Skip to main content

මේ ලියවෙන්නෙ සියවෙනි සටහනයි




මේ සියවෙනි ලිපිය , අවුරුද්දකුත් මාස තුනක්  විතර වෙන බ්ලොග් කරණයේදී සියවෙනි ලිපිය කියන්න පුද්ගලිකව වැදගත් මොහොතක් , ඒ සතුට බෙදා හදාගන්න තමයි මේ සූදානම . වසරක් සම්පූර්ණ වෙච්ච වෙලාවෙදි මගේ බ්ලොග් කරණ අතීතය ගැන සටහනක් තිබ්බා , ඒ නිසා ඒ ගැන සඳහන් නොකර  වෙනත් කාරණා ටිකක් තමයි  සටහන් කරන්න යන්නේ 100 පිරීමේ සතුට නිමිත්තෙන්.


ඔය උඩින්ම දාල තියන රූපේ තමයි මගේ ස්ටැට් කවුන්ටරය , මේ ලිපිය ලියන්න පටන් ගන්න සුලු මොහොතකට කලින් දත්ත තමයි ඔය වාර්ථා වෙලා තියෙන්නෙ (ඡායාරූපය මත ක්ලික් කලාම විශාලනය වෙයි )

පහල තියෙන්නෙ රූපයේ ඇති/ නැති මූලිකම තොරතුරු

මේ දක්වා මුලු පිටු නැරඹුම් සංඛ්‍යාව 41 927
වැඩිම පාඨකයින් ගාන ලාංකීය සිතුවිලි හරහා 2620 ඊලඟ පාඨක සංඛ්‍යාව කොත්තුවෙන 1970 ,  ඊලඟට අනුපිලිවෙලින් සිංහල බ්ලොග් කරුවන්ගෙ සංසදය 1218 ,ඉතාම මැතකදි මම එකතු වුනු අඹගහයටින් 776, මූණු පොතෙන් 464(මේ සියල්ලම පාඨකයින් ශෙයා කරපුවා ) කතන්දර සුරින්ගෙන් 437 හත්මාලුවෙන් 302ක් සහ බ්ලොග් ගඩොල් වලින් 162 ක් තමයි ඉහලින්ම සටහන් වෙලා තියෙන්නෙ .ඊට අමතරව බ්ලොගයේ අඩංගු විජට් හරහා පරණ ලිපි වලට යොමුවීම් සංඛ්‍යාව 2000කට වැඩියි

මම දාපුවත් එක්ක මුලු ප්‍රතිචාර සංඛ්‍යාව 1235 ක්

 ඒ තමයි සංඛ්‍යාත්මක කාරණා , ඊලඟට බලමු මොනවද ජනප්‍රියම ලිපි කියල

01)නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය ගැන , අනික් අයට හිතුන දේවල් 

නාමල් මහත්ත්යගෙ "මෝඩ" කථාව ගැන ලියපු ලිපිය තමයි එදා මෙදාතුර ජනප්‍රියම එක , මට විතරක් නෙවෙයි නාමල් මහත්තයගෙ කථාවෙන් එජාපයටත් වාසි උනාද මන්ද , කොලඹ එජාපය දිනනවාය කියන තැන හිටියත් මම නම් හිතාන හිටියේ බොරැල්ල සහ නැගෙනහිර කොලබ ආණ්ඩුව දිනාවි කියල , නාමල් මහත්තය මේ කථාව කිව්වෙත් බොරැල්ලෙදිමයි !

02)හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටප
 මේක තමයි දෙවෙනි ස්ථානය , මේ ලිපිය සරල විනෝදය අලලා ලිව්ව එකක් , ඒ වගේම අඩුපාඩුත් තියනව හොලිවුඩ් කතන්දරේදී , මොකද මම හොලිවුඩ් චිත්‍රපටි බැලුවට හොලිවුඩ් නිලියන් ගැන එතරම් උනන්දු නැහැ . සෙක්සි හොලිවුඩ් නිලයන්ට වඩා ලස්සනින් වගේම සරාගි බවෙනුත් මගේ රසය තියන්නෙ බොලිවුඩයේ කට්ටිය ගැන , ඒ නිසා හොලිවුඩ් ගැන  තොරතුරු සාර්ථකම නැ .


03) චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ සුරංගනී එල්ලාවල අසමත් වූ දෙය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනගනිවිද ?




මෙ ලිපිය මේ දවස් වල උණුසුම්ම මාතෘකාවට අදාල නිසා ජනප්‍රිය වීම පුදුමයක් නැ


04) සුද්දන් සමඟ හෙලුවෙන් දේශප්‍රේමීන්


මේ අර නිරුවත් වෙරල තීර කථාව , මම බොක්කෙන්ම මේකට සපෝට් අපේ ජනාධිපති තුමාට . එකක් වෙනුවට කිහිපයක්ම දානවාය කියලයි ආරංචිය 




ලංකාවේ මේ වෙනකොට ජනප්‍රියම දෙය්යො නාථනේ, නාථ දෙවියන්ගේ ලංකාවේ නිත්‍ය නියෝජිත නලින්ද සිල්වා මහතා වගේම තවත් පොරක් සහ මාධ්‍ය ප්‍රකාශක සී නිවුසියත් සෙට් වෙන වැඩක් තමයි මේක

06)ගොන් සිරසෙ.. ගොන් ආතල් !!

වෙන මොනව කියන්නද , එමමයි එපමණයි

07)ජැකොලයින්ගෙ නිරුවත, ඉන්දියානු සිනමාව හා අපි
08)පුවතක් :ජනාධිපතිගේ විකෘති දසුන් ළග තබාගත් තරුණයකු ...
09) ඇන්ඩ් කොම්පැනියේ සමහර වචන වලට හොටදාන්නේ මොකාද??මොක...
10) C නිවුස් කතුවරුන් කුඹුරට , මාරයා එලවලු හිටවයි , මහ...

අපේ ප්‍රවීන බ්ලොග් කරු මාරයා සෙට් වෙන්නෙ මේ කතන්දරේට , ඒ විතරක් නෙවෙයි අපේ නාථ දෙවියෝ කල එලි බසින සහ ලංකාවේ ජනප්‍රියම මූලද්‍රව්‍යය වෙච්ච ආසනික් කරලියට එන්නෙත් ඔය සීන් එකෙන් . ඒ ගැන මගේ විග්‍රහය තමය්ටි ඔය ලිපිය


ඒ තමයි මගේ "පම්පෝරිය" ... කොහොම උනත් මේ  පම්පෝරි ඔක්කොම ගහන්න අවස්ථාව සලසල දුන්න ඔබතුමන්ලා , තුමියන්ලා තමයි වැදගත්ම . සින්ඩිකේටර හිමිකරුවන් සියලු දෙනාම , මෙතෙක් කල් එක ලිපියක්  හරි කියවපු  හැම කෙනෙක්ම , තමන්ගේ බ්ලොග් රෝල් වලින් සහය දුන්න හැම කෙනෙක්ම , ඇනෝ තුමන්ලා  ඇතුලු ප්‍රතිචාර පල කල හැමකෙනෙක්ම තමයි මේ ලිපි සියය ලියන්න , පසුපස හිටිය ශක්තිය ඔබ සැමදෙනාටම බොහොමත්ම ස්තුතියි !!!!!!!!

Comments

  1. සුභ පැතුම් බුවා මහත්මයා! :)

    ReplyDelete
  2. සුබපෑතුම් මිතුරා.....දිගු ගමනකට ශක්තිය ලෑබේවා..මට මතක විදියට අපි දෙන්නා පොඩි කතා බහකට මගේ බ්ලොග් එකේ සෙට් වුනා රජ පව්ලේ මගුල ගෑන(එන්ගලන්තේ).මම නම් පොඩ්ඩක් බ්ලොග් එකෙන් ඇත් වුනා කාරය බහුල කාලසටහන නිසා,කෙසි නමුත් ජන්ජාලයේ හමු වු නොදුටු බුවාට හදවතින්ම සුබ පෑතුම්

    ReplyDelete
  3. මේ හැම දේකටම අපිට හයියක් වෙන්නේ කොමන්ට්ස්.ඉතින් මන් සුභ පතන ගමන් ප්‍රාර්ථනා කරනවා වෙනදා වගේම ඔයාගෙ ළිපි වලට කොමන්ට්ස් වැඩි වැඩියෙන් ලැබේවා කියලා.

    ReplyDelete
  4. බුවාට මගේ සුභ පැතුම්..!

    ReplyDelete
  5. එළ එළ දිගටම ලියන්න. සුබ පැතුම්!

    ReplyDelete
  6. සුභ පැතුම් මචෝ...

    ReplyDelete
  7. @තනි අලියා - බොහොම ස්තුතියි , මොකක්ද ඒ මහත්ත්යා කැල්ල

    @අසංක - සිද්දිය මතකයි , බොහොම ස්තුතියි සුභ පැතුමට , ආයෙමත් හැකි විදිහට බ්ලොග් කරණයට බහිමු නේ


    @නිකමා - බොහොම ස්තුතියි

    @මාරයා - බොහොම ස්තුතියි

    ReplyDelete
  8. @chamma -බොහොම ස්තුතියි

    @outsider - බොහොම ස්තුතියි

    ReplyDelete
  9. සුභ පැතුම් 1000 ලියවේවා!!

    ReplyDelete
  10. සුභ පැතුම් අයියේ.... මං දේසපාලනේට ටිකක් විතර අකමැති නිසා කියවන්නේ උඩින් පැන පැන තමා. ඒත් හිටි ගමන් වැටෙන සිරා පෝස්ට් නම් අතාරින්නේ නෑ...

    ReplyDelete
  11. බුවෝ මෙන්න මගෙනුත් සුබම සුබ පැත්ම් !!!!!!!!!!

    ReplyDelete
  12. @prasanna - ඔව් ගොඩ දෙනෙක් දේශපාලනයට අකමැතියිනේ , ඉස්සරහට වෙන දේවල් වලටත් බර කරල ලියන්නයි ඉන්නේ , බොහොම ස්තුතියි

    වැප් - බොහොම ස්තුතියි

    ReplyDelete
  13. සියවෙනි ලිපියට සුභ පැතුම් මචන්... මේ පෝස්ටුව හින්ද තමයි මම මේ බ්ලොගේ ගැන දැනගත්තෙ... දිගටම ලියපන්...

    ReplyDelete
  14. එළ මචන් එළ... ඔහොම යං

    සුබ අනාගතයක්...!!!!

    හෙහ්..... හෙහ්....

    ReplyDelete
  15. දැන් කාලයක් තිස්සේ බුවාගේ ලිපි කියෙව්වා, ඒත් මොනවත් කියන්න අවස්ථාවක් ලැබුනේ නෑ. ඉතින් මගෙනුත් සුබ පැතුම්! ඊළඟ සීයත් ඔහොම ම ලියමු.

    ReplyDelete
  16. කොමෙන්ටු දැම්මත්,නොදැම්මත් හැම ලිපියක්ම මමත් බලනවා බුවෝ.ඉතින් මේ ගහපු ශතකයට "චියර්ස්"

    ReplyDelete
  17. මාතලන් - බොහොම ස්තුතියි , උඹටත් සුභ අනාගතයක්

    හිරණ්‍ය - එක තමයි මම අදමද කොහෙද දැක්කේ , බොහොම ස්තුතියි

    සිතුවිලි මණ්ඩිය - කමෙන්ට් නොකලත් කියවන එකත් සතුටක් , බොහොම ස්තුතියි

    ReplyDelete
  18. සුබ පැතුම් බුවා මචං !! උඹ ලියන්න හපන් එල කිරි බුවෙක් !!

    ReplyDelete
  19. බුවා සහෝදරයට මගෙන් සුබ පැතුම් !!!!
    ඇත්ත ඇති සැටියෙන් කතා කරන මෙවැනි ලිපි තව තවත් ලියන්න වරම් ලැබෙන්න කියලා පතනවා !!!

    අර නාලිකාවක් ගැන මාත් දවසක් ලිව්වා. නිකන් වචන නාස්තියක් විතරයි බං !!! :)

    ReplyDelete
  20. සුභ පැතුම්!දිගටම මැද මාවතේ යාමට (මෙතෙක් ආවා වාගේ) ශක්තිය ලැබේවා කියා පතමි.

    ReplyDelete
  21. හිස් අහස - බොහොම ස්තුතියි මුරුංග අත්තේ තිබ්බට

    ජයශ්‍රි - මෙච්චර කාලයක් ගිය මැද මාවතේම ඉන්න පුලුවන් වේවිද ? එක අන්තයක් අන්ත ජරාවක් වෙනකොට , මැද මාවත අතහැරල අනික් අන්තය තෝර ගන්න වේවිද ?
    බොහොම ස්තුතියි සුභ පැතුමට

    මධුරංග - බොහොම ස්තුතියි සහෝ

    ReplyDelete
  22. මම බලාගෙන හිටියා සතියෙන් සතිය විචාරයක් දෙයි කියලා, කෝ දුන්නෙ නැහැනෙ ........

    ඒ උනාට ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් ........

    ReplyDelete
  23. සුභ පැතුම් මිත්‍රයා.. තව ගොඩක් දුර සාර්ථක් ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  24. සුභ පැතුම්..දිගටම ලියන්න...

    ReplyDelete
  25. මම නම් ඔබේ ලිපි හොඳින් රසවිඳිනවා. සීය දාහ වීමට මගේ සුබ පැතුම් බුවෝ !

    ReplyDelete
  26. සියයකින් නතර නොවී නොව දහස් ගණනක් කරා යාමට හැකියාව ලැබේවා!

    ReplyDelete
  27. මම ඊයේ තමයි මේ බ්ලොග් එකට මුලින්ම ගොඩ බැස්සේ. කියවන්න තරම් වටින දේවල් ටිකක් තියෙනවා වගෙයි. සීයට සුබ පතන ගමන් මේ වැඩේ දිගටම කරගෙන යන්න කියලත් කියන්න කැමතියි.

    ReplyDelete
  28. පළමු කොටම ඔබට සුභ පතනවා 100 වෙනි බ්ලොග් සටහන වැනි අමතක නොවෙන සංධිස්ථානයක් කරාම බ්ලොග් අඩවිය දියුණුවට පත්වීම ගැන. ඒ වගේම කියන්න කැමතියි. මේ වගේ අවස්ථාවක තමයි කමෙන්ටු නොදමන අයෙක් වුනත් කමෙන්ටුවක් වචනයකින් හෝ දැමිය යුත්තේ. මන්ද බොහෝදෙනෙක් කරන්නේ අනෙක් ලිපි සියල්ල බලා එම අවස්ථාව ලබා දුන් බ්ලොග්කරුවාගේ මෙවැනි සැතපුම් කනුවකදී ඒ ගැන ඔහුට යම් ධෛර්යයක් ලබාදීම සිදුනොකිරීම. ඒ කොහොමවුනත් ටිකක් මන්දගාමීව වුනත් ඔබ කරන කාර්යය ඉතා වැදගත් කොට සලකන අතර මමද මුලින්ම ලියන්නට බලාපොරොත්තුවුනේ මෙවැනි ආකාරයේ ලිපි. නමුත් එම කාර්යය මට වඩා හොදින් ඒවනවටත් ඔබ වැනි බ්ලොග්කරුවන් සිදුකරගෙන යන නිසා මම ඒ තේමාවෙන් ඉවත්ව වෙනස් තේමාවන් කරා පියමැන්නා. අපි ඉතින් ඉස්සරහදිත් තව තව ලිපි ඔබගේ අඩවියෙන් කියවමු...

    ReplyDelete
  29. සෙන්චරියට සුබපැතුම් බුවා....!
    තවත් සෙන්චරි ගොඩකට යන්න ශක්තිය සහ ධෛර්යය ලැබේවා.

    ReplyDelete
  30. සීයට සුභපැතුම්.
    මම බුවා අදුනගන්නෙ මගේ දේශපාලන (සහ වෙනත්) මතවලට ටිකක් සමාන වෙන බ්ලොග් කාරයා හැටියට. මට බ්ලොග්කරුවෙක් මුනගැහිලා කථා කරන්න එක අවස්ථාවක් ආවොත් මම තෝරගන්නෙ බුවා. බුවාගේ සාකච්ඡාවට බදුන්වන කාරණා වලට සමාන කරුණු අඩංගු බ්ලොග් තියෙන්නෙ අතලොස්සයි.දිගටම ලියන්න.

    ReplyDelete
  31. සුබ පැතුම් බුවා . ..

    ටැබූගෙන් බියෝන් ෆ්‍රෙම්ගෙන් හිස් වුනු බ්ලොග් අවකාශේට ඔබ වැනි මද්‍යස්ත මතධාරීන් බොහොමයක් අවැසි වෙලාවක ඔබ ඒ අඩුව පුරවන්න උත්සාහ ගනිමින් සිටිනවා . .

    ඔබට ජය

    ReplyDelete
  32. මම ටිකක් පරක්කුයි වගේ...! කොහොමත් ඉතින් මගේ ආසම බ්ලොග් වල විශේෂ අවස්ථාවලදී මග ඇරලා යන්නෙනම් නෑ මං කවදාවත්... මොකද ඉතින් අපිත් ආසාවෙන් කියවන්නේ අතේ ඇඟිලි ගානට ගණන් කරන්න පුළුවන් බ්ලොග් කීපය්ක විතරනේ... මේ තියෙන්නේ එයින් එකක්... මම බ්ලොග් කියවන්න ආපු දවසේ ඉඳලා බුවාගේ බ්ලොග් එක කියවනවා...

    මම උඹේ ලිපි වලින් වැඩියෙන්ම කැමති අර ක්‍රිකට් විචාරයට (හකු පැන්නිල්ල) මම හිතන්නේ උඹ කලිනුත් කියලා තිබ්බා වගේ ඒක තමයි උඹේ හැරවුම් ලක්ෂ්‍යය. උඹේ විචාර ඔක්කොම එක... එක අතකට මේ ක දේශපාලන විචාරාත්මක ප්‍රහසන බ්ලොග් එකක්. මට නම් කැටගරි කරන්න බෑ. දන්න එකෙක් කරපල්ලා බලන්න.!!!

    මමත් පතන්නේ මේ වගේම 200 ත් ලියමු... දිගටම මැද මාවතේ යන්න ශක්තිය ලැබේවා... යුගයේ ජනප්‍රියම විචාරාත්මක බ්ලොගය, බුවාගේ සිතුවිලි ලියන නොදුටු බුවාට මගේ සුභපැතුම්... ජයවේවා !!!

    ReplyDelete
  33. මගෙනුත් සුබ පැතුම්.....

    ReplyDelete
  34. වැඩි කාලයක් නැ මේක කියවන්න අරන්.ඒත් ඔබගේ බොහෝ දේශපාලන සහ සමාජිය කියවීම් වලට මං කැමතියි.ජය වේවා!

    සියට සුබ පැතුම්.....

    ReplyDelete
  35. පිස්සු දොඩවන්න එපා දුකා අයියා. ටැබූ බියොන්ඩ්ප්රේම් මධ්‍යස්තද?
    හිනස්සලා මරන්න හදන්න එපා. බුවානං ටිකක් විතර මැද්දෙන් යනවා වගේ පේනවා හිටි හිටියේ බොක්ක ඇතුලේ තියෙන දේ එළීයට ආවාට.

    ReplyDelete
  36. එල ද බ්‍රා! සුබ පැතුම් ඕයි!

    ReplyDelete
  37. @පන්සල් හන්දිය , දිනේෂ් , නදුන් , මය්යා, රැඩිකල්,සරත් - බොහොම ස්තුතියි

    @උදාර - බොහොම ස්තුතියි දිගටම එන්න !
    @දීනේෂ් දිපාල් , රාජ් , දුකා , චාමි - බොහොම ස්තුතියි
    @චතුරංග , පිස්සා - බොහොම ස්තුතියි

    @ඇනෝ - බොක්කෙ තියන එව්වාත් ලියන්න ඕනි නේ , හැබැයි ඒවා මගේ දේශපාලන දැක්ම අනුව බොක්කෙන්ම එන එව්වා , කාව හරි අගය කලත් ඒ මත ඉඳගෙන තමයි , ස්තුතියි ප්‍රතිචාරයට

    @KC , No Frame - බොහොම ස්තුතියි

    ReplyDelete
  38. මෙච්චර කල් වතුර ඇදපු එවුන් ගැනත් මොනා හරි දැම්මා නම් මැක්සා..

    ReplyDelete
  39. Great blog. Great analyst. Impartial to say the least.

    All the best Buwa...!

    (Sinhala nethi computer ekak use karanne)

    ReplyDelete
  40. බිඟු - ඒ කියන්නේ (ටියුබ් ලයිට් )

    බ්ලොග් ගඩොල් - Thanks macho

    ReplyDelete
  41. සුබ පතනවා මමත් ඔන්න

    ReplyDelete
  42. jaya weva !!!
    ape suba pathum :-)

    ReplyDelete
  43. සුභ පැතුම්!

    මං අතින් මටත් නොදැනීම සින්ඩිකේටරයක් හැදිල වගේ නේද?

    ReplyDelete
  44. මේ බ්ලොගේ කියවන්න පටන් ගත්තෙ ලඟදි, ඒ පටන් ගත්තට පස්සෙ දාපු ඔක්කොම පෝස්ට් කියෙව්ව, මං හිතන්නෙ කියෝපු හැම එකටම මොනා හරි කොමෙන්ට් කෑල්ලකුත් දැම්ම. දැන් ඉතින් කොමෙන්ට් නොදැම්මත්, දීල තියෙන පරණ ජනප්‍රිය සහ බුවාගෙ ෆේවරිට් ටිකත් කියවන්න ඕනෙ.

    සීයට මගේ උණුසුම් සුභ පැතුම පිළිගන්න

    ReplyDelete
  45. @බින්දි - බොහොම ස්තුතියි , අක්කේ

    @ඇනෝ - බොහොම ස්තුතියි

    @කතන්දර - ආයෙත් අහල සින්ඩියක් වගේ තමයි , මැතක ලිව්ව ලිපි වලට සිංහල බ්ලොග් කරුවන්ගෙ සංගමයට වඩා කට්ටිය ආවේ ඔබෙන්

    @ඔබ්සර්වර්- බොහොම ස්තුතියි ,කියවන හැම ලිපියටම ප්‍රතිචාර දක්වන ඔබතුමා වගේ අය තමයි ධෛර්යය සපයන්නෙ

    ReplyDelete
  46. සුභ පැතුම්
    දයල් බතීගෙන්

    ReplyDelete
  47. සුබ පැතුම් බුවා..!

    අද තමයි නිදහසේ කියවන්න ලැබුනේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව