Skip to main content

ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සිනමා වර්ගීකරණය

අවසාන ලිපියට කලින් ලිපිය ලියවුනේත් සිනමාව ගැන , සිනමාවේ දුම් වැටි භාවිතාව සම්බන්ඳව . ඒ ලිපිය කියවපු සමහර දෙනෙක්  මම  අදහස් කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් වාරනයක් කලයුතුය කියලාද කියල ප්‍රශ්නය මතු කලා . ඇත්තෙන්ම මගේ අරමුණ වුනේ වාණිජ වශයෙන් දුම් වැටි සිනමා නිර්මාණ හරහා ප්‍රදර්ශනය කිරීමේ  තියන වැරැද්ද පෙන්වන එකත් . නිර්මානාත්මක අවශ්‍යතාවයන්ට අනුව භාවිතා කරන්න සිද්ධ වෙනවා නම් ප්‍රේක්ෂකයා කවුද කියන එක පිලිබඳව සැලකිය යුතුයි කියන කාරණය මතුකරන එකත් . ඒ මිසක "නිර්මාණ කරුවාගේ අදහස් වාරණය " නම් මම අනුමත කරන්නේ නැ කියන එකත් කියන්න ඕනි . මේ ප්‍රේක්ෂකයා තෝරාගැනීම කියන කාරණයේදී තමයි සිනමා නිර්මාණ වර්ගීකරණය(Rating )  කියන දේ වැදගත් වෙන්නේ . කලින් ලිපියට තියන පුංචි සම්බන්ධය ඇරුණාම අහම්ඹෙන් දකින්න ලැබුනු ටෙලි නාට්‍ය කුත් තමයි මේ වර්ගීකරණය කියන දේ ගැන කථා කරන්න පෙලඹීමක් ඇති කලේ .

ලංකාවේ දකින්න තියෙන්නෙ ඉතාම ප්‍රාථමික මට්ටමේ සිනමා වර්ගීකරනයක් /ශ්‍රේණිගත කීරිමක් නිසා ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයේ දකින්න තියන වර්ගීකරනය තමයි මම මේ සඳහා පාදක කරගන්නේ , (ඔව්.... බුවා බටහිර ගැත්තා තමයි , හැබැයි ඒ නිසා නෙවෙයි ඉතාම ක්‍රමානුකූල වර්ගීකරනයක් දකින්න ලැබෙන නිසා ). මේකට යොදාගන්න මුලාශ්‍ර වෙන්නෙ බ්‍රිතාන්‍යයේ මේ කටයුතු සම්බන්ධව කටයුතු කරන British Board of Film Classification  ආයතනය එක්සත් ජනපදයේ Motion Picture association of America ආයතනය සහ විකි පිඩියාව

මුලින්ම බලමු බ්‍රිතාන්‍යයේ කොහොමද කෙරෙන්නෙ කියල 



  • U කාණ්ඩය කියන්නේ ඕනැම කෙනෙකුට බලන්න කිසිම ගැටලුවක් නැති කාණ්ඩය . ඒ කියන්නේ "පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි "


  • PG කියන කාණ්ඩය අවුරුදු 8ට වඩා වැඩි ලමුන්ට හානි දායක නොවෙන තත්වයේ ඒවා , හැබැයි ඊට අඩු ලමයින්ට සහ ටිකක් සංවේදි ලමයින්ට අහිතකර දර්ශන තියෙන්නෙ පුලුවන් . ඒ ගැන දෙමව්පියන් අවධානයෙන් සිටිය යුතුයි Ex -The Simpsons Movie.
  • 12 A කියන කාණ්ඩය බලපාන්නේ  සිනමා ශාලා වල තිරගත වීම වලට පමනයි . අවුරුදු 12 ට අඩු ලමුන් සඳහා මේ චිත්‍රපට සුදුසු නැ . නමුත් වැඩිහිටියෙකුට පුලුවන් 12ට අඩු දරුවෙක් තමන් එක්ක සිනමා ශාලාවට එක්ක යන්න , හැබැයි දරුවාට චිත්‍රපටිය පෙන්වීම සම්බන්ධ වගකීම වැඩිහිටියා සතුයි ex - Spider Man 3 
  • 12 කියන්නේ විඩියෝ පට සඳහා වෙන්වුන එකක් . අවුරුදු 12ට අඩු කිසිම කෙනෙකුට මේ වර්ගීකරනය සහිත චිත්‍රපට මිලට හෝ කුලියට ගන්න බැ 
  • 15 රැන්ක් එක දරන චිත්‍රපට අවුරුදු 15කට අඩු කිසිම කෙනෙකුට නැරඹීමේ හැකියාවක් නැ , ඒ වගේම විඩියෝ පට මිලදී ගැනීමට හෝ කුලියට ගැනීමට හැකියාවකුත් නැ Ex - Girl Next Door 
  • 18 ත් කලින් එක වගේම තමයි වයස් සිමාව 18 වීම තමයි වෙනස
  • R18 වර්ගයේ ඒව තිරගත කරන්න පුලුවන් තෝරාගත් විශේෂ බලප්ත්‍ර සහිත සිනමා ශාලාවල පමනයි , ඒ වගේම විඩියෝ විකුනන්න පුලුවන් බලප්ත්‍ර ලාභී සෙක්ස් ශොප් වල විතරයි . අනිවාර්යයෙන්ම 18 ට වැඩි අයට පමණයි 
බලමු ඇමෙරිකාව ගැන

  • G - කියන්නේ සියලුම දෙනාට විවෘත චිත්‍රපටි , මේවායේ අදහස ලමා චිත්‍රපටි කියන එක නෙවෙයි , ලමයින්ටත් සුදුසුයි කියන එක , නිරුවත් දර්ශන , ලිංගික දර්ශන , හිංසාකාරී දර්ශන , මත්ද්‍රව්‍ය ආදී කිසි දෙයක් මේ චිත්‍රපටි වල අඩංගු වෙන්නෙ නැ . හිංසා කාරී දර්ශන ඉතාම සුලු වශයෙන් තියෙන්නෙ පුලුවන් රුධිරය වගේ දේවල් නැතුව 
  • PG - කියන්නේ බාලවයස් කාර දරුවන්ට නොගැලෙපෙන දේවල් තියෙන්න  ඉඩ තියෙන චිත්‍රපටි . හිංසා කාරි දර්ශන හෝ සුලු නිරුවත් දර්ශන සමහර විටක අඩංගු වෙන්න පුලුවන් . කොහොම උනත් දෙමව්පියන් තමයි තීරනය කරන්නෙ තමන්ගේ දරුවාට සුදුසුද නැද්ද කියල . මත්ද්‍රව‍ය භාවිතා කරන දර්ශන අඩංගු වෙන්නෙ නැ
  • PG - 13 - කියන වර්ගයේදී දෙමව්පියන්ගේ අවධානය අනිවාර්ය කරල තියනව (කලින් එකේ යෝජනා කරනව විතරයි ) කලින්  වර්ගයට තියනවාය කිව්ව දේවල් ඊට වැඩි මට්ටමිනුත් මත්ද්‍රව්‍ය දර්ශනත් මෙවායේ ඇතුල් වෙන්න පුලුවන් . කොහොම උනත් හිංසාකාරි දර්ශන සාමාන්ය මට්ටමෙනුත් නිරුවත් දර්ශන අඩංගු වෙනවා නම් ඒවා ලිංගික දර්ශන නොවෙන්නත් පුලුවන් . ඊට අමතරව කථා තේමාව , Tදෙබස් ආදියත් කලින් ඒවාට වඩා වැඩිහිටි පැත්තට බර විය හැකියි . නමුත් යම් කිසී සීමාවක් තුල Ex -Thor 
  • R - චිත්‍රපටි අවුරුදු 17ට අඩු අයට තනියම ගිහින් බැලීමේ හැකියාවක් නැ , හිතාමතා කරන හිංසා දර්ශන , ලිංගික ක්‍රියාකාරකම් අශ්‍රිත නිරුවත් දර්ශන , බරපතල දෙබස් , ප්‍රභල මත්ද්‍රව‍ය් භාවිතයන් මේවායෙ අඩංගු වෙන්න පුලුවන් . අවුරුදු 17ට අඩු එක්කෙනෙකුට දෙමව්පියන් හෝ වැඩිහිටියෙක් එක්ක ගිහින් නැරඹීමේ හැකියාව තියනව . කොහොම උනත් දෙමව්පියන් ඉතාම තදින් සැලකිල්ලට ගන්න ඕනි , චිත්‍රපටි තමන්ගෙ දරුවට ගැලපෙනවද කියල . කුඩා දරුවන් එක්ක ගෙන යාම අනුමත කරන්නේ නැ Ex Godfather 
  • NC - 17 -  අවුරුදු 17ට අඩු කිසිම කෙනෙකුට නැරඹීමේ හැකියාවක් නැ .  ලිංගික හෝ නිරුවත් දර්ශන විතරක්ම නෙවෙයි  තදබල හිංසාකාරි දර්ශන , මත්ද්‍රව‍ය භාවිතාවන් (තදබල ) වගේම කථා තේමාව අනුවත් මේ වර්ගීකරනයට චිත්‍රපට අයත් වෙන්න පුලුවන් 
ඒ සිනමාව ගැන . විකි පිඩියාවේ  තොරතුරු සමහරක් මීට වෙනස් . කොහොම උනත් මම උදාහරණ දාල තියෙන්නෙ විකියෙන් තමයි . බ්‍රිතාන්‍යයේ අදාල  දර්ශන ගැන හැඳින්වීමක් වෙබ් අඩවියේ නැ . නමුත් ඇමරිකාවේ එකට අනුව හිතාගන්න පුලුවන්නෙ . ඊලඟට බලමු රූපවාහිනි වර්ගීකරනය 

බ්‍රිතාන්‍යය තුල රූපවාහිනි වැඩසටහන් සඳහා කාල සීමාවක් තමයිදක්වලා තියෙන්නෙ . (ඒ කියන්නේ රාත්‍රි 9න් පසු විකාශය කරන වැඩසටහන් විදිහට වර්ගයක් වෙන් කරල ...etc ) .හැබැයි එහම නොවෙන සරල වර්ගීකරනයකුත් සමහර වෙලාවට තියෙනේව . මොකද ඒ ඒ රූපවාහිනි නාලිකා තමයි තමන්ගේ වර්ගීකරනය තීරණය කරන්නේ නෙ , නමුත් ඇමරිකාවේ ඒ සඳහාත් වෙනමම වර්ගීකරණයක් තියනව .

  • TV- Y - මේ ශ්‍රේනියට අයිති වෙන්නේ පොඩිම කට්ටියට අදාල නිර්මාන , ක්‍රියාදාම මොනව හරි තිබුනත් පොඩි අය බය නොවෙන ගානට තමයි (වයස 0-6) Ex -  Sesame Street,
  • TV - Y7 - මේක අවුරුදු 7න් උඩ අයට , අර වගේ නෙවෙයි පොඩ්ඩක් විතර හිංසා කාරි දර්ශනත් ෆැන්ටසි වර්ගයේ ඒවත් තියෙන්න පුලුවන්  ex - jimmy two shoes
  • TV - Y7- FV - මේකත් අවුරුදු 7ට වැඩි අයට තමයි , නමුත් ෆැන්ටසි පැත්තේන් ටිකක් වැඩිපුර හිංසාකාරි දර්ශන අඩ්ංගුයි කලින් එකට වඩා  ex - The Power puff Girls
  • TV -G - මේක ඉතින් හැමෝටම බලන්න පුලුවන් , ළමයින්ට කියල විශේෂයක් නැ හැබැයි . ඉතාම සුලු හිංසාකාරි දර්ශනයක් (හෝ නොමැති )   , සරාගී දේවල් හෝ හිංසා කාරි නොවන දෙබස් තමයි  තමයි අන්තර්ගත වෙන්න පුලුවන්  ex - Looney Toons 
  • TV - PG - කියන්නෙ දෙමව්පියන්ගේ අවධානය යෝජනා කරන කාණ්ඩය , විශේෂයෙන්ම ප්‍රයිම් ටයිම් ෂෝ ( වැඩි දෙනා බලන වේලාවේ වැඩසටහන් ) , ස්ංගීත විඩියෝ වැඩසටහන් අයත් වෙන්නෙ මේ කාණ්ඩයට 
  • TV - 14 - මෙතනදි දෙමව්පියන්ගෙ අවධානය තදින්ම යෝජනා කර සිටිනව . CSI  වගේ නාට්‍ය මාලා එහෙම අයිති මෙතනට . සමහර විට 14 ට අඩු ලමයින්ට නුසුදුසු වෙන්න ත් පුලුවන් දේවල් මෙතන අන්තර්ගතයි . ඒ වගේම රාත්‍රි කාලයට විකාශය වෙන සංගීත විඩියෝත් TNA රෙස්ට්ලිනුත් මෙතනට අයත් . WWE කලින් කාණ්ඩයට අයත් වෙත්දි TNA මේකට අය්ත් වෙන්නෙ දරුණු හිංසා කාරි , සහ සරාගි දෙබස් කණ්ඩ නිසා
  • TV - MA - කියන්නෙ 17ට අඩු අයට බැලීමට තහනම් ඒවා . නිරුවත් දර්ශන (ඉදිරිපස ) ප්‍රභල හිංසාකාරි දර්ශන . ඇඩ්වෙන්චර් ගනයේ ප්‍රභල රියලිටි , නිදහසේ වචන භාවිතා කරන කොමඩි ආදි ගොඩක් දේවල් මේ වර්ගයට අයත් Ex - Camelot 
ඔය අන්තිම තුනට තවත් සබ් රැන්කිනුත් තියනව ඒ පහත විදිහට 
  • L - රලු හා අවිනීත වචන 
  • S -විස්තරාත්මක ශෘංගාරය
  • V - හිංසාකාරි දර්ශන 
  • D - ප්‍රභල දෙබස් (ශෘගාරාත්මක /හිංසාකාරි )

පුලුවන් තරම් කෙටියෙන් ඔය වර්ගීකරනය ඉදිරිපත් කලේ , දැවැන්ත සිනමා කර්මාන්තයක් සහිත රටක් වෙලත් ඉන්දියාවෙ නම් මෙහෙම පැහැදිලි (විසිරුණු ) රේටින් ක්‍රමයක් දකින්න නැ (විකියට අනුව ) . අපේ රටේ නම් තියෙන්නෙ 18 ට වැඩි අඩු  විතරයි නේ . රූපවාහිනියට මොකුත්ම නැනේ . අපේ රටේ පවුලේ සැමට කියල බලන . ඉස්කෝලවලින් පවා පොඩි උන් ඇදගෙන යන නිර්මාණ කීයක් එහෙම නොවේනවාද ? 

මම මුලින් සඳහන් කරපු ටෙලි නාට්‍ය තමයි අමරපුරය , දැන් තියන අනික් ජරාවල් වලට වඩා යමක් කියන්න උත්සාහ කරන කථාවක් . හැබැයි මොන්ටිසෝරි යන එකාව බත් ටික කවන ගමන් ඉරිදා රැ 8.30 ට බලන්න හොඳ එකක් නම් නෙවෙයි . අපේ දෙමව්පියො පුංචි එවුන්ව ඇදෙගන ගිහින් පෙන්නපු අබා ගැන කියන්න තියෙන්නෙත්  ඒකම තමයි . මේ ගැන ඔබගේ අදහස් මොනවාද ? පහලින් එකතු කරන්න . ඒ වගේම  මම කියපු දේවල් වල වැරදි හදන්නත් , තමන් ඉන්න රටවල තත්වය ගැන පුංචි හැඳිවීමක් දෙන්නත් අපේ පිටරටවල ඉන්න සහෝදර සහෝදරියන්ට පුලුවන් කම තියනව .. 

Comments

  1. බුවා මීටර් ද ඉස්සර සිරසේ 10 න් හරි 11න් හරි පස්සේ වැඩිහිටියන්ට පමණක් ඒවා පෙන්නුවා , මට මතක විදියට නම් මොකක් හරි කොක්කක් ගිහින් තමයි ඒකත් නැවතුනේ..

    ඉන්දියාවෙ ඉස්සරහට ඔයවගේ වර්ගීකරණයක් එයිද මන්දා , මොකද ඉස්සරහට විවිධාකාර මාතෘකා තියෙන ෆිල්ම් එන්න තියෙනවා නේ , [ නම මතක නැහැ අමීර් ඛාන් නිෂ්පාදනය කරන එකකුත් තියෙනවා මතක විදියට ]

    ලංකාව ගැන නම් නෝ කතා !!!

    ReplyDelete
  2. සැලකිය යුතු තරමට චිත්‍රපටි බැලුවත් මට ඔය රේටිං ක්‍රමය මකත තියාගන්න පුළුවන් කමක් නෑ තවම. ‍බලාගෙන ගියාම ඒක තවම විධිමත් විධියට සම්මතයක නෑ වගේ. එක එක ඒව.

    හැබැයි චිත්‍රපටි, රූපවාහිනී මාධ්‍ය දෙකට වෙන වෙනම රේටිං අවශ්‍ය වෙන්න පුළුවන්...

    නියම වැදගත් සටහනක් මචන්! :D

    ReplyDelete
  3. @චම්මා - මටත් සිරසේ සීන් එක ගැන් ලා මතකයක් තියනව (අපේ ගෙදරට සිරස නොපෙනෙන නිසා හරියටම ඩයල් නැ ) මහාචාර්ය ගංගානාත් දිසානායක ජාතික රූපවාහිනියේ ඉන්න කාලෙත් රැ ලේට් නයිට් ශෝ ද මොකක්ද කියල එකක් ගියා (කොහොමටත් පොරගෙ කාලෙ තමයි ජාතික රූපවාහිය හොඳටම තිබ්බෙ ) . ඉන්දියාවටත් දැන් නම් හොඳ රේටින් එකක් ඕනිය කියලයි මාත් හිතන්නෙ

    @හරේ - අපි බලන්නේ රිප් කරපුවනේ මචන් ඩිවිඩි කේස් වල නම් රේටින් එක ගහලම එනව . කොහොමටත් ඉතින් ඔය කතන්දරේ ඉරි ගහල වෙන් කරන්න බැනේ දල වශයෙන් තමයි සීන් එක යන්නේ . බොහොම ස්තුතියි ලිපියේ වටිනාකමක් දැකල අගය කලාට

    ReplyDelete
  4. ඇමරිකාවේ තියන නිර්මාණ නිදහස යටතේ ෆිල්ම් තහනම් කරන්න බෑ. ඕනතරම් unrated movies තියනවා.

    ReplyDelete
  5. මම නම් මේ කියන දෙවල් දැන ගත්තේ අදමයි. ලොකු දැණුමක් ලැබුනා ස්තුතියි.

    ReplyDelete
  6. බුවාගෙ කලින් ලිපියට ‍දාපු පෝස්ට් එක ලයිට් ගිහින් මැකුනා. ආයි ටයිප් කලෙත් නෑ.
    මෙහෙමයි බුවා, ඇමරිකාවෙ ඕනම දෙයක් සම්බන්ධව ප්‍රමිතකරණ විශාල සංඛාවක් තියනව. උදාහරණයක් විදියට ග්‍රැමී සම්මාන උළෙලේදී සංගීතය වෙනුවෙන් පිරිණමන සම්මාන සංඛාව එකසීය ගානක්. ලංකාවට එච්චර අවශ්‍ය නැතත් අඩුම ගානෙ
    1.හැමෝටම බලන්න පුළුවන්,
    2.නවයෞවනයන්ටත් බැලිය හැකි,
    3.වැඩිහිටියන්ට පමණක්
    කියල කැටගරි තුනක්වත් තිබුන නම් හොදයි කියලයි මට හිතෙන්නෙ.
    හැබැයි ටීවී වලට මේක අදාල කරගන්න බෑ. මොකද ලංකාවෙ තියන චැනල්ගාන බැලුවම වයස් කාණ්ඩ විදියට වර්ග කරන්න ගියොත් අවුලක් හැදෙන නිසා ඔක්කොම බැලන්ස් කරගෙන යනඑක හොදයි.
    මත්පැන් දුම්වැටි වාරණය ගැන කියන්න තියෙන්නෙ, ඒවාට පොළඹවනසුළු දේවල් නැතිව හොද කලා නිර්මාණ වලට ඉඩ දියයුතුයි. උදාහරණයක් විදියට ඔයා කියල තියන අමරපුරය ගත්තොත් ඒකෙ තියන දර්ශන වලින් හානියක් වෙනව කියලා කියන්න බෑ(පොදුවේ). ඒනිසා ඒ වගේ රූපරාමු වාරණය රසවින්දනයට බාධාවක්.

    ReplyDelete
  7. @මහවෙදනා - බොහොම ස්තුතියි

    @ඇනෝ - තහනම් නොකර වර්ගීකරනය කරන එක තමයි වැදගත් , අන් රේටඩ් වෙන්නේ මොන වගේ චිත්‍රපටිද??

    @රාජ් - අදහසට ස්තුතියි රාජ් , නාලිකා කීයක් තිබුනත් රජයට පුලුවන් ෆ්‍රේම්වර්ක් දාල නියාමනය කරන්න . අමරපුරය නාට්‍ය්යේ දර්ශන ඉවත් කරන්න නෙවෙයි මගේ අදහස . වැඩිහිටියන්ට වැදගත්වෙන දරුවන්ට නොතේරෙන සහ දරුවන්ට නුසුදුසු ඒ වගේ නාට්‍යය ප්‍රයිම් ටයිම් එකේ නොදා රාත්‍රි කාලයට විකාශය කලා නම් හොඳයි කියන එක

    ReplyDelete
  8. එල පෝස්ට් එක.
    තව පුලුවන් වීඩියෝ ගේම්ස් වල ගහලා තියෙන රේටින්ග්ස් ගැනත් කියන්න නේද?
    අනිත් එක තමයි ඔය කෙටි කරපු අකුරු වලින් කියවෙන දේත් දැම්ම නම් වරහන් ඇතුලෙ තවත් පැහැදිලියි. මේ වගෙ PG(Parental Guidance),
    V (Violence), L(Language) වගෙ. අදහසක් විතරයි.
    henryblogwalker the Dude

    ReplyDelete
  9. ඇමරිකාවේ සිනමා වර්ග කිරීම ගැන සැහෙන විවේචන ඇත. එසේම මේ වර්ග කිරීම කරන මණ්ඩලය ගැනද සැහෙන විවේචන තිබුනා මතකය. මදක් ගුගල් කලොත් ඒ ගැන සොයා ගන්නේ හැකි වේවි.

    ReplyDelete
  10. මගේ කතාව - එහෙමද ? නමුත් මොකුත්ම නැතුවට වඩා යමක් තියන එක හොඳයි මම හිතන්නේ

    ReplyDelete
  11. ගේම්ස් වල නම් මං දැකලා තිබ්බට ෆිල්ම්ස් ගැන මේ ඇහුවම තමයි!බොහොමත්ම ස්තුතියි බුවා දැනුවත් කිරීම් ගැන!

    ReplyDelete
  12. හරි හරි ජාති නොවැ :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව