Skip to main content

ඇන්ඩ් කොම්පැනියේ සමහර වචන වලට හොටදාන්නේ මොකාද??මොකටද ??


ඇන්ඩ් කොම්පැනි යනු ශ්‍රි ලාංකීය රූපවාහිනි ප්‍රේක්ෂකයාට ආගන්තුක නමක් නොවේ . සමබර දේශපාලන ප්‍රහසනයක් කියා දෙයක් දක්නට නොමැති තරම් වන ශ්‍රි ලංකාවේ රූපවාහිනි මාධ්‍ය තුල විකාශය සැහෙන තරම් ගුණාත්මක බවක් රැඳි දේශපාලන ප්‍රහසනයක් ලෙස මෙම වැඩසටහන හැඳින්වූවාට වරදක් නොමැත . ආරම්ඹක සමයේ අතිශයින් ජනප්‍රිය වැඩසටහනක් වූ ඇන්ඩ් කොම්පැනියෙන් චින්තන සභාපති ඇතුලු චරිත හා රඟපැ පුද්ගලයින් හැලියාමත් සමඟින් ජනප්‍රියතාවය සැහෙන තරම් අඩු වුවත් මේ වන විටත් කැත නැතුව බලා සිටිය හැකි තරමේ දේශපාලන ප්‍රහසනයක තත්වය රැකගැනීමට සමත්ව  ඇති බවක් දක්නට ඇත .වර්ථාමන සමාජීය පරිසරය තුල  ඍජුව පහරදිය නොහැකිවිට ඉතා සියුම්ව පහර ගසනා අවස්ථාවන්ද ඇති නිසා රටේ ඇතැම් ඉහල තැන්වලටත් පහර  නොවදින්නේමත් නැත

එම පහර සැබවින්ම වදිනවා හෝ පහර වැදීම ගැන අදාල මාධ්‍ය ආයතනය බියක් දක්වනා බැව් හැඟවෙන සිදුවිමක් දැන් සති කිහිපයක සිට දක්නට ඇත .


ප්‍රධාන නාට්‍ය අංගය වූ රවීන්ද්‍ර යසස්ගෙ ඇතැම් වචන විකෘති කරමින් නියම අදහස ප්‍රේක්ෂකයාගෙන් වසන් කිරීම එම සිදුවීමයි . මෙය පසුගිය අංග වලදී කිහිපවිටක් දක්වන ලැබුනු අතර ගිය සතියේ කවියක් භාගෙට කියා නතර කරමින්
"එක්කො ඕනි නැ ...කිව්වට වැඩක් නැ $^%^^%&^&  දාල වෙනස් කරනවනේ "

කියා රවීන්ද්‍ර යසස් ගේ දෙබසක් අන්තර්ගතවීම එම සිදුවීම අධ්‍යක්ෂක වරයාට දැනී ඇති අන්දම විය හැක . මේ සතියේද එම සෙල්ලම දකින්නට  ලැබුනේ සිංහරාජය හර්හා ඉදිකරන මාර්ගය සම්බන්ධයෙනි . සිංහරාජයේ මහ පාරක් නොව වරායක් හැදුවත් සංවේදී නොවනා සමාජ ස්ථරයන් හැර අන් සියල්ලෝම  මේ පාර සැදීම පිටුපස සිටින්නේ කව්දැයි දැනුවත්ය . මේ ගැන රජයට සම්බන්ධ ඇමැත්ත්න්ගේ වෙබ් අඩවිවල පවා දැක්වෙත්දී මේ වසන් කරන්නේ පෙර සඳහන් කල "අසංවේදී " (එහෙත් සංවේදී නායකයින් පමණක් සොයනා ) ජනතාවගෙන් විය යුතුය

වසන් කරන බැව් පැහැදිලිව පෙනුනත් ඒ ලොකු තැන්වලින් එන බලපැමක් නිසාද , නැතිනම් එවැන්නක් ඇතිවේ යැයි බියෙන් අදාල මාධ්‍ය ආයතනයේ නිවට ස්වාභාවය නිසාද යන්න ප්‍රශ්නාර්ථයක්ය . මීට පෙර ලිපියේ මාසඳහස් කල සිදුවීම මලමීනි ප්‍රවෘත්ති විකාශයේ   හෝ සත්‍යය ප්‍රථමන්යෙන් කියා ගන්නා වුන්ගේ ප්‍රවෘත්ති විකාශයෙන් කියවුනේ නැත . එක්කො මුන් සියලු දෙනා නිවට බියගුලු මාධ්‍ය පඹයින් ය නැතිනම් එසේ වීමට ඉහල ගණයේ බලපැමක් ඇත . මාගෙ විශ්වාසය නම්  මේ හේතුන් දෙකම  යම් පමණකට බලපා ඇති බවයි

ප.ලි - නැති වාරණයක් පෙනිවීමේ මාකටින් කලාවක්ද ඇත , සිරස කාලයක් එය යොදාගත් බවට මතකයක් ඇත . නමුත් සිද්දීන් පෙල ගැසෙනා ආකාරයට මෙය එවැන්නක් විය නොහැක . අනෙක් එවැන්නක්දි වාරණයක් පෙන්නුම් කිරීමට "බීප්" වැනි පැහැදිලි ශබ්ධයක් මිසක් &^$% විකෘතියක් ගැලපෙන්නේ නැත

Comments

  1. මට ගොඩක්ම පුදුම හිතෙන දේ තමයි අනිත් හැම ප්‍රෝග්‍රෑම් එකක්ම මෙලෝ රහක් නැති චැනල් එකක මේ වගේ නාට්‍යයක් යන්නෙ කොහොමද කියන එක.

    ReplyDelete
  2. මෙහෙ තියනවා ලස්සන වැඩ සටහනක්: www.theonion.com ඉස්සර පත්තරයක් වගෙ පටන් ගත්තෙ පස්සෙ රූපවාහිනි වැඩ සටහනක් වශයෙන් ද ප්‍රසිද්ධ වුනා. ලබන මාසේ නව සීසන් එක පටන් ගන්නවා. ප්‍රවෘත්ති වගේ පෙනෙන ඒත් ප්‍රවෘත්ති නොවන රූපවාහිනි වැඩ සටහනක්. ඉතා හාස්‍ය ජනකයි නමුත් ඇත්ත ළඟින් යන ස්වභාවය අනිත් ප්‍රවෘත්ති ප්‍රචාරය කරන රූපවාහිනි චැනලයන්ටත් වඩා වැඩියි කියලත් හිතන්න පුළුවන්!!!

    හැබැයි මෙහෙත් මාධ්‍ය ආයතන තමන් විසින් දමාගත් වාරණ දකින්න ලැබෙනවා. පාක්ෂික වූ චැනලයන් පහුගිය කාලේ බලද්දී එකම රටේ ද ඉන්නෙ කියන හිතන තරමට වෙනස් වුනා. තමන්ගෙ පැත්තෙ වැරදි වසන් කරන්න තවත් බැරි නිසා අද ටිකක් ඒක අඩුවෙලා ගිහින් . හැබැයි තවමත් සත්‍යය දැනගන්න නම් ඉතින් රටේ මිනිස්සුන් ගෙන් තමයි අහන්න ඕන!!!

    ReplyDelete
  3. 01.දේශපාලන ප්‍රහසන වැඩසටහන් වලින් සාපේක්ෂව හොදමඑක මේක.මටත් පුදුම හිතුන වෙලාවකට ස්වර්ණවාහිනිය "බීප්"ට ගැතිකම් කරන තරමට මේවගේ වැඩසටහනක් කරන්නෙ කොහොමද කියල.
    02.ඕක මාධ්‍ය ආයතනවල හුඹස් බියක් කියලයි මට හිතෙන්නෙ.ඇත්තටම "මහින්ද රාජපක්ෂ" කියන වචනය දාන්න බැරි තරමේ මර්ධනයක් මේ වෙනකොට තියනවද?

    ReplyDelete
  4. මමත් හිතන්නේ ඕක උප්පරවැට්ටියක්.කියන්න ඕන දේ විරිදුකාරයා (රවීන්ද්‍ර යසස්)හුඟක් වෙලාවට කෙලින්ම කියනවා.

    ReplyDelete
  5. රංජන්ගෙ ලීඩර් එකේ කෑලි කපපු විදිය දැක්කම මේක දුවන එකත් මට නම් පුදුමයි.....

    ReplyDelete
  6. බ්ලොග් ගඩෝල් - ඒක නම් ඇත්ත ඔය චැනලයේ බලන්න තියෙන්නෙ ඕක විතරමයි

    @අරුණි - තමන් සැහෙන්න අපක්ෂපාතියි කියල පෙන්නන ගමන් කඩේ යන එකේ කැත වැඩියි කෙලින්ම සහය දක්වන එකට වඩා

    @රාජ් - හුඹස් බියක් වෙන්න පුලුවන් , මොකද ඔය මාධ්‍ය ආයතනවල හිමිකරුවන්ගෙ මගඩි නිසා උන් බයයි කොහොමටත්

    @ජයශ්‍රි - වෙන්න පුලුවන් , ඒත් විරිදු කාරයත් කෙලින් නොකියන දේවල් තියනව , ශේප් එකෙ වටින් පිටෙන් ගහල දාන

    @පිසාචයා - එහෙමද , මම ලීඩර් නම් බැලුවෙ නැ . හැබැයි රන්ජනුත් ඒකෙන් චිත්‍රපටියට මාකටින් එකක් දීගත්ත නේ ?

    ReplyDelete
  7. මේක දැකලම නැති නිසා මොනවත් කියන්න බැහැ

    ReplyDelete
  8. මමත් අවස්ථාවක් ලැබුනොත් බලනවාමයි...

    දැනට බලන්න තියෙන හොඳම දේශපාලන ප්‍රහසනයක්!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව