Skip to main content

පුවතක් :ජනාධිපතිගේ විකෘති දසුන් ළග තබාගත් තරුණයකු රිමාන්ඩ් ....එය එසේ නම් අනික් රටවල තහනම් විඩියෝ මෙසේ වේ!!

පුවතක් :ජනාධිපතිගේ විකෘති දසුන් ළග තබාගත් තරුණයකු රිමාන්ඩ්


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව විකෘති කර සකස් කරන ලද වීඩියෝ කොටසක් සහිත ජංගම දුරකථනයක් ළග තබාගෙන සිටි තරුණයකු ගාල්ල යක්කලමුල්ල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ප‍්‍රශ්ණ කිරීම්වලින් පසු බද්දේගම වැඩබලන මහේස්ත‍්‍රාත්වරය වෙත ඉදිරිපත් කර ඇත. එම පුද්ගලයා ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී නියෝග කර තිබේ.


එක්සත් ජාතින්ගේ සැසියෙදී හඬනඟා කිවූ පරිදි අපේ රට

ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයයි !!!!

 ඒ අනුව ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයෙ පුරවැසියෙකුට පහත විඩියෝව ලඟ තබා ගැනීම තහනම්ය 




ප්‍රජාතන්ත්‍රවාදයේ  මහගෙදර පුරවැසියාට පහත විඩියෝ පට ලඟ තබා ගැනීම තහනම්ය 










Comments

  1. ප්‍රජාතන්ත්‍රවාදයත් දැන් සාපේක්ෂයි වගෙ!

    ReplyDelete
  2. ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය මිසක් ඒක කොයි වගේ ගුණයක්ද කියල ලංකාවෙ අපි තවම දන්නෙ නෑ. මේ පවතින විදිය ප්‍රජාතාන්ත්‍රවාදීනම් ප්‍රජාතන්ත්‍රවාදය රටකට ජනතාවකට හිතකර එකක් වෙන්න බෑ.

    ReplyDelete
  3. ඒ ඔය ප්‍රජාතන්ත්‍රවාදය ද මොකක්ද එක නැතිවෙලා ගොඩක් කල් නේ බන්..

    ReplyDelete
  4. කවුද කියන්නේ ප්‍රජාචන්ත්‍රවාදේ නැතෙයි කියල. සුපිරියටම තියෙනව. පාළකයන්ට. විනිසුරුත් කටු ලෙව කන එකෙක් වෙන්ට ඇති..

    ReplyDelete
  5. මිනිස්සු තමුන්ගේ අයිතිවාසිකම් දන්නෙත් නැහැ පාලකයෝ එවුව දෙන්න උන් දන්නෙත් නැහැනේ.. අපේ රට වැඩ වසම් යුගේ අදහස් වලින් පිරිච්ච මිනිස්සු වැඩියෙන් ඉන්න රටක් වගෙයි..

    ReplyDelete
  6. @sabith -ඒ වගේ තමයි පේන්නේ


    @outsider - //මේ පවතින විදිය ප්‍රජාතාන්ත්‍රවාදීනම් ප්‍රජාතන්ත්‍රවාදය රටකට ජනතාවකට හිතකර එකක් වෙන්න බෑ// - අනිවා

    @chamma - නැතිවෙන්න අපේ රටේ කවමදාවත් එහෙම එකක් තිබුනද කියලත් හිතෙනව

    මාතලන් - ඒ අයට කොහොමත් එහෙමනේ , චීනේ උනත් පාලකයින්ට ප්‍රජාතන්ත්‍රවාදය තියනව අපූරුවටම

    සරත් - ඒක ඇත්ත , අපේ ගොඩ දෙනෙක් හිතාන ඉන්නෙ මානව හිමිකම් කියන්නේ සුද්දන්ගෙ දෙයක්ය කියලනේ

    ReplyDelete
  7. තව කෙනෙකුගේ දුරකථනයට එබී බැලීම ප්‍රජාතන්ත්‍රවාදයට එකඟද?

    මට නම් පිස්සු වගේ!

    ReplyDelete
  8. මෙන්න එයාලගෙ ප්‍රජානත්ත්‍රවාදය. අයෙත් එයාලවම ජන්දෙ දිලා දනවමු. හැම එකාටම කඩේ යන අයට හොද පාඩම්...

    ReplyDelete
  9. මේකට කියන්නෙ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය කියලනේ.ඒකෙ මේවගේ හොද ලක්ෂණ තියනවා.
    1.විකෘති දසුන් ළග තබාගත් කෙනෙකු ඇතුලට යැවීමේ නිදහස.
    2.කෙනෙකුගේ දුරකථනයට එබී බැලීමේ නිදහස.
    ඒවගේම ප්‍රජාතන්ත්‍රවාදය නැතිකිරීමේ නිදහසත් තියෙන්ට එපැයි.

    ReplyDelete
  10. පොලිසීයේ මහතුන්ගේ අමු ගොන් පාට් එකකි. මම ජනාධිපති නම්, මා අදාල පුද්ගලයා කැදවා එම රූප බලා සිනාසී අදාල පුද්ගලයා නිදහස් කරමි. එය ප්‍රතිරූබ වර්ධනයටද හේතු වෙයි!

    නමුත් තිබුණේ අසභ්‍ය රූප නම් මේ පුද්ගලයා ගැන කිසිදු අනුකම්පාවක් මට ඇති නොවේ.

    ReplyDelete
  11. 4 වන දා වෙනකම් රිමාන්ඩ් එකේ සැප ලැබෙන හැඩයි. තැලුම් තෙල් බෝතලයක් වත් කොල්ලට යැව්ව නම්!

    ReplyDelete
  12. @ජයශ්‍රි - එහෙමද ? මට නම් පෙනුන විදිහට ජයශ්‍රි ට කාලයක් තිබුන පිස්සු ගතිය දැන් හොඳ වේගනයි එන්නෙ , හැරුම් ලක්ෂය අර තරාදිය .. :D

    @රාජ් - ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමේ නිදහස තමයි වැදගත්ම එක :D

    @නෝ ෆ්‍රේම් - අසභ්‍ය රූප තිබේදැයි පේන්නටත් ෆෝන් එකට එබී බැලිය යුතුය , පොලිස් කාරයින්ට එසේ කිරීමට හැකියාවක් ඇත්නම් එතනම මානව නිදහසක් නැත

    @රැඩිකල් අදහස් - නාථ දෙවියන්ගෙන්වත් ගුලියක් ඉල්ල ගන්න ඕනි , ඒත් සම්‍යක් දෘශ්ටික දෙවි කෙනෙක් මේ වගේමිත්‍යා දෘශ්ටික කොල්ලෙකුට උදව් කරන්න කැමතිවෙයි ද මන්ද

    ReplyDelete
  13. පොලිසියට නීති විරෝධී ක්‍රියාවක් වෙනවා යයි විශ්වාස කරනවානම් දුරකතනයක් හෝ පරිගණකයක් බැලිය හැක. නමුත් එවැනි සිදු වීමක් වී නීති විරෝදී කිසිවක් නැතිනම් එම උපංගයේ අයිතිකරුට පොලිසියට විරුද්දව පියවර ගත හැක. පොලිස් නිලධාරියෙක් මට කී පරිදි හොඳ tip එකක් නැතුව මෙවැනි දේට (ඉහත හේතුව නිසා) පොලිසිය අත නොදමයි. අසබ්‍ය ප්‍රකාශන සම්බන්දයෙන් ඉහත කරුණු වල exception තිබිය හැක. නමුත් පරිගණක අපරාධ පනතට අනුව ඉලෙක්ට්‍රොනික මාධ්‍යක අපහාසාත්මක දෙයක් තබා ගැනීම අපරාධයකි.

    ලංකාවේ මේ සම්බන්දයෙන් ඇති නීති හා වෙනෙත් රටක ඇති නීති අතර මහා වෙනසක් නැත. වෙනස ඇත්තේ නිතිය ක්‍රියාත්මක කිරීමේදීය.

    ReplyDelete
  14. බුවා අයියේ මොනව කොරන්ටද විධායක ජනාධිපතිකමේ බලයනෙ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව