු අද මහා හෙලි දරව්වක් කරල තිබු න ,  ඒ තමයි මේ දවස් වල ලංකාවේ ග්‍රාහකයින්ට ඇක්සස් කොරන්න බැරි ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තමන්වම බැන් කරගෙන , අනුකම්පාව ලබා ගැනීමේ මෙහෙයුමක නිරත වෙනවාය කියන එක . ටිවි චැනල් තමන්ම ගිනි තියාගන්න රටේ , මාධ්‍ය වේදියෝ තමන්වම මරා ගන්න රටේ මේකත් ඇත්ත වෙන්න ඇති කියල මටත් හිතුනා . ඊට පස්සේ ඒ අය කරල තිබුන පරීක්ෂාවම කරල බැලුව ටෙලිකොම් සබඳතාවයකින් , වැඩේ ඇත්ත වගේ තමයි . හැබැයි ඩයලොග් සබඳතාවයදී ආවේ වෙන කතන්දරයක් . ඊට පස්සෙ මම කලේ  ඊ නිවුසියට අදාල අයිපි ඇඩ්‍රස් එක කෙලින්ම ටයිප් කරල වෙබ් අඩවියට යන්න හදපු එක . එතන්දිත් ටෙලිකොම් වැඩ ඩයලොග් වැඩ නැ . ඊට පස්සේ මම අන්තර්ජාලෙ කරක් ගැහුවා මේකට උත්තරයක් හොයාගෙන . ඒ අනුව මට තේරුණා මේ උඩ පැනිල්ලේ අඩු පාඩු කම් කිහිපයකුත් තියනව කියල . මෙන්න මෙහෙමයි කතන්දරේ අන්තර්ජාලයේ සෙවුමක් කරල බලන ඕනි කෙනෙකුට දැකගන්න පුලුවන් දෙයක් තමයි , වෙබ් අඩවි බ්ලොක් කිරීම සහ ඒවට විසඳුම් අඩංගු ලිපි රාශියක් තියනවාය කියන එක . මේ ලිපි අනුව යම් කිසි වෙබ් අඩවියක් බ්ලොක් කිරීමට අනුගමනය කරන මූලිකම ක්‍රම දෙකක් තියනව Ex -...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...